ඕනෑම අභියෝගයක් සිනහවෙන් බාර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි යෝධ පවුරක් වූ මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සටන්කාමී චරිතයකි. වමතින් සහ දකුණතින් පන්දු යෑවීමටත්, කඩුලු රැකීමට සහ ක්‍රිකට් වෙනුවෙන් ඕනෑම කාර්යයක් ඉටු කිරීමට හපනෙක් වූ මොහු 90 දශකයේ ශ්‍රී ලංකාවේ දවා ගැනීමට අපහසුම කඩුල්ල විය. කඩුල්ලේ පැල්පදියම් වෙමින් ලෝක පූජිත පන්දු යවන්නන්ව මානසිකත්වයෙන් සහ කායිකව වෙහෙසට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ බොහෝ පරාජයන් වැලකූ හෂාන් තිලකරත්න නැමැති නිරංහකාර චරිතය මෙවර 'අපි නොදන්න ක්‍රිකට්' ලිපි මාලාවේ කතානායකයාය.
ශ්‍රී ලංකා ටෙස්‌ට් කණ්‌ඩායමේ තමාට නායකත්වය ලැබීමට තිබූ කාලයේදී කණ්‌ඩායමෙන් එළියට විසි වු බව පවසන හෂාන් පසුව නායකත්වයට පත්කරනු ලැබුවේ එකල තේරීම් කමිටුවේ සිදුවූ වැරැද්ද නිවැරදි කරගැනීමට බවද පවසයි. ක්‍රීඩාවටම උපන් පවුලක ඉපිද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් යෝධ ශක්‌තියක් වූ හෂාන් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රබල චරිතයකි. සිය පියා තමාගේ පළමු ක්‍රිකට් පුහුණුකරුවා බව පවසන හෂාන් සිය ක්‍රිකට් දිවියේ ශතකය පෙනි පෙනී නොදැවී සිටි අවස්‌ථා බොහෝ ඇතැයි පවසයි. පැය කිහිපයකින් කඩුලු රකින්නකු වූ හෂාන් 1989 දී පළමු ටෙස්‌ට් තරගයට සහභාගි වන්නේ ඕනෑම අභියෝගයක් බාරගැනීමට තමන් සූදානම් යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඒත්තු ගන්වමිනි. එදා සිට ටෙස්‌ට් තරග 83 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක විස්‌සක් සමග ලකුණු 4545 ක් රැස්‌කරගත් හෂාන්ගේ ඉනිමක සාමාන්‍ය 42.87 ක් වැනි ඉහළ අගයක් ලෙස සටහන් වේ. එක්‌දින තරග 200 කට දායකත්වය දුන් හෂාන් එහිදී ශතක 2 ක් සහ අර්ධ ශතක 13 ක් ලබා ගැනීමට සමත් විය. 1996 ලෝක කුසලාන දිනා දීමට ශ්‍රී ලංකාවට ප්‍රබල දායකත්වයක් සැපයූ මොහු සිය ක්‍රිකට් දිවියේ අමතක නොවන මතක සටහන් මෙසේ 'අපි නොදන්න ක්‍රිකට්' වෙත පැවසුවේය.
ඒ කාලේ දෙමවුපියන්ට පස්‌සෙ වැඩියෙන්ම ආදරය කරන්නෙ කාටද කියල ඇහුවම අපි කියන්නෙ ක්‍රිකට් පුහුණුකරුට කියලා. ඒ තරමටම ඒ කාලෙ පුහුණුකරුවන් ඉතාමත් හොඳයි. ඔවුන්ගෙ දැනුම අපිට දුන් ආකාරය අනුව තමයි ගොඩක් ක්‍රීඩකයන් පාසල් කාලයේදී ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළේ.
මගේ තාත්තයි අම්මයි දෙන්නම ක්‍රිකට් ක්‍රීඩා කරල තියෙනවා. ඒ වගේම අම්මා නෙට්‌බෝල් ක්‍රීඩා කරලත් තියෙනවා. මම මුලින්ම ඉසිපතන විදුහලට ගියා. එහෙදි 11 න් පහළ සහ 12 න් පහළ කණ්‌ඩායම් ක්‍රීඩා කළා. ඉසිපතන කණ්‌ඩායමෙදි මගේ නායකයා වුණේ අසංක ගුරුසිංහ. මම වයස අවුරුදු 11 න් පහළ තරගාවලියේ සමස්‌ත ලංකා හොඳම පිතිකරු සහ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා. ඊට පස්‌සෙ මට ඩී.එස්. සේනානායක විදුහලට යන්න අවස්‌ථාව ලැබුණා.
ඩී.එස්. විදුහලේ ක්‍රිකට් ගහන කොට මම වයස අවුරුදු 15 දී එන්.සී.සී. ක්‍රීඩා සමාජයට ඇතුළත් වුණා. එන්.සී.සී. කණ්‌ඩායමට ඇතුළත් වෙන්න මට ගොඩක් උදව් කළේ අරවින්ද සිල්වා ගේ තාත්තා සෑම් ද සිල්වා අන්කල්. එන්.සී.සී. එකේ හිටියේ ඒ කාලේ ආපේ ක්‍රිකට් වීරයන් වූ රන්ජන් මඩුගල්ල, අමල් සිල්වා, ජෙගනාදන්, රොමේෂ් රත්නායක වැනි ක්‍රීඩකයන්. ඉතින් අඩු වයසකින් ඒ අය කරන කියන දේවල් බලන් ඉඳල ලොකු අත්දැකීමක් ලැබුණා.
මට මතකයි වයස අවුරුදු 19 න් පහළ ගහල ඉන්නකොට පළමු වරට 1986 දී ජාතික කණ්‌ඩායමට තෝරගත්තා. මගේ යාළුවෙකුගෙ ගෙදර ඉන්නකොට රේඩියෝ එකේ ප්‍රවෘත්ති වලට කිව්වා හෂාන් තිලකරත්නවත් ජාතික කණ්‌ඩායමට නම් කරල තියෙනවා කියලා. ඒක අහල ඉක්‌මනට මම ගෙදර ගිහිල්ල ගොඩක් සතුටු වුණා.
ඩී.එස්. විදුහල් කණ්‌ඩායමේ මම බැට් කරන්නෙ අංක තුන ස්‌ථානයේ. අරවින්ද ද සිල්වා බැට් කරන්නෙ අංක හතර ස්‌ථානයේ. අරවින්ද ඒ කාලෙ ඉඳල ගොඩක් හයියෙන් බැට් කරනවා. එයාට පන්දු යවන්නො බයයි බෝල් කරන්න. ඉතින් අරවින්ද එක පැත්තකින් එකසිය පනහක් ගහනකොට මමත් අනිත් පැත්තෙන් හැටක් හැත්තෑවක් ගහනවා. ඒ වගේ අපි දෙන්නා ගොඩක් හොඳ සබඳතා පාසල් යන කාලෙ පවත්වල තියෙනවා. මට මතකයි අපි මැච් එකක් දිනල හොඳට කළ දවසට අරවින්දගෙ තාත්තා එළිµන්ට් හවුස් එකෙන් අයිස්‌ක්‍රීම් කෑන් පිටින් ගෙනල්ල කන්න දෙනවා.
1987 ලෝක කුසලාන සංචිතයෙත් මමත් හිටියා. මම ඒ කාලෙ ප්‍රැක්‌ටිස් එන්නෙ බස් එකේ හින්ද ගොඩක් වෙලාවට පරක්‌කු වෙනවා. ඒ හින්ද අරවින්ද ද සිල්වාලගෙ ගෙදර නැවතිල දෙන්නත් එක්‌ක ප්‍රැක්‌ටිස් ආවා. මගේ පළමු ටෙස්‌ට් තරගය 1989 දී ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව. ටෙස්‌ට් තරගය මට ක්‍රීඩා කරන්න ලැබුණෙ කඩුලු රකින්නා විදිහට. හැබැයි මම ඒ වෙනකොට ප්‍රැක්‌ටිස් වලදිවත් කඩුලු රකින්නා විදිහට පුහුණුවෙලා තිබුණෙ නැහැ. මැච් එකට කලින් දවසෙ අර්ජුන අයිය ඇවිල්ල කිව්වා විකට් කීපර් ග්ලවුස් දෙක දාල කැචර්ස් ටිකක් අල්ලන්න කියලා. ඊට පස්‌සෙ අර්ජුන අයියත් ඇවිල්ල කැචස් ටිකක් ගහල කිව්වා හෙට මැච් එකේ විකට් කීපර් කරන්න ලෑස්‌ති වෙන්න කියලා. කවදාවත් විකට් කීපර් නොකරට මම ඒ කාලෙ හොඳට පන්දු රකිනවා. කොහොම හරි ජීවිතෙ පළමු වරට කඩුලු රකින්නෙක් විදිහට ක්‍රීඩා කරල උඩ පන්දු පහක් අල්ල ගත්තා. ඒ තරගාවලියේ කඩුලු රකින්නා වුණේ ගාමිණී වික්‍රමසිංහ. ඒත් අර්ජුන අයියට ඕන වුණේ හොඳ පිතිකරුවෙක් කඩුලු රකින්නා විදිහට යොදවන්න. ඒක හින්ද තමයි මට අවස්‌ථාව දුන්නෙ. මම ඒ තරගයෙදි හැම විවේක කාලයකදිම ගාමිණීගෙන් ගිහිල්ල අහනව මම මොනවද කරන වැරදි කියලා.
ගොඩක් බාධක මැදින් අපේ ක්‍රිකට් එන්න එන්ම හොඳ මට්‌ටමකට ආවා. ඒ කාලෙ පොඩි පොඩි හැල හැප්පීම් තිබුණා. 1992 දී ස්‌ටැන්ලි ජයසිංහ සහ අර්ජුන අයිය අතර ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට හේතුව දෙන්න මත දෙකක හිටපු නිසා. ජයන්ත පරණතාලත් ඒ ප්‍රශ්නයට මැදිහත් වුණා. ඒ හේතුවෙන් 92 ලෝක කුසලාන තරගාවලියෙදි අර්ජුන අයියව නායකත්වයෙන් අයින් කරල අරවින්ද ද සිල්වාට නායකත්වය ලබා දුන්නා. ඒ කාලෙ නායකයට විතරයි තනි රූම් එකක් දෙන්නෙ. ඒ නිසා 92 ලෝක කුසලාන තරගාවලියෙදි අර්ජුන අයියයි මමයි එක රූම් එකේ තමයි හිටියෙ. ලෝක කුසලාන තරගාවලියෙන් පස්‌සෙ ආයිත් අර්ජුන අයියට නායකත්වය ලැබුණා. මම හිතන විදිහට නායකයා සැරට හිටියෙ නැතිනම් කණ්‌ඩායමක් විදිහට දුර ගමනක් යන්න අමාරුයි. ඉතින් අර්ජුන අයිය කොහොම හරි නායකත්වයේ වගකීම උපරිම හොඳට කළා.
93 දී අපි බන්දුල වර්ණපුරගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියාවට ගියා. ඒ තරගාවලියෙදි අපි ටෙස්‌ට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වුණා. එතනදි බන්දුල වර්ණපුර සහ අර්ජුන අයිය මත දෙකක හිටපු නිසා ගැටුමක් ඇති වුණා. පස්‌සෙ ලංකාවට ආපු ගමන් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් තියල අරවින්ද ද සිල්වාව සාජා සංචාරයෙන් ඉවත් කළා. ඒකට විරුද්ධව අර්ජුන අයියා ඇතුළු කට්‌ටියක් කණ්‌ඩායමෙන් අයින් වුණා. හැබැයි මම කණ්‌ඩායමේ හිටියා.
එතනදි මට වගේම සාජා සංචාරය ගිය හැමෝටම ප්‍රේක්‍ෂකයන්ගෙන් සහ විවිධ අයගෙන් තර්ජන ආවා කණ්‌ඩායමෙන් අයින් වෙන්න කියලා. එතනදි මම කිව්වෙ අපි ඉන්නෙ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඒ නිසා අයින් වෙන්න අවශ්‍යතාවක් නැහැ කියලා.
ඒ තරගාවලියෙදි නායකයා වුණේ රොෂාන් මහානාම. උප නායකයා වුණේ මම. සාජා තරගාවලිය ගිහිල්ල ආපු ගමන් කට්‌ටියක් අපිට ගහන්නත් ආවා. අසංක ගුරුසිංහගේ ගෙදරට ගොඩක් අලාභ හානි කරල තිබ්බා. මොකද ඒ කාලෙ ක්‌ලබ් මැච් එකක් බලන්න වුණත් ගොඩක් සෙනඟ එනවා. ඒ නිසා අර්ජුන අයියල ගිය නැති එකට ප්‍රේක්‍ෂකයන් ගොඩක් කේන්තියෙන් හිටියෙ. මේ හැම දෙයක්‌ම අපේ ක්‍රිකට් දිවියේ ලබපු සුන්දර අත්දැකීම්.
අපිට දිනන්න පුළුවන් කියන විශ්වාසය ආවෙ 95 දි නවසීලන්තයේදී පළමු විදෙස් තරගාවලි ජය ලබපු අවස්‌ථාවෙ. ඊට පස්‌සෙ සාජා සංචාරයත් අපි හොඳට කරනවා. ඩේව් වට්‌මෝර් පුහුණුකරු ලෙස පත්වුණාට පස්‌සෙ අපි පකිස්‌තානයට ගියා.
පකිස්‌තානයේ තිබුණ තුන් දින තරගය අපි දවස් දෙකෙන් පරාද වුණා. පළමු ටෙස්‌ට් තරගය දවස් තුනහාමාරෙන් පරාද වුණා. ඊට පස්‌සෙ තිබුණ ටෙස්‌ට් තරග දෙකම අපි ජය අරගෙන තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්තා. එක්‌දින තරගාවලියත් අපි දිනුවා. ඒ තරගාවලියේ වීරයා වුණෙත් මමයි.
ජයානන්ද වර්ණවීර, දොන් අරුණසිරි සහ මුත්තයියා මුරලිදරන් එක්‌ක මට ගොඩක් වෙලාවට බැට් කරන්න ලැබිල තියෙනවා. එතනදි මම හතරවැනි පන්දුවට හෝ පස්‌වැනි පන්දුවට මාරු වෙන්න ඕන. පකිස්‌තානයත් එක්‌ක ගහනකොට වසීම් අක්‍රම්ටයි වකාර් යුනිස්‌ටයි මරන බයේ තමයි අපේ පසුපෙළ පිතිකරුවන් ඉන්නෙ. ඒ ගොල්ලන් ඒ කාලෙ හොඳටම හයියෙන් බෝල් කරනවා. ඒ ස්‌පීඩ් එකට ගහල පුරුදු වෙන්න අපිට ඒ කාලෙ බෝලින් මැෂින් තිබුණෙ නැහැ. මැච් එකේදිම තමයි ගහන්න වෙන්නෙ.
මට මතකයි වර්ණවීර කියනවා හයවැනි බෝලයට කොහොම හරි එකක් ගහල මේ පැත්තට වරෙන් කියලා. එක මැච් එකක අන්තිමට වසීම් අක්‍රම්ගෙ හයවැනි බෝලය මගෙ හෙල්මට් එකේ වැදුණා. වැදිල මම බෝලෙ ගිය දිහාව බලන්න හම්බ වුණේ නැහැ එහා පැත්තෙ හිටපු දොන් අරුණසිරි මගෙ ළඟටම ඇවිල්ල කියනව ඉක්‌මනට එහා පැත්තට යන්න කියලා.
පකිස්‌තාන් මැච් එකක අර්ජුන අයිය කිව්ව නයිට් වොච්මන් විදිහට දොන් අරුණසිරිට බැට් කරන්න යන්න ලෑස්‌ති වෙන්න කියලා. වකාර් සහ වසීම් ඒ කාලෙ දුවගෙන එන්නෙ යාර තිහකටත් වැඩිය දුර ඉඳල. මට අර්ජුන අයිය කිව්ව හසී බලන්න නයිට් වොච්මන්ට යන්න දොන් කොහෙද ඉන්නෙ කියලා. බලනව බලනව දොන් නැහැ. පස්‌සෙ චම්පක රාමනායකට කිව්ව දාගන්න කියලා. රාමනායකට දැන් හරි කේන්තියි. මම ඕවර්ස් විසි ගාණක් දාල ඇවිල්ල ඉන්නෙ කියල කොහොම හරි රාමනායක බැට් කරන්න යන්න ලෑස්‌ති වෙලා හිටියා.
ඊට පස්‌සෙ මෙන්න දොන් හිමිහිට ඇතුලට එනවා. මම ඒ වෙනකොට ටොයිලට් අස්‌සෙත් එබිකම් කරල බැලුව දොන් කොහෙද ඉන්නෙ කියල. ඒත් දොන් පේන්න හිටියෙ නැහැ. පස්‌සෙ දොන් අරුණසිරි කියනවා මම ටොයිලට් එකේ කොමොඩ් එක උඩ නැගල හිටියෙ පේන්නෙ නැතිවෙන්න කියලා. ඒ තරමට බැට් කරන්න යන්න බයේ හැංගිල තමයි ඉඳල තියෙන්නෙ. ඇත්තටම ඒ මිහිරි අත්දැකීම් එක්‌ක බලනකොට අපි සෑහෙන දුර ගමනක් මේ වෙනකොට ඇවිල්ල තියෙනවා.
මේ ළඟදිත් මට වකාර් යුනිස්‌ව ඩුබායි වලදි හම්බ වුණා. එතනදිත් වකාර් කිව්වෙ ඒ කාලෙ මාව අවුට් කරන්න හරි කරදරයක් වෙන්න ඕන කියලා. එයා කියනවා ඒ දවස්‌වල ඔළුවටයි ඇඟටයි කොහෙට දැම්මත් මම විකට් එක ලේසියෙන් දෙන්නෙ නැහැ කියලා. මම බැට් කරන්න එනකොට මෙයාව කොහොමද අවුට් කරන්නෙ කියල ඒ අය විශේෂයෙන් කතා කරනවලු. මට මතකයි බෝලස්‌ල මගෙ ළඟට ඇවිල්ල තිත්ත කුණුහරුපෙන් බනිනවා. මොකද මම අල්ල අල්ල ගහන හින්ද ඒ අයට එපා වෙලා ඉන්නෙ.
එම්.සී.ජී ක්‍රීඩාංගණයෙ තිබුණ තරගයක ග්ලෙන් මැක්‌ග්‍රාත් මගෙ ඇඟටම බෝල් කරනවා. එතකොට පහරක් ගැහුවොත් අවුට්. ඇල්ලුවත් අවුට් වෙනවා. කොහොම හරි මගෙ ඇලපතේ බෝල පහළොවක් විතර වැදිල ෙඩ්‍රසින් රූම් එකට යනකොට නිල් පාට වෙලා ඉදිමිල තිබුණා.
ඒ කාලෙ අපිට හයියෙන් දාන බෝලස්‌ලට ප්‍රැක්‌ටිස් කරන්න වෙන්නෙ නැති හින්ද ටෙනිස් බෝලයට ටේප් ඔතල බවුන්සර් පන්දුවලට ප්‍රැක්‌ටිස් කරනවා. අපි විදෙස් සංචාරවලට ගියාම රෑට හෝටලයෙ කොරිඩෝවෙත් ටෙනිස් බෝලයට ටේප් ඔතල ප්‍රැක්‌ටිස් කරනවා. ඉතින් අහල පහල රූම්වල කට්‌ටියට මේ සද්ද බද්ද වධයක් හින්ද කම්ප්ලේන් කරපු අවස්‌ථාත් තියෙනවා.
වර්තමානයේ ක්‍රිකට් වලට දහසින් බැඳි පියලි ලැබුණද හෂාන් තිලකරත්න ක්‍රීඩා කරන යුගයේ ක්‍රිකට් වලට ලැබුණේ සොච්චමකි. එබැවින් එදා හෂාන්ට සිය නිවසේ වැඩ කටයුතු පවා අවසන් කර ගැනීමට නොහැකිව අතරමග නවතා දැමීමට සිදුවිය. පසුව 1996 ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය සඳහා ලැබුණ මුදලින් නිවසේ ඉතිරි වැඩකොටසද ඔහු කරගෙන තිබේ. පැමිණි දුක් පැණි රසයි කියන්නාක් මෙන් හෂාන් තිලකරත්නලා මෙරට ක්‍රිකට් වෙනුවෙන් කළ සේවය මෙසේ 'අපි නොදන්න ක්‍රිකට්' ඔස්‌සේ ලියා අවසන් කළ නොහැක. ඒ ඔහු තවමත් ක්‍රිකට් වෙනුවෙන් හදවතින්ම සිටින නිසාවෙනි.
අසේල විතාන
http://www.divaina.com/2014/02/09/sports01.html

1 comments:
great batsman, and great article...
Post a Comment