Pages

Friday, February 28, 2014

"පස්‌දරු සිංහල පවුලක්‌ සොයා ගැනීම කලුනික සොයනවාටත් වඩා අපහසුයි" -

සිංහල ජාතියේ අනාගතය සුරැකීමට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි පසවි දිරිදරු අරමුදලක්‌ ආරම්භ කර ඇත.

පස්‌දරු සිංහල පවුලක්‌ --->

එම අරමුදල මගින් දරුවන් 5 ට වැඩි පවුල් සඳහා දිරි දීමනාවන් ලබාදේ. 2013 වසරේ හෝ ඊට පසු පස්‌වන දරුවකු ලක්‌මවට දායාද කරන පවුල් සඳහා මාසිකව රුපියල් පන්දහසක මුදලක්‌ වසර 17 ක්‌ පුරාවට ලබාදේ.

දිනෙන් දින පරිහානියට පත්වන සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම්වූ අරමුණ පෙරදැරි කරගෙන 2013 ජුනි මාසයේ ආරම්භ කළ මෙම අරමුදල මගින් පවුල් 14 කට දායකත්වය ලබාදේ.

පසුගියදා මීටියාගොඩ නවගම දක්‍ෂිණාරාම විහාරයේදී වතුරවිල පදිංචි එස්‌. එම්. ශ්‍රියානි යන අයට බැංකු පොත ලබාදීම විහාරාධිපති නාකුළුගමුවේ ඥනවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඇල්පිටිය හිපන්කන්ද විෙද්‍යාදය පිරිවනේ ඇඹිලිපිටියේ රාහුල හිමිගේ ශිෂ්‍ය හිමි නමක්‌ අදහස්‌ දක්‌වමින්.

රටේ දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ සිංහල මිනිසුන් පුංචි පවුල රත්තරං කියමින් දරුවන් 1-2 සීමාකර තිබීම ජාතියේ අවාසනාවක්‌ වන අතර රට ජාතිය ගොඩ ගැනීමට දැන්වත් දායක වන ලෙසත් මුස්‌ලිම්, දමිල ජනයා ඉදිරියේදී මහ ජාතිය බවට පත්වන ලකුණු පහළවී ඇති බැවින් අපේ මිනිසුන් අනුකරණවලට රැවටෙමින් වඳ සැත්කම සිදුකරන බැවින් ඉතාම කල්පනාවෙන් තීරණ ගන්නා ලෙසත් ඉදිරියේදී සිංහල ජාතිය ගොඩගැනීමට දායක වන ලෙස පැවැසීය.

ඇල්පිටිය හිපන්කන්ද පරිවේනාධිපති ඇඹිලිපිටියේ රාහුල හිමි, බානගල පොල්හුන්නාවේ ජගත්, අනුර මහතුන්ගේ මග පෙන්වීමෙන් මෙම පසවි දරුවන්ට ආලෝකයක්‌ ලබාදුනි.

සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම් මෙහෙවරට පසවි දිරිදරු අරමුදල ශක්‌තිමත් කිරීමට දායක වන ලෙසත් කොළඹ 7 ග්‍රෙගරි පාරේ සම්පත් බැංකුවේ ගිණුම් අංක 007006000144 පසවි දරු දිරි අරමුදලට දායක වීමට කැමති පින්වතුන් 0712224450 විමසන ලෙසත් සංවිධායකවරුන් පැවසීය.

එල්. පී. ඩී. බන්දුරත්න
http://www.divaina.com/2014/02/26/provin04.html

ස්‌වභාවධර්මය මස්වැද්දන්ට දඬුවම් දීම

ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ප්‍රජාව දෙකෝටි විසිලක්‍ෂයකි. ශ්‍රී ලංකාවේ ගව ප්‍රජාව එක්‌කෝටි අනුහත් ලක්‍ෂයකි. මේ සත්ත්ව ගහනයෙන් 20% ක්‌ වැස්‌සියෝ ය. ශ්‍රී ලංකාවේ සූකර ප්‍රජාව ගැන සංඛ්‍යා ලේඛන නැතත් දිනපතාම මරලාත් ඉවර කරන්නට බැරි ඌරන් පිරිසක්‌ රට තුළ සිටින බව ඌරු මස්‌ කඩ දෙස බලන විට පෙනෙයි. ලංකාවේ එළුමස්‌ ගැන නම් එතරම් 'ෂුවර්' එකක්‌ නොතබන්න. මන්ද එළුවන් හිඟවන විට සුනඛයන්ද මරා එළුවන් ලෙස විකිණීමේ ප්‍රවණතාවක්‌ මස්‌කඩකාරයන් තුළ තිබේ.

වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, අම්පාර යන ප්‍රදේශවල මස්‌ පිණිස ගවයන්, එළුවන් සහ සූකරයන් ඝාතනය කිරීම තහනම් කර ඇත. එයට හේතුව එම ප්‍රදේශවල ගව, එළු, සූකර ප්‍රජාව අතර කුර සහ මුඛ රෝගය පැතිර යැමය. සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු මැද පළාතේ ගවයන් 60,000 කගෙන් 30,000 කට Foot - and - Mouth disease හෙවත් ගව කුර සහ මුඛ රෝගය (Aphtae epi'ooticae) වැළඳී තිබේ. මේ අසරණ සතුන් මරා මස්‌ කොක්‌කට එන විට ඇති විය හැකි හානිය අති විශාල ය.

කතු වැකියක්‌ යනු නිතරම අධ්‍යාපනික වටිනාකමක්‌ ඇති ලියෑවිල්ලක්‌ විය යුතු ය යන හැඟීම අප තුළ තිබේ. ඒ අනුව කුර සහ මුඛ රෝගය කුමක්‌ දැයි කෙටියෙන් ලියමු. මෙය වෛරසයක්‌ මගින් හට ගන්නා බෝ වන රෝගයකි. මෙය දෙකට බෙදුනු කුර සහිත සතුන්ට පමණක්‌ වැළඳෙයි. ඒ අනුව නොබෙදුන කුර සහිත අශ්වයන්ට මෙය බලපාන්නේ නැත. මෙය වල් ඌරන්ටත් වැළඳෙයි. රෝගය වැළඳුනු පසු රෝගයට ඉතා සැර උණක්‌ පවතී. ඒ අතර රෝගියාගේ මුඛයෙහි සහ පාවල දිය බුබුළු හට ගෙන පුපුරා සැරව ගලන්නට පටන් ගනී. එම රෝගය වැළඳුන සතුන්ගේ මස්‌ අනුභවයෙන් පමණක්‌ නොව ඒ සතුන් සමඟ ගැවසෙන අයට ද ඒ සතුන් මරා මස්‌කන සතුන්ගේ මස්‌ අනුභව කරන අයට ද මෙය වැළඳෙයි. ඉතාම නරකම තත්ත්වය වන්නේ මෙය අලි ඇතුන්ට ද වැළඳීම ය. කුකුළන්ට, මීයන්ට සහ ඌරු මීයන්ට මෙය බෝවන්නේ නැත. රෝගය ඇති කරන වෛරසයේ නම Picornavirus ය. රෝගය වැළඳෙන මහලු සතුන්ට එය දරා ගත හැකි නමුත් තරුණ සතුන්ට දරාගත නො හැක. ඒ නිසා තරුණ සත්තු වහා මියයති. නූතන ලෝකය කොතරම් වාණිජවාදී ද, කොතරම් දුෂ්ටද යත් මෙවැනි රෝගයක්‌ හට ගත් විට රෝගී සතුන්ට ප්‍රතිකාර කරන්නේ නැත. උන් බුරුතු පිටින්ම මරා දමනු ලැබේ. මෙයට අවුරුදු කිහිපයකට පෙර යුරෝපයේ ගවයන්ට මේ රෝගය වැළඳින. එකල අනුකම්පා විරහිතව ඒ සතුන් ඝාතනය කරන ලදී. මෙයට කලකට පෙර ආසියාතික රටවල් කිහිපයක කුකුළන්ට බෝවන රෝගයක්‌ වැළඳුන අවස්‌ථාවකදී විශාල වළවල් තුළට කුකුළන් පණපිටින් දමා වළලන ලදී. එක වළකට දැමූ කුකුළන් ගණන පනස්‌දහසක්‌ පමණ විය. මෙවැනි වළවල් 10 ක්‌ වසන විට කුකුළන් පන්ලක්‍ෂයකගේ ජීවිත අවසන් ය.

මස්‌ පිණිස සතුන් හැදීම මෙන්ම උන් ප්‍රවාහනය කිරීම ද, මැරීම ද අපේ රටවැසියන් සිදු කරන්නේ ඉතාම නීච සහ පහත් ආකාරයකට ය. ඌරෙක්‌ මැරීමට පළමු මස්‌ මෙළෙක්‌ වීමට යෑයි කියා උන් ගස්‌ බැඳ කටට උතුරණ වතුර වත්කර පිහිවලින් අනිනු ලැබේ. ගවයන් මැරීමට පළමු කුළුගෙඩි වලින් පහර දී බිම දමා කකුල් කඩා ගෙල කපනු ලැබේ. එළුවට කොස්‌ කොළ අත්තක්‌ පා ළඟට කතා කර පිහියෙන් අනිනු ලැබේ. මෙබඳු නීචකම් කරන මනුස්‌සයන් සිටින ජාතියකට මුඛ සහ කුර රෝගය පමණක්‌ නොව එයට වඩා දරුණු අසනීප වැළඳුනත් කරන්නට දෙයක්‌ නැත. අප කරන්නේ වැපිරූ පල නෙළීම පමණි.

http://www.divaina.com/2014/02/26/editor.html

Pic Source

සබැඳි ලිපි -
[
ගවකුර රෝගය හා මුඛ රෝගය පැතිරීම නිසා ප්‍රදේශ කීපයක ගව මස්‌, එළු මස්‌, ඌරු මස්‌ අලෙවිය මාස 3 ක්‌ තහනම්!http://denethharinna.blogspot.com/2014/02/3.html
]

දිස්‌ත්‍රික්‌ක පහක උපදින සෑම දරුවන් 1600ක ගෙන් එක්‌ අයකුට තයිරොයිඩ් ඌනතාව

දකුණු පළාතේ හා රත්නපුර මොනරාගල යන දිස්‌ත්‍රික්‌කවල ඉපදෙන දරුවන් 1600 කින් එක්‌ අයකු උපතින්ම තයිරොයිඩ් හෝමෝන ඌනතාවයෙන් පෙළෙන බව කරාපිටිය වෛද්‍ය පීඨයේ නව ළදරු පරීක්‍ෂණ සම්බන්ධීකරණ කමිටුවේ වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

මේ පිළිබඳ සිදු කළ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බවද වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය. දකුණු පළාතේ හා ඉහත සඳහන් දිස්‌ත්‍රික්‌ක තුනේ උපත ලබන දරුවන්ගේ යටි පතුලෙන් ලේ සාම්පලය බැගින් ලබාගෙන මෙම පර්යේෂණය සිදු කරනු ලැබීය.

මෙකී පර්යේෂණයට අනුව 2013 වසරේ දකුණු පළාතේ හා රත්නපුර මොනරාගල යන දිස්‌ත්‍රික්‌ක දෙකේ උපත ලැබූ දරුවන් 61665 දෙනකුගේ ලේ සාම්පල් පරීක්‍ෂාවට ලක්‌ කළ අතර ඉන් දරුවන් 36 දෙනකු තයිරොයිඩ් හෝමෝන ඌනතාවයෙන් පෙළුණු බවද වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය. ඒ අනුව ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් මෙවැනි දරුවන් 19 දෙනකු ද රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් දරුවන් 05 දෙනකු ද මාතර, හම්බන්තොට, මොනරාගල යන දිස්‌ත්‍රික්‌කවලින් දරුවන් 04 දෙනා බැගින් ද, හමුවී තිබේ. කළුතර දිස්‌ත්‍රික්‌කයේ මෙම පරීක්‍ෂණ සිදු කරද්දී මෙවැනි කිසිදු දරුවකු හමුනොවීම විශේෂත්වයක්‌ බවද මංජුල හෙට්‌ටිආරච්චි වෛද්‍යවරයා පැවසීය.

2011 සහ 2012 වසරවලදී දකුණු පළාතේ හා මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ උපත ලැබූ දරුවන්ගේ පමණක්‌ ලේ සාම්පල් ලබාගෙන පරීක්‍ෂණ කටයුතු සිදු කර ඇත. ඒ අනුව 2011 වසරේ දරුවන් 42474 දෙනකුගේ ලේ සාම්පල් පරීක්‍ෂා කොට ඇති අතර ඉන් දරුවන් 24 දෙනකු තයිරොයිඩ් ඌනතාවයෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබේ. 2012 වසරේදී දරුවන් 45479 දෙනකුගේ ලේ සාම්පල් පරීක්‍ෂා කොට ඇති අතර ඉන් දරුවන් 31 දෙනකු මෙවැනි දරුවන් බවට අනාවරණය වී තිබේ. මේ පරීක්‍ෂණය පිළිබඳ අදහස්‌ දක්‌වමින් වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා මෙසේ පැවසීය.

තයිරොක්‌සින් හෝමෝන ඌනතාවයෙන් පෙළීම නිසා දරුවන්ගේ මොළය වර්ධනය වීම හා ශරීර වර්ධනය වීම අඩු වෙනවා. තයිරොක්‌සින් හෝමෝන ඌනතාවය ඇති වන්නේ අයඩින් ඌනතාවය නිසා. මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. දරුවා ඉපදී දින 28 ක්‌ ඇතුළත ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් දරුවාගේ සියලු සංකූලතා වළක්‌වා ගන්න පුළුවන්. තයිරොක්‌සින් හෝමෝනය දරුවාට දිනපතා ලබා දිය යුතු වෙනවා. ඒ සඳහා දිනකට වැය වන්නේ රුපියල් දෙකක්‌ පමණයි. ප්‍රතිකාර නොකළහොත් දරුවාගේ කායික හා මානසික වර්ධනය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නොහැකි ආකාරයට අඩාල වෙන්න පුළුවන්. දරුවන් මිටි හා කුඩා දරුවන් බවට පත්වෙන්න පුළුවන්.

දැනට දකුණු පළාතේ සහ ඉහත සඳහන් දිස්‌ත්‍රික්‌ක තුනේ ඉපදෙන සියලුම දරුවන්ගේ ලේ සාම්පල් ලබාගෙන නොමිලේ පරීක්‍ෂණ කටයුතු කරාපිටිය වෛද්‍ය පීඨයේ න්‍යෂ්ඨික වෛද්‍ය ඒකකයෙන් කරනවා. අනික්‌ පළාත්වල ඉපදෙන දරුවන්ගේත් මේ පරීක්‍ෂණය කරනවා. ඒ සඳහා රුපියල් 300 ක මුදලක්‌ අය කරනවා. මේ පරීක්‍ෂණ සඳහා ජාතික පර්යේෂණ සභාවෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශාල සහයෝගයක්‌ ලැබෙනවා යෑයි වෛද්‍ය මංජුල හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය.

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි
http://www.divaina.com/2014/02/26/news18.html

අපි නිරන්තරයෙන් බුදුදහම ආරක්‍ෂා කරන්න ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බැඳී ඉන්නවා - ජනපති ???


නව තාක්‍ෂණය පිරිවෙන්වලටත් ඇවිත් තිබෙනවා. ෆේස්‌ බුක්‌ද තියෙනවා. නමුත් ඒවා නීතියෙන් තහනම් කිරීමට නොහැකි යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

කෑරගල පද්මාවතී පිරිවෙනේදී පෙරේදා (24 වැනිදා) පැවැති පුනරුදය පිරිවෙන් ප්‍රතිභා 2014 උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.

අපේ මහා සංඝරත්නය මේ විදියට වැඩ ඉන්නවා දැක ගන්න ලැබීමත් මහත් පිනක්‌. එය බෞද්ධයන් වන අපිට මහා සතුටක්‌. ඒ සතුට අද තව තවත් වැඩි වෙනවා. ඒ භික්‌ෂුන් වහන්සේලා සියගණක්‌ එක තැනක වැඩ ඉන්නවා දකින්න ලැබෙනකොට. මේ කෑරගල පද්මාවතී මහා පිරිවෙනේ එදා අතීතයේ පටන්ම සිය දහස්‌ ගණනක්‌ ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා වැඩ සිටියා. එය මේ කෑරගල රජමහා විහාරයට අමුත්තක්‌ නොවේ. හංස සන්දේශයේ තියෙනවා.

සරණ වැද ගුරුන් කියවා තැනින් තැන
පරණ අලුත් පොත් පෙරළා පනින් පන

කියලා - සාමනේරයන් වහන්සේලා එක පෙළට ගුරුවරුන්ට වැඳලා පොත් පත් පෙරළමින් පිරිවෙනේ තැන් තැන්වලට වෙලා ඉගෙන ගත්ත බව හංස සංදේශයේ අපූරූවට කියලා තියෙනවා. ඒ වගේ ස්‌වාමින්වහන්සේලා එදත් මෙතැන තමන්ගේ ප්‍රතිභාව පෙන්වමින් වැඩ සිටියා. අදත් මේ පද්මාවතී පිරිවෙන හංස සන්දේශ කතුවරයා කියපු විදියටම පවතින බව අපිට පෙනෙනවා.

අද පිරිවෙන් අධ්‍යාපනය ලබන අපේ හාමුදුරුවන් ප්‍රතිභාව වෙනුවෙන් සම්මාන ලබනවා. අපූර්ව යමක්‌ උත්පාදන කිරීමේ ශක්‌තිය හෙවත් ප්‍රතිභාව අපේ භික්‍ෂුන් වහන්සේලා සතුව තිබූ නිසා බොහෝ දේ මේ රටට ලැබුණා. අපේ ලංකාවට මේ මහා සංස්‌කෘතික උරුමය ලැබුණේ භික්‍ෂුන් වන්සේලාගේ ප්‍රතිභාව නිසයි. උන්වහන්සේලාට අලුතෙන් හිතන්න පුළුවන්කම තිබුණු නිසයි. අපේ සංස්‌කෘතිය භික්‍ෂුන් වහන්න්සේලාගේ මහා ප්‍රතිභාව පෙන්වන තැනක්‌. උන්වහන්සේලාගේ ඒ ප්‍රතිභාව අතීතයේ ඉස්‌මතු වුණ නිසා උසස්‌ කලාවක්‌ රටට ලැබුණා. භික්‍ෂුන් වහන්සේලාට අලුත් දෙයක්‌ නිෂ්පාදනය කිරීමේ ශක්‌තිය තිබෙනවා. ඒ නිසයි අපිට ගද්‍ය සාහිත්‍යයක්‌ ලැබුණේ. පද්‍ය සාහිත්‍යයක්‌ ලැබුණේ භික්‍ෂුන් වහන්සේගේ ප්‍රතිභාව නිසයි. සඳකඩපහණේ ඉඳන් කොත්කැරැල්ල දක්‌වා දේවල් අපේ භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රතිභාව නිසා ජාතියට ලැබුණ දේවල්.

ඒ නිසා පිරිවෙන් ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රතිභාව මතු කරන මේ වාගේ අවස්‌ථා ඉතා වැදගත් වගේම කාලෝචිතයි කියලා මම හිතනවා. අපේ හාමුදුරුවරු ධර්මය වගේම විවිධ විෂයන් පිළිබඳවත් දැන ගන්න ඕනෑ. භාෂාවන් පිළිබඳව දැනගන්න අවශ්‍යයි. භික්‍ෂුන් වහන්සේලා ගීත කලාවට යොමු වුණාම ඒ ගීත කලාව සංවර වෙලා තිබෙනවා. ග්‍රන්ථ කලාවට ගියාහම එයත් සංවර වුණා. චිත්‍ර කලාවට ගියාමත් චිත්‍ර කලාවත් සංවර වෙනවා. කොටින්ම සන්නිවේදන මාධ්‍යයක්‌, පත්තරයක්‌ හෝ ටෙලිවිෂන් චැනල් එකක්‌ භික්‍ෂුන් වහන්සේලා අතට ආවමත් ඒකත් සංවර වෙනවා. ඒක අවශ්‍ය දෙයක්‌. ඒ නිසා භික්‍ෂුන වහන්සේලාගේ ප්‍රතිභාව දියුණු වෙනකොට ප්‍රතිභාවෙන් යුතු විෂයයන් පෙරට ගන්න කොට රටේම සංවරකම ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා.

අපි මතක්‌ කරන්න කැමතියි අපි නිරන්තරයෙන් බුදුදහම ආරක්‍ෂා කරන්න ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බැඳී ඉන්නවා. එක කාලයක්‌ නම් මෙය ව්‍යවස්‌ථාවේ තියෙනවා කියන්නත් සමහර අය බයයි. අපි බුදුදහම ව්‍යවස්‌ථාවෙන් ආරක්‍ෂා කරනවා වගේම අපි අනෙකුත් ආගම්වලටත් ගරු කළ යුතුයි. අපේ යුතුකමක්‌ ඒ අයගේ තත්ත්වය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියට යන එක.

නමුත් අද ආගම් වශයෙන් හා ජාතීන් වශයෙන් හඳුන්වන සමහර දේශපාලන පක්‍ෂ රටට, ලෝකයට යවන්නේ වැරදි චිත්‍රයක්‌. අපි කතෝලික පල්ලි කැඩුවා කියනවා. ඉස්‌ලාම් පල්ලි කඩනවා කියනවා. මේ බොරු ලෝකයාට කියන්නේ ඇයි කියන එක ගැන ඔබ සිතන්න ඕනෑ. ඒ පිළිබඳව කතා කරන්න මෙය අවස්‌ථාවක්‌ කර ගන්නවා. අපි මේ හැම ආගමක්‌ම රකින්න බැඳිලා ඉන්නවා. මේ අපේ සංස්‌කෘතිය අවුරුදු 2600 ක සංස්‌කෘතියකින් අපට ලැබුණු උරුමය එයයි.

නුදුරේම බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත ගේනවා. එහි ඉදිරි වැඩ කෙරෙනවා. ඒවා අපි සාකච්ඡා කරනවා. ථෙරවාදී බුදුදහම රැකගන්න අවශ්‍ය පනත් අපි ගෙන එනවා. ඒ පනතේ ඒ බලය ඒ ඒ නිකායන්වලට ලබාදීමේ, සංඝ සභාවට ලබාදීමේ වැඩපිළිවෙළ අපි සිදු කරනවා. මේ රටේ ජනතාව, භික්‍ෂුන් වහන්සේලා රටට යම් අවැඩක්‌ සිදුවන හැම අවස්‌ථාවකදීම මේ රට ආරක්‍ෂා කරගෙන තිබෙනවා. මෙතෙක්‌ මේ රට මේ දුර ආවේ ඒ නිසයි.

නව තාක්‍ෂණය මේ පිරිවෙන්වලටත් ඇවිත් තිබෙනවා. මෙහිත් ෆේස්‌බුක්‌ තිබෙනවා. ඒ නව තාක්‍ෂණය අපි භාවිතා කරන්න ඕනෑ. ඒවා නීතියෙන් තහනම් කරන්න අපිට බැහැ. එහි හොඳ නරක දරුවන්ට හඳුන්වලා දෙන එකයි කරන්න පුළුවන්. දෙමාපියනුත් දරුවන් ගැන මීට වඩා හොඳින් සොයා බලන්න ඕනෑ. මේ එක එක ඛේදවාචකයන් ඇති වෙලා තිබෙන්නේ එය හරියාකාරව භාවිත කරන්නට නොදන්නා නිසා හා ඒ ගැන වැඩිහිටියන් සොයා නොබැලීම නිසයි. ඒ නිසා මේ අපේ සාමණේර වහන්සේලා ඇතුළු තරුණ භික්‍ෂුන් වහන්සේලා පරිගණක තාක්‍ෂණය ඉගෙන ගන්නවා වගේම විශ්වය ජයගන්න අවශ්‍ය දැනුම ලබාගන්නවා වගේම මේවා පිළිබඳව අවබෝධයකින් යුක්‌තව කටයුතු කරන්න ඕනෑ.

මෙම අවස්‌ථාවට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්‌ද එක්‌වූහ.

http://www.divaina.com/2014/02/26/news30.html

Pic Source

සබැඳි ලිපි 1-
[
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
]

සබැඳි ලිපි 2-
[
බොදු උරුමය වෙනුවෙන් කොටුවේ උද්ඝෝෂණ කළ සිංහල රාවයට එරෙහිව පොලිසියෙන් දැඩි පියවරhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7467.htmlබෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කරන රකින ලෙස ඉල්ලමින් දිවි නසා ගැනීමට තැත් කළ හිමිනම රිමාන්ඩ්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_2642.htmlගව ඝාතනය තහනම් කරන්න ජනපති සූදානම්. උපවාසය අවසන්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_7945.htmlයති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...http://denethharinna.blogspot.com/2013/06/blog-post_2197.htmlගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

අනුරපුර සිරිමහ බෝ සමිඳුන්ගේ අංකුරයක්‌ ඉන්දියාවට වැඩම කෙරේ

ඉන්දියාවේ බොම්බායේ අර්ධ ගෝලාකාරව ඉදිකරන ලද දස දහසකට භාවනානු යෝගීව සිටිය හැකි "සෝබල් විපස්‌සනා පැගෝඩා විශ්ව විපස්‌සනා චෛත්‍යය" අබියස රෝපණය කිරීම සඳහා අනුරාධපුර සිරිමා බෝ රදුන්ගේ අංකුරයක්‌ මේ මස 27 වැනිදා ඉන්දියාවට වැඩම කරවනු ලබයි. මෙම උතුම් පිංකමට දායක වන්නේ අනුරාධපුර කලැත්තෑව විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානයේ ධම්ම අනුරාධ - මහනුවර ධම්මකූට විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානය සහ කොස්‌ගම ධම්ම සෝබා විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානයයි.

මෙම බෝධි අංකුරය පිරිනැමීම මේ මස 27 වැනිදා උදේ 9.00 ට අටමස්‌ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් අතින් සිදු කෙරේ. සිය දොතේ කරඬුව භාරගන්නේ අනුරාධපුර කලැත්තෑව භාවනා මධ්‍යස්‌ථානයේ ධම්ම අනුරාධ පිංවතාය.

තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/02/26/news17.html

Pic Source

දෙශපාලයක සෘජු හොරෙක් කරන විපරීත බල සංස්කෘතිය හෙවත් මනාප 'ගැනීමට' ගෙවල් බිඳීම

පසුගිය දවසක මීගමුවේ ස්‌වර්ණාභරණ හලක්‌ කොල්ලකා රුපියල් දෙකෝටියක්‌ වටිනා මුදල් සහ රත්තරන් පැහැර ගැනීම ගැන එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අධික ලෙස ණය වී සිටි ඔහු පළාත් සභා ඡන්දයට වියදම් කිරීම සඳහා මුදල් සෙවීමට මේ කොල්ලය කළ බව පොලිසියට පවසා තිබේ. කොල්ලකරුවන් හරියටම කවුදැයි අනාවැකි කීම පත්තරවල රාජකාරිය නොවේ. එය පොලිසිය සහ අධිකරණය සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් මේ සිද්ධිය ෙ€දවාචකයකි. අද පවතින මනාප දේශපාලනය කොතරම් නීච ද, නින්දිත ද, කාලකණ්‌ණි ද යන්න හෙළි කරන ෙ€දවාචකයකි. මීගමුවේ සිද්ධියේදී කොල්ලකරුවන් කෙළින්ම හසු වූ අතර ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක්‌ ද කළේය. එය ප්‍රසිද්ධියේ කළ කොල්ලයකි. එහෙත් ඡන්දවලට වියදම් කිරීම සඳහා අද මේ රටේ දේශපාලනඥයන් විශාල පිරිසක්‌ අප්‍රසිද්ධියේ කොල්ලකති. අද අපගේ නිමිත්ත මෙකී අප්‍රකට කොල්ලය ය.

1977 න් පසු ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමානුපාත ඡන්ද ක්‍රමය සහ එයට අන්තර්ගත වූ මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ කා සමඟවත් තරහට නොව දිගු කලක්‌ බලයේ සිටින තම පක්‍ෂයට එමගින් විය හැකි උදව් උපකාර මෙන්ම රටේ මැතිවරණ වියදමෙහි කිසියම් ඉතිරියක්‌ කර ගැනීම ද සලකා ය. ඡේ. ආර්. නව ක්‍රමය හඳුන්වා දෙන විට මේ රටේ තිබුණේ ගම් සභා, නගර සභා, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පමණි. පළාත් සභාව යනු මැදින් ගැසූ මුක්‌කුවකි. එය දෙවැනි වන්නේ මහ මැතිවරණයට පමණි. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන අරමුණ කුමක්‌ වුවද මනාප ක්‍රමය මගින් වැඩිම දේශපාලන ජනප්‍රියත්වය ඇති පුද්ගලයා මන්ත්‍රී වීමත් ඒ මිනිහා මළ විට අතුරු මැතිවරණයකට නොගොස්‌ ලිස්‌ට්‌ එකේ සිටි ඊළඟ මිනිහා මන්ත්‍රී පුටුවට යැමත් සිදුවිය. එහෙත් රටේ ජනගහනය වැඩි වී, ආර්ථික සහ දේශපාලන තරගය පත්තු කළ අහස්‌ වෙඩිල්ලක්‌ මෙන් ඉහළ යන්නට පටන් ගත් විට මේ ක්‍රමය ඉතා නරක ලෙස පුපුරා ගියේ ය. මනාප යනු මුදල් ය. මනාප ගැනීමට මුදල් උවමනා ය. අද හොර ඡන්ද යනු ලෙහෙසි සෙල්ලමක්‌ නොවේ. සමස්‌ත සමාජයම අන්තර්ජාලය සහ වීඩියෝ පහසුකම් සහිත "කැමරා ෙµdaන්" මගින් ඒකාබද්ධව තිබෙන නිසා උදේ සිදුවන මැතිවරණ දූෂණය ඊළඟ මොහාතේදී රූපවාහිනි චැනල හරහා "මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්‌" හෝ ඊරුaනසබට භැඅs යටතේ දැක බලා ගත හැකි ය. ඒ නිසා සියල්ල බේරා ගත හැක්‌කේ සාධාරණ ක්‍රමයකට මනාප මිලට ගැනීමෙනි. එහෙත් මේ මිලට ගැනීම සඳහා වැය කරන මුදල් උපයා ගත හැක්‌කේ අසාධාරණ ලෙස ය.

අද එක්‌ ඡන්දයක්‌ දිනා අවසන් වූ වහාම දේශපාලනඥයෝ සල්ලි හොරකම් කරන්නට පටන් ගනිති. ඒ දිනූ ඡන්දයට වැය කිරීමට ණයට හා පොලියට ගත් මුදල් පියවීම සඳහා ය. එය පියවා නිම වූ වහාම ඔහු යළිත් මුදල් හොරකම් කරන්නට පටන් ගනී. ඒ, මීළඟ ඡන්දයට වියදම් කිරීම සඳහා ය. ඔහු සල්ලි හොරකම් කරන්නේ කෙසේද? කොමිස්‌ ගැසීමෙනි. තමන් වටා සිටින මුදලාලිලාට ටෙන්ඩර් ලබා දීමෙනි. සති පොළවල් බදු දී බදුකරුගෙන් ගාණක්‌ සතිපතා ගසා කෑමෙනි. මස්‌කඩ කාරයා සුද්ද කිරීමෙනි. මාළු ව්‍යාපාරිකයා බංකොලොත් කිරීමෙනි. බාර් කාරයන්ට නම් දේශපාලනඥයාගෙන් ගැලවීමක්‌ ඇත්තේම නැත. දේශපාලනඥයා මුලින්ම, බාර් ලයිසන් හදා දීමට බාර් කාරයාගෙන් මුදල් ගනී. ඊළඟට බාර් එක පවත්වාගෙන යැමට ඉඩ දෙනු පිණිස ඔහුගෙන් මුදල් ගනී. එයිනුත් නොනැවතී බාර් එක නීති විරෝධීව ඇර තැබීමට ඉඩ දීම සඳහාත් ඔහුගෙන් මුදල් ගනී.

මෙසේ පටන් ගත් මුදල් හම්බ කිරිල්ල අද වන විට රත්තරන් බඩු සාප්පු කොල්ලකෑම දක්‌වා ඉහළ ගොස්‌ ඇත. අධික ණය බර නිසා ශරීරයට ගිනි තබාගෙන මියගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනකු ගැන පසුගිය දිනෙක අපි පුවත්පත්වලින් කියෑවූවෙමු. මීගමුවේ සිද්ධිය ද මේ විපත්තියේම තවත් පැතිකඩකි.

http://www.divaina.com/2014/02/25/editor.html

Pic Source

ඉරිදා උපකාරක පන්ති නවත්වන්නැයි බිබිල නගරයේ දහම් පාසල් දරුවෝ විරෝධතාවක!

බිබිල නගරය අවට දහම් පාසල් 20 ක දරු දැරියෝ 23 දා බිබිල නගරයේදී විරෝධතාවක නිරත වූහ. උද්ඝෝෂණයට සහභාගි වූ දරු දැරියන් ඉල්ලා සිටියේ උපකාරක පන්ති ඉරිදාට නවත්වන ලෙසයි. මෙහිදී දරු දැරියෝ විවිධ සටන් පාඨ කියමින් බැනර් පෝස්‌ටර් කටවුට්‌ ප්‍රදර්ශනය කරමින් බිබිල නගරය පුරා පෙළපාලි යමින් විරෝධතාවේ නිරත වූහ.

මේ පිළිබඳව බිබිල බෝධි රුක්‌ඛාරාම විහාරස්‌ථානයේ ශාසනාධිකාරී බල මණ්‌ඩලයේ ලේඛනාධිකාරී දොඩම්ගොල්ලේ සෝරත හිමියන් පවසන්නේ මෙම උපකාරක පන්ති ඉරිදා දිනයේ නැවැත්තුවේ නැත්නම් දහම් පාසල් 20 ම වසා දමන බවත්, ඌව පළාතේ සියලුම දහම් පාසල් දැනුවත් කරමින් උපවාසයක නිරත වන බවත්ය. මේ සඳහා ස්‌වෙච්ඡා සංවිධාන, දහම් පාසල් දරු දැරියන් හා දහම් පාසල් ගුරුවරු 1000 කට අධික පිරිසක්‌ සහභාගී වූහ. 

මොනරාගල - නයන ඉහළ ගෙදර
http://www.divaina.com/2014/02/25/news32.html

මේ පොඩි හාමුදුරුවරුන්ගේ අධ්‍යාපනයට අපිත් උදව් කරමු

වැල්ලවාය මැතිවරණ කොට්‌ඨාසයට අයත් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉතාමත් දුෂ්කර කටුක පරිසරයක පිහිටි නාලාගිරි පබ්බත ආරණ්‍ය සේනාසනය පළාත්වාසීන්ට මහත් ආගමික මෙහෙවරක්‌ සලසන ස්‌ථානයක්‌ වුවද එහි වැඩවසන සේනාසනාධිපතින් වහන්සේ සහ කුඩා හිමිවරු මහත් දුෂ්කරතාවන්ට ගොදුරුව සිටිති.

දානය පිණිස ආහාරපාන පවා දුෂ්කර මෙම සේනාසනයේ ඉගෙනුම ලබන තණමල්විල පඤ්ඤාසාර (12) තණමල්විල ඥනරතන (10) තණමල්විල පඤ්ඤාරතන (10) වලස්‌මුල්ලේ ඥනසාර (10) යන හිමිවරුන් දුර බැහැර පිරිවෙනක ඉගෙනීම සඳහා යනුයේ කිලෝමීටර් 3 ක පමණ දුෂ්කර මඟෙක ඇවිද යැමෙනි. ත්‍රිරෝද රථයකට දිනකට විශාල මුදලක්‌ වැයවේ.

මෙම කුඩා හිමිවරුන්ගේ අධ්‍යාපනය සඳහා මාසිකව විශාල මුදලක්‌ වැයවුණත් එය සොයාගැනීමට අසිරු වුවත් කෙසේ හෝ මෙම කුඩා හිමියන්ට අධ්‍යාපනය ලබාදිය යුතු බව සේනාසනාධිපති පූජ්‍ය දෙනගම රතනසාර හිමියෝ සඳහන් කරති.

මේ කුඩා හිමිවරුන්ට අධ්‍යාපනය ලබාදීමට යම් පරිත්‍යාගයක්‌ කළ හැකි පින් කැමැති දානපතියන්ට 071-8201736 අංකයෙන් එම හිමියන් ඇමැතීමට පුළුවන. ලිපිනය නාලාගිරි පබ්බත ආරන්‍ය සේනාසනය, කිවුල්ආර, තණමල්විල වේ.

පින්තූර සහ විස්‌තර - වැල්ලවාය දඹේගොඩ ජිනදාස
http://www.divaina.com/2014/02/25/provin05.html

කොටි ඝාතකයන් නිදහස්‌ කිරීමට ජයලලිතා ගත් තීරණයට එරෙහිව විරෝධතා දක්‌වන්න - රාජ්‍ය ඇමැති නාරයන් ස්‌වාමි

රජිව් ගාන්ධි ඝාතකයන්ව මුදාහැරීමට ජයලලිතා ගත් තීරණය නිසා තමිල්නාඩු රජයට එරෙහිව විරෝධතා දක්‌වන්නැයි රාජ්‍ය ඇමැතිවරයකු වූ වී. නාරයන් ස්‌වාමි තමිල්නාඩුවේ කොන්ග්‍රස්‌ පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා ඇත. 

තමිල්නාඩුවේදී රජිව් ගාන්ධි මැරීමට නොහැකිවූවොත් පුදුෙච්රිහිදී ඝාතනය කිරීමට එකී කොටි ඝාතකයන් සැලසුම් කර තිබූ බවද නාරයන් ස්‌වාමි කීවේය. රජිව් ගාන්ධි ඝාතකයන්ට ජීවිතාන්තය තෙක්‌ සිරඳඬුවම් නියම කිරීමට අධිකරණය ගත් තිරණය අනුමත කරන්නේ නැතැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

http://www.divaina.com/2014/02/25/forign05.html

පකිස්ථානයත් තලේබාන් අන්තවාදයට?

පාකිස්‌තානයේ නීති පද්ධතිය අහෝසි කර කාන්තාවන්ට ගල් ගසා මරණ ෂරියා නීතිය පනවන්න යෑයි තාලිබාන් නායකයා කියයි.

පකිස්‌තානය තුළ ෂරියා නමැති නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාලිබාන් සංවිධානය රජයට බලපෑම් කරන බව අනාවරණය වේ. ෂරියා නීතියෙන් තොරව සාමයක්‌ නැතැයි තාලිබාන් ප්‍රකාශක ෂෂිදුල්ලා ෂහීද් පවසයි. පකිස්‌තානයේ නීති පද්ධතිය වෙනස්‌ කර ෂරියා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත. මේ අතර පකිස්‌තානයේ උතුරු වසිරිස්‌තාන් ප්‍රදේශයට පකිස්‌තාන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් තාලිබාන් ත්‍රස්‌තයන් 74 ක්‌ මියගොස්‌ ඇතැයි වාර්තාවේ.

http://www.divaina.com/2014/02/25/forign02.html

Wednesday, February 26, 2014

මුද්දර ඉතිහාසයට එක්‌වන "ආරුක්‌කු නවයේ පාලම හා දෙමෝදර රේල් ගැටේ"

(2014 පෙබරවාරි 28 දින දෙමෝදර පාලම සහ දොමෝදර දුම්රිය ස්‌ථානය දැක්‌වෙන තැපැල් මුද්දර දෙකක්‌ දෙමෝදර දුම්රිය ස්‌ථානයේදී නිකුත් කිරීම නිමිත්තෙන් සැකසූ විශේෂ ලිපියකි.)

ශ්‍රී ලංකාවේ තැපැල් ඉතිහාසය තරම්ම අතීතයට දිවයන කතා ප්‍රවෘත්ති බොහොමයකින්ම සත්‍යයක්‌ ලෙසින් ගොඩනැඟී ඇති "දුම්රිය සේවය" ගැන ද අද අප කතා කරනුයේ ඉමහත් වූ ආඩම්බරයකිනි. "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක" යනු කුඩා මහලු කා අතරත් ජනප්‍රිය පදවැලකි. අද අප සටහන් තැබීමටද බලාපොරොත්තු වනුයේ උඩරට මැණිකේ දුම්රියත් පොඩි මැණිකේ දුම්රියත් ගමන් ගන්නා අති සුන්දර වූ ගමන් මගේ ඓතිහාසික ස්‌ථාන දෙකක්‌ පිළිබඳවය. ඊට මූලිකම කාරණාව නම් තව දින කීපයකින් ශ්‍රී ලංකා තැපෑලේ මුද්දර ඉතිහාසයට එක්‌වන තැපැල් මුද්දර දෙකක්‌ම සුන්දර වූ ඌව පළාතේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටි දෙමෝදර "ආස්‌ නවයේ පාලම" හෙවත් "ආරුක්‌කු නවයේ පාලම" සහ දෙමෝදර දුම්රිය ස්‌ථානයත් පාදක කොට ගන්නා බැවිනි. 

ලංකා දුම්රිය සේවයේ ඉතිහාසය ගැන සොයා බලන කල 1872 වර්ෂය දක්‌වාම දුම්රිය සේවය පැවැත ඇත්තේ මහනුවර දක්‌වා පමණක්‌ බැව් පෙනේ. එහි සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් 72 ක්‌ පමණ විය. එනමුත් 1900 වසර වනවිට එම දිග ප්‍රමාණය සැතපුම් 297 දක්‌වා වැඩි විය. ඊට බලපෑ ප්‍රධානම කාරණය වූයේ මෙරට වැවිලි ක්‍ෂේත්‍රය පළල් වීමයි. ඒ අනුව බණ්‌ඩාරවෙල සිට බදුල්ල දක්‌වා වූ කොටස හැර උඩරට අනෙක්‌ සියලුම වැවිලි ප්‍රදේශ දුම්රිය මාර්ග හා සම්බන්ධ විය.

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ මුල් ඉදිකිරීම් කටයුතුවලින් සෑහෙන කලකට පසුවයි බණ්‌ඩාරවෙල සිට බදුල්ල දක්‌වා වු දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භ වූයේ එනම් දෙපාර්තමේන්තු මට්‌ටමින් ඉදිකිරීම් කටයුතු පටන් ගන්නා ලද්දේ 1913 දීය. ඒ අනුව වසර පහකට පසුව එනම් 1918 ජුලි පළමුවැනි දින ඇල්ල දක්‌වා ගමනාගමනය සඳහා මාර්ගය විවෘත විය. එළවලු වගාවට ඉමහත් ප්‍රසිද්ධියක්‌ හා සුදුසු පාරිසරික වටපිටාවක්‌ හරහා ඉදිවූ මෙම දුම්රිය මාර්ගයෙහි 39 වන බිම්ගෙය කණිනු ලැබුයේ 161 වැනි සැතපුමෙහිය. මෙම බිම්ගෙහි දුර අඩි 660 කි. එ සේම 1921 මාර්තු 21 වැනි දින ඇල්ල සිට දෙමෝදර දක්‌වා වූ මාර්ගය ද ගමනාගමනය සඳහා විවෘත විය. අප විසින් තබනු ලබන මෙම සුවිශේෂ වූ සටහනෙහි කියෑවෙන එක්‌ වැදගත් ස්‌ථානයක්‌ පිහිටා ඇත්තේ ද මෙම කොටසේය. එනම් දෙමෝදර පාලම නමින් දෙස්‌ විදෙස්‌ පතළ "ආරුක්‌කු නවයේ" හෙවත් "ආස්‌ නවයේ" පාලම පිහිටා ඇත. මෙම වකවානුව වනවිට පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් එංගලන්තයෙන් යකඩ මෙරටට ආනයනය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්‌ බවට ද පත්ව තිබුණේය. මේ නිසා මෙරට මාර්ග ඉදිකිරීමෙහිලා පාලම් ඉදිකිරීම ඉතා ගැටලු සහගත කාර්යයක්‌ වූ අතර ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රම සොයා යැමටද සිදු විය. මෙම කාලයේදී සුදු ජාතිකයන්ට යකඩ නැතිව දුම්රියපාලම් ඉදිකිරීම ගැටලු සහගත වූවත් අපේ ඇතැම් සිංහල ශිල්පීන්ට එය මහාලොකු ගැටලුවක්‌ නොවීය. ඒ වෙනත් හේතුවක්‌ නිසා නොව "ගල්වැඩ" දන්නා අපේ පුරාණ සිංහල බාස්‌ උන්නෑහෙලා නිසාය. එසේ කතා කිරීමේදී අපට එවකට වැලිමඩ ජීවත්ව සිටි උදාරතර පුද්ගලයකුගේ නාමය අසන්නට ලැබේ. ඒ ඔහු නමින් පී. කේ. අප්පුහාමිය. මෙම ආරුක්‌කු නවයේ පාලමේ වැඩ නිම කරන ලද්දේ ද අප්පුහාමි බාස්‌උන්නැහේ විසින් බවටද ජනප්‍රවාදයක්‌ පවතී. ඒ කෙසේ වෙතත් ගල්වැඩ දත් අප්පුහාමි උන්නැහේ කළ අපූර්ව කර්තව්‍යයක්‌ ගැන ද අසන්නට ලැබේ. 

එනම් දුම්රිය මඟ අතර පස්‌වැටියක්‌ සේ දිස්‌වුණු කන්දක්‌ වටා තිබුණ පස්‌ වැටිය ඉවත් කළ සුද්දන්ට මහ විශාල ගල් පර්වතයක්‌ දක්‌නට ලැබිණි. එය එවකට පැවැති ඔවුන්ගේ තාක්‍ෂණය අනුව ටිකින් ටික කඩා ඉවත් කිරීමට නම් සෑහෙන කලක්‌ ගතවේයෑයි ගණන් බලමින් කල්පනා කරමින් සිටි සුදු ඉංජිනේරුවෝ ඒ අසල සක්‌මන් කරමින් මාර්ගය ඉදිවන සැටි බලමින් සිටි අප්පුහාමි බාස්‌ගෙන් මේ ගැන විමසන ලදුව ඔහු එය දින කීපයකින් ඉවත් කර දිය හැකි බැව් පැවසීය. එහි වගකීම භාරගත් මොහු ගලවටේට පිහිටි පස්‌ තට්‌ටු ටික ඉතා සැළකිල්ලෙන් යුතුව ඉවත් කොට ගලට බඹ කීපයක්‌ දුරින් සිට ගලට යටින් බිම්ගෙවල් තුනක්‌ තුන්පැත්තෙන් එක තැනකදී (ගල මැද) හමුවන සේ හාරවා ඇත. 

එහි මැදට වෙඩි බෙහෙත් පිරවූ අප්පුහාමි බාස්‌ වෙඩි නූලක්‌ එළියට ඇද උමං තුනම වසා අනතුරුව වෙඩි නූලට ගිනි අවුලුවනවාත් සමගම ගල කැඩී සීසීකඩ විසිවී මාර්ග බාධකය ඉවත්වී ඇත. මේ ප්‍ර්‍රතිහාර්ය කුමක්‌දැයි සුද්දා විමසන ලදුව අපේ ආගමේ බලයක්‌ යෑයි එතැනදී බෞද්ධාගමේ අගය පෙරට දා පිළිතුරු දී ඇත. ඉන් රැවටීමට හෝ පැහැදීමට පත් සුද්දා එතැන් සිට ඒ අසල පන්සලකට සෑම සතියකට වරක්‌ම ලුණු සේරු දෙක බැගින් දීමට පොරොන්දු වී ඇත. මේ නිසා ඇල්ලදෙමෝදර අසල සුන්දර ගම් පියසක්‌ වන ගොටුවල නම් ප්‍රදේශයේ තනා ඇති මෙම ආශ්චර්යවත් පාලම ඉදිකිරීමේ ගෞරවය අපේ සිංහලයාටත් උරුමය. මෙම පාලම සැතපුම් 169 දම්වැල් 40 ස්‌ථානයේ ගලා බස්‌නා දියපරක්‌ දෙපස පිහිටි කුඩා කඳුගැට දෙකක්‌ යා කරමින් කොන්ක්‍රීට්‌ හෝ යකඩ කූරු භාවිතා නොකොට එක්‌තරා රටාවකට කැපූ ගල් එකට අල්ලා ආරුක්‌කු 09 ක්‌ ඇතිව ඉදිකොට ඇත. එම පාලමේ කණුවල උස අඩි 97 කි. අඩි 2Ü අඟල් 8Ü අඟල් 3 සහ අඩි 1 අඟල් 8Ü අඟල් 8 Ü අඟල් 3 ප්‍රමාණයේ කලුගල් කුට්‌ටි යොදා කණු හා ආරුක්‌කු ගොඩනගා ඇත. එක්‌ ආරුක්‌කුවක පළල අඩි 24 අඟල් 6 කි. මෙම සුන්දරවූත් සිත්කළුවූත් අපූර්ව වූත් නිර්මාණය තවත් වැදගත් වන්නේ පාලම ආසන්නයේම යාර 132 ක්‌ දිගැති 40 වන අංකය කියෑවෙන බිම් ගෙයද පිහිටීම නිසාය. තවද මෙම පාලම ඉදිකළත් ඒ මගින් දුම්රියක්‌ ධාවනය කිරීමට සුදු ඉංජිනේරු තරමක්‌ බිය වූහ.

මේ නිසා ඊට අභියෝග කළ අපේ අප්පුහාමි බාස්‌ උන්නැහේ කිසිදු බියක්‌ නැතිව දුම්රිය ධාවනය කරන ලෙසත් දුම්රිය යනතුරු තමා පාලම යට වාඩිවී සිටින බවත් පවසා තිබේ.

අප මීළඟට තවත් ඓතිහාසික ස්‌ථානයක්‌ ගැන පෙර කීවා සේ විමසා බලමු. ඒ දෙමෝදර දුම්රිය ස්‌ථානයයි. මෙම ස්‌ථානයෙහි භෞතික පිහිටීම ගැන විමසා බලනවිට දුම්රිය ස්‌ථානයෙන් ඉදිරියට තිබෙන මාර්ගය දුම්රිය ස්‌ථානයට වඩා අඩි 70 ක පමණ පහත සමෝච්ඡ රේඛාවක විහිදී ඇති බව පෙනේ. දුම්රිය මාර්ගය එවන් දැඩි බෑවුමක්‌ මහත් වූ ප්‍රායෝගික ගැටලු මතු කරයි. එහෙත් එම බාධකය ද ජයගෙන ඇති ආකාරය හරිම රසවත්ය. එසේම විශ්මිතය. ඒ නිසාම එම විශ්මිත වූ නිර්මාණය තවදුරටත් අභිමානයෙන් ඉතිහාසයේ සනිටුහන් කරනු වස්‌ එනමින්ද අලංකාර වූ තැපැල් මුද්දරයක්‌ නිකුත් කිරීමට තැපැල් සේවා අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. අප මුලින් කී මාර්ග බාධකය ජයගෙන ඇත්තේ අපූර්ව උපායක්‌ යෙදීමෙනි. එනම් දුම්රිය ස්‌ථානයට ඉදිරියෙන් පිහිටි කඳුගැටය වටා ගොස්‌ දුම්රිය ස්‌ථානයට යටින් ඇති අංක 41 දරණ බිම්ගෙය ඔස්‌සේ අනෙක්‌ දිසාවට මාරු වීමය. දෙමෝදර මේ සුන්දර වූ කඳුගැටය වටා වූ යාර 990 ගමන් කිරීමේදී අඩි 70 ක්‌ පමණ පහතට බැසීමත් ගමන් මග අනෙක්‌ පසට මාරුවීමත් යන ගැටලු දෙකම එකවරම විසඳීම මේ අපූර්ව නිර්මාණයේ හැඩතලයයි. තවද දෙමෝදර දුම්රිය ස්‌ථානය පිහිටා ඇත්තේද යාර 232 ක්‌ දිගැති අංක 41 දරණ බිම්ගෙය උඩය. මෙම සුවිශේෂ වූ ඉංජිනේරුමය නිර්මාණයේ නිර්මාතෘ වන්නේද අපේ විශිෂ්ටයන්ගේ ශ්‍රී ලාංකිකයකු වන ඉංජිනේරු ඩී. ෙ-. විමලසුරේන්ද්‍ර මහතා ය. අප මීට පෙර කතා කළ ආරුක්‌කු නවයේ පාලමේ වැඩි ගෞරවයත් මෙම නිර්මාණයේ සම්පූර්ණ ගෞරවයත් හිමිවන්නේ අපේම ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට වීමද මුද්දර දෙකක්‌ නිකුත් කිරීමට හේතුපාදක වූ තවත් කාරණයකි. විමලසුරේන්ද්‍ර මහතා විසින් හඳුන්වාදුන් මේ .ඛදදචසබට එයෑ ඛදදච. විශිෂ්ටතම වූ නිර්මාණය ද හාස්‌කමකින් පහළ වූවක්‌ දො යෑයි විටෙක හැඟේ. 

මේ අපූර්ව නිර්මාණය හා බැඳුණු ජනප්‍රවාද නැතිවාම නොවේ. ඒවාත් අප තරමක්‌ හෝ කතා කළ යුතුමය. මුලින් කී පරිදි අඩි 70 ක්‌ උසින් පිහිටි රේල් පාර පහතට ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඒ සඳහා පාලම් තැනීමටද බෙහෝ ඉංජිනේරුවන් සමගින් කථිකාවන් කර ගතිමි. ඒවාද අසාර්ථක වූයෙන් වසර තුනක විතර කාලයක්‌ පාරේ ඉදිරි ඉදිකිරීම් කටයුතු නැවතී තිබිණ. මේ අතරතුර කාලයේ වරින්වර දිනපතාම පාහේ කන්ද මුදුනට වී හාත්පස බලමින් කල්පනා කරමින් සිටි සුද්දා දවසක්‌දා කන්දට හරක්‌ දමා ඔවුන් බලාගෙන සිටි මිනිසෙක්‌ තමා හරක්‌ දක්‌කන කෙවිට කරකවනවා දැක, ඒ කෙවිට කරකවන ආකාරයෙන් කන්ද වටේ පාර ගෙන ගියහොත් වැඩේ හරි යෑයි සිතා අපේ විමල සුරේන්ද්‍ර මහතාගේත් සහායෙන් මෙය ඉදිකළා කියාද ජනප්‍රවාදයේ පවතී. එසේම දිනක්‌ මේ කන්ද මුදුනේ සුද්දාත් කල්පනා කරමින් සිටියදී ඒ අසල යම් කාරණයකට පැමිණි ගම් වැසියෙක්‌ තම "මපරලය" (තුවාය) ගෙන එය ගසමින් පිළිවෙළට පටියක්‌ සේ සකසා තම හිසේ "ජටාවක්‌" බැඳගත් ආකාරය ඉතා හොඳින් බලා සිටි සුද්දා ඒ අනුව පහළින් ඉහළට ජටාව බැඳි අයුරින්ම මෙම මාර්ගය ද සැලසුම් කලා යෑයි තවත් ජනප්‍රවාදයක්‌ පවතී.

ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසයේ රන් අකුරින් ලියෑවෙන මෙම ඓතිහාසික මුද්දර දෙකේ නිකුතුවේ පරම රහස දිගු කලක්‌ තිස්‌සේ මුද්දරයට ඇලුම් කරන වත්මන් තැපෑලට තැපැල්සේවා අමාත්‍යාංශයෙන් නායකත්වය දෙනු ලබන එහි ස්‌ථිර ලේකම් හේමසිරි ප්‍රනාන්දු මැතිතුමාගේ කැපවීමය. ඒ මන්දයත් ඔහු ඌවට පා තබන සෑම වාරයකදීම දෙමෝදර දුම්රිය ස්‌ථානයට යැමට අමතක නොකරයි. එපමණ ද නොව විටින් විට විවිධ තරාතිරම්වල ගවේෂණ හා සමීක්‍ෂණ කණ්‌ඩායම් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද රැගෙන එයි. 

ඉතින් ඔහුගේ දායකත්වය නොවන්නට ශ්‍රී ලංකා තැපැල්මුද්දර ඉතිහාසයට මේ ඌව පළාතේ අභිමානවත් වූ ස්‌ථාන දෙක එක්‌ නොවන්නේය.

ධර්මසිරි පියසේන, ඌව පළාත් නියෝජ්‍ය පෝස්‌ට්‌මාස්‌ටර් ජනරාල්
http://www.divaina.com/2014/02/25/feature04.html

මුතුරාජවෙල අභයභූමියේ සොහොන මත සිහින නගරය ඉදිකෙරේ

තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කරගෙන එය තිරසාර ලෙස භාවිතයට ගැනීම සඳහා කලකදී මුතුරාජවෙල මහ සැලැස්‌ම නිර්මාණය කෙරුණද එය තවමත් හමස්‌ පෙට්‌ටියේ සිරවී ඇත්තේ දෛවයේ සරදමකට වැනිය. මෙම සැලසුමට අනුව මුතුරාජවෙල තෙත්බිම කොටස්‌ තුනකට වෙන් කිරීමට තීරණය කරන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සීමාවේ පිහිටි කොටස උප කාර්මික කලාපය ලෙසත්, මීගමු කළපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙල අභයභූමිය ලෙසත්, ඒ අතර කොටස ස්‌වාරක්‍ෂක කලාපය ලෙසත්ය.

"තෙත් බිම් සහ කෘෂිකර්මාන්තය" යන තේමාව යටතේ මෙවර අන්තර්ජාතික තෙත්බිම් දිනය යෙදී තිබුණේ ඉකුත් පෙබරවාරි දෙවැනිදාටය. නමුත් උත්කර්ෂවත් අන්දමින් එම තෙත්බිම් දිනය සැමරූ දේශපාලන අධිකාරියද බලධාරීන්ද නිලධාරීන්ද මේ මොහොතේ නැවතත් ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත් සමුද්‍රසන්න තෙත් බිම් පරිසර පද්ධතියක්‌ වන මුතුරාජවෙල බිලි ගැනීමට පිඹුරුපත් සකසමින් සිටින බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.

මීගමුව - කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ දක්‌වා දිවෙන අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක්‌ හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම් සහිත නගර දෙකක්‌ ඉදිකිරීමේ ව්‍යාපෘතියක්‌ සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් අක්‌කර 150 ක්‌ මුල් අධියරේදී මෙසේ පෞද්ගලික සමාගමකට බිලි දීමට නියමිතව ඇත. උක්‌ත වයාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරන ලද 2012 දෙසැම්බර් 13 දිනැති අයදුම් පත්‍රයට අදාළව මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට කටයුතු දියත් වෙමින් පවතී. ඇමරිකානු ඩොලර් මිලියන 800 ක වියදමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම් නිදහස්‌ කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ආයෝජන ප්‍රවර්ධන හා මහා ව්‍යාපෘති පිළිබඳ විධායක අධ්‍යක්‍ෂවරයා විසින් 2013 දෙසැම්බර් 05 දිනැති ECරැ4රැ1718රැ12 දරන ලිපිය මගින් වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

නමුත් මෙකී ව්‍යාපෘතිය සිදු කිරීමට බලධාරීන් අවසර ලබාදුනහොත් දිවයිනේ අගනුවර ආසන්න ඉතා වැදගත් තෙත් බිම් පරිසර පද්ධතියක්‌ වන මුතුරාජවෙල අභයභූමියේ වනජීවි ප්‍රජාවට බරපතළ විනාශයක්‌ සිදුවන අතරම ඒ මගින් සැලසුණු ඉමහත් සේවයද නොලැබී යැමෙන් ආශ්‍රිත ජනතාවටද දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවන බව අවධාරණය කළ යුතුය.

කැලණි ගඟේ සිට මීගමු කලපුව දක්‌වා ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ඔස්‌සේ පැතිරී ඇති මුතුරාජවෙල තෙත් බිම ශ්‍රී ලංකාවේ බස්‌නාහිර පළාතේ පිහිටා ඇති විශාලතම පහත් බිමයි. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක්‌ ඔස්‌සේ පැතිරී ඇති මුතුරාජවෙල තෙත්බිම් විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා බිලි ගැනීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් එහි වපසරිය දිනෙන් දිනම පහළවැටීම එහි පැවැති පාරිසරික වටිනාකම් වලට බරපතළ පහරක්‌ එල්ල වීමක්‌ බව කිව හැකිය. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සඳහාද මුතුරාජවෙල තෙත් බිමට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක්‌ බිලි දීමට සිදුවූ අතර අතීතයේ කුල්ලක්‌ තරම්වූ මුතුරාජවෙල අද වන විට අල්ලක්‌ තරම් කුඩාවී තිබීම කනගාටුවට කරුණකි.

මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කරගෙන එය තිරසාර ලෙස භාවිතයට ගැනීම සඳහා කලකදී මුතුරාජවෙල මහ සැලැස්‌ම නිර්මාණය කෙරුණද එය තවමත් හමස්‌ පෙට්‌ටියේ සිරවී ඇත්තේ දෛවයේ සරදමකට වැනිය. මෙම සැලසුමට අනුව මුතුරාජවෙල තෙත්බිම කොටස්‌ තුනකට වෙන් කිරීමට තීරණය කරන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සීමාවේ පිහිටි කොටස උප කාර්මික කලාපය ලෙසත්, මීගමු කළපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙල අභයභූමිය ලෙසත්, ඒ අතර කොටස ස්‌වාරක්‍ෂක කලාපය ලෙසත්ය. මෙම ස්‌වාරක්‍ෂක කලාපය මගින් උපකාර්මික කලාපය හා අභයභූමිය අතර ගැටුම් අවමකිරීමට අපේක්‍ෂා කරන ලදී. අද වන විට උපකාර්මික කලාපය හා ස්‌වාරක්‍ෂක කලාපයද අභිබවා මුතුරාජවෙල අභයභූමියද සංවර්ධනයේ ගොදුරක්‌ බවට පත්වෙමින් තිබීම කනගාටුවකි.

1989 වසරේදී ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත් බිම් 41 අතරින් එකක්‌ ලෙසද නම් කරන ලද මුතුරාජවෙල තෙත්බිමට අයත් හෙක්‌ටයාර් 1029 ක භූමි ප්‍රමාණයක්‌ වන සත්ත්ව හා වෘක්‍ෂලකා ආරක්‍ෂක ආඥ පනත යටතේ 1996 ඔක්‌තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට්‌ නිවේදනය අනුව අභයභූමියක්‌ ලෙසද ප්‍රකාශයට පත්කරන ලදී. මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආශ්‍රිත අනාරක්‍ෂිත තෙත්බිම්වල ජෛව විද්‍යාත්මක වටිනාකම සලකා මෙම ප්‍රදේශය කලකදී ජාතික වනෝද්‍යානයක්‌ ලෙස රක්‍ෂිත තත්ත්වය උසස්‌ කිරීමටද වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පිඹුරුපත් සැකසුවද ජාතියේ අවාසනාවකට එම කටයුතු මේ දක්‌වා ක්‍රියාත්මක නොවීය.

දැනට සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව මුතුරාජවෙල පරිසර පද්ධතීන් ගණනාවකින් හා ඒ ආශ්‍රිත දිවිගෙවන වනජීවින් රැසකගෙන් සමන්විත බව තහවුරු වී ඇත. කඩොලාන, ආශ්‍රිත කඩොලාන, වගුරු පරිසර, ලඳු කැලෑ, මිරිදිය ජල මාර්ග ආදී විවිධ පරිසර පද්ධතින් රැසක්‌ ඊට අයත්ය. වසරේ විවිධ කාලවලදී ලවණ ජලයද ගලා ඒම නිසා මෙම පරිසර පද්ධතීන් වල විවිධත්වය හා සංකීර්ණත්වය තවත් වැඩිවෙයි. මෙම පරිසර පද්ධති විවිධාකාර ජීවි ප්‍රජාවන් රැසකටම වාසස්‌ථාන සපයන අතර දැනට වාර්තාවී ඇති ආකාරයට මෙහි සත්ත්ව කාණ්‌ඩ 07 කට අයත් විශේෂ 449 ක ජීවින් ජීවත්වේ. ක්‍ෂිරපායින්, පක්‍ෂීන්, උරගයින්, උභයජීවින්, මසුන් හා අපෘෂ්ඨ වංශීන් විශේෂ රැසක්‌ ඊට අයත් වන අතර ඉන් විශේෂ 20 ක්‌ පමණ ශ්‍රී ලංකාවට ආවේණික වෙයි. දේශීය හා සංචාරක පක්‍ෂීන් රැසකගේද ගොදුරු බිමක්‌ හා ලැගුම් පළක්‌ වන මුතුරාජවෙල නේවාසික පක්‍ෂි විශේෂ 86 කට සහ සංක්‍රමණික පක්‍ෂි විශේෂ 93 කට වාසස්‌ථාන සපයයි. ඉතා දුර්ලභ සංක්‍රමණික පක්‍ෂීන් වන දම්සිළුටු දැතුඩුවා (ඨකදිsහ ෂඉසි) දම් පිලිහුඩුවා (ඊක්‌ජන Caචචැd ඡමරචකැ ණසබට Fසියෑර) හා පළගැටි හම්බු කුරුල්ලා (ඡ්කක්‌s.s ඨර්ssයදචචැර ආරඉකැර) වැනි පක්‍ෂීන් මෙම තෙත් බිමෙන් වාර්තාවීමෙන් මෙහි ඇති පක්‍ෂි විද්‍යාත්මක වැදගත්කම මනාව පිළිබිඹු වෙයි.

මෙහි ඇති පාරිසරික වැදගත්කමට නොදෙවැනි ආර්ථික හා සමාජීය වටිනාකම් රැසක්‌ද මුතුරාජවෙල මගින් ජනතාවට සැලසෙයි. ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය මගින් මෙම තෙත් බිම ආශ්‍රිත ප්‍රජාවට ජීවනෝපාය උදාකර ගැනීමේ හැකියාව පවතී. එසේම අගනුවර ආශ්‍රිතව මෙම තෙත්බිම පිහිටා තිබීම නිසා ගංවතුර පාලනයට, භූගත ජලය ආරක්‍ෂා කර ගැනීමටද එමගින් විශාල පිටිවහලක්‌ ලැබේ. තවද අගනුවර වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් උරාගෙන වාතය පිරිසිදු කිරීම සඳහා ද තෙත් බිම හා ඒ ආශ්‍රිතව වැඩෙන කඩොලාන ශාක ප්‍රජාව ඉතා වැදගත් මෙහෙවරක්‌ ඉටුකරයි.

නමුත් ඒසා වටිනාකම් රැසක්‌ ඇති මුතුරාජවෙල තෙත් බිමේ ස්‌ථිරසාර පැවැත්ම තහවුරු කිරීමට බලධාරීන් තවමත් කටයුතු කර නොතිබීම ජාතියේ අවාසනාවකි. අධිවේගී දුම්රිය මාර්ගය හා බෝපිටිය හා කෙරවලපිටිය සුපිරි නගර ව්‍යාපෘතියද මෙම රමණීය තෙත් බිම ගිල ගැනීමට මාන බලන්නේ මෙවැනි පසුබිමකය. වෛද්‍ය මධ්‍යස්‌ථාන, හෝටල් සංකීර්ණ, කඩසාප්පු, ක්‍රීඩාංගණ, ගොල්µa පිටි ආදී සියලු සුඛෝපභෝගී පහසුකම් වලින් සමන්විත නගර දෙකක්‌ ඉදිකර පෞද්ගලික සමාගමකට මුදල් ඉපයීමට ඉඩ සලසාදෙමින් මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව පරම්පරා ගණනක්‌ ජීවත්වූ අසරණ ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට විසිකර දැමීමට කටයුතු කරන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘතියට මුතුරාජවෙල තෙත්බිමේ හා අභයභූමියේ ඉඩම් බිලි නොදීමට වගබලා ගැනීම නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව අප ඉතාමත් අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.

තවද 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 දින අංක 859/14 දරන ගැසට්‌ නිවේදනය අනුව අභයභූමියක්‌ තුළ හෝ අභයභූමියක මායිමේ සිට මීටර් 100 ක්‌ ඇතුළත යම් සංවර්ධන ක්‍රියාකාරකමක්‌ සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි අනුමැතියන්ද ලබාගෙන ඇති බවත් දැනගන්නට නැත. එබැවින් අප බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ සිදුවන්නට යන මහා විනාශයෙන් මුතුරාජවෙල අභය භූමිය ආරක්‍ෂා කර එහි වටිනාකම් මතු පරම්පරා ගණනාවක්‌ වෙනුවෙන් ඉතිරිකර තැබීමට කඩිනමින් මැදිහත් වන ලෙසය.


සුපුන් ළහිරු ප්‍රකාශ්, සභාපති- ජෛව විවිධත්ව සංරක්‍ෂණ හා පර්යේෂණ කවය.
http://www.divaina.com/2014/02/25/feature05.html

ඡන්දදායකයිනි. මේ ඔබේ වාරයයි

එළඹෙන දකුණු හා බස්‌නාහිර පළාත් සභා මැතිවරණ පිළිබඳ සරු කාලය දැන් පැමිණ තිබේ. පාට පක්‍ෂය සලකුණ කුමක්‌ වුවද වැදගතෙකු එවීම ඡන්දදායක දායිකාවන් වශයෙන් ඔබට පැවරී ඇති වගකීමය. පළාත් සභා ක්‍රමය සඳහා හේතු කාරක වූ 13 ගැන නොදන්නා අයෙකු ගැන ඔබ සිතා බැලුවද?

බොහෝ අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් මේ දිනවල තම තමන්ගේ පැටිකිරිය පෝස්‌ටර් මගින් ඔබේත්, අපේත් තාප්ප බිත්ති හැම තැනකම ආවරණය කොට හමාරය. එහි කොතෙකුත් සිංහනාද ඇත. "අභීත - තේජාන්විතය - සත්පුරුෂ දේශපාලනය - දැයට හිතැති - රටට වැඩැති - යුක්‌තියේ අසිපත - යුගයේ ගිනිසිළුව - මනුස්‌සකම සුරකිමු - පළාත් සභාවට නැතුවම බැරි" ආදී ඔවුන් සන්තක ගුණකදම්බයන් ගණනාවක්‌ එහි අඩංගුව ඇත. ඒ හැමෝම එකතුකොට ගතහොත් අපේ උතුම් බුදුරදුන් පවා පරදවා ඔවුන් ඉදිරියට ගොස්‌ හමාරය. මන්ද බුදුරජාණන් වහන්සේට තිබුණේ ගුණ 09 ක්‌ පමණය. මොවුන්ට ඊටත් වඩා ඇත. එකම වෙනස බුදුරදුන්ට අප වැඳීමත් මොවුන් අපට වැඳීමත් පමණය. තත්ත්වය එසේ වුවද 29 වැනිදායින් පසු එකී ගුණාංග වලින් දශමයක්‌වත් ඉතිරි කර ගන්නා වූ මහත්මයෙකු හෝ මහත්මියක තෝරා බේරාගෙන කතිරය ගැසීම ඔබේ වගකීමය.

ඔබේ අපේක්‍ෂකයා හෝ අපේක්‍ෂිකාව ගමට, ආසනයට, දිස්‌ත්‍රික්‌කයට ඇති සම්බන්ධතාවට ඔබ මුල්තැන දිය යුතුය. මන්ද පැරෂුට්‌කරුවන් සිටින්නේ ඔබ අතර සැරිසරන්නේ 29 දා පහන්වන තුරු පමණය . එව· කව· බොව· යි දන්සල් දෙන්නේ එදාට එළිය වැටෙනතුරු පමණය. දින්නත් පැරදුනත් ඊට පසු අපට කල්ගත කරන්නට වන්නේ ගමේ කෙනා සමගය. එබැවින් ඔබේ ගමේ අඩුපාඩුව - පවුලේ අනේ අපොයිය සොයා බලන්නා වූ පුද්ගලයා ඔබ හඳුනාගත යුතුය. ගමේ වැඩවලට ප්‍රමුඛත්වය දෙන්නා ඔබ ඉහළින් ම ඔසොවා තැබිය යුතුය. උගත්කම ගැනත් පොඩ්ඩක්‌ සිතා බලන්න. දෙන උදළුතලය - දෙන ජංගම දුරකථනය, දෙන ත්‍රීවීල් මීටරය - සාරිය, ටීෂර්ට්‌, දෙන බත් පාර්සලයට වඩා ඔහු සතු මනුස්‌සකමට මුල්තැනක්‌ දෙන්න. වැස්‌සකටවත් පාසල් නොගිය, වෙසක්‌ පෝයකටවත් පංසල් නොගිය අය පිටු දකින්න. ඔබේ කතිරය 29 දාට පසුවත් වලංගු, හරවත් කතිරයක්‌ වන්නේ එවිටය.

නඩුහබ ඇති එකා ගැන දෙවරක්‌ අවධානය යොමු කරන්න. ඔහු හෝ ඇය වටා ගෙතී ඇති ව්‍යවහාර නාම ගැන ඔබේ අවධානය යොමු කරන්න. සමහර විට ගමේ පොලිසියේ ඔහුට හෝ ඇයට එරෙහිව නඩුවක්‌ නොතිබෙන්නට පිළිවන. එහෙත් අල්ලපු ගමට, අල්ලපු ආසනයට, අල්ලපු දිස්‌ත්‍රික්‌කයට ඔහු හෝ ඇය රටේ සොරෙකු, අණ්‌ඩපාලයකු - රටේ දොස්‌තරයකු වන්නට බැරි නැත.

අම්ම හෝ තාත්තා මන්ත්‍රිය, ඇමැතිය කියා කිසිම පුද්ගලයකු ඔසොවා නොතැබිය යුතුය. ඔහු හෝ ඇය හොඳම නම්, අමතක කිරීම ද නොකළ යුතුය. එවිට එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු බා ගැනීමේ වාසනාව ද ඔබට උරුම වනු ඇත.

එබැවින් මේ දිනවල සැරිසරන අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ අද හැසිරීම් රටාව 29 ට පෙර හොඳින් අධ්‍යයනය කරන්න. නීතිය ගණන් නොගන්නා, නිල ඇඳුමින් නිල වශයෙන් ඉවත් වූවාට පසුවත් එය නොනිල වශයෙන් අඳින පළඳින පොලිසියට හයිපාට්‌ දමන, විරුද්ධ මතධාරීන් තුට්‌ටුවකට මායිම් නොකරන පන්සල්, පල්ලි, කෝවිල් ඉදිරිපිට පවා ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන පුද්ගලයන් පිටුදකින්න. දණ නැමිය යුතු ගුරුවරයා පවා දණ ගස්‌සවන්නට තරම් එඩි වන්නේ මෙබඳු පුද්ගලයන් යෑවීමෙන් පසුවය. 

ආරියපාල ආරච්චිගෙ ගමගේ
http://www.divaina.com/2014/02/25/feature03.html

Pic Source

ඉන්දීය සාම හමුදාවේ වැඩ ගැන සොයන්න ගැසට්‌ පත්‍රයක්‌

ඉන්දීය සාම හමුදාව සමයේ සිදු වූ අතුරුදන් වූවන් සහ පැහැරගෙන යැම් ගැන විමර්ශනය කිරීම් සඳහා ගැසට්‌ පත්‍රයක්‌ ප්‍රකාශයට පත්කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවසීය.

මෙයට හේතු වී ඇත්තේ 1987 සහ 1990 සමයේ ඉන්දීය සාම හමුදාව උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වීම නිසා විශාල පිරිසක්‌ අතුරුදන් වූ බවට රජයට පැමිණිලි ලැබීමයි.

එසේම ඉන්දීය සාම හමුදාව විසින් රඳවාගත් පුද්ගලයන්ගේ ඥතීන් පැවරූ නඩුවලට පවා සහභාගිවීම එවකට වවුනියා ප්‍රදේශය භාර ඉන්දීය හමුදා ප්‍රධානියා ප්‍රතික්‍ෂේප කර තිබූ බව ද හෙළි වී ඇත.

ඉන්දීය සාම හමුදාව සමයේ යාපනය රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු 50 ක්‌ද වැල්වැටිතුරේදී සිවිල් වැසියන් 60 ක්‌ ද ඝාතනය වී තිබේ.

දැනට ක්‍රියාත්මක වන අතුරුදන් වූවන්ගේ කොමිසම 1990 සිට අතුරුදන් වූවන් ගැන සෙවීමට මැදිහත් වී නැත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/25/news11.html

Pic Source

ගවකුර රෝගය හා මුඛ රෝගය පැතිරීම නිසා ප්‍රදේශ කීපයක ගව මස්‌, එළු මස්‌, ඌරු මස්‌ අලෙවිය මාස 3 ක්‌ තහනම්!

වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය හා අම්පාර යන ප්‍රදේශවල කුකුළු මස්‌ හැරුණු විට එළු මස්‌, ගව මස්‌ හා ඌරු මස්‌ අලෙවි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කොට ඇත.

මේ පිළිබඳ චක්‍රලේඛය හා ගැසට්‌ නිවේදනය නිකුත් කොට ඇති බවත් එය මාස තුනක කාලයකට වලංගු වන බවත් සත්ව හා සත්ව නිෂ්පාදන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩී. ආර්. ටී. රත්නායක මහතා පැවසීය.

ඉහත දිස්‌ත්‍රික්‌කවල ගවයන් අතර කුර රෝගය හා මුඛ රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යැම නිසා මේ තීරණය ගෙන තිබේ. උතුරු පළාතේ පරිසර හා සත්ව කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂිකා වෛද්‍ය තබෝදනී තේවනේසන් මහත්මිය ප්‍රකාශ කළේ උතුරු පළාතේ ගවයන් 60,000 කගෙන් 30,000 කට පමණ ගවකුර හා මුඛ රෝගය වැළඳී ඇති බවයි. රෝගය වැළඳුණු සතුන් අනෙක්‌ සතුන්ගෙන් වෙන්කොට රෝගය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

යම් හෙයකින් මාස තුනක කාලය ඉක්‌මයැමෙන් පසුව ද රෝගය එම ප්‍රදේශවලින් පහව ගොස්‌ නොමැති නම් මස්‌ විකිණීම පිළිබඳ වූ තහනම් ගැසට්‌ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවන බව ද සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කොට සිටිති.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/02/25/news14.html

Pic Source

ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බළසේනාවේ උපසේවය වසර 34 කට පසු යළිත්

අභිමානවත් ඉතිහාසයකින් හෙබි පෞඪ සේවයක්‌ වන ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බළසේනාවේ උපසේවය වසර 34 කට පසු යළි ස්‌ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවැසීය.

ඒ යටතේ වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දොaරු, හෙද, වැවිලි, අධ්‍යාපන, බැංකු, විශ්වවිද්‍යාල, මාධ්‍ය ඇතුළු ක්‍ෂේත්‍ර රැසක විද්වත් වෘත්තිකයන් යුද හමුදා ස්‌වේච්ඡා උපසේවයේ අධිකාරිලත් නිලධාරීන් සහ සෙසු නිලයන් ලෙස බඳවාගනු ලබන බවද හෙතෙම පැවැසීය.

රජයේ සහ පෞද්ගලික අංශ වල වෘත්තිකයන් සඳහා මෙම ස්‌වේච්ඡා උපසේවයට බැඳිය හැකි අතර, ඔවුන්ට තම වෘත්තීන්හි කටයුතු කරගෙන යන අතරේ අවශ්‍ය අවස්‌ථාවල පමණක්‌ සක්‍රීය සේවය සඳහා කැඳවූ විට හමුදා සේවයට පැමිණීමට සිදුවනු ඇත.

මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජෙනරාල් අනුරුද්ධ රත්වත්ත, ජෙනරාල් රන්ජන් විඡේරත්න, කර්නල් සී. ඒ. ධර්මපාල, මේජර් ඊ. ඒ. නුගවෙල, මේජර් මොන්ටේගු ජයවික්‍රම, කපිතාන් සී. පී. ඡේ. සෙනෙවිරත්න යන ප්‍රභූන් මෙම ස්‌වේච්ඡා උපසේවයේ නිරතව සිටි කීර්තිමත් නිලධාරීන් වන අතර තවත් බොහෝ විවිධ වෘත්තිකයන් මෙම සේවයට එක්‌වී සිටියහ.

රටේ යුදමය වාතාවරණය හේතුවෙන් 1985 වසර වන විට ස්‌වේච්ඡා උපසේවය අක්‍රීය තත්ත්වයට පත්වීම නිසා මෙම වසරේ එය නැවත ස්‌ථාපිත කිරීමට පියවර ගත් බවද බ්‍රිගේඩියර් වනිගසූරිය පැවැසීය.

රටේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සහ සංවර්ධන කටයුතු සඳහා දායක කර ගැනීමේ ජාතික මෙහෙවර පෙරදැරිකරගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශවල විද්වත් වෘත්තිකයන් යුද හමුදා ස්‌වේච්ඡා උපසේවය සඳහා බඳවා ගැනීම මාර්තු මස 31 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවද බ්‍රිගේඩියර් වනිගසූරිය පැවැසීය.

වයස අවුරුදු 18-55 අතර මනා ශරීර සෞඛ්‍යයකින් යුතු ශ්‍රී ලාංකික පුරවැසියන් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්, හැකියාව සහ පළපුරුද්ද මත මෙම සේවයට බඳවා ගනු ඇත. අධිකාරි ලත් නිලධාරීන් ලෙස බඳවාගනු ලබන වෘත්තිකයන් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත ලුතිතාන්, කපිතන්, මේජර්, ලුතිනන් කර්නල් සහ කර්නල් යන නිලයන්ටද අධිකාරි නොලත් නිලධාරීන් ලෙස බඳවා ගනු ලබන වෘත්තිකයන් කෝප්‍රල්, සැරයන්, මාණ්‌ඩලික සැරයන්, බලලත් නිලධාරි යන නිලයන්ටද පත්කරනු ඇත.

"අපි ආමි" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ස්‌වේච්ඡා උපසේවය නැවත ස්‌ථාපිත කිරීමේ වැඩසටහන පිළිබඳව කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බ්‍රිගේඩියර් වනිගසූරිය මෙම කරුණු අනාවරණය කළේය.

යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් වික්‍රමසිංහ, හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, බ්‍රිගේඩියර් ගාමිණී ඇලිකේවල, කර්නල් වෛද්‍ය රන්ජන් සෙනෙවිරත්න යන "හමුදා නිලධාරීහු සහ වෛද්‍ය සුදත් දම්සිංහ, කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා යන මහත්ම මහත්මීහුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2014/02/25/news15.html

Pic Source

කැලම් මැක්‌රේගේ චිත්‍රපටය ඉන්දියාවේ තහනම් කරයි

මාර්තු 03 වැනිදා සිට චැනල් ෙµda රූපවාහිනිය මගින් ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකාවට එරෙහි කැලම් මැක්‌රේගේ "නෝ µයර් සෝන්" චිත්‍රපටය ඉන්දියානු රජය තහනම් කර ඇත.

මෙම චිත්‍රපටයේ පිටපත් හතළිහක්‌ තමිල්නාඩුව ප්‍රමුඛ ප්‍රාන්ත කිහිපයක චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබිණි.

ඉන්දීය රැඟුම් පාලක මණ්‌ඩලය මෙම චිත්‍රපටය පෙන්වීමට බලපත්‍රයක්‌ දීම ප්‍රතික්‍ෂේප කර ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන මාර්තු 03 වැනිදා කැලම් මැක්‌රේ ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබුණත් ඒ සඳහා වීසා බලපත්‍ර ලැබී නැත. මේ නිසා කෝපයට පත් කැලම් මැක්‌රේ හෙට (25 වැනිදා සිට නෝ ෆයර් සෝන් නමින් වෙබ් අඩවියක්‌ ආරම්භ කිරීමට තීරණය කර ඇත. මේ අතර නේපාල රජයද එරට සිනමාහල්වල කැලම් මැක්‌රේගේ චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය 
http://www.divaina.com/2014/02/25/news17.html

Pic Source

උතුරු නැගෙනහිරින් හමුදාවට අලුතින් අක්‌කර 600 ක්‌ දෙයි

උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි හමුදා කඳවුරු ශක්‌තිමත් කිරීම සඳහා හමුදාවේ ඉල්ලීම මත රජය විසින් අලුතින් ඉඩම් අක්‌කර හයසියයක්‌ ලබා දී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින" ට ඊයේ (24 දා) පැවසීය.

රජය මෙම ඉඩම් ලබාදී තිබෙන්නේ හමුදාව දැනට භුක්‌ති විඳින ඉඩම්වලට අමතරවයි.

ජාතික ආරක්‍ෂාව කිසිම විටක දෙවැනි තැනට දමා කටයුතු කළ නොහැකි නිසා හමුදාවේ ඉල්ලීම මත රජය මෙම ඉඩම් අක්‌කර හයසිය ලබාදුන් බවත් හමුදා කඳවුරු සඳහා ඉඩම් ලබාදීමේදී පුද්ගලික ඉඩම් රජයට පවරා ගැනීම ප්‍රතිපත්තියක්‌ ලෙස රජය දැන් සීමා කර තිබෙන අතර රජයේ අරමුණ ඒ සඳහා රජයේ ඉඩම් යොදාගැනීම බවත් ඇමැතිවරයා පවසයි.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/02/25/news07.html

Pic Source