Pages

Monday, February 29, 2016

“උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් පාලනයකට ඉන්දියාවෙන් සහාය ඉල්ලුවා” – විගී

උතුරු නැගෙනහිර පළාත් දෙක සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට මැදිහත් වන මෙන් තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ආපසු පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම පිණිස යාපනයේදී පැවති උත්සවයකදීය.

දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වූ ආකාර විස්තර කළ ප්‍රධාන අමාත්‍යවරයා මේ අවස්ථාවේදීද ඉන්දියාව මීට මැදිහත්වන බව තමන් විශ්වාස කරන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය එදා දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම මත බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසී ය.

එහි ප්‍රතිපලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පලාත් සභා දෙකක් ලැබී ඇති බවද සදහන් කළේය.

යුද්ධය හමාරවීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටින බව පවසන විග්නේ‍්ෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බව ඉන්දියාව තේරුම් ගෙන ඇතැයිද කියා සිටියේය.

දිනසේන රතුගමගේ – වවුනියාව
http://www.colombotoday.com/13462-2/

Sunday, February 28, 2016

ලස්‌සන අවලස්‌සන තුළින් සිත දකින්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

මෙම ලිපි මාලාව 'සතර සතිපට්‌ඨානය' යන කොටසට සේන්දුවීමට ප්‍රථම ඒ සඳහා නිසි වටපිටාව සකසනු පිණිස 'සබ්බාසව සූත්‍රය' විග්‍රහ විය. නමුත් ඒ අවසානයේ මෙම ලිපි සපයන පිංවත් ස්‌වාමීන්වහන්සේගේ උපදේශයක්‌ මත 'නිරය' මාතෘකා කරගත් විශේෂ ලිපිය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන ලදි. ඒ හේතුවක්‌ සහිතවමය. මෙතැන් පටන් අපි ඔබව සතර සතිපට්‌ඨානය වෙත යොමු කරන්නෙමු. මේ එහි ප්‍රවේශය සඳහා වන ලිපියකි.

භික්‍ෂුව ධර්මදේශනා පවත්වන දිනවල අහම්බෙන් මුණගැසුණු වැදගත් මහත්මයෙක්‌ භික්‍ෂුවට බොහෝම ගෞරවයෙන් ප්‍රකාශ කළා 'ස්‌වාමීන්වහන්ස, ඔබවහන්සේ වෙහෙසෙනවා වැඩියි. ඔබවහන්සේට ඔබවහන්සේගේ අගය නොතේරුණාට අපට එය තේරෙනවා. අපිට අවශ්‍යයි ඔබවහන්සේව තව අවුරුදු පනහක්‌ ජීවත්කරවගන්න' කියලා. භික්‍ෂුව නොසිතූ මොහොතක, නොසිතූ අදහසක්‌ ඉදිරිපත් කළ එම මහත්මයාට භික්‍ෂුව ප්‍රකාශ කළේ 'මහත්තයෝ, ඒ අවුරුදු පනහ මහත්තයා අරගෙන දීර්ඝායුෂ විඳින්න. භික්‍ෂුවට නම් අවශ්‍ය ඊළඟ නිමේෂයේදී නිදහසේ ඇස්‌ දෙක පියාගන්න' කියලා. ඒ පිළිතුරෙන් එම මහත්මයා සෑහීමකට පත්වුණේ නැහැ. අපි කොච්චර සද්ධර්මය ශ්‍රවණය කළත් සද්ධර්මය අනුව සිතන්න දක්‍ෂ නැතිනම්, ධර්මයට පටහැනිවයි, ලෝකය දකින්නේ. බුදුරජාණන්වහන්සේ අවුරුදු අසූව වයසේදී ආයු සංස්‌කාරය අත්නොහැර, අවශ්‍යනම් එකල පැවැති පරමායුෂය වන අවුරුදු එකසිය විස්‌සක්‌ ජීවත්වීමට අවකාශ තිබුණා. නමුත් බුදුරජාණන්වහන්සේ පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනීවීමත් මංගල්‍යයක්‌ම වූ සම්මා සම්බුද්ධ ශාසනයක සාරිපුත්ත මහරහතන් වහන්සේ තම මෑණියන් වන සාරි බැමිණිය ජීවතුන් අතර සිටියදීම පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ම වූ ශාසනයක, බුදුරජාණන් වහන්සේත්, යශෝධරා උත්තමාවියත් ජීවතුන් අතර සිටියදීම රාහුල මහෝත්තමයාණන් වහන්සේ වයස අවුරුදු 53දීම පිරිනීවි යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ වූ ශාසනයක, මුගලන් මහරහතන් වහන්සේත් සොරුමුළකට හසුවී අතපය බිඳී පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ වූ ශාසනයක පිංවත් ඔබ මේ සටහන් තබන භික්‍ෂුවට භික්‍ෂුවගේ රූපය උම්බලකඩයක්‌ වන තරමට දීර්ඝායුෂ ලබන්න යෑයි ගෞරව පෙරදැරිව ප්‍රාර්ථනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීමේ සැබෑම අර්ථය වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය තමා තුළින් මතුකොටගැනීමට ඇති දුර්වලභාවය නිසාමයි.

මැදි වයසේ ජීවත්වන අඹුසැමි යුවළක්‌ සිටියා. මේ දෙදෙනා විවේකීව සිටින විට මහත්මයා බිරිඳට කියනවා, දැන් අපි දෙදෙනාගේ උදරය ඉදිරියට නෙරා එනවා, සම රැළිවැටීගෙන එනවා, හිසකෙස්‌ සුදුවීගෙන එනවා. අපි දෙදෙනා දැන් වයසට යනවා' කියලා. මහත්මයා එහෙම කියනකොට බිරිඳ කියනවලු 'මෙච්චර හිතන්න සුබ දේවල් තිබියදී, ඔයා අසුබ දෙයක්‌ ගැනම සිතනවා' කියලා. ඒ වෙලාවේ මහත්මයා කිව්වලු 'අපි වයසට යන්න ඕනේ වයසට යන බව දකිමින්මයි' කියලා. එහෙම නොවී වයසට යන බව නොදැන වයසට ගියොත් අවසානයේදී දුක වැඩිවෙනවාය කියලා. සංස්‌කාරයන්ට, හේතුඵලයන්ට අදාළව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය මතුකොටගන්න අපි අදක්‍ෂ, සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව ලෝකය නොදකින නිසාමයි. අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ත්‍රිලක්‍ෂණය ඔබ තුළින් මතුකොටගන්න නම්, පිංවත් ඔබ මුලින්ම ලෝකය හොඳින් දකින්න වෙනවා. භික්‍ෂුව හොඳින්ම දන්නවා, භික්‍ෂුවට මේ ඇස්‌දෙක ලැබුණේ පෙර කුසල් සංස්‌කාරයක්‌ නිසාය කියලා. අකුසල් සංස්‌කාරයක්‌ විපාකයට පැමිණියා නම් භික්‍ෂුවගේ ඇස්‌දෙක උපතේදීම අන්ධ වෙන්න තිබුණා. කන් දෙක බිහිරි වෙන්න තිබුණා. මේ බව තේරුම් ගත්ත, භික්‍ෂුව ගිහි කාලයේදී මේ ඇස්‌දෙකෙන් දකින්න ලැබුණු සෑම දෙයක්‌ම හොඳින් විවෘතව දක්‌කා. අසන්න ලැබුණ හැමදෙයක්‌ම විවෘතව හොඳින් ඇසුවා. විඳින්න තිබෙන සෑම දෙයක්‌ම හොඳින් විවෘතව වින්දා. කාමයන්ගෙන් පලාගිහින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියන කාරණය ගිහි කාලයේදී මම විශ්වාස කළා. ඇසෙන් කනෙන් විවෘතව ලෝකය දකිද්දී මම දැනගත්තා අපි ඇස්‌ වලින් ලෝකය බලලයි, කනෙන් ලෝකය අහලයි, අනාගත ලෝකය ඉදිකරගන්නේ කියලා. ඒ දැක්‌ම මට ලැබුණේ එරමිණියා ගොතාගෙන භාවනා කරලා නොවෙයි. රූපය දෙස විවෘතව නුවණින් බැලීමෙන්මයි.

භික්‍ෂුව එක්‌තරා ආරණ්‍යයක වැඩසිටිනකොට එම ආරණ්‍යයට විදේශීය භාවනා කණ්‌ඩායමක්‌ පැමිණියා. එම භාවනා කණ්‌ඩායම සමූහ භාවනාවන් කරනකොට රතු රෙදිකඩකින් ඇස්‌ දෙක බැඳගෙනයි භාවනා කරන්නේ. භික්‍ෂුවට තවමත් සිතාගන්න බැහැ ඇයි ඒ පිංවතුන් ඇස්‌දෙක රෙදිකඩකින් බැඳගෙන භාවනා කරන්නේ කියලා. කුසල් සංස්‌කාරයක්‌ නිසා අපට ලැබුණු ඇස්‌දෙක අපි රෙදිකඩකින් බැඳගත්තොත් අකුසල් සංස්‌කාරයන්ට අදාළව අන්ධකාරයයි අපි වැළඳගන්නේ. මෙවැනි මිථ්‍යා භාවනා ක්‍රමවේදයන් බුදුරජාණන්වහන්සේගේ උතුම් සතර සතිපට්‌ඨාන සූත්‍රය තුළින් අපෙන් බැහැර කරවනවා. සතර අපායෙන් මිදීමට කැමති ගිහි පිංවත් ඔබෙන් භික්‍ෂුව කාරුණිකව ඉල්ලනවා, ඔබ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක්‌ දැක්‌කොත් අහක බලාගෙන යන්න එපා කියලා. ඒ වගේමයි ඔය ඇස්‌දෙකෙන් අවලස්‌සන දෙයක්‌ දැක්‌කොත් ඒත් අහක බලාගෙන යන්න එපා කියලා. මොකද ලස්‌සනත්, අවලස්‌සනත් ධර්මයමයි. භික්‍ෂුව ගිහි කාලයේ මේ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක්‌ අවලස්‌සන දෙයක්‌ දැක්‌කොත් කවදාවත් අහක බලාගෙන ගියේ නැහැ. ඔබ මෙතැනදි වැරදි අර්ථයක්‌ ගන්න එපා. ලස්‌සන දෙයක්‌ දැක්‌කොත් අහක බලාගෙන ගියේ නැහැ කියන්නේ, ලස්‌සන රූපය දැක්‌ක සිත දෙස නොබලා ගියේ නැහැ කියන කාරණයයි. ලස්‌සන රූපය දැක්‌ක සිත දෙස මා නොබලා ගියේ නම් මම ඒ රූපයට බැඳී යනවා. රූපය නිසා දුක සකස්‌කොට ගන්නවා. දැන් පිංවත් ඔබ සිතන්න, ඔබ ළඟ ඔබේ පිංවත් බිරිඳ වාඩිවී සිටිනවා නම්, එම රූපයට බැඳීගියේ ඇයි කියලා. ඔබ ඒ රූපය දැක්‌ක මුල්ම දවසේ සිත දෙස බලන්නේ නැතිව අහක බලාගෙන රූපය දෙස පමණයි බැලුවේ. භික්‍ෂුව දක්‍ෂ වුණා ගිහිකාලයේදී මනාලියන් කිහිපදෙනෙක්‌ මුණගැසිලත් මනාලියන් දෙස නොව ඇය නිසා සකස්‌ වුණ සිත දෙස බලන්න. ලස්‌සන වේවා, අවලස්‌සන වේවා රූපය තුළින් මම හැම මොහොතකම දැක්‌කේ මගේ විචාරවත්, අවිචාරවත් සිතේ ක්‍රියාකාරිත්වයයි. සිතේ වෙනස්‌ වීමයි. ලස්‌සන රූපය තුළින් මම රූපය දැක්‌කානම් මම තවමත් පිංවත් ඔබ සිටින තැනයි සිටින්නේ. දෑස්‌ හැරගෙන විවෘතව ලෝකය බලපු මම දෙවැනුව දෑස්‌ පියාගෙන ලෝකය අවබෝධ කොටගත් භික්‍ෂුවක්‌.

මම ගිහි කාලයේ ගොඩාක්‌ ලස්‌සන නොවුණාට, මම ලස්‌සනට ගොඩාක්‌ කැමතියි. මම ගිහි කාලයේ ගොඩාක්‌ අවලස්‌සන නොවුණාට, මම අවලස්‌සනටත් ගොඩක්‌ කැමැතියි. මොකද මට ඉවක්‌ තිබුණා ලස්‌සන අවලස්‌සන දෙකම, මට රූපයෙන් මිදීයන්නට කවදා හරි දවසක උපකාරක ධර්මයන් වෙයි කියලා. මම ලස්‌සනට විතරක්‌ කැමැති වුණානම්, අවලස්‌සන ඉදිරියේ මම ගැටෙනවා. මේ දැක්‌ම තිබුණ නිසා ලොකු අනතුරකින් මම බේරුණා. ලස්‌සන අවලස්‌සන තුළින් මගේ සිත දකින්න මම දක්‍ෂ වුණා. 

මේ මොහොතේ භික්‍ෂුවට මතක්‌වෙනවා උපතිස්‌ස, කෝලිත කියන ධනවත් බමුණු පවුල් දෙකේ තරුණයන් දෙදෙනා. මේ දෙදෙනායි පසුකාලයේ සාරිපුත්ත මහෝත්තමයන්, මුගලන් මහෝත්තමයන් බවට පත්වෙන්නේ. එදා දඹදිව සති ගණනක්‌ පැවැති ගිර-ජ සම-ජ කියන සැණකෙළිය (කානිවල් එක) බලලා කලකිරීමේ තීව්‍රරභාවය උත්සන්න වෙද්දියි, මේ තරුණයන් දෙදෙනා කාමයන්ගෙන් මිදීමේ මාවත සොයාගෙන යන්නේ. එදා ඒ කානිවල් එක නොතිබ්බා නම් මේ තරුණයන් දෙදෙනාගේ කාමයන්ගෙන් මිදීමේ ගමන තව ප්‍රමාද වෙන්න තිබුණා. මේ බුද්ධිමත් තරුණයන් දෙදෙනා එදා දක්‍ෂ වුණා 'ගිර-ජ සම-ජ' කානිවල් එක තුළින් තමාගේ සිත දෙස බලන්න. සැණකෙළි වේදිකාවේ රඟන අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධය දෙස 'මම' කියන අනිත්‍යභාවයට පත්වන පංචඋපාදානස්‌කන්ධයෙන් බලනකොට, මේ තරුණයන් දෙදෙනා දැක්‌කේ හිස්‌ බවයි. ඒ හිස්‌භාවය අපි පුරවා තිබෙන්නේ තෘෂ්ණාවෙන්මයි. ඒ නිසාම භික්‍ෂුව ඔබට කියනවා, විසූකදර්ශනයන්ගෙන් පිරුණු සමාජය සමඟ ගැටෙන්න එපාය කියලා. ඔබ ඒ සාමජය සමඟ ගැටෙනවා නම් ඔබේ සිතත් විසූකදර්ශනයක්‌ම වෙනවා. ලස්‌සන, සතුට, විනෝදය, කලාව ලෝකයේම කොටස්‌. මේවායින් තොරව ලෝකය දකින්න බැහැ. ඔබ මේවාට ගැටෙනවා කියන්නේ, ඔබත් ලෝකයේම කොටස්‌කරුවෙක්‌ වෙනවා කියන එකයි. ලෝකය ඉදිරියේ තවමත් ඔබ කැමැත්ත අකමැත්ත තුළ දෝලනය වන්නේ, තවමත් අපි සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් අපේ සිත් ආවරණය නොකරගත් නිසාමයි.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/02/28/nimna05.html

බන්ධනාගාරයට ඇතුල්වෙනකොට සිරකරුවන් සාධු නද දුන්නා! - ඥානසාර හිමි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය කාලය පුරාම පුවත් මවන්නට සමත්වූ හිමිනමක්‌ වූහ. උන්වහන්සේ පසුගියදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්‌ෂිත බන්ධනාගාර ගත කළහ. එම සිදුවීම මෙරට සමාජය තුළ වඩාත් කථාබහට ලක්‌වූ සිදුවීමක්‌ විය. රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප ලබා නිදහස්‌ව පැමිණි උන්වහන්සේ සමඟ ''දිවයින ඉරිදා සංග්‍රහය" කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය(- අවසරයි අපේ හාමුදුරුවනේ ඇත්තටම එදා හෝමාගම අධිකරණයේදී මොකද වුණේ.?

පිළිතුර(- අපගේ වීරෝදාර බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව හෝමාගම අධිකරණයේ විභාග වන නඩුව බලන්න වෙනදා වගේම වැඩම කළා.

ප්‍රශ්නය(- ඒ කියන්නේ මීට පෙරත් හෝමාගම අධිකරණයට වැඩම කරා කියලද හාමුදුරුවනේ.

පිළිතුර( ඔව්.... අපි මීට පෙරත් හතර වතාවක්‌ පමණ එහි වැඩම කර තිබෙනවා. මේ පස්‌වැනි අවස්‌ථාවේ තමයි මේ සිදුවීම වුණේ.

ප්‍රශ්නය(- එහෙමයි හාමුදුරුවනේ. ඉතින් මොකද වුණේ.

පිළිතුර(- නඩු කටයුත්තක්‌ තියෙන නිසා ඒ ගැන වැඩිය කථා නොකර ඉමු.

ප්‍රශ්නය(- හාමුදුරුවන් වෙනත් පිරිසකගේ අවශ්‍යතාවයක්‌ ඉටු කරනවා කියල චෝදනා නඟනවා.

පිළිතුර(- තියෙන ආණ්‌ඩු පෙරළන්නවත්. වෙන කට්‌ටියක්‌ බලයට ගෙන ඒමටවත්, කාගේවත් අවශ්‍යතාවයක්‌ ඉටුකරන්නවත් අපට ඕනෑ කමක්‌ නැහැ. කොටින්ම කාවත් අපහසුතාවයට පත්කරන්නවත් අධිකරණය අපහසුතාවයට පත් කිරීමටවත් අපට ඕන නැහැ. අපට එහෙම අදහසක්‌ නැහැ.

ප්‍රශ්නය(- එසේනම් එදා හාමුදුරුවන් ඇයි එහෙම හැසිරුණේ.

පිළිතුර(- කවුරු කොහොම කිව්වත් අද රට ලොකු තීරණාත්මක තැනකට පැමිණ තිබෙනවා. එල්. ටී. ටී. ඊ. ය අපි යුදමය වශයෙන් පමණයි පරාජය කළේ. අපි ඔවුන්ගේ දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජයට පත් කළේ නැහැ. ඔවුන්ගේ එම පෙරමුණු අපට එරෙහිව නැවත වතාවක්‌ බෙදුම්වාදී අඳුරු සෙවනැලි සමඟ බොහොම තදින් නැගිටිමින් සිටිනවා. විශේෂයෙන් බුද්ධි අංශ ඉතා සීරුවෙන් කටයුතු කළ යුතු අවස්‌ථාවක්‌ මේක. රටේ සිදුවන සිදුවීම්වලින් හමුදාවේ චින්ත ධෛර්ය හීනවන බව අප දැක්‌කා. කාට අමතක වුණත් මේ රටේ යුද්ධයක්‌ තිබුණු බව අපට නම් අමතක කරන්න බැහැ. අපේ රණවිරුවන්වත් අමතක කරන්න බැහැ. එහි ඵලයක්‌ තමයි එදා හෝමාගම සිදුවීම.

ප්‍රශ්නය(- මේ වනකොට හාමුදුරුවන්ට නඩු කීයක්‌ විතර තිබෙනවද?

පිළිතුර(- නඩු අටක්‌ විතර තිබෙනවා. මේ එක නඩුවක්‌වත් මගේ අවශ්‍යතා වෙනුවෙන් ගිහිල්ලා දාගත්ත නඩු නොවෙයි. රටට, ආගමට, සම්බුද්ධ ශාසනයට ජාතියට යමක්‌ වෙනවා නම් අපට දෑස්‌ පියන් ඉන්න බැහැ.

ප්‍රශ්නය(- නඩු වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?

පිළිතුර(- නඩු අඩුද වැඩිද කියලා නොවෙයි ප්‍රශ්නය. අපි මේ කෑ කෝ ගහන්නේ හේතුවක්‌ තියෙන නිසයි. හේතුවක්‌ නැතිව ඵලයක්‌ හටගන්නේ නැහැනේ. අද බොහෝ අය අපගේ හැසිරීම, කථා විලාසය ගැන කථා කරනවා. ඒත් ඊට හේතු හොයන්න උත්සාහ ගන්නේ නැහැ.

ප්‍රශ්නය(- ඔබ වහන්සේ මේ උත්සාහ කරන්නේ හමුදාවේ චිත්ත ධෛර්යය නංවන එකද?

පිළිතුර(- හමුදාව අතේ තුවක්‌කු තිබුණට ඒ තුවක්‌කු පත්තුකරන්න, රට බේර ගන්න ඒ මිනිස්‌සුන්ට ආධ්‍යාත්මික නායකත්වයක්‌ අවශ්‍යයි. එම නායකත්වය මේ රටේ හාමුදුරුවරු හමුදාවට එකතු කළා. අපේ හාමුදුරුවරු තමයි ඒ 'මොරාල්' එක හැදුවේ. කවුරු මොනවා කිව්වත්, රටත්, ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කිරීමට අපට ශුද්ධ අයිතියක්‌ තිබෙනවා. එහිදී අපට කොන්දේසි තියෙන්න විදිහක්‌ නැහැ. ජාතික විපත්වලදි හාමුදුරුවරු පෙරට පැමිණෙනවා. එය හිසින් දරාගෙන තමයි අපි කටයුතු කරන්නෙ. මේවට කියන්නේ කැපකිරීම් කියලා.

ප්‍රශ්නය(- හාමුදුරුවන් කැපකිරීම් කරන්න ගොස්‌ අවසානයේ හිරේ විලංගුවේ වැටුණා. මොකද බන්ධනාගාර ගතකරනකොට හිතුණේ.

පිළිතුර(- කිසිම කම්පාවක්‌වත්, කලකිරීමක්‌වත් වේදනාවක්‌වත් දැනුනේ නැහැ. මෙය ජීවිතයට හොඳ පන්නරයක්‌ ලැබීමක්‌. තමන්ගේ ආත්ම ලාභය හා ආත්මාර්ථකාමීව වැඩ කරන් හිටියනම් මේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. එහෙම නම් හිරේ යන්නෙත් නැහැ. මඩ පත්තරත් නැහැ. වෙබ් සයිට්‌වල ගහන්නෙත් නැහැ. බොහෝම අපූරුවට ඉන්න තිබුණා. අපගේ සියයට අසූවක්‌ විතර හාමුදුරුවරු එහෙමනේ ඉන්නේ. අපටත් එහෙම ඉන්න පුළුවන්. නමුත් අපි මේ පටිසෝතගාමීව මේ අරගල කරන්නේ රට වැටෙන බව පෙනෙන නිසයි. අපේ රටේ මිනිස්‌සු නිර්වින්දනය වෙලයි ඉන්නේ. ඒ මිනිසුන්ට පණදෙන්නයි අපි මේ උත්සාහ ගන්නේ. රටේ වගකිවයුතු අය හරියට හැසිරෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. හිරේදි විශාල අත්දැකීම් ප්‍රමාණයක්‌ ලබා ගත්තා. රටේ නීතිය ගැන දැනගත්තා. විවිධ තලවලට අයත් මිනිස්‌සු සමඟ සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ඉතාම හොඳ අත්දැකීම් ප්‍රමාණයක්‌ ලැබුණා.

ප්‍රශ්නය(- දන් වළඳපු ඔබ වහන්සේ අන්තිමට හිරබත් වැළඳුවා.

පිළිතුර(-අපි කථාවෙදි කියන්නේ හිරගෙදර මෝඩයන්ට විශ්වවිද්‍යාලයක්‌, උගතුන්ට පිස්‌සන්කොටුවක්‌, හිඟන්නන්ට දන්සලක්‌ කියලා. මට හිතෙන්නේ එහිදී මට පුළුවන් වුණා බණ පොතක්‌ කියවනවා වගේ මිනිසුන්ගේ ජීවිත කියවන්න. බන්ධනාගාර නිලධාරීන්ගේ ඔවුන්ගේ සීමාවේ සිට යුතුකම් මෙහෙවර කළා.

ප්‍රශ්නය(-ඔබවහන්සේ බන්ධනාගාරයට යොමු කරන විට එහි සිරකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්‌ හිමිවූ බව වාර්තා වුණා.

පිළිතුර(- ඇත්තටම මටත් හිතාගන්න බැහැ. ඇතැම් හිරකරුවන් සාධු නද දෙන්නත් පටන් ගත්තා. එය වචනවලින් කිව නොහැකි තරම් අමුතුම අද්දැකීමක්‌ වුණා. බන්ධනාගාර ගතකිරීම ඇත්තටම උපාධියක්‌ ගත්ත වගේ වැඩක්‌ වුණා. දැන් අපි දන්නවා වැඩ කරන්න ඕන විදිහ.

ප්‍රශ්නය(- ඔබවහන්සේ මහානායක හිමිවරුන් සම්බන්ධයෙන් චෝදනාත්මකව අදහස්‌ පළ කර තිබුණා.

පිළිතුර(- අප රටේ මහානායක හිමිවරු අපට වඩා වැඩිහිටි බහුශ්‍රැත, ධර්මධර, විනයධර මහා යතිවරුන්, උන්වහන්සේලාට අපගේ ගෞරවයේ කිසිදු වෙනසක්‌ නැහැ. ඒවා එලෙසමයි. අපි ඒ මහා සම්ප්‍රදායට එලෙසම ගරු කරනවා. නමුත් අද තිබෙන තත්ත්වය මොකක්‌ද? අපි කියන්නේ අපි වෙනුවෙන් පෙනී සිටින්න කියන එක නෙමෙයි. ජාතික විපත්තියකදී උන්වහන්සේලා පෙරට විත් නායකත්වය ගෙන කටයුතු කළ යුතුයි. එහෙම නොවෙනකොට තමයි මේ ප්‍රශ්න ඇතිවන්නේ. අපි වගේ තරුණ හාමුදුරුවරු බය හඳුනන්නේ නැහැ. අපි මේ වැඩේට අවතීර්ණවෙලා තිබෙන්නේ අපගේ ජීවිත තුණුරුවන්ට පූජා කරලා.

ප්‍රශ්නය(- මහානායක හිමිවරුන් ඇතුළු නායක හිමිවරුන් රටේ ප්‍රශ්න පිළිබඳ සංවේදී නැද්ද?

පිළිතුර(- සංවේදී නැති නිසානේ අපිට මේ කෑ ගහන්න වෙලා තියෙන්නේ. රටේ පාලකයන්, මැති ඇමැතිවරු ප්‍රශ්න ගැන කථා කරන්න මහා නායක හිමිවරුන් බැහැදකින්න ගියහම උන්වහන්සේලා වදාළන්නේ. "මේ අපේ තරුණ හාමුදුරුවරු කරන කියන දේ ගණන් ගන්න එපා. පන්සල ළඟ පාරට තාර ටිකක්‌, පන්සලට ගොඩනැඟිල්ලක්‌ හදලා දෙන්න" කියලයි. මේක තමයි තිත්ත ඇත්ත. කොහෙවත් යන තක්‌කඩි දේශපාලකයන්ගේ ඕනෑ එපාකම්වලට අපි නැමෙන්න ඕනැද?

ප්‍රශ්නය(- ඔබවහන්සේ සිරගත කිරීම තුළ ඇත්තේ රටේ ප්‍රශ්න පිළිබඳ හඬනගන බෞද්ධ භික්‌ෂූන් වහන්සේ පාලනය කිරීම යෑයි ඇතැමුන් සඳහන් කරනවා. ඔබවහන්සේ එහි පළමු ගොදුර බවට පත්වූ බවත් කියෑවෙනවා.

පිළිතුර(- ආණ්‌ඩුවේ වත්මන් කාර්යභාරය දෙස බැලූ කල මිනිසුන්ට එහෙම හිතෙන්නෙ පුළුවන්. රටට එරෙහි සියලු දෙනා දැන් කල එළි බැහැලා තිබෙනවා. අප රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන හාරසිය තිහකට වඩා දැන් ක්‍රියාත්මක වෙනවා. ඒවට මුහුණදෙන අපිට තමයි මේ අය ඇඟිල්ල දිගු කරන්නේ. මේ රට පහසුවෙන් ගිලගන්න හැකි ගොදුරක්‌ වෙලා. රට ගිලගන්න මානබලන උදවිය රට දිහා කෑදරකමින් බලා සිටිනවා. මෙය ඉතා අනතුරුදායකයි. සමහරවිට හෙට වුවත් මාව ඝාතනය කරන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයන් කෙසේ හෝ පරාජය කළ යුතුමයි. ඒ අභියෝගයට මුහුණ දෙන්න අප ලෑස්‌තියි. 

ප්‍රශ්නය(- අභියෝගවලට මුහුණ දෙන්න නම් වෙන් වෙන්වම ක්‍රියාත්මක වන සංවිධාන එක මිටියකට එක්‌විය යුතු නොවේද.

පිළිතුර(- නොයෙක්‌ මත තිබුණු. යම් යම් හේතු මත වෙන්ව කටයුතු කළ බෞද්ධ සංවිධාන අද එක මතයකට ගොනුවී තිබෙනවා. ශක්‌තිමත් සඟ බලමුළුවක්‌ හදලා මේ රටේ බෞද්ධයන්ට අහිමිවී යන උරුමයන් ආරක්‌ෂා කර දීමට අප කටයුතු කරනවා.

ප්‍රශ්නය(- සිරගත කිරීම ජාතික කාර්යභාරයට නව පන්නරයක්‌ ගෙනඒමක්‌ද?

පිළිතුර(- අනිවාර්යෙන්ම ඔව්... ඒ ගැන කිසිම තර්කයක්‌ නැහැ.

ප්‍රශ්නය(- කවි බණ වදාළන ඔබවහන්සේ මේ තරම් රැඩිකල් වුණේ කොහොමද?

පිළිතුර(- බණකියන්න ඕන තැන බණ කියන්නත් අවශ්‍ය තැනදී ඉන් එහා ගොස්‌ ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් හැකියාව තිබෙනවා. අපි පහසු මාවත අතහැරලා නින්දා අපහාස හා පීඩා විඳිමින් ජීවිත පරිත්‍යාගයෙන් රට, දැය, සමය වෙනුවෙන් කටයුතු කරනවා. මොන දේ කරන්නත් රට ආරක්‌ෂා කරගත යුතුයි. ජාතිය රැකුනොත් බුද්ධාගම රැකේවි.

ප්‍රශ්නය(- ඔබ වහන්සේට පාලකයන් සමඟ විතරක්‌ නෙමෙයි අපේ හාමුදුරුවරුන් එක්‌කත් මත ගැටුමක්‌ තිබෙනවා වගෙයි.

පිළිතුර(- අනුශාසනා කරන ඇතැම් හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ පරියාප්ති ශාසනය කියලා ශාසනයක්‌ තිබෙන වග. බුද්ධාගමේ කොටස්‌ තුනයි. ප්‍රතිපත්ති, පරියාප්ති, ප්‍රතිවේද ශාසනය. එම කොටස්‌ තුන වෙනවා. පරියාප්ති ශාසනය තමයි මෙතරම් කල් ශාසනය රැකගෙන ආවේ. පන්සල රැකෙන්නේ නැහැ හාමුදුරුවෝ නැත්නම්. හාමුදුරුවෝ රැකෙන්නේ නෑ. දායකයෝ නැත්නම්. උදේ ඉඳන් අනිත්‍ය මෙනෙහි කරලා මේ වැඩේ කරන්න බැහැ. අද බුදුහාමුදුරුවන්ගේ බණ යටපත්වෙලා දේවදත්තගේ බණ ඉස්‌මතු වෙලා තියෙනවා. අපේ හාමුදුරුවෝ දැන් මුළුගැන්විලා ඉඳලා වැඩක්‌ නැහැ. ශාසනය රැක ගැනීමට පෙරට පැමිණිය යුතුයි. ලාංකීය භික්‌ෂුවගේ වර්තමාන කාර්යය වියදණ්‌ඩක්‌ බිම බලාගෙන ඇස්‌ පියාගෙන සිටීම නෙමෙයි. 'ඊට එහා ගිය කාර්යභාරයක්‌ වත්මන් භික්‌ෂුව සතු වෙනවා.

ප්‍රශ්නය(- මේ සිදුවීම්වලින් පසුව හාමුදුරුවන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරනවද?

පිළිතුර(- මෙවැනි දේවල් වලින් අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ. මේ හැම දෙයකින්ම අපි පන්නරය ලබනවා. ජාතික කර්තව්‍යයට මීට වඩා වෙර වීරිය යොදා පණදෙන්න අපි සූදානම්. ඉස්‌සරහට මොකද වෙන්නේ කියලා සැමට බලාගන්න පුළුවන්. අපි අපේ ජීවිතය සාසනයට පූජා කරලා ඉවරයි.

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර, ඡායාරූප - දිමුතු ප්‍රේමරත්න
http://www.divaina.com/2016/02/28/feature13.html

සබැඳි ලිපි -
[
ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ ධර්ම දේශනා නවතී. ළමා, ස්ත්‍රී දූෂක, මත් ජවාරම් කළ බරපතළ චෝදනා ලද අන් පූජකයන්ට පූර්ණ අවසරය!http://denethharinna.blogspot.com/2016/02/blog-post_22.html
දේශපාලකයෝ බලය උදෙසා කෑමොර දෙන විට මා අරගල කළේ සිංහලයා අවදි කොට එකම රට බේරා ගැනීමටයි. හිරගෙදර සිට ඥානසාර හිමි එවූ ලිපියhttp://denethharinna.blogspot.com/2016/02/blog-post_28.html
]

කිරින්ද රජමහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා

kirinda rajamaha viharayaතිස්මහාරාම ඓතිහාසික කිරින්ද රාජ මහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා එල්ල වන බව ප්‍රදේශවාසීන් පවසනවා.

දෙටු ගැමුණු රජුගේ මෑණියන් වන විහාරමහා දේවිය ගොඩබට ස්ථානයේ ගොඩනගා ඇති කිරින්ද රජ මහා විහාරය වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනවා. විහාරයට නුදුරින් මෑතකදී ඉදිකරන ලද මුස්ලිම් පල්ලියේ උදේ සවස දෙවියන් යැදීම මහ හඩින් විකාශය කරන අතර ශබ්ද විකාශන යන්ත්‍රද හරවා තිබෙන්නේ විහාරය දෙසටයි. එම නිසා විහාරස්ථානයේ සිදු කරන ආගමික කටයුතු වලට දිනපතාම බාධා එල්ලවී තිබෙන අතර පෝදා සිල් සමාදන් වී සිටි උවැස උවැසියන් සදහන් කළේ එය තමන්ටද මහත් හිරිහැරයක් වී ඇති බවයි.

