Pages

Monday, January 30, 2017

යෝධ ඇළේ අදෝනාව!

"එකක්‌ කඩතොළු මකා ගන්නට ගොසිsන් මට වුණු කාරියා දෙකක්‌ කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"

දැන් ධාතුසේන නිම්නයට අත්වී ඇත්තේ ද මේ ඉරණමය. මහවැලි එච්. කලාපයේ කුඹුරු අක්‌කර 80000 ක්‌ පමණ යල මහ දෙකන්නට පමණක්‌ නොව තව මැද කන්නකුත් ගොවිතැන් කිරීම සඳහා රුපියල් කෝටි 16000 ක්‌ ලෝකයට ණයවී මහවැලි දියවර මහවැලි එච්. කලාපීය කුඹුරු යායට ගෙන එනු ලැබිණි. මහවැලි වතුර කඳක්‌ එද්දී හෙළ රජදරුවන් විසින් ඉදිකර තිබූ යාය වැව් කුමටදැයි කියා වැව් 127 ක්‌ බිමට සමතලා කර දමනු ලැබීය. කලාවැවේ සිට තිසාවැවට දියවර ගෙන යැම සඳහා ක්‍රි.ව. 459 වැන්නේදී අනුරපුර අගනුවර රජ පැමිණි ධාතුසේන රජතුමා විසින් ඉදිකරන ලද රාජකීය යෝධ ඇළේ දිය ගමන පමා වැඩි යෑයි කියා යෝධ ඇළ දෙබෑවී නටබුන්වී යන පරිදි ජයගඟ ඉදිකරනු ලැබීය. මේ නිසා යෝධ ඇළ අභාවයට ගියේය. වැව් ටික නැතිවී ගියේය. වැව් ගම්මාන නැතිවී ගියේය. අද මහවැලි එච්. කලාපයට මහවැලි දියවර පිරිමහින තරමට නැතිව වී වගාවට හැදූ මහවැලි එච් කලාපය වී පුරයක්‌ වෙනුවට කෙසෙල් පුරයක්‌ බවට පත් වී ඇත. පාන් වෙනුවට කේක්‌ කාපල්ලා යයි කීවාක්‌ මෙන් අද මහවැලි එච්. කලාපයේ ගොවීන්ට බත් වෙනුවට කෙසෙල් හෝ සෝයා කෑමට සිදුව ඇත.

* අටුව කඩා පුටුව හැදීම

වැවක්‌ බැඳ වැහි ජලය එක්‌රැස්‌ කොට භූ තලය ජලයෙන් පුරවා අවට පරිසරය කොළ පාටට හරවා මුඩු බිම් සරුසාර ගොවි බිම් බවට පත්කොට හෙළ රජදරුවන් විසින් රජරට බත් රටක්‌ බවට පත් කරනු ලැබීය.

මෙම වැව් ගම්මාන සංස්‌කෘතිය මෑත යුගයේ පාලකයන්ට හැඩ මදිවී මහවැලි එච්. කලාපය තුළ පැවති වැව් ටික බිමට සමතලා කොට යෝධ ඇළ ද නටබුන් කර දමා ඇළවල් දිගේ දියවර ගලා යන වාරි සම්ප්‍රදායක්‌ ඇතිකරනු ලැබීය. වරින්වර මේ ඇළවල් දිගේ මහවැලි ජලය ගලාවිත් ජලය ඒම නැවතුණ විට ඇළවල් සිඳී යයි. මහවැලියේ වතුර නැතිදාට, කලාවැවේ වතුර නැතිවී යයි. කලාවැවේ වතුර නැතිදාට මහවැලි එච්. කලාපයේ අක්‌කර 80000 ක තරම් වූ වෙල්යාය වේළී ගොස්‌ පුරන් වැදී යයි. අද ඒ වින්නැහිය මහවැලි එච්. කලාපයට සිදුවී තිබේ. සුද්දාගේ කතාබහ ඇඳුම් පැළඳුම්, සංස්‌කෘතිය වැළඳ ගත්තාට කුඹුරේ වී ගොවිතැනට ඔහුගේ ඇළවල් දිගේ දියවර ගලා යන සංස්‌කෘතිය නුවර කලාවියට නොගැලපෙන බව දැන්වත් පාලකයන් තේරුම්ගත යුතුය.

* වී මෙටි්‍රක්‌ ටොන් 160,000 ක්‌ නොලැබී යැම

2016 යල කන්න පටන් ගත්තේ මැයි මාසයේදීය. මැයි මාසයේ වැටුණු මහ වැසි තුනකින් මහවැලි එච්. කලාපයට දියවර සපයන කලාවැව පිරී ඉතිරී ගොස්‌ තුන්වරක්‌ම වාන් දැම්මේය. ඒ අන්දමට කලාවැව දියවරෙන් පිරී තිබියදී වුවත් පසුගිය යල කන්නයේ දින 10 කට වරක්‌ පමණක්‌ මහවැලි ඇළවල් දිගේ වතුර එවීමෙන් වී ගොවිතැන අනියම් ලෙස අඩාල කර දැම්මේය. වී අතිරික්‌තයක්‌ ඇතැයි කියා වී ගොවිතැන ගොවීන්ට නොකියා අඩාල කර දැමීම මහවැලියේ කුමන්ත්‍රණය විය. මේ නිසා ගොවීන්ට වී වගා කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් එම කන්නයේ ලැබිය හැකිව තිබූ වී මෙටි්‍රක්‌ ටොන් 160,000 ක්‌ ජාතික වී නිෂ්පාදනයට අහිමි වූවා පමණක්‌ නොව මහවැලි එච්. කලාපයේ ගොවි පවුල් 35,000 කට බත් කටක්‌ කෑමට නැතිව කඩේ හාල් සහ පාන් රොඩු ගිලින්නට සිදුවිය. කලාවැවේ වතුර පිරී තිබියදී මහවැලි බලධාරීන් වී ගොවිතැනට වතුර නොදීම නිසා යල කන්න පාළු විය.

* ශාපය ඵලදීම

වැව් බැඳි රට පාලනය කරන්නේ වර්තමාන දේශපාලකයන් වුවත් ඔවුන්ටත් ජනතාවටත් නොපෙනෙන බලවේගයක්‌ රජරට තුළ පැළපදියම් වී ඇත. අනුරාධපුර දිසාවට වැව් 3472 ක්‌ බැඳ දී වැව් බැඳි රට බතින් බුලතින් පුරවා සශ්‍රීක කළ හෙළ රජදරුවන් වැව් බැඳි රටට අරක්‌ගෙන සිටී. කලාවැවේ වතුර තිබියදීත් වී වගාවට වතුර නොදීමේ ශාපය රට කරවන්නන්ට දැනෙන්නට මෙවර මහ කන්නයේ පුරුදු වැහි රටාව මුළුමනින්ම අකාමකා දැමීමට වැව් භාර දෙවිවරු කටයුතු කර ඇත. පෙරදා මහ කන්නයේදී වැව් පිරී ඉතිරී ගොස්‌ සමහර වැව්වල කඩවල පවා හැදුණු නමුත් මෙදා වැහි කඳුළක්‌ නැත. වැහි පිරිත් කීවත් දෙවිවරු කනකට ගෙන නැත. අතීතයේ කවරදාකවත් සිදු නොවූ පරිදි මහ කන්නයේ වැස්‌ස නැතිවී ගියේය. වැව් වේළී ගියේය. කුඹුරු පුරන් වී ගියේය. දෙනෝදාහක්‌ ගොවි ජනතාව හුන් බතට පත්විය. සේන රජුගේ අවපාලනය නිසා අතීතයේ එක්‌ යුගයක මුළු රටටම දැනෙන්නට "බැමිණිටියා සාය" කඩාවැදුණි. එවන් සාගතයක්‌ යළි නොඒවායි දෙවියන් යදින රටට බත දුන් ගොවියෝ අද පිටරට හාලේ බත පිටරට පිටිවල පාන් රොඩු ගිලිමින් කල දවස ගෙවති.

* යහ වැඩක දැලි ගෑම

ගොවීන් තුළ පවත්නා රසායනික පොහොර ඇබ්බැහිය ක්‍රමයෙන් තුනී කර දැමීම සඳහා අඩු මිලට පොහොර දෙනවා වෙනුවට අක්‌කරයට කන්නකට රුපියල් පන්දහස බැගින් මුදලින් පොහොර සහනාධාරයක්‌ ලබාදී විවෘත වෙළෙඳපොළේ රසායනික පොහොර මිල වැඩි කළේය. වකුගඩු, පිළිකා වැනි බෝ නොවන රෝගවලින් ජනතාව බේරා ගැනීම සඳහා රජය විසින් ගනු ලැබූ මේ ප්‍රතිපත්තිය ප්‍රශංසනීයයි. නමුත් මේ දුරදක්‌නා වැඩපිළිවෙළේ දැලි තැවරී යන පරිද්දෙන් මෙවර වගා නොකරන ලද පුරන් බැස ඇති කුඹුරුවලටත් රජයේ පොහොර සහනාධාරය ලැබී ඇත. බොහෝ ගොවීන් බිත්තර වී ඇටයක්‌වත් කුඹුරට දමා නැත. නමුත් පොහොර සඳහා අක්‌කරයට රුපියල් 5000 බැගින් අක්‌කර 2 1/2 කට මහවැලි එච්. කලාපීය බොහෝ ගොවීන්ට රුපියල් 12500 ක සහනාධාර මුදල් ලැබී ඇත. මෙය ගොවීන් වංචාවට බොරුවට හොරකමට පුරුදු කිරීමකි. පොහොර සහනාධාරය දිය යුත්තේ වගා කළ ගොවීන්ටය. වගා නොකළ පුරං කුඹුරුවලටත් සහනාධාර මුදල් දීම ගොවීන් වංචාවට පෙළඹවීමකි. හැම තුලානකම කෘ.ප.නි. වරුන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාමනිලධාරීන් ආදී වශයෙන් රජයේ වැටුප් ලබන රොත්තක්‌ සිටිති. මේ අය මඟින් වගාවන් පරීක්‍ෂා කර බලා වගා කළ දේට පමණක්‌ රජයේ සහනාධාරය දුන්නේනම් ගොවීන් වංචාවට පෙළඹෙන්නේ නැත. සොයා නොබලා ගොවීන්ට බෙදාදුන් මේ මුදල් අඩු වශයෙන් 

"නියං සහනාධාර" ලෙසවත් නම් කොට බෙදා දුන්නේ නම් රාජ්‍ය මුදල් වංචාව මෙහිදී සිදු නොවේ.

* වැව් ටික ගිල දැමූ ජපන්ජබර ශාකය

ආත්ම අභිමානයෙන් ජීවත් වූ වැව් බැඳි රටේ ගොවි ජනතාවගේ ආර්ථික කොන්ද බිඳ දමන්නට ආර්ථිකයේ උල්පත වූ වැව් පද්ධතිය විනාශ කර දමන්නට "බ්‍රවුන්රීග්" නම් වූ සුදු පාලකයා විසින් වැව් බැඳි රටේ වැව්වලට ජපන් ජබර ශාකය ලස්‌සන මල් වර්ගයක්‌ ලෙස මූනිච්ඡාවට හඳුන්වාදෙමින් බෝකරනු ලැබීය. ජපන්ජබර ශාකය වැව්වල මාරයෙකි. ඒවා මඟින් වැව් ගොඩකරමින් වැවේ පැවැත්මට රුකුලක්‌ වූ නෙළුම්, මානෙල්, ඕලු වැනි පළල් පත්‍ර සහිත දේශජ ජලජ ශාක විනාශ කර දමනු ලැබීය. වැව් බැඳි රටේ හිරුරැස්‌ දැඩිය. වැවක්‌ පවතින්නේ ගහ කොළ නැති විවෘත පරිසරයකය. මේ නිසා නිතර දෙවේලේ දැඩි හිරුරැස්‌ වැවට පාත් වීමෙන් වැවේ ජල වාෂ්පීකරණය සිදුවී ඉක්‌මනින් වෑ දිය සිඳී යයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා හෙළ රජදරුවන් විසින් දිය මතුපිට පළල් කොළ ර¹ පවතින නෙළුම්, මානෙල්, ඕලු වැනි දේශජ ජලජ ශාක වැව්වලට බෝකරනු ලැබීය. විදේශීය ජපන් ජබර ශාකය වැව ආක්‍රමණය කරමින් වැවේ පැවති දේශජ ජලජ පැළෑටි මුළුමනින්ම වඳකර දමනු ලැබීය. අද වැව් බැඳි රටේ දහසක්‌ වැව්වල නෙළුම්, මානෙල්, ඕලු දකින්නට නැත. ජාතික පුෂ්පයක්‌ වූ මානෙල් මල ද අද විරලය. වාපි ශිල්පයේ පියා බඳු අනුරපුර අභයවැවට ද අද වන විට ජපන් ජබර ශාකය රිංගා ඇත. නිදහස ලැබී වසර 68 ක්‌ ගෙවී යන තුරුත් රජරට දේශපාලකයන්ට රජරට ආත්මය වූ වැව්වල පවතින ජපන් ජබර ශාකය වඳකොට දේශජ ජලජ ශාක වූ නෙළුම්, මානෙල් ආදිය යළි වැව්ගත කරන්නට තවමත් හැකි වී නැත.

* නියං සහනාධාර හඬ

රජය දේශපාලන වශයෙන් අවුල් ජාලයක පැටලී සිටියදී එසේම හැඳි මිටෙන් පවා බදු අයකරන්නට තරම් ආර්ථික අගාධයක වැටී සිටියදී දැන් දැන් වැව් බැඳි රටේ ගොවියාගෙන් නියං සහනාධාර හඬ මතුවන්නට පටන්ගෙන ඇත. බොහෝ අය කියන්නාක්‌ මෙන් මෙය ද රජය විසින් ඉල්ලං කෑමකි. පසුගිය යල් කන්නයේ වී වගාවට වතුර තිබියදී වතුර නොදී වී වගාව අඩාල කිරීමේ හේතුවෙන් සියල්ල කණපිටට පෙරළී ගොවිතැන් පාළුවී හුන්බතට පත්වන්නට මුලපුරමින් සිටින මේ අවස්‌ථාවේ ගොවීන් නියං සහනාධාර ඉල්ලීම ගැන පුදුම වන්නට දෙයක්‌ නැත. "කොරේ පිටට මරේ" කීවාක්‌ මෙන් ආර්ථික අහේනිකම් මැද වුවත් වැව් බැඳි රටෙන් මතුවන බඩගිනි හඬට රජයට කන් දෙන්නට සිsදුවනු ඇත.

වී කිලෝව රුපියල් 50 යි හාල් කිලෝව රුපියල් 100 යි

මේ වන විට විවෘත වෙළෙඳපොළේ වී කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 50 කි. හාල් කිලෝවක්‌ හදන්නට වී කිලෝ 1 1/2 ක්‌ අවශ්‍යයි. ඒ අනුව වීවල වියදම පමණක්‌ රුපියල් 75 ක්‌ වේ. නිෂ්පාදන, ප්‍රවාහන, අතින් අතට මාරු, ලාභ ආදිය මීට එකතු වූ විට හාල් කිලෝවක මිල රුපියල් 100 ක්‌ වීම නොවැළැක්‌විය හැකිය. මේ තත්ත්වය පාලනය කරන්නට රජයට ඇති එකම විකල්පය පිටරටට දිව දික්‌ කිරීමය.

වී සහලින් ස්‌වයංපෝෂිතව පැවැති රටක්‌ අමනයන්ගේ අදූරදර්ශී වැඩ නිසා යළිත් වරක්‌ බත්වේලට පිටරටවලට දිව දික්‌කරන්නට සිදුවී තිබේ. වී අතිරික්‌තයක්‌ ඇති යයි කියමින් වී අස්‌වනුවලින් කොටසක්‌ මත්පැන් නිෂ්පාදනයට ද තවත් කොටසක්‌ සත්ව ආහාරවලට ද විකුණන ලද බව පසුගිය දිනවල වාර්තා විය. දැන් වී සහල් නැතිව පිටරට හිඟමනේ යයි. මෙවැනි අමනයන් ගත් තීරණ තීන්දු නිසා අද ජනතාව බඩගින්දරට පත්වෙමින් ඇත. මඩුවලිගයෙන් තැලිය යුත්තේ මෙවැනි තීරණ තීන්දු ගත් අමනයන්ටය.

* බලාගෙනයි බඩඉරිඟු

මේ දිනවල අනුරාධපුරයට යනෙන පාරවල් දැලේ බඩඉරිඟු කරල් ගොඩගසාගෙන එවෙලේම තම්බමින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ පුංචි වෙළෙ¹ම් පටන්ගෙන ඇත. යථාර්ථය දන්නා අය එළවළු මිලදී ගැනීමේදී උනන්දු වන්නේ පළුදු වූ අඩුපාඩු සහිත එළවළු - පලා ආදිය මිලදී ගැනීමටය. එසේම ඇටවලින් අඩුවක්‌ නැතිව කරල පිරී ඇති බඩඉරිඟු කරල් පිටුපස විෂකාරක කෘෂි රසායන සැඟවී ඇති බව බඩ ඉරිඟු හදන දන්නා ගොවියෝ දනිති. බඩඉරිඟු ගස පැළෑටිය කාලේ පටන්ම පැණි රසින් යුක්‌ත නිසා ඉතාම ඉක්‌මනින් විවිධ කෘමීන් වහ වැටේ. මෙවැනි කෘමීන් වඳකරන්නට විෂ අධික කෘෂි රසායන බඩඉරිඟු කරලට පවා යොදන ගොවියෝ සිටිති. කිරි බඩඉරිඟු කරල් රසවත්ය. මේ රසත් සමඟ වකුගඩු - පිළිකා රෝග මතුකරන වස විෂත් බඩඉරිඟු කිරි කරල් හරහා දිවෙන් - කටෙන් බඩට ගිලාබහින බව තේරුම් ගැනීම නුවණට හුරුය.

* එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2017/01/30/feature02.html

Pic Source

ඩයනාගේ මඟුල් මුද්දේ ලෙළෙන අපේ නිල් මැණිකේ ඉතිහාසය

1980 අවුරුද්දේ ජනවාරි 17 වැනිදා රත්නපුරේ මැණික්‌ ව්‍යාපාරික නිමල් පතිරණට හදිසි වාසනාවක්‌ උදා කළ දවසකි. එදා උදේ 10 ට පමණ පැරැණි මිතුරෙක්‌ තවත් හතර දෙනකු සමඟ ඔහු හමුවීමට ආවේය. බේබි සිංඤෝ නමැති මේ මිතුරා නිමල් පතිරණට මැණික්‌ ගල් ගෙනා ගල් බ්‍රොකර් කෙනෙකි. 1979 තෙක්‌ නිතර නිතර පතිරණ හමුවී මැණික්‌ සැපයුව ද ඉන්පසු බේබි සිංඤෝ අතුරුදන් වෙයි. පසුව ඔහු රක්‌වානේ පොතුපිටියේ පතලක්‌ බැස ඇති බවට පතිරණට පණිවුඩයක්‌ එන්නේය. බේබි සිංඤෝ අතට හොඳ ගලක්‌ හමුවුණොත් ඔහු අනිවාර්යයෙන් තමා වෙත එන බව නිමල් පතිරණ දන්නේ ය.

එය එසේම සිදුවිය. බේබි සිංඤෝ එදා පැමිණ සිටියේ රාත්තල් එකහමාරක්‌ බර ගලක්‌ රැගෙනය.

"මොකක්‌ද මේක.......?" නිමල් පතිරණ ඇසුවේය.

"නිලක්‌" බෙබි සිංඤෝ කීවේය. මෙච්චර හොඳ ගලක්‌ ආයි මේ ආත්මෙදී හම්බ වෙන්නෙ නැහැ."

නිමල් පතිරණ ගල පිරික්‌සුවේය. මේ ආත්මයේ නොව ලබන ආත්මයේදීවත් මෙවැනි ගලක්‌ නොලැබෙන බව ඔහු සිතින් තක්‌සේරු කර ගත්තේය. "ගලට කීයක්‌ බලාපොරොත්තු වෙනවද?" ඔහු ඇසුවේය.

"අඩුම ගණනේ ලක්‍ෂ සීයක්‌වත් ඕනෑ. හරියට කපා ගත්තොත් ලක්‍ෂ පන්දාහකට එහා ඔය ගලෙන් හම්බ කරන්න පුළුවන්" ඒ බේබි සිංඤෝ ගේ උත්තරය ය. 

නිමල් පතිරණ ගල කිරා බැලුවේය. කැරට්‌ බරෙන් නම් කැට්‌ 3250 ක්‌ එතැන විය. ගල නැවතත් පෙරළා බැලූ පතිරණ එයට යටින් ටෝච් එක ගසා මෙසේ කීවේය. "මැද පැල්මක්‌ තියෙනවා නේද?"

"මේකනෙ නිමල් මහත්තයා වැඩේ. කැරට්‌ 3250 ක ගලක්‌ ඒ බර තියාගන්නට කපන රටක්‌ නැහැනෙ. මේ ගලත් එහෙමයි. පැල්ම තියෙන තැනින් ගල ඉරා ගන්න හැකි. ඊට පස්‌සෙ තව කෑලි කීයකට නම් මේක වෙන් කර ගත හැකිද? එක කෑල්ලකින් කෝටි කීයක්‌ නම් හොයන්න හැකිද?

"කීයක්‌ ඉරුවත් ලක්‍ෂ 100 ක්‌ නම් දෙන්න බැහැ. එහෙම දෙන්න සල්ලි මා ළඟ තියා කා ළඟවත් ඇත්තෙත් නැහැ...... නිමල් පතිරණ කීවේය. ලක්‍ෂ 30 ක්‌ දෙන්නම්..."

"හැත්තෑපහක්‌ දෙන්න." බේබි සිංඤෝ කීවේය.

"තිස්‌පහක්‌ දෙන්නම්."

"කෙරෙන්නම කතා කරමු නිමල් මහත්තයා..." බේබි සිංඤෝ ස්‌ථිර හඬින් කීවේය. පනහක්‌ දෙන්න...."

"හොඳයි හතළිහක්‌ දෙන්නම්....." නිමල් පතිරණ තම දැතේ තිබූ ගල බේබි සිංඤෝ අතට දෙමින් හිඳ සිටි තැනින් නැඟී සිටියේය. කතා නොකළ බේබි සිංඤෝ එකඟත්වය පළ කරමින් හිස සැලුවේය. කැරට්‌ 3250 ක්‌ බර ලොව ඒ වන විට සොයාගෙන තිබූ ලොකුම නිල් මැණික නිමල් පතිරණගේ ගෙදර කාමරයක ඇතුළු බිත්තියෙක සවිකර තිබූ රහස්‌ සේප්පුවකට ගියේය.

1980 දී රුපියල් 500, 1000, 2000, 5000 නෝට්‌ටු නැත. එකල පාන් රාත්තලක්‌ සත 35 ක්‌ වූ අතර හොඳම සම්බා කිලෝවක්‌ රුපියල් එකයි සත දහයකට වැඩි නොවීය. සීනි රාත්තලක්‌ සත 72 කි. භූමිතෙල් බෝතලයකුත් සත 72 කි. බස්‌ හෝල්ට්‌ 6 ක්‌ පමණ දුර යැමට බස්‌ ටිකට්‌ටුව ශත 25 කි. උපාලි විජයවර්ධනගේ උපාලි මෝටර්ස්‌ සමාගම මෙරටදී නිෂ්පාදනය කළ µ්‍රන්ට්‌ වීල් කාරයක්‌ වූ උපාලි µsයට්‌ රථයක්‌ රුපියල් 72,000 කි. වැඩිම වටිනාකම සහිත මුදල් නෝට්‌ටුව රුපියල් 100 කි. ඊට අමතරව රුපියල් 50. රුපියල් 10, රුපියල් 5, රුපියල් 2 යනාදී වශයෙන් නෝට්‌ටු සංසරණය විය.

රුපියල් ලක්‍ෂ 40 කට සීයේ නෝට්‌ටු හතළිස්‌ දහසක්‌ තිබේ. පනහේ නෝට්‌ටු අසූදාහක්‌ තිබේ. නිමල් පතිරණගේ සල්ලි සේප්පුවල ලක්‍ෂ 90 කට වඩා තබිණ ඔහු කල්පනා කළේ මේ තරම් විශාල මුදල් තොගයක්‌ බේබි සිංඤෝ ගෙදර ගෙන යන්නේ කොහොමද යනුවෙනි. අන්තිමේදී බේබි සිංඤෝ සමඟ සාකච්ඡා කළ ඔහු බේබි අතට සත 25 ක්‌ දී ළඟම පිහිටි සිල්ලර කඩෙන් හිස්‌ හාල් ගෝනි 2 ක්‌ රැගෙන එන ලෙස කීවේය.

"ඒ මොකටද...?" බේබි ඇසුවේය. මැණික්‌ ගල් බ්‍රොකර් කෙනෙකු වූ බේබි සල්ලි විශාල ප්‍රමාණවලින් ගනුදෙනු කර තිබුණේනැත. ඒ බැවින් විශාල මුදල් තොගයක පරිමාව හෝ විභවය ඔහුට නොතේරෙන බව නිමල් පතිරණට වැටහින. තමා ලක්‍ෂ 40 ගෙවීමට යන්නේ රුපියල් සියයේ නෝට්‌ටු සහ පනහේ මුදල් නෝට්‌ටුවලින් කලවමේ බැවින් එතැන නෝට්‌ටු හැටදහසක්‌ පමණ විය හැකිබව ඔහු බේබි සිංඤෝ පෙන්වා දුන්නේය.

අන්තිමේදී මුදල් තොගය එකක්‌ සත 10ක්‌වූ ගෝනි දෙකක බහා ඒවා උඩින් එළවළු අතුරා කටවල් හොඳින් බඳින ලදී. බේබි සිංඤෝ ඇතුළු පිරිස ඒවා කර තබාගෙන නික්‌ම ගියහ.

නිමල් පතිරණ එදා මැදියම් රෑ ඉක්‌මවන තුරුත් අවදිව සිට කල්පනා කළේ මැණික්‌ ගලට කුමක්‌ කරන්නේ ද යන්නය. එය එහෙමම තායි මැණික්‌ වෙළෙන්දෙකුට විකුණනවාද? එහෙමත් නැත්නම් කැබලිවලට ඉරා කපා ඔප දමා විකුණනවාද යන්න තේරුම් බේරුම් කර ගැනීමට ඔහුට බැරි විය. මෙතැන් සිට පහතින් පළවන ඡේදයෙන් කියෑවෙන්නේ 1980 ජනවාරි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේදී තමා අත්විඳි දේ ගැන නිමල් පතිරණ තම වචනවලින් පැහැදිලි කරන කතාවය.

"එතකොට මට වයස තිහකට වඩා නැහැ. සල්ලි - මැණික්‌ ගෙදර තියෙන නිසා මම හැම තිස්‌සෙම සූදානමින් හිටපු කෙනෙක්‌. ඔන්න එදා රෑ 12ට විතර මම සාලේ පුටුවකට වෙලා කල්පනා කළා ගලට මොකද කරන්නේ කියලා. ගෙදර ඔක්‌කොමලා නිදි. හිටපු ගමන් සාලේ මැද්දෙන් සුදු ඇඳුමක්‌ ඇඳපු රූපයක්‌ මතුවුණා. ආයුධයක්‌ ගන්න කාමරේට යන්න නැගිට්‌ටත් මට නැගිට ගන්න බැහැ. පුටුවට බැඳලා වගේ. සුදුපාට රූපෙ කතා කරන්න පටන් ගත්තා. ඕක හරි වටින මැණිකක්‌. දැන් උඹ ලංකාවේ ලොකුම කෝටිපතියා වෙලා ඉවරයි. හැබැයි ඔය මැණික හිතු මතයට කපන්න එපා. ඊට කලින් උඹ රත්නපුරේ මහ සමන් දේවාලෙට ගිහින් පූජාවක්‌ කරන්න ඕනෑ. එහෙම කියලා රූපය අතුරුදන් වුණා.."

ලැබුණු උපදෙස්‌ ඒ හැටියටම අනුගමනය කරමින් නිමල් පතිරණ සමන් දෙවි හාමුදුරුවන්ට පූජාවක්‌ පවත්වා ගල කැබලිවලට ඉරුවේය.මේ ගලෙන් කැරට්‌ 22 ක්‌ බර කොටසක්‌ කපා ඔප දමා ළඟ තබා ගත් ඔහු ඉතිරිය එසේම කපා ඔප කර ලොව පුරා වික්‌කේය. ඒ කාලයේ හැටියට ඔහු එයින් රුපියල් කෝටි 100 කට එහා ඉපැයිය යුතුය. එහෙත් ඔහු කීයක්‌ උපයන ලද්දේ දැයි අප දන්නේ නැත.

1981 දී බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජන ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියාය. යටත් විජිත රසික සමාජයේ සභාපති ලෙස හැසිරුණ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ඇය වෙනුවෙන් බොහෝ උත්සව පවත්වා කොළඹ ජනාධිපති මැඳුරේදී මැණික්‌ ප්‍රදර්ශනයක්‌ ද සංවිධානය කළේය. විශාල සිප්පි කටුවක්‌ මැද තැබූ නිමල් පතිරණයට අයත් කැරට්‌ 22 නිල් මැණික ඔහු ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේය. තියුණු ආලෝක ධාරාවක්‌ මැණික මතට එල්ලකර එය කැපී පෙනීමට සැලැස්‌වීමට සංවිධායකයෝ කටයුතු කර තිබිණි. හරියටම එදා උදේ 10.30 ට මහ රැජන ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මන්දිරයට ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස සෑහෙන වේලාවක්‌ බලා සිටි ඇය ප්‍රදර්ශනය නැවත වරක්‌ නැරඹීමට හවස්‌ වරුවේ එන බව කියා නික්‌ම ගියාය. හවස හතරයි පහට ඡේ. ආර්. සමඟ මහරැජන නැවත එහි ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස බොහෝ වේලාවක්‌ බලා සිට ඇය ජනාධිපති ඡේ. ආර්.ගෙන් කිසිවක්‌ ඇසුවාය.

ඊළඟ මොහොතේදී නිමල් පතිරණ දෙසට හැරුණු ඡේ. ආර්. රෙද්දත් ඇඳගෙනම මෙසේ විමසීය.

"නිමල් කැමතිද මහ රැජනට මේ මැණික තෑගි දෙන්න..?"

නිමල් පතිරණ දැන් කිව යුත්තේ කුමක්‌ද? මෙතැන නිමල් පතිරණ වෙනුවට ඔබ සිටියේ නම්, ඔබ කරන්නේ කුමක්‌ද?

"හොඳයි සර් අතින්ම මේක එතුමියට තෑගි දෙන්න......" නිමල් පතිරණ කීවේය.

ඡේ. ආර්. වහාම මැණික ගෙන දොතින්ම මහ රැජනට දුන්නාය. ඇය ද රෙදි ඇඳගෙනම වෙන මිනිහකුට අයත් නිල් මැණික ඡේ. ආර්. අතින් ලබාගෙන ඒ වෙන මිනිහා වන නිමල් පතිරණට ස්‌තුති කර නික්‌ම ගියාය.

************

1947 දී රත්නපුරයේදී උපන් නිමල් පතිරණ මැණික්‌ පරම්පරාවකට අයත් කෙනෙකි. ඔහුගේ පියා සහ බාප්පලා මෙරට සිංහල - බෞද්ධ මැණික්‌ ව්‍යාපාරික ප්‍රජාවගේ සමාරම්භක සාමාජිකයෝ ය. අවුරුදු 22 දී මැණික්‌ ව්‍යාපාරයට ඔහු එන විට ඔහු වැනිම තවත් තරුණ සිංහලයන් පිරිසක්‌ එම ව්‍යාපාරයට අවතීර්ණ වූහ. ජිනදාස ගුරුගේ, රත්නාලෝක මුදලාලි, විජය නිල්මිණි මුදලාලි ඒ අතර වූහ. ඇහැලියගොඩ බුලත් මුදලාලි ඔවුන් අතර යෝධයා විය. නලීම් හඡ්ජියාර් මැණික්‌ ව්‍යාපාරික මුස්‌ලිම් ප්‍රජාවගේ ප්‍රමුඛයා ය. රත්නපුරේ ඇලෝසියස්‌ විදුහලේ උගත් නිමල් පතිරණ වයස 40 වන විට රත්නපුරේ ධනවත්ම මැණික්‌ ව්‍යාපාරිකයාව සිටියේය. ඔහුට අයත් සංචාරක හෝටලයක්‌ රත්නපුරයේ විය. රටේ හැම තැනකම ඉඩම්ද, කොළඹ බාන්ස්‌ පෙදෙසේ ගෙයක්‌ ද ඔහුට විය. ඔහු ඒ නිවස මිලට ගත්තේ තම දරුවන් එහි පදිංචි කරවා, කොළඹ ඉස්‌කෝලවලට යෑවීමටය. දරුවන්ගේ තනියට බිරිය ද එහි පදිංචි කළ ඔහු රත්නපුරයට වී සිය ව්‍යාපාර කටයුතු බලා ගත්තේය. සේවකයන් සමඟ මහා මන්දිරයක තනිව ජීවත් වූ ඔහු සතුව වසර සිය ගණනක්‌ පරණ මෝටර් රථ කිහිපයක්‌ සහ පුරාවස්‌තු රැසක්‌ තිබිණ. ඔහු ජීවත් වූ මහා මන්දිරය මැද තෙත් වන ගහනයක්‌ වැනි කුඩා උයනක්‌ වූ බවත් එහි ජලජ ජීවීන් මෙන්ම දිය ගොඩ දෙකෙහිම වසන උභය ජීවීන් ද ජීවත් වූ බව මේ ලියුම්කරුට මතකය.

පසු කාලයේදී නිමල් පතිරණගේ ආර්ථිකය පරිහානියට පත් විය. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක්‌ මේ ලියුම්කරුට නොලැබිණ. මේ ලියුම්කරුට ඔහු සමඟ කිට්‌ටු ඇසුරක්‌ ද තිබිණි. අවසානයේදී ඔහු ගැන ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ ඔහු අතුරුදන් වූ බවය.

නිමල් පතිරණ හොඳ සිහියෙන් සිටියේ නම් කවදාවත් මඟ වැරදීමකට ලක්‌වීමට හෝ ඉබාගාතේ ගොස්‌ අතුරුදන් වීමකට පත්වන කෙනෙකු නොවේ. ඔහු තරම් පිටරටවල සංචාරය කළ වෙනත් ව්‍යාපාරිකයකු සොයා ගැනීමට අපහසුය. වරක්‌ ඔහු තමා සතු පාස්‌පෝට්‌ 87 ක්‌ මේ ලියුම්කරුට පෙන්විය.ඇතැම් විට ඔහුගේ පාස්‌පෝට්‌ මාස තුනකින් පිරී ගිය අතර ඔහු අවුරුද්දකට පාස්‌පෝට්‌ 3 ක්‌ පමණ ලබාගෙන තිබිණි.

***************

නිමල් පතිරණගෙන් තෑගි වශයෙන් ඉල්ලාගත් කැරට්‌ 22 නිල් මැණික මාලිගයට ගෙන ගිය මහ රැජන එය චාල්ස්‌ - ඩයනා විවාහ ගිවිස ගන්නා විට ඩයනාගේ මුදුවට එබ්බවීම සඳහා තෑගි කළාය. සුදු රත්තරනින් තැනූ එම මුදුවට ගල එබ්බවූ රන් කරුවෝ, හොඳම වර්ගයේ දියමන්ති රවුමක්‌ ගල වටා ඇල්ලූහ. මීට වසර කිහිපයකට ඔටුන්න හිමි විලියම් කුමාරයා සමඟ කේට්‌ කුමරිය විවාහ වන විට ඇයට පළඳවන ලද්දේද ඩයනා දැමූ එම මුදුවය. එය පරම්පරාවෙන් පරම්පරාවට රාජකීය තරුණියන්ගේ අත්වල විවාහ ගිවිස ගැනීමේ මුදුවක්‌ ලෙස දිලෙනවා ඇත.

ඒ අගනා මැණික තිබෙන තැන සහ එහි නූතන හිමිකරුවන් ගැන ලොවම දනිති. එහෙත් එහි අයිතිකරු වූ නිමල් පතිරණ සිටින තැන මෙය ලියන මොහොත වන විටත් කවුරුවත් දැන සිටියේ නැත.

සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ
http://www.divaina.com/2017/01/29/feature40.html

Sunday, January 29, 2017

දහතුනේ එල්ලී හිටන් - රට බෙදුමට කරමුද සටන්!

හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා 1978 සකස්‌ කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් විධායක ජනාධිපති ධුරය ඇති කරන ලද්දේ එක්‌ ආසනයකින් එහි චන්ද දායකයන්ගේ බලයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකු රටේම අගමැති වී නායකත්වයට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි යෑයි කියමිනි. එය සත්‍යයකි. අගමැතිවරයා ධුරයෙන් පහකිරීමට ද අගමැතිවරයා ගන්නා සාධාරණ තීරණයන් වුවද පසුබට කිරීමටද පාර්ලිමේන්තුවට හැකිය. 1972 ජනරජ ව්‍යවස්‌ථාව පරිදි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ නායකයාව සිටියේය. මෙම තත්ත්වය දිගින් දිගට පැවතියේ නම් සැබවින්ම තිස්‌වසරක්‌ පුරා ඇවිලී ගිය දෙමළ ආක්‍රමණික කැරැල්ල පරාජය කිරීම අසීරුවනු ඇත. කෙසේ නමුත් ඉන්දියාවේ බලපෑම මත ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පළාත් සභා සහිත දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට සිදු විය. එයට හේතුව ඒ වන විට දෙමළ නිජ බිම් සංකල්පයට සහ බෙදුම්වාදයට එරෙහිව ප්‍රබල විද්වත් මතයක්‌ සහ ජනමතයක්‌ ඇතිව නොතිබීමයි.

දෙමළ නිජබිම් සංකල්පය යනු දහනම වන සියවසේ දී ඇමරිකන් මිෂනාරීන් විසින් අධ්‍යාපනය ලබාදී බලවත් කරන ලද දෙමළ ප්‍රභූන්ගේ මනස්‌ගාතයකි. මෙලෙස සිය අදහස්‌ ප්‍රකාශයට පත් කරන ලද කිසිම දෙමළ පුද්ගලයකු පරම්පරාගතව යාපනයේ ජීවත් වූවන් නොවීය. ලන්දේසීන් විසින් මලබාරයෙන් ගෙන්වා පදිංචි කරන ලද වහලුන් සහ ඔවුන්ගේ කංකානිවරුන්ගෙන් මොවුහු පැවතෙන බව පෙන්වා දිය යුතුය. නමුත් දහතුන් වන සියවසේ උතුර පාලනය කළ ආර්ය චක්‍රවර්තීවරුන්ගෙන් ඔවුහු පැවතෙන බවට බොරු මුසා ඇද බෑහ. ඒ සඳහා ව්‍යාජ පෙළපත් සටහන් පවා අන්තර්ජාලයට දමා ඇත. ප්‍රශ්නය වන්නේ ලංකාවේ සිටින ඉතිහාසඥයන් මේ මතය බිඳීමට ඉදිරිපත් නොවීමයි. මහාචාර්ය කේ. එම්. ද සිල්වා වැන්නවුන් ඉදිරිපත් කළ මත දේශපාලනඥයන්ද ඉහළින් පිළිගත්හ. එම නිසා මේ ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පය මතවාදීව පරාජය කරනට ඒ යුගයේ කිසිවකුට හැකි නොවීය.

යාපනයේ නගරාධිපති දොරේඅප්පා ඝාතනයෙන් පසුව මේ දෙමළ බෙඳුම්වාදයේ සන්නද්ධ අංශය බලවත් විය. පසුව පොලිස්‌ නිලධාරීන් ඔවුන්ගේ ඉලක්‌කය විය. 1983 වසරේදී හමුදා භටයන් 13 දෙනකු මේ ප්‍රහාරවලින් ජීවිතක්‌ෂයට පත් වීමෙන් මුළු රටම කැළඹී ගියේය. මෙම අවස්‌ථාවේදී ඡේ. ආර්. ජයවර්ධන මහතා රටේ නායකත්වය නිසි පරිදි නොගැනීමෙන් රට පුරා ප්‍රචණ්‌ඩත්වය ඇවිලී ගියේය. කටකතා පැතිර යැමෙන් කොළඹ නගරයට ද ප්‍රහාර එල්ල වේ යෑයි බියක්‌ ඇති විය. මෙයින් කලබලයට පත් ජනතාව කොළඹ නගරයේ ඇති කළ විපර්යාසය ආරම්භ වන්නේ රාජකාරි සඳහා කොළඹ පැමිණි ජනතාව එකිනෙකා පරයා නිවෙස්‌වලට යැමට කළ දැඟලිල්ලෙනි. පාර පුරා මෙන්ම පදික වේදිකා මත්තේද ගමන් කළ වාහන නිසා නගරය අවුල් ජාලාවක්‌ විය. ඒ කලබල අවසරයෙන් ප්‍රයෝජනය ගත් ඔත්තු සේවා දෙමළ ව්‍යාපාරික ස්‌ථානවලට ගිනි තැබූහ. එය ආදර්ශයට ගත් මංකොල්ලකරුවන් මේ කෝලාහලය කොළඹින් පිටතටද රැගෙන ගියහ. රටම ගිනිගත් හැටි එහිදී අපට අමතක නොවේ.

දෙමළ බෙදුම්වාදයේ පළමු උගුලට සිංහල ජනතාව අසුවුණේ එසේය. මේ කලබලයේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාවේ පීඩනය ලංකාවට එල්ල වීමයි. දෙමළ ජනතාවට ප්‍රශ්නයක්‌ ඇතැයි ලෝකයට හෙළි වී ඇතැයි ඉන්දියාව සිතන්නට ඇත. ඔවුහු දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දුන්හ. තමිල්නාඩුවේදී ආයුධ පුහුණුවද දුන්හ. රජය මේ අවස්‌ථාවේදී කළේ උතුරෙන් එන පීඩනය වළක්‌වාගන්නට වන්නි දිස්‌ත්‍රික්‌කය තුළ බහුතර සිංහල ජනගහනය පිහිටුවීමට උපදෙස්‌ දීමයි.පසුව ගාමිණී දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් මහවැලි කලාප වල එය ව්‍යාප්ත විය. මායිම් ගම්මාන නමින් සංකල්පයක්‌ බිහිවූයේ එය අනුවයි. නමුත් කොටි ත්‍රස්‌තයන් මේ ගම්මානයන්ට පහරදීමත් සිංහල ජනතාව පළවා හැරීමත් සමගම දේශපාලන විසඳුමක්‌ සඳහා රජයට බලපෑම් එල්ල විය. විසඳුමක්‌ දිය යුත්තේ කුමන ප්‍රශ්නයකට දැයි කිසිවෙක්‌ ඇසුවේ නැත. නමුත් මේ වන විටත් උතුරේ සිංහල ජනයා ගැන කතාකරමින් ජනපද පිහිටුවීමේ පුරෝගාමියකුව සිටි සිරිල් මැතිව් මහතා ඡේ. ආර්. විසින් 1984 වසරේ දී පක්‌ෂයෙන් නෙරපා හැරියේය. ඒ බලය බෙදාහැරීම සම්බන්ධව ප්‍රසිද්ධියේ ඡේ. ආර්. විවවේචනය කළ නිසාය. 1985 වන විට ඉන්දියාව විසින් කොටි ත්‍රස්‌තයන් පෝෂණය කරන බවට රජයට තොරතුර ලැබී තිබුණි. නමුත් ආරක්‌ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි හෝ ඡේ. ආර්. හෝ එයට විරුද්ධව වචනයක්‌ කතා කිරීමට මැලි විය. ඒ වෙනුවට සිදු වූයේ රජිව් ගාන්ධි විසින් මොවුන් බලය බෙදීමේ ක්‍රියාවලියට තල්ලු කර දැමීමයි.

සර්ව පාක්‌ෂක සම්මේලන එහිදී ඇති වූ එකඟතාවය ආදී කරුණුවලින් පසු 1987 දී දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිණිස පසුබිම සැකසුණි. ඉන්දු ලංකා ගිවිසුම මගින් ඉන්දීය බලහත්කාරය තව තවත් දැඩි කරන ලදී. එයම සිංහල ජනතාව උතුරෙන් පළවා හැරීම පිණිස යොදා ගන්නා ලදී. මේ තරම් දුරක්‌ බෙදුම්වාදය පැමිණියේ සැබවින්ම ශක්‌තිමත් බෙදුම්වාදී විරෝධී මතවාදයක්‌ රට තුළ ස්‌ථාපිත නොවී තිබීම නිසාය. උගතුන් යයි කියා ගන්නා බහුතරයක්‌ නිහඬව සිටියහ. මහාචාර්ය විමල විඡේසූරිය අභය ආරියසිංහ වැනි වියතුන් ද අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතා පමණක්‌ බෙදුම්වාදයට ඉතිහාසයෙන්ම පිළිතුර දුන්හ.

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වනාහි ඡේ. ආර්. රජය කෙරෙහි බලයෙන් පටවන ලද්දක්‌ නොවේ. ඔවුහු ක්‍රමයෙන් එයට මානසිකව අනුගත වෙමින් පැවතුණි. බලය බෙදීම අවශ්‍යතාවයක්‌ ලෙසට ඡේ.ආර්. පිළිගනු ලැබූවේ ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පය හේතුවෙනි. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම මගින් එය පිළිගෙන තිබුණි. මේ නිසා රට බෙදීමේ ක්‍රියාවලිය සඳහා සිංහල දේශපාලනඥයන්ගේ මානසික එකඟතාවය තිබූ බව පැහැදිලිය. මහින්ද රාජපක්‌ෂ මහතා විසින් නන්දිකඩාල් කලපුවේ දී පරාජයට පත් කරන ලද්දේ දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශයයි. එය ද සැබවින්ම දේශපාලන විසඳුමක්‌ විය. නමුත් දේශපාලනඥයන් සියල්ල සැබවින්ම හදවතින්ම බලය බෙදීම නමැති සංකල්පය අත්නොහළහ. ඡේ. ආර්. කළා මෙන්ම මහින්ද රජයද වන්නි දිස්‌ත්‍රික්‌කයට මායිම්ව සිංහල ගම්මාන පිහිටුවීම ආරම්භ කළහ. නමුත් උතුරේ හෝ මන්නාරමේ එය සෘජුවම කිරීමට පසුබට වූහ. වරක්‌ විදෙස්‌ මාධ්‍ය හමුවකදී ඇසූ පැනයට පිළිතුරු දුන් මහින්ද රාජපක්‌ෂ මහතා කියා සිටියේ සිංහලයන්ද අවතැන් වූවන් බැවින් ඔවුන්ද පදිංචි කළ යුතු බවයි. නමුත් එම වචනය පොළොව මට්‌ටමේ සක්‍රීය නොවීය.

මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජයේ අවසාන කාලයේදී ජාතික බලවේගයන්ගේ ඉල්ලීම වූයේ දහතුන් වන සංශෝධනයට අයත් යම් යම් බලතල ඉවත් කරන ලෙසයි. මේ වන විට උතුරේ බෙදුම්වාදය මතවාදීව පරාජය කිරීම ආරම්භ කර තිබූ අතර දෙමළ ජනතාවට අනන්‍යවූ වෙනම ප්‍රශ්නයක්‌ නැතැයි සමාජය පිළිගෙන තිබුණි. මහාචාර්ය නලින් ද සිල්වා මහතා වැනි අය මෙම මතය ප්‍රබල ලෙසට සමාජගත කරන්නට උත්සාහ කළහ. මේ නිසා ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කළ යෝජනා මහින්ද පිළිගත යුතුව තිබුණි. එහෙත් අවාසනාවකට ඒවා ඉදිරිපත් කරන ලද්දේ මහින්ද මහතාව පාලනය කරගත හැකි අවස්‌ථාවකදී නොවේ. ඔහු ඒ වන විට තම බලය සඳහා නව සැලැස්‌මකට අවතීරණ වෙමින් සිටි අවස්‌ථාවයි. ජාතික හෙළ උරුමය වැනි පිරිස්‌ මෙම ඉල්ලීම් යුද්ධය අවසාන වූ වහාම කළේ නම් ඇතැම් විට එය සාර්ථක වන්නට ඉඩ තිබුණි. නමුත් ජාතික ව්‍යාපාරයේ ඇතැම් කාරණා සිදු වන්නේ ද බලය සහ බලය උදෙසාමය. ඒවා පදනම් වන්නේ මාක්‌ස්‌වාදී න්‍යායන් ගුරුකොට ගනිමිනි.

වර්තමාන රජය පත් වීම අහම්භයක්‌ නොවන බව පැහැදිලිය. දෙමළ බෙදුම්වාදීන්ගේ නිහඬ ක්‍රියාකාරිත්වය සහ බෙදුම්වාදයට පක්‌ෂ සිංහල දෙශපාලනඥයන්ගේ කුමන්ත්‍රණ හේතු කොට ගෙන මහින්දට පරාජය පිළිගන්නට සිදු විය. පසුව යහපාලන රජය පත් වී වසරක කාලයක්‌ තුළ අප දුටුවේ ඔවුන්ගේ බෙඳුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන ආකාරයයි. නව ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට ගත් උත්සාහය, එයට මහජන අදහස්‌ විමසීම, එහි වාර්තාව තුළ අඩංගු වූ බෙදුම්වාදී අදහස්‌, පසුව පාර්ලිමේන්තු අනු කමිටු වාර්තාව, අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීම මෙන්ම සංහිඳියා බළකායේ වාර්තා පිටවීම දක්‌වා මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වී තිබේ. නමුත් ජාතික ව්‍යාපාරයේ ඉදිරිපත් වීම මත මේ න්‍යාය පත්‍රය තාවකාලිකව හකුලා ගැනීමට රජයට දැන් සිදුව තිබේ. නමුත් ඔවුහු දෙමළාට ප්‍රශ්නයක්‌ ඇතැයි විශ්වාස කරති. එයට දෙන විසඳුම කුමක්‌ දැයි ජනාධිපතිතුමා අද්මිරාල් සරත් වීරසේකර මහතා ගෙන් විමසා සිටියේ එහෙයිනි. එම නිසා රජයේ බෙදුම්වාදී පිළිවෙත තවම වෙනස්‌වී නොමැති බව පෙනේ. මේ අතර අගමැති කාර්යාලය විසින් පත් කළ සංහිඳියා බළකායේ වාර්තාව ඔවුහු ජිනීවාවලට ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවෙති. එයට සමගාමීව උතුරේ දෙමළ ජනතාව සංවිධානය කොට රජයට බලපෑම් කිරීමටද ඉඩ ඇත. මේ තත්ත්වයෙන් පීඩාවට පත්වන රජය සමහරක්‌ විට දහතුනට එහා යන බලය බෙදීමකට එකඟවනු ඇත. ඉඩම් පොලිස්‌ බලතල දීමට එකඟ වනු ඇත. නව ව්‍යවස්‌ථාව පසෙකලා පවතින ව්‍යවස්‌ථාවට සංශෝධනය රැගෙන ඒමට යළි පිඹුරුපත් සකසනු ඇත.එය 1987 දී ඡේ. ආර්. ජයවර්ධනයන්ට ඇටවූ උගුලයි. ඡේ. ආර්. මෙන්ම වර්තමාන දේශපාලන නායකයන්ද මානසිකව බලය බෙදීමකට එකඟ හෙයින් සුළු පීඩනයක්‌ එල්ලකිරීමෙන් හෝ බෙදුම්වාදී සිතියම පුළුල් කර ගැනීමට ඔවුනට හැකි වනු නියතය. මේ තත්ත්වය නැවත නැවත උදා වන්නේ දෙමළ ප්‍රශ්නය නමැති ඊනියා සංකල්පය ඉතුරු වී ඇති හෙයිනි. එම සංකල්පය ව්‍යාජයක්‌ බව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ ඇත.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2017/01/29/feature29.html

හෙළ වාරි ශිෂ්ඨාචාරයේ මහා උරුමය - කලා වැව!

වනය මැද ඔයක්‌ අසල ලතවෙමින් බලාසිටින භික්‌ෂූන් වහන්සේලා දෙනමකි. එක්‌ නමක්‌ මැදිවියට ආසන්න වී සිටින අතර අනෙක්‌ භික්‌ෂුව තවමත් යොවුන් වියේ එළිපත්තට එබිකම් කරමින් සිටින හිරිමල් වියේ පසුවන සාමණේර භික්‌ෂුවක්‌ බව පෙනීයයි. උදෑසනින් අවදිව ගමනක්‌ ගොසින් ආපසු එමින් සිටින මේ දෙපල දෙගොඩ තලා ගලායමින් පවතින ඔයෙන් එගොඩවීමට නොහැකිව සිටිති. උදෑසන යමින් ගමන් කිසිදු අපහසුවකින් තොරව මේ ඔයෙන් එගොඩවීමට හැකි වුවත් ඔය ඉහත්තාවට ඇද වැටී ඇති මහා වර්ෂාව හේතුවෙන් දැන් එය පිටාර යමින් පවතින නිසා එගොඩවීමක්‌ තබා එසේ සිතීමටද ඉඩකඩක්‌ නැත්තේය.

සාමණේර භික්‌ෂුව මහත් නොඉවසිල්ලෙන් ඒ මේ අත ඇවිදිමින් දෙගොඩතලා යන ජලකඳ දෙස වරින්වර නොරිස්‌සුම් සහගත බැලුම් හෙලමින් සිටියත් වැඩිමහල් භික්‌ෂුව ඒ දෙස තම සුපුරුදු සන්සුන් බවින් යුක්‌තව නෙත් යොමාගෙන සිටින අතරතුර තම බාල භික්‌ෂුවගේ නොඉවසිලිවන්ත ඉරියව් දෙසද උපේක්‌ෂාවෙන් බලා "අද මේ ඔය දෙගොඩතලා අපගේ ගමනට බාධා කරන්නේ යම්සේ ද මතු යම් දවසක මේ ස්‌ථානයෙන් වේල්ලක්‌ බැඳ වැවක්‌ තනවා මේ ඔයේ ගමනට බාධා පමුණුවන්න" යි පැවසීය.

මේ සමය වූ කලී ලක්‌දිව පාණ්‌ඩය ආක්‍රමණයකට නතුවී රජරට මුළුමනින්ම ව්‍යාකූල වී පැවතුන සමයකි. (පණ්‌ඩු , පාරින්ද , කුඩා පාරින්ද , තීîය , දාඨිය හා පීඨිය යන ද්‍රවිඩයන් සයදෙනා පුරා වසර විසිහයක්‌ (ක්‍රි.ව. 433-459) විනාශකාරී ලෙස මෙරට පාලනය ගෙන ගියහ.)

මේ සාමණේර භික්‌ෂුව වනාහි මෙරට රාජ්‍ය උරුමය සහිත පරපුරක පුරුකක්‌ ලෙස උපත ලැබූ කුමාරවරයෙක්‌ වන අතර අනෙක්‌ භික්‌ෂුව නෑකමට ඔහුගේ මයිලණුවන් කෙනෙකු වන මහානාම නම් සිල්වත් භික්‌ෂූන් වහන්සේ නමකි. මේ මහානාම හිමි මේ තරුණ කුමරාගේ ආරක්‌ෂාව තකා ඔහුව සසුන්ගත කරවා ආරක්‌ෂාකාරීව වනයේ තබාගෙන වාසය කරමින් සිටින අතරතුර සුදුසු වයසට එළඹී කුමරාව "ගෝජිස විහාරය" ට යවා රාජ්‍ය පාලනයට අවශ්‍ය ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙනගැනීමට සැලැස්‌වීය. ක්‍රි.ව. 455 දී පමණ සුදුසු වයසට එළඹී පසු උපැවිදිව මෙරට රාජ්‍යත්වයට පත්වූ මේ කුමාරයා, ද්‍රවිඩයන්ට විරුද්ධව යුධ ප්‍රකාශකර ක්‍රි.ව. 459 දී අවසන් ද්‍රවිඩ පාලකයා වූ පීඨිය මරණයට පත්කර තුන් සිංහලයම ඒකඡත්‍ර කරවා ක්‍රි.ව. 479 දක්‌වා ශ්‍රී ලංකාව පාලනය කරමින් මෙරට වාරිකර්මාන්තයට විශිෂ්ට මෙහෙවරක්‌ සිදුකළ ධාතුසේන මහරජතුමා මිස අන්කවරෙක්‌ නොවේ.

එතුමා කලාවැව ඇතුළු මහවැව 16ක්‌ හා අනුරාධපුර නගරයට ජලය සැපයීමට යෝධ ඇළ ඉදි කරන ලද අතර මෙයින් කලාවැව හා යෝධ ඇළ සදානුස්‌මරණීය නිර්මාණ බවට පත්වී තිබේ. 

කලාවැව ඉදිකර ඇත්තේ ලංකාවේ සාරවත්ම ජලපෝෂක ප්‍රදේශයක්‌ වන මාතලේ කඳු පන්තියේ වයඹ දිගින් ගලාබසින ජලධාරා එකතුකරගත හැකිවන පරිදි, දඹුලුඔය , මිරිස්‌ගෝනි ඔය හා හැවැන් ඇල්ල ඔය යන ඔයවල් තුනේ ජලය ලබාගත හැකි ආකාරයටය. කලාවැව ඉදිකිරීමෙන් පසු ඒ අසලම බළලු වැව නමින් තවත් වැවක්‌ නිර්මාණය කර එයද කලා වැවට ඈඳා වර්තමාන කලාවැව නිර්මාණය කරන ලදි. මේ නිසා සමහරු මෙය කලා-බළලු වැව ලෙසින්ද හඳුන්වයි. 

පුරාණ කාලයේ අඹන් ගඟේ සිට මිරිස්‌ගෝනි ඔය දක්‌වා ඉදිකළ උමඟක්‌ මඟින් කලාවැවට ජලය ලබාගත් බවට ජනප්‍රවාදයක්‌ පවතින අතර මෙය පිළිබඳ විධිමත් අධ්‍යනයක්‌ සිදුකර නොමැති වුවත් මෙය පහසුවෙන් බැහැර කළ නොහැකි වීමට බලපාන හේතු ගණනාවක්‌ම පවතී. වසභ රජුගේ කාලයේ රන්මසු උයනේ පොකුණුවලට තිසා වැවේ ජලය ගෙනයාමට "උම්මග්ග ජල මාතිකා" නමින් උමං මාර්ග ඉදිකර තිබීම නිසා ආදී සිංහලයා උමං ඉදිකිරීම පිළිබඳ ප්‍රවීණත්වයක්‌ ලබා තිබීම මේ ජනප්‍රවාදය තහවුරු කරන එක්‌ සාධකයකි. එසේම බෝවතැන්න ජලාශය ඉදිකරන කාලයේ ගඟ අසල උමඟක්‌ තිබී සමහරු එතුලට යම් දුරක්‌ ගමන් කර පවා තිබේ. නමුත් බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී මෙම උමඟ ජලයට යටවී තිබේ. එසේම බෝවතැන්න ජලාශයෙන් ජලය නිකුත්කරන, උමං දොර මතුවන ස්‌ථානය හෙවත් ලෙනදොර ප්‍රදේශයට ඒ නම ලැබී ඇත්තේ අතීතයේ තිබූ උමඟක්‌ නිසාවෙන් යයි සිතිය හැකි අතර මේ තොරතුරු භූගත උමං මාර්ගය පිළිබඳව පවතින ජනප්‍රවාදයේ විශ්වසනීයත්වය තහවුරු කරවයි.

කලා වැවට නම ලැබුණු ආකාරය පිළිබඳ විවිධ ජනප්‍රවාද පවතී. තම මයිලණුවන් පැවසූ ආකාරයට තම ගමනට බාධා කළ "ගෝන නදී" හෙවත් කලාඔය හරස්‌කර මේ වැව ඉදිකළ බැවින් මෙය කලාවැව ලෙසින් හැඳින්වෙන්නට ඇතිබව එක්‌ ජනප්‍රවාදයකි.( දඹුලු ඔය , මිරිස්‌ගෝනි ඔය හා හැවැන් ඇල්ල යන ඔයවල් එකතුවීමෙන් කලාඔය නිර්මාණය වී පවතී.)

තවත් ජනප්‍රවාදයකට අනුව ජලාශය වැඩ නිමකිරීමට ආසන්න කාලයේ දී රජුගේ සොයුරියගේ සැමියා මෙන්ම රාජ සභාවේ මහා සෙනෙවි තනතුර දැරූ මිගාර ගේ පුතණුවන් වූ කාල නම් සත් හැවිරිදි දරුවා සවස්‌වරුවක වැව් බැම්ම දිගේ ඇවිදින අවස්‌ථාවක බැම්මේ වූ සිදුරක්‌ දැක්‌කේය. මේ සිදුර වැඩිවුවහොත් බැම්ම කැඩී මහා විනාශයක්‌ සිදුවිය හැකි බව වටහාගත් මේ නිර්භීත දරුවා එය තම අතින් වැසීමට උත්සාහ කර නොහැකි තැන තම ශරීරයෙන් එම සිදුර ආවරණය කරගෙන මුළු රැයම ගත කර, අධික ශීතල නිසා සිහිමුර්ජා තත්වයට පත්ව සිටියදී ඔහු සොයා පැමිණි පියා ඇතුළු පිරිසට දක්‌නට ලැබිණි. වැවේ සිදුර ඉක්‌මණින් පිළිසකර කර වැව බේරාගැනීමට හැකිවුවත් දරුවාගේ ජීවිතය මරුවාගෙන් ගලවා ගැනීමට නොහැකි විය. මේ නිර්භීත දරුවාගේ උදාර ක්‍රියාව අගය කරනුවස්‌ ධාතුසේන රජු විසින් වැව "කාල වැව" ලෙසින් නම් කල බවත් එය පසුව "කලාවැව" බවට පත්වී ඇතිබව මෙහිදී පැවසේ.

මේ සම්බන්ධයෙන් වන තවත් ජනප්‍රවාදයක මෙසේ සඳහන් වේ. දිනක්‌ රජවාසලට මාංශ සපයන දඩයක්‌කරුවෙක්‌ වනයේදී වනසතුන් සමඟ හැසිරෙන මනුෂ්‍යයෙක්‌ දැක ඒ බව රජවාසලට දැනුම්දීමෙන් පසු රාජ අණින් මේ පුද්ගලයාව අල්ලා රජු ඉදිරියට පමුණුවන ලදි. රජුගේ අදහස වුයේ මොහු යම් වස්‌තුවක්‌ ආරක්‌ෂා කරමින් සිටින බවයි. මේගැන ඔහුගෙන් විමසීමේදී තමාගේ නම "කඩවර" බවත් තමා නිවැසියන් සමඟ අමනාප වී කාලයක සිට වනයේ ජීවත් වන බවත් තමන් වනයේ ඇති කිසිදු වස්‌තුවක්‌ ගැන නොදන්නා නමුත් ජල පහරක්‌ ලතා ගොමුවකින් වැසීගිය අපූරු ස්‌ථානයක්‌ ගැන දන්නා බවක්‌ පැවසීය. රජුට මෙය පිළිsබඳ පරීක්‌ෂා කිරීමට සිත්වී තම සහ පිරිවර සමඟ ගොස්‌ පරීක්‍ෂා කර බැලූවිට ඉතාමත් සුන්දර ස්‌ථානයක "කල" නම් වැල් වර්ගයකින් සෑදුනු ලතා ගොමුවකින් ඔයේ ජලය ගැලීමට බාධාවී ඇතිබව දැක සිතුවිල්ලක්‌ පහල වී මෙහි වැවක්‌ ඉදිකර එය "කල වැව" ලෙස නම් කල බවත් පසුව එය "කලා වැව" බවට පත්වූ බව සඳහන් වේ.

කලාවැව තනා අවසන් වූ පසු රජු විසින් අනුරාධපුර නගරයට හා මහ ඉලුක්‌පල්ලම, එප්පාවල ප්‍රදේශවලට කලාවැවේ ජලය සැපයීමට හැකිවනසේ යෝධ ඇළ නමින් ඇළ මාර්ගයක්‌ ඉදිකරන ලද අතර මෙමඟින් අනුරාධපුර නගරයේ ඇති තිසාවැව , අභයවැව හෙවත් බසවක්‌කුලම මෙන්ම කලාවැව පෙදෙසේ සිට අනුරාධපුර අතර කුඩා ග්‍රාමීය වැව හැටකට පමණ දියවර සැපයීම , නගර වැසියන්ගේ පානීය මෙන්ම අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීම සිදුවී ඇත. අනුරාධපුර නගරයේ පැවැත්ම යෝධ ඇළ මත රඳා පැවතුණේ යයි යමෙකු පැවසුවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ.

ක්‍රි.ව. 787 සිට 807 දක්‌වා මෙරට පාලනය කල දෙවන මහින්ද රජතුමා කලාවැවේ වාන අලුත්වැඩියා කොට ප්‍රතිසංස්‌කරණය කර ඇති අතර පළමුවන මහා පැරකුම්බා රජ සමයේ කලා වැව මෙන්ම යෝධ ඇළද ප්‍රතිසංස්‌කරණය කිරීම සිදුවිය. මෙහිදී යෝධ ඇළට තවත් දියපහරවල් එකතු වීමට සලස්‌වා ඇළ තවත් පෝෂණය කර මෙය "ජය ගඟ" නමින් නම් කිරීමද සිදුවිය.

ක්‍රි.ව. 1830දී පමණ කලාවැව බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් විසින් සොයාගනු ලදුව ඒ පිළිsබඳ ඔවුන් ඉහළ උනන්දුවක්‌ දක්‌වන ලද අතර කලාවැවේ පුරාණ පිටවානේ විශාලත්වය ඔවුන්ට මහත් ප්‍රහේලිකාවක්‌ වූ බව මහාවංශය රෝම භාෂාවට පරිවර්තනය කල ජෝර්ජ් ටර්නර් මහතා කල පහත සටහනින් තහවුරු වේ.

"...... ගලින් සෑදු පිටවාන වූ කලි මේ දිවයිනේ සිදුකර ඇති විශාලම අඥාන ක්‍රියාවක්‌ විය හැකි අතර මේ දිවයිනේ ඇති ඉදිකිරීම් අතුරින් අනවශ්‍ය ලෙස මිනිස්‌ ශ්‍රමය නාස්‌ති කල අවස්‌ථාවකි...." නමුත් කලාඔය නිම්නයේ ඇතිවන අධික ගංවතුර තත්වයන්ට මනාව ඔරොත්තු දෙන ආකාරයට මේ පිටවාන සාදා ඇති බව පසුව තහවුරු විය.

කලාවැව හා යෝධ ඇළ ප්‍රතිසංස්‌කරණය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ මෙරට පාලනය කල ආණ්‌ඩුකාරවරුන් කීපදෙනෙකුගේ ම නොමඳ උනන්දුව හා සහය යටතේ සිදුවිය. එසේම දහනව වන සියවස අගභාගයේ අනුරාධපුර සිටි රජයේ ඒජන්තවරුන් කිහිපදෙනෙකුම මේ මහාවැව ප්‍රතිසංස්‌කරණය අරභයා විවිධ වාර්තා ඉදිරිපත්කර තිබේ. ක්‍රි.ව. 1980 " පමණ උතුරුමැද පළාත් රජයේ ඒජන්තවරයා වූ එµaa. ස. µssෂර් මහතා ඉදිරිපත් කළ කලාවැව ප්‍රතිසංස්‌කරණ නිරීක්‌ෂණ වාර්තාවක කොටසක්‌ පහත දැක්‌වේ.

"...දැනට සිදුකරමින් පවතින වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණ කටයුතු අතුරින් ප්‍රමුඛස්‌ථානය කලා-බළලු වැව හා යෝධ ඇළට (කලාවැවේ සිට උතුරු දෙසින් වූ අනුරාධපුරය දෙසට දිවෙන) ලැබේ. සැතපුම් පහමාරක්‌ පමණ දිගින් යුත් වැව් බැම්ම ඉහළම ස්‌ථානයේදී අඩි හැටපහක්‌ පමණ උස්‌ වන අතර එහිදී පතුල අඩි දෙසීය හැටපහක්‌ පමණ වේ. අතීතයේ තුන් හතර වතාවක්‌ සිදුවූ බැම්මේ විනාශයට හේතුව පිටවානේ ප්‍රමාණවත් නොවන බව තහවුරුවී ඇති නිසා එය පාලනය කිsරීමට දැනට අඩි දෙසීයක්‌ පමණ දිගින් යුත් පිටවාන අඩි හයසීයක්‌ පමණ දික්‌ වනසේ ඉදිකිරීමට යෝජනා කර ඇත..."

කලාවැවේ බැම්ම බිඳී ගිය ස්‌ථාන පිළිසකර කර 1887 දී වැවේ අඩි පන්සීය හැටක්‌ දිග නවීන පිටවානක්‌ද ඉදිකර අවසන් කරන ලද අතර මීට සමාන්තරව සිදුවූ යෝධ ඇළේ ප්‍රතිසංස්‌කරණ කටයුතු අවසන් කර 1887 දෙසැම්බර් මස යෝධ ඇළ චාරිත්‍රානුකූලව විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. මේ උත්සවයට සහභාගී වූ එවකට මෙරට ආණ්‌ඩුකාර ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩ්න් , රජයේ ඒජන්ත අයිවර්ස්‌ , ඉංජිනේරු රයිටන් හා ඉංජිනේරු මැක්‌ඩොනල්ඩ් යන මහත්වරු ඔරුවක නැඟී කලාවැවේ සිට යෝධ ඇළ දිගේ අනුරාධපුරයට ලඟා වූ බව ආර්.එල්. බ්‍රොaහියර් මහතා ලංකාව ගැන ලියූ පොතේ සඳහන් කරයි.

අතීතයේ පටන් මෙරට වාරි කර්මාන්තයට මහඟු සේවයක්‌ ඉටුකළ හස්‌ති බලකායන් ඒ සඳහා යොදාගත් අවසාන අවස්‌ථාව ලෙසද මෙය ඉතිහාසගතවී ඇත. බර ඇදීමේ හා එසවීමේ යන්ත්‍රොපකරණ නොමැති කාලවකවානුවක සිදුවූ කලාවැව ප්‍රතිසංස්‌කරණයේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ (ඡඌ) හස්‌ති බලකාය ප්‍රශංසනීය කාර්යභාරයක්‌ ඉටුකරන ලදි. නමුත් එම හස්‌ති බලකායේ -බඹරා" හා -සෙල්ලතම්බි" නම් හස්‌තීන් දෙදෙනා මෙහි වැඩ අතරතුර" ඛේදජනක ලෙස මියයාම නිසා මෙයින් පසු එම දෙපාර්තමේන්තුව මඟින් සිදුකල ඉදිකිරීම් කටයුතු සඳහා හස්‌ති බලකායන් යොදා ගැනීම නවත්වන ලදි. (ආර්. එල්. බ්‍රොහියර් )

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මහවැලි ගඟේ ජලය පොල්ගොල්ලෙන් උතුරට හරවා කලාවැව, දඹුලුඔය , කණ්‌ඩලම වැනි වැව්වලට ජලය ලබාදීම නිසා එතෙක්‌ යලකන්නයේ කලාඔය නිම්නයේ පැවති ජල හිඟයට ස්‌ථිර විසඳුමක්‌ ලැබිණි. එසේම මේ වැව්වලින් ලබාදෙන ජලයෙන් වගාකරන කුඹුරුවලින් පිටවන ජලධාරා නිසා කලාඔය නිම්නයේ පහළින් පිහිටි රාජාංගණය වැවද පෝෂණය වේ. මහවැලි ව්‍යාපාරය යටතේ කලාවැවේ සිට අනුරාධපුරයට හා අමතර කුඹුරු වලට ජලය සැපයීම සඳහා "නව ජයගඟ" නමින් ඇළ මාර්ගයක්‌ හා වම් ඉවුරේ හා දකුණු ඉවුරේ තවත් ඇළ මාර්ග 2ක්‌ද ඉදිකරන ලදි. එසේම කලාවැවේ ආරක්‌ෂාව ඉහළ නැංවීමට කලාවැවට වාන් ගේට්‌ටු දෙකක්‌ද සවිකරන ලදී.

වර්ග කිලෝමීටර් 552ක ජලපෝෂක ප්‍රදේශයකින් සමන්විත කලාවැවේ ධාරිතාව අක්‌කර අඩි 100000ක්‌ (ඝන මීටර් මිලියන 122.1) පමණ වේ. කොටස්‌ දෙකකින් සමන්විත වැව් බැම්ම මීටර් 6500ක්‌ දිගින් යුක්‌ත වන අතර බැම්මේ උපරිම උස මීටර් 14.5 ක්‌ වේ. කලාවැවේ දැවැන්ත පිටවාන මීටර් 183.5 ක්‌ දිගින් යුක්‌ත වන අතර මීටර් 6.1 ක්‌ දිගින් හා මීටර් 6.1 ක්‌ උසින් යුත් අරීය ගේට්‌ටු දෙකකින්ද සමන්විතවේ. මෙයින් තත්පරයට ඝන මීටර් 3860 ක පමණ ජල ප්‍රමාණයක්‌ පිටකළ හැක. 

කලාවැව සොරොව් හයකින් සමන්විත වන අතර මේවායින් කුඹුරු අක්‌කර 62829කට පමණ දියවර සැපයීම සිදුකරයි. මෙයින් කලාවැව ගොඩ ඇළ , බළලු වැව ගොඩ ඇළ හා යෝධ ඇළ පුරාණ නිර්මාණ වන අතර ජයගඟ , වම් ඉවුරු ඇළ හා දකුණු ඉවුරු ඇළ මහවැලි ව්‍යාපාරය යටතේ නිර්මාණය කරන ලද්දකි.

මහවැලි ව්‍යාපාරය යටතේ කලාවැව ප්‍රතිසංස්‌කරණය කර වසර 35 ක්‌ පමණ ගෙවී පැවතුනද සුළු සුළු එදිනෙදා නඩත්තු කටයුතු හැරුනුවිට සැලකිය යුතු මට්‌ටමේ ප්‍රතිසංස්‌කරණයක්‌ සිදුකර නොමැතිව තිබූ බැවින් වැව ප්‍රතිසංස්‌කරණය කිරීමේ අවශ්‍යතාවය තදින් දැනී තිබුණි. මේ නිසා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ප්‍රධානම ව්‍යාපෘතියක්‌ වන වේලි ආරක්‌ෂණ හා ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය (DSඋRඡඡ) මඟින් රුපියල් මිලියන 150ක්‌ පමණ වැයකර කලාවැවේ ආරක්‌ෂාව හා නඩත්තුව පිලිබඳව පැවති අඩුපාඩු සම්පූර්ණ කරගැනීමට හැකිවීම මහත් භාග්‍යයක්‌ කොට සැලකිය හැකිය.

ප්‍රතිසංස්‌කරණයෙන් ලද නව ජවයත් සමඟ තවත් චිරාත් කාලයක්‌ මේ මහා නිල් දියවර කෙත්වතු සුත මුදිත වීමට අවශ්‍ය ජලය සපයමින් දැයේ ජීවනාලිය වන් අනාගත පරපුරට යහපත් හෙට දිනක්‌ උරුම කරලීම සඳහා යෙහෙන් වැජඹෙනු දැකීම සකල ශ්‍රී ලාංකීය ජාතියේම අනගිභවනීය ප්‍රාර්ථනයයි.

ඉංජිනේරු - තිළිණ ගුරුසිංහ
http://www.divaina.com/2017/01/29/feature21.html

'සිතීම' පහසුයි - 'භවය' අපහසුයි!

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

එක මහත්මයෙක්‌, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක්‌ වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක්‌ නැති සිතීම, නිමාවක්‌ නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්‌ද කියලා ඇසුවහොත්, භික්‍ෂුව එයට දෙන පිළිතුර 'භවය' කියලයි කිව යුත්තේ. 

ලෝකයේ සරළම, පහසුම, ඉක්‌මන්ම දෙය කුමක්‌ද කියලා ඇසුවොත්, අපිට කරන්න පුළුවන් පහසුම කාරණය 'සිතීම' කියන කාරණයයි. සිතීම කියන ලෝකයේ සරළම කාරණය, ලෝකයේ ගැඹුරුම, දීර්ඝම 'භවය'ට ඔබව ඇද දමනවා. ඇලීම්, ගැටීම් වැඩිවෙන ප්‍රමාණයට හඳුනා ගැනීම් වැඩිවෙනවා. හඳුනා ගැනීම් වැඩිවෙන ප්‍රමාණයට සිතීම, සංස්‌කාර වැඩිවෙනවා. මනුෂ්‍යයෝ සිතලා සිතලා, සිතාගන්න බැරිවෙනකොට, මත්වතුර බීලා හිතනවා. මත්වතුර බීලත් හිතාගන්න බැරි වෙනකොට, සිය දිවිනසාගන්න සිතනවා. සිය දිවිනසා ගැනීමට උපක්‍රම භාවිත කොට, මරණ වේදනාව දැනෙද්දී, 'අනේ මම ජීවත්වෙන්න ඕනේ' කියලා සිතනවා. ඇලීම්, ගැටීම් හඳුනා ගැනීම්වල ස්‌වභාවය නිසා, සත්ත්වයාගේ සිතීම, සත්වයාටම ප්‍රහේළිsකාවක්‌ වෙනවා. 

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතය මුල්කාලයේ, නිවීමේ මෙහෙයුමේ මුල් අවස්‌ථාවල, භික්‍ෂුවගේ සිත විසිරෙද්දී, එම විසිරීම නැවත නැවත සිදුවන අවස්‌ථාවල, මගේ සිතට මම අවවාද කළා, සිත දමනය නොවුණොත් මම මැරෙනවාය කියලා. මම මරණය පෙන්වමින්, විසිරෙන්නාවූ මාර සිතට අවවාද කළා. මෙතැනදී 'මම' කියලා කියන්නේ ප්‍රඥාවටයි. ඒසේත් නැතිනම් බල ධර්මයක්‌මයි. භික්‍ෂුව තුළ වැඩෙන බල ධර්මයන් විසිනුයි මෙතැනදී මාරයාට මරණය පෙන්වමින් අවවාද කරන්නේ. මේ මොහොතේ භික්‍ෂුවට ජීවිතය ගැන ගැටීමක්‌ නැහැ. නිවන ගැන ඇලීමක්‌ද නැහැ. නිදහස්‌ වීමක්‌, නිවීයැමක්‌.... එහෙත් එය බලාපොරොත්තුවක්‌ නෙවෙයි. බලාපොරොත්තු හිස්‌කළ ජීවිතයක නිදහස්‌වීමක්‌, නිවීයැමක්‌. ප්‍රඥාව විසින් පංචඋපාදාන ස්‌කන්ධයට අවවාද කරනවා. සප්තබොඡ්ජංග ධර්මයන්ගේ සති, ධම්මවිජය, වීර්යය කියන ධර්මතාවන් අයෝමය බලයක්‌ වී, මෙතෙක්‌ කල් සුරතල් කළ පංචඋපාදානස්‌කන්ධ මාරයාට, මරණයෙන් අභියෝග කරමිනුයි, අවසානයේදී කල්ප සියක්‌ කෝටි ගණනක්‌, පටිච්චසමුප්පන්නව අයාලේ දිව්ව සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගත්තේ.

වර්තමාන සමාජයේ පිංවතුන්ලා, උතුම් අධිගමයන්, සරළ ව්‍යායාමයක ප්‍රතිඵලයක්‌ වශයෙන් දකිමින්, අඩු වීර්යයකින් වැඩි ප්‍රතිඵල ලබාගන්න බලාපොරොත්තු වෙන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌, අයාලේ දුවපු සිතක්‌, මඟ නොමඟ වසා පෙන්වූ සිතක්‌, කුසලය අකුසලය පටලවා පෙන්වූ සිතක්‌, පටිච්චසමුප්පන්නව මැරෙන උපදින සිතක්‌, සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණය නමැති ධර්මතාවයේ තියුණු භාවය, පිංවත් ඔබත් නුවණින් දකින්න දක්‍ෂ වෙන්න. 

බුදුරජාණන්වහන්සේ ලක්‍ෂ ගණනක්‌ අතීතයේ මුණගැසිලත්, අධිගමයන් සාක්‍ෂාත් කොට ගැනීම වැළැක්‌වූ සිතක්‌ භික්‍ෂුව දමනය කළේ 'එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම' කියන අවසාන සිතිවිල්ලෙත් මාරයට අභියෝග කිරීමෙන් පමණක්‌මයි. මරණයෙනුත් නිවීමෙනුත් එහා භික්‍ෂුවට සිතක්‌ සකස්‌ වුණේ නැහැ. ඒ කියන්නේ සිත නැවතුණා. සංස්‌කාර නිරෝධා- විඤ්ඤාණ නිරෝධා - උපාදාන නිරෝධා- භව නිරෝධා ලෝකයේ ගැඹුරුම පටිච්ච සමුප්පාද ධර්මය බොහෝම සුන්දර ධර්මයක්‌. 

ව ඇසෙන් රූපයන් දැකලා, එම රූපයට ඇලිලා, ගැටිලා, උපේක්‍ෂා සහගත වෙලා, ඇලුණු ගැටුණු රූපය හඳුනාගෙන, හඳුනාගත් රූපය ගැන සිතනකොට තමයි සංස්‌කාරයන් රැස්‌වෙන්නේ. පිංවත් ඔබ අතීත, අනාගත, වර්තමාන වශයෙන් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. වර්තමානයේ ඔබ යම් භික්‍ෂු රූපයක්‌ දැකලා, සද්ධර්මයත් ශ්‍රවණය කරලා, ධර්මය තුළ සංසිඳීමක්‌ දැනිලා, රැස්‌කරන්නා වූ සෑම කුසල් සංස්‌කාරයක්‌ම නිත්‍යද, අනිත්‍යද? මේ සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම, යම් දවසක විපාක සකස්‌කොට දීලා, අනිත්‍ය වෙලා යනවා. පිංවත් ඔබ, දෑස්‌ පියාගෙන, වර්තමානයේ ඔබ සිදු කරන සෑම කුසල් ක්‍රියාවක්‌ම, අකුසල් ක්‍රියාවක්‌ම, විපාක දී අනිත්‍ය වන ධර්මතාවන් බව නුවණින් දකින්න.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2017/01/29/feature09.html

ඇමෙරිකාවට එරෙහි රාජ්‍ය නායකයන්ට පිළිකාව බෝකරන්නේ මෙහෙමයි!


  • ඒඩ්ස්‌ ඇමරිකාවේ හොදම ජෛව විද්‍යාත්මක ආයුධයයි
  • ඇමරිකාව ඒඩ්ස්‌ සහ පිළිකාව ලොව පුරා හීන් නූලෙන් පතුරුවන හැටි
  • ඇමරිකාවේ මිළඟ ගොදුර කවුද?


අප වෛරස රෝගවලින් හොඳින්ම දන්නේ සෙම්ප්‍රතිශ්‍යාව ගැනය. නැතහොත් වෛරස්‌ උණ ගැනය. එහෙත් මේ වන වීට ලොව පුරා සිඝ්‍රයෙන් පැතිර යන බොහෝ පිළිකා රෝග ඇති වන්නේද වෛරස රෝග කාරක නිසා බව සනාථ වී ඇත. මේ නිසා යමෙකුට වෛරසයකින් පහර දිය හැකි නම්, නැතිනම් වෛරසයක්‌ ආඝ්‍රාණයට සැළැස්‌විය හැකි නම් පිළිකාවක්‌ ඇති කිරීම අපහසු දෙයක්‌ නොවෙයි. වෛරස සහ පිළිකාව ගැන මේ පවසන්නේ ඇමරිකාවට එරෙහිවූ බොහෝ රාජ්‍ය නායකයන් අභිරහස්‌ පිළිකා රෝගවලින් මියයැම නිසාය. පලස්‌තීනයේ යසර් අර්පත්, වෙනිසියුලියාවේ හියුගෝ චාවේස්‌ මෙයට ආසන්න උදාහරණයන්ය.

දරුණු පිළිකා රෝගයකින් පෙළෙමින් සිට හදිසියේ මියගිය වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්‌ගේ මරණය සමඟ ලොව පුරා මහත් කතාබහට ලක්‌ව ඇත්තේ එය ස්‌වාභාවික මරණයක්‌ නොව ඇමෙරිකාවේ ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක ප්‍රතිපලයක්‌ බවයි. මේ වන විටත් ඇමෙරිකානු විරෝධී ලතින් ඇමෙරිකානු රාජ්‍යයන් හයක නායකයන් දරුණු පිළිකා රෝගවලින් පෙළෙමින් සිටීම මෙම සැකය වඩාත් තහවුරු කරයි. මේ සම්බන්ධව අදහස්‌ පළ කරන රුසියානු කොමියුනිස්‌ පක්‍ෂ නායක ගෙනඩී සයිගනෝව් සඳහන් කරන්නේ ඇමෙරිකානු විරෝධී දේශපාලන ප්‍රතිපත්තිවල නිරත වෙමින් ස්‌වාධීන ආර්ථික මතවාදයන් දරන මෙම නායකයන් හය දෙනාටම එකවර පිළිකා රෝගය ඇතිවූයේ කෙසේදැයි බලවත් සැකයක්‌ පවතින බවයි. 

ඉතා කෙටි කාල සීමාවක්‌ තුළදී ඉහත සඳහන් කළ ලතින් ඇමෙරිකානු නායකයන් සියලු දෙනාටම පිළිකා රෝගය සමඟ සටන් කිරීමට සිදුව ඇත. ආර්ජන්ටිනානු ජනාධිපතිනි ක්‍රිස්‌ටිනා ෆර්ඩිනැන්ස්‌ඩ්ස්‌ 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවකට ප්‍රතිකාර ආරම්භ කළාය. එහෙත් පසුව ඇගේ රෝගී තත්ත්වය පිළිකාවක්‌ නොවන බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත්වී තිබේ. වර්තමාන බ්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ්, පැරගුවේ ජනාධිපති ෆර්නැන්ඩි ලූගෝ මෙන්ම හිටපු බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා යන අයද පසුගිය කාල සීමාව තුළදී පිළිකා රෝගයට ගොදුරු වූහ. එසේම හිටපු කියුබානු නායක පිදෙල් ක්‍රස්‌ත්‍රො ද 2006 වර්ෂයේ සිට මියයන තෙක්‌ම පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියේය. මීට වසර කිහිපයකට පෙර මියගිය පලස්‌තීන නායක යසර් අර්ෆත්ගේ මරණය පිටුපසද ජෛව විද්‍යාත්මක හෝ රසායන විද්‍යාත්මක පදනමක්‌ ඇතැයි මේවන විට පරීක්‍ෂණ පැවැත්වේ. 

චාවේස්‌ විසින් මියයැමට පෙර අවධාරණය කර සිටියේ පිළිකා ජනක ආයුධ ඇමෙරිකාව සතු බවයි. මෙම ආයුධවලින් ලොවපුරා තමන්ට කීකරු නොවන රාජ්‍යයන් වෙත පිළිකාව පැතිරවීමට කටයුතු කරන බවත් පසුගිය වසර 50 ක කාල සීමාව පුරා මෙම දරුණු ක්‍රියාවේ ඇමෙරිකානු රාජ්‍යය නිරතව සිට ඇති බවත් චාවෙස්‌ ප්‍රකාශ කර සිටියේය. 2011 වර්ෂයේ සිට චාවෙස්‌ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි අතර තමාගේ අනාරක්‍ෂිත ක්‍රියාවන් සම්බන්ධව කියුබානු නායක ෆsදෙල් ක්‍රස්‌ත්‍රො අවස්‌ථා කීපයක්‌ම තමාට අනතුරු ඇඟවූ බවත් ඔහු සිහිපත් කොට ඇත. කුඩා ඉඳිකටු තුඩකින් ඇන පිළිකා ජනක ඇතුල් කරන ලද ආහාර තමාට ලබාදිය හැකි බව ක්‍රස්‌ත්‍රො අවධාරණය කළ බවද චාවෙස්‌ ප්‍රකාශ කොට තිබුණි. 

ලතින් ඇමෙරිකානු නායකයන් රැසකට පිළිකා රෝගය ඇතිවීම සම්බන්ධව චාවෙස්‌ පවා ඇමෙරිකානු CIA ආයතනය සම්බන්ධව තදබල ලෙස සැක කරනු ලැබීය. බ්‍රසීල හිටපු ජනාධිපතිවරයාට උගුර ආශ්‍රිත පිළිකාවක්‌ද බ්‍රසීල වර්තමාන ජනාධිපතිවරයාට ලිම්පෝමා පිළිකා රෝගී තත්ත්වයක්‌ද ඇතිවී තිබිණි. 

ඇමෙරිකානු විරෝධී රාජ්‍යයන් වෙත ජෛව විද්‍යාත්මක ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව පැවති වාර්තා බොහොමයක්‌ CIA සංවිධානය විසින් විනාශ කර දමා තිබේ. ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි Fort Detrick මධ්‍යස්‌ථානය මෙවන් ජෛව විද්‍යාත්මක ආයුධ නිපදවීමේ මූලස්‌ථානය ලෙසත් ඇමෙරිකානු යුධ හමුදාවේ බෝවන රෝග සම්බන්ධ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්‌ථානය ලෙසත් පසුගිය දශක ගණනාව පුරා භාවිතා කොට තිබේ. මේ නිසා Fort Detrick මධ්‍යස්‌ථානයට ජෛව විද්‍යාත්මක ආයුධ සම්බන්ධ ඉතිහාසයේ සුවිශේෂී මංසලකුණක්‌ හිමිව තිබේ. මෙහි පළමු ගොදුරු බවට පත්වූ පුද්ගලයන්ට පිළිකා ජනක හැකියාවක්‌ ඇති ජෛව විද්‍යාත්මක සංයෝග එන්නත් කොට පරීක්‍ෂා කර ඇත. මේ නිසා එය අමු අමුවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ මධ්‍යස්‌ථානයක්‌ය. මේ මධ්‍යස්‌ථානය සම්බන්ධව බාහිරට තොරතුරු අනාවරණ කළ එම මධ්‍යස්‌ථානයේ සේවය කළ විද්‍යාඥයන් බොහෝ දෙනෙකු විවිධ හේතුන් මත අකාලයේ මියයැම හෝ ඝාතනයට ලක්‌වීම සිදුවිය. 

ඒඩ්ස්‌ මෙන්ම අහිතකර පිළිකා නිපදවන ඇමරිකානු මධ්‍යස්‌ථානය මෙයයි.

කියුබානු නායක ෆsදෙල් ක්‍රස්‌ත්‍රො මෙන්ම කොංගෝවේ අග්‍රාමාත්‍යවරයා වූ පැට්‌රිස්‌ ලුමුම්බා මෙහි මුල්කාලීන ජෛව විද්‍යාත්මක ආයුධවල ඉලක්‌ක වූහ. Fort Detrick මධ්‍යස්‌ථානය විවිධාකාරයේ ප්‍රතිශක්‌ති ඌණතා ඇතිකරන වෛරස සහ පිළිකා ජනක හැකියාවක්‌ ඇතිකරන වෛරස නිපදවීම සිදුකොට ඇත. 

1977 වන විටත් මෙම කටයුතු සාර්ථකව සිදු කිරීමට CIA සංවිධානය සමත් වූ අතර ඊදඑමකසබමප වැනි උග්‍ර විෂ සහිත බැක්‌ටීරියා වර්ග තොග ගණනක්‌ එහි ගබඩා කොට තිබිණි. ඇතැම් වෛරස්‌ වර්ග සත්වයන්ට බෝ කිරීම හරහා මිනිසුන්ට බෝවීමට සලස්‌වා තිබිණි. 

ඇන්ගෝලාවේ ප්‍රථම ජනාධිපති ඇගොස්‌ටිනෝ නේටෝ මහතා CIA සංවිධානයේ ජෛව විද්‍යාත්මක ආයුධවල පළමු ගොදුර යෑයි සැක කරයි. නේටෝ මහතා CIA නියෝග පිළිනොපදින ලද පුද්ගලයෙකු වූ අතර 1979 වර්ෂයේදී ඔහු පිළිකාවකින් මියගියේය. චිලී ජනාධිපතිවරයා වූ එඩුවාඩෝ මොන්ටැල්වාද සුළු ශල්‍යකර්මයකින් පසුව ඇතිවූ සැක සහිත ආසාදනයකින් මියගියේ 1982 වර්ෂයේදීය. 

තම සතුරන්ට පිළිකා ජනක වෛරස එන්නත් කිරීම, ආඝ්‍රහණයට සැලැස්‌වීම, සමේ ආලේප කිරීම, ආහාර මාර්ගයට ඇතුල් කිරීම ආදිය සිදුකොට ඇත. 

විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුව මිනිසාට එරෙහිව භාවිතා කිරීම ඉතා අහිතකර ක්‍රියාවක්‌ බව 1956 වර්ෂයේදී බර්ට්‍රන් රසල් සහ ඇල්බට්‌ අයිනස්‌ටයින් විසින් පෙන්වා දී ඇත. සතුරාට සමාව නොදී පළිගැනීමේ ෙච්තනාවෙන් කටයුතු කිරීම අවසානයේදී විශ්වීය මරණයක්‌ උදාකරන බව ඔවුන් පෙන්වා දී ඇත. 

විවිධ බැක්‌ටීරියා වර්ගද ඒවායේ ඩී. එන්. ඒ. ජාන සටහන්ද වෙනස්‌ කරවීම මිනිසාට අහිතකර නව රසායන නිපදවීම පසුගිය දශක ගණනාව මුළුල්ලේම ඇමෙරිකානු ආරක්‌ෂක අංශ මගින් සිදුකොට ඇත. මේ අන්දමට ජෛව විද්‍යාත්මක වෙනස්‌කම්වලට භාජනය කරන ලද බැක්‌ටීරියා සහ වෛරස වර්ග ප්‍රතිජීවක හා ප්‍රතිවෛරස ඖෂධ හමුවේ නොසෙල්වී කටයුතු කිරීම නිසාත් එමගින් ඇතිවන රෝග පාලනය පහසු නැත. මෙහි ඉතා කනගාටුදායක සන්ධිස්‌ථානයක්‌ වන්නේ ඒඩ්ස්‌ රෝගය ලොවට බිහිවීමයි. 

ඇමෙරිකාව තුළ නව ආරක සිදුවන බොහෝ ජාන පරීක්‍ෂණවල ප්‍රතිඵල අවසානයේ යොමු වන්නේ මේරිලන්ඩ්හි Fort Detrick හමුදා වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්‌ථාන වෙතයි. ස්‌වේච්ඡාවෙන් ඉදිරිපත් වන මිනිසුන්, හමුදා සිරකරුවන්, මානසික රෝගීන් හා ඇතැම් හමුදා සාමාජිකයන් මෙහිදී පර්යේෂණවලට ලක්‌කරනු ලැබේ. මෙම මධ්‍යස්‌ථාන ඉතිහාසය 1940 දශකය දක්‌වා දිවයන අතර ජර්මනිය සහ ජපානය ජෛව විද්‍යාත්මක ආයුධ නිපදවන බවට ඇමෙරිකාව තුළ ඇතිවන සැකය නිසා මර්ක්‌ ඖෂධ සමාගමේ ප්‍රධානියාගේද උපදෙස්‌ හා මගපෙන්වීම යටතේ මෙම මධ්‍යස්‌ථානය ආරම්භ කරන ලදී. මිනිසාට ප්‍රයෝජනවත් ඖෂධ ගණනාවක්‌ද මෙම මධ්‍යස්‌ථානය හරහා බිහිවී ඇත. 

මිනිසාට අහිතකර Lassa fever virus, Ebola virus, Haemorrhagic fever virus, botulinum, anthrax toxin, mycotoxin, equine encephalomyelitis, Q fever, Tularemia, Yellow fever, Rift Valley fever යන දිලීර බැක්‌ටීරියා හා වෛරස ආසාදන ප්‍රහාර රැසක්‌ ඇමෙරිකානු ආරක්‍ෂක මූලස්‌ථානය වූ පෙන්ටගනයේ මෙහෙයවීමෙන් Fort Detrick මධ්‍යස්‌ථානය හරහා සිදුවී ඇත. ඇමෙරිකානු ජාතික පිළිකා මධ්‍යස්‌ථානය ඩොලර් මිලියන ගණනක්‌ වැයකොට පිළිකා මර්දන වැඩසටහන් සඳහා පර්යේෂණ සිදුකරන අතරේ එමෙන් කිහිප ගුණයක්‌ වැයකොට පිළිකා ජනක ජෛව විද්‍යාත්මක ආයුධ නිපදවීමද ඇමෙරිකාව තුළ සිදුවීම හාස්‍යයට කරුණක්‌ බව විචාරකයෝ පවසති. ඇමෙරිකාව විසින් මේ අන්දමට ජෛව විද්‍යාත්මක ආයුධ නිපදවීම සිදුකරනුයේ ජෛව විද්‍යාත්මක ආයුධ නිපදවීම පාලනය සම්බන්ධව 1972 අප්‍රේල් මස 10 වැනිදා වොෂින්ටන් හා මොස්‌කව් නුවරදී අත්සන් කරන ලද ගිවිසුමක්‌ද පවතින අතරය. 1977 වර්ෂයේ ජුනි මාසය වන විට Fort Detrick මධ්‍යස්‌ථානය තුළ පිළිකා ජනක හා ප්‍රතිශක්‌තීකරණය අඩාල කරන වෛරස වර්ග අඩංගු රසායන ලීටර් 60,000 ක්‌ පමණ තිබී ඇත. 

මෙම වෛරස වර්ග විවිධ සත්වයන්ට ඇතුල්වීම හරහා එම සත්ව ආහාර හෝ කිරි වර්ග අනුභව කරන මිනිසුන්ට ඉතා පහසුවෙන් අදාළ වෛරස රෝග බෝවේ. 

මේ වන විට ලොව පුරා ජනතාවට මහත් හිසරදයක්‌ව පවතින ඒඩ්ස්‌ රෝගයද ඇමෙරිකානු රජයේ වඩාත් සාර්ථකතම ජෛව විද්‍යාත්මක ආයුධය ලෙස විචාරකයෝ පෙන්වා දෙති. මෙම රෝගය HIV නම් වෛරසයක්‌ මගින් මිනිසාට හානිකරන අතර අප්‍රිකානු කලාපයේ වෙසෙන ගෝරිල්ලන්, චිම්සන්සියන් හෝ වඳුරන්ගේ මස්‌ කන මිනිසුන් හරහා අප සමාජයට එය ඇතුල් වූ බවට මතවාදයක්‌ පතුරවන ලදී. එහෙත් සැබැවින්ම සිදුව තිබුණේ 1970 දශකයේදී අප්‍රිකානු කලාපයේ ජනතාව වෙත වසූරිය එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදෙන අවස්‌ථාවේදී එම වෛරසය අඩංගු එන්නත් සමඟ HIV වෛරසයද ඇතුල්කොට ලබාදීම බව මේ වන විට තහවුරු වී ඇත. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අප්‍රිකානු කලාපයේ මිලියන ගණනක්‌ මිනිසුන් අද දක්‌වාත් මියයමින් සිටිති. මෙම වෛරසයද ඇමෙරිකාවේ Fort Detrick මධ්‍යස්‌ථානයේ නිපැයුමක්‌ බව හෙළිවී ඇත. 

මේ වන විට ලොව පුරා ජෛව විද්‍යාත්මක ආයුධ ලෙස භාවිතා කරන ප්‍රධාන රෝග කාරක ජීවීන් 10 ක්‌ පමණ හඳුනාගෙන ඇත. මේවා නම්,

1. Smallpox - වසූරිය
2. Anthrax
3. Ebola
4. Plague
5. Tularemia
6. Botulinum
7. Ricin  (කපුරු බෝංචි ඇටවලින් වෙන් කර ගන්නා ලද ප්‍රොaටීන විශේෂයකි.)
8. Staphylocolcal Entartoxin B
9. Nipah Virus
10. Chimera Virus

මෙම වෛරස හා බැක්‌ටීරියා විස වර්ග වෙන වෙනම හෝ ඒකාබද්ධ කොට මිනිසුන්ට ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා අතර මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස එකවර ඉහත වසංගත රෝගවලින් තම සතුරු බලප්‍රදේශ විනාශවී යැම සිදුවෙයි. මෙම ජෛව විද්‍යාත්මක ආයුධවල අනෙක්‌ විශේෂත්වය වන්නේ විෂ වර්ගය සමඟ (Toxin) එම විෂ වර්ගයට විරුද්ධ රසායනයද (Toxin antidote) මුසුකොට ව්‍යාප්ත කිරීමයි. මේ නිසා අදාල විෂ වර්ගය උග්‍ර විෂ තත්ත්වයට පත්වන අතර එයට විරුද්ධ විකල්ප විෂ වර්ග භාවිතය අපහසු වෙයි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස යම් ප්‍රදේශයක පැතිර යන වසංගත රෝගී තත්ත්වයන් පාලනයට අදාල රජයන් අපොහොසත් වෙයි. මේ නිසා සාමාන්‍ය ජනතාව අතර එම රජය අප්‍රසාදයකට ලක්‌වේ. 

මේ අනුව සලකා බැලූ විට මේ වන විට ලොව පුරා පැතිර පවතින බොහෝ වෛරස හා පිළිකා රෝග ඇමෙරිකානු ජෛව විද්‍යාත්මක ප්‍රහාරවල ප්‍රතිඵලයන් හෙවත් ඇමෙරිකාවේ විද්‍යාත්මක ඝාතනයන් බව (Scientific Assassinations) තහවුරු වෙමින් පවතී. මේ අනුව මින් ඉදිරියට ඇමෙරිකානු විරෝධී දේශපාලනඥයන් ආරක්‌ෂා විය යුත්තේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් නොවන බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය. මෙය අපේ රටේ පාලකයන්ටද කරන අනතුරු ඇඟවීමකි. 

වෛද්‍ය - ජී. ජී. චමල් සංජීව, නියෝජ්‍ය දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ- හම්බන්තොට 
http://www.divaina.com/2017/01/29/feature06.html

Wednesday, January 25, 2017

විල්පත්තුව බේරගන්න ජනපතිට බෑ – පරිසර සංරක්ෂණ භාරය

විල්පත්තු උතුරු අභය භූමිය එළි කර මහා පරිමාණ ජනාවාස පිහිටු වීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නතර කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ නැතහොත් ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවම නොහැකි වී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර කියයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එය නතර කළ ද අදාළ ක්‍රියාකාරිත්වය නතර කිරීමට නොහැකිවී ඇති බවටද ඔහු චෝදනා කර සිටී.


විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත හතරක් පුරා මෙය පැතිර ඇතැයිද එම භාරය කියා සිටී.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් ජනාවාස පිහිටුවීම ආරම්භ කරනු ලැබුවේ  2010 වසරේ දී බවද ඔවුන් හෙළිකර සිටී.

අදාළ රක්ෂිත අයත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බවත්, එම සමස්ථ වනාන්තර ප්‍රදේශය කල් ආරු වනාන්තරය ලෙස හැදින්වෙන බවද පැවසේ.

ඊට හේතුව එම වනාන්තරය ප්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප්‍රදේශ ලෙස පැවතීම බවද වාර්තා වේ.

මෙම වන රක්ෂිත අතුරින් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මෙම වන රක්ෂිත පද්ධතියෙන් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බවට එම භාරය චෝදනා කර සිටී.

Pic Source

Colombo Today

සබැඳි ලිපි සමහරක් -
[

විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව!
http://denethharinna.blogspot.com/2017/01/blog-post_6.html
වනය වනසන, බලෙන් ඉඩම් අල්ලන, බදුර්දීන්ගේ සහෝදරකම්!
http://denethharinna.blogspot.com/2016/12/blog-post_29.html
බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!http://denethharinna.blogspot.com/2016/12/600.htmlරිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!http://denethharinna.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති
http://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
http://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...
http://denethharinna.blogspot.com/2015/05/2500.html
]

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!

පුදබිමට පිවිසෙන මාර්ගයේ නවීකරණය කර ඇති ඉස්ලාම් තොරණ
වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් සහිත, මහ රහතුන් වැඩ සිටි ඓතිහාසි කුරගල පුදබිමේ අනවසරයෙන් රැදී සිටින මුස්ලිම් ජාතිකයන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙන බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම පුදබිමෙන් ඉවත් වන ලෙස අදාළ පිරිසට අධිකරණය මගින් ද නියෝග කර ඇතත් නීතිය නොකතා එම පිරිස තවමත් එහි රැදී සිටින අතර ඉකිරීම්ද යළි අරඹා තිබේ.

තහනම් නියෝගයක් පවා ලබා දී තිබියදී මෙම පිරිස මෙම ස්ථානයේ තව දුරටත් රැදී සිටිමින් ඉදිකිරීම් සිදු කරන්නේ කෙසේදැයි විමසන සෝමරතන හිමියන්, වෙනත් පෞරාණික ස්ථාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පුරාවිද්‍යා නීතිය මෙම ස්ථානයටද වහා ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

http://www.colombotoday.com/28000-2236523/

සබැඳි ලිපි -
[
කූරගලට ගැසූ පොලිස්‌ තුරුම්පුවhttp://denethharinna.blogspot.com/2015/04/blog-post_20.html
බොදුනුවන්ගේ සිත් රිදවූ, කුරගලේ බොදු උරුමයට එරෙහි යහපාලන වාරණයhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_58.html
කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_1.html
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව!

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත හතරක් පුරා පැතිර තිබේ. විල්පත්තු උතුරු අභය භූමිය එළි කර ජනාවාස පිහිටුවීමට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන එම නීති විරෝධී කි‍්‍රයාව නතර කළ ද වන රක්ෂිත විනාශ කරමින් සිදු කරන අලූතින් මහ පරිමාණ ජනාවාස පිහිටු වීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නතර කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ නැතහොත් ජනාධිපති තුමන් යටතේ කි‍්‍රයාත්මක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවම නොහැකි වී ඇත.

මන්නාරම දිස්ති‍්‍රක්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ව මෙම රක්ෂිත හතර පිහිටා ඇති අතර එම සමස්ථ වනාන්තර ප‍්‍රදේශය කල් ආරු වනාන්තරය ලෙස හැදින්වේ. ඊට හේතුව එම වනාන්තරය ප‍්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පැවතීම ය. මෙම වන රක්ෂිත අතුරින් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මෙම වන රක්ෂිත පද්ධතියෙන් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත.


පසුගිය රජය පැවති සමයේ සිට මේ නීති විරෝධී කි‍්‍රයා දිගින් දිගට ම සිදු වෙද්දී ආණ්ඩුපක්ෂය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රධාන රාජ්‍ය ආයතන මෙය නිවැරදි මාවතකට ගෙන එ්ම සඳහා මෙතෙක් කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් නොගැනීම විශාල ගැටලූවකි. 2010 වසරේ සිට නීතිවිරෝධී ව වන රක්ෂිත එළි පෙහෙළි කරමින් සිදු කරන මෙම ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට දේශපාලකයන් විසින් මහ පරිමාණ ඉඩම් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇතත් එ් පිළිබඳව නිසි අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි.

කෙසේ නමුත් මේ වන රක්ෂිත විනාශ කර මුස්ලිම් ජනතාව පදිංචි කර අලූතින් ජනාවාස පිහිටුවීම හේතුවෙන් මේ නීතිවිරෝධී හා පරිසර විනාශකාරී ක‍්‍රියාවට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමට බොහෝ පිරිසක් උත්සාහ ගනිති. මෙය ජාතිවාදී පැතිකඩකට ගෙන යාමට උත්සාහ දරණ බොහෝ පිරිසක් සූදානම් වන්නේ මෙම මහා වන විනාශය හා ඉන් ඇති වන හානි සාධාරනීකරණය කිරීමට ය. මේ නිසා ම මේ නීති විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව වගකිව යුතු අංශ ක‍්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුපක්ෂය ද මෙම නීතිවිරෝධී ක‍්‍රියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවට ඇල්මැරුණු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද මේ නිසා ය. ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් මේ ප‍්‍රශ්නයට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමෙන් සිදු වන්නේ මේ මහා වන විනාශය තව දුරටත් වර්ධනය කිරීමට අවස්ථාව ලබා දීම හා රටේ ජනතාවගේ සංහිදියාව බිඳ වැටීමය. එපමණක් නොව එ් නිසාම බලධාරීන්ගේ මේ මුණිවත රැකීමේ අහිතකර ප‍්‍රතිඵල විදින්නට සිදු වන්නේ පටු දේශපාලන උවමනාවන් මත පදිංචි කළ අහිංසක ජනතාවට හා තම අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නොනැගිය හැකි වන සතුන්ට ය.

මෙම අලූතින් ජනාවාස පිහිටුවීමේ ක‍්‍රියාවලිය හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය පසුගිය රජයේ දැවැන්ත ව්‍යාපෘතියක එක් කොටසක් පමණකි. කණගාටුවට කරුණ වන්නේ පසුගිය රජයේ විනාශකාරී කි‍්‍රයාකාරීත්වය පරාජය කරමින් බලයට පත් වූ වත්මන් යහපාලන රජය ද පසුගිය රජයේ හානි කර ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග හා ව්‍යාපෘති ඒ අයුරින්ම අඛණ්ඩව ඉදිරියට සිදු කර ගෙන යාම ය.

රක්ෂිත වනාන්තර මායිම් ඉවත් කර වනාන්තර එළි පෙහෙළි කර ඇති ආකාරය




2009 වසරේ දී යුද්ධය නිමවනවාත් සමග ම විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම් ව පිහිටි යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ මොල්ලිකුලම් හා මරිච්චික්කඞ්ඩි ගම්මාන දෙක අතුරින් මොල්ලිකුලම් ගම්මානය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් පසුගිය රජයේ විනාශකාරී ව්‍යාපෘතියේ පළමු පියවර තැබිණ. ඉන් පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ කල් ආරු වනාන්තරය දෙකඩකරමින් පුත්තලම – මන්නාරම මාර්ගය ඉදිකිරීම (එලූවන්කුලමේ සිට සිලාවතුර දක්වා) එම සමස්ථ ව්‍යාපෘතියේ දෙවන පියවර විය. ඉන් පසුව 2010 වසර අවසානයේ දී රක්ෂිත තත්ත්වයට පත් කිරීමට ප‍්‍රථම කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටු වීමේ කටයුතු ආරම්භ කෙරිණ. එමගින් පසුගිය රජයේ බලාපොරොත්තුව වූයේ 2011 – 2030 ජාතික භෞතික සැලැස්මට අනුව මේ ප‍්‍රදේශයේ මහ පරිමාණ සංචාරක පුරවරයක් හා මහ පරිමාණ නගරයක් බිහි කිරීමේ ව්‍යාපෘතිය පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීමට ය. ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැයෙන් විශාල ධනස්කන්දයක් වෙන් කෙරිණ. ඊට සමගාමී ව රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ද තම දේශපාලන හා පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය පසුගිය රජයේ අනුග‍්‍රහය හා ආශිර්වාදය යටතේ ක‍්‍රියාත්මක කෙරිණ.

එහි දී පළමු ව අදාළ ආමාත්‍යවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්වරයාට දැඩි බලපෑම් එල්ල කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීතිරීති උල්ලංඝණය කරමින් වෙන් කර ගැනින. ඉන් පසුව දිස්ත‍්‍රික් ලේකම් වරයා හරහා එම භූමිය අක්කර භාගය බැගින් වූ ඉඩම් කැබලි වලට වෙන් කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නැවත පදිංචි වීම සඳහා ලබා දෙන බව සඳහන් කරමින් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයින් ඇතුළු ඉඩම් හිමි ජනතාවට හා සැබෑ ලෙසම අවතැන් වූ සුළු පිරිසකට බෙදා දෙනු ලැබුණි.

ජල පෝෂක වනාන්තර විනාශ කර අලූතින් තාවකාලික ජනාවාස ඉදි කර ඇති බවට සාක්ෂි.




නීති විරෝධී වනාන්තර විනාශයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීම

2010 වසරේ සිට 2013 වසර දක්වා නීතිවිරෝධි ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කර සිදු කළ ජනාවාස පිහිටු වීමේ කි‍්‍රයාවලියට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් නීත්‍යානුකූල මුහුණු වරක් ලබා දීම සිදු කෙරුනේ 2013 වසරේ දී ය. ඊට හේතු වූයේ මෙම නීති විරෝධී පරිසර විනාශකාරී කි‍්‍රයාවන්ට එරෙහිව පරිසරවේදීන් දැඩි හඬක් නැගීමයි. එම වසරේ ජනවාරි 15 වන දින එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුර්දීන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා විසින් යොමු කළ ”අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කිරීම” යනුවෙන් දැක්වෙන ලිපියේ සදහන් කර ඇති පරිදි හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතා විසින් මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් වරයා වෙත යොමු කරන ලද 2013 පෙබරවාර 14 දින අංක EMDL/04/02/08/11/2012 දරණ ලිපිය මගින් හා ඉන් පසුව ද වන රක්ෂිත දෙකකට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීම සඳහා නිදහස් කෙරින.

ඒ අනුව මන්නාරම දිස්ති‍්‍රක්කයේ මරිච්චුකඞ්ඩි – සිලාවතුර මාර්ගයේ 23 හා 29 යන කිලෝමීටර් කණු අතර මීටර් 250 ක් පළල වනාන්තර තීරයක්, කූලන්කුලම්, තම්බදා, මුසලික්කාඩු, මෙතන්වැලි, පන්ඩාරවේලි, පූනච්චිකුලම්, පූතුවේලි, මුසාලි හා කායකුලි යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට හා පිච්චායි – වන්නියාකුලම් මාර්ගය ආසන්නයේ පිහිටි ගම්මානය ආශි‍්‍රත ව මිටර් 200 ක් පළල වනාන්තර තීරුවක් අහත්තිමුරිප්පු, පිච්චායි, වන්නියාකුලම්, පොට්කර්නි, වෙප්පන්කුලම් යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ලබා දී ඇත. මෙසේ ලබා දුන් වනාන්තර ඉඩම් අතුරින් මරිච්චුකඞ්ඩි – සිලාවතුර මාර්ගය දෙපස පිහිටි ඉඩම් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයටත් පිච්චායි – වන්නියාකුලම් මාර්ගය ආසන්නයේ පිහිටි ඉඩම් විලත්තිකුලම් වන රක්ෂිතයටත් අයත් වේ.

මීට අමතර ව පලායිකුලි, මරිච්චුකඞ්ඩි හා කරඩික්කුලි ගම්මාන තුනෙන් අවතැන් වූ පවුල් 940 ක් පදිංචි කිරීම සඳහා තවත් ඉඩම් අක්කර 280 ක් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයෙන් ලබා දීම සිදු කර ඇත. මෙසේ ලබා දුන් ඉඩම් වලට අමතර ව මරිච්චුකඞ්ඩි – සිලාවතුර මාර්ගය දෙපසින් වනාන්තර අක්කර 770 ක් හා පිච්චායි – වන්නියාකුලම් මාර්ගයට යාබදව අක්කර 650 ක් වශයෙන් මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයට හා විලත්තිකුලම් වන රක්ෂිතයට අයත් තවත් වනාන්තර අක්කර 1420 ක් නැවතත් අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ලබා දී තිබේ. මේ අයුරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත වලට අයත් වනාන්තර අක්කර 1700 ක් අවස්ථා කිහිපයක දී ලබා දී ඇති අතර එම භූමියට අමතර ව තවත් වනාන්තර අක්කර 1700 ක් පමණ කිසිදු අනුමැතියකින් හෝ නිර්දේශයකින් තොරව මේ වන විට බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ඇත.

නැවත පදිංචි කිරීමක් නොවන බවට හා ජනාවාස නොතිබුණු බවට සාධක




වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී ව රක්ෂිත වනාන්තර වලට අයත් ඉඩම් වෙන් කර ගෙන අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරන නමුත් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා දිගින් දිගට ම සදහන් කරන්නේ අවතැන් වූ ජනතාවගේ ඉඩම්වල ම ඔවුන් ව පදිංචි කරන බවත් මේ ප‍්‍රදේශ යුද්ධය පැවති සමයේ දී වනාන්තරයෙන් වැසී ගොස් ඇති බවත් ය. එම ප‍්‍රකාශ සියල්ලම සාවද්‍ය ප‍්‍රකාශයන් ය. අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිවල පැහැදිළිව ම සදහන් කර ඇත්තේ මේ වනාන්තර ප‍්‍රදේශ වලින් පරිබාහිර ගම්මාන වල අවතැන් වූ ජනතාව අලූතින් පදිංචි කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර දෙන ලෙස ය. එම කාලවකවානුවේ දී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහභාගී වු කිසිදු රැස්වීමක දී මේ ඉඩම්වල පෞද්ගලික හිමිකාරීත්වයක් පිළිබද ව ස`දහන් කර නොමැත. අමාත්‍යවරයා දිගින් දිගට ම ඉල්ලා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීමේ කාර්යය සදහා ලබා දෙන ලෙසට ය. මේ ප‍්‍රදේශයේ ජනතාව පදිංචිව සිටි ගම්මාන ලෙස පැවතියේ නම් හෝ යුද්ධය පැවති කාලය තුළ දී අතහැර දමා තිබුණේ නම් එ්වායේ නැවත පදිංචි වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීම හා ඉඩම් නිදහස් කර ගැනීමට කටයුතු කළේ කුමන හේතුවක් නිසා දැයි අමාත්‍යවරයාට අද වන විට අමතක වී ඇත. ඊට අමතර ව මිනිසුන් පදිංචිව සිටි ඉඩම් රක්ෂිත බවට ප‍්‍රකාශයට පත් කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු නොකළේ කුමන හේතුවක් නිසා දැයි ප‍්‍රශ්න කළ යුතු ය. එසේ නමුත් අද වන විට ඔහු මෙම ඉඩම් අවතැන් වූ ජනතාවට අයත් බව පවසමින් කිසිදු බියකින් තොරව අසත්‍ය කරුණු සමාජ ගත කරති. එම කරුණු පිළිබඳ ව කිසිදු සොයා බැලීමකින් තොරව රජයේ සමහර අමාත්‍යවරුන් හා සමහර සිවිල් සංවිධාන නියෝජිතයින් එම සාවද්‍ය කරුණු සනාථ කරන ප‍්‍රකාශ නිකුත් කරමින් ඔවුන් වගකීම් විරහිතව, කරුණු නිසි පරිදි සොයා නොබලා ප‍්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් බවට සමාජය ඉදිරියේ තහවුරු කරති.

එපමණක් නොව 1938 වසරේ සිට මේ දක්වා ප‍්‍රකාශයට පත් ව ඇති සියලූම සිතියම් පරිශීලනය කිරීමේ දී ද මේ ප‍්‍රදේශයේ කිසිදු ආකාරයක ජනාවාස නොපැවති බවත් වනාන්තර පද්ධතියක් ලෙස පැවති බවත් තහවුරු වී තිබේ. අගලේ සිතියම්, 1:50000 සිතියම්, ගුවන් ඡායාරූප හා ගූගල් සිතියම් පරිශීලනය කිරීමේ දී මේ බව ඉතා හොදින් තහවුරු වේ. එම සිතියම් සියල්ල පරිශීලනය කිරීමේ දී පෙනී යන්නේ 2010 වසරේ සිට මේ ප‍්‍රදේශයේ වනාන්තර විනාශ කර අලූතින් ජනාවාස ඇති කිරීම ආරම්භ කර ඇති බව ය.

මේ අනුව පෙනීයන්නේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් මුලූමහත් සමාජය ම මුලා කිරීමට කටයුතු කළ බව ය. එපමණක් නොව ඇමති වරප‍්‍රසාද භාවිතා කරමින් කිසිදු බියකින් තොරව සාවද්‍ය කරුණු සමාජ ගත කිරීම ද සිදු කරණ බව ය.

සැබෑ ලෙසම සාම්ප‍්‍රදායික ගම්මාන වල පිහිටීම

මෙම සාවද්‍ය කරුණු සමාජ ගත කිරීමට සැබෑ සම්ප‍්‍රදායික ගම්මාන වල ඡායාරූප හා තොරතුරු රක්ෂිත වනාන්තර තුළ ජනාවාස පිහිටි බව තහවුරු කිරීමට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා භාවිතා කරනු ලැබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය මායිමේ සත්‍ය වශයෙන් ම සාම්ප‍්‍රදායික ගම්මාන දෙකක් පිහිටා තිබේ. එකක් මුහුදු සීමාවේ සිට රට අභ්‍යන්තරය දක්වා ව්‍යාප්ත ව ඇති මොල්ලිකුලම් ගම්මානයයි. මෙම ගම්මානයේ රෝමානු කතෝලික ආගම අදහන දමිල ජනතාව ජීවත් විය. අක්කර 3000 ක පමණ භූමියක් පුරා පැතිරුණු මෙම ගම්මානයේ වෙරළ තීරයේ අක්කර 525 ක් පමණ ව්‍යාප්තව ඇත. 2007 වසර වන විට මෙම ගම්මානයේ පවුල් 310 ක් පදිංචිව සිටි අතර ග‍්‍රාම නිලධාරී ලේඛනයේ පවුල් 265 ක් ලියාපදිංචිව සිට ඇත. මෙම ගම්මානයේ ජනතාව ප‍්‍රධාන වශයෙන් ම කෘෂි කර්මාන්තයේ නිරතව ඇති අතර කොටසක් ධීවර කර්මාන්තයේ නිරතව ඇත. මීට අමතරව මීගමුව හා හලාවත ආදී ප‍්‍රදේශ වලින් සංක‍්‍රමණය වන ධීවරයින් ද මෙම ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරතව ඇත.

මොල්ලිකුලම් ගම්මානයේ කෘෂි කර්මාන්තය සඳහා වැව් නවයකින් ජලය ලබා ගැනින. මෙම වැව් සියල්ලටම මෝදරගං ආරු හා යෝධ වැවෙන් ජලය ලැබෙයි. පුලියංකුලම්, පෙරියතනක්කකුලම්, සින්නතනක්කකුලම්, පාවෙලිකුලම්, සින්නවියායඩිකුලම්, අඩප්පන්කුලම්, පූදුක්කුලම්, පාලයඩිකුලම් හා අලසන්කුලම් යන වැව් නවය යටතේ කුඹුරු අක්කර 2200 කට වැඩි බිම් ප‍්‍රමාණයක් වගා කෙරින.

1650 වසරේ දී පමණ මෙම ගම්මානය ආරම්භ කර ඇත. මෙහි පිහිටි රෝමාණු කතෝලික පල්ලිය ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ 1825 වසරේ දීය. 1950 වසරේ දී එහි වැඩ නිම කර ඇත. මෙම පල්ලිය අසලම මොල්ලිකුලම්, රෝමාණු කතෝලික දෙමල විද්‍යාලය පිහිටා තිබේ.

යුද්ධය පැවති සමයේ දී අවස්ථා හතරක දී මෙම ගම්මානයේ ජනතාව ඉවත් වී ඇත. ඔවුන් ඉන්දියාව, කායාකුලි හා මන්නාරම ආදී ප‍්‍රදේශ වල පදිංචි වී සිට ඇත. යුද්ධය නිමවනවාත් සමඟම මොල්ලිකුලම් ගම්මානය සම්පූර්ණයෙන් ම නාවික හමුදාවේ ග‍්‍රහනයට නතු විය. මෙහි තිබූ ගෙවල් කිහිපයක් කඩා ඉවත් කර ඇති අතර ජනතාවගේ නිවාස 31 ක් පමණ මේ වන විට නාවික හමුදාව භාවිතා කරයි. ඊට අමතරව ජනතාව භාවිතා කළ සුසාන භූමියේ මේ වන විට නාවික හමුදාව විසින් හෝටලයක් ඉදි කර පවත්වාගෙන යයි.

මේ තත්ත්වය පිළිබඳ ව 2012.12.26 වන දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සමඟ මැල්කම් රංජිත් බිෂොප් තුමා හා ගම්වාසීන් අතර පැවති සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ මෙම ගම්මානයට යාබදව පිහිටි වනාන්තර කොටස් ඉවත් කර ජනතාව පදිංචි කිරීම හා නාවික හමුදාව යටතේ ඇති ගම්මානයේ පිහිටි වැව් දෙකක් නිදහස් කර දෙන බව ය. එ් අනුව අවතැන් වූ පවුල් 125 ක් පදිංචි කර ඇති අතර ඉතිරි පිරිස තවම අවතැන් ව සිටී. ලබා දෙන බව සඳහන් වැව් දෙක අතුරින් ගම්මානයේ පිහිටි විශාලතම වැව වන පුලියංකුලම් වැව පමණක් කුඹුරු ඉඩම් අක්කර 500 ක් සමඟ ජනතාවට නාවික හමුදාවෙන් මේ වන විට නිදහස් කර ඇත. ගම්මානයේ ඉතිරි සියල්ල නාවික හමුදාව යටතේ පාලනය වේ.

මෙම ගම්මානයට යාබදව ගොඩබිම ප‍්‍රදේශයට වන්නට මරිච්චිකඞ්ඩි ගම්මානය පිහිටා තිබේ. මෙම ගම්මානයේ මුස්ලිම් ජනතාව ජීවත් වේ. යුද්ධයෙන් පසුව මේ ගම්මානය ජනතාවට පදිංචි වීමට ලබා දී ඇති අතර කිසිදු අවස්ථාවක මෙම ගම්මානය ආරක්ෂක අංශ ග‍්‍රහනයේ නොපැවතුනි. මෙම ගම්මානයේ පවුල් 175 ක් පමණ පදිංචිව සිට ඇති අතර මරිච්චිකඞ්ඩිකුලම් හා ආනපාපාකුලම් යන වැව් දෙක යටතේ කුඹුරු ගොවිතැන සිදු කර ඇත. මෙය තරමක් කුඩා ගම්මානයක් ලෙස ව්‍යාප්තව පැවති අතර මොල්ලිකුලම් ගම්මානයේ කුඹුරු වල පිටාර ජලයෙන් ද මෙම ගම්මානයේ කුඹුරු වලට ජලය ලබා ගෙන තිබේ. මෙහි ඉපැරණි මුස්ලිම් පල්ලිය හා පාසැල පිහිටා ඇති අතර හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පාලන සමයේ දී මෙම ගම්මානය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු බොහොමයක් සිදු කර ඇත.

රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් දිගින් දිගටම සාවද්‍ය ප‍්‍රචාර ගෙන යනු ලබන්නේ මෙම ගම්මානයේ ඡායාරූප, අලූතින් වනාන්තර එළි කර වන රක්ෂිත වල පිහිට වූ ගම්මාන වල ඡායාරූප බව හුවා දක්වමිනි. ජනතාව ඇතුළු ව බොහෝ පිරිසක් මේ ලෙසට අමාත්‍යවරයා විසින් මුලා කර ඇත. සැබෑ ලෙසම අවතැන් වූ ජනතාව තවම අවතැන් ව සිටිය දී අලූතින් ජනාවාස ඉදි කර වෙනත් පිරිසක් පදිංචි කිරීමෙන් රජය බලාපොරොත්තු වන ජාතීන් අතර සංහිදියාව ගොඩනැංවිය හැකි ද යන්න සිතා බැලිය යුතුය.

රටේ ජනතාව මුලා කරමින්, ආගම් හා ජාති භේද ඇති කරමින් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා පටු දේශපාලන හා පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා රටේ වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ වන රක්ෂිත විනාශ කිරීමට ඉඩ දිය යුතු නැත.

කළ යුතු වන්නේ සැබෑ ලෙසම අවතැන් වූ ජනතාවට ඔවුන්ගේ නිජ බිම් වල පදිංචි වීමට පහසුකම් ඇති කිරීම ය. ආරක්ෂක අංශ යොදා ගෙන පසුගිය රජයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ජනතාවගේ ඉඩම් කඩිනමින් එම ජනතාවට නැවත ලබා දිය යුතු ය. ඊට අමතර ව තවත් නිවාස හා වගා බිම් අහිමි ජනතාව සිටී නම් ඔවුන් ව දැනට පවතින ගම්මාන ආශි‍්‍රත ව යටිතල පහසුකම් ලබා දිය හැකි සුදුසු ස්ථාන වල පදිංචි කළ යුතු ය. එසේ නොමැතිව සංහිදියාව ඇති කළ නොහැකිය. බලහත්කාරයෙන් සංහිදියාව ඇති කිරීමට උත්සාහ දැරීම වෙනුවට කළ යුත්තේ යුද්ධයෙන් අතැන් වූ සියලූ ජනතාවට සමානව සැලකීමයි.

ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීමය. එසේ නොමැතිව එක් අමාත්‍යවරයකුට පමණක් රිසි පරිදි නැවත පදිංචි කිරීම් කටයුතු මෙහෙයවීමට ඉඩ ලබා නොදිය යුතු ය. ඉන් සිදුවන්නේ ජාතීන් අතර සංහිදියාව දරුණු ලෙස පලූදු වීමකි.

වනාන්තර විනාශ කර ජනතාව පදිංචි කිරීම නීති විරෝධී බවට වන සාධක

දේශපාලන උවමනාවන් මත වනාන්තර විනාශ කර අලූතින් ජනාවාස පිහිටුවීම සාදාරණීකරණය කිරීමට මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා ද පළමු ව සාවද්‍ය ප‍්‍රකාශ බොහොමයක් සිදු කෙරින. ඔහු පළමු ව සදහන් කළේ අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කළ කල් ආරු වනාන්තරය තමන් යටතේ පාලනය වන රජයට අයත් භූමියක් බව ය. එබැවින් තමන් විසින් අක්කර භාගය බැගින් අවතැන් වූ ජනතාව අතර මේ ඉඩම් බෙදාදුන් බව ඔහු සදහන් කෙරින. නමුත් 2001 වසරෙන් පසුව දිස්ති‍්‍රක් ලේකම් වරුන්ට අයත් වනාන්තර නොමැති බව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා දැන නොසිටීම කණගාටුවට කරුණකි. වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්තු 10 වන දින නිකුත් කළ 05/2001 අමාත්‍යංශ චක‍්‍රලේඛණයට අනුව ලංකාවේ සියලූම දිස්ත‍්‍රික් ලේකම් වරුන්ට හා ප‍්‍රාදේශීය ලේකම් වරුන්ට දැනුම් දී ඇත්තේ රජයට අයත් සියලූම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරණ බව ය. ඒ අනුව මෙම වනාන්තර පාලනය වන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ ය. එසේ තිබිය දී මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා විසින් සිදු කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කරමින් වනාන්තර ඉඩම් බෙදා දීම හා එම වනාන්තර ඉඩම්වල නීතිවිරෝධී ක‍්‍රියාවල නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ය.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක් එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සදහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සදහා අධිකරණය මගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

එවන් තත්ත්වක් පවතිද් දී පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ආධාර හා අනුබල යටතේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ හා දිස්ති‍්‍රක් ලේකම් වරයාගේ මෙහෙය වීම මත නීතිවිරෝධී ලෙස කල් ආරු වනාන්තරය විනාශ කරමින් 2010 වසරේ සිට 2012 වසර දක්වා ම නව ජනාවාස පිහිටුවීම සිදු කෙරිණ. 2012 වසරෙන් පසුව මෙම වනාන්තර පද්ධතිය රක්ෂිත ප‍්‍රදේශ බවට ප‍්‍රකාශයට පත් කළ පසුව ද දිගින් දිගට ම නීති විරෝධීව වනාන්තර එළි පෙහෙළි කිරීම සිදු කෙරින. එම කාල වකවානුව තුළ නීති විරෝධීව වනාන්තර එළි පෙහෙළි කිරීමට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මේ නීති විරෝධි කි‍්‍රයා තව තවත් වර්ධනය විය.

වන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන අනපනත් උල්ලංඝණය කරමින් මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කර ඇත. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප‍්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් යොමු වී නොමැත. නමුත් ඊට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද කිසිදු ක‍්‍රියාමාර්ගයක් මේ වන තුරුත් ගෙන නොමැත.

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප‍්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය සදහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සදහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ ජනාවාස පිහිටු වීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ අනුව පෙනී යන්නේ පසුගිය රජය පැවති සමයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ බලයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සියල්ල ම අකර්මන්‍යව සිටි බව ය. මේ නිසා දැවැන්ත විනාශයක් කල් ආරු වනාන්තර පද්ධතියට සිදු වී ඇත.

මෙලෙස නිසි බලපෑම් ඇගයීමකින් තොරව නුසුදුසු ප‍්‍රදේශයක ජනාවාස පිහිටුවීම නිසා විශාල පිරිසක් වර්ෂා කාලයේ දී ජල ගැලීම් වලින් පීඩා විදිති. මීට අමතර ව අලි – මිනිස් ගැටුමෙන් හා ජල හිඟයෙන් දරුණු ලෙස පීඩා විදිති. මේ නිසා පදිංචි කළ බොහෝ පිරිසක් නිවාස අතහැර දමා ගොස් ඇත. නමුත් ජනතාව පදිංචි කරනවා වෙනුවට තවදුරටත් වනාන්තර එළිකරමින් ඉඩම් අත්පත් කර ගැනීම අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබේ.

කල් ආරු වනාන්තරය රක්ෂිත බවට පත් කිරීම

මේ අතරතුර කල් ආරු වනාන්තර පද්ධතියේ පවතින පාරිසරික, ජෛවවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2012 ඔක්තෝම්බර් 10 වන දින අංක 1779/15 දරණ ගැසට් නිවේදනය යටතේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි කල් ආරු වනාන්තරයේ හෙක්ටයාර 6042 ක භූමි ප‍්‍රදේශයක් මරිච්චුක්කඞ්ඩෙයි – කරඩික්කුලි වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මීට අමතර ව 2012 මැයි 21 වන දින අංක 1759/2 දරන ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 2108 ක් ලෙස අරුවි ආරු ඔයේ ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශ විලත්තිකුලම් වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. කල් ආරු ඔයේ ඉතිරි ජල පෝෂක වනාන්තර වේප්පායි හා මාවිල්ලූ වන රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ සියලූ රක්ෂිත ප‍්‍රදේශ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් වනාන්තර පද්ධතියක් ලෙස ව්‍යාප්තව තිබේ.

මෙම වනාන්තර ප‍්‍රදේශ රක්ෂිත තත්ත්වයට පත් කළ පසුව ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාගේ මැදිහත්වීම මත වනාන්තර ඉඩම් වෙන් කර ගෙන, බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු විය. මේ නීති විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය කි‍්‍රයාත්මක නොකෙරින.

එම රක්ෂිත වනාන්තර සියල්ල ම එළිපෙහෙළි කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ සදහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් සදහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.

මේ අනුව මෙම වන රක්ෂිතය හතර එළි පෙහෙළි කරන පුද්ගලයන්ට හා ඒ සදහා ආධාර හා අනුබල ලබාදෙන රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාට මෙන්ම මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයාට ද එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. එසේ නමුත් රක්ෂිත වනාන්තරය විනාශ කරමින් දේශපාලන උවමනාවන් මත ජනාවාස ව්‍යාප්ත කිරීමට එරෙහිව කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තව ම අපොහොසත් වී ඇත. රක්ෂිත වනාන්තරය අඛණ්ඩව එළි පෙහෙළි කරමින් තිබිය දී වන සංරක්ෂණ නිලධාරීන් ඇස් කන් නැත්තවුන් සේ මුනිවත රැකීම කණගාටුවකට කරුණකි. එම දෙපාර්තුමේන්තුව මගින් නීත්‍යානුකූල නොවන ලෙස හෝ නිදහස් කර ඇති වනාන්තර ප‍්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වනාන්තර රක්ෂිත භූමියෙන් මේ වන විට එළිිපෙහෙළි කර ඇතත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තවම නිහඩව සිටින්නේ කුමන හේතුවක් මත ද යන්න ගැටළුවකි.

නැවත පදිංචි කිරීම් කටයුතු අවසන් කර ඇති බවට තහවුරු කිරීම

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ, ඉඩම් කොමසාරිස් ජනරාල්, ආර්. පී. ආර්. රාජපක්ෂ මහතා විසින් 2012.03.06 වන දින අංක ”3/සං/4/1/මුලතිව්” දරන ලිපිය මඟින් තහවුරු කර ඇත්තේ එම කාල වකවාණුව වන විට උතුරු හා නැගෙනහිර පලාත් වල ඉඩම් බෙදා දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බව හා එ් වන විට උතුරු හා නැගෙනහිර පලාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි. එසේ තිබිය දී 2013 වසරේ දී රක්ෂිත වනාන්තර ඉඩම් ජනතාව පදිංචි කිරීමට නිදහස් කර ඇත්තේ කෙසේ දැයි පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

නමුත් අද වන විට වන සංරක්ෂණ ජනරාල්වරයා මේ වන විට පවසා සිටින්නේ පසුගිය රජය පැවති සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා හා රිෂාඞ් බදියුර්දීන් මහතා විසින් කළ දැඩි බලපෑම් හමුවේ මේ ඉඩම් නිදහස් කළ බව ය. නමුත් නීති විරෝධී ලෙස හෝ නිදහස් කර ඇති ඉඩම් ප‍්‍රමාණයට වඩා වැඩි වනාන්තර භූමියක් මේ වන විට මරිච්චිකඞ්ඩි – කරඩික්කුලි, වේප්පායි, මාවිල්ලූ හා විලත්තිකුලම් යන වන රක්ෂිත වලින් එළි පෙහෙළි කර ඇති අතර එම කිසිදු හානිකර කි‍්‍රයාවකට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත.

විල්පත්තු වනාන්තර පද්ධතියේ ඇති වැදගත්කම




මෙම රක්ෂිත වනාන්තර හුදෙකලා නොවූ වනාන්තර පද්ධතියක් ලෙස විල්පත්තු උතුරු අභය භූමිය හා විල්පත්තු ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා බැදී පැවතීමෙන් අලි – ඇතුන්ගේ ප‍්‍රධාන නිජබිමක් වී ඇත. එපමණක් නොව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමෙන් ගලා බසිනා මෝදර ගං ආරු ඔයේ හා මෙම රක්ෂිත හරහා ගලා යන කල් ආරු ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. මීට අමතර ව අරුවි ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශයක් ද වේ. මෙම වන රක්ෂිත වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වලින් වැඩි ප‍්‍රමාණයක් සමන්විත වන අතර සුළු වශයෙන් කටු පදුරු සහිත ල`දු කැලෑ බිම්, ගංගාශි‍්‍රත වනාන්තර හා විල්ලූ පරිසර පද්ධති වලින් සමන්විත ය.

මෙම වනාන්තර පද්ධතිය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව බැදී පවතින අතර එහි ජෛව විවිධත්වයට සමාන ජෛව විවිධත්වයක් මෙම වන රක්ෂිතය තුළින් ද වාර්තා වේ. ඊට අමතර ව පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශයක් ලෙස ද මේ ප‍්‍රදේශය සැලකිය හැකි අතර ප‍්‍රධාන වශයෙන්ම මහා ශිලා යුගයට අයත් සාධක හමු වන වනාන්තර ප‍්‍රදේශයක් ලෙස සැලකිය හැකි ය.

නමුත් අද වන විට වන සතුන්ගේ වාසස්ථාන, පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශ, ජල පෝෂක වනාන්තර බිම් හා සුවිශේෂි පරිසර පද්ධති ඇතුළු ව අක්කර 3400 ක භූමියක් සම්පුර්ණයෙන්ම එළි පෙහෙළි කර තිබේ. එසේ එළි පෙහෙළි කර ඇත්තේ වන රක්ෂිතය ඛණ්ඩනය කරමිනි. ඊට අමතර ව තව දුරටත් වනාන්තර එළි පෙහෙළි කිරීම සදහා රක්ෂිත වනාන්තරය තුළ ට මාර්ග සකස් කිරීම ද සිදු කර තිබේ. මේ නිසා අලි – ඇතුන් ඇතුළු ව බොහෝ සත්ත්ව ප‍්‍රජාවකගේ ගැවසුම් ප‍්‍රදේශ ඛණ්ඩනය වීමට හා ඇහිරීමට ලක් ව තිබේ.

වන රක්ෂිත තුළ හුදෙකලාව මෙම ජනාවාස පිහිටුවීමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ඇති අතර එම ප‍්‍රදේශ වල පදිංචි කළ ජනතාවට අවශ්‍ය විදුලි බලය, මාර්ග පහසුකම් හා පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු ව තිබේ. විශේෂයෙන්ම ජනාවාස පිහිටන සිලාවතුර ප‍්‍රදේශයට සැලකිය යුතු දුරකින් මෙම ජනාවාස හුදෙකලාව වනාන්තරය තුළ ස්ථාපිත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව තිබේ. මේ නිසා හුදකලාව පදිංචි කළ ජනතාවට අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට සිදු වී ඇත. එපමණක් නොව මෙම ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීමට ද විශාල වෙහෙසක් දැරීමට සිදු වනු ඇත. මීට අමතර ව විශාල ගැටලූවක් ලෙස පවතින්නේ පදිංචි කළ ජනතාවට අවශ්‍ය වගා බිම් ලබා දීමට තව තවත් රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වීම ය. දැනට පදිංචි කළ ජනතාවට ඇති ප‍්‍රධාන ගැටළුව ආදායම් උත්පාදන මාර්ග නොමැති වීම ය. ඔවුන්ගේ වගා කටයුතු සදහා අමතර ඉඩම් ලබා දෙන ලෙසට මේ වන විට ද පදිංචි කළ ජනතාව දැඩි බලපෑම් එල්ල කරති. ඊට අමතර ව අළුතින් පදිංචි වූ බොහෝ ජනතාව රක්ෂිත වනාන්තර තව දුරටත් එළි පෙහෙළි කරමින් හා රක්ෂිත වනාන්තරයේ මායිම් කණු ඉවත් කරමින් වගා බිම් ස්ථාපිත කිරීම සිදු කරමින් පවතී. මේ තත්ත්වය ඉදිරියේ දී තව දුරටත් වර්ධනය විය හැකිය.

මීට අමතර ව දඩයම, දැව ජාවාරම හා අලි – ඇතුන් මරා දැමීම යන නීති විරෝධී ක‍්‍රියා වල වර්ධනයක් මේ ප‍්‍රදේශයේ දැක ගත හැකි ය. මේ සියළු තත්ත්වයන්ට හේතු වී ඇත්තේ නුසුදුසු ස්ථානයක, දේශපාලන උවමනාවන් මත පදනම් ව අලූතින් ජනාවාස පිහිටුවීම ය. විශේෂයෙන්ම රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ අලූතින් ජනතාව පදිංචි කරමින් මන්නාරම දිස්ති‍්‍රක්කයේ තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීම හා ඉඩම් අත් පත් කර ගැනීම ය. ඊට අමතර ව යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ගෙන්වා ගැනීමේ දැවැන්ත ජාවාරමක ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා නිරතව සිටින බව මේ වන විටත් අනාවරණය වී තිබේ.

මේ නිසා පසුගිය කාලය පුරාම මෙම වන රක්ෂිත හතර එළි කර අලූතින් ජනාවාස පිහිටුවීම සඳහා විදේශ රට වලින් හා රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබුණු මුදල් ප‍්‍රමාණය හා එ්වා නිසි පරිදි පරිහරණය කර තිබේ ද යන්න පිළිබඳ ව පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍යය. එවිට මෙම අමාත්‍යවරයා විසින් යුද්ධයෙන් අවතැන් වූ ජනතාව පෙන්වමින් වංචනික ලෙස සිදු කර ඇති මුදල් වංචාවන් අනාවරණය කර ගත හැකි වනු ඇත.

රක්ෂිත වනාන්තර විනාශ කර නීති විරෝධී ව ජනාවාස ව්‍යාප්ත කිරීමට
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආධාර ලබා දීම
රක්ෂිත වනාන්තර විනාශ කරමින් නීති විරෝධී ලෙස දේශපාලන උවමනාවන් මත පදනම් ව සිදු කරන අලූතින් ජනාවාස පිහිටුවීමේ මෙම හානි කර දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වගකීම් විරහිතවAustralian Aid, European Union, Swiss Agency for Development and Cooperation යන රාජ්‍ය නොවන සංවිධාන මුදල් ආධාර ලබා දී තිබේ. එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකකරු ලෙස එක්සත් ජාතීන්ගේ නිවාස වැඩසටහන (UN Habitat) කි‍්‍රයා කර ඇත. මීට අමතර ව මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සංවිධාන වලින් ද විශාල ආධාර මුදල් ප‍්‍රමාණයක් මේ සඳහා ලැබී තිබේ. නමුත් මෙවන් දෑ සිදු වූයේ කුමන අයුරින් ද යන්න පිළිබඳ ව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම කණගාටුවට කරුණකි.

මේ තත්ත්වය මෙසේ පවතිද් දී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා සතු ඡන්ද පදනම හේතුවෙන් යහපාලන රජය ද රක්ෂිත වනාන්තර වනසමින් සිදු කරන දැවැන්ත විනාශය දෙස තවම බලා සිටී. අනාගත හා වර්තමාන පරපුරට අයත් සියළු ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ මෙම වන රක්ෂිත එක් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික උවමනාව මත විනාශ කිරීමට ඉඩ දිය හැකි ද යන්න ප‍්‍රධාන ගැටළුවකි.

පසු ගිය රජය සමයේ දී ආරම්භ වී වත්මන් රජය තුළ ද ක‍්‍රියාත්මක වන මෙම දැවැන්ත වන විනාශයට රජයන් දෙකම එක සේ ආධාර හා අනුබල ලබා දීම මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කිරීමට පසුබට වීම පිළිබදව අපට ඇත්තේ විශාල සැකයකි.

ගත යුතු කි‍්‍රයාමාර්ග

අප වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හතරෙහි ජනාවාස පිහිටුවීම වහාම නතර කර මොල්ලිකුලම් හා මරිච්චිකඞ්ඩි ගම්මාන දෙකෙහි අවතැන් වූ ජනතාව එම ප‍්‍රදේශ වල ම නිසි පරිදි නැවත පදිංචි කිරීමට කටයුතු කරන ලෙස ය. දැනට වන රක්ෂිත වල එළි පෙහෙළි කර ඇති සියළු වනාන්තර නැවත එම වන රක්ෂිත වලට පැවැරීම හා එළි පෙහෙළි කළ ප‍්‍රදේශ වල නැවත වනාන්තර ප‍්‍රතිස්ථාපනය වීමට අවස්ථාව ලබා දීම සිදු කළ යුතු ය. එමගින් වනාන්තර පද්ධතියේ ඛණ්ඩනය වීම යතා තත්ත්වයට පත් කළ හැකි වන අතර එමගින් සියඑ ජීවීන්ගේ සුරක්ෂිතතාව හා ජල පෝෂක වල සුරක්ෂිතතාව ඇති කළ හැකි ය. එසේ නොවුනහොත් මෙම ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික ගම්මාන වල ජනතාවට හා සැබෑ ලෙසම අවතැන් වූ හා නැවත පදිංචි කළ ජනතාවට පානීය හා කෘෂි කාර්මික ජල අර්බුධ වලට සහ අලි – මිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු වීමට සිදු වනු ඇත.

මෙම දැවැන්ත නීති විරොධී වන විනාශය සදහා දායක වූ හා ආධාර හා අනුබල ලබා දුන් සියලූ රජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු අතර වනාන්තරයට සිදු කළ හානියට වන්දි මුදලක් ද අය කර ගත යුතු ය. එම මුදල නැවත මෙම වනාන්තරය ප‍්‍රතිස්ථාපනය කිරීම ස`දහා යෙදවිය යුතු ය. එ් සඳහා නීත්‍යානුකූල හැකියාව ද ඇත.

එපමණක් නොව උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ නිවැරැදි ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර එහි දී රක්ෂිත ප‍්‍රදේශ වල පැවැත්මට එල්ලවන බලපෑම් අවම කිරීමට හා එවායේ සුරක්ෂිත තාවය ඇති කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු ය. එපමණක් නොව නැවත පදිංචි කිරීමේ කටයුතු පටු දේශපාලන උවමනාවන් මත නොව පැහැදිලි විනිවිද භාවයකින් යුතු ව යථාර්තවාදීව සිදු කළ යුතු ව ඇති අතර එ් තුළින් ජාතීන් අතර සංහිදියාව තහවුරු කළ යුතු ය.

රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කළ ආකාරය




















රක්ෂිත වනාන්තර විනාශකර නීති විරෝධී ව ජනාවාස ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආධාර ලබා දී ඇති ආකාරය

1938 අගලේ සිතියමට අනුව කල් ආරු වනාන්තර පද්ධතිය නැතහොත් මරිච්චිකඞ්ඩි – කරඩික්කුලි, වේප්පායි, මාවිල්ලූ හා විලත්තිකුලම් යන වන රක්ෂිත වල ජනාවාස නොපැවති බවට සාධක




1:50000 සිතියමට අනුව කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චිකඞ්ඩි – කරඩික්කුලි, වේප්පායි, මාවිල්ලූ හා විලත්තිකුලම් යන වන රක්ෂිත වල ජනාවාස නොපැවති බවට සාධක






























ගූගල් සිතියම් වලට අනුව මෙම වනාන්තරයේ 2010 වසරෙන් පසු ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කළ ආකාරය. 2006 සිතියම (ජනාවාස ව්‍යාප්තව නොමැත)




2009 සිතියම (ජනාවාස ව්‍යාප්තව නොමැත)




2011 සිතියම (වනාන්තර ඉවත් කර ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත)


















2011 සිතියම (වනාන්තර විශාල වශයෙන් ඉවත් කර ජනාවාස ව්‍යාප්ත කර ඇත)



වන රක්ෂිත විනාශ කර ඇති ආකාරය (තැඹිලි හා දම් පැහැයෙන් සලකුණු කර ඇත්තේ විනාශ කර ඇති රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයන්ය)






























විල්පත්තු වන විනාශය ඇත්ත සහ මිත්‍යාව – PDF පිටපත මෙතැනින්

සජීව චාමිකර | Sajeewa Chamikara | පරිසර සංරක්ෂණ භාරය
http://www.colombotoday.com/28072-2233/

සබැඳි ලිපි සමහරක් -
[
වනය වනසන, බලෙන් ඉඩම් අල්ලන, බදුර්දීන්ගේ සහෝදරකම්!
http://denethharinna.blogspot.com/2016/12/blog-post_29.htmlබදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!http://denethharinna.blogspot.com/2016/12/600.htmlරිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!http://denethharinna.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති
http://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
http://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...
http://denethharinna.blogspot.com/2015/05/2500.html
]