Pages

Monday, February 17, 2014

රට තුළම පොහොර නිෂ්පාදනයෙන් වසරකට බිලියන 20ක ඉතුරුවක්‌

රටට අවශ්‍ය කරන පොහොර රට තුළම නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට ලංකා පොස්‌පේට්‌ ආයතනය මේ වන විට සූදානම් බවත් එමගින් වාර්ෂිකව විදේශයන් වෙත ඇදී යන රුපියල් බිලියන 20ක පමණ මුදලක්‌ රටට ඉතිරි කර ගත හැකි බවත් රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා පැවසීය.

මේ වන විට නවීකරණය වන එප්පාවල පොස්‌පේට්‌ ආයතනයේ කටයුතු නිරීක්‍ෂණය කිරීමේ සහ වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට වාර්ෂික පොහොර අවශ්‍යතාව සඳහා ත්‍රිත්ව සුපර් පොස්‌පේට්‌ මෙටි්‍රක්‌ ටොන් 150000ත් 180000ත් අතර ප්‍රමාණයක්‌ මෙරටට ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව රු. බිලියන 20ක්‌ වැය කරන බවද ඇමැතිවරයා කීය. 

එප්පාවල රොක්‌ පොස්‌පෙට්‌ හා අධි ශ්‍රේණියේ එප්පාවල රොක්‌ පොස්‌පේට්‌ යන දෙවර්ගය පමණක්‌ දැනට ලංකා පොස්‌පේට්‌ ආයතනයේ නිෂ්පාදනය කෙරෙන අතර එය වාර්ෂිකව මෙටි්‍රක්‌ ටොන් 60000ක්‌ වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රභාත් විතාන, ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/02/17/news11.html

Pic Source

0 comments: