Pages

Saturday, August 16, 2014

අලුත්ගමදි බොදුනුවො 5 වතාවක් ඉවසුව! සමිත හිමි නිල්වතුරෙන් නෑව්වා, පොඩි හාමුදුරුවන්ට පාරෙදි කෙළ ගැහුව, හරක් ඔළුවක් පන්සල අසලට දැම්මා, බණට වැඩි හිමියන්ට පහර දුන්න, සාමකාමී ජනතාවට ගැහුවා.

රාජිත සේනාරත්න ඇමැතිවරයා සහ බොදු බල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර පැවැති සංවාදය දැන් අධිකරණය දක්‌වා යන තැනට දුර දිග ගොස්‌ තිබේ. පසුගිය දිනෙක ආණ්‌ඩුවේ ඇමැතිවරු පිරිසක්‌ ඥානසාර හිමියන්ට විරුද්ධව පැමිණිලි කිරීමට මහානායක හිමිවරුන් ද මුණගැසුණාහ. මේ ඒ සංවාදයේ පසුබිම පිළිබඳ දැන පැහැද ගැනීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

ඔබවහන්සේ රාජිත සේනාරත්න ඇමැතිවරයා හඳුනන්නේ කොයි කාලේ ඉඳලද?

සෑහෙන කාලෙක ඉඳන්. යූ. ඇන්. පී. මන්ත්‍රීවරයෙක්‌ විදියට ඒ වගේම ඇමැතිවරයෙක්‌ විදියට පත්තරවල පළවන තොරතුරුත් එක්‌ක රාජිත සේනාරත්න කියන්නේ කව්ද කියන එක දැනන් හිටියා. මම හිතන්නේ වසර දොළහක්‌ දහතුනක්‌ වගේ ඉඳන්.

නෑ. මගේ ප්‍රශ්නය ඔබ වහන්සේ රාජිත සේනාරත්න ඇමැතිවරයා පෞද්ගලිකව හඳුනන්නෙ කොයි කාලෙ ඉඳන් ද?

ඔහුත් සමඟ එහෙම පෞද්ගලික දැන හැඳුනුම්කමක්‌ පෞද්ගලික ඇයි හොඳයියක්‌ නෑ. මම හාමුදුරුනමක්‌. හාමුදුරුනමක්‌ විදියට බෞද්ධයෙක්‌ එක්‌ක පවත්වන සම්බන්ධකමවත් මම ඔහු සමඟ පවත්වා නෑ.

නමුත් එක්‌ අවස්‌ථාවකදී ඔබවහන්සේ සමඟ එකට වැඩ කළා කියා ඇමැතිවරයා කියා තිබුණා.

ඒක සම්පූර්ණ අසත්‍යයක්‌. එහෙමත් නැත්නම් පටලවාගෙන. මම හිතන්නේ මොකක්‌ හෝ උත්සවයකදී ඔහු මට මුණ ගැහුණා. එතනදී මම කිව්වා "ඇමැතිතුමා දැන් අපි වෙනස්‌ වෙන්න ඕන. දැන් යුද්දෙ ඉවරයි. ඔන්න ඔබතුමාලා යුද්ධ කාලෙදි කතා කරපු සංහිඳියාව හදන්න හොඳම කාලේ මේක. දැන් අපි ඒකට වැඩපිළිවෙළක්‌ හදන්න ඕන" කියලා. හැබැයි මට ඔහුව තව වතාවක්‌ හමුවෙලා තියෙනවා. ඒ හමුවුණේ යුද විරෝධී සාම පෙරමුණේදී. එදා රාජිත විතරක්‌ නොවෙයි. රවුෆ් හකීම්, වාසුදේව, ඩිලාන්, මහේෂ්වරන් වගේ දැන් මුස්‌ලිම් අන්තවාදය පැත්තේ ඉන්න හැමෝම හිටියා. උද්ධමනකාරී, මර්දනකාරී මහින්ද චින්තනය භංග වේවා කියන පෝස්‌ටර් උස්‌සගෙන යුද්ධය එපා, යුද්ධය එපා කියපු යුද විරෝධී පැත්තේ තමයි එදා ඔහු හිටියෙ.

ඒ හැරෙන්න ඔබවහන්සේ ඇමැතිවරයා සමඟ වැඩ කරලම නෑ?

නෑ. කිසිම ආකාරයෙන් ආගමික කටයුත්තක්‌වත් සමාජ දේශපාලන කටයුත්තකදීවත් ඔහු සමඟ එකට වැඩ කර නෑ. අඩුම තරමින් හාමුදුරුනමක්‌ විදියට මම ඔහුගේ අතේ පිරිත් නූලක්‌වත් බැඳලා නෑ.

රාජිත සේනාරත්න ඇමැතිවරයා නියෝජනය කරන්නේ අලුත්ගම හා බේරුවලට අයත්වන කළුතර දිස්‌ත්‍රික්‌ ජනතාව. ඔහු ඔබවහන්සේ සමඟ මේ තරම් විරසකයක්‌ ඇතිවෙන්න හේතුව අලුත්ගම සිද්ධියද?

අලුත්ගම සිද්ධියට පෙරත් බොදු බල සේනාව සම්බන්ධයෙන් මේ අය විවේචන එල්ල කළා. හැබැයි මේ කිසි කෙනෙක්‌ ගැන අදත් අපට පෞද්ගලික වෛරයක්‌ නෑ. අලුත්ගම සිද්ධිය සංකීර්ණ සිද්ධියක්‌. එයින් සිංහලයන්ට බරපතළ අසාධාරණයක්‌ වුණා. ඒ සිද්ධිය මාධ්‍යයෙන් හරි හැටි වාර්තා නොවීම තුළ ලෝකයා ඉදිරියේ සිංහලයන්ට බෞද්ධයන්ට විශාල නරකක්‌ වුණා. නමුත් අවස්‌ථා පහකදී බෞද්ධයො ඉවසගෙන සිටියා. දර්ගා නගරයේ සමිත හාමුදුරුවන් පන්සලේ ඉන්නකොට එක්‌ වතාවකදී නිල් දිය කළ වතුර බාල්දියකින් ගැහුවා. ඒ පන්සලේ පොඩි හාමුදුරුවෝ පාරෙ යද්දී කෙළ ගැහුවා. පොසොන් පෝයට දවස්‌ අටක්‌ තියෙද්දී පන්සල ළඟට මරපු හරකෙක්‌ගෙ හිස ගෙනත් දාලා තිබුණා. බණට වඩින සමිත හාමුදුරුවන්ටයි, රියෑදුරුටයි පහර දුන්නා. මේවා ගැන දැනුවත් කරන්න සමුළුවක්‌ තියල ඒ සමුළුවට ආව මිනිස්‌සු සාමකාමීව විසිරී යනකොට ඒ විසිර යන ජනතාවට ගැහුවා. ඒ පස්‌වැනි වතාවට. ඉතිං ඒ වගේ සිද්ධීන් වෙලත් ඒ ප්‍රදේශය නියෝජනය කරන මේ ඇමැතිවරයා ඒ ගැන කිසිම ප්‍රකාශයක්‌ නොකොට තනිකරම මුස්‌ලිම් අන්තවාදය පෝෂණය වන විදියටයි කතා කළේ. ඒ විතරක්‌ නෙවෙයි ඔහු අපට චෝදනා කළා. මේ අය බුද්ධ පුත්‍රයො නෙවෙයි යුද්ධ පුත්‍රයො. තලේබාන් නිකායේ හාමුදුරුවරු, නිඝණ්‌ටයෝ වගේ හැසිරෙන්නෙ. අන්න ඒ වගේ චෝදනා කළා. හාමුදුරුවරුන්ට ඒ වගේ අපහාස කරන්න ඔහු කවුද. ඔන්න ඔය පොදු කාරණා එක්‌කයි මේ විරසකය ඇති වෙන්නේ.

බොදුබල සේනාව ක්‍රියාත්මක වෙන්නේ නෝර්වේ සල්ලි වලින් කියා ඔබවහන්සේලා ඉදිරියේ චෝදනාවක්‌ තියෙනවා. ඒක ඇත්තක්‌ද?

නෝර්වේ විතරක්‌ නෙවෙයි. එක වතාවක්‌ නෝර්වේවලින් සල්ලි හම්බවෙනවා කිව්වා. ඊට පස්‌සේ නෝර්වේ යන රවී කරුණානායක මාර්ගයෙන් අපිට සල්ලි හම්බවෙනවා කිව්වා. මතක තියාගන්න බොදුබල සේනාව කියන්නේ මේ රටේ වැඩිම සාමාජිකයන් පිරිසක්‌ ඉන්න සංවිධානයක්‌. ඒ සාමාජිකයන් ගණන ලක්‍ෂ විස්‌සකට වඩා වැඩියි. එහෙම සමාජීය ප්‍රාග්ධනයක්‌ මේ සංවිධානයට තියෙනවා. ඉතිං එවැනි සංවිධානයක ලේකම් හාමුදුරුවන්ට චෝදනා කරනවා නම් යූ.ඇන්.පී. මන්ත්‍රීවරයෙක්‌ගෙ සල්ලි වලින් හෝ නෝර්වේ සල්ලිවලින් මේ ක්‍රියාත්මක වෙන්නේ කියල අපිට නිහඬව ඉන්න බෑ. අනික මේ චෝදනා කරන්නේ සාමාන්‍ය කෙනෙක්‌ නෙවෙයි. ඇමැතිවරයෙක්‌. එහෙම චෝදනා කරද්දී අපට නිකන් බලන් ඉන්න බෑ. අපිට චෝදනා කරනව නම් ඒ චෝදනාවලට ප්‍රතිචෝදනා එල්ල කිරීමේ අයිතිය බුදු හාමුදුරුවෝ අපට දීලා තියෙනවා. ඒ බණ කතාව මම මතක්‌ කරන්නම්. බුදුහාමුදුරුවෝ කොසඹෑ නුවර වැඩ ඉඳිද්දී බුදුන්ට අපහාස කරන්න නිඝණ්‌ටයො සුන්දරි පරිබ්‍රාජිකාව මරල මල් ආසනේ යට හංගනවා. මේක ආරංචි වන වැසියො කලබල වෙලා ශ්‍රමණ භගවත් ගෞතමයොත් මෙහෙම කරනවනෙ කියා පන්සලට එන් නැතිව ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ගිහින් කියනවා. කවුරුත් පන්සල් එන් නෑ. අපි මේ ප්‍රදේශය හැරදා යමු කියලා. බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන්නෙ නිඝණ්‌ටයෝ ඒ යන තැනදීත් මෙහෙම කළොත් අපි එතනත් හැරදා යනවද? ආනන්ද ඔවුන් ඔබට චෝදනා කරද්දී ඔබ කළේ කුමක්‌ද? බුදුන් පෙරළා අහනවා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ස්‌වාමීනී මම කිසිත් නොදොඩා තුෂ්නිම්භූතව හිටියා කියායි. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඒක කරන්න එපා. ඒක වැරදියි. ඒ අවස්‌ථාවකදී ඔබේ ශීලය ගැන මෙනෙහි කරමින් ඔබ ප්‍රතිචෝදනා නගන්න. චෝදනාවට චෝදනාවෙන් පිළිතුරු දීමේ මානව අයිතිය බුද්ධ වචනයෙන් ම අපිට දීලා තියෙනවා. ඒ අයිතියට අනුවයි අපි රාජිත සේනාරත්නට අභියෝග කළේ. මම වගකීමෙන් කියන්නේ නෝර්වේවලින් තියා මේ රටේ කිසිම මන්ත්‍රීවරයෙක්‌ගෙන් අපි සත පහක්‌ අරන් නෑ.

එසේ නම් බොදු බල සේනාවට මේ ක්‍රියාකාරකම්වල යෙදෙන්න මුදල් ලැබෙන්නෙ කොහෙන්ද?

ඒක තමයි මම කිව්වේ. බොදු බල සේනාව කියන්නේ මේ රටේ අති බහුතර සමාජ ප්‍රාග්ධනයක්‌ හිමි සංවිධානය. අපි සමුළුවකට එනවා කිව්වොත් එතන මිනිස්‌සු දහස්‌ ගාණක්‌ රොක්‌ වෙනවා. ඒ රැස්‌වීම්වලට මව් සංගමයෙන් වියදම් කරන්නේ නෑ. ඒ මිනිසුන්ම තමා රැස්‌වීම් පවා සංවිධානය කරන්නේ. ආණ්‌ඩුව අපට කරල තියෙන ලොකුම උදව්ව තමයි අපිව මර්දනය නොකර ඒ සේවය කරන්න අපිට ඉඩදීලා තියෙන එක.

රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ ඔබවහන්සේ අතර ඇති හැඳුනුම්කම මොන වගේද?

ඔහු මේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්‌. මේ ප්‍රදේශයේ සිටින මන්ත්‍රීවරයෙක්‌ විදියට කාලයක සිට මම ඔහුව හඳුනනවා.

ඒ හැර ඔහු සමඟ දේශපාලනික සමාජීය කටයුතුවල නිරත වෙලා නැද්ද.

නැහැ. පළාතේ මන්ත්‍රීවරයෙක්‌ විදිහට තියෙන දැන හැඳුනුම්කම හැරෙන්නට ඔහු සමඟ දේශපාලනික වැඩවලට සම්බන්ධ වෙලා නෑ.

වර්තමාන ආණ්‌ඩුව බලයට පත් කිරීමට ඔබවහන්සේලා කටයුතු කළා කියා කිව්වත් රජයේ අමාත්‍යවරයෙක්‌ කියා තිබුණා ඔබවහන්සේලා පත්කළ ආණ්‌ඩුවක්‌ නෑ කියා?

ඒකෙ ඇත්ත නැත්ත මේ රටේ මිනිස්‌සු දන්නවා. චන්ද්‍රිකා ආණ්‌ඩු සමයෙ අන්‍යාගමිකරණය හිස ඔසවාගෙන එද්දී පැකේජ ගහල මේ රට බෙදන්න හදද්දී සුනාමි සහන මණ්‌ඩල අවස්‌ථාවේදී කවුද මේ රටේ සංඝරත්නය එකතු කරන්න නායකත්වය දීලා උද්ඝෝෂණ කරල ඒවා නැවැත්තුවෙ. ජනතා විමුක්‌ති පෙරමුණ පවා පරිවාස ගහල කදිරගාමර් අගමැති කරන්න හදපු වෙලාවෙ මහින්ද රාජපක්‍ෂට නායකත්වයට එන්න 'රාජා භවතු ධම්මිකො' කියා නුගේගොඩදී විශාල බොදු සමුළුවක්‌ තියා එයට නායකත්වය දුන්නෙ අපි නොවෙයිද? ඒක ආණ්‌ඩු මාරු වුණත් ඒ එන හැම ආණ්‌ඩුවකටම පැනල ඇමැතිකම් ගත්ත අයට අමතක වුණාට ඉතිහාසයෙන් මකන්න බෑ. මහින්ද රාජපක්‍ෂ නායකත්වයට පත්වීම අහම්බයක්‌ නෙවෙයි.

දැන් මේ රට යන ක්‍රමය හරිද? මහින්ද රාජපක්‍ෂ තවදුරටත් නායකත්වයෙ සිටිය යුතුයි කියන මතයේ තාමත් ඔබවහන්සේ සිටිනවාද?

විශාල වශයෙන් කඩාවැටීමක්‌ තියෙනවා. ඒකට ජනාධිපතිවරයාට විතරක්‌ වග කියන්න බෑ. එයාගේ ටීම් එකේ ප්‍රශ්නයක්‌ තියෙන්නේ. නායකයෙකුට හරි ටීම් එකක්‌ නැති වුණාම බිඳ වැටීම ස්‌වභාවිකයි. සුදුස්‌සාට සුදුසු තැන දෙන්නෙ නැත්නම් සක්‌විති රාජ්‍යයක්‌ වුණත් බිඳවැටෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය ගැන ඔබ වහන්සේලාගේ මතය කුමක්‌ද?

විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි. හැබැයි ස්‌වාධීන පොලිස්‌ කොමිසම, මැතිවරණ කොමිසම තවත් වෙනස්‌කම් කිහිපයක්‌ සිදුවෙන්න ඕන. එය පුළුල් වශයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක්‌.

රාජිත සේනාරත්න ඇමැතිවරයාට පිටරට ගෙවල් තිබෙනවා කියන මතයේද ඔබ වහන්සේ තාමත් ඉන්නේ?

ගෙවල් තියෙනවා කිව්වේ නෑ. ගෙවල් තියෙනවද? කියා මම ඇහුවේ. අනික රාජිත සේනාරත්න ගංජා ගේනවා කියා අපි කිව්වේ නෑ. අපි කිව්වේ බේරුවල පැත්තේ ගංජා ගෙන්වන මන්ත්‍රීවරයෙක්‌ ඉන්නවා. ඔහු රාජිත සේනාරත්න ඇමැතිතුමාගෙ රථ පෙළපාලියෙත් යනවා. අපි නම් කිව්වේ නෑ. උන්නැහෙ තමයි නම් ගම් මාධ්‍ය ඉස්‌සරහ කිව්වේ.

කදිරේෂන් කියන්නේ දෙමළ ව්‍යාපාරිකයෙක්‌ කියායි රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා තිබෙන්නේ?

පැහැදිලිවම ඔහු එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධව සිටි කෙනෙක්‌. ඒ සම්බන්ධයෙත් සාක්‍ෂි අපි ළඟ තිබෙනවා.

දැන් ඇමැතිවරු කිහිපදෙනෙක්‌ ම ඔබවහන්සේලාට පිළිතුරු දෙන්න ඒකාබද්ධව කටයුතු කරනවා නේද?

ඔය හැම කෙනෙක්‌ම එහෙම එන එක හොඳයි. ඉදිරියට මහ මැතිවරණය එනවනෙ. අපි ගෙයින් ගෙට ගිහින් හරි මේ අය කවුද කියල රටටම කියනවා.

සකච්ඡා කළේ, තිස්‌ස ගුණතිලක
http://www.divaina.com/2014/08/17/politics01.html

http://denethharinna.blogspot.com/2014/06/4_19.html මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

0 comments: