Pages

Friday, February 21, 2014

භික්‍ෂුන් වහන්සේ නමක්‌ බෝධිසත්ව චරිතයේ ලක්‌ෂණ අනුගමනය කිරීම බන්ධනාගාරගත කිරීමට තරම් වරදක්‌ ද? - අක්‌මීමන දයාරතන හිමි

භික්‍ෂුන් වහන්සේ නමක්‌ බෝධි සත්ත්ව චරිතයේ ලක්‍ෂණ අනුගමනය කිරීම රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් වරදක්‌ දැයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන් 19 වැනිදා පොලිසියෙන් ප්‍රශ්න කරති.

පරාර්ථය පිණිස සිය ජීවිතය කැප කිරීම බෝධි සත්ත්ව ලක්‍ෂණයක්‌ බව උන්වහන්සේ පෙන්වා දෙති. 

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති දඹදෙනියේ ධම්මදින්න හිමියෝ සියදිවි නසා ගන්නා බවට කිසිදු ප්‍රකාශයක්‌ හෝ තැත් කිරීමක්‌ කර නැති බවත් සඳහන් කළ දයාරතන හිමියෝ හැකිනම් එවැනි සිදුවීමක්‌ වූයේ යෑයි ඔප්පු කර පෙන්වන ලෙස පොලිසියට අභියෝග කළහ. 

මේ බෞද්ධ රටෙහි භික්‍ෂුවකට බුදු දහම අනුව වත් කටයුතු කළ නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇති බවත් මෙම අත්අඩංගුවට ගැනීම සම්පූර්ණ වැරැදි ක්‍රියාවක්‌ බවක්‌ උන්වහන්සේ පැවසූහ.

රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති හිමිනම යොමුකර ඇත්තේ දරුණු අපරාධකාරයන් සිටිනා සිර මැදිරියකට බවත්, උන්වහන්සේට නියමිත පරිදි දානයවත් නොලැබෙන බවත් පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියෝ සඳහන් කළහ.

පොලිසිය උසාවිය නොමඟ යවා ධර්මයට විරුද්ධව කටයුතු කර ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/02/21/news10.html

සබැඳි ලිපි -
[
බොදු උරුමය වෙනුවෙන් කොටුවේ උද්ඝෝෂණ කළ සිංහල රාවයට එරෙහිව පොලිසියෙන් දැඩි පියවරhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7467.htmlබෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කරන රකින ලෙස ඉල්ලමින් දිවි නසා ගැනීමට තැත් කළ හිමිනම රිමාන්ඩ්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_2642.htmlගව ඝාතනය තහනම් කරන්න ජනපති සූදානම්. උපවාසය අවසන්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_7945.htmlයති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...http://denethharinna.blogspot.com/2013/06/blog-post_2197.htmlගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

1 comments:

metta said...

බෝධි ලක්ෂණ තියා, ශිලය (226) පංච ශිලය වත් රකින බවක් අද බොදුනුවන්ට අදහා ගත නොහැකි හැසිරීමක් තුල මේ විකාර නිසා අපේ දරුවන්ගේ සද්ධාව බිදින මෙවැනි ක්‍රියා වලදී නිතිය ආරක්ෂා කරන පොලිසියට ස්තුති වන්ත විය යුතු යි.
ඇත්තම තත්වය නම් මේ සාදුලා කරන ගොන් පාට් නිසා බුදු දහම හැල්ලුවන බව ඉදුරාම පවසමි.