Pages

Wednesday, February 26, 2014

කොටි මෙන්ම ඉන්දීය හමුදාවත් ම්ලේච්ඡ ක්‍රියා කළා - අමිර්තලිංගම්ගේ පුතා කියයි

අමිර්තලිංගම්
කොටි ක්‍රියාකාරීන් සහ ඉන්දීය සාම හමුදාවද ම්ලේච්ඡ ක්‍රියා සිදුකළ බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයාව සිටි අමිර්තලිංගම්ගේ පුත් බහතිරානන් අමිර්තලිංගම් පවසයි.

සටන්කාමී කණ්‌ඩායම්ද එකිනෙකා මරාගත් බව අමතක නොකළ යුතුය. සන්නද්ධ අරගලයට සම්බන්ධ සියලු දෙනා මානව හිමිකම් උල්ලංඝනය කළා යයි ඔහු කියා සිටියේය.

ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධතා එල්ලවුවහොත් එහි ප්‍රතිඵල සිවිල් වැසියන්ට දැරීමට සිදුවන බවත් එවැන්නක්‌ නොකළයුතු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

උතුරු නැගෙනහිර ලේ වැගිරීම් සිදුවන්නේ නැතැයි කී අමිර්තලිංගම් උතුරේ යටිතල පහසුකම් නංවා ඇතැයි ද කීවේය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/25/news04.html

Pic Source

0 comments: