මඬුල්ල ප්‍රදේශය හරහා රන්ටැඹේ ජලාශයට ගලා බසිනා මඩුල්ල ඔයේ ජල කඳ ගොළුවලේ නමැති ස්‌ථානයේ දී විශාල ගලක් යටින් ගලාගොස් ජල කඳ පිටතට මතුවන ස්‌ථානයේ ස්‌වභාවිකව සැදී ඇති දොරටුවක් වැනි ස්‌ථානයකින් ගලා එන ජලකඳ ඉතා දර්ශනීය ස්‌ථානයක් බවට පත්ව ඇත.
මෙම ස්‌ථානය සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයන්ට විවර කරන්නේ නම් එම ස්‌ථානය ස්‌වභාව සෞන්දර්යයේ අපූරු තැනක් බවට පත්කළ හැකිය.
මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යාංශය, වලපනේ ප්‍රාදේශීය සභාව හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැඩි අවධානය යොමු වුවහොත් මෙම ස්‌ථානය සංචාරක ආකර්ශනීය ස්‌ථානයක් බවට පත්කළ හැකි බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.
ඒ මගින් ප්‍රදේශයේ ජනතාවට ආදායම් උපයාගත හැකි මාර්ගයක් මෙන්ම මඩුල්ල ප්‍රදේශය තවත් සුන්දර ගමක් වනු ඇත.
වලපනේ - අරුණ ඩයස්
http://www.divaina.com/2014/08/15/provin08.html
0 comments:
Post a Comment