Pages

Thursday, February 20, 2014

ගුවන් හා නැව් සේවා උතුරට දෙන්නේ නෑ - රජය

වරාය - නාවික හා ගුවන් සේවා කටයුතු ශ්‍රී ලංකා රජයේ විෂයයන්ට අයත් බවත් එම කටයුතු ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් සභාවට ඉඩ නොදෙන බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (19 දා) සවස පැවැසීය. මධ්‍යම රජයට අයත් විෂයයන් නීතිවිරෝධීව ක්‍රියාත්මක කිරීමට යෝජනා සම්මත කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ බවද එම ආරංචි මාර්ග පළ කළේය. උතුරු පළාත් සභාව සම්මත කරගත් එම යෝජනාව ගැන රජය ආණ්‌ඩුකාර ජී. චන්ද්‍රසිරි මහතාගෙන් වාර්තාවක්‌ ඉල්ලා ඇත.

මෙයට වසරකට පෙර ද්‍රවිඩ සංධානය රජයට යොමු කළ කරුණු 41 අතර කන්කසන්තුරේ, ත්‍රිකුණාමල වරායන්ද, පලාලි හා චීන වරාය ගුවන් තොටුපළද තමන්ට පවරාදිය යුතු යෑයි ඉල්ලා තිබිණි.

එකී ඉල්ලීම් රජය ප්‍රතික්‍ෂේප කර ඇත. මේ අතර උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව මත කන්කසන්තුරේ වරායේ සහ පලාලි ගුවන් තොටුපළේ කටයුතුවලට මැදිහත් වීමෙන් වළකින ලෙස රජය පළාත් සභා බලධාරීන්ට අනතුරු අඟවා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/20/news02.html

Pic Source

සබැඳි ලිපි -
[
පළාත් සභා බළතල ගැන යළි සිතිය යුතු කාලයයි. උතුරු පළාත හා ඉන්දියාව අතර ගුවන් ගමන් අරඹන යෝජනා සම්මතයි!http://denethharinna.blogspot.com/2014/02/blog-post_9937.html
]

0 comments: