Pages

Saturday, February 8, 2014

උතුරු පළාත් සභාව ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීම, ජාතික ආරක්‌ෂාව සහ විදේශ පිළිවෙතට පටහැනිව ක්‍රියා කිරීම සහ විදේශ හමුදා සමඟ එක්‌ව කටයුතු කිරීමට සැළසුම් කිරීම යන බරපතළ කරුණු සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව ගැන විශේෂ විමර්ශනයක්‌ පැවැත්වීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් රජය උතුරේ ආණ්‌ඩුකාර ජී. චන්ද්‍රසිරි මහතාගෙන් වාර්තාවක්‌ ඉල්ලා තිබේ.

හවායි දූපතේ සිට ක්‍රියාත්මක වන ශාන්තිකර කලාපීය ඇමරිකානු හමුදා මූලස්‌ථානය සමග උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමැතිවරයා සාකච්ඡාවක්‌ පැවැත්වීම ගැනද රජයේ දැඩි අවධානය යොමුවී තිබේ. මේ හැර පාසල්aවලට ජාතික ගීය ගායනා කිරීමෙන් සහ ජාතික කොඩිය එසවීමෙන් වළකින ලෙස උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කළ නියෝගයක්‌ ගැන ද රජය වෙත වාර්තා වී ඇත.

මේ අතර මුලතිව් ඕලුමඩු විදුහලේ සිසු සිසුවියන් පාසල් ක්‍රීඩා උත්සවයේදී කොටින්ගේ ආචාර ක්‍රම මත ක්‍රියා කිරීම ගැන ද බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/09/news01.html

Pic Source

0 comments: