Pages

Tuesday, August 26, 2014

ඉස්ලාමික රාජ්‍යය සතුරන් මරමින් ඔවුන්ගේ බිරින්ඳන් සහ කතුන් වෙළඳාමේ - කුරාණයේ එසේ සඳහන්ද?

උතුරු ඉරාකයේ ප‍්‍රදේශ අත්පත් කරගෙන සිටින ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් විසින් ඉසාඩි කුර්දි ජාතික කාන්තාවන් ලිංගික වහළුන් ලෙස අලෙවි කරමින් ඇතැයි වාර්තා වේ.

කුර්දි තොරතුරු සේවා පවසන්නේ මැදපෙරදිග ගණිකා කර්මාන්තය සඳහා මෙම සුළුතර කුර්දි කාන්තාවන් අලෙවි කරමින් ඇති බවයි.

එක් කාන්තාවක් සඳහා ඉස්ලාමික රාජ්‍යය විසින් ඩොලර් 500 – 43000 අතර මුදලක් අය කරන බව හෙළිවී තිබේ.  කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් බලහත්කාරයෙන් විවාහ කරගැනීමට සටන්කාමීන් විසින් කටයුතු කර ඇති බව ප‍්‍රදේශවාසීන් පවසා ඇත.

සින්ජාර් නගරයෙන් පමණක් කාන්තාවන් 1200ක් පමණ අල්ලාගෙන ඇති අතර ඉසාඩි කුර්දි ජාතිකයින් මරා දමමින් මෙලෙස ඔවුන්ගේ කාන්තාවන් අත්පත් කරගන්නා බව පැවසේ.

ඉස්ලාමික රාජ්‍යය පවසන්නේ ඉසාඩි කුර්දි වරුන් යනු මිථ්‍යාදෘෂ්ටිකයින් බවයි.

දහස් ගණනක් සරණාගතයින් මේ වන විට රැකවරණ පතා අසල්වැසි සිරියාවට යමින් ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් එහි සහනාධාර ලබාදීමේ කටයුතු පුළුල් කරමින් ඇතැයි වාර්තා වේ.

සිරියාවේ නිව්රොස් කඳවුරේ පමණක් මේ වන විට රැඳී සිටින ඉසාඩිවරුන් ප‍්‍රමාණය 15000ක් පමණ වෙතැයි පැවසේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත කටයුතු පිළිබඳ කොමසාරිස් ඇන්ටෝනියෝ ගුටිරේස් පවසා ඇත්තේ තත්වය වඩා වේගයෙන් උත්සන්න වෙමින් ඇති බවයි.

සිරියානු ප‍්‍රජාවන් විසින් මෙම සරණාගත පිරිස් වෙත අනුග‍්‍රහය දක්වන බවද වාර්තා වී තිබේ.


Pic Source

0 comments: