තමා ඉන්දියාවේ නියම දෙමළ ජාතිකයෙකු බවද ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි අවධාරණය කළේය.
යුද සමයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ, සමූල ඝාතන සිදු නොවූ අතර, ඒවා සිදුවනුයේ ගාසා තීරය ඇතුළු වෙනත් රටවල බවද හෙතෙම පැවැසීය.
ශ්‍රී ලංකාවේ සටන්කාමීන්ට තමිල්නාඩුවේ යුද පුහුණුව ලබාදීම තම මව වන ඉන්දිරා ගාන්ධි මහත්මිය කළ ඓතිහාසික වරදක් බව තම මිත්‍රයකු වූ රජීව් ගාන්ධි මහතා වරක් තමා සමඟ ප්‍රකාශ කළ බවද සුබ්‍රමනියම් ස්‌වාමි මහතා වැඩිදුරටත් පැවැසීය.
කොළඹ ගලධාරි හෝටලයේ ඊයේ (20 වැනිදා) පැවැති ආරක්‍ෂක සම්මන්ත්‍රණයේදී 'ඉන්දීය ශ්‍රී ලංකා' මැයෙන් දේශනයක් පවත්වමින් ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි එසේ පැවැසීය.
සිරිමෙවන් කස්‌තුරිආරච්චි, කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/08/21/news15.html
0 comments:
Post a Comment