Pages

Friday, August 8, 2014

මාවිල්ආරු වසර අටක මතකය

දශක තුනක කාලයක්‌ පැවැති කුරිරු මිනීමරු කොටි ත්‍රස්‌තවාදයේ වියරු රුදුරු යුද ගිනිදැල් නිවා දමා ඓතිහාසික යුද විජයග්‍රහණය හිමිකරගත් ආරක්‍ෂක හමුදාවෝ මාරාන්තික තීරණාත්මක සටනකට කැඳවා ගනිමින් එල්. ටී. ටී. ඊ. ය විසින් වසා දැමූ මාවිල්ආරු සොරොව්ව හමුදාව විසින් විවෘත කර අදට (08) වසර අටක්‌ (08) සපිරෙයි.

එනිසාම අද (08) දවස දශක 03 ක ඊළාම් යුද ඉතිහාසයේ සුවිශේෂී වැදගත් දිනයක්‌ ලෙස සනිටුහන් වී ඇත.

කොටි ත්‍රස්‌තවාදය මෙරටින් තුරන්කර පස්‌වසක්‌ සපිරුන මෙම පශ්චාත් යුද සමයේ අද වන් දිනයක්‌ ඊළාම් යුද ඉතිහාසය විමසා බැලීමේදී කිසි ලෙසකවත් අමතක කිරීමට හෝ නොතකා හැරීමට නොහැකි ලෙස රන් අකුරින් ලියෑවී ඇති බවද අප අමතක නොකළ යුතුය.

දශක තුනක්‌ තිස්‌සේ සමස්‌ත ශ්‍රී ලංකාවම වෙලාගෙන තිබූ කුරිරු කොටි ත්‍රස්‌තවාදය වසර තුනක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ සම්පූර්ණයෙන්ම තුරන්කර දැමීමට හැකි වූ ප්‍රධාන ආරම්භක ප්‍රවේශය සහ හැරවුම් ලක්ෂය මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමේ මානුෂික හමුදා ක්‍රියාන්විතය සහ ඉන් ලැබූ ඓතිහාසික විජයග්‍රහණයයි.

තිස්‌ දහසක පමණ අසරණ ජනතාව සාපිපාසාවෙන් පෙළා දමා ඔවුන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගෙන මාවිල්ආරු සොරොව්ව වසාදමා සිය කුරිරු ම්ලේච්ඡත්වය නැවත වරක්‌ පෙන්වමින් එතෙක්‌ පැවැති ඊනියා සටන් විරාම ගිවිසුම කඩකර රජය සහ ආරක්‍ෂක හමුදාව යළි යුද්ධයකට කැඳ වූ මහා මෝඩකම එල්. ටී. ටී. ඊ ය විසින් සිදු කළේ එය ප්‍රභාකරන් ප්‍රමුඛ මිනීමරු කොටි නඩයේ අවසානය සහ මහා විනාශය බවට පත්කරවමිනි.

එවන් විනාශයක්‌ සහ අවසානයක්‌ එල්. ටී. ටී. ඊ. යට අත්වන බව ප්‍රභාකරන් දැන සිටියේ නම් මාවිල්ආරු සොරොව්ව වසා දමන ලෙස නියෝග නොකරනු ඇත. මාවිල්ආරුවෙන් පටන් ගත් මානුෂීය යුද මෙහෙයුම සමස්‌ත නැගෙනහිර පළාතම කොටි ග්‍රහණයෙන් මුදාගෙන වන්නිය මුදා ගැනීම කරා යොමු වන විට "මින් පසු විහිලුවකටවත් ජල කරාමයක්‌ හෝ වසා දමන්න එපා." යෑයි ප්‍රභාකරන් නියෝග කළ බවට විහිලු කතාවක්‌ද ප්‍රබන්ධ විය.

මාවිල්ආරු ජල සොරොව්ව මුදාගත් අපගේ වීරෝදාර ආරක්‍ෂක හමුදාවෝ ඉන් නොනැවතී සමස්‌ත නැගෙනහිර පළාතම කොටි ග්‍රහණයෙන් මුදාගෙන වන්නි කොටි පාලන ප්‍රදේශද මුදා ගැනීමට ක්‍රියා කරද්දී ඇතැම් විපක්‍ෂ දේශපාලනඥයෝ නැගෙනහිර යුද විජයග්‍රහණය දෙස උපහාසයෙන් අපහාසයෙන් බලා රජය සහ ආරක්‍ෂක හමුදාවෝ හෑල්ලුවට ලක්‌ කළේ එල්. ටී. ටී. ඊ. යට උඩගෙඩි දෙමින් බව අප අමතක නොකළ යුතුය.

අවසානයේදී මෙම සියලු අපහාස උපහාස මධ්‍යයේ වීරෝදාර ආරක්‍ෂක හමුදා රණවිරුවෝ මුලතිව් වෙල්ලමුල්ලි වයික්‌කාල් දක්‌වා ගොස්‌ මිනීමරු ප්‍රභාකරන් කොටි ඝාතකයා ඝාතනය කරමින් විජයග්‍රාහී යුද විජයග්‍රහණයෙන් ලොවම මවිත කිරීමට සමත් වූහ.

2006.07.20 වැනි දින මාවිල්ආරු සොරොව්ව වසා 30,000 ක පමණ අහිංසක ජීවිත අනතුරේ දමා සිය අධිතක්‌සේරු යුද මානසිකත්වය හා උඩඟුකම සේම කුරිරු ම්ලේච්ඡත්වය ලොවට පෙන් වූ එල්. ටී. ටී. ඊ ය ආරක්‍ෂක හමුදාවෝ යුද්ධයට කැඳවා ගනු ලැබුයේ රජයට සහ හමුදාවට පාඩමක්‌ ඉගැන්වීමේ අභිලාෂයෙනි.

2005 වසර අවසානය තෙක්‌ යුද්ධයට නිසි දේශපාලන නායකත්වයක්‌ සහ යුද නායකත්වයක්‌ නොලද බව ප්‍රභාකරන් හොඳින් දැන සිටියේය.

යුද්ධය ජාවාරමක්‌ කරගෙන යෙහෙන් වැජඹුන රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, හමුදා ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් මෙන්ම යුද්ධයට මුවා වී විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හරහා ඩොලර් කාක්‌කන්ව සිටි දේශෙද්‍රහී ජාතිෙද්‍රහී පාවාදෙන්නන් බහුලව සිටි සමයක වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයා බවට පත් වූයේ රටේ වාසනාවට සහ එල්. ටී. ටී. ඊ. යේ. අවාසනාවටය. එපමණක්‌ නොව අප ඉහත සඳහන් කළ යුද ජාවාරම්කරුවන්ගේද අවාසනාවටය.

ඊනියා සටන් විරාම ගිවිසුමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබියදී බලයට පත් වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්. ටී. ටී. ඊ. යට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට තරම් ඉක්‌මන් නොවී ඉවසීමෙන් යුතුව සිදුවන සියල්ල පිළිබඳ වූ විමසිලිමත්ව සිටියේය.

තමා බලයට පැමිණීමට පෙර සිටි රාජ්‍ය නායකයින් සමග ප්‍රභාකරන් ඇති කර ගත් ඊනියා සාම ගිවිසුම් සහ සටන් විරාම මෙම ප්‍රශ්නයට ස්‌ථීරසාර විසඳුමක්‌ නොවන බව වටහාගෙන සිටි ජනාධිපතිවරයා ත්‍රස්‌තවාදය යුද්ධයෙන්ම නැතිකර දැමිය යුතුය යන ස්‌ථාවරයෙහි සිටියද ලොවට ඒ බව නොපෙන්වා සාම ක්‍රියාදාමය තවදුරටත් ගෙන යැමට සූදානම් බව පෙන්වීය.

එහෙත් නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇද බව පෙන්වා දෙමින් ඒ වන විට එල්. ටී. ටී. ඊ. ය සහ ආරක්‍ෂක හමුදා අතර සටන් විරාම කඩවීමේ සිද්ධීන් රැසක්‌ වාර්තා වී තිබූ අතර, රජයත් හමුදාවත් දැඩි ඉවසීමකින් යුතුව ඒවාට මුහුණ දුන්හ.

එල්. ටී. ටී. ඊ. ය මොනවා කළත් රජය හෝ හමුදාව යුද ප්‍රකාශ කිරීමට ඉක්‌මන් නොවී එල්. ටී. ටී. ඊය. පළමු පියවර තබනතුරු බලා සිටියේය. එය ඒ අයුරින්ම සිදු වූ අතර, 2006.07.20 වැනිදා එල්. ටී. ටී. ඊ. ය මාවිල්ආරු සොරොව්ව වසා දැමීය. එය විවෘත කිරීමට හමුදා ක්‍රියාන්විතයක්‌ සිදුකිරීමට තීරණය කළ රජය යුද හමුදාවට ඒ සඳහා නියෝග කළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයා මෙන්ම සේනාධිනායකයා ලෙස මාවිල්ආරු මුදා ගැනීමේ ක්‍රියාන්විතයට හමුදාවට නියෝග කරන විට එවක යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකට ලක්‌ වී ප්‍රතිකාර ලබමින් පසුවිය. එම නිසා වැඩ බලන යුද හමුදාපති වශයෙන් සිටි මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චිට එහි වගකීම පැවරීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු යෙදීය.

යුද හමුදාවේ විසි වසරක පමණ කාලයක්‌ සේවය කළ නිලධාරියකු වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග 1971 වසරේ යුද හමුදාවට බැඳුන නන්ද මල්ලවාරච්චි මහතා කෙඩේට්‌ නිලධාරී පාඨමාලා අංක 04 යටතේ පුහුණුව ලබා පසු කලෙක යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානී (Cයසැෙ දෙ sඒෙෙ) තනතුර දක්‌වා ඉහළට පැමිණියේය. යුද හමුදාවේ දෙවැනි ප්‍රධානියා ලෙස එසේ කටයුතු කරන අතරේ කෙටි කලක්‌ වැඩබලන යුද හමුදාපති තනතුරද ඉසීලීමට වරම් හිමිකරගත් මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා හමුදා සේවයෙන් විශ්‍රාම ලබා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ධූරයට පත්විය.

මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි වැඩ බලන යුද හමුදාපති වශයෙන් මාවිල්ආරු සටන අරඹා එය මෙහෙයවමින් සිටියදී හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අතර, ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා සුවය ලබා නැවත යුද හමුදාපති තනතුරේ කටයුතුවල නිරත වෙමින් වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් යුද විජයග්‍රහණය දක්‌වා යුද්ධයට යුද නායකත්වය ලබා දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියම දේශපාලන නායකත්වය සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත අපගේ වීරෝදාර ආරක්‍ෂක හමුදාවෝ තම යුද නායකත්වයද සමග එකට එක්‌වී මාවිල්ආරු ප්‍රථම ජයග්‍රහණය නැගෙනහිර සහ වන්නි ජයග්‍රහණ කරා අඛණ්‌ඩව රැක ගනිමින් සමස්‌ත ශ්‍රී ලංකාවම කුරිරු ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්හ.

එම ඓතිහාසික යුද විජයග්‍රහණය සඳහා අදින් වසර 08 කට පෙර එනම් 2006.08.08 දින මාවිල්ආරු සොරොව්ව කොටි ග්‍රහණයෙන් මුදාගෙන විවෘත කර හිමිකර ගත් ප්‍රථම ජයග්‍රහණය යෝධ ශක්‌තියක්‌ ජවයක්‌ පිරි දැවැන්ත ආරම්භයක්‌ ප්‍රවේශයක්‌ විය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

Pic Source

0 comments: