රජිව් ගාන්ධි වාසය කළේ දිල්ලියේ අංක 10 ජන්පාත් නිවසේය. වර්තමානයේ රජිව්ගේ වැන්දඹු බිරිය එනම් කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි වාසය කරන්නේද මෙම නිවසේය. හිටපු අගමැතිවරයාගේ ලේකම්වරයකු වූ ආර්. ඩී. ප්‍රධාන් පසුගියදා My Years with Rajiv and Sonia මැයෙන් ග්‍රන්ථයක් නිකුත් කළේය. ප්‍රධාන් මෙම ග්‍රන්ථය මගින් හෙළිකර ඇති එක් කරුණක් වන්නේ ජන්පාත් නිවසේ එල්.ටී.ටී.ඊ. ඔත්තුකරුවකු සිට ඇති බවයි. මෙය බරපතළ කාරණයකි. සෝනියා ගාන්ධි තුළ ද මේ සැකය තිබූ බව ප්‍රධාන් සිය ග්‍රන්ථය මගින් හෙළිකර ඇත. එල්.ටී.ටී.ඊ. ඔත්තුකරුවකු ජන්පාත් නිවසට ගියේ කෙසේද? කවරක් නමුත් අවසානයේ රජිව් ගාන්ධි එල්.ටී.ටී.ඊ. බෝම්බකාරියකට ගොදුරු විය.
ප්‍රධාන්ගේ ග්‍රන්ථය එතරම් විවාදයට පත් නොවුවද 83 හැවිරිදි ඉන්දීය හිටපු විදේශ අමාත්‍ය නට්‌වාර් සිං විසින් රචනා කළ One life is not Enough ග්‍රන්ථය ඉන්දියාවේ මහත් ආන්දොලනයට තුඩුදී ඇත. නට්‌වාර් සින් යනු ගාන්ධි පවුලේ හිතවතෙකි. මේ ග්‍රන්ථය නට්‌වාර් සින්ගේ ජීවිත කථාවය. එහි රජිව් ගාන්ධි හා සෝනියා ගාන්ධි ගැන හෙළිකර ඇති කරුණු බෙහෙවින් ආන්දොලනාත්මකය. අපට මේ ග්‍රන්ථය වැදගත් වන්නේ කවර හේතුව නිසාද? එහි 1987 දී සිදුකළ ඉන්දීය මැදිහත්වීම ගැන කරුණු හෙළිකර ඇති නිසාය.
1987 ජූලි මස 29 වැනි බදාදා දිනයේ පෙ.ව. 10.30 ට රජිව් ගාන්ධි හා සෝනියා ගාන්ධි මෙරටට ගොඩ බසිනවිට රටපුරා ඇඳිරි නීතිය පනවා තිබිණි. ජූලි 28 වැනිදා පිටකොටුව බෝගහ අසළ පැවැති සත්‍යග්‍රහයට පොලිසිය වෙඩි තැබීම නිසා කොළඹ උණුසුම් විය. කවරක් නමුත් රජිව් හා ජනපති ජයවර්ධන කොටුවේ ජනාධිපති මන්දිරයේ දී පස්‌වරු 3.30 ට ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්පසු ජනපති මන්දිරයේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයකටද සහභාගි විය.
මේ අතීත කතාව අප සිහිපත් කළේ මන්ද? නට්‌වාර් සින් සිය ග්‍රන්ථය එළිදැක්‌වීමෙන් පසුව ඉන්දියා ටුඩේ සඟරාවේ කර්තෘ කරන් තාපර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් ප්‍රකාශ කළේ කවරක්‌ද? රජිව් ගාන්ධි ශ්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කළ ප්‍රතිපත්ති නිසාම ඔහුගේ මරණය සිදුවූ බවය. මෙය සම්පූර්ණ ඇත්තකි. එය ඉන්දීය දේශපාලකයකු විසින්ම ප්‍රකාශයට පත් කිරීම ඉතා වැදගත්ය. රජීව් ගාන්ධි ප්‍රභාකරන්ව විශ්වාස කළ නමුත් ප්‍රභාකරන් ඉන්දීය අගමැතිවරයා මුලාවට පත්කළ බව මේ වයෝවෘද්ධ දේශපාලකයා කියයි.
1987 ජූලි මස 29 වැනිදා රාත්‍රියේදී කොටුවේ ජනපති මන්දිරයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව අප ඉහතින් සඳහන් කළෙමු. එහිදී රජිව් ගාන්ධිට ලංවූ ජනපති ජයවර්ධන පවසන්න ඇත්තේ තමාට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බවට බලවත් සැකයක් පවතින බවය. එහිදී රජිව් ගාන්ධි වහාම ඉන්දීය හමුදා යාපනයට එවීමට තීරණය කළේය. නට්‌වාර් සින් පවසන්නේ ඉන්දීය කැබිනට් මණ්‌ඩලය හෝ දැනුවත් නොකළ රජිව් කෙලින්ම හමුදාව යාපනයට එවූ බවය. ඉන්දීය හමුදාව කිසිම දැනුවත් භාවයකින් තොරව මේ දිවයිනට ගොඩබසිනු ලැබූ බවත් කොටි කඳවුරු කොහේ තිබෙන්නේද පවා නොදැන සිටි බවත් නට්‌වාර් සින් සිය සම්මුඛ සාකච්ඡාවේදී හෙළිකර ඇත. යාපනයට පරිප්පු දැමීමද රජිව්ගේ හිතුවක්‌කාරි වැඩපිළිවෙලක් බව මොහු හෙළිකර ඇත.
1987 ජූලි 30 වැනිදා රජිව් නවදිල්ලිය බලා ගියේ නාවික සෙබළකුගේ රයිෆල් ප්‍රහාරයටද ලක්‌වීමෙනි. නවදිල්ලි ගුවන්තොටුපළේ දී වාර්තාකරුවන් ඇමතු හෙතෙම "ආචාර පෙළපාලිය පරීක්‍ෂා කරමින් ගමන් කරද්දී එක් භටයෙක් පසුකරනවාත් සමඟ ඒ භටයා ඔහුගේ රයිෆලය හරවා මගේ උරහිසටත් හිසටත් පහර දුන්නා" යනුවෙනි. කෙසේ නමුත් දිල්ලි ගුවන්තොටුපළට රජිව් ආධාරකරුවෝ තුන්දහසක් පමණ පැමිණ සිටි අතර ගාන්ධි දිගුකල් දිනේවා යනුවෙන් ඔවුහු කෑ ගැසූහ. ජනපති ජයවර්ධන රාජ්‍යත්‍රාන්ත්‍රික ලෙස නිර්භීතව ක්‍රියාකළ බව මෙහිදී රජිව් ප්‍රකාශ කළ බව රොයිටර් වාර්තාවක දැක්‌විණි. ඉන්දියානු මැදිහත්වීම නිසා රට ගිනිගෙන තිබූ නිසාම 87 වර්ෂයේ ඇසළ පෙරහැර මංගල්‍යයද අවලංගු කෙරිණි.
රජිව් ගාන්ධි දිගුකල් දිනේවා යෑයි ආධාරකරවෝ කෑගැසුවද රජිව්ට ජීවත්වෙන්නට ලැබුණේ තව අවුරුදු හතරක් පමණි. 1991 මැයි මාසයේදී හෙතෙම ඝාතනයට ලක්‌විය. නට්‌වාර් සින් රජිව්ගේ වැරදි තීරණ ගැන ප්‍රකාශ කරන අතරතුරදීම 2004 දී සෝනියා ගාන්ධි අගමැති නොවූවේ මන්දැයි යන්නත් හෙළිකර ඇත. මෙහිදී සෝනියා අගමැතිකම භාරගැනීම පිළිබඳව බරපතළ ලෙස එරෙහිවී ඇත්තේ රාහුල් ගාන්ධිය. ඔහු පවසා ඇත්තේ තම පියාත් මිත්තනියත් අගමැති ධුරය දරද්දී ඝාතනය වූ නිසා එම ඉරණම තම මවට අත්වීමට ඉඩදිය යුතු නැති බවය. පුතාගේ බලපෑම නිසා සෝනියා අගමැති පුටුව අත්හැර එය සික් ජාතික මන්මෝහන් සිංට පැවරුවාය.
එදා රජිව් ගාන්ධිගේ බලපෑම නොවන්නට නම් වඩමාරච්චි මෙහෙයුමෙන්ම ප්‍රභාකරන් විනාශ වන්නට ඉඩ තිබිණි. නමුත් ඉන්දිරා ගාන්ධිගේ පුත්‍රයාට ලැබුණු දේශපාලන උපදෙස් ඔහුගේම මරණය ළං කරන්නක් විය. 87 දී රජිව් ගාන්ධි සමඟ ලංකාවට පැමිණි දූත පිරිසේ සාමාජිකයෙක් ලෙස නට්‌වාර් සින් කටයුතු කළේය. ඔහු ජනපති ජයවර්ධනගේ රාත්‍රි භෝජන සංග්‍රහයටද සහභාගි විය. රජිව් ගාන්ධිට වැරදි උපදෙස් ලබාදුන් තිදෙනකු සිටින බව ප්‍රකාශ කර ඇති මේ හිටපු විදේශ අමාත්‍යවරයා එහි දෙදෙනෙකු මියගොස් ඇති නිසා ඔවුනගේ නම් පමණක් හෙළිකර ඇත. මේ නම් හෙළිකළ දෙදෙනා වන්නේ ගෝපි ආරෝරා හා අරුන් නේරුය.
නට්‌වාර් සින් සෝනියා ගාන්ධිගේ හිතෛෂිවන්තයෙකි. තානාපති නිලධාරියකු වශයෙන් කටයුතු කළ හෙතෙම එම වෘත්තියෙන් ඉල්ලා අස්‌වන්නේ දේශපාලනයට පිවිසීම සඳහාය. කෙසේ නමුත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක කරන තෙල් වෙනුවෙන් ආහාර නම් වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ චෝදනාව නිසා මොහුට 2006 දී සිය විදේශ ඇමැතිධුරය හැර යන්නට සිදුවේ.
කවරක් නමුත් සෝනියා ගාන්ධි මෙන්ම හිටපු අගමැති මන්මෝහන් සින් ද මේ පොත පිළිබඳව සිය අප්‍රසාදය පළකර ඇත. විශේෂයෙන්ම නට්‌වාර් සින් මේ ග්‍රන්ථයේ දී අගමැති කාර්යාලයට යෑවෙන ලිපි ලේඛන සෝනියා ගාන්ධි වෙතද ගෙනඑන බව සටහන් කර ඇත. ඒ අනුව ඇත්තෙන්ම අගමැති ලෙස කටයුතු කළේ මන්මෝහන් සින්ද නැතිනම් සෝනියා ගාන්ධි ද යන ප්‍රශ්නය මතුවේ. සෝනියා ගාන්ධි ඒකාධිපතිනියක ලෙස කටයුතු කළ බව මෙම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. නට්‌වාර් සින් සෝනියාගේ ක්‍රියා කලාපය හඳුන්වා දෙන්නේ සංගීත ඔපෙරාවක නායිකාව ලෙස කටයුතු කළ තැනැත්තියක ලෙසය. ඇත්තෙන්ම මෙවැනි කරුණු හෙළි කිරීම පිළිබඳව මන්මෝහන් සේම සෝනියා ගාන්ධි ද සතුටු වන්නේ නැත. එම කරුණු ඔවුනගේ ආත්ම ගරුත්වයටද කැළලක් වන නිසාය. ඉන්දීය මාධ්‍යවල මෙම පොතට පක්‍ෂව මෙන්ම විපක්‍ෂවද මත පළවේ. අතෘප්තියට පත්වූ දේශපාලකයකුගේ හිස් ප්‍රලාපයක් ලෙසද මෙය සමහරු හඳුන්වා දෙති. කවරක් වෙතත් නට්‌වාර් සින් 1987 දී රජිව් ගාන්ධි ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට මැදිහත් වී කළ අමනකම් විවේචනය කිරීම නම් ඉතා වැදගත්ය. ඒ පිළිබඳව මේ හිටපු දේශපාලකයාට අප ස්‌තූතිය පළකළ යුතුය.
චතුර පමුණුව
http://www.divaina.com/2014/08/10/politics02.html

0 comments:
Post a Comment