Pages

Monday, September 29, 2014

බොදුබල සේනා මහ සඟ සමුළුව - සිංහල බෞද්ධ නව නායකයකු හඳුනාගෙන ජනාධිපතිවරණයට එනවා - ඥනසාර හිමි


සිංහල බෞද්ධ රට රැකගන්න බොදුබල සේනාව සමග එක්‌වන්න - ඥනසාර හිමි 

අල්ලසින්, දූෂණයෙන් රට විනාශ කරන උන්ට එරෙහිව අපි කටයුතු කරනවා. උන්ව නිරුවත් කරලා මේ රට බේරගන්න කටයුතු කරනවා.

හාමුදුරුවනේ, පන්සල් ගොඩනැඟිලි නෙවෙයි ජාතිය හදන්න කැප වෙන්න.


මේ වන විට ශ්‍රී ලංකාව තුළ මුස්‌ලිම් අන්තවාදී සංවිධාන සියයක්‌ ක්‍රියාත්මකව සිටිනවා. මේ රට සිංහල බෞද්ධ රට. බෞද්ධ සාරධර්මවලට අනුව මේ රට රකින, ජාතියට ආදරේ කරන නායකයකු හදාගෙන මේ රට බේරා ගැනීමේ සටන ආරම්භ කරමු. රටට ජාතියට, ආගමට ආදරේ කරන සියලු දෙනාට බොදුබල සේනා සංවිධානය වටා එක්‌ව රට රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ. 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (28 වැනිදා) සවස මෙම සමුළුව පැවති අතර ඊට පන්දහසක පමණ භික්‍ෂූන් වහන්සේ හා ගිහියන්ද විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

විදේශීය රටවල් කිහිපයක නියෝජිතයන්ද සමුළුවට එක්‌ව සිටි අතර එහිදී තවදුරටත් කතා කළ ගලගොඩ අත්තේ ඥනසාර හිමි මෙසේද පැවසූහ. 

ඥනසාරලට නෝර්වේවලින් සල්ලි හම්බෙවෙලා මාර වැඩක්‌ කළා කියලා කට්‌ටිය කියන්න පටන් ගනියි. මේ ජාතික ව්‍යාපාරය උපන් ගෙයිම මරලා දාන්න සිහින දකිද්දී අපට පුළුවන් වුණා ඒ අභියෝග ජය ගනිමින් ඉදිරියට යන්න.

මේ මහ සමුළුවට සමහර හාමුදුරුවරු වැඩියේ අලුයම ඉඳන්, නව ජාතික පුනරුද ව්‍යාපාරයේදී ඉස්‌සරහට ආපු පිරිස අතලොස්‌සයි. සිංහල කියන්න බයයි. බෞද්ධ කියන්න බයයි. මොන නිවටකමක්‌ද? ඒ යුතුකම සමහරු මගහරිද්දී අපිත් එක්‌ක සිටින, බලය දුන්න පිරිසක්‌ අපට සිටිනවා. නිර්වින්දනය වෙලා, ජාතිය, සදාචාරය, වල්වැදුණු ජාතියකට පණ පොවන්න සිංහල භික්‍ෂු වංසයේ පුනරාගමනයටයි ඔබ වහන්සේලා වැඩියේ.

ඌව මැතිවරණයක්‌ තිබ්බා. ජනාධිපතිවරණයක්‌ ගැන කියනවා. අපි බෙදිලා වෙන්වෙලා ඉන්න ජාතිය යළිත් කෙලින් කරලා හදන්න ඕනේ.

සමහරු පසුගිය කාලෙම කල්පනා කළා මේ වැඩපිළිවෙළ අඩපණ කරන්න. සමහර අවස්‌ථාවල දුරකථන බිල් ගෙවන්නටත් අපට පුළුවන් වුණේ නෑ. වාහනයට තෙල් ටිකවත් ගහගන්න විදිහක්‌ තිබුණේ නෑ. අපිව ඒ වෙලාවේ දිරිමත් කරලා හාමුදුරුවනේ ඉදිරියට යන්න කියලා පිරිසක්‌ අපිව දිරිමත් කළා. 

අපි සමහර කටයුතු පටන් ගන්නකොට ආදායමක්‌, වත්කමක්‌ තිබුණේ නෑ. බටහිර රටවල ඉන්න සමහරු අපට උදව් කළා. සමහරු ඩොලර් පහක්‌ දෙන්න අපේ පැටිකිරිය හොයනවා. අපි කොරියාවට ගියා. කොරියාවේ ඉන්න අපේ ලංකාවේ කොල්ලො ටික අපිට සල්ලි හොයලා දුන්නා. ජාතිය වෙනුවෙන් කතා කරන අපිට ඒ දරු පැටව් පැය 12 ක්‌ වැඩ කරලා ගන්න මුදලින් කොටසක්‌ දුන්නා. 

අපි කතා කරන්න දන්නේ නෑ කියලා කියනවා, ඇත්ත. අපි දන්නවා. අපි වටාපත පැත්තකට තිබ්බේ මේකට නායකත්වය දෙන්නයි. සිව්වනක්‌ පිරිසට තමයි බොදුබල සේනාව කියන්නේ. මේ බොදුබල සේනාවේ නායකයා බුදුහාමුදුරුවෝ. අපි මේ කියන්නේ නිදාගෙන ඉන්න අයටයි. අපි මේ පටිසෝතගාමී වැඩසටහන හරහා කරන්නේ නිදාගෙන ඉන්න අය අවදි කරන්නයි.

භික්‍ෂු භික්‍ෂුනී, උපාසක, උපාසිකාවන් යන සිව් බලය තමයි අපි මේ අවදි කරවන්න හදන්නේ. අපේ නායක හාමුදුරුවරු අපිට බැන්න කාලයක්‌ තිබුණා. අපේ වදන් සැරපරුෂයි කියලා කිව්වා. උඩුගම්බලා පීනන්න නම් ජබුන් සද්දෙ හයියෙන් ගහන්න වෙනවා. මේ වැඩ සිටින සාමණේර හාමුදුරුවන්ගෙ පටන් අපි මේ හයිය තියාගමු හාමුදුරුවනේ. 

පන්සලේ ඝණ්‌ඨාරය තියෙනවා. මේ ඝණ්‌ඨාරය තේවාවටත් ගහනවා. තවත් දවසක මේ ඝණ්‌ඨාරය දිගටම වදිනවා. එතකොට ගම්මු දන්නවා කිසියම් කරදරයක්‌ කියලා. අපිත් ජාතිය අවදිකරන්නයි සද්දෙට කෑ ගැහුවේ.

කුඩාපොළ හාමුදුරුවෝ, ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, සෝම හාමුදුරුවන් වැනි හාමුදුරුවරු මට මතක්‌ වෙනවා. අපිත් මැරෙනවා හාමුදුරුවනේ. අපි මේ රට වෙනස්‌ කළ යුතුයි. අපි පහුගිය කාලේ ගොඩක්‌ දේ කතා කළා.

ක්‍රිස්‌තියානු මූලධර්මය වගේම මුස්‌ලිම් අන්තවාදයක්‌ ක්‍රියාත්මක වෙනවා. රට පුරා අන්‍යාගමික සංවිධාන දැන් 400 ක්‌ පමණ තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමයක්‌ තියෙනවා. ඒක තියෙන්න ඕනේ. මේ රටේ ජාතිය නගාසිටුවන්න කටයුතු කරන්න ඕනේ. අපි මහා බලවේගයක්‌ වෙලා ඒ වෙනස කරන්න ඕනේ. 

යූ. එන්. පී. නායකයො, භික්‍ෂූන්ගේ කටයුතු පිළිබඳ හෙළා දකිනවා. උන්නැහෙලාගේ පත්තර කඩමළු වලත් ලියවෙනවා. සිංහල, බෞද්ධයා එක පෙළට පෙළ ගස්‌සනවාට මේ අය විරුද්ධයි.

ආදිවාසී ගම සුද්දො විනාශ කළා. ආදිවාසී තරුණයන්ට විස්‌කි පෙව්වා. එක නායකයෙක්‌ ඒ ගැන කතා කළාද?

හාමුදුරුවරු යක්‌කු වගේ කියලා සමහරු ජාත්‍යන්තරයට පෙත්සම් යවනවා. බොදුබල සේනා විවේචනය කරන කවුරුවත්, ගලවා ගැනීමේ හමුදා ගැන කතා කරන්නේ නෑ. මේවා තමයි තිත්ත ඇත්ත. අන්තගාමීන් මේ රටට ඇවිල්ලා ආගමික ස්‌ථාන ඇති කරයි. අපි ඊට තිත තැබිය යුතුයි.

අද ලංකාවේ විතරක්‌ නොවෙයි, පිටරට ඉන්න අයත් අන්තර්ජාලයෙන් මේ කතාව දකිනවා.

සමුළුවට එන්න කලින් මට බරපතළ ගණයේ පොත් දෙකක්‌ හමුවුණා. මේ තියෙන්නේ ඒ පොත් දෙක. මොනවද දන්නවද මේකේ තියෙන්න. මුස්‌ලිම්වරුන්ට පසුගිය කාලේ හිරිහැර කරාලු.

මේ රටේ බරපතළ විදියේ ආක්‍රමණයක්‌ සිදුවෙනවා. ඊට අදාළ සාක්‍ෂි මා සතුයි. මුස්‌ලිම් ආක්‍රමණයත්, අන්තවාදයත් තියෙනවා. කාමයට, ප්‍රේමයට, ජාති බේද නෑ. අපේ සිංහල තරුණියන් තුන්දහසක්‌ මුස්‌ලිම් ආගමට අරන්. අපේ සිංහල තරුණයෙක්‌, මුස්‌ලිම් දෙමළ තරුණියක්‌ කසාද බැන්දොත් අපි ආගම් වෙනස්‌ කරන්න බලපෑම් කරන්නේ නෑ.

අපි දැන් සංවිධානාත්මකයි. ඔය මුස්‌ලිම් සංවිධාන ඔක්‌කොම එකතු වෙලා අපි මූණට මූණ කතා කරමු.

පන්සල, ගොඩනැඟිලි හදන්න නෙවෙයි අපි ජාතිය හදන්න නූතනත්වයට ගැළපෙන විදිහට අපි අපේ ජාතිය, බුදුදහම රකිමු. අපි කැලේ කැපුවා. ගල් පෙරළුවා. පාලම් ගේට්‌ටු දැම්මා. දැන් ලියන අය, තර්ක විතර්ක කරන අය, සූදානම් වන්න මුස්‌ලිම් අන්තවාදයට එරෙහි වෙන්න.

අපි විවෘත ජාතියක්‌. අපි ගහන්න, කොටන්න කැමති නෑ. මුස්‌ලිම් ආගම කොටස්‌ තුනකින් සමන්විතයි. අපි බොරු බයිලා කියලා දැන් වැඩක්‌ නෑ. 27,000 ක්‌ රණවිරුවන් දෙමළ බෙදුම්වාදය පරාජය කරන්න ජීවිතය බිලි දුන්නා. වහබ්වාදී පල්ලි අටවන්න දෙන්න බෑ. මහින්ද රාජපක්‍ෂ මහත්තයෝ, රනිල් වික්‍රමසිංහ මහත්තයෝ, අනුර කුමාර දිසානායක මහත්තයෝ නැගිටපල්ලා. පක්‍ෂ නෙවෙයි රට රැකගන්න පටන් ගනිල්ලා.

අපි රට වෙනස්‌ කරන්න ලෑස්‌තියි. කරුණාකරලා දැන් උඹලා වෙනස්‌ වෙයල්ලා. මේ සිවුරට, පුටුවේ ඉන්දන්නත් පුළුවන්. නැගිට්‌ටවන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න සතියක්‌ දෙන්නම්. මේ නායකයෝ ඒ බලය අමතක කරලා කල්පනා කරන්න. අපේ සිංහලකමට මොකද වුණේ කියලා හිතපල්ලා නැත්නම් උඹලටත් අබ සරණයි. මේ දේශනය අවසානයේදී මා අපවත් වුණත් කමක්‌ නෑ.

අපිට අවුරුදු 2500 ක චින්තනයක්‌ තියෙනවා. ඒ තමයි බුද්ධ දර්ශනය, ඇමැතිවරුන්ට ගෝලයෝ නොවී බුදුහාමුදුරුවන්ගේ බුද්ධ පුත්‍රයන් වෙමු. 

ධර්මාසනය වගේම රාජාසනයත් මේ භික්‍ෂුවට හදන්න පුළුවන්. මහ බැංකු අධිපතිතුමාගෙන් අපි අහන්න කැමතියි කවුද බැංකු ශරීයා කරන්න ඉඩ දුන්නේ.

අපි ප්‍රතිපත්ති මාලාවක්‌ ඉදිරිපත් කළා. එය අවශ්‍ය පරිදි සංශෝධනය කරමු. අපි අද සිට වැඩ අරඹමු.

අද දේශපාලන වේදිකාව ශුද්ධ කරන්න ඕනේ. අඩුම තරමින් විශ්වවිද්‍යාලයක උපාධියක්‌ ගත්ත අයවත් කවුන්සිලයට යවන්න ඕනේ. ඇති හැකි අය පිටරටවල පදිංචි වෙයි. නැති බැරි අය දුක්‌ විඳියි. මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස්‌ කළ යුතුයි. අල්ලසින්, දූෂණයෙන් රට විනාශ කරන උන්ට එරෙහිව අපි කටයුතු කරනවා. උන්ව නිරුවත් කරලා මේ රට බේරගන්න කටයුතු කරනවා.

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ එනවා පොදු අපේක්‍ෂකයා වෙලා. හාමුදුරුවනේ පිටුපස්‌සෙ ඉන්න නඩය කවුද? හාමුදුරුවනේ ඒ නඩය පිටුපස්‌සේ තියාගෙන නම් පොදු අපේක්‍ෂකයා වෙන්න එපා.

සෝභිත හාමුදුරුවො ආපුදෙන්. මහින්ද ජනාධිපති ආපුදෙන්. මේ රටේ ගම් තියෙනවා 25,285 ක්‌. මේ ගම් සෑම එකකම පාහේ පන්සලක්‌ තියෙනවා. පන්සල් 5000 ක්‌ නැද්ද කියන්න. එක පන්සලක බෞද්ධයෝ දාහක්‌ හදාගන්න. අපි ඒ බලයත් එක්‌කයි ජනාධිපතිවරණයට මූණ දෙන්නේ. අරාජිත වෙච්ච රටට, අපි බෞද්ධ සාරධර්මවලට ගැළපෙන, රටට ආදරේ ජාතියට ආදරේ නායකයෙක්‌ හදමු. නිල්, කොල, රතු කොඩි අයින් කරලා බෞද්ධ කොඩිය අතට ගන්න.

බොදු බලය දල්වලා සිංහල බෞද්ධ රටක්‌ හදමු. අපි උතුරටත්, නැගෙනහිරටත් ඇවිත් හැටපන්ලක්‍ෂයක බලයක්‌ අපි හදනවා. මත්කුඩු, කොමිස්‌වලින් හොයන සල්ලිවලට බිය නොවී අපි මේ රට හදමු.

මෙහිදී කතා කළ බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමි 

අපි වැටිලා නෑ අපි අතරමං වෙලා නෑ. අපි තාම අපේ රටේ ජීවත් වෙනවා. මහ උරුමයක්‌ තියෙන ජාතියක්‌ තමයි අපි. අවුරුදු 2500 කට වඩා කාලයක්‌ ලිඛිත ඉතිහාසයක්‌ අපිට තිබෙනවා. බුදුදහම සමග බෞද්ධ ප්‍රතිපත්තිවලට ගරුකරන සංස්‌කෘතියක්‌ අපිට උරුමයි. එකම ආගමක්‌ අදහපු එකම ජාතියක්‌ හිටපු එකම රට අපේ රටයි.

අද බොදුබල සේනාව විදිහට නිදා සිටින සිංහල, බෞද්ධ ජනතාව අවදි කරන්න අපිට හැකිවෙලා. දැන් අපි මේ සිංහල රට රැකගන්න පියවර ගත යුතුයි.

බොදුබල සේනා මහ සමුළුව ඊයේ (28දා) සවස සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

ශිරාන් රණසිංහ 
http://www.divaina.com/2014/09/29/news29.html

Saturday, September 27, 2014

ඕනෑම සිද්ධියක් මැඩපවත්වා, මුස්ලිම් ප්‍රජාව තමාගේ සහෝදරයන් ලෙස රැකබලා ගන්නවා - ජනපති

මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය ගන්නා බවත්, මුස්ලිම් ප්‍රජාව තමාගේ සහෝදරයන් ලෙස රැකබලා ගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට පරිබාහිරව ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි මහතා සමග අද (25දා) පැවැත්වූ සාකච්ඡාවකදීය.

මෑතකදී සිදුවූ ආගමික් වශයෙන් පෙළඹවීම් කරන ලද හුදකලා වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන අතරතුරේදී, මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බව ජනාධිපතිවරයා පැවසීය.

"මම මුස්ලිම් ප්‍රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා" යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය සහ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වන ආකාරය සියැසින් දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිවරයා මදනි මහතා සහ අනෙකුත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් උනන්දු කළේය.

"ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට පිටස්තර රටක් ලෙස අප නොසලකනවා. අප එය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය තුළ තිබෙන රටක් ලෙස සලකනු ලබනවා" යැයි පැවසූ මදනි මහතා, ජනාධිපතිවරයා විසින් ගන්නාලද පුරෝගාමී පියවර ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය අගය කරන බවද පැවසීය. එමෙන්ම, ශ්‍රී ලංකාව හා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් අතර සබඳතා වැඩි දියුණු කිරීමට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

අද

Pic Source

ලංකාව විදෙස් මූලධර්මවාදී තිප්පළක්

විදෙස් මූලධර්මවාදීන්ගේ තිත්පොළක් බවට ශ‍්‍රී ලංකාව පරිවර්තනය වෙමින් ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ පැවති සමුළුවකට  එක්වෙමින් ඔහු සඳහන් කලේ අන්තර්ජාලයේ බලපෑමෙන් සහ ලිහිල් වීසා ප‍්‍රතිපත්ති හේතුවෙන් එම තත්වය උදා වී ඇති බවයි.

පසුගියදා අවසන් වුණු ඌව පළාත් සභා මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පැවැත්වීමට ඇති අවස්ථාව දේශපේ‍්‍රමී ජාතිමාමක ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා උපයෝගී කර ගත යුතු බවද එහිදී සඳහන් කල එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂ ත‍්‍රස්තවාදය හමුවේ දණ නමා සිටි යුගය වෙනස් කරන්නට හැකිවූයේ 90 දශකයේ මැද භාගයේ බිහිවූ නව ජාතික ව්‍යාපාරයක බලපෑම හේතුවෙන් බවද සිහිපත් කලේය.

ඉදිරි ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ හරහාද ඒ ආකාරයේ නිවැරදි දේශපේ‍්‍රමී බලකඳවුරක් ගොඩනැගිය යුතු බවත්, ඊට විදේශගතව සිටින විසි ලක්ෂයකට අධික පුද්ගලයින්ගේ පවුල් වලින් එක් අයෙකු බැගින් සහභාගීවන ඡන්ද දස ලක්ෂයක ව්‍යාපාරයක් ගොඩනැගීමට මුල්වන බවත් අවධාරණය කල ඒ මහතා ඉදිරි ජාතික මැතිවරණ වලදී දෙමළ නව නාසිවාදය නිශේධ කරන්නට හැකි නව පාර්ලිමේන්තු නියෝජනයක් ගොඩනැගීම සියලූ බලවේගවල වගකීම විය යුතු බවද කියා සිටියේය.

http://lankacnews.com/sinhala/news/122551/

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ මූලික වාර්තා එළි දකී

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලය අතර ඇති වූ සහයෝගීතා ගිවිසුමක් යටතේ  ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබද පර්යේෂණ ව්‍යාපෘතියක් 2013 වර්ෂයේදී ආරම්භ විය. එහි මූලික පර්යේෂණ ප‍්‍රතිඵල මේ වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබූයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යානාංශයේ මාග‍්‍රට් ඈෂ්ලි මහත්මිය සහ පැට්‍රික් රොබට්ස් මහතා විසිනි.

මෙහිදී ප‍්‍රාග් ඓතිහාසික මානවයා පරිභෝජනය කළ ආහාර, ඔහුගේ ජීවන රටාව, භාවිත කළ ගල් ආයුධ හා ඒවායේ තාක්‍ෂණය ආදිය පිළිබද පර්යේෂණ කළ මාග‍්‍රට් ඈෂ්ලි මහත්මිය පවසන්නේ නවීන තාක්ෂණික ක‍්‍රමවේදත් ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ සියලූ ම විද්‍යා හා තාක්ෂණික දැනුමත් මේ පර්යේෂණ කටයුතු සදහා උපයෝගී කරගත් බවයි.එම පර්යේෂණයට අනුව නුදුරු අනාගතයේදී ප‍්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගත් ආහාර වර්ග හා ඔවුන්ගේ ආහාර හුරුපුරුදු හදුනාගැනීමට හැකිවනු ඇත.

මීට සමගාමී ව පැට්‍රික් රොබට්ස් මහතා විසින් ලංකාවේ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ  ජීවන තොරතුරු පිළිබද කූරගල, බටදොඹ ලෙන, බෙලි ලෙන හා පාහියන් ලෙන  ආශ‍්‍රයෙන් පර්යෙෂණ සිදු කරන ලදි. මෙහි දී විෂේශයෙන් ම ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ දත් හා අස්ථි කොටස් පර්යේෂණයට ලක්කළ අතර ඒ සදහා ද නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ක‍්‍රමවේද භාවිතකර තිබේ. තවද වදුරන් ගේ දත් ආශ‍්‍රයෙන් ද අධ්‍යනයක් සිදු කර ඒ තොරතුරු ද මේ පර්යේෂණයට උපයෝගී කරගත් බව රොබට්ස් මහතා තවදුරවත් සදහන් කළේ ය. මේ සියල්ලේ ම මූලික වාර්තා දැනටමත් පුරාවිද්‍යා දෙපාර්තමේතුවට ලැබී ඇති අතර පර්යේෂණ වල සම්පූර්ණ ප‍්‍රතිඵල ලගදී ම එළි දැක්විමට හැකි වනු ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ද හිටපු  පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ සහ අධ්‍යක්ෂ (වැ.බ.) නාමල් කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීමෙන් ද උක්ත පර්යේෂණ කටයුතු සිදුකෙරිණි. මෙම පර්යේෂණ කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් සම්බන්ධීකරනය කරනුයේ පර්යේෂණ නිලධාරී ඔෂාන් වෙදගේ මහතා විසිනි.

– තරංගා වික‍්‍රමරත්න
http://lankacnews.com/sinhala/news/122544/

Pic Source

සබැඳි ලිපි -
[
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
]

චිරතු හිමියන්ගේ පැමිණීම වළකන්නට මුස්ලිම් කවුන්සිලයට අයිතියක් නෑ - හෙළවිජය ජාතික ව්‍යාපාරය

චිරතු හිමියන් මෙරටට වැඩම කරන්නේ නම් ඊට විරෝධය දක්වන්නට දැක්වීමට මුස්ලිම් කවුන්සිලයට සදාචාරාත්මක අයිතියක් නැතැයි හෙළ විජය ජාතික ව්‍යාපාරය පවසයි.

ව්‍යාපාරයේ සංවිධායක සමීර චන්ද්‍රසිරි විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බුද්ධශාසනයේ කේන්ද්‍රස්ථානයක් වන ලංකාව නැමති ඓතිහාසික බෞද්ධ රාජ්‍යයට පැමිණෙන බෞද්ධ නායකයින් පිළිබඳව ප්‍රකාශ නිකුත්කිරීමට මුස්ලිම් කවුන්සිලයට තබා බෞද්ධ නොවන කිසිඳු සංවිධානයකට හෝ ආයතනයකට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැත. ඔවුන් ප්‍රකාශ නිකුත් කිරීමට පෙර ඔවුන් පය ගසා සිටින භූමිය සහ එහි ස්වරූපය පිළිබඳව නැවත උගත යුතුය.

මියන්මාරය සහ ලංකාව යනු ඓතිහාසික වශයෙන් සම්බන්ධතාවන් පැවැත්වූ සහෝදර රාජ්‍යයන් දෙකකි. මියන්මාරයේ ආගමික නායකයෙකු ලංකාවට සංචාරය සඳහා පැමිණීමට කිසිවෙකුගේ අවසරයක්, ආකල්පයක් අවශ්‍ය නොවේ. විරතු හිමියන් ගැන ප්‍රකාශ නිකුත් කිරීමට පෙර මද්රසා පාසල් වල ඉගැන්වීමට යැයි කියමින් පැවසෙන අන්තවාදී අයවළුන් පිළිබඳ සොයා බලා රටින් නෙරපන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ලිපි යොමු කර සිටින ලෙස මතක්කර දීමට කැමතිය.

සියල්ලටම පෙර තමන් පය ගසා සිටින්නේ බෞද්ධ රාජ්‍යයක බව සිහි තබාගත යුතුය. අන් අය පිළිබඳ සෙවීමට පෙර ලංකාව තුල වර්ධනය වෙමින් පවතින තමන්ගේ ආගමික නිකායන්ට අදාල අන්තවාදී ක්‍රියා පිළිබඳ අවධානයෙන් සිට සිය සමාජය ඉන් මුදාගන්නා ලෙස මුස්ලිම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු. ස්ලාම් අන්තවාදීන් දේශකයින් හට රජයේ පිට්ටනි වෙන් කරමින් වැඩසටහන් පැවැත්වීමට කිසිම බාධාවක් නොවූ ලංකාවේ ඓතිහාසික බෞද්ධ සම්බන්ධතා වලට හානි කරමින් ලංකාව ස්ලාමීය රාජ්‍යයක් සේ තකමින් මුස්ලිම් කවුන්සිලය සිදුකරන ලද ඉල්ලීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකිමු.

සමීර චන්ද්‍රසිරි, හෙළවිජය ජාතික ව්‍යාපාරය
http://lankacnews.com/sinhala/news/122597/

Pic Source

සබැඳි ලිපි -
[
විරාතු හිමි මුසලුවන්ගේ ඝාතකයෙක්. ඥාණසාර හිමි විරාතු හිමි මඟ යනවා. වීසා නොදෙන්න. මූසල කවුන්සිලය ජනපතිට ලියයි.http://denethharinna.blogspot.com/2014/09/blog-post_27.html
]

Thursday, September 25, 2014

ඓතිහාසික කැතිගානාගලත් ගල් කොරියකට

ඓතිහාසික නටබුන් හා පුරාවිද්‍යාත්මක අතින් අතිශය වටිනාකමක් ඇති ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කැතිගානාගල ගල් කොරියකට බදුදී ඇතැයි ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

ඓතිහාසික සෙල්ලිපි,කටාරංකෙටූ ගල් ගුහා හා චෛත්‍යයක් හා පොකුණක් සහිත මෙම ගල මීට පෙරද කැඞීමට අවසරදී එයින් කොටසක් කැඞීමට අවසරදී එයින් කොටසක් කැඞීමේදී ගම්මුන් විසින් ඊට විරෝධය පෑ අවස්ථාවේදී එය තහනම් කර ඇත.

මේ වන විට එම තහනම තමන්ට නොදන්වා ඉවත් කර ඇති බවත් ගල් කුඩු කිරීමට යොදාගන්නා නවීන යන්ත‍්‍රයක් ගල ආසන්නයේ තබා ඇති බවත් ජනතාව කියති.

http://lankacnews.com/sinhala/news/122442/

Wednesday, September 24, 2014

කිරිපිටි ගැන මාධ්‍යයෙන් වෙළෙඳ දැන්වීම් පළ කිරීම අත්හිටුවීම කාලෝචිත පියවරක්‌ - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කිරිපිටි පිළිබඳ වෙළෙඳ දැන්වීම් මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණය ගුණාත්මක හා කාලෝචිත පියවරක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා ඊයේ (23 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.

කිරිපිටි ප්‍රමාණය අත්හිටුවීම සඳහා තම සංගමය බලධාරීන්ගේ අවධානය යොමු කළේ මීට වසරකට පෙර සිට බව කී වෛද්‍ය ජිනදාස මහතා ආනයනික කිරිපිටිවල විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තාක්‍ෂණික හා පර්යේෂණ ආයතන වාර්තා නිකුත් කළ ඒ පිළිබඳ ජනතාව හා බලධාරීන් දැනුවත් කිරීමද සංගමය දැවැන්ත වැඩ පිළිවෙළක්‌ දියත් කළ බව කීය.

සුරක්‍ෂිත ආහාර පිළිබඳ තම සංගමය විසින් දස වැදැරූම් යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කර ඇතැයිද එකී යෝජනාවලින් බහුතරයක්‌ 2014 අයවැය යෝජනා තුළ පිළිබිඹු වූ බවද පවසන වෛද්‍ය ජිනදාස මහතා ඒවා ක්‍රියාත්මක වීම සතුටක්‌ බවද කීය.

කිරිපිටි සඳහා ලැබෙන අනිසි ප්‍රමුඛතාව පෝෂණ ගැටලු රැසකට පාදක වී ඇතැයිද, ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධානතම කිරිපිටි ආනයනකරුවකු බවට පත්ව ඇතැයි කී වෛද්‍ය ජිනදාස මහතා මෙය ජාතික ආර්ථිකයට අති විශාල පීඩනයක්‌ බව පැහැදිලි යෑයිද කීවේය.

ස්‌වභාවික දියර කිරිවල පෝෂණය ගුණය කිරිපිටිවලට වඩා ඉහළ බව කී හෙතෙම කෘතිම රසකාරක, ක්‍ෂණික ආහාර, ශක්‌ති ජනක පාන වර්ග පිළිබඳ ප්‍රචාරන කටයුතු ඉතා ප්‍රබල ලෙස සිදුවෙමින් පවතින බවද කීවේය. ක්‍රීඩා භූමි පාසල් තුළ මෙම ප්‍රචාරණ සිදු කෙරෙන බවද වෛද්‍ය ජිනදාස මහතා කීවේය.

අජිත් අලහකෝන් 
http://www.divaina.com/2014/09/24/news28.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

රට වැසියාට වස විෂ කවන බහුජාතික කිරිපිටි සමාගම්වලට ජාතිය බිලි ගැනීමට ඉඩදිය නොහැකියි - ගලගොඩඅත්තේ ඥණසාර හිමිhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_44.html
කිරි වල ඇති ලැක්ටෝස් දිරවන්න අපහසුයි. ඇඟට අහිතකරයි.කිරිපිටි මිත්‍යාවෙන් මිදෙන්න - වෛද්‍ය ජයකොඩිhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_4268.html
කිරි පිටි මිත්‍යාවක්මයි. එයින් මිදෙමු! - ලංකාවේදි පැටව් ගහන ලෝක වෙළෙඳපොළේ කිරිපිටිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_6927.html
දුම්වැටිවලට වඩා කිරිපිටි භයානකයි. මිල වැඩිකරන්නත් එපා. ගෙන්වන්නත් එපා – රජයේ වෛද්‍යවරුhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5.html
රට පිටි කිරි වලට ආලේ - ඇයි තවම ගොන් රාළේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_7667.html
ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.html
පිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
ඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

නිදහසින් පසු බලයට පැමිණි කිසිම රජයක්‌ සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනයට කටයුතු කර නැහැ - ඥනසාර හිමි

භේදකාරී සහ අන්තවාදී බලවේග විසින් බුද්ධ ශාසනයට හා සිංහල ජාතියට එරෙහිව කරනු ලබන කුමන්ත්‍රණ ස්‌ථිර ලෙස පරාජය කර සංවර්ධිත ජාතියක්‌, දේශයක්‌ උදෙසා සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නිදහසින් පසු බලයට පැමිණි කිසිදු රජයක්‌ කටයුතු කර නැතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ චෝදනා කරති.

එහෙයින් ඉදිරි දේශපාලන තත්ත්වයන් හා ප්‍රවණතාවන් සැළකිල්ලට ගෙන ක්‍රමෝපාය ප්‍රතිපත්තීන්, නීතිරීති හා වැඩපිළිවෙල සහිත නව ජාතික න්‍යාය පත්‍රයක්‌ සැකසිය යුතු බවත් උන්වහන්සේ කීහ.

උන්වහන්සේ ඊයේ (23 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් මෙසේ ද පැවසූහ.

අප බොදු බල සේනා සංවිධානයේ ජාතික මහා සමුළුව එළැඹෙන 28 වැනිදා (ඉරිදා) සවස 1.00 ට කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පවත්වනවා. එහිදී නව ජාතික න්‍යාය පත්‍රයක්‌ සැකසීම සඳහා අවශ්‍ය මූලික ප්‍රතිපත්ති රාමුවක්‌ හා යෝජනා මාලාවක්‌ අප ජනගත කරනවා.

මෙම සමුළුව සඳහා රට සිවුදෙසින් ස්‌වාමින් වහන්සේලා හත්දහසක්‌ එක්‌ වෙනවා. මේ සඳහා වෘත්තීය සමිති විස්‌සකට අධික සංඛ්‍යාවකුත්, හින්දු නායකයන් ඇතුළු බෞද්ධ ජනතාව අති විශාල ප්‍රමාණයක්‌ වෘත්තීයවේදීන්, කලාකරුවන්, බෞද්ධ සංවිධාන නියෝජිතයන් විශාල පිරිසකුත් එක්‌වීමට නියමිතය.

අප සංවිධානය පසුගිය දෙවසරක කාලය තුළ නිර්දේශපාලනිකව, අභීතව, හඬනඟමින් රටට හා සම්බුද්ධ ශාසනයට එරෙහි බලවේගයන් සමග අභීතව සටන් කළා. අභියෝග ජයගනු පිණිස සටන් කළ හැකි සටන්කරුවන් අප බිහි කළා. ජාතික විමුක්‌ති අරගලය නූතනයට සරිලන ලෙස ජනගත කිරීමට ගත් අප්‍රතිහත උත්සාහයන් සියල්ලේ කූටප්‍රාප්තිය මෙම සමුළුව බව කිව හැකියි.

අද හැමෝම මස්‌ රාත්තලම ඉල්ලනවා. ඔව් අපිත් මෙම සමුළුවේදී අපගේ මස්‌ රාත්තලම ඉල්ලා සිටිනවා. අපගේ මවුබිමේ අනාගතය තීරණාත්මක පරිවර්තනයකට ලක්‌ කිරීම උදෙසා සිංහල භික්‍ෂු වංශය පෙරමුණ ගනු ලබන ඓතිහාසික අවස්‌ථාව මෑත ඉතිහාසයේ අති දැවැන්තම සඟ සමුළුව මෙය වීම නොඅනුමානය.

අපට බැණපු උදවියට ඌව පළාතේ මැතිවරණයේදී හොඳ පාඩමක්‌ ජනතාව උගන්වලා තිබෙනවා. මෙය ලංකාවේ අවසන් පළාත් සභා මැතිවරණය වනවා නම් අප වඩා කැමැතියි.

මෙම අවස්‌ථාවට එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ, පර්යේෂණ අංශ ප්‍රධාන ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු ද එක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/09/24/news36.html

Pic Source

සිංහල භාෂාව ලොව අලංකාරම භාෂා 5 අතර

ලොව පුරා ජනතාව භාවිත කරනු ලබන දහස්‌ ගණනක්‌ වූ භාෂාවන් අතුරින් අතිශයින් අලංකාර වූ භාෂාවන් පහෙන් එකක්‌ ලෙස විදේශීය වෙබ් අඩවියක්‌ විසින් සිංහල භාෂාව නම් කර තිබේ. මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී මෙම තෝරා ගැනීම සිදු කර ඇත.

එම වෙබ් අඩවිය විසින් නම් කරන ලද සෙසු අලංකාරතම භාෂාවන් වනුයේ මියන්මාරය භාවිත කරනු ලබන මවු භාෂාව වන බුරුම භාෂාව, ජො(ර්)ජියාවේ භාවිත කරන ජෝ(ර්)ජියානු භාෂාව, පිලිපීනයේ, ටැගලොග් භාෂාව හා ඉන්දුනීසියාවේ හනකරකා භාෂාව යන භාෂාවන්ය. 

මෙහිදී සිංහල භාෂාව ලොව අලංකාරතම භාෂාවන් පහ අතරට නම් කිරීම සම්බන්ධයෙන් සඳහනක්‌ කර ඇති මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය සිංහල භාෂාවට අක්‍ෂර 50කට වැඩි සංඛ්‍යාවක්‌ අයත් වන බවත් සාම්ප්‍රදායානුකූලව ලිවීමේදී එම අක්‍ෂරවලින් නිරතුරුව භාවිත වනුයේ අක්‍ෂර 38 ක්‌ බවත් සඳහන් කර සිටී. ලොව පවතින දීර්ඝතම අක්‍ෂර සහිත භාෂාවන් අතුරින් එකක්‌ ලෙස එම වෙබ් අඩවිය විසින් සිංහල භාෂාව හඳුන්වා දී ඇත.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2014/09/24/news35.html

Pic Source

Tuesday, September 23, 2014

මද්රාසා පාසල්වල උගන්වන විදෙස් ගුරුවරුන් ගැන මුස්ලිම් සමාජය සැලකිළිමත් විය යුතුයි - ගම්මන්පිල

මද්රාසා පාසල්වල උගන්වන විදෙස් ගුරුවරුන් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය සැලකිළිමත් විය යුතුයයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පල කල අදහස් මෙසේය.

‘අපි පහුගිය කාලයේ මේ රට තුළ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවායි කියලා හඬනගනකොට අපේ රටේ දේශපාලකයින්, විද්වතුන් වගේම බොහෝ අය අපට අන්තවාදීන් කිව්වා. අපි තේ කෝප්පයේ කිඹුලන් දකිනවායි කිව්වා.

මේ වන විට al-Qaeda සංවිධානයත් ISIS ත්‍රස්තවාදී සංවිධානයත් ශ්‍රී ලංකාව තමන්ගේ තිප්පලක් බවට පත් කරගැනීමේ ඉලක්කයක් තිබෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබෙනවා. අපි කියුදේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවිසින් මෙසේ තහවුරුකරමින් ඉන්න නිසා අද මේ රටේ මුස්ලිම් සංවිධානවලට ISIS, al-Qaeda ප්‍රකාශ හෙළා දකින තැනට තල්ලුවෙන්න සිද්ධ වෙලා තිබෙනවා.

අපි විශේෂයෙන්ම සහෝදර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ බලන්න අපි දැක්කා වේලුපිල්ලේ පිරබාහරන් හැත්තෑව දශකයේ වෙඩි තියන්නට පටන්ගන්නකොට ඇතැම් දෙමළ සමාජිකයින් කුල්මත් වුණා. තරුණ පරම්පරාව ඒකෙන් ආශ්වාදයක් ලැබුවා. හැමෝම ඒ ව්‍යාපාරය ධෛර්යමත් කළා. අවසාන ප්‍රතිඵලය වුනේ අපේ සමාජයේ ඉහළින් වැජඹුණු දෙමළ සමාජය අඳුරින් අඳුරට ගමන් කිරීම.

අපි දන්නවා අපි කුඩා කාලයේ අපේ රටේ ප්‍රමුඛ නීතිඥයෝ, ප්‍රමුඛ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගණකාධිකාරීවරු මේ හැමෝම වෘත්තීයවේදීන් බිහි වුනේ දෙමළ සමාජයෙන්. මීට අවුරුදු හතරකට කලින් නීති විද්‍යාලයේ දෙමළ මාධ්‍යෙයන් සමත් වුණේ සිසුන් හයදෙනයි. ඒ නිසා නීති පරිපාලකයන්ට සිද්ධ වුණා නීති විද්‍යාලයේ දෙමළ මාධ්‍යයට විතරක් ලකුණු ප්‍රමාණය අඩු කරලා අසමත් සිසුන් සමත් කරගන්න මොකද උතුරු නැගෙනහිර උසාවිවල වැඩකටයුතු කරන්නේ දෙමළ භාෂාවෙන් හින්දා. ඒ වගේම අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම හිටියේ දෙමළ අය. මේ සියල්ල පසුගිය අවුරුදු තිහේ දැවැන්ත පසුබෑමකට ලක් වුණා. දෙමළ සමාජය දෙමළ ත්‍රස්තවාදය ධෛර්යමත් කිරීමෙන්, එයට සහයෝගය පල කිරීමෙන් එයින් ආශ්වාදයක් ලැබීමෙන් දැවැන්ත වන්දියක් ගෙව්වා ජීවිතවලින් සහ සමාජ සංවර්ධනය පැත්තෙන්.

මුස්ලිම් සමාජයෙන් අපි ඉල්ලා සිටින්නේ එතනට මුස්ලිම් සමාජය තල්ලුවෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ තරුණ පරම්පරාව අද කරන දේ පිළිබඳ ආශ්වාදයෙන් බලනවා වෙනුවට ඔවුන්ට අනතුරු ඇඟවීම් කරන්න අපිට ජීවමාන අත්දැකීමක් උතුරෙන් ලබාදීලා තිබෙනවා.

ඒ නිසා උතුරේ වුණු දේ නැගෙනහිර වෙන්න ඉඩතියන්න එපායි කියන එක අපි මුස්ලිම් සමාජයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඇස්පනාපිට දෙමළ සමාජයට වෙච්ච විනාශය පේන්න තියෙනවා.

විශේෂයෙන්ම මද්රාසා පාසල්වල උගන්වන විදේශීය ගුරුවරුන් සම්බන්ධයෙන් ඔවුන් උගන්වන දේ ගැන මීට වඩා මුස්ලිම් සමාජය සැලකිළිමත්විය යුතුයි’

– කුෂාන් සමීර
http://lankacnews.com/sinhala/news/122444/

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

Friday, September 19, 2014

”මට තියෙනවා මයෙ පුතේ, උඹලා තව චුට්ටක් කාපං”

මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලිනි’ කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙ ආදරය සහ කුසගින්න.

අම්මා පිළිබඳව මට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කො ම අම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්න රෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි. අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා.

මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝ ම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේම අම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපි එතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය එයින් අපිට අම්මගෙ සුවඳ දැනෙනවා.

මම උපන් දා ඉඳන් අම්මගේ ආදරය මට ලැබුණා. මම උපදින කොට අපේ අම්මට 48යි. මම පවුලේ 11 වැනියා. අවු. 6දී මම පාසල් ගිහින් ආවා ම මම මව්කිරි බිව්වා. මට තවම හොඳට මතකයි ගමේ ගෑනියෙක් කිව්වා “ඕකෙ කොහොඹ ගාපං කියලා” ඒ මම හැමතිස්සෙම අම්මගෙ තනය උරන නිසා. මම තනයෙ එල්ලිලා මව්කිරි බිව්වට අපේ අම්මගෙ තනයේ මට දෙන්න මව්කිරි තිබිලා නෑ.

ඒ නිසා අම්මා කරන්නෙ කහට කෝප්පයක් හදාගෙන තියන් කහට බිංදු ඇඟිල්ලට අරන් මගෙ කටේ තියන එක. ඒ මගේ බඩගිනි නිවන්න. කිරි නැති වෙන්න හේතුව අපේ පවුලෙ 10 දෙනෙක්. මම 11 වැනියා. මට අවු.12 වෙනකොට අම්මට 60ක් විතර. මට මතකයි ඉස්සර අම්ම ඉස්කෝලෙට එනකොට යාළුවො කියනවා Qමේ එන්නෙ උඹෙ අම්ම නෙවෙයි ආච්චි’ කියලා. නිකං හරි උර උර ඉන්න අම්ම තනය දුන්න එකෙන් මා අදහස් කරන්නේ අම්ම මට තිබුණු ආදරේ තරම.

අප්පච්චි ගොවියෙක් වුණත් අපි දරිද්‍රතාවේ පතුළට ම ගියා. මට තවමත් හොඳට දැනෙනවා මැටි මුට්ටියේ බත ඉදෙන සුවඳ. තියෙන අප්‍රමාණ කුසගින්න නිසා ලුණු ටිකක් ඉහලා ඉක්මනට බත් කනවා.

මිනිස්සු ලුණුයි බතුයි කන්නෙ හීල් බත් එක්ක නෙමෙයි. උණු බත් එක්ක. දැඩි ම කුසගින්න නිසා ලුණුයි බතුයි කෑවා. දුප්පත් මිනිස්සු ලුණුයි බතුයි කනවා කියන කතාව ඇත්ත.

අපේ පවුලෙ පිරිමි 05යි. ගැහැනු 05යි. දුප්පත්කම කොච්චර වුණත් අම්මා කතරගම දෙවියන්ට ගිහින් බාර වුණාලු ඊළඟ එකා පුතෙක් වෙන්න කියලා. දරුවො සමාන වෙන්න.

ඊළඟට මට තියෙන මතකය චූටි කුස්සියේ අපි දහදෙනා පෝළිමට වාඩි වෙනවා. කෑම කන්න. අපි කන්නෙ බෙලෙක් පිඟන්වල. එක එක්කෙනාගෙ පිඟන් එක එක තරමෙ. ලොකු අයියට ගොඩක් කන්න ඕනෙ. මොකද ඌ කුඹුරෙ යනවා.

මහන්සි වෙන නිසා. ඒගොල්ලන්ගෙ පිඟාන ගැඹුරුයි. අම්මා මුලින් ම බෙදන්නෙ අප්පච්චිට. ඊට පස්සෙ අපිට. පිඟන් අඩු වුණා ම අක්කලා කන්නෙ මඩක්කුවේ. (අඩි වළඳේ) හැමෝට ම බෙදලා අම්මා කවදාවත් බෙදාගන්නෙ නෑ. අපි 10 හරි 8 හරි ඉන්න අය කනතුරු අපේ අම්මා බත් බෙදාගන්නෙ නෑ.

අපි බත් ටික මුලින් ම වේගෙන් කාලා අන්තිමට ඇටේ ඇටේ කනවා. අපි දෙවෙනි පාර කන්න ආස වුණත් බෙදා ගන්නෙ නැත්තෙ අපෙ අම්ම කෑවෙ නැති නිසා. අම්මට කන්න තරම් බත් මුට්ටියේ තියෙනවද කියලා දන්නෙ නැති නිසා. එතකොට අම්මා දන්නවා අපි නොකා ඉන්නෙ අම්මට නැති නිසා කියලා. අන්න ඒ වෙලාවට බත් මුට්ටිය පෙන්නලා අම්මා ලස්සන වචනයක් කියනවා.

”මට තියෙනවා මයෙ පුතේ, උඹලා තව චුට්ටක් කාපං” කියලා.

දැන් අප්‍රමාණව අම්මට තියෙන ආදරය වැඩිවෙනවා. බඩගින්න ජීවිතය උගන්වනවා. අන්න එහෙම තමයි කුසගින්න එක්ක ආදරේ ගොඩනැඟෙන්නේ.

රෑට හිල්වෙච්ච ටකරං අස්සෙන් එළිය වැටෙනවා ‘ටෝච්’ එක ගැහුවා වාගේ ගොම පොළොවට. අපි අඟුරු කෑලි අරන් ඒවා රවුම් කරනවා. එතකොට ටික වෙලාවක් ගියා ම ගොම පොළොවෙ ලස්සන රටාවක් මැවෙනවා. අපිට බිම අඳින්න අඟුරු කෑල්ල දෙන්නෙ අම්මා. අම්මට අකුරක්වත් බෑ.

මෙහෙම යනකොට ශිෂ්‍යත්වේ පාස්වෙනවා මම. යහළබැද්ද කනිටු විදුහලින්. ඒ කාලයේ මගේ ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය. ඈ දැන් වත්තල පැත්තේ ඉන්නවා.

මම හපුතලේ නගරයේ. ගම යහළබැද්ද. අම්මගේ නම පුංචි මැණිකා.

දරුවෙක්ට තියෙන ලොකු ම ආසාව තමයි තමාව අගය කිරීම. හැබැයි ජප්පත් අකුරු නූගත් දෙමව්පියෝ දරුවා රටේ නායකයා වුණත් ඇත්තද බොල? කියලා අහයි. ඉතින්, ශිෂ්‍යත්වෙ පාස් වුණාම අම්මා මාව අගය කළා.

ගෙවල් ගාව හිටියා මනි අම්මා කියලා ගෑනියෙක්. ඒ කාලේ එයා බිත්තර විකිණුවා. බිත්තරයක් සත හතළිහයි. ඒ කාලේ බිත්තර හරියට අධිනිශ්චය වෙලා තිබ්බේ. අපේ අම්මා එක බිත්තරයක් ගෙනල්ලා තම්බලා බත් එකේ හංගලා මට දීලා කියනවා

”පුතේ, ඕක අයිනට ගිහින් කාපං” කියලා. ශිෂ්‍යත්වෙ පාස්වීම නිසාත්, මම පවුලේ බඩපිස්සා නිසාත් ඒ බිත්තරේ මට ලැබුණා වෙන්න පුළුවන්. අම්මා අනිත් අයටත් බිත්තර අරන් දෙන්න පුළුවන් නම් අරන් දෙනවා. ඒත් දුප්පත්කම ඒ සියල්ල මඬිනවා. අනික මට පොඩි කාලේ මන්දපෝෂණය හැදුණා. මම පස්ස පැත්තෙන් ගියා කියලා තමයි කට්ටිය කිව්වෙ.

ගමේ කට්ටිය කිව්වෙ ඔළුව ලොකු කොල්ලා කියලා. ගමේ එවුන් එහෙම කිව්වෙ මට මන්දපෝෂණය හැදුණා ම ඔළුව ලොකු වෙලා ඇඟ පුංචි වුණ නිසා. ඒ කාලේ මට ඇවිදින්න බැරි නිසා මාව කරත්තයක දාගෙන තල්ලු කරගෙන ගියේ ජයන්ත කුමාර බන්දුලාච්චි කියන මගේ යාළුවා. දැන් හලාවත නල්ලදරංකට්ටුවේ පදිංචි වෙලා ඉන්නේ. මට ඒ යාළුවා දවසක් මුණගැහුණ ම කියනවා,

”උපුල් ඔයාට පොඩි කාලේ මන්ද පෝෂණයනේ. මම තමයි ඔයාව කරත්තෙ තියාගෙන තල්ලු කරන් ගියේ” කියලා.

ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා.

උඩරට පළාත්වල සිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන

”මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද”

කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා;

”පුතේ, උඹ විභාගයක් පාස් ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕක.”

කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා.


ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා.

මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා.

මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා.

එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න.

අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්.

ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්.

ඒ ගෙදර රොටි හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා.


ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ.

ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා.

තරුණ වයසනේ. ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා;

”මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා.

අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි.


දැන් අර සුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න.

දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට.

මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ.

පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ.

පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා.

කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි.

ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.

පියල් සසංක, තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.

මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල් ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි.

”දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”

(සරසවි දියණියෝ පිදුම)


රංග කලංසූරිය තමයි මගෙ අම්මවයි අප්පච්චිවයි වේදිකාවට අරන් එන්නෙ. ඒ කාලේ රංග ආනන්දේ A/L ලියනවා.

අප්පච්චි ගැන මුල් කාලයේ මට තිබ්බෙ ද්වේෂයක්. අම්මා දුක් විඳින ස්වරූපය පෙනෙන්න පෙනෙන්න දරුවෙකුගෙ හිතේ තාත්තට තියෙන ආදරය නැතිවෙනවා. වෛරයක් ඇතිවෙනවා. මට මගේ ජීවිතේ අපේ අප්පච්චි අවස්ථා දෙක තුනකදී හැර පැන්සලක් පෑනක් අරන් දුන්න කෙනෙක් නෙවෙයි. අම්මාගේ දුක් විඳින ස්වරූපය වැඩිවෙන්න වැඩිවෙන්න තාත්තා ගැන තියෙන වෛරය වැඩිවෙනවා. ඒක සාමාන්‍යයි.

මගේ අප්පච්චිට ඇස් දෙක පේන්නෙ නෑ කිව්වම මම එයාව නයනාරෝග්‍ය ශාලාවට ගේනවා කොළඹ. මම හැමදා ම යුනිෆෝම් එක ගහගෙන යනවා අප්පච්චි බලන්න. අප්පච්චිට වෙන ම ඇඳක් තිබුණෙ නෑ. ඇස්වාට්ටුවේ වැසිකිළිය ගාව පැදුරක් දාගෙන අප්පච්චි නිදි. මම යුනිෆෝම් ඇඳලා යන නිසා ඩොක්ටර් එක දවසක් මට කතා කරලා කියනවා;

පුතා, ඔයාගෙ තාත්තගෙ ඇස්වල ස්නායු මැරිලා තියෙන්නෙ. ලෝකෙ කොහේ රටක ගියත් මේක හොඳ කරන්න බෑ. මෙතනින් එහාට අප්පච්චිව හොඳින් බලාගන්න.”

ඊට පස්සෙ ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්නා තාක් කල් මම ඒ දෙන්නව කොළඹ ගෙනල්ලා තියෙනවා මගේ හැම පොතක් ම එළිදක්වද්දි.

අප්පච්චි බුද්ධි ගෝචර චරිතයක්. අම්මා භාව ගෝචර චරිතයක්.

ඊට පස්සෙ කාලෙදි, අවුරුදු පහක විතර කාලයක් මට අම්මව මගහැරෙනවා. ඒ නගරෙ ඇතුළෙ මම තනිවෙච්ච කාලයේ. ඕන ම කෙනෙකුට අම්මව මඟහැරෙන කාලයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඇත්තට ම මේ මගහැරීම එන්නෙ කාර්ය බහුල ජීවිතෙත් එක්ක. ගෙවල් හදන්න පටන් අරන්, ආර්ථිකය ගොඩනඟාගන්න කාලයේ දී මට අම්මව මග හැරෙනවා. හැබැයි ඒක අමතක වීම නෙමෙයි. මග හැරීමක්. ‘ලතා මංගේශ්කාර්’ කියනවනේ ‘කසාද බඳින්න අමතක වුණා’ කියලා. ඒ නිසා අතිශය කාර්ය බහුලත්වය කාලකණ්ණි මගහැරීමක් කරනවා.

මේ කාලය ගැන මම කාරණා 2ක් මතක් කරන්න කැමැතියි.

1. මේ කාලයේ මත්තෙගොඩ ගෙදර හදන කොට අම්මටයි, අප්පච්චිටයි වෙන වෙන ම කාමර 2ක් හදනවා. මං ගාව ගෙනැල්ලා තියාගන්න. තවමත් මගේ ගෙදර ඒ කාමර දෙක තියෙනවා.

2. අම්මාට තරම් ම මම අදත් ගරු කරනවා බිබිලේ ඉන්න මගෙ ප්‍රේමා අක්කාට. එයා විවාහ වෙලා ඉන්නෙ ඇන්ටන් කෲස් මරියදාස කියන ද්‍රවිඩ වෛද්‍යවරයෙක් එක්ක. අක්කට මම ණයගැති වෙන්න හේතුව මගේ ඇල්ම බැල්ම තියෙන කාලයේ නෙමෙයි මට අම්මව මගහැරුණු කාලයේ අම්මව හොඳින් බලාගත්ත එක ගැන.

ඒ මඟහැරුණු කාලයේ ඒ කිව්වෙ අක්කා ගාව අම්මා හිටිය කාලේ හිටපු ගමන් අම්මා කඳුළක් හලල කියනවලු

”මට පොඩි එකා බලන්න යන්න ඕන” කියල.

අම්මා ගැන කියනකොට මට මතක් වෙන අනෙක් ලස්සන ම සිද්ධිය තමයි පොඩි කාලේ අපේ අම්මා අක්කලාටයි අයියලාටයි උගන්වන්න අම්මගෙ සාරි විකුණලා තියෙනවා. කුලී වැඩ කරලා තියෙනවා. කරාබු, මාල විකුණලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මම උපදිද්දී අම්මා කණකර ආයිත්තම් කිසිවක් නැති ගැහැනියක්. ඒ නිසා අම්මා හරි ආසාවෙන් හිටියා ‘අගස්ති මාලයක්’ පළඳින්න.

අම්මා කියනවා ‘පොඩි එකා කවදහරි ඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනැල්ලා දෙයි’ කියලා.

අගස්ති මාලය තමයි අම්මාගේ හිතේ අධිනිශ්චය වෙලා තිබුණේ. ඒ තුළ තිබුණේ අගස්ති මාලයක් ලබාගැනීම ම නෙමෙයි. ඌ හොඳට ඉගෙන ගනියි කියලා. අගස්ති මාලය තුළ මේ පැනනඟින්නේ අම්මා තුළ මා ගැන තිබූ විශ්වාසය. අනික අම්මා බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දඹදිව යන්න.

බිබිලේ අක්කා බැන්දේ කතෝලිකයෙක්. ඒ නිසා එයා නත්තලට වෑන් එකේ කොළඹ එනවා පල්ලියට. මේ ගමන් අම්මයි අක්කයි අයියයි අපේ ගෙදර එන නිසා මමත් ලෑස්ති වුණා අම්මට සැපදෙන්න. කට්ටිය දැන් කෙසෙල් කැන් අරගෙන මුං ඇට කැවුම් අරගෙන ආස්මී, කැවුම් අරගෙන එන්න ලෑස්තිය.

බිබිලේ අය මෙහේ එද්දි බිබිලේ ගේ බලාගන්න කවුරුත් නැති නිසා හපුතලේ කට්ටිය බිබිලෙ ගෙදරට එනවා ගේ බලාගන්න කියලා. වෑන් එකේ මෝටරේ බුෂ් ගිහින් කියලා අක්කයි අයියයි ගරාජයට ගිහින් තියෙනවා වාහනෙත් අරන් බුෂ් එක හදන් එන්න කියලා.

මේ නිසා හිටපු අනිත් අය අම්මට විහිළු කළා

”හූ, හූ, අපි කිව්වනේ අම්මව එක්කන් යන්නෙ නෑ කියලා. ඒ දෙන්නා තනියම ගියා.”

අම්මා හෙමිහිට නැගිටලා අතගගා ගිහිල්ලා බැලුවා. පහල වාහනේ නෑ. එකපාරටම අම්මගෙ මොළයේ නහරයක් පිපිරුවා.

එදා මම මහනුවර පන්ති. කැප්පෙටිපොළ ශාලාවේ. මම පන්ති ඉවර වෙලා පේරාදෙණියෙ මල්වත්ත පහුකරනවත් එක්ක ම මට දුරකතන ඇමතුමක් ලැබෙනවා. අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියලා. අසනීප වුණා කියපු ගමන් ම අවිඥානිකව මගේ හිතේ ඇතිවෙනවා අම්මා මැරුණා කියලා. මම ඒ වෙලාවෙම වාහනේ හරවගෙන බිබිලෙ යනවා. දහඅට වංගු පැනලා බිබිලෙට යද්දී එදා මධ්‍යම රාත්‍රිය විතර වෙනවා.

මම ගෙදර ගියා ම මම කිව්වා මට අම්මව බලන්න ඕන කියලා. කට්ටිය කිව්වා බෑ දැන් යන්න වෙන්නෙ නෑ හෙට උදේ තමයි ආයෙ ලෙඩ්ඩු බලන්න පුළුවන් කියලා. මම කොහොම හරි අම්මව බලනවයි කියලා හිතාගෙන තව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉස්පිරිතාලෙ තාප්පෙන් පැනලා ගියා වාට්ටුවට අම්මව බලන්න. ඒ වෙද්දි අම්මා හුස්ම ගන්නවා පේන්නේ නෑ. ඇස් වැහිලා. ඇඟ හොඳටෝම සීතල වෙලා. බෙහෙත් පොවන්නත් බෑ. හැබැයි හෘද ස්පන්දනය වැඩ කරනවා. අම්මා මැරුණේ නැති මළ මිනියක් වෙලා.

අනික් අය වටවෙලා ‘අම්මා’ ‘අම්මා’ කියලා කෑ ගහනවා. ඒත් අම්මා ඇස් ඇරලා බැලුවෙ නෑ. මම හෙමිහිට අම්මා ළඟට ගිහිල්ලා ‘අම්මා, අම්මා’ කියලා දෙපාරයි කතාකෙරුවෙ. අම්මගේ හෘද ස්පන්දනය එක පාර ම වැඩිවුණා. අම්මා හෙමින් සැරේ ඇස් ඇරලා යන්තම් අත උස්සලා මගේ අත අල්ල ගත්ත. මෘත දේහවලටත් දරුපෙම නිසා පණ එනව‘යි කියන කතාවත් ඇත්ත.

1997.12.26 දා ඒ කියන්නෙ ඊට පස්සෙ දවසෙ අම්මා මැරෙනවා. ඒ වෙද්දි අම්මට වයස අවුරුදු 81යි. අම්මට උප්පැන්නයක් නැති නිසා මං ඉපැදුණු වසරෙදි අම්මට 48යි කියන මතකයෙන් තමයි වයස හැදුවෙ.

අම්මව වළේ දානකං මම ගියේ නෑ අම්මගේ මෘත දේහය බලන්න. කොටින්ම කිව්වොත් මම අම්මගේ මෘත දේහය බලන්න ආසවුණේ නෑ. අම්මා පවුලේ වැඩිපුර ම ආදරේ මට කියන එක මම තහවුරු කරගත්තා අම්මා මැරෙන්න මොහොතකට පෙර හරි. මම කැමැති වුණේ නෑ අඬලා දුක්වෙලා ඒ මතකය නැතිකර ගන්න. ඒ නිසා මම අම්මගේ මෘත දේහය බැලුවෙ නෑ.

අම්මාට තාත්තාට ණය ගෙවන ක්‍රම තියෙනවා.

1. මානසික ලෙස

2. භෞතික ලෙස

මම මානසික ණය ගෙව්වා. ශිෂ්‍යත්වය පාස් වුණා. පොත් ලිව්වා. ‘සන්නස්ගල’ කියලා පත්තරේක තිබ්බත් ඒ මගේ පුතා කියලා සතුටු වෙන්න, ආඩම්බර වෙන්න පුළුවන්කම ඇති කළා. නමුත්, මට භෞතික ණය ගෙවන්න බැරිවුණා.

අම්මට අගස්ති මාලයක් අරන් දෙන්න මට බැරිවුණා. අම්මට අඳින්න සාරි ගෙනැත් දෙන්න අම්මව දඹදිව එක්ක යන්න මට බැරිවුණා. ඊට පස්සෙ කාලෙක මම ඉන්දියාවෙ ගියාම අගස්ති මාල 50ක් බෙදුවා. සාරි බෙදුවා. 2007 ජනානන්ද පිංකමේ දී ගමේ ගෑනුන්ට සාරි දුන්නා.

දෙමාපියො මැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙක හිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපා ඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි.

එතකොට තමයි හිතෙන්නෙ ‘ෂඞ මට මොකුත් කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ.

ආදරය, සෙනෙහස වගේ දේවල් කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේ පපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්න බෑ.

උපුල් ශාන්ත සන්නස්ගල

Pic Source