Pages

Monday, February 24, 2014

ප්‍රමිතියෙන් තොර බාස්‌මතී වෙළෙඳපොළේ - කෘෂිකර්ම ඇමැති

පසුගියදා වෙළෙඳපොළට නිකුත්ව තිබූ ආනයනික බාස්‌මතී සහල් පිළිබඳව අප පසුගියදා විශේෂ තත්ත්ව පරීක්‍ෂාවක්‌ සිදුකළා.

එහිදී අනාවරණය වූයේ බොහොමයක්‌ බාස්‌මතී තොගවල උසස්‌ ප්‍රමිතියේ බාස්‌මතී සහල් කුඩා පරිමාවකට බාස්‌මතී හැඩයේ සිහින් දිගැති, වෙනත් බාල සහල් වර්ගයක්‌ කලවම් කළ පහළ ප්‍රමිතියේ බාස්‌මතී සහල් ඉතා විශාල වශයෙන් වෙළෙඳපොළෙහි තිබූ බවයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා වැලිගම පිහිටි සිය සම්බන්ධීකරණ කාර්යාලයේදී එලෙස අදහස්‌ දැක්‌වූයේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා සිය අමාත්‍යාංශයේදී පැවති විශේෂ රැස්‌වීමක විවාදයට ලක්‌වූ කරුණු යළි අනාවරණය කරමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කෘෂිකර්ම ඇමැතිවරයා මෙසේද පැවසීය.

දැනට ශ්‍රී ලංකාව තම රටට ආවේනික සහල් වර්ගවලින් ස්‌වයං පෝෂිතව තිබෙනවා. එහෙත් සංචාරක ක්‌ෂේත්‍රයේ සංවර්ධන ඉලක්‌කයන් ආදිය සලකා බලා බාස්‌මතී වැනි විදේශීය සහල් වර්ග ආනයනයට පෞද්ගලික අංශයටද අවසර දී තිබෙනවා. 

බාස්‌මතී සහල් සම්බන්ධයෙන් අප විශේෂ විමර්ශනයක්‌ සිදුකළේ එය ශීඝ්‍රයෙන් ජනතාව අතර ප්‍රචලිත වෙමින් පවතින සහල් වර්ගයක්‌ නිසයි.

එම නිසා බාස්‌මතී සහල් සම්බන්ධයෙන් ආනයනික ප්‍රමිතිය විධිමත් කිරීමට අප අමාත්‍යාංශය මගින් මේ වන විට විශේෂ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පුහුණු කර තිබෙනවා.

බාස්‌මතී සහල්වල තිබිය යුතු සැබෑ ලක්‍ෂණ පිළිබඳව ඔවුන්ට ගැඹුරු දැනීමක්‌ ලබාදී තිබෙනවා. කිසිදු පාර්ශ්වයකට හානියක්‌ සිදු නොවන පරිද්දෙන් කටයුතු කරනවා යෑයිද කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

වැලිගම - රන්ජන් ගාමිණී ජයවර්ධන 
http://www.divaina.com/2014/02/24/news19.html

Pic Source

0 comments: