Pages

Monday, September 7, 2015

වී ගබඩා කරන්න මත්තල ගුවන්තොටුපළ එපා ඇඹිලිපිටිය කඩදාසි හොඳා

මත්තල ජාත්‍යන්තකර ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නතර කර ඒ වෙනුවට වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවේ පිහිටි විශාල ගබඩා සංකීර්ණය යොදා ගන්නැයි ගොවි සංවිධාන නියෝජිතයෝ මෙන්ම විවිධ සංවිධාන රජයෙන් ඉල්ලා සිටී.

ආසියා මහාද්වීපයේ විශාලතම කඩදාසි කම්හල ලෙස ප්‍රකටව තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල මුළුමනින්ම වසා දමා වසර ගණනාවක්‌ ඉක්‌ම ගොස්‌ ඇත. ක්‌කර 25 ක්‌ වටා කොන්ක්‍රීට්‌ තාප්පයකින් වටකර ඇති කම්හල් භූමියේ කඩදාසි ගබඩා කිරීම සඳහා ඉදිකර ඇති ගබඩා සංකීර්ණ තුළ දිස්‌ත්‍රික්‌කයේම අස්‌වනු ගබඩා කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇති බවද ගොවීන් පෙන්වා දෙති. මීට ඉහත වසරවල කන්නවල ඉතා සාර්ථක වී අස්‌වනු හ/දිස්‌ත්‍රික්‌කයේ තිබූ බවත් ඒවා ගබඩා කිරීමේදී ගැටලු මතු නොවූ බවත් පෙන්වා දෙන ඔවුන් මත්තල ගුවන්තොටු පළේ වී ගබඩා කිරීම තුළින් ජාත්‍යන්තර අපකීර්තියට ලක්‌වන බවද කියා සිටී.

වසා දමා ඇති කඩදාසි කම්හලේ ගබඩා තුළ වී ගබඩා කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇති බවත් එසේ ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රදේශයේ ජනතාවටද වක්‍ර ආදායම් ලබා ගැනීමටද මග පෑදෙනු ඇත.

http://www.divaina.com/2015/09/07/news15.html

Pic Source

0 comments: