Pages

Monday, May 26, 2014

පොලොන්නරුවේ විහාරස්‌ථාන 275 කට සිවුරු පිරිකර කළුතර බෝධි භාරකාර මණ්‌ඩලයෙන්

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පිහිටි විහාරස්‌ථාන 275 ක්‌ සඳහා සිවුරු පිරිකර, මුතුකුඩ ආදිය පූජා කිරීමේ මහා පිංකමක්‌ පෙරේදා 24 දා පස්‌වරුවේ පොලොන්නරුව ඓතිහාසික ගල්විහාරය අබියසදී පැවැත්විණි.

පොලොන්නරුව සොළොස්‌මස්‌ථානා ධිපති වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති මෙම පිංකම සංවිධානය කරන ලද්දේ කළුතර බෝසමිඳුන්ගේ භාරකාර මණ්‌ඩලය විසිනි.

නැගෙනහිර තමන්කඩු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක උඩගම ධම්මානන්ද නාහිsමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම පිංකමට වැඩම කොට සිටියහ.

කළුතර බෝධි භාරකාර මණ්‌ඩලයේ සභාපති අජිත් ද සොයිසා මහතා විසින් පොලොන්නරුව සොළොස්‌මස්‌ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන් වෙත ප්‍රථමයෙන් අටපිරිකර පූජා කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

මෙම අවස්‌ථාවට පොලොන්නරුව මහ දිසාපති නිමල් අබේසිරි, තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් සුජන්ත ඒකනායක කළුතර බෝධි භාරකාර මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරි ජනක්‌ ගුණරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ද එක්‌ව සිටියහ.

ඡායාරූප සටහන කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2014/05/26/provin04.html

Pic Source

0 comments: