Pages

Wednesday, September 3, 2014

අග්නිදිග විශ්ව විද්‍යාලයේ භාෂා අයිතිය රැකදෙන්නැයි වාසුට අභියෝගයක්

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ භාෂා අයිතිය සුරක්ෂිත  කර දෙන මෙන් හෙළ බොදු සවිය සංවිධානය ඉල්ලා සිටී.

ජාතික භාෂා ඒකාබද්ධතා ඇමති වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් මෙසේ ඉල්ලා සිටී.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා
රාජ්‍ය භාෂා  හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය
අංක:40, බුත්ගමුව පාර,
රාජගිරිය.

ගරු ඇමතිතුමනි,

සමන්තුරේ පීඨ මණ්ඩල රැස්වීමේදී සිංහල භාෂාවෙන් අදහස් දැක්වීම තහනම් කරයි.

2014 අ‌ගෝස්තු මස 29 වෙනි සිකුරාදා දින දිවයින පුවත්පතේ සමන්තුරේ පීඨාධිපති පීඨමණ්ඩල රැස්වීමේ දී ජාතිවාදය වපුරයි යන ශිර්ෂපාඨය යටතේ ප්‍රවෘත්තියක් පළවී තිබිණි. අග්නිදිග විශ්ව විද්‍යාලයේ සමන්තුරේ ප්‍රායෝගික විද්‍යාපීඨාධිපති පීඨමණ්ඩල රැස්වීමේ දී එයට සහභාගි වූ ශිෂ්‍ය නියෝජිතයන් සිංහල බසින් අදහස් දැක්වීමට පීඨාධිපති විරෝධය පළකර ඇතුවා පමණක් නොව සිංහල බසින් අදහස් දැක්වීම ද තහනම් කරඇත. එහිදී ශිෂ්‍ය නියෝජිතයින් ඉංග්‍රීසී බසින් කරුණු පැහැදිලි කිරීමට නොහැකි බවත් මනා ලෙස කරුණු පැහැදිලි කළ හැක්කේ සිංහල බසින් බවත් ප්‍රකාශ කර සිටියද පීඨාධිපතිවරයා ඊට අවස්ථාව ලබාදී නොමැත. ඉහත ප්‍රවෘත්තියට අනුව පැහැදිලි ලෙසම පීඨාධිපතිවරයා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරඇත.

ඉහත සිදුවිමේ දි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (iv) වන පරිච්ඡේදය හා 22(2) හා 22(5)  ව්‍යවස්ථාව මෙමගින් උල්ලංඝනය කරඇත.

එබැවින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව ඕනෑම ස්ථානයක සිංහල භාෂාව භවිතා කළ හැකි බවත් එම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති බවත් වැටහි යන කරුණකි. එම නිසා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ භාෂා අයිතිය සුරක්ෂිත  කර දෙන මෙන්ද මෙම පිඨාධිපති සම්බන්ධයෙන් කරුණු දැනුවත් කර විමර්ෂනයක් කරන ලෙස රාජ්‍යභාෂා කොමිෂන් සභාවෙන් අප ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි !
බුදුගල ජිනවංස හිමි
සභාපති

පිටපත් -:
පීඨාධිපති අග්නිදිග විශ්ව විද්‍යාලය
ශිෂ්‍ය සංගමය අග්නිදිග විශ්ව විද්‍යාලය

http://lankacnews.com/sinhala/news/121370/

Pic Source

0 comments: