* උෂ්ණත්ත්ව මාපකයක් නැතිව හිතේ හෝදිසියට (ඇඟට දැනෙන පරිදි) උෂ්ණත්වය කීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගැනීම.
* රෝගියාගේ පපුව දෙස බලා ECG යන්ත්‍රයක ආධාරයෙන් තොරව හෘද ස්‌පන්දනය ගැන සිතේ හෝදිසියට කීමට දොස්‌තර කටයුතු කිරීම.
* දොස්‌තර රෝගියාගේ මුහුණ දෙස බලා හිතේ හෝදිසියට 'ප්‍රෙෂර් එක' කීයදැයි කීම.
* ලයිට් බිල් ගෙනෙන ළමයා මීටරය දෙස නො බලා හිතේ හෝදිසියට විදුලි ඒකක ප්‍රමාණය ගණන් හදා ලයිට් බිල ලිවීම.
ඉහත සඳහන් කාරණාවල දී වැඩේ ගැස්‌සුනොත් දොස්‌තරට සහ ලයිට් බිල් ළමයාට ගුටි කන්නට වීම කෙසේවත් වැළැක්‌වීමට බැරි ය. එහෙත් මීටරයක් නැතිව රිය ධාවන වේගය කියන්නට යන පොලිස් රාළහාමිට කිසිදු අනතුරක් සිදු නො වන්නේ නිල ඇඳුමින් ඔහු ආරක්‍ෂා වී තිබෙන නිසා ය. රියෑදුරා රාළහාමිට එරෙහිව අත එසවුවහොත් රාළහාමි රියෑදුරාගේ අත තිබෙන තැනට කකුලත්, කකුල තිබෙන තැනට අතත් සවි කරනවා ඇත. කෙසේ වුවද යන්ත්‍රානුසාරයෙන් බොහෝ දේවල් කිරීමට හැකි නූතන යුගයේ එයින් පිටතට ගොස් ගල් යුගයට අඩිය තබන්නට පොලිසිය උත්සාහ කරන්නේ මන්දැයි අපට නො තේරේ. ධාවනය වන රථයක වේගය පිටත සිට දැන ගැනීම සඳහා මීටරයක් හඳුන්වා දී ඇත්තේ වැඩි නිරවද්‍යතාවක් ලබා ගනු පිණිස ය. එසේ තිබියදී පොලිසිය හිතේ හෝදිසිය මීටරය ලෙස යොදාගෙන ගල් යුගයට යවන්නට උත්සාහ කරන්නේ ඇයි?
http://www.divaina.com/2014/08/20/editor.html
Pic Source
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ ප්‍රතිචාරය
2014.08.20 වන දින ඔබ පුවත්පතේ "හිතේ හෝදිසිය·" (පොලිස් මීටරය) යන ශීර්ෂය යටතේ ලියා ඇති කතු වැකිය හා බැඳේ.
මේ සම්බන්ධයෙන් ඔබගේ දැන ගැනීම සඳහා පහත පැහැදිලි කිරීම කරමි.
2008 ජනවාරි මස 25 වෙනි දින තීරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 298/ 2005 නඩුවේදී අධිකරණය තීරණය කර ඇත්තේ මහාමාර්ගවල නියමිත වේගසීමා දැන්වීම් පුවරු සවිකරන තුරු වේගය පිළිබඳ නඩු ලබා නොගන්නා ලෙසයි. එසේ වූවද වේගසීමා පුවරු මාර්ගවල සවිකර ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීමෙන් පසු වේගසීමා නඩු ලබා ගත හැක.
මෙම නඩු තීන්දුවෙන් පසුව එවකට සිටි නියෝජ්‍ය පොලිස්‌පති (රථවාහන) විසින් වේගසීමා නඩු ලබා ගැනීම පිළිබඳ ගරු නීතිපතිගෙන් විමසා ඇති අතර නීතිපතිගේ 2009.07.03 දිනැති ලිපිය මගින් දන්වා ඇත්තේ අදාළ නඩු තීන්දුව අනුව වේගසීමා නඩු ලබා ගත නොහැකි බවයි. එසේ වුවද, වේගමාපක මගින් ලබා ගන්නා දත්ත අපරීක්‍ෂාකාරී හෝ අන්තරාදායක ආකාරයට රිය පැදවීමේ චෝදනා ඔප්පු කිරීමට යොදා ගත හැකි බව සඳහන් කර ඇත.
ඒ අනුව නැවත වේගමාපක භාවිතා කර 2009.07.03 දින සිට නඩු ලබා ගැනීම සිදු කෙරුණු අතර, එවැනි අවස්‌ථාවක නඩු පවරන ලද්දේ අධික වේගයෙන් රිය පැදවීම යන වරදට නොව අන්තරාදායක හෝ අපරීක්‍ෂාකාරී ලෙස රිය පැදවීමේ වරදටය.
කෙසේ වෙතත් ගරු නීතිපතිගේ 2014.06.08 දිනැති ලිපිය මගින් 2009.07.03 දිනැති ලිපියේ උපදෙස් අවලංගු කෙරුණු අතර, ඒ අනුව වේගමාපක භාවිත කර අපරීක්‍ෂාකාරී හෝ අන්තරාදායක රිය ධාවනය සම්බන්ධයෙන්ද, නඩු ලබා නොගන්නා ලෙසට නියෝජ්‍ය පොලිස්‌පති රථවාහන විසින් පොලිස් ස්‌ථාන වෙත 2014.08.09 දිනැතිව චක්‍රලේඛයක් යවා ඇත.
කරුණු ඉහත පරිදි වන අතර අදාළ ප්‍රවෘත්තියේ සඳහන් පරිදි මින් ඉදිරියට වේගමාපක භාවිතා නොවන බවට ඇති සඳහන සහ වේගය පිළිබඳ නඩු ලබා ගැනීමේදී පොලිස් නිලධාරීන්ගේ අභිමතය පාවිච්චි කළ හැකි බවට ඇති සඳහන සත්‍යයෙන් තොර බව දන්වා සිටිමි.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගවල වේගසීමා පුවරු සවිකළ විගස අධික වේගයෙන් රිය පැදවීම පිළිබඳ නඩු ලබා ගැනීමට කටයුතු කරන අතරම වේග මාපක භාවිතා කිරීමද සිදු කරනු ලබයි. කිසිම අවස්‌ථාවක වේගය නිර්නය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ අභිමතයක් පාවිච්චි කළ නොහැක.
අජිත් රෝහණ, අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් නිල මාධ්‍ය ප්‍රකාශක
http://www.divaina.com/2014/08/21/feature01.html
0 comments:
Post a Comment