කැළණි ගඟෙන් ලබා ගන්නා ජලයෙහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළවෙමින් පවතින බව පෙන්වා දෙන මණ්‌ඩලය එම තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද කියා සිටී.
කොළඹ හා ඒ අවට නගරවලට ජලය සම්පාදනය කරන අඹතලේ හා බියගම ජල පවිත්‍රාගාරවලට ජලය ලබා ගන්නේ කැළණි ගඟෙන් බව ද ජලසම්පාදන මණ්‌ඩලය සඳහන් කරයි.
කැළණි ගඟේ ආසනික් තිබේද යන්න සම්බන්ධයෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ පිහිටි රසායනාගාරයේදී සෑම සතියකට වරක් පරීක්‍ෂා කිරීම සිදුකරන බව ද මණ්‌ඩලය පවසයි.
එසේම බැරලෝහවලට අමතරව පානීය ජලයෙහි ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා රසායනාගාර තුළදී භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක පරීක්‍ෂාවන් සෑම දිනකම සිදුකරනු ලබන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ලසිත දුමින්ද - සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/09/12/news29.html
Pic Source
සබැඳි ලිපි -
[
කැලණි ගඟේ ආසනික් සාන්ද්‍රණය වැඩිවෙලා - පරීක්‍ෂණයකින් හෙළිවේhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_72.html
]
0 comments:
Post a Comment