නැවත බුරුමයට යා යුතුය. ජනපති කේන් සේන්ගේ රජය ඉකුත් ජුලි මාසයේදී සම්මත කළ තවත් නීතියක් වූයේ උපත් පාලනය පිළිබඳ නීතිරීති පැනවීමය. මෙම නව පනත අනුව අදාළ පළාතේ රජයේ ප්‍රධානීන්ට ජනගහන පාලනය සම්බන්ධව නියෝග ලබාදිය හැක. සෑම මවක්‌ම දරු උපතකට පසුව මාස 36 ක කාලයක් යනතුරු තවත් දරුවකු බිහිකිරීම තහනම්ය. මේ පනත් දෙක පිළිබඳ අදහස් දක්‌වන බටහිර මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරන්නේ බුරුම ආණ්‌ඩුව ගින්දරත් සමඟ සෙල්ලම් කරන බවය. එහෙත් මේ පනත්වලට එරෙහිව කිසිම බුරුම සංවිධානයක් උද්ඝෝෂණ කළ බව හෝ පෙළපාලි ගිය බව නම් අප දුටුවේ නැත.
ප්‍රංශ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් අශ්වින් විරාතු හිමියන් මෙම නව පනත් සම්බන්ධව අදහස් දක්‌වා ඇත. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මේ පනත් සම්මතවීම බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් බවය. කවරක් නමුත් ප්‍රංශ පුවත් සේවය චිරාතු හිමියන්ව හඳුන්වා ඇත්තේ අතිශය දරුණු පුද්ගලයෙක් ලෙසය. මෙය සියලු බටහිර මාධ්‍යයන්ට පොදු කරුණකි. උන්වහන්සේ බෞද්ධ අයිතීන් වෙනුවෙන් කතා කිරීම බටහිර මාධ්‍යයන්ට වහකදුරු මෙනි. විරාතු හිමියන්ගේ ෆේස්‌බුක් පිටුවේ සාමාජිකයන් ප්‍රමාණය අනූඑක්‌දහස ඉක්‌මවයි. ඒ පිටුව හරහා උන්වහන්සේ ප්‍රකට කරනුයේ බෞද්ධයන්ට ඇති අභියෝග පිළිබඳවය. නමුත් බටහිර මාධ්‍යයන්ට මේ 47 වියෑති බෞද්ධ භික්‍ෂුව අබුබකර් බැග්ඩෑඩිටත් වඩා දරුණු ලෙස පෙනීම සැබවින්ම පුදුම සහගතය. එහෙත් බුරුමයට අවශ්‍ය වෙනස විරාතු හිමියන්ගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හරහා ඉටුවී ඇති බව නම් සටහන් කළ යුතුය. මෙය ශ්‍රී ලංකාවේ ජාතිකවාදීන්ටද හොඳ ආදර්ශයක් සපයන්නකි.
අශ්වින් විරාතු හිමියෝ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ ලංකාවට පැමිණ බොදුබල සේනාවේ මහ සමුළුවටද සහභාගි විය. මෙරට වහාබ්වාදී ලේඛකයන්ට උන්වහන්සේගේ ලංකා ගමන බරපතළ හිසරදයක් විය. සමහර විකල්ප මාධ්‍යකරුවන්ට විරාතු හිමියන් මස්‌මරන්නෙක් විය. මුස්‌ලිම් අන්තවාදී බලවේග බරපතල විරෝධතා දක්‌වද්දී විරාතු හිමියන්ට රාජපක්‍ෂ පාලනය මගින් මෙරටට පැමිණීමට වීසා ලබාදීම ගැන අප අගය කළ යුතුය. මන්ද උන්වහන්සේගේ පැමිණීම හරහා මෙරට ආගමික සහජීවනයට හානියක් සිදුවූයේ නැත. එසේම බුරුම ථෙරවාදි භික්‍ෂුවකට ලංකාවට පැමිණීමට මෙරට මුස්‌ලිම් කවුන්සිලයෙන් අවසර ගන්නට සිදුවුණි නම් එය සමස්‌ත බෞද්ධයන්ටම නිග්‍රහයකි. වර්තමාන යහපාලන ආණ්‌ඩුව යටතේ නම් විරාතු හිමියන්ට ලංකාවට පැමිණීමට කිසිදිනක වීසා නොලැබෙන බව නම් සහතිකය. වෙනසක අපමණ අගය දැනෙනු ඇත්තේ එවිටය.
විරාතු හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට බුරුම ජනාධිපති හෝ විපක්‍ෂ නායිකා අවුන්සාන් සුකී එරෙහි වූයේ නැත. නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ අවුන්සාන් සුකී රොහින්ගා හා මුස්‌ලිම්වරුන් ගැන කිසිවක් කතා නොකිරීම ගැන බටහිර මාධ්‍ය පුදුම වෙති.
එහෙත් සුකී කිසිවිටක අශ්වින් විරාතු හිමියන් විවේචනය කර නැත. විරාතු හිමියන් විවේචනය කළා නම් ඇයට බුරුමයේ දේශපාලනය අතහැර බ්‍රිතාන්‍යයට යන්නට වන බව නම් පැහැදිලිය. ඒ අනුව විරාතු හිමියන්ගේ බලපරාක්‍රමය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලැබේ. කෙසේ නමුත් විරාතු හිමියන් තමන්ගේ ආගමික ව්‍යාපාරය හරහා බෞද්ධ ලෝකයටම වැදගත් පණිවුඩයක් හා ආදර්ශයක් ලබාදී ඇත. එයින් මෙරට සිංහල බෞද්ධයන්ද වඩා හොඳ පාඩමක් උගත යුතුය.
- චතුර පමුණුව
http://www.divaina.com/2015/09/20/forign.html
1 comments:
අපේ යහපාලන ආණ්ඩුවනම් කවදාවත් මෙහෙම වෙන්නේ නෑ.
Post a Comment