Pages

Thursday, February 20, 2014

බොදු උරුමය වෙනුවෙන් කොටුවේ උද්ඝෝෂණ කළ සිංහල රාවයට එරෙහිව පොලිසියෙන් දැඩි පියවර

ගව ඝාතනය තහනම් කිරීම සහ අහිමි කර ඇති බෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කරන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ සිංහල රාවය ජාතික සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු ආධාරකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පොලිසිය පවසන්නේ මීට ඉහත දී අළුත්කඩේ අංක 1 අධිකරණය මගින් සිංහල රාවය ජාතික සංවිධානයේ සාමාජිකයන් වෙත ලබාදී තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා ඊට සම්බන්ධ භික්‍ෂූන් වහන්සේලා සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිට පෙරේදා (18 වැනිදා) උද්ඝෝෂණයේ යෙදුණු සිංහල රාවය ජාතික සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා සහ ආධාරකරුවන් වීඩියෝ දර්ශන ඔස්‌සේ හඳුනා ගැනීමේ කටයුතු පොලිසිය විසින් මේ වනවිට ක්‍රියාත්මක කරගෙන යයි.

සිංහල රාවය ජාතික සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා සහ ආධාරකරුවන් පිරිසක්‌ අගමැති කාර්යාලයට පහරදී එහි කඩාවැදීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ඉකුත් 30 වැනිදා අළුත්කඩේ අංක 1 අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එහිදී මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ සිංහල රාවය ජාතික සංවිධානය මගින් නැවත උද්ඝෝෂණවලට සහභාගී වී මහජනතාවට පීඩාවන ලෙස හැසිරුණොත් ඔවුන්ට ලබාදී ඇති ඇප අවලංගු කිරීමට කටයුතු කරන බවයි.

කොටුව දුම්රියපළ ඉදිරිපිටදී නැවතත් සිංහල රාවය ජාතික සංවිධානය දැවැන්ත උද්ඝෝෂණයක්‌ පැවැත්වීම එමගින් මහජනතාවට හිරිහැර විඳින්නට සිදුවීම පිළිබඳව පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරමින් සිsටියි. ඒ අනුව අධිකරණ නියෝගය කඩකිරීම සම්බන්ධයෙන් සිංහල රාවය ජාතික සංවිධානයේ සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/02/20/news14.html

Pic Source

සබැඳි ලිපි -
[
බෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කරන රකින ලෙස ඉල්ලමින් දිවි නසා ගැනීමට තැත් කළ හිමිනම රිමාන්ඩ්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_2642.html
ගව ඝාතනය තහනම් කරන්න ජනපති සූදානම්. උපවාසය අවසන්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_7945.htmlයති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...http://denethharinna.blogspot.com/2013/06/blog-post_2197.htmlගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html

]

0 comments: