Pages

Tuesday, August 12, 2014

ආණ්‌ඩුවේ ඇමැති ධුර දරමින් බුද්ධ චීවරයට ගරහන අයට නිසි ක්‍රියාවක්‌ නොකළහොත් එය වත්මන් ආණ්‌ඩුවේ අවසානයයි - ඥානසාර හිමි

ආණ්‌ඩුවේ ඇමැති ධුර දරමින් බුද්ධ චීවරයට ගරහන සුනඛයින්ව බැඳ දැමීමට ආණ්‌ඩුව වහා ක්‍රියා නොකළහොත් එය වත්මන් ආණ්‌ඩුවේ අවසානය බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

එසේ නොවන්නේ නම් දිනන්නේ කවුරුන්දැයි බලමුදැයි අභියෝග කළ උන්වහන්සේ රජුන් තනන්නන්ගේ පාළම දැන් ඇත්තේ සිය සංවිධානය අත බව ද පැවැසූහ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පෙරේදා (07 වැනිදා) එම අදහස්‌ පළකළේ "බෞද්ධ විරෝධි මෙහෙයුමට එරෙහිව නූතන සිංහල භික්‌ෂු වංශයේ පුනරාගමනය" මැයෙන් එම සංවිධානය විසින් සංවිධාන කළ නියෝජිත සඟ සමුළුව කොළඹ බෞද්ධ මහා සම්මේලන මූලස්‌ථානයේ පැවැති අවස්‌ථාවේදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙසේද පැවැසූහ.

සතර දිගින් එන බලවේග රට, දැය සමය කොල්ලකමින් සිටිනවා. අපව සංස්‌කෘතිමය වශයෙන් ඝාතනය කිරීමට රට තුළ ආගමික සංවිධාන හාරසීයක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් ඉතින් අප ඉවසුවා හොඳටම ඇති.

බෞද්ධයන් ආරක්‌ෂා කිරීමට ආණ්‌ඩුව කිසිවක්‌ කරන්නේ නැහැ. නිදහසින් පසු කිසිදු ආණ්‌ඩුවක්‌ ඒ දේ කළේ නැහැ. නමුත් අප වත්මන් ආණ්‌ඩුවෙන් ඒ දේ බලාපොරොත්තු වුණා. කනගාටුවට කාරණය මේ ආණ්‌ඩුව එම වගකීම කර ඇරීමයි.

අපට "කාගේවත් න්‍යාය පත්‍ර නැහැ. අප ලබන සැප්තැම්බර් තෙවන සතියේ හාමුදුරුවන් වහන්සේ තුන් දහසක්‌ කොළඹට ගෙනැවිත් දැවැන්ත සඟ සමුළුවක්‌ පවත්වනවා. එහිදී ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු තීරණ රැසක්‌ ගන්නවා.

අපි කොන්ද කඩා ගත්තොත් අපේ ඊළඟ පරම්පරාවට කොන්දක්‌ නැති වෙනවා. මේ රටට දැන් ජාතික නායකත්වයක්‌ අවශ්‍යයි. රටට ඕනෑ රාජ්‍ය නොවන සල්ලිවලින් බලයට එන පොදු අපේක්‌ෂකයකු නොවෙයි. 


පන්සල් දාහක්‌ හදනවාට වඩා, චෛත්‍ය දාහක්‌ හදනවාට වඩා, බෝපැළ දාහක්‌ රෝපණය කරනවාට වඩා එක අරමුණක්‌ වෙනුවෙන් පෙනී සිට බෞද්ධ ආගම රැක ගැනීම වැදගත් යෑයි අප කල්පනා කරනවා.

88 -89 දී තරුණයන් මරාපු, කොටි හුරතල් කරපු වත්මන් රජයේ ඇමැතිවරයෙක්‌ අපත් සමඟ හැප්පෙන්න එනවා. අපි කාටවත් බය නැහැ. බුද්ධ චීවරයට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.

අප ඕනෑම අයෙකුට කරපු චෝදනා ඔප්පු කරන්න සූදානම්. ඒ ඔවුන් අපට කළ චෝදනා ඔප්පු කළ පසුයි.

මෙහිදී මුලසුන අනුශාසනාව කළ බොදු බල සේනා සංවිධානයේ සභාපති නැදිමාල බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ,

මෙම කාලයේදී අපගේ රටට, සිංහල ජාතියට, බෞද්ධ ශාසනයට, දැඩි තර්ජන එල්ල වී තිබෙනවා. මෙය ඉතිහාසයේදීත් සිදුවුණා. නමුත් මෙම වකවානුවේදී එදාට වඩා සංවිධානාත්මකව එම කටයුතු සිදුවෙනවා.

අපේ කටයුතු රාජ්‍ය විරෝධී, ආගම් විරෝධී හා ශාසනික විරෝධී කටයුතු ලෙස ඇතැමුන් හුවා දක්‌වනවා. නමුත් අපි කරන්නේ රට දැය සමය රැකගැනීමයි. එසේ නොකළහොත් අනාගත පරම්පරාව අපට ශාප කරාවි.

අපට ජනාධිපතිවරයාගේ, ආරක්‌ෂක ලේකම්වරයාගේ සහාය ඇති බව සමහරෙක්‌ චෝදනා කරනවා. තවත් සමහරෙක්‌ රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක්‌ කරන බව කියනවා. අපට මේ කාගේවත් ආධාර අනුබල නැහැ. අප වැඩ කරන්නේ ජාතික න්‍යාය පත්‍රයක්‌ අනුවයි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/08/09/news25.html

Pic Source

0 comments: