Pages

Monday, August 25, 2014

‘අපි ඔබේ වීදි වල’ – ඉස්ලාමික රාජ්‍යයෙන් ඇමරිකාවට පණිවුඩයක්

තමන් ඇමරිකාව තුළ ක‍්‍රියාත්මක වන බව ඉස්ලාමික රාජ්‍යය සංවිධානය විසින් ඇමරිකාවට අනතුරු හැගවීමක් නිකුත් කර තිබේ.

ධවල මන්දිරය අසල පෙන්සිල්වේනියා පටුමගේ සිට ජංගම දුරකථනයකින් ඉස්ලාමික රාජ්‍යයේ ධජය දක්වන ඡයාරූපයක් අගෝස්තු 9වනදා ටිවිටර්හි පළ කර ඇති අතර එම ගිණුම පසුව ඉවත් කරගෙන ඇත.

එහි පළ කර ඇති පණිවුඩයේ දක්වා ඇත්තේ ඉස්ලාමික රාජ්‍යය ඇමරිකාවට ළගාවී ඇති අතර නුදුරේදීම තම ඉලක්කය අත්පත් කරගන්නා බවයි.

පසුව එය තවත් ට්විටර් ගිණුමකින් යළි පළ කර ඇති අතර ඇමරිකානු රාජ්‍යය තුළ, නගර තුළ, වීදි තුළ ඉස්ලාමික රාජ්‍යය සැරිසරන බව එහි සටහන් කර තිබේ.

උතුරු ඉරාකයේ ඉස්ලාමික රාජ්‍ය පාලන ප‍්‍රදේශ ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් තීරණය කිරීමෙන් දිනකට පසුව මෙම අනතුරු හැගවීම නිකුත් කිරීම විශේෂත්වයකි.

ඇමරිකානු බලධාරීන් පවසා ඇත්තේ කුර්දිස්ථානය තුළ සිටින ඇමරිකානු ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රැකවරණ පතා සින්ජාර් කඳුකර ප‍්‍රදේශයට පලාගොස් සිටින ඉසාඩි කුර්දිවරුන් ආරක්ෂා කිරීම තම තීරණයට පදනම් වූ බවයි.

පසුගිය ජුනි මසදීද මේ හා සමාන අනතුරු හැගවීමක් නිකුත් කෙරුණු අතර චිකාගෝහි පිහිටා ඇති පැරණි ජනරජ ගොඩනැගිල්ලේ ඡයාරූපයක් දක්වමින් මෙහි සිට තම සටන්කාමීන් මෙහෙයවෙනු ඇති බව ඉස්ලාමික රාජ්‍යය විසින් පවසනු ලැබිණි.


Pic Source

0 comments: