Pages

Thursday, February 20, 2014

රජයේ රෝහල්වල සායනවලින් හැමදාම එකම බෙහෙත් නිසා දියවැඩියා රෝගීන් අවදානමක

රජයේ රෝහල් සායනයන් වෙත ප්‍රතිකාර සඳහා මසකට වරක්‌ පැමිණෙන දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් සඳහා වෛද්‍යවරුන් විසින් රුධිරගත සීනි මට්‌ටම මැන බැලීමේ පරීක්‌ෂණය (µdස්‌ටින් බ්ලඩ් ෂුගර්) පමණක්‌ කර ගෙන එන ලෙස නිර්දේශ කර එකම බෙහෙත් වට්‌ටෝරුව නියම කිරිම හේතුවෙන් එම රෝගීන්ට අතුරු ආබාධයන් වන වකුගඩු, හෘද වැනි රෝග තත්ත්වයන් වැළඳීමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

රජයේ ප්‍රධාන රෝහල්වල පැවැත්වෙන දියවැඩියා හා වෛද්‍ය සායනවලට මසකට වරක්‌ පැමිණෙන දියවැඩියා රෝගීන්ට නිර්දේශ කරන පරීක්‌ෂණයන් පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වුවද මෙම සායනයන්හි ප්‍රධාන වෛද්‍යවරුන් විසින් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විටදී ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට ඊළඟ වාරයේදී පැමිණෙන විට කරගෙන ඒම සඳහා පරීක්‌ෂණ මාලාවක්‌ ලියා දීමටත් අමතර විටමින් වර්ග ලියා දීමටත් කටයුතු කරන බව එම ආරංචි මාර්ග කීවේය.

මෙම තත්ත්වය මත රජයේ රෝහල්වල දියවැඩියා හා වෛද්‍ය සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා දියවැඩියා රෝගීන්ට වැළඳෙන වකුගඩු, හෘද ඇතුළු අතුරු රෝග තත්ත්වයන් බොහෝ විට හඳුනාගත හැකි වනුයේ කල්ගත වි ඒවා උත්සන්න තත්ත්වයේ පැවැතියදී බව අනාවරණය වී ඇත.

චර්යා හා ආහාර රටාව හේතුවෙන් මෙරටින් වාර්තා වන දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවැතීම හේතුවෙන් මේ පිළිබඳව වෛද්‍ය අංශ වැඩි අවධානයක්‌ යොමු කළ යුතුව තිබේ.

රජයේ රෝහල් වෛද්‍ය රසායනාගාර තුළ දියවැඩියා රෝගය සඳහා වන බොහෝ රුධිර පරීක්‌ෂණයන් සිදු කිරීමේ පහසුකම් පැවැතියදීත් දියවැඩියා රෝගීන්ට අදාළ පරීක්‌ෂණයන් මසකට වරක්‌ සායනයට පැමිණීමට පෙර කර ගෙන පැමිණෙන ලෙස වෛදවරුන් නිර්දේශ නොකිරීම ගැටලුවකැයි රෝහල් අංශ පවසයි.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2014/02/19/news29.html

Pic Source

0 comments: