මෙසේවී ඇත්තේ තොරතුරු මූලාශ‍්‍ර බොහෝ ඇමරිකානුවන් අත ඇති සරල දෙයක් වී ඇති තත්වයක සහ නව තාක්ෂණය පිළිබඳ වැඩි උනන්දුවක් පවතින යුගයකදී වීම විශේෂ තත්වයක් බව ජාතික විද්‍යා පදනම විසින් සිදුකළ මෙම සමීක්ෂණ වාර්තාවේ දක්වා තිබේ.
මෙහිදී ඇමරිකානුවන් 2500 දෙනෙකුට මූලික භෞතික සහ ජීව විද්‍යා දැනුම ආශ‍්‍රිත ප‍්‍රශ්න 9ක් ලබාදී ඇති අතර නිවැරදි පිළිතුරු ලබාදීමේ සාමාන්‍යය වාර්තාවී ඇත්තේ 6.5ක් පමණි.
ඒ අතර වූ එක් පැණයකට පෘථිවිය සූර්යයා වටා පරිභ‍්‍රමණය වන බවට නිවැරදි පිළිතුර ලබාදී ඇත්තේ 76%ක් පමණක් බව වාර්තා වේ. මිනිසා යනු මිනිසාට පෙර සතුන්ගෙන් පරිණාමයවූ සත්වයෙක් බව දන්නේ සමීක්ෂණයට සහභාගීවූ අයගෙන් 48%ක් පමණක් වීම විශේෂත්වයකි.
ඇමරිකාවේ අවිධිමත් විද්‍යා අධ්‍යාපනය ඉහළ තැනක ඇති අතර 60%ක් ඇමරිකානුවන් සත්වෝද්‍යානයකට, ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයකට, විද්‍යා සහ තාක්ෂණ කෞතුකාගාරයකට ගොස් ඇතැයි දැක්වේ. මේ අතර විචාරකයන් පවසන්නේ සමස්ත ඇමරිකානු අධ්‍යාපනයේම ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ප‍්‍රශ්නකාරී තත්වයක් පැන නැගී ඇති බවයි.
ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයේ සංඛ්‍යාලේඛන වලට අනුව සංවර්ධිත රටවල් 12කින් ඇමරිකාවට පසුපසින් සිටින්නේ ඉතාලිය සහ ස්පාඤ්ඤය පමණකි.
http://lankacnews.com/sinhala/foreign-news/110411/
0 comments:
Post a Comment