Pages

Tuesday, February 18, 2014

බෞද්ධ පුනර්ජීවන කමිටු වාර්තාව පිළිගැන්මේ අවස්තාව - ජන සංයුතියේ වෙනස්කම් නිසා අනාගතයේ දේශපාලන සහ ආගමික පිපිරීම් ඇති වෙනවා - චම්පික

බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුව විසින් මේ අවස්තාවේ පොදුවේ රටට මෙන්ම රටේ සමස්ථ ජනතාවට බලපාන ගැටළු, විශේෂයෙන්ම විදේශීය බලපෑම් , විදේශීය වටලෑම් සහ රාජ්‍ය නොවන සංවිධාන වල ක‍්‍රියාකාරීත්වය මෙන්ම දේශපාලන නායකයන් තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සදහා විදේශ බලවේග පාවිච්චි කිරීමට ගන්නා උත්සාහයන් එළිදරව්කොට ඇති අතර ඊට එරෙහිව යෝජනා හා නිර්දේශ රාශියක් රජයට ඉදිරිපත්කර තිබෙන බව ඊයේ  බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු  වාර්තාව පිළිගැන්මේ අවස්තාවට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අද වන විට ජන සංයුතියේ ඇතිව තිබෙන වෙනස්කම් නිසා අනාගතයේ අප රටේ දේශපාලන සහ ආගමික වශයෙන් විශාල පිපිරීම් ඇතිවීමට ඇති ඉඩ කඩ වැඩි බවක් දක්නට ලැබෙන බවද අමාත්‍ය වරයා සදහන්කළේය. මෙම ගැටළු වලට පිළියම් සෙවීම සහ පිරිහී ගිය බෞද්ධ ශීෂ්ඨාචාරයට නැවත පුනර්ජීවනයක් ඇති කිරීම සදහා මෙවැනි විද්වත් ස්වාමීන් වහන්සේලා සහ වෘතිය වේදීන් ගේ මෙන්ම දේශපාලන නායකයන්ගේ එකතුවක අවශ්‍යතාවය ඇති බව සදහන්කර සිටියේය. එවැනි කමිටුවක අදහස් හා යෝජනා  එකතුවෙන් සකසන ලද මෙවැනි වාර්තාවක අවශ්‍යතාවය අපට විශාල වශයෙන් පවතින බවත්  අතීතයේ පටන් කළාක් මෙන් මෙය තවත් වාර්තාවක් ලෙස සලකා ඉවත දැමීමට කටයුතු නොකරන ලෙසද රටේ වගකිවයුතු සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් සදහන්කර සිටියේය.

එමෙන්ම සියලූම දේශපාලන පක්‍ෂ සහ විශේෂයෙන් රජය මෙම යෝජනා පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් ක‍්‍රියාකාරී කමිටුවක් පත් කර මෙම යෝජනා විධායකය හරහා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා ප‍්‍රකාශකර සිටියේය. බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට සභාපති මණ්ඩලය නියෝජනය කරමින් මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, දර්ශනපති පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි, සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

http://lankacnews.com/sinhala/news/110510/

0 comments: