Pages

Thursday, February 13, 2014

කුඩු ගෙන ආ මුසලුවාගේ මෙරට සගයන් සොයා පරීක්‍ෂණ

පාකිස්‌තානයේ කරචිච් නුවර සිට පෙරේදා (10දා) රාත්‍රි මෙරටට හෙරොයින් රැගෙන පැමිණි පාකිස්‌තානු ජාතිකයා හා සම්බන්ධකම් පැවැත්වූ මෙරට පුද්ගලයන් කරුවුන්ද යන්න පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී මෙරට පුද්ගලයකුට ලබාගත් දුරකථන ඇමතුම පිළිබඳව සටහන්ව තිබූ බවත් ඒ ඔස්‌සේ මෙම පුද්ගලයා සමග සම්න්ධතා පැවැත්වූවන් පිළිබඳ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් එම රේගු නිලධාරියා ප්‍රකාශ කළේය.

පෙරේදා (10දා) රාත්‍රි දොඩම් ගෙඩිවල බහා හෙරොයින් කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක්‌ මෙම පුද්ගලයා රැගෙනවිත් තිබූ අතර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී මෙම පුද්ගලයාගේ හැසිරීම පිළිබඳ සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරි උදය ගාමිණී මහතා විසින් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබිණි.

මෙම පුද්ගලයා දොඩම් ගෙඩි 72ක්‌ පමණ මල්ලක දමා රැගෙන විත් තිබූ අතර එහි තිබූ දොඩම් ගෙඩි 12ක මෙම හෙරොයින් තොගය රැගෙනවිත් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

64 හැවිරිදි මෙම පකිස්‌තානු ජාතිකයා ප්‍රථම වරට මෙරටට පැමිණි පුද්ගලයකු බවද ලෙස්‌ලි ගාමිණී මහතා කීය.

මෙම පුද්ගලයා හා හෙරොයින් තොගය වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට ඊයේ (11දා) පෙරවරුවේ භාරදුන් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන උදය ගාමිණී, එම්. අයි. රසීක්‌, රේගු අධිකාරී ඩී. එම්. ජී. නිමල්තිලක, අචල චන්ද්‍රසේකර, එම්. එච්. එම්. අෂ්රොµa, තනුෂ්ක විඡේසූරිය, ප්‍රබුද්ධ පෙරේරා, විපුල ප්‍රනාන්දු යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන ලදී.

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය
http://www.divaina.com/2014/02/12/news16.html

සබැඳි ලිපි
[
රු.කෝටියක හෙරොයින් සමග මුසලුවා කටුනායකදී දැලේhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_12.html
]

0 comments: