සැබැවින්ම එය වනාහී අසිරිමත්ම නිමැවුමකි. හෝරා කිහිපයක් මුළුල්ලේ එහි ඔබ මොබ සැරූ මා දෙනෙතට දිස්‌වූයේ ලොව බොදු රටවල් කිහිපයක අභිමානය විදහා දක්‌වන්නාවූ කලාකෘතීන් රැසක් අපූර්ව ලෙස එකම වහලක් යටට එක්‌තැන්වී ඇති අයුරුය. කර්ණ සොයන දළඳාසේවා නාදයේ මිහිරියාව විඳ ගනිමින්ම පිවිසුම් දොරටුවෙන් එතුළට පිවිසි කල මුලින්ම හමුවූයේ ශ්‍රී ලංකාවේ බෞද්ධ අසිරිය විදහා දැක්‌වෙන ප්‍රදර්ශන කුටියයි. අසිරියකි· ථෙරවාද බෞද්ධ ඉතිහාසය විදහා දැක්‌වෙන අගනා ප්‍රදර්ශන භාණ්‌ඩ රැසකින්ම සමන්විත එම කුටියේ දළඳා පුද සිරිත් දැක්‌වෙන සිතුවම් සේම තවත් කලාකෘතීන් රැසක අනුරුද මනාව සුරක්‍ෂිත වී තිබිණි.
බංග්ලාදේශ කුටිය තුළ 8 වැනි ශතවර්ෂයේ එහි වූ ථෙරවාද හා මහායාන දර්ශනවල ලක්‍ෂණ පිළිඹිබු වන නිර්මාණද, නේපාල කුටිය තුළ බෞද්ධනාත් චෛත්‍ය ඇතුළු කලාකෘතීන් රැසක අනුරූද, භූතාන් ප්‍රදර්ශනා කුටිය තුළ ඔවුන්ටම ආවේණික වූ මහායානික ඇදහීම්වලට අදාළ ප්‍රදර්ශන භාණ්‌ඩ රැසක්‌ද තිබුණු අතර ඉන්දියාව, පාකිස්‌ථානය, ඇෆ්ගනිස්‌ථානය, චීනය, ජපානය, කොරියාව, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, වියට්‌නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ මධ්‍යම ආසියාව යනාදී රටවල් 18 ක බුදුදහම හා බෞද්ධ කලා ශිල්පද හොඳින්ම දැකබලා ගැන්මට හැකියාව ලැබෙන මෙය වනාහි බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ තෝතැන්නක්‌මය. එළැඹෙන ඇසළ පෙරහැර සමයේදී දළඳා වඳින්නට මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයට පිවිසෙන ඔබ මඳකට මුත් ඉන් ඔබ්බෙහි පිහිටා ඇති ලෝකමහා බෞද්ධ කෞතුකාගාර පරිශ්‍රයටද පිවිසිය හොත් සැබැවින්ම ශත වර්ෂ ගණනාවක් තරම් වන ඈත එපිට අතීතයකට දිවයන ලෝක බෞද්ධ ඉතිහාසය ඇසිල්ලකට මුත් දෙනෙත් අභිමුව දිග හැරෙමින් පවතින්නේ යෑයි ඔබට සිතෙනු නම් නොඅනුමානය.
දෙස් විදෙස් බොදු දනන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ මෙම කෞතුකාගාරය ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතාගේ සංකල්පනාවක් මත නිමවූවකි. එමෙන්ම මල්වතු හා අස්‌ගිරි යන උභය විහාර පාර්ශ්වයන්හි අති ගෞරවණීය මහානායක ස්‌වාමිපාදයන් වහන්සේලාගේ නොමද ආශිර්වාදයද මීට හිමිව ඇති අතර, මෙය ඉදිකරලනු පිණිස දියවඩන නිළමේවරයා ඉදිරිපත්ව ඇත්තේ එක් සුවිසෙස් අරමුණක් පෙරදැරි වය. ශ්‍රී ලංකාව තුළ වෙසෙන බොහෝමයක් බෞද්ධයන්ට ලොව පුරා ඇති විවිධ රටවල සංචාරය කිරීමට ඉඩක් ලැබෙන්නේම නැති තරම්ය. එබැවින්ම ඔවුන්ට අතීථයේදී ඒ ඒ රටවල් තුළ බුදු සමය පැවැති ආකාරය පිළිබඳ තොරතුරු දැනගැනීමට ඉඩ ප්‍රස්‌ථාවන් විවර වන්නේද ඉතා අල්පවය. මේ ගැන කල්පනා කළ දියවඩන නිළමේවරයා ඒ ඒ රටවල් තුළ බුදු සමය හා බෞද්ධ කලා ශිල්ප ස්‌ථාපිතව පැවැති ආකාරය ගැන තොරතුරු සමාජ ගත කළ හැකි මගක් ලෙස මෙම කෞතුකාගාරයය ස්‌ථාපිත කිරීමට අදහස් කර ඇත.
මේ කෞතුකාගාරය ඉදිකිරීමට සාකච්ඡා ආරම්භ වන්නේ 2008 වර්ෂයේ අග භාගයේදීය. ඉනික්‌බිතිව වසර තුනක් වැනි ඉතා කෙටි කලක් තුළ මෙහි කටයුතු නිමකිරීමට හැකිවන්නේ ශ්‍රී දළඳා මාළිගාව හා විදෙස් රටවල් අතර පවතින සුහද මිත්‍රශීලි සහයෝගීතාවේ ප්‍රතිඵලයක් වශයෙනි.
සති අන්තයේදී සේම පොහොය දිනවලත් වෙනත් රජයේ නිවාඩු දිනවලත් විශාල පිරිසක් මෙය නැරඹීමට පැමිණෙයි. සාමාන්‍යයෙන් දිනකට 2000 කට ආසන්න පිරිසක් කෞතුකාගාරය නරඹන අතර, මෙහි කුටි එකින් එක ස්‌ථාපනය කොට ඇත්තේ ලොව පුරා රටින් රටට බුදුසමය ප්‍රචලිත වී ගිය අනුපිළිවෙළට ය. මෙහි සැලසුම හා අධ්‍යක්‍ෂණය ලෝක ප්‍රකට පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලකගේය. ජාතික කෞතුකාගාර සේම වාරි කෞතුකාගාරද සැලසුම් කරමින් ඉමහත් මෙහෙවරක් සිදුකොට ඇති මෙහි ඇති ඔහු ලාඕස්, කාම්බෝජ, ඇෆ්ගනිස්‌ථාන හා මධ්‍යම ආසියානු ප්‍රදර්ශන කුටිද නිමවනු පිණිස දායකවී ඇත. සෙසු කුටි නිර්මාණය කිරීම සිදු කරනු ලැබ ඇත්තේ ඒ ඒ රටවල පුරා විද්‍යාඥයන් විසිනි. ඔවුහු මෙරටට විත් මෙහි නැවතී ඒ ඒ රටවල වියදමින්ම එම කුටි අලංකරණය කොට තිබේ. එහිදී අපේ පුරා විද්‍යාඥයන් හා ඔවුන් අතර දැනුම් හුවමාරු කර ගැන්මටද නොමඳව ඉඩ හසර විවර ඇත.
මෙහි වටිනාකම තේරුම් ගෙන ඇති බොහෝමයක තානාපති කාර්යාල එදා කවර ස්‌ථාවරත්වයක් දැරුවද අද තම ප්‍රදර්ශන කුටි තවතවත් ප්‍රවර්ධනය කිරීම උදෙසාද ඉදිරිපත්ව සිටී.
1880 දී මෙරට විසූ ශ්‍රීමත් ෙ-ම්ස් ලොන්ඩන් නම් ආණ්‌ඩුකාරවරයාගේ පාලන සමයේදී ඉදිකොට ඇති මෙම ගොඩනැඟිල්ලේ මුලින්ම කච්ෙච්රියක් පවත්වාගෙන ගොස් ඇත. ඉනික් බිතිව උසාවි සංකීර්ණයක් ද පවත්වාගෙන ගිය අතර, පසුව දළඳා මාළිගාව පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මෙම කෞතුකාගාරය ස්‌ථාපිතව තිබේ. පෙරදා මෙබිම තුළ දැකගත හැකි වුණේ දැඩි අක්‍රමවත් බවෙකි. එහෙත් අද වනවිට මෙබිමට පිවිසෙන කාගේ සිත්සතන් තුළ බුවද ඇතිවන්නේ සුපහන් හැඟුමක්‌මය.
අමිල දොළපිහිල්ල
http://www.divaina.com/2014/08/10/feature03.html

0 comments:
Post a Comment