'යස ලෙසින් පෙනී සිටිමින් 'සුබ' දුන් යස වැඩක් ගැන ඊයේ 'දිවයින- සිව්දෙස් ප්‍රාදේශීය මුද්‍රණයේ සඳහන් විය. ඒ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් ගායන ලොවේ 'සුපිරි තරුවක්' බවට පත්කරන ලද ජනප්‍රිය චරිතයක් ලෙසින් පෙනී සිටිමින් අත මිටද සොයාගත්, ගත සිතද පිනවාගත් නොම්මර එකේ 'අන්ඩපාලයෙක්' ගැනය. අදාළ රියෑලිටි තරුවේ හැඩරුවට අතිශයින් සමාන මේ විවාහක කුලී රථ රියදුරා එකී රියෑලිටි තරුව ලෙසින් අමු අමුවේ පෙනී සිටිමින් තරුණියන් රවටා ඇත. සංගීත සංදර්ශනවලට පැමිණෙන බව පවසමින් අත්තිකාරම් ලෙසින් මුදල් ලබාගෙන ඇත.
'සුබ' නම් දොරටුපාලයා 'යස් හෙවත් යසලාලකතිස්‌ස රජුගේ හිස ගසා දැමූ අතර, එකී 'සුබ'ගේ භූමිකාවට වර්තමානයේ පණ දුන් මෙකී කුලී රථ රියදුරා විසින් පර පණ නැසුවේ නැති වුවද, කර ඇත්තේ එම රියෑලිටි තරුවට බඩ කපා ගැනීමට තරම් දෑය.
අවසානයේ 'ඔරිජිනල්' රියෑලිටි තරුව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මීගමුව පොලිසිය විසින් උපායක් යොදා 'ඩුප්ලිකේට්' රියෑලිටි තරුව අත්අඩංගුවට ගන්නේය.
මෙරට විද්යුත් මාධ්‍ය භාවිතයේ 'අහස් ගුණ්‌ඩුව' නම් මෙකී රියෑලිටි තරුය. රටටම පෙනෙන්නට එළිය විහිදාගෙන අහසට පැනනැග 'ඩුම්' හඬින් පුපුරා යන මෙකී එක් අහස් ගුණ්‌ඩුවක් බිමට වැටෙන විට ඒ මාධ්‍ය ආයතනය විසින් තවත් අහස් ගුණ්‌ඩුවක් උඩ යවයි. ඒ අහස් ගුණ්‌ඩුව උඩට යන විට කලින් යෑවූ අහස් ගුණ්‌ඩුව වැටුණු තැනක් සොයාගැනීමටද නොහැකිය. දෘශ්‍ය මාධ්‍ය විසින් හරි හරියට අහස් ගුණ්‌ඩු යවන බැවින් අහස ඒවායෙන් හිස් නැත. මෙය දැන් එකම ගුවන් වෙඩි සංදර්ශනයකි. අර ස්‌ටාර්... මේ ස්‌ටාර්... ලෙසින් විහිදෙන මේ එළි දෙස බලා සිටින සමාජයේ ඇස් නිලංකාර වී ඇත. එවන් ඇස්‌වලට හරි වැරැද්ද, ඇත්ත බොරුව වෙන්කර දැකගැනීමට නොහැකිය. රියෑලිටි තරුවක් ලෙසින් පෙනී සිටිමින් සමාජය අන්දවන්නට මෙකී වංචනිකයන්ට හැකිවන්නේ එබැවිනි.
රියෑලිටි තරු මවන මාධ්‍ය විසින් එකී ගායකයන්, තරුණියන්ගේ සිහින කුමාරවරු බවට පත්කරයි. එකී තරුණියෝ මෙවන් තරු ඉදිරියේ 'මෙරු' බවට පත්වෙති. මෙකී මෙරුන්ට හොරුන් හඳුනාගැනීමට කිනම් නම් ප්‍රඥාවක්‌ද? රියෑලිටි තරුවක රුවට සමාන මේ කුලී රථ රියෑදුරාට තරුණියන් සිය යහනට කැඳවන්නට හැකිවන්නේ මෙබැවිනි. යහමින් මුදල් ගරන්නට හැකිවන්නේ මෙබැවිනි. තාලයට අත්පුඩියක් ගසාගැනීමට නොහැකි එකාටත් සුපිරි ගායන තරුවක් තීරණය කිරීමේ 'එස්.එම්.එස්. ප්‍රජාතන්ත්‍රවාදයක්' හිමි රටේ සමාන රූපය විකිණීමේ අයිතිය 'සුබ' කෙනෙකුට නැතිවන්නේ කොහොමදැයි කෙනෙකු ප්‍රශ්න කරයි නම් විටෙක එය වැරදියි කියන්නටද නොහැකිය.
අපූරුම දේ එයද නොවේ.
සැබැවින්ම රියෑලිටි තරුවක් යනු 'ඩුප්ලිකේට්' එකකි. ඔහු හෝ ඇය විසින් ඔටුණු පැළඳීම සඳහාද යොදාගන්නේ අනුන්ගේ ගීතයකි. අවසානයේ ඔරිජිනල් ගායකයාටද නැති 'මාර්කට්' එකක් හදාගන්නා එකී 'අහස් ගුණ්‌ඩුව' බිමට වැටීමට ප්‍රථම ඔරිජිනල් ගායකයා මෙන් කිහිප ගුණයකට ඔහුගේ ගීතම විකුණන්නේය. ඔරිජිනල් ගායකයා සුසුම් හෙළමින් බලා සිටින්නේය. අහේතු කාලයේ හැටි එසේය. ඩුප්ලිකේට් එකට ඔරිජිනල් එකට වඩා වටිනාකමක් ලැබෙන්නේය. නමුත් දෛවයේ සරදමකි. දැන් රියෑලිටි තරු නමැති 'ඩුප්ලිකේට්' එකට තමන්ගේ 'ඩුප්ලිකේට්' එකක් බිහිවීමේ වේදනාව දැනෙන්නට වී ඇත්තේය. රියෑලිටි ෂෝ වලින් ප්‍රඥාව මොටකළ සමාජය ඩුප්ලිකේට් එකේ ඩුප්ලිකේට් එකටද රැවටෙන්නේය.
http://www.divaina.com/2015/09/29/editor.html
Pic
Source
යේමනයේ මුස්‌ලිම් පල්ලියක සිදුවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. අයි. එස්. සංවිධානය භාරගෙන ඇත.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනකු මරණයට පත්වී ඇත.
ෂියා මුස්‌ලිම්වරුන්ගේ පල්ලියක මෙම පිපිරීම සිදු වී ඇත.
යේමන රජයට එරෙහිව සටන් වදින හුති කැරලිකරුවන්ට සහාය දක්‌වන පිරිස් මෙම පල්ලියේ වන්දනාවට පැමිණ ඇත.
http://www.divaina.com/2015/09/28/forign05.html
ඉන්දු කාශ්මීරයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් එම ප්‍රාන්තයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ඇත.
කාශ්මීර වැසියන් හා පොලිසිය අතර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයන් 12 දෙනෙක් තුවාල ලබා ඇත.
කාශ්මීරයේ හරක් මස් තහනම් කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැන නැගී ඇත.
http://www.divaina.com/2015/09/28/forign02.html
හජ් වන්දනාව සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් අතර මක්කමට පිටත මීනා ප‍්‍රදේශයේදී සිදුවූ තදබදයෙන් මියගිය සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සවුදි බලධාරීන්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඉරානයේ හජ් සහ වන්දනා සංවිධානයේ ප‍්‍රධානි සයීඞ් ඔහාඩි මේ බව හෙළි කර තිබේ.
සවුදි අරාබියේ සල්මාන් රරජුගේ පුතුවන මොහොමඞ් බින් සල්මාන් අල් සවුද් කුමරුගේ රිය පෙළ පැමිණීම නිසා මක්කම බලා පාගමනේ යෙදෙමින් සිටි ජන සන්නිපාතයට සිය දිශාව හදිසියේ වෙනස් කරගැනීමට සිදුවීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇතැයිද වාර්තා පළවී තිබේ.
ඔහාඩි පවසා ඇත්තේ සවුදි බලධාරීන්ගේ වගකීම් විරහිතකම සහ කළමණාකරණයේ ගැටළු මීනා සිදුවීමේ ප‍්‍රධාන හේතු සාධක වන බවයි. සිදුවීමෙන් තුවාල ලැබූ ඉරාන පුරවැසියන්ගේ තත්වය විමසා බැලීම සඳහා කමිටු 4ක් පත්කිරීමට ඉරානය විසින් පියවර ගෙන ඇත.
නෛතික ක‍්‍රියාමාර්ගවලින් පසු මියගිය ඉරාන වැසියන්ගේ දේහයන් සිය රට ගෙන ඒම සඳහා සැප්තැම්බර් 28 හෝ 29 දින තුළ ගුවන් යානා දෙකක් යැවෙනු ඇතැයිද සයීඞ් ඔහාඩි පවසා තිබේ.
මාරක තදබදයෙන් ඉරාන වැසියන් 131ක් වත් මියගොස් ඇති අතර තවත් 80 දෙනෙකු තුවාල ලැබූවන් අතර සිටින බව දැනට තහවුරු වී ඇත.
ඉරාන හජ් මෙහෙයුමේ ප‍්‍රධානී අලි ගාසි අස්කාර් පවසා ඇත්තේ තවත් ඉරාන වන්දනාකරුවන් 336ක් අතුරුදන්ව සිටින බවයි. මළ සිරුරු හඳුනාගැනීම සඳහා සිය භටයින්ට මැදිහත්වීමට සවුදි බලධාරීන් අවසර නොදෙන බවද ඔහු පවසා තිබේ.
මැදපෙරදිග
Pic
Source
සබැඳි ලිපි -
[
මක්‌කම තෙරපීමෙන් 717 ක් මරුට. 800 කට තුවාලhttp://denethharinna.blogspot.com/2015/09/2000.htmlඅල්ලහු අක්බර්! දෙවිය ශ්‍රේෂ්ඨයි! මක්කම මුසලු පල්ලියේ ඩොඹකරයක් කඩ වැටී සියගණනක් මරුට!http://denethharinna.blogspot.com/2015/09/blog-post_47.html
]
නේපාල නව ව්‍යවස්‌ථාව පසුගිය සතියේ සම්මත විය. ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ලුම්බිණිය වැඳගැනීමට නොහැකිවන අන්දමට දරුණු තත්ත්වයක් උදාවූයේ මේ නව ව්‍යවස්‌ථාවට එරෙහිව තරායි කලාපයේ ගැටුම්කාරී වාතාවරණයක් ඇතිවූ නිසාය. නව ව්‍යවස්‌ථාවට එරෙහිව ප්‍රමුඛව සටන්කළේ මදේසිස් ජන කොට්‌ඨාසයට අයත් ජනතාවයි. මොවුන්ට ඉන්දියාව සමඟ ළඟ සබැඳියාවක් ඇති අතරම මේ උණුසුම් තත්ත්වයම නේපාල දේශසීමාවට එපිටින් ඇති බිහාර් ප්‍රාන්තයටද පැතිරයෑයි දැයි දිල්ලි බලධාරීන් අසහනයට පත්ව සිටියහ. කෙසේ නමුත් නේපාලය අන්‍යාගමික රාජ්‍යයක් බවට පත්කරමින් සම්මත වූ නව ව්‍යවස්‌ථාව ගැන නම් ඉන්දියාව කොහෙත්ම සතුටුවන්නේ නැත. මෙම නව ව්‍යවස්‌ථාව සම්මත වූ දිනට පසුදින කත්මන්ඩු නුවර ඉන්දීය තානාපතිවරයාට වහාම දිල්ලියට කැඳවීමක් ලැබිණි. ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මෙම නව ව්‍යවස්‌ථා සංශෝධනය හරහා චීනය විසින් ඉන්දියාව රාජතාන්ත්‍රික ලෙස ලැඡ්ජාවට පත්කළ බවය. මේ ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණවලට මුල්වූ කගාඩා ප්‍රසාද්ශර්මා ඩලී වැනි නේපාල දේශපාලකයන් උපයෝගී කරගෙන චීනය ඉන්දියාව අපහසුතාවයට පත්කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල පළවිය.
ඉන්දියාවට නේපාලයේදී කම්මුල් පහරක් වැදුණද 2015 වසර පුරාම ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්‌කම් වලදී නම් දිල්ලි නුවර විදේශ අමාත්‍යාංශයේ බ්‍රාහ්මණ වංශික නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට යහපාලන වෙනස සිදුවිය. ලංකාව ගැන වැඩි උනන්දුවෙන් සිටි නිසා නේපාලය ගැන සොයා බැලීමට අපහසු වූවාදැයි අප දන්නේ නැත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසු සීපා ගිවිසුම ගැනත් ඉන්දියාව හා ලංකාව යා කරමින් ඉදිකරන පාලම ගැනත් බොහෝ මාධ්‍ය වාර්තා පළවිය. එහෙත් අගමැති වික්‍රමසිංහ මහතා ඉකුත් බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සීපා ගිවිසුම ගැන හෝ ඉන්දු-ලංකා පාලම ගැන කිසිදු අවසන් තීරණයක් ගෙන නැති බවයි.
කවරක් නමුත් ඉන්දීය ප්‍රවාහන සේවා වාර්තාකර තිබුණේ ඩොලර් බිලියන 5.19 ක් වැයවන (රුපියල් බිලියන 736) මේ ව්‍යාපෘතිය ගැන නිල සාකච්ඡා ලබන ඔක්‌තෝම්බර් මාසයේ ඇරඹෙන බවය. ඉන්දියාවේ ධනුෂ්කොඩිය හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර කිලෝ මීටර් 22 ක දුරක් මෙම පාලම ඉදිකිරීමට නියමිතය. ඇත්තෙන්ම 2001 දී එක්‌සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වූ අවස්‌ථාවේදී ද මෙම පාලම ගැන මුලින්ම සාකච්ඡා විය. එහෙත් මේ පාලම අපේ මවුබිමට හිතකරද? එය ඉන්දියාවට හිතකර වුවද මේ ශ්‍රී ලංකා දූපතට ඉතා භයානක බව නොකියාම බැරිය. මේ පාලම ඉදිවුවහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය වීම වැළැක්‌විය නොහැකි වන්නේය. එනිසා රටට හිතැති සියලු දෙනා එක්‌ව මේ ව්‍යාපෘතිය පරාජය කිරීමට කටයුතු නොකළහොත් වසර 2500 ක් තිස්‌සේ සුරැකෙන අපේ අනන්‍යතාවය විනාශ වී යැමට ගතවනු ඇත්තේ වසර කිහිපයකි. රෝ ඔත්තු සේවයත් දිල්ලියේ ආණ්‌ඩුවෙත් උවමනාවට මේ පාලම ඉදිකිරීමට ඉඩදීම තුළ සමස්‌ත ශ්‍රී ලාංකික අනන්‍යතාවයට භාරත මාතාවගේ සලුවෙන් වැසීයැම වැළැක්‌විය නොහැකි වනු ඇත.
අපේ සංස්‌කෘතිය, අනන්‍යතාවය මෙන්ම ස්‌වාධිපත්‍යයද රැකුණේ රට දූපතක්‌ව පැවැතුණ නිසාය. මේ පාලම තැනීමෙන් පසුව සිදුවන්නේ කුමක්‌ද? දකුණු ඉන්දියාවෙන් පැමිණෙන දහස් ගණනක් වූ පිරිසකගෙන් මුළු උතුරු පළාතම වැසීයැමය. එයින් වාසිය සැලසෙන්නේ කාටද? ඉන්දියාවට මිස කොළඹ ආණ්‌ඩුවට නම් නොවේ.
ඉන්දීය රජය අපෙන් මුදල් බලාපොරොත්තු නොවී ඔවුන් විසින්ම මෙය ඉදිකිරීම තුළින් මෙය වාසි කාටදැයි යන්න හොඳින්ම අවබෝධ වෙයි.
සාක් කලාපය ගොඩබිම් මාර්ගයකින් ආවරණය කිරීම පිළිබඳව කලක සිට සාකච්ඡා විය. කාබුල් නුවරින් ආරම්භ වී ශ්‍රී ලංකාවේ මාතරින් අවසන්වන අධිවේගී මාර්ගයක් ගැන ආසියානු සංවර්ධන බැංකුව යෝජනා කර තිබුණේ මීට බොහෝ කාලයකට ප්‍රථමය. සැබවින්ම මේ පාලම සඳහා ආධාර ලබාදීමට එකඟවී ඇත්තේද ආසියානු සංවර්ධන බැංකුවයි. ඒ අනුව මේ සියල්ල දැවැන්ත ව්‍යාපෘතියකි. නමුත් මේ ව්‍යාපෘතිය සාක් කලාපයට යහපත් වුවද අපට හෙණයකි. ඒ ගැන කතාකරන්නට බොහෝ දෙනා මැලිවන බව පෙනේ. පාලම නමැති කේක්‌ගෙඩියෙන් වැසුණු හලාහල විෂ ගැන කථා කරන්නට අවශ්‍යවන්නේ මෙයින් සමස්‌ත ජාතියේම ඉරණම තීරණය වන බැවිනි.
ඉන්දියාව සාම්පූර් තාප විදුලි බලාගාර ඉදිකිරීමට සූදානම් වන්නේද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මිලදී ගන්නේද මේ පාලම හරහා යෝජිත සමස්‌ත උතුරු පළාතේම ව්‍යාප්තවන දැවැන්ත ව්‍යාපෘතියක මූලික අභිමතාර්ථ සාධනය සඳහාය. මේ පාලම තැනීම හරහා බෞද්ධයන්ට ගෙදර සිටම වාහනයකින් ගොස් බුද්ධගයාව වන්දනා කිරීමට හැකිවන තත්ත්වයක් උදාවනු ඇතැයි ඉදිරියේදී රෝ ඔත්තු සේවයෙන් අරමුදල් ලැබෙන යම් යම් පිරිස් ප්‍රකාශ කරනු ඇත. එහෙත් මේ පාලම හරහා බුද්ධගයාවට යනවාට වඩා තලෙයිමන්නාරමෙන් මුහුදට පැන සියදිවි නසා ගැනීම වඩා වැදගත්ය. වඩා මූලික කරුණක් ලෙස අවධාරණය කළ යුතු වන්නේ මෙම ඉන්දු-ලංකා පාලම ඉදිවූවායින් පසුව ශ්‍රී ලංකාව තවදුරටත් දූපතක් ලෙස හැඳින්විය හැකිවන්නේ නැත. මෙය බොහෝ දෙනා නොකියන කතාවකි.
යහපාලන ආණ්‌ඩුව මෙතෙක් මේ පාලම ගැන අවසන් තීරණයක් ගෙන නැති බව පවසයි. එහෙත් දිල්ලි ආණ්‌ඩුව දිගින් දිගටම බලපෑම් කරනුයේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාය. ජනවාරි 08 වැනිදා "රෙජීම වෙනස" ඇති කරන්නේද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහාය. එහෙත් සියලු ජාති හිතෛෂීන් ලංකා දූපත ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් මේ පාලමට එරෙහි විය යුතුය.
චතුර පමුණුව
http://www.divaina.com/2015/09/27/feature14.html
මෙහි මුල්කොටස පසුගිය සතියේ පළවිය
එහිදී ගරු ආර්.ටී. ඩවුබිගින් දේවගැතිවරයා යාච්ඥා කර බයිබලයේ පාඨ කියවීය. ඉක්‌බිතිව 8.00 ට පාසල් යා යුතු වීය. එහිදී උත්පත්ති කථාවෙන් හෝ මැතිව් ගෙන් හෝ කොටස් කිව යුතු වූයේය. නික්‌ම යාම, සංඛ්‍යා කථාව, ද්විතීය කථාව, ජොෂුවා යන කොටස් ද ශුභාරංචි සතර ද පනත් ද කට පාඩම් කිරීමට මට සිදු වීය. නේවාසික ස්‌ථානය භාරව සිටි ගුරුවරයා මත්පැන් පානය කරන්නෙක් වූයේය. එ මෙන්ම ගස්‌වල ලැගීමට ආ අහිංසක පක්‌ෂීන්ට වෙඩි තැබීමට ද ඔහු ආශා කළේය. කිසිම අන්දමක බෞද්ධ ප්‍රකාශනයක් කියවීමට ඉඩ නොදුන්නේය. එක් ඉරු දිනක මා චතුරාර්ය සත්‍ය අඩංගු වූ බෞද්ධ පත්‍රිකාවක් කියවමින් සිටියදී කාමරයට පැමිණි ඔහු එය මාගේ අතින් ගෙන කාමරයෙන් පිටතට විසි කළ අන්දම මට මතකය. දිගට ම බයිබලය කියවීමත් පල්ලියට දින පතා යැමත් නිසා කට පාඩම් කිරීමට අවශ්‍ය වූ පාඩම්වලට අමතරව බයිබලය ගැන මාගේ ළැදිකම වැඩිවන්නට විය. දොළොස් වැනි අවුරුද්දේ දී මට 19 වැනි පසන් ගීයේ 5 වැනි ගීය සමඟ එකඟ වන්නට නොහැකි වූයේය. එහි වූයේ පුත්‍රයා කාමරයෙන් එළියට එන මනමාලයෙකු මෙන් ද තරඟ දිනුමක් දුවන්නට යන ශක්‌තිමත් පුරුෂයෙකු මෙන්ද සන්තෝෂ වූ බවයි. නේවාසික පාසලේදී මම බයිබලයේ විවේචකයෙක් වීමි. එහිදී යේසුස් ක්‍රිස්‌තුන්ට පහර දීම දිගටම කරගෙන ගියහොත් මා පාසලෙන් නෙරපා දමන බවට මට තර්ජනය කරන ලදී. අපට කන්නට දුන් ආහාර ඉතාම නරක වීය. මා කෙතරම් කෙට්‌ටු වී සිටියාද යන්න දුටු මාගේ පියා මා ඒ නේවාසික පාසලෙන් අස් කරගත්තේය. 1878 දී පාසලෙන් අස් වූ මම මාස දෙකක් නිවසෙහි විවේකයෙන් සිටියෙමි. ඉක්‌බිතිව සැප්තැම්බර් මාසයේ දී ශාන්ත තෝමස් විද්‍යාලයට මම යවනු ලැබීමි. දිනපතාම ශාන්ත තෝමස් විද්‍යාලයට යැමේදී සහ ඒමේදී මට මිගෙට්‌ටුවත්තේ හාමුදුරුවන් ගේ පන්සල යනුවෙන් හඳුන්වන පන්සල පසුකරමින් යන්නට සිදුවූයේය. මා පරම විඥානාර්ථ සමාගමත් සෙන්පති ඕල්කට් තුමාත්, බ්ලැවට්‌ස්‌කි මැතිනියත් ගැන දැනගත්තේ එහි දී ය. ඒ භික්‌ෂූන් වහන්සේට බ්ලැවට්‌ස්‌කි මැතිනිය ගෙන් "අයිසිස් අන්වේල්ඩ්" නමැති ග්‍රන්ථ කාණ්‌ඩ දෙකකුත්, ඒ සමඟ ම සෙන්පති ඕල්කට්‌තුමාගෙන් ලියුමකුත් ලැබී තිබුණි. ඒ ලියමනෙන් සෙන්පති ඕල්කට්‌තුමා තමන් බෞද්ධයන් බවද ඉන්දියාවට යන අතර ලංකාවට ඒමට බලාපොරොත්තු වන බවද පාණදුරා වාදය ඇසූ බවද ලංකාවේ ක්‍රිස්‌තියානියට විරුද්ධව උරෙන් උර ගැටී සටන් කිරීමට තමන් සූදානම් බවද දන්වා තිබුණේය. බෞද්ධ භික්‌ෂූන් වහන්සේ ඉක්‌මනින්ම බුද්ධාගම ගැන හා ක්‍රිස්‌තියානි ආගම ගැන ප්‍රසිද්ධ දේශනා පැවැත්වීමටද "අයිසීස් අන්වේල්ඩ්" නමැති ග්‍රන්ථයෙන් හා "තිබ්බතීය ප්‍රවීණයන්හි" කොටස් සිංහලයට පරිවර්තනය කිරීමටද පටන් ගත්තේය. ඕල්කට්‌තුමා සහ බ්ලැවට්‌ස්‌කි මැතිනිය ගැන අසන්නට ලැබීම මාගේ අතිමහත් ප්‍රීතියට හේතු විය. ඒ තැන් පටන් මම පරම විඥානාර්ථ සමාගම ගැන උනන්දුවක් දක්‌වන්නට වීමි. ඒ වන විට මාගේ වයස අවුරුදු දහ හතරක් වීමි. 1879 දී එහි ආදි කර්තෘවරු බොම්බායට අවුත් සිටි යහ. එහිදී පළමු වරට මුද්‍රණය කරන ලද පරම විඥානාර්ථ ප්‍රකාශනයේ පිටපතක් මිගෙට්‌ටුවත්තේ හාමුදුරුවන්ට යවනු ලැබීය.
ළමා කාලයේ සිටම මම යුක්‌තියටත් තාපස ජීවිතයටත් නැඹුරු වූවෙක් වූවෙමි. රහතන් වහන්සේලා පිළිබඳව අභිඤ්ඤා විද්‍යාව පිළිබඳව ද තොරතුරු දැන ගැනීමට කැමැත්තකින් සිටියෙමි. අර්හත් භාවය ලැබීම් පිළිබඳව ලංකාවේ භික්‌ෂූන් වහන්සේලා තුළ ඇත්තේ සංශයකි. අර්හත් භාවය අහෝසි වී ඇතැයි ඔවුහු කියති. මේ යුගයේදී ආධ්‍යාත්මික අභ්‍යාස මඟින් අර්හත් භාවය ලබාගත නොහැකි යෑයි ඔවුහු කියති. මෙ තැන් පටන් මම "පරම විඥානාර්ථවාදියා" නිති පතා කියවන්නෙකු බවට පත්වූවෙමි. මිගෙට්‌ටුවත්තේ භික්‌ෂූන් වහන්සේ සෙන්පති ඕල්කට්‌තුමා සමඟ ලිපි ගනුදෙනු කිරීමට පටන් ගත් සේක. ඔවුන් ලංකාවට පැමිණෙන බව දැන මිගෙට්‌ටුවත්තේ ස්‌වාමීන් වහන්සේ, ඔවුන් පිළිගැනීමට කටයුතු සම්පාදනය කිරීම ආරම්භ කළ සේක. සතිපතා උන් වහන්සේ පරම විඥානාර්ථ සමාගම ගැනත් එහි ආදි කර්තෘවරුන් දෙදෙනා ගැනත් දේශනා පැවැත්වූ සේක. පරමෝත්කෘෂ්ට ධර්මය දේශනා පැවැත්වූ සේක. පරමෝත්කෘෂ්ට ධර්මය දේශනා කරනු සඳහා ලංකාවට පැමිණීමට නියමිත වූ ඒ දෙදෙනා ගැන ලංකාව පුරා බලවත් උද්යෝගයක් පැතිර ගියේය. මීට කිසිම කලෙක ලංකාවට එවැනි යුරෝපීය බෞද්ධයන්ගේ පැමිණීමක් නම් නොවූයේය. ලංකාවට පැමිණී සෑම පුරවැසියෙකුම දැනගෙන සිටියේ බුද්ධාගමට පහර දීමට පමණි. 1515 සිට ලංකාව, ඕලන්දයේත්, බ්‍රිතාන්‍ය දූපත්වලත් මුහුදු කොල්ලකරුවන් ගේ දඩ බිම වී තිබුණි. 1818 සිට ක්‍රිස්‌තියානි මිෂනාරි සමාගමේ මිෂනාරිවරු ලංකාවේ බුද්ධාගම විනාශ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරමින් සිටියහ. දහස් ගණන් සිංහලයෝ ඉංග්‍රීසි ඉගෙන ගැනීමෙන් පසුව, ජීවනෝපාය සලසාගනු සඳහා ක්‍රිස්‌තියානීන් වී සිටියෝය. එය සිංහල ක්‍රිස්‌තියානීන්ට බඩ වඩා දෙන ආගම වීය. අවුරුද්දකදී බුද්ධාගමට පහර දෙවීමට සිංහල ගැමියෙකු පුහුණු කරගත හැකි විය. ඒ කාලයේදී මාසයකට දෙන රුපියල් විස්‌සක වේතනයකින්, කතිසාරුවකු වශයෙන් ඔහුගේ සේවය ලබාගෙන ඔහු ලවා ගම්වලදී සිංහල ජනතාව ගේ ගරු කටයුතු ආගමට විරුද්ධව දේශනා පැවැත්වීමට පුළුවන්කම තිබුණි. දිවයිනේ නා නා පළාත්වල සිටි නූගත් සිංහලයන්, හොරෙබ්හි ඈත පෙදෙස්‌වල ප්‍රභව වූ අරාබි ආගමට හරවා ගැනීමට යත්න දරමින් ඉංග්‍රිසි ක්‍රිස්‌තියානි මිෂනාරි කණ්‌ඩායමක් කටයුතු කරමින් සිටියහ. වාදිභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් ක්‍රිස්‌තියානින්ට අභියෝග කළේ මිෂනාරින්ගේ අනුකම්පා විරහිත පහරදීම නිසාය. උන් වහන්සේ අරාබි, ක්‍රිස්‌තියානි මිථ්‍යා ධර්මවලට දරුණු කුළුගෙඩි පහරවල් දීමට පටන්ගත් සේක. 1872 දී ක්‍රිස්‌තියානි මිෂනාරිවරුන් හා කාසාය වස්‌ත්‍රධාරී භික්‌ෂූන් අතර ඓතිහාසික මහා වාදය පානදුරේදි සිදුවිය. එහිදී ක්‍රිස්‌තියානි පක්‌ෂය අන්ත පරාජයක් ලැබූහ. ක්‍රිස්‌තියානින් ලංකාවට පැමිණීමෙන් පසු බෞද්ධයන් ලද පළමු වන ආචාර ධර්මවාදී ජයග්‍රහණය එය වීය. ශත වර්ෂ ගණනාවක් තිස්‌සේ පැවතුණා වූ පුරාණ සෞන්දර්යාත්මක ආර්ය ශිෂ්ටාචාරය විනාශ කළ ඔවුහු මුලින් කොල්ලකෑමේ යෙදුණු මුහුදු කෙල්ලකරුවන් හා පල් හොරුන් ලෙසත් පසුව ජයග්‍රාහකයන් ලෙසත් ලංකාවට පැමිණියහ.
1880 මැයි මාසයේදී පරම විඥානාර්ථ පිරිස ලංකාවට පැමිණීමෙන් ලංකාවේ ඇති වූ ආගමික අවදි වීම, 1880 පානදුරාවාදයෙන් පසු ඇති වූ අවදි වීමට පමණක් දෙවැනි වීය. ගාල්ලෙන් ලංකාවට ගොඩ බට සෙන්පති ඕල්කට්‌තුමාත් එච්.පී. බ්ලැවට්‌ස්‌කි මැතිනියත් රාජකීය අන්දමින් පිළිගනු ලැබූහ. ගාල්ලේ සිට කොළඹට ඔවුන් කළ ජයග්‍රාහී චාරිකාවේදී පරම විඥානාර්ථ පිරිස දුටු දර්ශන පිළිබඳ සුන්දර වර්ණනයක් "පරම විඥානාර්ථවාදියා" ජූනි කළඹෙහි පළ වී තිබුණි. ජූනි මාසයේදී ඔවුන් ලංකාවට පැමිණි පසු සෙන්පති ඕල්කට්‌තුමා විසින් පැවැත්වීමට නියමිතව තිබූ පළමුවන දේශනය ඇසීමට මම පාසලේ සිට පයින්ම ගියෙමි. සියල්ලන්ම ආපසු මගේ මාමාත් පියාත් පමණක් ඉතුරු වූ විට මම ඔවුන් සමඟ එකතු වීමි. මගේ මාමා ඒ වන විට ද බ්ලැවට්‌ස්‌කි මැතිනියගේ සිත දිනාගෙන සිටියේය. මගේ මාමාටත් පියාටත් ඔවුන් ආයුබෝවන් කී වේලාවේදී ඔවුන් සමඟ මම ද ඔවුන්ගේ අත් අල්ලා සෙල වූ විට මට ඇති වූ ප්‍රමෝදය මට තවම මතකය. ඊට අවුරුදු සතරකට පසුව මාගේ පියාගේ ද මුත්තාගේ ද සුමංගල නායක හිමියන්ගේ ද සෙන්පති ඕල්කට්‌තුමාගේ ද විරුද්ධත්වය මධ්‍යයේ බලෙන්ම මා තමා සමඟ අද්යාරයට කැඳවාගෙන යාමට නියමිතව සිටි බ්ලැවට්‌ස්‌කි මැතිනිය වෙත ඒ පිළිබඳ කිසිවක් නොදැනම මම ඉබේටම වාගේ ඇදි ගියෙමි.
ආදි කර්තාවරුන් වෙත මා ඇදි ගියේ 1880 ජූනි මාසයේ පටන් ඒජන්ත තැන වූ ජේ.ආර්. ද සිල්වා මහතා ගේ ලිපිනයට "පරම විඥානාර්ථවාදියා " ආ සෑම විටකම, නොවැරදීම මම එය කියවීමි. පාසලේ සිට ප්‍රවෘත්ති පත්‍ර ඒජනත තැනගේ නිවසට තිබුණ සැතපුමක් පමණ දුර ප්‍රමාණය, පිටපතක් ණයට ගැනීම සඳහා මම පයින්ම ගියෙමි. විද්‍යාලයේ වෝර්ඩීන් වූ ගරු ඩී. එෆ්. මිලර් මගේ සත්‍යවාදීභාවය නිසා මට ආදරය කළේය. වරක් ඔහු මට මෙසේ කීය. "අපි ලංකාවට එන්නේ උඹලාට ඉංග්‍රීසි උගන්වන්න නොවෙයි. අපි ලංකාවට එන්නේ උඹලාව අපේ ආගමට හරවා ගන්න" එයට පිළිතුරක් වශයෙන් මම අලුත් තෙස්‌තමේන්තුවට ප්‍රිය කළද පරණ තෙස්‌තමේන්තුව මට විශ්වාස කළ නොහැකි බව කීමි. මට බෙහෙවින් කැමති වූ ඔහු, 1883 අප්‍රේල් මාසයේ දී මා පාසලින් අස් වූ විට, විශිෂ්ට සහතිකයක් මට දුන්නේය.
මැටි්‍රක් විභාගයෙන්වත් සාමාර්ථ නොවී මට පාසලෙන් අස්‌වීමට සිදුවීය. ඊට හේතු වූයේ මිගෙට්‌ටුවත්තේ හිමියන්ගේ පන්සලට යමින් බෞද්ධ පෙරහරක් කොටහේනේ ශාන්ත ලුසියා පල්ලිය ළඟින් යද්දි කතෝලිකයන් එයට දරුණු ලෙස පහර දීම නිසා 1883 දී කතෝලික කැරලි ඇතිවීම හේතුකොටගෙන, මා ක්‍රිස්‌තියානි පාසලකට යාම ගැන, තද බෞද්ධයෙකු වූ මාගේ පියා විරුද්ධ වීමය. එ කල පිටකොටුවේ පුස්‌තකාලයෙහි සාමාජිකයෙකු වී සිටි මම Sinnetts Occult World නමැති ග්‍රන්ථය අමන්දානන්දයෙන් කියවීමි. ඉක්‌බිතිව හිමාල ආචාර්යවරුන් ගේ පාසලට ඇතුළු වීම සඳහා බ්ලැවට්‌ස්‌කි මැතිනිය ගෙන් ලියුමක් ඉල්ලා ඇයට ලිවීමට තීරණය කර ගතිමි. ඊට මාසයකට කලින් මා වේලියකුට අවශ්‍ය සුදුසුකම් සහිතව "වේලවරු හා ගිහි වේලවරු" නමැති ලිපිය කියවා තිබුණි. සියලු සුදුසුකම් මට තිබුණ නිසා බ්ලැවට්‌ස්‌කි මැතිනියගේ මාර්ගයෙන් ඒ නොදන්නා සොහොයුරාට මාගේ අදහස දන්වා නො යෑවිය යුත්තේ මන්දැයි මම කල්පනා කළෙමි. 1883 නොවැම්බර් මාසයේදී හිමාල ආචාර්යවරුන්ට ලියුමක් ලියූ මම, ඒ සමඟ තවත් ලියුමක් අද්යාර් ලිපිනයට බ්ලැවට්‌ස්‌කි මැතිනියට යෑවීමි. 1884 ජනවාරි මාසයේදී කොළඹ පරම විඥානාර්ථවාදීන්ගේ ඉල්ලීමක් අනුව සෙන්පති ඕල්කට්‌තුමා කොළඹට පැමිණියේය. එතුමා පැමිණියේ බෞද්ධයන් විසින් සංවිධානය කරන ලද සාමකාමී පෙරහැරයකට කිසිම කුපිත කිරීමක් නොමැතිව කතෝලිකයන් විසින් කරන ලද මිනීමරු පහරදීම නිසා කතෝලිකයන්ට විරුද්ධව නීති මඟින් ක්‍රියා කිරීම සඳහාය. පැමිණි සැටියේම වාගේ එතුමා බැලීමට ගිය මම, පරම විඥානාර්ථ සමාගමට බැදීමට මා කැමති බව කීවෙමි. එවිට මගේ ලියමන තමන්ට ලැබුණ බව කී එතුමා මගේ වයස අඩු වුවද මා ඇතුළත් කරගන්නා බව පැවසිය. ඉක්‌බිතිව මැලිබන් වීදියේ පිහිටි පරම විඥානාර්ථ සමාගමේ මූල ස්‌ථානයට එතුමා මා කැඳවා ගෙන ගියේය. මා සමඟ පීඩර් ද ආබ්‍රැව් මහතාද, සිල්වා මහතාත් සාමාජිකයෝ වූහ. එකල සමාගමේ සභාපති වී සිටියේ මගේ මුත්තාය. ඔහු මා වෙනුවෙන් එකල සාමාජික මුදල වූ රු. 10 ගෙවූයේය. ඒ අවුරුද්දේම දෙසැම්බර් මාසයේදී පරම විඥානාර්ථ වාදීන් සමඟ මා අද්යාරයට යා යුතුව තිබුණි.
මතු සම්බන්ධයි
සබැඳි ලිපි -
[
අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් 1http://denethharinna.blogspot.com/2015/09/blog-post_84.html
දම්පල් තුමාණෝ සිදු කළ මෙහෙවර සදානුස්‌මරණීයයිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_33.htmlජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_59.htmlතම මව්බිමේ බොදුඋරුමය රැකගැනුමට බැරි නායකයන් ඇති රටක, ඉන්දියාව වැනි අබෞද්ධ විදෙස් රටක කළ දම්පල් මෙහෙය කෙසේ මිළ කරන්නද?http://denethharinna.blogspot.com/2014/09/blog-post_1.htmlඅනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා මෙහෙවර මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.http://denethharinna.blogspot.com/2014/09/blog-post_75.htmlඋඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_17.htmlඅනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක් ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]
පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක් ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස් කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක් සලස්‌වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය නිසා අනුන්ගේ ආස්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන් කරන්නේ. වර්තමාන සමාජයේ ඉහත කාර්යය බොහෝම අපූරුවට අෙන්‍යාන්‍යය එකමුතුවකින් යුතුව දෙපාර්ශවයම ආස්‍රවයන් වඩවාගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා.
වර්තමාන සමාජයේ සූපවේදයේ දියුණුභාවය හේතුවෙන් සකස්‌වෙන විවිධ රසයෙන්, ගුණයෙන්, පැහැයෙන්, හැඩයෙන් යුත් ආහාරයන් නිසා පිංවතුන් එම ආහාරයන් ඇසෙන් දැක, දිවෙන් රසවිඳ අප්‍රමාණ ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන් නොලැබුණ තැනදී ගැටෙන සිත් ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන්ට ඇල්ම නිසා රෝගාබාධ ඇති කරගන්නවා. එම නිසා පිංවත් ඔබ රසය ඉදිරියේ ඇස, දිව, මනස සංවර කරගන්න. එසේ නොවුණහොත් ආහාරය නිසා නිරතුරුවම පිංවත් ඔබ නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනයකොට ගන්නවා.
නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන් තුළින් සකස්‌වී ඇති සංගීතය හේතුවෙන් කනෙන් එම ශබ්දයන් අසා මනස අසංවර කරගෙන අප්‍රමාණ ආස්‍රවයන් ඇතිකරගන්නවා. රාත්‍රී සංගීත සන්දර්ශනයක්, සැනකෙළියක් සිහියට නගාගන්න. මේවා බරපතල ආකාරයට නැති ආස්‍රවයන් ඇතිකර දෙනවා. සමාජයේ පිංවතුන් ශීලයෙන් දුරස්‌කොට මෛත්‍රී චින්තනයෙන් දුරස් වෙනකොට තමන් තුළින් සිල් සුවඳ, මෙත් සුවඳ නැතිවී යනවා. එවිට ශරීරය සුගන්ධවත් කිරීම සඳහා සුවඳ විලවුන් භාවිතයට සමාජය හුරුවෙනවා. සුවඳ විලවුන් භාවිතය නිසා සුවඳ හමන වෙලාවට සැප වේදනාවක් ඇති කොටගන්නවා. දහදිය දමන වෙලාවට දුක් වේදනාවක් ඇති කරගන්නවා. මේ හේතුව නිසාම නිරතුරුවම ඉන්ද්‍රිය අසංවරය ඇති කරගන්නවා. නානාප්‍රකාර ඇඳුම් විලාසිතාවන් නිසා නිරතුරුවම රූපය ඉස්‌මතු කර පෙන්වීමට යැම නිසා ඉන්ද්‍රිය අසංවරය ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. එම නිසා පිංවත් ඔබ ඇඳුමක් තෝරාගත්විට ආශ්‍රවයන් ඇතිනොවන ආකාරයට හොඳින් සිහිනුවණින් ඔබ ඒවා පරිහරණය කළ යුතුයි. එසේ නොවුණොත් නැති ආස්‍රවයන් ඇතිවෙනවා. ඇති ආස්‍රවයන් වර්ධනය වෙනවා. පිංවත් ඔබ දුශ්ශීලභාවය නිසාත් නිරතුරුවම ඉන්ද්‍රිය අසංවරය කරගන්නවා. ශිල්වත්භාවයේ කුසල් මූලයන්ගේ ඵලය හැටියටත් ඉන්ද්‍රිය සංවරය හඳුන්වන්න පුළුවන්.
ඉන්ද්‍රිය සංවරභාවය ගැන සටහන් තබනකොට අධි සංවරභාවය ගැනත් ප්‍රවේශම් වෙන්න ඕනා. සමාජය ඉදිරියේ, පිරිස ඉදිරියේදී සමහරක් පිංවතුන් 'අධිසංවරභාවයෙන්' හැසිරීමට උත්සහ ගන්නවා. මේ හේතුව නිසාම නැති ආශ්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනයකොට ගන්නවා.
දිනක් භික්‍ෂුව කුටියට ආගන්තුකව පැමිණි ස්‌වාමීන්වහන්සේ නමක් සමග ගමට පිණ්‌ඩපාතය වැඩියා. උන්වහන්සේ තරුණ සාමනේර ස්‌වාමීන්වහන්සේ නමක්. එම මාර්ගයේ එකිනෙකට සමීපව නිවාස පිහිටි නිතර වාහන ගමන් කරන තාර පාරක්. භික්‍ෂුව වේගවත්ද නොවී, සෙමින්ද නොවී මධ්‍යම ප්‍රමාණයට පියවර තබමින් ඉදිරියෙන් වැඩියා. පිණ්‌ඩපාතයට වැඩිය යුතු අතුරු පාරට හැරෙන තැනට පැමිණ භික්‍ෂුව පසුපස හැරී පසුපසින් වඩින එම ආගන්තුක ස්‌වාමීන්වහන්සේ දෙස බැලුවා. දෙදෙනාම එකට කුටියෙන් එළියට වැඩියත් උන්වහන්සේ භික්‍ෂුවට වඩා මීටර් 200 ක් පමණ ඈතින් තමයි ඒ මොහොතේ වඩිමින් සිටියේ. භික්‍ෂුව උන්වහන්සේ තුළින් දැක්‌කේ පිරිස ගැවසෙන මාර්ගයේ වඩින විට උන්වහන්සේ අධිසංවරභාවයක් ඇතිකරගෙන ඇති බවයි. මේ අධිසංවරභාවයද අපි තුළ නැති ආශ්‍රවයන් ඇතිකොටදෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනයකොට දෙනවා.
භික්‍ෂුව ගිහි ජීවිතයේදී ධර්මයේ අර්ථයන් ජීවිතය තුළින් මතුකොටගත්තේ අභියෝගයන් තුළට නොබියව කිඳාබැසලයි. එකක් අතහැරලා දෙකක් දිනාගෙන, දිනාගත් දෙකම අතහැරීමේ ශක්‌තියක් මට ගිහි ජීවිතයේදී තිබුණා.
ඉන්ද්‍රිය අසංවරභාවය මට ගිහි ජීවිතයේදී හොඳින් හුරුපුරුදු දෙයක්. ඉන්ද්‍රිය අසංවරභාවය තුළින් මතුකොටගත් අත්දැකීම් තුළින්මයි මම ඉන්ද්‍රිය සංවරභාවය ඇතිකොටගත්තේ. මගේ අසංවර ඉන්ද්‍රියනුත්, අනුනගේ අසංවර ඉන්ද්‍රියනුත් එකතුවුණ තැනදී ඇතිවන වේගවත්භාවය මම හොඳින් නුවණින් දැක්‌කා. නමුත් ඒ වේගය, රූපයේ වේගය හෝ, විඥානයේ වේගය කියලා එදා මම දැනගෙන හිටියේ නැහැ. නමුත් පසුකාලයේදී රූපයේ අනිත්‍යභාවයත්, විඥානයේ අනිත්‍යභාවයත් අවබෝධකොටගැනීමට අතීතයේ අත්දැකීම් මට ගොඩාක් උපකාරී වුණා. ඒ නිසාමයි භික්‍ෂුව සටහන් තැබුවේ අභියෝගයන්ට කිඳාබැසලයි ධර්මය මතුකොටගත්තේ කියලා.
පිංවත් ඔබ රූපයන්ට නිරතුරුවම බැඳී යන්නේ එම වර්ණ, ගන්ධ, ශබ්ද, රස ස්‌පර්ශයන් පරිහරණය කිරීමේදී ඒවා දෙස හොඳින් නුවණින් නොබැලීම නිසයි. ඔබ යමක් දකිනකොට, යමක් අහනකොට හොඳින් විවෘතව දකින්න. බලන්න. අසන්න. පිංවත් ඔබ රූපය අඳුරේ අතපත ගාන්නෙක් නම් ඔබට කවදාකවත් අවිද්‍යාවෙන් වැසී ඇති රූපය තුළින් ප්‍රඥාවේ ආලෝකය මතුකොටගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. විවෘතකොටගත් දෑස් තියුණු දෑස් සමග ගවේෂණශීලී විදර්ශනාමය මනස මුහුවුණ තැනදී රූපයේ යථා ස්‌වභාවය මතුකොටගැනීමට ඔබට පහසුවක් වෙනවා. පිංවත් ඔබ රූපය ඉදිරියේ වහලෙක් නොවී, නිහඬ උපක්‍රමශීලී ගවේශකයෙක් වීමට දක්‍ෂවෙන්න. රූපයේ ඉදිරියේ නිහඬ ගවේශකයෙක් වීමට දක්‍ෂ පිංවතා රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් ඇතිකොටගත් ඉන්ද්‍රිය අසංවරභාවය තුළින්ම වීර්යෙන්, ඉවසීම තුළින් ඉන්ද්‍රිය සංවරභාවයට අවශ්‍ය සාධක මතුකොටගන්නවා. එසේ නොවුණහොත් ඉන්ද්‍රිය අසංවරභාවය නිසාම නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා.
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ - අතහැරීම 8
සිව් වසරක් පුරාවට මෙම උතුම් ලක්‌දෙරණ පිවිතුරු සම්බුදු දහමින් පෝෂණය කරමින් ධර්මයේ සන්දිට්‌ඨික ආදී ගුණයන් ලොවට විහිදුවාලු "මහරහතුන් වැඩි මග" ඔස්‌සේ පොත් මාලාවේ නවතම කලාපය (අතහැරීම 8) ධර්ම පුස්‌තකය එළිදැක්‌වූ බව ඔබ සැමට මෙත් සිතින් යුතුව දැනුම් දෙමු.
මෙම ධර්ම පුස්‌තකය මෙම 27 දින දක්‌වා කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී මෙන්ම, දිවයින පුරා පොත් අලෙවි සැල්වලින් ද ඉතා සහනදායී අයුරින් ඔබ සැමට ලබා ගත හැකි බැව් කාරුණිකව සිහිපත් කරමු.
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/09/27/feature04.html
ඓතිහාසික ආගමික හා පුරාවිද්‍යාත්මක අතින් සලකා බලන කල අනුරාධපුර, පොලොන්නරුව, සීගිරිය, දඹුල්ල සේම රුහුණු වෙල්ලස්‌සට ද හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. එදා වළගම්බා, සද්ධාතිස්‌ස, දුටුගැමුණු දප්පුල සේම අපේ ඉපැරණි හෙළ නරවිරුවන්ගේ පහස ලත් මෙම භූමි ප්‍රදේශය එකල ආගමික වශයෙන් මෙන්ම කෘෂිකාර්මික අංශයෙන් ද අතිශය සමෘද්ධියට පත්ව තිබූ බව රටටම බත සැපයූ වෙල්ලස්‌සේ අතීත කතාව ඊට අදාළ මූලාශ්‍ර විමසා බලන විට පෙනේ.
රුහුණේ සිට දිගාමඩුල්ල දක්‌වාම විසිර පැවැති ඉපැරණි රුහුණු රාජධානියට අයත් වෙල්ලස්‌ස අභයභූමිය ඇතුළු වනපෙත් මැනවින් අධ්‍යයනය කර බලන්නෙකුට පැරණි නෂ්ටාවශේෂ හතරැස් සැතපුමක් තුළ ස්‌ථාන තුන හතරක්‌වත් සොයාගත හැකි තරමට විසිර පවතී.
මේ තරමටම මේ ස්‌ථාන නටබුන් බවට පත්වූයේ කෙසේද? රුහුණු වෙල්ලස්‌ස පුරා පැතිර පවත්නා ඇතැම් අගනා චෛත්‍යයන් සහමුලින් හාරා විනාශ කොට ඇති අතර විවිධ කැටයමින් නිර්මිත සෙල් කණු මාලිගා සහ දේවාලවල නටබුන් සඳකඩ පහන් මෙන්ම විවිධ කලා නිර්මාණයන් වනගතව විනාශයට යමින් පවතින අතර මේවා සියල්ලම පාහේ කලෙක සිට දෙතුන් වර නොව දහ දොළොස් වතාව නිධන් හොරුන්ගේ විනාශයන්ට ලක්‌ව තිබේ.
අප මතකයේ පවත්නා ආකාරයට කලකට පෙර බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වෙහෙරයාය උඳුගොඩවැව ප්‍රදේශයේ තිබුණු ඉපැරණි ගල්කණු රැසක් එම ප්‍රදේශයේ උක්‌මෝල් හිමියකු විසින් උක්‌මෝලක ලිපක් තැනීම සඳහා රැගෙන ගොස් තිබිණි.
වනාන්තර එළිපෙහෙළි කිරීම, මැණික් ගැරීම, වැලි ගොඩ දැමීම, අනවසර වගා කටයුතු කිරීම, උක් කර්මාන්තය ඇතුළු විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම පෞරාණික ස්‌ථානවලට නරක දසාවක් ලබා ඇති බැව් එම ස්‌ථාන දකින්නෙකුට මැනැවින් පසක් කරගත හැකිය.
ප්‍රදේශය පුරා ජනතාවගේ මුවින් මුව පැතිර ගිය කතාන්දරවලට අනුව නම් එක්‌තරා කාලයක කිසියම් පිරිසක් පැමිණ කඩොල් ඇතුගේ සොහොන සොයමින් එම හස්‌තියාගේ පැළිඳි ආභරණ සොයා මහත් වෙහෙසක් දරා තිබේ. 92 ගම්උදා සමයේ පිළිසකර කරන ලද මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ බොහෝ ආගමික හා ඓතිහාසික ස්‌ථානයන්හි තහඩු, කොත් ආදිය අතුරුදන් වී ඇති බවක් නොදන්නා අයෙක් නැති තරම්ය. වැව් අලුත්වැඩියාව නොඑසේ නම් රොන්මඩ ඉවත් කිරීම මුවාවෙන් යුදගනාව ආශ්‍රිත වැවක පෞරාණික යමක් සොයා ඇති බවක් ද දැනගන්නට තිබේ. ඔක්‌කම්පිටිය හැබ්බැස්‌ස ප්‍රදේශයේ පිළිමය කඩා දමා විනාශ කළ කාලයේ ආරක්‍ෂක අංශ ඇඳුම් ඇඳගත් කල්ලියක් ඒ ප්‍රදේශයේ සැරිසරා ඇති අතර පළාත්වාසීන් ඒ සම්බන්ධයෙන් පැවසුවේ 'වැවත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව' කියාය.
හැටේ දශකයේදී පමණ ඓතිහාසික මාලිගාවිල පිළිමය නිදන් සොරුන්ගේ බරපතළ ප්‍රහාරවලට ලක්‌ව කෑලි බවට පත්ව තිබූ අතර පසු කලෙක එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විසින් එහි විශේෂ ඉංජිනේරුවන් පිරිසකගේ සහාය ඇතිව යථා තත්ත්වයට පත්කරන ලදී.
දුටුගැමුණු සද්ධාතිස්‌ස රජ දෙපළ යුද වැදුණු ස්‌ථානය යෑයි ඉතිහාසගත ඓතිහාසික යුදගනා වෙහෙරේ පැරණි බුදුගෙයි පිටත ඇඳ තිබූ සිතුවම් සියල්ල මේ වන විට විනාශ වී ගොස් තිබේ. යම් පමණට ආරක්‍ෂා වී ඇත්තේ ඇතුළත සිතුවම් පමණි. මෙම විහාරගෙය තිබූ බුදු පිළිමයේ පපු පෙදෙස පසුගිය කාලයේ නිදන් සොරුන් විසින් හාරා විනාශ කරන ලදී.
මැණික් ගඟබඩ පිහිටි යටියල්ලාතොට පිහිටි ඓතිහාසික චෛත්‍යයක් අවස්‌ථා කිහිපයකදීම නිදන් සොරුන් විසින් විනාශ කරන ලදී. ඒ ආසන්නයේ පෞරාණික නටබුන් රැසක් දකින්නට ඇත. මේවා පිහිටි ඉසව්වේ කෙසෙල් වගා කිරීම සහ වෙනත් කෘෂිකර්ම කටයුතුවල යෙදීම හේතුවෙන් පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇත. බුත්තල රජ මාවතත් මැණික් ගඟත් අතර පිහිටි වළගම්බා රජමහා විහාරයට අයත් මාලිගාවක නටබුන් සඳකඩපහන්, විහාර ගෙවල්, මුරගල් ආදිය නිදන් සොරුන් විනාශ කර ඇත්තේ කලෙක සිටය. ඒ මෙයට වසර 100 කට පමණ පෙර යෑයි සැලකේ.
ගල්ඔය වනෝද්‍යානය තුළ මෙවන් පෞරාණික ස්‌ථාන රැසක් විනාශ වී ඇති අන්දම ජයන්ති වැවට නුදුරින් පිහිටි වනගත බිම් හරහා ඇවිදගිය ගමනකදී අපට දැකගන්නට හැකි විය.
වැල්ලවාය - තිස්‌ස මාර්ගයේ කුඩාඔයට නුදුරු මැණික්‌ගඟ ආසන්නයේ පිහිටි හුරන්ගමුව නටබුන් අතර නිදන් සොරුන් හාරා දැමූ චෛත්‍යයක නටබුන් අදත් දක්‌නට තිබේ.
කටුගහගල්ගේ විහාරය බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පැරණි ලෙන් විහාරයකි. ගල් කුලක් යට පිහිටි මෙම විහාරයේ අගනා පිළිම අවස්‌ථා තුනකදී නිදන් සොරුන් විසින් වනසන ලදී. පස්‌සර පැල්වත්ත ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මුලගිරිය, ඔබාගිරිය සහ දේවගිරිය යන විහාරස්‌ථානවලින් ප්‍රථමයෙන් හමුවන මුලගිරි විහාරයේ අගනා බුදුගෙය අද වන විට සහමුලින්ම විනාශ වී ගොස්‌ය. එහි ඉපැරණි චෛත්‍ය නිදන් හොරු කිහිප විටක්‌ම හාරා දමා තිබේ. මුලගිරි විහාරයේ ඉපැරණි බුදුගෙයි වැඩ සිටි බුදුපිළිම වහන්සේගේ සිරස නිදන් සොරු කඩා බිම හෙළා තිබුණේ කලකට පෙරයි.
කලාප දෙකක උක් ජනාවාසයට නුදුරු වෙහෙරයාය නටබුන් විනාශ වන්නේ කාලෙක සිටය. මෙහි නටබුන් වී ගිය චෛත්‍යය සඳහා කෙටි කලක් පොලිස් මුරද යොදා තිබිණි.
වැල්ලවාය - ඇල්ල මාර්ගයේ ගමන් කර රදාපොල ආර අසලින් ඉහළට ගිය විට හමුවන තිස්‌ස ලෙන ආරණ්‍ය සේනාසනයේ ස්‌ථාන හතක නිදන් ඇතැයි යන අපේක්‍ෂාවෙන් චීවරධාරියකුගේ ද සහය ඇතිව නිදන් සොරුන් එම භූමිය වනසා තිබුණේ ගල් වලට බෝර පවා දමමිනි.
ඓතිහාසික බුදුරුවගල, සෙල්ලවාවෙහෙර සේම වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් අලුත්වෙල ගඟට නුදුරු පුරා වස්‌තු සහිත බිම අක්. 75 ක් පමණ පුරා පැතිර පවතී. මේ අඩවිය නිදන් සොරුන්ගේ කෙළිපිටියක්‌ව පැවත තිබේ.
කැහැලිය පුරාණ රජමහ වෙහෙර සියඹලාගුනේ සියඟුල් වෙහෙර, ලවනගිරි වෙහෙර ආශ්‍රිතව මෙන්ම වැදිතහෙල කන්දට නුදුරු ස්‌ථානයන්හි ද නිදන් සොරුන්ගේ ක්‍රියාකාරකම් විශාල වශයෙන් සිදුවී තිබේ.
ඌව වෙල්ලස්‌ස මෙන්ම රුහුණේ ද පෞරාණික ස්‌ථානයන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී වෙසෙසින්ම සඳහන් කළ හැකි වන්නේ වෙහෙරගල විහාරය හෙවත් ඓතිහාසික ගෝඨබ්බත විහාරයයි. කිසිදු ආරක්‍ෂාවක් රැකවරණයක් නොමැතිකම නිසා මෙම පුරාවිද්‍යාත්මක සම්පත අද ගිරිහිසක් මත පාළුවට යමින් විනාශයට පත්වන ආකාරය සැබෑ වශයෙන් කනගාටුදායකය.
ඌවේ වෙල්ලස්‌සේ මෙන්ම රුහුණේ ද යාල අභයභූමි ආශ්‍රයේ ද උස් කඳු ශිකරයක් සේම වනගත සෙසු බිම් මැනැවින් පිsරික්‌සීමේ පහසුකම් වෙතොත් වනපෙත් වැසුණු මහඟු සංස්‌කෘතියද අතීතයක එසේත් නොමැතිනම් අදීන ජාතියක අනන්‍යතාවයේ සලකුණු ඕනෑ තරම් සපයාගත හැකිවනු ඇත.
පෞරාණික මෙන්ම පුරාවිද්‍යාත්මක සම්පත් තිබෙන රටක් සෙසු රටවල් අතුරින් කැපී පෙනෙන්නා සේම ඒ හේතුව නිසාම සංචාරක ආකාර්ෂණය ඇතිවන බව ද අප විසින් අමතක කළ යුතු නැත.
එහෙයින් අතීත සමෘද්ධිය, කලාකරුවාගේ විස්‌කම් සේම නිරිඳුන්ගේ වික්‍රමාන්විත ඉදිකිරීම් ගැන කතා කරන අය දැනට පවත්නා නෂ්ඨාවශේෂයන්ගෙන් අනාගතයට ඉතිරි කිරීම උදෙසා පුරාවිද්‍යා සම්පත් සංරක්‍ෂණ දස වසරක් හෝ ප්‍රකාශයට පත්කර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින් පිහිsටි මෙම පෞරාණික වස්‌තූන් රැකගැන්ම උදෙසා පෙළ ගැසිය යුතුය.
පුරාවිද්‍යාත්මක සම්පත් වනගතවීම හා විනාශයන් පිළිබඳව යම් යම් අයට අත දිගු කිරීම හෝ බැණ වැදීම නොව කළ යුතුව ඇත්තේ නව ශක්‌ති ප්‍රමාණයෙන් ශ්‍රමයෙන්, දැනුමෙන් බුද්ධියෙන් මූල්‍ය හෝ වෙනත් ආකාරයකින් හැකිතාක් අනුග්‍රහය ලබාදීමය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත දන්නා තොරතුරු ලබාදීමත් රටේ පුරවැසියන් ලෙස පුරාවිද්‍යාත්මක වස්‌තූන් සංරක්‍ෂයට උදව් වීමත් ජනතාවගේ වගකීම විය යුතුය.
පොලිසිය ප්‍රමුඛ ස්‌වේච්ඡා සංවිධාන මෙන්ම ජනතාව නියෝජනයෙන් දායක වන පුරාවිද්‍යා නටබුන් සංරක්‍ෂණයට අවම තරමින් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකට එක බැගින් පිහිටුවීම, රැස්‌වී සාකච්ඡා කිරීම තුළින් මේ සඳහා ප්‍රවිෂ්ඨයකට ආ හැකිය.
පුරාවිද්‍යා සාහිත්‍යයක් උදෙසා නිර්මාණ තරග පැවැත්වීම, තිළිණ ප්‍රදාන, පුරාවිද්‍යා ස්‌ථාන වෙත නිරීක්‍ෂණ චාරිකා සංවිධානය, විවෘත දෙසුම් එම ස්‌ථාන ආශ්‍රිතව පැවැත්වීම තුළින් මෙම ස්‌ථාන පිළිබඳව ජනතාව තුළ කිසියම් හැඟීමක් දැල්වීම අපහසු නොවනු ඇත.
පුරාවස්‌තු සංරක්‍ෂණය උදෙසා ගම් මට්‌ටමින් දැනට ක්‍රියාත්මක පොදුජන සංවිධානවලට දැනුම ලබාදීමෙන්, මෙම වස්‌තූන්වල වැදගත්කම එම සංවිධානවල සාමාජිකයන් වෙත ලබාදීමත් ඵලදායී වනු ඇත.
පුරාවිද්‍යා පිළිබඳ දැනුවත්වීම කඨොර කටයුත්තක් නොව සොඳුරු අධ්‍යනයක තත්ත්වයට පත්කිරීමත්, පුරාවිද්‍යා සම්පත් සංරක්‍ෂණයට බෙහෙවින් උපකාරි වන බැව් මෙහිලා සඳහන් කරමු.
එසේ වුවහොත් නිදන් සොරුන්ගේ ක්‍රියාකාරකම් අභිබවා යැමට පුරාවිද්‍යාලෝලීන්ට හැකිවනු ඇත.
පිංතූර සහ විස්‌තර - වැල්ලවාය, දඹේගොඩ ජිනදාස
http://www.divaina.com/2015/09/27/feature01.html
සබැඳි ලිපි -
[
අල්ලිරාණි පුරාවිද්‍යා ස්‌ථානයේ පාදම් ගල් හයක් සංචාරක හෝටලයකhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1100.html
උරුමය දවා හළු කළ පසු(සුගලා දේවියගේ සොහොන)....!http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.htmlගල්කොරිකාරයෙක් නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.htmlසුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
මොනරාගල පුරාණ රජමහා විහාරයත් නිධන් හොරුන්ගේ ග්‍රහණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7300.html
මැලේසියාවට යෑවීමට සූදානම් කළ පෞරාණික බඩු තොගයක් රේගු දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_16.html
පුලතිසි පුරවර ස්වස්ථික පොකුණට නිධන් හොරුන්ගේ බැල්මhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9415.html
අග්බෝපුර පුරාවස්‌තු භූමියකට ගිනි තියලාhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5268.html
අපේ ජාතික උරුමයක් වූ යෝධ ඇළ දිනෙන් දින වනසයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3.html
කදුරුවෙල මැණික් වෙහෙරට ගිනි තබා හානි කරතිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_986.html
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6351.html
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html]
]