ඉස්ලාමීය රාජ්‍ය කැරළිකරුවන් විසින් වටලා සිටින උතුරු ඉරාකයේ අමෙර්ලි නගරයේ සමූල ඝාතනයක් සිදුවිය හැකි බවට ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් කළා. ඉරාකය පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත නිකලෝයි ම්ලැඩිනොෆ් පෙන්වා දෙන්නේ එහි වැසියන්ගේ තත්ත්වය පිළිබඳව අසතුටුදායක වාර්තා ලැබෙමින් පවතින බවයි. අමෙර්ලි නගරය මාස 2 ක් තිස්සේ කැරළිකරුවන් විසින් වටලා සිටින අතර එහි විදුලිය හෝ පානීය ජල පහසුකම් නොමැති බව සඳහන්. ආහාර සහ ඖෂධ තොගද අවසන් වෙමින් පවතින බවයි වාර්තාවන්නේ. අමෙර්ලි නගරයේ වාසය කරන්නේ සුන්නි ඉස්ලාමීය රාජ්‍ය කැරළිකරුවන් විරෝධය දක්වන තුර්කි සම්භවයක් සහිත ෂියා මුස්ලිම් ජන කොටසක්.
http://www.hirunews.lk/sinhala/90220
Pic
Source
0 comments:
Post a Comment