ඉන්දියාවට නේපාලයේදී කම්මුල් පහරක් වැදුණද 2015 වසර පුරාම ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්‌කම් වලදී නම් දිල්ලි නුවර විදේශ අමාත්‍යාංශයේ බ්‍රාහ්මණ වංශික නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට යහපාලන වෙනස සිදුවිය. ලංකාව ගැන වැඩි උනන්දුවෙන් සිටි නිසා නේපාලය ගැන සොයා බැලීමට අපහසු වූවාදැයි අප දන්නේ නැත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසු සීපා ගිවිසුම ගැනත් ඉන්දියාව හා ලංකාව යා කරමින් ඉදිකරන පාලම ගැනත් බොහෝ මාධ්‍ය වාර්තා පළවිය. එහෙත් අගමැති වික්‍රමසිංහ මහතා ඉකුත් බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සීපා ගිවිසුම ගැන හෝ ඉන්දු-ලංකා පාලම ගැන කිසිදු අවසන් තීරණයක් ගෙන නැති බවයි.
කවරක් නමුත් ඉන්දීය ප්‍රවාහන සේවා වාර්තාකර තිබුණේ ඩොලර් බිලියන 5.19 ක් වැයවන (රුපියල් බිලියන 736) මේ ව්‍යාපෘතිය ගැන නිල සාකච්ඡා ලබන ඔක්‌තෝම්බර් මාසයේ ඇරඹෙන බවය. ඉන්දියාවේ ධනුෂ්කොඩිය හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර කිලෝ මීටර් 22 ක දුරක් මෙම පාලම ඉදිකිරීමට නියමිතය. ඇත්තෙන්ම 2001 දී එක්‌සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වූ අවස්‌ථාවේදී ද මෙම පාලම ගැන මුලින්ම සාකච්ඡා විය. එහෙත් මේ පාලම අපේ මවුබිමට හිතකරද? එය ඉන්දියාවට හිතකර වුවද මේ ශ්‍රී ලංකා දූපතට ඉතා භයානක බව නොකියාම බැරිය. මේ පාලම ඉදිවුවහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය වීම වැළැක්‌විය නොහැකි වන්නේය. එනිසා රටට හිතැති සියලු දෙනා එක්‌ව මේ ව්‍යාපෘතිය පරාජය කිරීමට කටයුතු නොකළහොත් වසර 2500 ක් තිස්‌සේ සුරැකෙන අපේ අනන්‍යතාවය විනාශ වී යැමට ගතවනු ඇත්තේ වසර කිහිපයකි. රෝ ඔත්තු සේවයත් දිල්ලියේ ආණ්‌ඩුවෙත් උවමනාවට මේ පාලම ඉදිකිරීමට ඉඩදීම තුළ සමස්‌ත ශ්‍රී ලාංකික අනන්‍යතාවයට භාරත මාතාවගේ සලුවෙන් වැසීයැම වැළැක්‌විය නොහැකි වනු ඇත.
අපේ සංස්‌කෘතිය, අනන්‍යතාවය මෙන්ම ස්‌වාධිපත්‍යයද රැකුණේ රට දූපතක්‌ව පැවැතුණ නිසාය. මේ පාලම තැනීමෙන් පසුව සිදුවන්නේ කුමක්‌ද? දකුණු ඉන්දියාවෙන් පැමිණෙන දහස් ගණනක් වූ පිරිසකගෙන් මුළු උතුරු පළාතම වැසීයැමය. එයින් වාසිය සැලසෙන්නේ කාටද? ඉන්දියාවට මිස කොළඹ ආණ්‌ඩුවට නම් නොවේ.
ඉන්දීය රජය අපෙන් මුදල් බලාපොරොත්තු නොවී ඔවුන් විසින්ම මෙය ඉදිකිරීම තුළින් මෙය වාසි කාටදැයි යන්න හොඳින්ම අවබෝධ වෙයි.
සාක් කලාපය ගොඩබිම් මාර්ගයකින් ආවරණය කිරීම පිළිබඳව කලක සිට සාකච්ඡා විය. කාබුල් නුවරින් ආරම්භ වී ශ්‍රී ලංකාවේ මාතරින් අවසන්වන අධිවේගී මාර්ගයක් ගැන ආසියානු සංවර්ධන බැංකුව යෝජනා කර තිබුණේ මීට බොහෝ කාලයකට ප්‍රථමය. සැබවින්ම මේ පාලම සඳහා ආධාර ලබාදීමට එකඟවී ඇත්තේද ආසියානු සංවර්ධන බැංකුවයි. ඒ අනුව මේ සියල්ල දැවැන්ත ව්‍යාපෘතියකි. නමුත් මේ ව්‍යාපෘතිය සාක් කලාපයට යහපත් වුවද අපට හෙණයකි. ඒ ගැන කතාකරන්නට බොහෝ දෙනා මැලිවන බව පෙනේ. පාලම නමැති කේක්‌ගෙඩියෙන් වැසුණු හලාහල විෂ ගැන කථා කරන්නට අවශ්‍යවන්නේ මෙයින් සමස්‌ත ජාතියේම ඉරණම තීරණය වන බැවිනි.
ඉන්දියාව සාම්පූර් තාප විදුලි බලාගාර ඉදිකිරීමට සූදානම් වන්නේද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මිලදී ගන්නේද මේ පාලම හරහා යෝජිත සමස්‌ත උතුරු පළාතේම ව්‍යාප්තවන දැවැන්ත ව්‍යාපෘතියක මූලික අභිමතාර්ථ සාධනය සඳහාය. මේ පාලම තැනීම හරහා බෞද්ධයන්ට ගෙදර සිටම වාහනයකින් ගොස් බුද්ධගයාව වන්දනා කිරීමට හැකිවන තත්ත්වයක් උදාවනු ඇතැයි ඉදිරියේදී රෝ ඔත්තු සේවයෙන් අරමුදල් ලැබෙන යම් යම් පිරිස් ප්‍රකාශ කරනු ඇත. එහෙත් මේ පාලම හරහා බුද්ධගයාවට යනවාට වඩා තලෙයිමන්නාරමෙන් මුහුදට පැන සියදිවි නසා ගැනීම වඩා වැදගත්ය. වඩා මූලික කරුණක් ලෙස අවධාරණය කළ යුතු වන්නේ මෙම ඉන්දු-ලංකා පාලම ඉදිවූවායින් පසුව ශ්‍රී ලංකාව තවදුරටත් දූපතක් ලෙස හැඳින්විය හැකිවන්නේ නැත. මෙය බොහෝ දෙනා නොකියන කතාවකි.
යහපාලන ආණ්‌ඩුව මෙතෙක් මේ පාලම ගැන අවසන් තීරණයක් ගෙන නැති බව පවසයි. එහෙත් දිල්ලි ආණ්‌ඩුව දිගින් දිගටම බලපෑම් කරනුයේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාය. ජනවාරි 08 වැනිදා "රෙජීම වෙනස" ඇති කරන්නේද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහාය. එහෙත් සියලු ජාති හිතෛෂීන් ලංකා දූපත ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් මේ පාලමට එරෙහි විය යුතුය.
චතුර පමුණුව
http://www.divaina.com/2015/09/27/feature14.html
2 comments:
ගොං කතා කියන්න එපා ඕයි. අහල පහල ඉන්න හයිය අත්තක් අල්ල ගත්තට ඌට පරවේණි දාසයන් වෙන්නේ නෑ. තමුසෙලා වතුර බේසමේ කිඹුල්ලු දකිනවා.
Island mentality da?
Post a Comment