Pages

Thursday, May 22, 2014

ගව මස් කෑම බඩවැල් පිළිකාවට ප‍්‍රධාන හේතුවයි - රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ

ඉකුත් වසරේ දී රෝගීන් 520 ක් බඩවැලේ පිළිකා හටගැනීම නිසා මහරගම පිළිකා රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසන්නේ මෙම රෝගීන්ගේ විශාල වර්ධනයක් දක්නට ඇති බවයි.

මහබඩ වැලේ පිළිකා හට ගත් රෝගීන් 247 ක් කුඩා බඩවැලේ පිළිකා හට ගත් රෝගීන් 10 ක් හා ගුද මාර්ගයේ පිළිකා හට ගත් රෝගීන් 263 දෙනෙක් ද මේ අතර වන බව පවසන ඔහු ගව මස් අනුභව කිරීම මීට ප‍්‍රධාන හේතුව බව ද කියයි.

පළතුරු හා පළා වර්ග මෙවැනි රෝගීන් වැඩි වශයෙන් ආහාරයට එක් කර ගත යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

තවද ගව මස් අනුභවය අත් හැරීමෙන් මෙම බඩවැලේ පිළිකා හට ගැනීම අවම කර ගැනීමට හැකි වන බව ද ඔහු අවධාරණය කරයි.

http://lankacnews.com/sinhala/news/116023/

Pic Source

0 comments: