Pages

Friday, February 28, 2014

"පස්‌දරු සිංහල පවුලක්‌ සොයා ගැනීම කලුනික සොයනවාටත් වඩා අපහසුයි" -

සිංහල ජාතියේ අනාගතය සුරැකීමට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි පසවි දිරිදරු අරමුදලක්‌ ආරම්භ කර ඇත.

පස්‌දරු සිංහල පවුලක්‌ --->

එම අරමුදල මගින් දරුවන් 5 ට වැඩි පවුල් සඳහා දිරි දීමනාවන් ලබාදේ. 2013 වසරේ හෝ ඊට පසු පස්‌වන දරුවකු ලක්‌මවට දායාද කරන පවුල් සඳහා මාසිකව රුපියල් පන්දහසක මුදලක්‌ වසර 17 ක්‌ පුරාවට ලබාදේ.

දිනෙන් දින පරිහානියට පත්වන සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම්වූ අරමුණ පෙරදැරි කරගෙන 2013 ජුනි මාසයේ ආරම්භ කළ මෙම අරමුදල මගින් පවුල් 14 කට දායකත්වය ලබාදේ.

පසුගියදා මීටියාගොඩ නවගම දක්‍ෂිණාරාම විහාරයේදී වතුරවිල පදිංචි එස්‌. එම්. ශ්‍රියානි යන අයට බැංකු පොත ලබාදීම විහාරාධිපති නාකුළුගමුවේ ඥනවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඇල්පිටිය හිපන්කන්ද විෙද්‍යාදය පිරිවනේ ඇඹිලිපිටියේ රාහුල හිමිගේ ශිෂ්‍ය හිමි නමක්‌ අදහස්‌ දක්‌වමින්.

රටේ දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ සිංහල මිනිසුන් පුංචි පවුල රත්තරං කියමින් දරුවන් 1-2 සීමාකර තිබීම ජාතියේ අවාසනාවක්‌ වන අතර රට ජාතිය ගොඩ ගැනීමට දැන්වත් දායක වන ලෙසත් මුස්‌ලිම්, දමිල ජනයා ඉදිරියේදී මහ ජාතිය බවට පත්වන ලකුණු පහළවී ඇති බැවින් අපේ මිනිසුන් අනුකරණවලට රැවටෙමින් වඳ සැත්කම සිදුකරන බැවින් ඉතාම කල්පනාවෙන් තීරණ ගන්නා ලෙසත් ඉදිරියේදී සිංහල ජාතිය ගොඩගැනීමට දායක වන ලෙස පැවැසීය.

ඇල්පිටිය හිපන්කන්ද පරිවේනාධිපති ඇඹිලිපිටියේ රාහුල හිමි, බානගල පොල්හුන්නාවේ ජගත්, අනුර මහතුන්ගේ මග පෙන්වීමෙන් මෙම පසවි දරුවන්ට ආලෝකයක්‌ ලබාදුනි.

සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම් මෙහෙවරට පසවි දිරිදරු අරමුදල ශක්‌තිමත් කිරීමට දායක වන ලෙසත් කොළඹ 7 ග්‍රෙගරි පාරේ සම්පත් බැංකුවේ ගිණුම් අංක 007006000144 පසවි දරු දිරි අරමුදලට දායක වීමට කැමති පින්වතුන් 0712224450 විමසන ලෙසත් සංවිධායකවරුන් පැවසීය.

එල්. පී. ඩී. බන්දුරත්න
http://www.divaina.com/2014/02/26/provin04.html

0 comments: