දොස්‌තර වර්ජනයක් ආරම්භ වූ සැනින් ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලවලට බැණ වැදීමටද, හෙදි වර්ජනයක් ආරම්භ වූ සැනින් හෙද සංගමයේ සහ එහි සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ පලු ඇරීමටද, ඉස්‌පිරිතාලයකදී ලෙඩෙකු මළ විට දොස්‌තරට හෙණ ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ගෙල මිරිකීමට ඇත්නම් මැනවැයි කල්පනා කිරීමටද අප පුරුදුව සිටින නමුදු පොදුවේ ගත් කල අපේ රටේ සෞඛ්‍ය සේවය අප හිතන තරම් නරක නැත. ශ්‍රී ලංකාව යනු තවදුරටත් සුබසාධන රාජ්‍යයක් නොවේ. එහෙත් රජයේ සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය සුබසාධන සේවාවන් හැටියට පවත්වාගෙන යනු ලැබේ. පිළිකා රෝගීනට දෙන මිල අධික බෙහෙත් හැකි පමණින් නොමිලයේ බෙදාහරිනු ලැබේ. ජලභීතිකාවට සහ බෝවන රෝගවලට අවශ්‍ය අත් එන්නත් නොමිලයේ සපයනු ලැබේ. එක පෙළට හිටගත හොත් කොළඹ මහ රෝහලේ සිට ගාල්ලටත් එහා යන හදවත් රෝගීන් පෝලිමක් පොරොත්තු ලේඛනයේ සිටින නමුදු හදවත් සැත්කම් ද හැකි පමණින් නොමිලයේ සිදුකරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට අදාළ අවුරුද්දක් පරණ සුභාරංචිය මෙසේය,. වසර 2013 වන විට ශ්‍රී ලංකාවේ දාරකෝත්පත්ති මාතෘ මරණ සංඛ්‍යාව (maternal mortality) ලක්‍ෂයකට 32 දක්‌වා අඩුවී තිබිණ. එසේම උත්පත්ති අවස්‌ථාවේදී සිදුවන ළදරු මරණ සංඛ්‍යාව (Infant mortality) දහසට නමය තෙක් අඩු වී තිබිණ.
ඒ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට අදාළ පසුගිය සති අන්තයේදී අපට අසන්නට ලැබුණ අසුභ ආරංචිය මෙසේය. ඒ වූ කලී මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පන්දහසකගේ හිඟයක් රටට පවතින බවය. එසේ කියන්නේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්‌කුය. ඒ බව සෙනසුරාදා (23 වැනිදා) "දිවයිනේ" පළ වී තිබිණ.
නිදහසට පෙර පැවති ශ්‍රී ලංකාවේ අතිශය පෞද්ගලික මට්‌ටමින් පොදු සේවාවක් ලෙස පවත්වාගෙන ගිය ස්‌වෙච්ඡා සේවයක් හැටියට වින්නඹුකම හඳුන්වන ලදී. ගමපුරා තිබෙන "වැදුම් ගෙවල්" තුළට වැද (එකල දරු ප්‍රසූතිය සිදුවන කාමරය වැදුම් ගෙය ලෙස හඳුන්වන ලදී) තම ජීවිත කාලය තුළ ළදරුවන් තුන් හාර සියයක් පිටතට ගත් වින්නඹු අම්මා මහත් ගෞරවාදරයට පාත්‍ර වූ අභිමානවත් චරිතයක් වූවාය. එදා එක ගමකට එක වින්නඹුවක් ප්‍රමාණවත් විය. ගමෙහි පවුල් තුන් හාරසියයකට වඩා නොසිටි නිසා ගෙවල් අතර එහා මෙහා යමින් දාරකෝත්පත්තියේ සිට පශ්චාත් ප්‍රසූත කටයුතු දක්‌වා සියලු දේ කළමනාකරණය කර ගැනීමට ඇයට හැකි විය. එහෙත් අද වන විට ගමක හත්අට දහසක් ඇත. සමහර විට විසි තිස් දහසක් ඇත. මනුෂ්‍ය ජීවිතය ඉතා සංකීර්ණව පවත්නා නිසා එක ගමකට වින්නඹු මාතාවන් හැට හැත්තෑවක්‌වත් අවශ්‍යය.
වින්නඹු සේවය රජයේ සේවයක් බවට පත්කර පවුල් සෞඛ්‍ය සේවය යන නම එයට තබා අලුත් නිල ඇඳුමක් හඳුන්වා දී ලෝන් එකකින් බයිසිකලයක් ලබා දීමෙන් පසු එම සේවය කාර්යක්‍ෂම විය. අලුත් ජෝඩුවක් කසාද බැන්ද බව ආරංචි වූ සැනින් පවුල් සෞඛ්‍ය සේවිකාව ඒ ගෙදරට එයි. දරු ගැබක් හටගත් සැනින් කටයුතු කළ යුතු ආකාරය කියයි. අවශ්‍ය එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ත්‍රිපෝෂ බෙදන දවස් කියයි. මේ රටේ ඉහළ පන්තියේ ජනයා "නර්සිං හෝම්" සංකල්පය තුළට වැද පවුල් සෞඛ්‍ය සේවිකා සංකල්පය ගණන් නොගත්තද මැද පන්තියට සහ පහළ මැද පන්තියට පවුල් සේවිකා සංකල්පය අත්‍යවශ්‍යයි. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අර්ධ වෛද්‍ය පුහුණුවක් ලබාදී මූලික ඖෂධ ද සමග ගම්වලට යෑවීමට හැකි නම් එමගින් සිදුවන යහපත අප්‍රමාණය. අපේ සෞඛ්‍ය සේවය යහපත් වුවද මූලික රෝගාබාධ, පිරිසිදුකම සහ පූර්ව පශ්චාත් ප්‍රසූත තත්ත්වයන් ගැන ගම් මට්‌ටමේ සහ නාගරික ජනාකීර්ණ මට්‌ටමේ (මුඩුක්‌කු නිවාස) අය නොදනිති. හිඟ පවුල් සෞඛ්‍ය සේවිකාවන් පන්දහස වහාම බඳවා ගන්නා ලෙස රජයෙන් ඉල්ලමු. සිගරට් කොම්පැණිය සමග හැප්පී ජයගත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේනට මෙය ජයගත හැකිය.
http://www.divaina.com/2014/08/25/editor.html
Pic Source

0 comments:
Post a Comment