නියඟය රටේ සමස්‌ත වියළි කලාපයම ගිල ගෙන තිබේ. එහි දිස්‌ත්‍රික්‌ක 14 ක වැව් - අමුණුවල දැන් තැන්පත්ව ඇති ජල පරිමාව සියයට 15 කටත් වඩා මඳක් අඩුය. ඒ 10% - 15% අතර ප්‍රමාණයකි. නොහොත් මේ ඉතිරිව ඇත්තේ රොන්මඩ මිශ්‍රිත මඩ වතුර ප්‍රමාණයකි. වෙන විදිහකට කියන්නේ නම් කැඩ්මියම් ආසනික් වැනි බැර ලෝහ සාන්ද්‍ර වූ ජල පරිමාවකි.
මෙය දැඩි ආපදා තත්ත්වයකි. එය රාජ්‍ය බලධාරීන් පිළිගන්නේද? යන්න වෙනම ප්‍රශ්නයකි. එහෙත් මෙහි ඇති බරපතළම ෙ€දවාචකය වන්නේ හදිසි කැළඹිලි තත්ත්වයකින් රටට වැසි ලැබුණොත් නොවන්නට වැහි කාල සටහනට අනුව නම් අගෝස්‌තු - සැප්තැම්බර් මාස වලද ඔක්‌තෝබරයේ තවත් දින 15 ක්‌ද වියළි කලාපයට වැසි නොලැබීමය. තවත් මාස දෙකක් වැස්‌සක් නැතිව දිවි ගෙවීම මොනතරම් ෙ€දවාචකයක්‌ද යන්න අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට හෝ එතැනින් එහා ඕනෑම ප්‍රදේශයකට ගොස් දැක බලා ගත හැකිය.
එහෙත් සත්‍යය මෙය නොවේ... මෙම මාස් කන්නයේදී වැසිඵල ප්‍රමාද වුවහොත් හෝ ගියවර මෙන් නොලැබුණහොත් රටට කුමක් වේද යන්නය. ආපදා කළමනාකරණයට මේ ගැන බොහෝ දුර හිතන්නට සිදුවේ. ආපදා කළමනාකරණයට මේ ගැන හිතන්නට තිබුණේ අද ඊයේ සිට නොවේ. පසුගිය 2013-2014 මහ කන්නය වගා කර ගැනීමට තරම් වැසි නොලැබී වැව් - අමුණු පිරී ඉතිරී නොගිය විටය. මෙම නියඟයේ පෙර නිමිති පහළ වූයේ පසුගිය ජනවාරි මාසයේ සිටය. එතැන් සිට වෙනදා වියළි කලාපයට වැහිඵල ගෙන එන යල් වැසි, කල වැසි කිසිවක් මේ වසරේ ලැබී නැත. ඉදිරි මාස දෙකේදීත් වැසි නොලැබෙන්නේ නම් අපට කියන්නට ඇත්තේ රටට දෙවියන්ගේ පිහිටයි යනුවෙනි.
මේ මහා දුර්භික්‍ෂ සමයකි. කොළඹට වැසි වහින නිසා කුරුඳුවත්තේ නෝනා - මහත්වරුන්ට මේ දුර්භික්‍ෂයේ තරම නොතේරේ. රටේ සිදුවන හොර, මැර, වංචා, දූෂණ, කොමිස් ගැහිලි, බාල අපරාධවල ශාපය මෙසේ දුර්භික්‍ෂයක්‌ව බලපාන බව මේ අතර කෙනෙකුට තර්ක කළ හැකිය. ඊට ඌනපූර්ණ සැපයීම මේ ලිපියේ අරමුණ නොවේ. එහෙත්, එය අසත්‍යයක් වීමටද ඉඩ නැත. දැන් අපට එළැඹ තිබෙන්නේ වතුර ඉල්ලා දෙවියන් බුදුන් යදින කාල සීමාවකි. දළදා හාමුදුරුවන්ගෙන්ද, ජය ශ්‍රී මා බෝ හාමුදුරුවන්ගෙන්ද, තවත් තිස් තුන් කෝටියක දෙවිවරුන්ගෙන්ද වැහි ඵල ඉල්ලා පුද පූජා තබන්නට දැන් අපට හොඳටෝමත් කාලය උදාවී ඇත. එවන් දුර්භික්‍ෂයකින් රජරට ඇතුළු සමස්‌ත වියළි කලාපයම පෙළේ.
වාරිමාර්ග අංශ කියන පරිදි ඉදිරි මාස දෙකකට සෑහෙන ජල පරිමාවක්‌වත් වැව් - අමුණුවල නැත. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ඉතිරිව ඇති සමස්‌ත වාරි ජල පරිමාව 8% දක්‌වා පහළ බැස ඇත. ඒ අතර බහු ජාතික කෙසෙල් වගා සමාගම් තම විශාල වතුවලට වතුර සොරාගත් බවටද තොරතුරු ලැබී තිබේ.
අම්පාර 10%, අනුරාධපුර 19%, මඩකලපුව 16%, මාතලේ 14%, මොනරාගල 17%, ත්‍රිකුණාමලය 10%, වව්නියාව 13%, මන්නාරම 20%, කුරුණෑගල 22%, පොළොන්නරුව 23%, බදුල්ල 48%, මාතර 59%, පුත්තලම 39% වශයෙන් ජලාශ, වැව්, අමුණුවල ජල මට්‌ටම් වාර්තා වන බව පසුගිය 06 වැනිදා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය එදිනම සඳහන් කළේ මහවැලි ජලාශවලද ජල මට්‌ටම සැලකිය යුතු ලෙස අඩුවී ඇති නමුත් යල් කන්නයේ දැනට සිදුකර ඇති වගාවන් සඳහා ජලය නිකුත් කළ හැකි බවකි. මෙම යල් කන්නයේ මහවැලි වගාබිම් ප්‍රමාණය සියයට 50 කින් එනම් හරි අඩකින් අඩු කරන්නට සිදු වූ බවද පවසන එම ලේකම් කාර්යාලය කියා සිටින්නේ උඩවලව ජලාශය දැනටමත් වගා කටයුතු සඳහා ජලය ලබාදීමේ අර්බුදයකට මුහුණ පා ඇති බවයි.
දැනටමත් රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතාව සියයට 2 ක් දක්‌වා අන්තයටම වැටී ඇති බව පවසන ලේකම් කාර්යාලය කොත්මලේ 86%, වික්‌ටෝරියා 35%, මාදුරුඔය 17%, උල්හිටිය 60%, කලාවැව 32%, උඩවලව 13% ලෙස ජලාශවල ජලය ඇති නමුත් ඉන් පහළ ජලාශ හා වැව් අමුණුවලට ජලය ලබා දෙන්නේ එම ජලය කළමනාකරණයෙන් බව පෙන්වා දෙයි. මේ මස 15 වැනිදායින් පසු යල් කන්නය අවසන් වන බැවින්, ඉහත ජලාශවලින් මහවැලි ජලය ලැබෙන කුඩා ජලාශ වැව් අමුණු වෙත බීමට පමණක් ජල සංචිත ලබාදී ඉදිරි මහ කන්නයේ ජල සංරක්‍ෂණය වෙනුවෙන් මහවැලි වාරිමාර්ග පද්ධතියේ ප්‍රතිසංස්‌කරණ ඇරඹීම සඳහා ජලය බෙදාහැරීම සීමා කරන බවද ඔවුන් සඳහන් කරයි. එනම්, ඉදිරි මාස දෙකක කාලය තවදුරටත් ජල පරිභෝජනයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බවට පත්වේ.
මෙම නියං තත්ත්වය තුළ දැනටමත් රටේ වියළි කලාපීය කෘෂිකාර්මික කටයුතු සියයට අනූවක් දක්‌වා බිඳවැටීමකට ලක්‌ව ඇතැයි වාර්තා වේ.
මහ කන්නයේ වැසි නොලැබීම නිසා වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ පමණක් අක්‌කර ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක කුඹුරු වගා නොකෙරුණි. අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, අම්පාර වැනි ප්‍රධාන වී වගා දිස්‌ත්‍රික්‌කවල අක්‌කර ලක්‍ෂ ගණනාවක කුඹුරු පාළු වී ඇත. මේ වන විට කන්න දෙකක් පාළු වී එම කන්න දෙකේ අස්‌වනු රටට ලැබී නැති අතර මීළඟ ගැටලුව වන්නේ 2014 - 2015 මාස් කන්නයේ වගා කටයුතු ද නියත වශයෙන්ම කල් යැමයි. මන්ද මීළඟ මාස් කන්නයේ පොළොව (බිම්) සැකසුම් කටයුතු සඳහා සැලකිය යුතු ජල පරිමාවක් අවශ්‍ය වේ. මඩ ඉඩම් සඳහා මෙය විශේෂ වේ. එහෙත් මහවැලි ජලය සේම වාරි ජලය සැපයෙන වාරිමාර්ග අංශවල ජල පහසුකම්ද, අහස් දියෙන් කෙරෙන වගා කටයුතුද විශාල බිඳවැටීමකට ලක්‌වීමය. මේ අනුව බලන කල වගා කන්න තුනක අස්‌වනු නිෂ්පාදනය සම්බන්ධ බරපතළ කඩාවැටීමක් සිදුවනු ඇත. මෙම ප්‍රවෘත්තිය ආනයන වෙළෙ¹ම සම්බන්ධ දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට, කොමිස් කාක්‌කන්ට, "ඉබ්බා දියේ දැම්මාක්" වැනි කතාවකි.
එහෙත්, රටේ සමස්‌ත කෘෂිකර්මාන්තය කඩාවැටීම බරපතළ ෙ€දවාචකයකි. වර්තමානයේ අපට සිදුව තිබෙන්නේ වගා කටයුතු පිළිබඳව කතා කොහොමත් පසෙකලා දැන් පානීය ජලය ගැන කතා කිරීමටය. මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස ගැනෙන බීම, නෑම සහ රෙදි සේදීම ඇතුළු එදිනෙදා කටයුතු සියල්ලක් අද නියඟය විසින් ගිලගෙන තිබේ.
වියළි කලාපයේ ප්‍රධාන ජල මූලාශ්‍ර වන වැව් අති බහුතරයක් සිඳී ගොස් ඇති නිසා ජල බිඳක් වෙනුවෙන් වැව් පතුල් හාරා බීමට ජලය එකතු කරනු අද එම ප්‍රදේශවල සාමාන්‍ය දර්ශනයකි. නෑමට භාවිත කරන්නේ ගවයන්ද ලැග සිටින අව්වට කැකෑරුණු වැව් ජලයමය. බීමට බවුසර් මගින් ජලය සැපයුණද ඒ සඳහා ක්‍රමානුකූල යාන්ත්‍රණයක් නැත. දිනපතා පානීය ජලය ලබාදෙනු වෙනුවට ඇතැම් පළාත්වලට ජලය ලැබෙන්නේ
සතියකට සැරයක් බවට රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා මෙන්ම ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට චෝදනා කරයි.
මේ රටේ ආපදා කළමනාකරණය තනිකරම විකාරයකි. ආපදා පිළිබඳ ඔවුන්ට නිවැරදි දැක්‌මක් ඇත්දැයි සැකයකි. හැමදාමත් ආපදා කළමනාකරණය, සහන සැලසීම ගැන ඔවුන් කතා කරන්නේ යම් ආපදාවක කරවටක් ගිලුණු පසුවය. පෙරකී පරිදි මෙවර නියඟයට සැලසුම් ක්‍රියාත්මක කිරීම ඇරඹිය යුතුව තිබුණේ වැව් පිරී ඉතිරි නොගිය පසුගිය මහකන්නයේදීය. දැන් ඔවුන් ජනතාවට වතුර බෙදන්නට බවුසර් සොයයි. බවුසර් නැතිනම් මිලදී ගන්නා බව කියයි. අපූරුය. තවත් කොමිස් කුට්‌ටි පිටින් ගිලගත හැකිය. එහෙත් ජල අර්බුදයේ සැබෑව නම් වෙනත් දෙයකි. මහ කන්නයේ වැසි නොලැබුණාට ආණ්‌ඩුවට බණින එක අසාධාරණයක් බව සැබෑය. එහෙත් රජරට ඇතුළු සමස්‌ත වියළි කලාපයේ ඇති වැව් අමුණු සියල්ලම පාහේ දැන් ගොඩවී ඇත. ආක්‍රමණික පැළෑටිවලින් පිරී ගොසිනි. ජල ධාරිතාව ඉතා විශාල ලෙස අඩුවී ඇත. ඇතැම් වැව් ගොඩබිම් සේය. තණ පිට්‌ටනි ලෙස දිස්‌වේ. ජපන් ජබර, සැල්වීනියා, ඕලු, නෙලුම් ආදියෙන් පිරී ගොඩවී ඇති වැව්වල ජලධාරිතාව වැඩි නොකර ජලය අඩුවන විට වැව්වල ජල ප්‍රතිශත ගණනය කිරීමත් වැසි ඇද වැටී වාන් දමන විට සතුටින් ඉපිල යැමත් 'මෝඩ චූන්' ගැනීමකි. සැබැවින්ම කළ යුත්තේ සියලු අවශ්‍යතාවන් සඳහා යොදා ගන්නා වැව්වල ජල ධාරිතාව වැඩිකිරීමට වහාම පියවර ගැනීමය. ඒ සඳහා මේ නියං සමය කදිමට ගැලපේ. දැනටමත් වැව් ප්‍රතිසංස්‌කරණය සඳහා රජය මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි දැනගන්නට ඇත.
වැව් පද්ධතිය පිළිසකර කර වැඩි ජල ධාරිතාවක් සඳහා සූදානම් කරන අතරේ විශේෂයෙන්ම වියළි කලාපයේ පානීය ජල අර්බුදය විසඳීමට දැවැන්ත හා ඉක්‌මන් පියවරක් ගැනීම රජයේ විශාල වගකීමකි. පානීය ජල අර්බුදය මතුව ඇති අද වැනි දිනෙක එය පැහැදිලිව වැටහේ. දැන් එහි ජනතාව ඉල්ලන්නේ වගා කරන්නට ජලය නොවේ. පානීය ජලයයි.
වියළි කලාපයේ පානීය ජල අර්බුදය විසඳීමට සාර්ථක විසඳුමක් ලබාදුන් අවසන් රාජ්‍ය නායකයා ආර්. ප්‍රේමදාස මහතාය. ඔහු වියළි කලාපයේ සෑම දිස්‌ත්‍රික්‌කයකම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පාහේ නළ ළිං ඉදි කළේය. එක්‌සත් ජාතීන්ගේ යුනිසෙµa වැනි අරමුදල් මගින් හා වෙනත් ආයතන සමග එක්‌ව ඔහු එම කටයුත්ත සම්පූර්ණ කළද, අද එවන් බහුතර නළ ළිං ප්‍රමාණයක් අමතර කොටස් නැතිව අලුත්වැඩියා නොකර අතහැර දමා තිබීම ෙ€දවාචකයකි.
පසුගිය කාලයේ වව්නියාව, මන්නාරම, හම්බන්තොට, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හඳුන්වා දුන් වැසි දිය එක්‌රැස් කිරීමේ ටැංකිද පානීය ජල අර්බුදයට යම්තාක් විසඳුමකි. වැසිදිය රැස් කරන්නන්ගේ සංසදය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඒ සඳහා පෙරමුණ ගෙන තිබෙන අතර දැනටමත් එවන් ක්‍රියාකාරී පානීය වැසි දිය ටැංකි 40000 ක් වියළි කලාපයේ ස්‌ථාපිත කර තිබේ. "වැසි දිය එක්‌රැස් කරන්නන්ගේ සංසදය" මගින් පමණක් ඉදිකර ඇති ටැංකි ප්‍රමාණය 6000 කි. වව්නියාවේ බොහෝ පාසල්වලට පානීය ජලය ලබාදෙන්නේ ද ඒ මගිනි.
භූගත ජලය, වැසිදිය, සාමාන්‍ය ළිං, වැව්, අමුණු, ගංගා ඇළ දොළ හැරෙන්නට මීළඟට ජලය ජනතාවට ලැබෙන්නේ මහා පරිමාණ නූතන ජලාශ මගිනි. එවන් ජලාශවල ඇති ජල මට්‌ටම් ගැනද ඉහත දක්‌වා ඇත. ප්‍රධාන ගංගා හරස් කර හෝ හරවා තැනෙන මෙවන් ජලාශවල තත්ත්වයද අද යහපත් සේ කතා කළ නොහැකිය. උදාහරණයක් සේ ගතහොත් වික්‌ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ සංකීර්ණය අද උපරිම ජලධාරිතාව රඳා ගැනීමට අපොහොසත් වී ඇත. ඒ රොන්මඩ පිරීම හේතුවෙනි. රන් ටැඹේ ජලාශය පමණක් 65% කින් පමණ රොන් මඩෙන් පිරී ඇතැයි ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය කළ පරීක්‍ෂණයකදී හෙළිදරව් වී තිබිණි. අනෙකුත් ජලාශ ගත්තද 20% - 50% දක්‌වා රොන්මඩ තැන්පත්වීම්වලට ලක්‌ව තිබේ. ජලාශ පිරී වාන් දමන විට 'මෝඩ චූන්' නොගන්නැයි අප මෙරට බලධාරීන්ට කියන්නේ ඒ නිසාය. මෙම ජලාශ යථා තත්ත්වයට පත් කිරීමද, වර්තමානයේ තැනෙන උමාඔය, යාන්ඔය, දැදුරුඔය, මොරගහකන්ද, කළුගඟ වැනි ව්‍යාපෘතිවලදී පෙර කළ වැරදි නොකර අතීත හා නූතන පස් සංරක්‍ෂණ ක්‍රමවේද භාවිතයට ගැනීම වැදගත් වන්නේ ඒ නිසාය.
එහෙත් පුදුමයක තරම! මොරගහකන්ද ජලාශයට ජලය ගෙනඑන කළුගඟ, සුදු ගඟ ඇතුළු (අඹන්ගඟ) ජල මූලාශ්‍ර පවතින දුම්බර කළුපහන කන්දේ කැලෑව ඉවත්කර රජයේ අමන බලධාරීන් එනසාල් වතු ඇරඹීමට සූදානම් වේ.
ජලය තරම් වටිනා තවත් දෙයක් මේ ලෝකයේ නැති තරම්ය. අභ්‍යවකාශ යානා සඳ තරු, අඟහරු තරණය කරවන්නේත් වතුර සොයාය. එහෙත් විශේෂයෙන් ලංකාවාසී බලධාරීන්ට අද ජලයේ වටිනාකම හරිහැටි නොතේරෙන බව පෙනේ. ජල කළමනාකරණයක් අවශ්‍ය වන්නේ එය මුදලට විකිණීමට නොවේ. ජීවයේ මූලික අවශ්‍යතාව ලෙස එය මිහිමත ජීවත්වන මිනිසාට ද, ගහකොළට ද වනසතුන්ට ද නොමිලේ ලබාගනු පිණිසය. වර්තමානයේ මිනිසුන්ගේ ජල අවශ්‍යතාව ගැන කතා කළත් වන සතුන්ගේ ජල අවශ්‍යතාව ගැන කතා නොකරන තරම්ය. නමුත් ජීවයක් ඇති සැමටම ජලය ලැබීම අත්‍යවශ්‍ය බව වටහා ගැනීම වැදගත්ය.
ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/08/10/feature16.html

0 comments:
Post a Comment