සවුදි බලධාරීන්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඉරානයේ හජ් සහ වන්දනා සංවිධානයේ ප‍්‍රධානි සයීඞ් ඔහාඩි මේ බව හෙළි කර තිබේ.
සවුදි අරාබියේ සල්මාන් රරජුගේ පුතුවන මොහොමඞ් බින් සල්මාන් අල් සවුද් කුමරුගේ රිය පෙළ පැමිණීම නිසා මක්කම බලා පාගමනේ යෙදෙමින් සිටි ජන සන්නිපාතයට සිය දිශාව හදිසියේ වෙනස් කරගැනීමට සිදුවීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇතැයිද වාර්තා පළවී තිබේ.
ඔහාඩි පවසා ඇත්තේ සවුදි බලධාරීන්ගේ වගකීම් විරහිතකම සහ කළමණාකරණයේ ගැටළු මීනා සිදුවීමේ ප‍්‍රධාන හේතු සාධක වන බවයි. සිදුවීමෙන් තුවාල ලැබූ ඉරාන පුරවැසියන්ගේ තත්වය විමසා බැලීම සඳහා කමිටු 4ක් පත්කිරීමට ඉරානය විසින් පියවර ගෙන ඇත.
නෛතික ක‍්‍රියාමාර්ගවලින් පසු මියගිය ඉරාන වැසියන්ගේ දේහයන් සිය රට ගෙන ඒම සඳහා සැප්තැම්බර් 28 හෝ 29 දින තුළ ගුවන් යානා දෙකක් යැවෙනු ඇතැයිද සයීඞ් ඔහාඩි පවසා තිබේ.
මාරක තදබදයෙන් ඉරාන වැසියන් 131ක් වත් මියගොස් ඇති අතර තවත් 80 දෙනෙකු තුවාල ලැබූවන් අතර සිටින බව දැනට තහවුරු වී ඇත.
ඉරාන හජ් මෙහෙයුමේ ප‍්‍රධානී අලි ගාසි අස්කාර් පවසා ඇත්තේ තවත් ඉරාන වන්දනාකරුවන් 336ක් අතුරුදන්ව සිටින බවයි. මළ සිරුරු හඳුනාගැනීම සඳහා සිය භටයින්ට මැදිහත්වීමට සවුදි බලධාරීන් අවසර නොදෙන බවද ඔහු පවසා තිබේ.
මැදපෙරදිග
Pic Source
සබැඳි ලිපි -
[
මක්‌කම තෙරපීමෙන් 717 ක් මරුට. 800 කට තුවාලhttp://denethharinna.blogspot.com/2015/09/2000.htmlඅල්ලහු අක්බර්! දෙවිය ශ්‍රේෂ්ඨයි! මක්කම මුසලු පල්ලියේ ඩොඹකරයක් කඩ වැටී සියගණනක් මරුට!http://denethharinna.blogspot.com/2015/09/blog-post_47.html
]
0 comments:
Post a Comment