රට පුරා ඓතිහාසික වටිනාකමකින් යුතු වෙහෙර විහාරස්ථාන සහ ආගමික සිද්ධාස්ථාන ඉලක්ක කරගනිමින් ඒ අසල ඉස්ලාම් පල්ලි ඉදිකිරීමේ සැලසුම්සහගත ව්‍යාපාරයක් ආසන්න වශයෙන් පසුගිය දශක දෙකක කාලය ඇතුළත ක්‍රියාත්මක වෙමින් පවතින අතර අනුරාධපුර අටමස්ථානයට අයත් භූමියේ පවා පල්ලියක් ඉදිකිරීමට කටයුතු කර තිබෙන බව පසුගිය සමයේ පැවසුනා. සැලසුම්සහගත ලෙස ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන ආසන්නයේ මෙලෙස පල්ලි ඉදිකරමින් විහාරස්ථානවල කටයුතු වලට බාධා පැමිණෙන අයුරින් කටයුතු කරන අතරතුර එම විහාරස්ථානවල ආගමික කටයුතු විකාශය කිරීම පල්ලියට බාධාවක් බව පවසමින් ඒවා නැවැත්වීමට කටයුතු කළ සිදුවීම් පිළිබදවද පසුගිය සමයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

මෙළෙස සිදුවන හිරිහැර ඉවසීමෙන් විදදරා ගැනීමට බෞද්ද ජනතාව කටයුතු කළද ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් වී ඇති ප්‍රදේශවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. පානම ඓතිහාසික මුහුදු මහා විහාරයේ පිරිත් දේශන විකාශය කරද්දී ගල්මුල් වලින් පහර දෙන බවද පසුගිය සමයේ එහි ස්වාමීන්වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යාංශයට පවා ලිඛිතව දන්වා තිබුණු අතර මාවනැල්ල, ගම්පොළ වැනි ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් වෙසෙන නගරවල පිරිත් දේශනා විකාශය කිරීම මුස්ලිම් පල්ලියේ බලපෑම මත නැවැත්වීමට කටයුතු කරඇති බවද සදහන් විය.

බොහො ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට මුහුණ දීමට සිදුව ඇති කබල්ලෑවා ගෙට රිංගාගත් ඉත්තෑවාට සිදු වූ වින්නැහිය ඓතිහාසික කිරින්ද රජමහා විහාරයටත් නුදුරේදීම සිදුවනු ඇති බවයි පොහෝ දිනයේ එහි රැදී සිටි වන්දනාකරුවන් සදහන් කළේ.

ශාමන්ත විජේවර්ධන
Colombo Today

Tuesday, February 23, 2016

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ ධර්ම දේශනා නවතී. ළමා, ස්ත්‍රී දූෂක, මත් ජවාරම් කළ බරපතළ චෝදනා ලද අන් පූජකයන්ට පූර්ණ අවසරය!

darma deshana 2656රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඊයේ පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.

පොහෝදින අලුයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ බුදු මැදුර අභියසදී නේවාසිකව සිටින රැඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා.පෙරවරුවේ භාවනා වැඩසටහන ඥාණසාර හිමියන් විසින් පවත්වා ඇති අතර එය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රජයේ ඉහළ තැනකින් ලැබුණු නියෝගයක් පරිදි අනෙකුත් වැඩසටහන් නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්මදේශනාවක් පවත්වමින් සිටියදී අතරමග නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය නියෝග කර තිබෙන අතර පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනයද සහ සවස භවනා වැඩසටහනද අවලංගු කර තිබෙනවා.

ස්ත්‍රී,ළමා අපචාර, මත්කුඩු ජාවාරම වැනි බරපතල ගණයේ අපරාධවලට චූදිතව මේ වනවිට සිරගතව සිටින කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට තම ආගමික කටයුතු සිය ආගමික රැදවියන් වෙනුවෙන් නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ. එනමුත් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට තහංචි පනවමින් ධර්ම දේශනා වැඩසටහන අතරමග නතර කර දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවා දැඩි විමතිය පල කරන අතර බන්ධනාගාර ඉතිහාසයේ තියා තමන් දන්නා ඉතිහාසයක මෙලෙස දේශපාලන නියෝගයකින් ධර්ම දේශනාවක් අතරමග නතර කර දැමීමට කටයුතු කිරීම ගැන අසා නැතිබවද එම නිලධාරීන් කතා බහ වී ඇත.

Colombo Today

සබැඳි ලිපි -
[
දේශපාලකයෝ බලය උදෙසා කෑමොර දෙන විට මා අරගල කළේ සිංහලයා අවදි කොට එකම රට බේරා ගැනීමටයි. හිරගෙදර සිට ඥානසාර හිමි එවූ ලිපියhttp://denethharinna.blogspot.com/2016/02/blog-post_28.html
]

Monday, February 22, 2016

සැදැහැ වඩන නවම් පොහොය

අද නවම්පුර පසළොස්‌වක පොහොය දිනයයි. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත්-මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීම හා බුදුරජාණන් වහන්සේ ආයු සංස්‌කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී ඇත. එබැවින් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සදා අනුස්‌මරණීය දිනයක්‌ ලෙස නවම් පොහොය දිනය හඳුන්වා දිය හැකිය.

බුදුරජාණන් වහන්සේ පස්‌වග මහණුන් ගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක්‌ ගතවීමෙන් පසුව දලුලා වැඩුණු වෘක්‌ෂයක්‌ සේ බබලන්නට විය. මෙසේ ආරම්භ වූ භික්‌ෂු සමාජය පළමුවරට එක්‌රැස්‌ කොට මහා සංඝ සම්මේලනයක්‌ පැවැත්වූයේ අද වැනි නවම් පුර පසළොස්‌වක පොහොය දිනෙකදීය. මෙම ප්‍රථම සංඝ සම්මේලනයේදී භික්‌ෂු සමාජයේ අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදුවුණි. ඒ අනුව සැරියුත් - මුගලන් යන මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සව්, වමත් සව් වශයෙන් අගසව් තනතුරුවලට පත් කෙරිණි. බුදුරදුන් සිදු කළ මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය.

තනතුරු ප්‍රදානයෙන් නොනැවතුණු බුදුරදුන් භික්‌ෂු සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා "ඕවාද ප්‍රාතිමෝක්‌ෂය" දේශනා කිරීම සිදු වූයේත් අද වැනි දිනෙකය. එය බුදු සසුනේ පළමුවැනි විනය නීති මාලාව විය. යම් විටෙක භික්‌ෂූන් වහන්සේලා අතර ආසවට්‌ඨානීය ධර්ම හෙවත් ආශ්‍රවයන් ඉපදීමට හේතුවන ධර්ම පහළ වන විට බුදුරදුන් ඒවා දුරැලීමට විනය ශික්‌ෂා පනවන බවත්, ප්‍රාතිමෝක්‌ෂය දේශනා කරන බවත්, පාරාජිකා පාලියේ දැක්‌වේ. පඨමාභි සම්බෝධි යුගයේ හෙවත් බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ ස්‌වයං ශික්‌ෂණය යටතේ හික්‌මුණු භික්‌ෂු පිරිසට විනය ශික්‌ෂා නොමැති බැවින් "සබ්බ පාපස්‌ස අකරණං..." යනාදී ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීම සිදුවිය.

නවම් පුර පසළොස්‌වක පොහෝදා සිදුවූ අනුවේදනීය සිදුවීමක්‌ ලෙස බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීම පෙන්වා දිය හැකිය. අසූවැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තීරණය කිරීම මෙම ආයු සංස්‌කාරය අත්හැරීම යන්නෙන් කියවෙයි.

මෙම කරුණු පිළිබඳ විමසීමේදී නවම් පුර පසළොස්‌වක පොහොය දිනය ශාසනික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දිනයක්‌ බව පැහැදිලිය. එබැවින් ලොව සෑම බෞද්ධ විහාරස්‌ථානයකම මෙම පොහොය දිනය අනුස්‌මරණය කරනුයේ ආමිස හා ප්‍රතිපත්ති පූජා පවත්වමිනි.

ඌරුගමුවේ අස්‌සජි හිමි
http://www.divaina.com/2016/02/22/news04.html

Pic Source

ETCA එන්නත් පෙර ඉන්දියාවෙන් ත්‍රීරෝද රථ රියදුරන් ඇවිත්… නීති විරෝධී ලෙස කුලී රථ සේවාවේ!

etca threewheelaerසංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින ඉන්දියානු ජාතිකයන් නිති විරෝධී ලෙස ත්‍රීරෝද රථ හා කුලී රථ සේවාවන් පවත්වාගෙන යන බව සමස්ථ ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.

ඉන්දියාවෙන් ආ ත්‍රීරෝද රථ රියදුරන් වැඩි වශයෙන් ගැවසෙන්නේ දෙමළ බස කතා කරන බහුතරයක් සිටින යාපනය හා කොළඹ ප්‍රෙද්ශයේ බව පැවසෙන අතර ඔවුන් රටේ වෙනත් ප්‍ර දේශවලටද සංක්‍රමණය වන බව සුනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

මේ අතර නිදහස් වීසා සහනය මත ඉන්දියාවෙන් පැමිණි පිරිස් නීති විරෝධී ලෙස මෙරට රැදී සිටිමින් වෙළදාම් කටයුතු වල යෙදි සිටින බව වාර්තා වී ඇති නමුත් ඉන්දියාවෙන් පැමිණ ත්‍රී රෝද රථ පදවන්නන් පිළිබදව මේ දක්වා තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

පසුගිය අවුරුදු 14ක කාලය තුළ ක්‍රියාත්මක වූ ඉන්දු – ලංකා ගිවිසුමක් හරහා ලංකාවේ අපනයන ආදායම මෙන් 886% ක භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ඇතැයි මේ අතර වාර්තා වන අතර ඉන් ලංකාවට සිදුව ඇති වෙළෙඳ අලාභය ඩොලර් මිලියන 5,5944ක් බවද පැවසේ.

Colombo Today

සබැඳි ලිපි -
[
ඉන්දු-ලංකා ගිවිසුම ගැන ඒකාබද්ද විපක්‍ෂයෙන් විශේෂ නිවේදනයක්http://denethharinna.blogspot.com/2016/02/blog-post_86.html
ඉන්දියානු ශ්‍රමය ලාබ නමුත් තත්වයද ලාබ බව මුළු ලෝකයම දනී! අපට අළුත් බලාපොරොත්තු ඇත. මාස කිහිපයකින් අපි නුඹලා වැඩකරන ආයතනයේදී ඔබට ඉහලින් මුන ගැසෙන්නෙමු!http://denethharinna.blogspot.com/2016/02/blog-post_7.html
]

ටිබෙට් ජාතික මහින්ද හිමිට නොතීසි

ඇවිදින් මෙහෙට වෙන දේසෙක ඉපදීලා
රට ජාතියට පණ දෙන්නට කවි ලියලා
ජාති භේද කරනා හින්දම රැඳිලා
නීතිය ක්‍රියා කරවනවා අද ඉඳලා


සබැඳි ලිපි -
[

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html

මහෙස්‌ත්‍රාත්වරයා "ඇමැති, මම ඔයාට කලින්ම කීව නේද නඩුව සම්බන්ධව මාත් එක්‌ක කතා කරන්න එපා කියලා. ආයෙමත් ඔයා මට මේ වගේ දුරකථන ඇමතුම් ගත්තොත් මම ඔයාට විරුද්ධව නීත්‍යනුකූලව ක්‍රියා කරනවා" යෑයි පවසා දුරකථනය විසන්ධි කර සිද්ධිය නීතිඥවරුන් වෙත පවසා ඇත. ඔහුට අනුව ඒ ඇමතුම ගෙන තිබුණේ රිෂාඩ් බදියුදීන්ය. මීට පෙර දින මේ ආකාරයේම ඇමතුමක්‌ ගත් හෙතෙම මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත්තේ මෙම ධීවරයින්ට විරුද්දව චෝමනා ප්‍රකාර තීන්දුවක්‌ දුනහොත් මන්නාරම ගිනි ගැනීමට නියමිත වගය. ඒ මොහොතේ යළිත් ඔහු කතා කර තිබුණේ තමා කලින්ම මහෙස්‌ත්‍රාත්වරයාට දැනුම් දුන් පරිදි මන්නාරම නගරය ගිනි ගන්නවා දුටුවාදැයි විමසන්නටය. බදියුදීන් ඇමැතිවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නව හමු වී මන්නාරම මහෙස්‌ත්‍රාත් මාරු කරන ලෙස බලපෑම් කරන්නේ ඉන් අනතුරුවය. 

මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html

මෙදින මන්නාරමට ගිය රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා මන්නාරම දිසා විනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් කතා කොට අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එසේ නොකළහොත් මන්නාරම ගිනිගන්නා තත්ත්වය වැළැක්‌විය නොහැකි බවටද අමාත්‍යවරයා දිසා විනිසුරුවරයාට අනතුරු අඟවා තිබේ.

මන්නාරම දිසා විනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතා අධිකරණ නියෝගය වෙනස්‌ කළේ නැත. තමන්ට එල්ල වූ තර්ජනය ගැන විනිසුරුවරයා ඉහළට කරුණු ඉදිරිපත් කොට සිදුවන්නට යන්නේ කුමක්‌දැයි බලා සිටියේය. උද්ඝෝෂණකරුවෝ සිය උද්ඝෝෂණය උදැසනම ආරම්භ කළත් ඊට කිසිවකුගෙන් හෝ බාධාවක්‌ හෝ ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා ඔවුනට අව්වේ කරවීමට සිදුවීම හැර වෙනත් දෙයක්‌ සිදුනොවිණි. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ උදව්කරුවන් උද්ඝෝෂණකරුවන් අතරට පැමිණීමත් සමගම උද්ඝෝෂණය තීව්‍ර වූයේ අමාත්‍යවරයාගේ හයිය නිසාවෙනි. මේ අවස්‌ථාවේදී කරුණු පැහැදිළි කිරීමට දිසා විනිසුරුවරයා උද්ඝෝෂණකරුවන් හමුවීමට පොලිස්‌ ආරක්‍ෂාව මැද පැමිණීමට උත්සාහ කළත් උද්ඝෝෂණකරුවෝ ඊට ඉඩ නුදුන්හ. විනිසුරුවරයාගේ නම කියමින් එතුමාට අපහාස වන අන්දමට කෑකෝ ගැසූ උද්ඝෝෂණකරුවෝ අධිකරණය දෙසට පාරේ තිබූ ගල්කැබලි විසි කළහ. ඉන් තවමත් විවෘත නොවූ මන්නාරම මහාධිකරණ ශාලාවේ වීදුරු ජනෙල් කැඩී බිඳී ගියේය. පහර දෙන ගල් කැබලි පොලිස්‌ නිලධාරීන්ටද වැදුණි. කඳුලු ගෑස්‌ ගසමින් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්‌ථාවේදී මන්නාරම එකම යුද පිටියක්‌ බවට පත්විණි.

මේ සිද්ධීන්වලින් පසුව මන්නාරම අධිකරණයේ තවමත් විවෘත නොවූ මහාධිකරණ ගොඩනැඟිල්ලේ වීදුරු ජනෙල් කැඩීයැමට අමතරව නඩු බඩු ගබඩාව තුළ ගින්නක්‌ද ඇවිළී ගොස්‌ තිබේ. මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? මන්නාරම ගිනි අළුලුණේ නැද්දැයි...· විමසා තිබේ.
]

Saturday, February 20, 2016

ඉන්දු-ලංකා ගිවිසුම ගැන ඒකාබද්ද විපක්‍ෂයෙන් විශේෂ නිවේදනයක්

ඉන්දියාව සමඟ ඇතිකර ගැනිමට යෝජිත ආර්ථික ගිවිසුම සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් ඒකාබද්ද විපක්‍ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

ඉන්දියාව සමඟ ඇතිකර ගැනිමට යෝජිත ආර්ථික ගිවිසුම

ඉන්දියාව සමග ආර්ථික හා තාක්‍ෂණික ගිවිසුමකට එළඹීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටි. මීට කලින් ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යෝජනා වී තිබුණු විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා ගිවිසුම) ජනතා විරෝධය හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. අලුත් ගිවිසුමේ වගන්ති මොනවාදැයි ආණ්ඩුව මහජනතාවට හෙලිකර නැති අතර එම ගිවිසුමේ කෙටුම්පත දැක ඇත්තේ කිහිප දෙනෙකු පමණි. මේ ගිවිසුමේ අපට ලැබී ඇති අලුත්ම කෙටුම්පතට අනුව මෙය මුලින්ම සිතු ආකාරයේ ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමක් නොව ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතාවය සදහා රාමුවක් පිළිබද එකඟතාවයකි. මෙයින් අනාගතයේ ඇති කිරීමට යන එකඟතාවයන්වලට රාමුවක් පමණක් සැපයේ.

මෙකී ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා රාමුව තුළ කලින් සීපා කෙටුම්පතේ තිබුණු ආකාරයටම භාණ්ඩ වෙළදාම, සේවා වෙළදාම හා ආයෝජනය පිළිබද වෙන වෙනම ගිවිසුම් ඇති කරගනු ඇත. මෙවර වෙනසකට ඇත්තේ මේ එක් එක් විෂය යටතේ කිසිදු නිෂ්චිත විධිවිධානයක් මේ සහයෝගිතා රාමුව පිළිබද ගිවිසුමේ නොතිබීමයි. ඒ එක් එක් මාතෘකාවට අදාල වන පරිදි නිෂ්චිත විධිවිධාන සාකච්ඡා කොට පනවනු ලබන්නේ මේ ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා රාමුව පිළිබද ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පමණි.

ඉන්දියාව සමඟ මේ සහයෝගිතා රාමුව පිළිබද ගිවිසුම තවමත් සාකච්ඡා වෙමින් පවතින අතරතුර ආණ්ඩුව දැනටමත් ඉන්දීය සේවා සමාගම්වලට රට විවෘත කර හමාරය. 2015 සැප්තැම්බර් 02 වන දා ඉන්දියාවේ GVK EMRI නැමති ආයතනයට ලංකාව තුළ ඉන්දියනු රජයේ අනුග්‍රහය සහිතව ගිලන් රථ සේවාවක් ආරම්භ කිරිමට පහසුකම් සලසමින් අගමැතිවරයා විසින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.

මෙම කැබිනට් පත්‍රිකාවට අනුව මුලින්ම බස්නාහිර හා දකුණු පළාත්වල කටයුතු ආරම්භ කිරීමට මෙකී GVK EMRI ආයතනයට ඉන්දියානු රජයෙන් ඇ.ඩො මිලියන 7.6 ක් ප්‍රදානය කර ඇති අතර ඉන් පළමු වසරේදී ගිලන් රථ මිලදී ගැනීමටත් සේවක වැටුප් ගෙවීම වැනි කාරණාවලට මේ මුදල යොදවෙනු ඇත. කැබිනට් පත්‍රිකාවට අනුව මෙකී සේවය සදහා මුදලක් අයකර ගනු ලබන අතර මුල් වසරෙන් පසු එම සේවාව එයට ලැබෙන ආදායමෙන් කරගෙන යායුතු බව ගම්‍ය වේ.

තම ආයතනයට සේවකයන් බදවා ගැනීමේදී GVK EMRI ආයතනයට ස්වාධීනව කටයුතු කළ හැකි අතර ඔවුන් රජයේ හා පුද්ගලික රෝහල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත. (මෙයට බඳවාගත යුත්තේ ශ්‍රී ලාංකිකයන් කියා කොන්දේසියක් නැත.) ලංකා ආණ්ඩුව පැත්තෙන් මේ ව්‍යාපාරයට කරන දායකත්වයක් හැටියට තීරුබදු රහිතව වාහන හා වෛද්‍ය උපකරණ ආනයනය කිරීමට, මේ සේවාවට මධ්‍යස්ථාන පිහිටුවීම සදහා අවශ්‍ය ස්ථාන සැපයීමටත් ඉන්දීය කළමණාකරුවන් හා පුහුණුකරුවන් සදහා වීසා ලබා දීමටත් එකඟ වී තිබේ. ලංකාවේ දැනටමත් රජයේ, පුද්ගලික අංශයේ හා රාජ්‍ය නොවන අංශවල ගිලන් රථ සේවාවන් බහුලව තිබියදී ඉන්දියාවෙන් මේ ආකාරයට රාජ්‍ය අනුග්‍රහය යටතේ තවත් ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට ඇති වුවමනාව කුමක් දැයි අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් පැහැදිලි වන්නේ නැත. GVK EMRI ආයතනයට සපයන මුදල් හා පහසුකම් දැනට පවතින ගිලන් රථ සේවාවකට ලබාදුන්නොත් ඔවුනටද බස්නාහිර හා දකුණු පළාත් පුරාම තම සේවාවන් ව්‍යාප්ත කිරීමට පුලුවන් වනු ඇත. දැනට අපේ රටේ පවතින රජයේ සහ පුද්ගලික සෞඛ්‍ය සේවය තුළින්, අපේ ජනතා සෞඛ්‍ය දර්ශක ආසියාවේ ඉහලම මට්ටමකින් පවත්වාගෙන යන බවත් මතක තබාගත යුතුය.

ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්‍ෂණික ගිවිසුමක් ඇති කර ගැනීම අර්ථවත් වන්නේ ලංකාවට තනියම සපයාගත නොහැකි යම්කිසි තාක්‍ෂණික හෝ ආර්ථික දායකත්වයක් ඉන්දියාවෙන් ලබාගත හැකිනම් පමණි. රථ වාහන, රසායන හා ඖෂධ නිශ්පාදන කර්මාන්ත එවැනි ක්‍ෂේත්‍රවලට උදාහරණ වේ. නමුත් ලාංකිකයන්ට පහසුවෙන් සපයාගත හැකි සේවාවන් පවා ඉන්දියාවට භාර දීමට වත්මන් ආණ්ඩුව අරඅදින බව පෙනේ. 2001- 2004 අතර පැවති යූ.එන්.පී ආණ්ඩුවද ඉන්ධන අලෙවි කිරිමේ ව්‍යාපාරයෙන් කොටසක් ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට විකුණා දැමුවේය. ඉන්දීය සමාගමකට අපේ ඉන්ධන පිරවුම්හල් ලබා දීමෙන් ලංකාවට ලැබුණු විශේෂ ආර්ථික හෝ තාක්‍ෂණික වාසියක් නැත. මේ වන විට බොරතෙල් මිල පහල වැටී තිබෙන නිසා ඉන්ධන අලෙවි කරුවන් ඩීසල් ලීටරයකින් රු. 34 ක පමණ ලාභයක් ලබමින් සිටින අතර විදෙස් සමාගම් වලට මේ ව්‍යාපාරයන් විකිනීම හේතුවෙන් එහි ලාභ දැන් පිටරටට ඇදී යයි.

ඉන්දයාව සමඟ ආර්ථික හා තාක්‍ෂණික රාමුව පිළිබද ගිවිසුම අත්සන් කිරීමටත් පෙර මේ ගිලන් රථ සේවාව පිළිබද කැබිනට් පත්‍රිකාව වැනි මැදිහත්වීම් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විදේශීයකරණය කිරීමට ආණ්ඩුවේ සැලසුම් සහගත උත්සාහයක් තිබෙන බව පෙනේ. මෙවැනි කැබිනට් පත්‍රිකා තව කීපයක් සම්මත කර ගැනීමෙන් පසු ඉන්දියාව සමඟ ඇති කර ගැනීමට යන සහයෝගිතා රාමුවට ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතාවය සම්බන්ධ නිෂ්චිත වගන්ති ඇතුලත් කිරීමේ අවශ්‍යතාවය ඉබේටම නැති වී යනු ඇත. ඒ, සිදු විය යුතු සියල්ල ගිවිසුමක් නැතුවම අපේ කැබිනට් මණ්ඩලයේ මැදිහත් වීමෙන් සිදු වන නිසාය. ගිලන් රථ සේවාවක් වැනි කාරණයක් සම්බන්ධයෙන් අගමැතිවරයෙකු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ඉතාමත්ම අසාමාන්‍ය දෙයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. මේ විදේශීයකරණ ක්‍රියාවලියට අවශ්‍ය තල්ලුව ලැබෙන්නේ මොන මට්ටමෙන් දැයි එයින්ම පැහැදිලි වේ.

විධායකයේ බලය යොදා ලංකාවේ ආර්ථිකය මේ ආකාරයට ක්‍රමානුකූලව විදේශීයකරණය කිරීම වහාම නැවතිය යුතුය. එපමණක්ද නොව අලුත් ගිවිසුමකට එළඹීමට පෙර 1998 දී අත්සන් කොට දැනට ක්‍රියාත්මකව පවතින ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුමේ ඇති බරපතල අඩුපාඩු වලට විසදුම් ලබාගත යුතුය. ලංකාවෙන් ඉන්දියාවට භාණ්ඩ යැවීමේ දී දිගින් දිගටම ඉන්දීය නිලධාරීන්ගෙන් බාධා එල්ල වීම පසුගිය වකවානුව පුරාම අපේ අපනයන කරුවන් ලැබූ අත්දැකීම වේ. මේ නිසා 2014 වසරේ දී අපි ඉන්දියවෙන් ඇ.ඩො මිලියන 4,023ක භාණ්ඩ ගෙන්වා තිබුණද අපට ඉන්දියාවට අපනයනය කිරීමට හැකිවුණේ ඩොලර් මිලියන 625 ක භාණ්ඩ පමණි. ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අවුරුදු 15 ක් මුලුල්ලේ ක්‍රියාත්මකවීමෙන් පසු ලංකාවෙන් ඉන්දියාවට යවන ප්‍රධානම අපනයන භාණ්ඩය වන්නේ පුවක්ය. ඉන්දියාව සමඟ දැනටම ඇති මෙම නිදහස් වෙළඳ ගිවිසුම නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් ඒ සහයෝගීතාවය තවත් ඉදිරියට ගෙන යාමට කිසිවකු විරුද්ධ වන්නේ නැත. එමෙන්ම වෙනත් ද්විපාර්ශවික කාරණා වෙත යොමු වෙන්න කලින්, ඉන්දීය ධීවර ප්‍රශ්නයට විසදුමක් තියෙන්න ඕන කියලත් අපි විශ්වාස කරමු.

කිසිදු නිෂ්චිත වගන්තියක් නොමැති, ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම් සදහා රාමුවක් යැයි කියමින් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන මෙම විවෘත ගිවිසුමටත්, කැබිනට් පත්‍රිකා හරහා ලංකාවේ ආර්ථිකය හොර රහසේම විදේශීයකරණයට ලක් කිරීමටත් එරෙහි වන්නයි අපි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවෙනුත්, වෘත්තීයවේදීගෙනුත්, මහජනතාවගෙනුත් ඉල්ලා සිටිමු. ඉන්දියාව සමඟ නව ගිවිසුමක් අත්සන් කල යුත්තේ පවතින නිදහස් වෙළඳ ගිවිසුමේ අඩුලුහුඩුකම් විසදා ගැනීමෙන් පසුව පමණක්ය යන්න අපි මේ අවස්ථාවේ දී අවධාරණය කර සිටිමු.

අපේ අසල්වාසී රට සමඟ අපි අනිවාර්යයෙන්ම වෙළඳාම් කළ යුතුය. අපි පෙනී සිටින්නේ ඉන්දියාව සමඟ අඩුවෙන් වෙළඳාම් කිරීමට නොව වැඩියෙන් වෙළඳාම් කිරීමටය. එහිදී මුලින්ම සිදුවිය යුත්තේ ලංකාවෙන් ඉන්දියාවට වැඩියෙන් භාණ්ඩ අපනයනය කිරීමට හැකිවෙන පරිදි ඉන්දියාව පැත්තෙන් ඇති නිලධාරිවාදී බාධා සහ ප්‍රාන්ත නීති වලින් පැණ නැගෙන ගැටළු නිරාකරණය කිරීමය. එමෙන්ම ඉන්දීය සමාගම් ලංකාවේ අයෝජනය කිරීමේ දී අපට තනිවම කරගත නොහැකි ක්‍ෂේත්‍ර වලට පමණක් ඉන්දීය ආයෝජන ගෙන්වාගත යුතු බව අපේ අදහසයි.

ඉන්දියාව සමඟ ඇතිකරගැනීමට යන මේ ගිවිසුම ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සභාගතකර නැත. ඉන්දීය ගිලන්රථ සේවාවක් දෙරටේම රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇති කිරීම ගැන පාර්ලිමේන්තුවට දැනුම් දී නැත. පරිඝනක හා නාවික ඉංජිනේරු අංශ පමණක් ඉන්දියානු වෘත්තිකයන්ට හා තාක්‍ෂණවේදීන්ට විවෘත කරන බව මලික් සමරවික්‍රම ඇමතිවරයා මාධ්‍යට කියා තිබුණද, රෝහල් ගත කිරීමට පෙර සෞඛ්‍ය සේවා කටයුතු ඉන්දියාවට විවෘත කරන බවක් කවුරුවත් කිවුවේ නැත. විපක්‍ෂයට මේ ගැන කතා කිරීමට අවස්ථාවකුත් නැත. එමනිසා ඒකාබද්ධ වික්‍ෂය ලෙස අපි ජාතික මට්ටමෙන් අතිශය වැදගත් වෙන මේ කාරණය ගැන සාකච්චා කිරීමට 2016 පෙබරවාරි 18 වෙනිදා රැස් වූ අතර, මේ සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය මෙලෙස ජනතාව ඉදිරියේ තබමු.

ඒකාබද්ධ විපක්‍ෂය
දිනේෂ් ගුණවර්ධන (පා.ම) වෙනුවෙන්
උදය ගම්මන්පිල (පා.ම)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ (විපක්‍ෂ කණ්ඩායම)
ලංකා සම සමාජ පක්‍ෂය
ශ්‍රී ලංකා කොමුනිස්ට් පක්‍ෂය
මහජන එක්සත් පෙරමුණ
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
ජාතික නිදහස් පෙරමුණ
පිවිතුරු හෙළ උරුමය

http://lankacnews.com/sinhala/news/140757/

Pic Source

සබැඳි ලිපි -
[
ඉන්දියානු ශ්‍රමය ලාබ නමුත් තත්වයද ලාබ බව මුළු ලෝකයම දනී! අපට අළුත් බලාපොරොත්තු ඇත. මාස කිහිපයකින් අපි නුඹලා වැඩකරන ආයතනයේදී ඔබට ඉහලින් මුන ගැසෙන්නෙමු!http://denethharinna.blogspot.com/2016/02/blog-post_7.html
]

රජරට වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන කමිටුව විශිෂ්ඨ යෝජනා

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව හමුවේ පෙනී සිටි වෛද්‍යවරු කණ්ඩායමක් ලිඛිත යෝජනා 14 ඉදිරිපත් කර මිනිත්තු 40 කාලයක් වාචික දේශනයක් ද ඉදිරිපත් කළේය. කමිටු සභාපති ලාල් විජේනායක ඇතුළු සාමාජිකයන් ඇසූ ප්‍රශ්න වලට ඉතා ඍජු පැහැදිලි කිරීම් ඉදිරිපත් කල වෛද්‍යවරු ඔවුන් නිහඩ කළහ. සාමාන්‍යයෙන් වාචික ඉදිරිපත් කිරීම් මිනිත්තු 20 කට සීමා වුවද විනාඩි 40 යනතුරු සිය පැහැදිලි කිරීම සිදු කිරීමට වෛද්‍යවරු සමත් වූහ. මේ රටේ සැබෑ අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට බවත් ඒ පිළිගෙන එයට විසදුම් ලබා දෙන තෙක් කුමන පැලැස්තර ඇල වුවද ප්‍රයෝජනයක් නැති බවත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛන්ඩතාවට තර්ජනයක් වන ඕනෑම යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3 මෙන්ම ජනමත විචාරණයක 2/3 ද සම්මත විය යුතු බව පැවසීමත් සමග විශ්මයට පත් කමිටු සභාපති ලාල් විජේනායක මහතා එකම ප්‍රශ්නය ඔහුගෙන් කිහිප විටක් ඇසූ අතර තර්ක ශක්තියක් නැති පුද්ගලයන්ට රටේ තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව ලබා දීමෙන් සිදුවන අයහපත ගැන විස්තර කර මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදනයද බටහිර සහ ඉන්දීය අවශ්‍යතා මත සිදු වන පැලැස්තරයක් බව ඔහුගේ මුහුණටම පැවසීය. ඉන්පසු කමිටු සභාපතිවරයා මිනිත්තු 40 ගතවන තුරු නිහඩතාව ආරක්ෂා කළේය.

උතුරු නැගෙනහිර එක කරන්නට කතා නොකර ප්‍රදේශයේ සැබෑ ප්‍රශ්නය වන වකුගඩු රෝගීන් මුහුණ දෙන ගැටළු විසදීමට වැලිඔය, වව්‍නියාව දකුණ, පදවිය සහ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ එක කර උතුරු පළාතට වැලිඔය නමින් දිස්ත්‍රික්කයක් පිහිටුවන ලෙසත් දෙහිඅත්තකන්ඩිය, මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ එක් කර නැගෙනහිර පළාතට මහියංගනය නමින් දිස්ත්‍රික්කයක් පිහිටුවන ලෙසත් වෛද්‍ය ජයසුමන වැඩි දුරටත් යෝජනා කළේය. මහාචාර්ය සිසිර සිරිබද්දන ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වුහ.

http://lankacnews.com/sinhala/news/140721/

Pic Source

රුසියාව ප‍්‍රධාන මිලිටරි බලයක් – ඔබාමා

රුසියානු මිලිටරි ශක්තිය පිළිබඳව පෙර දැරූ ස්ථාවරය හකුළා ගනිමින් එය ලෝකයේ දෙවන බලවත්ම හමුදාව බවට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් හඳුන්වාදී ඇතැයි වාර්තා වේ.

කැලිෆෝනියාවේ පැවති ගිණිකොනදිග ආසියානු රටවල සමුළුව අමතමින් ඔබාමා පවසා ඇත්තේ කැරලිකරුවන් රොත්තකට ලොව දෙවන බලවත්ම හමුදාවේ අවි බලයට මුහුණදිය නොහැකි බවයි.

මෙය ඇමරිකානු ජනාධිපතිවරයා රුසියානු හමුදාව පිළිබඳව පෙර දැරූ ස්ථාවරයට සාපේක්‍ෂව පැහැදිලි වෙනසක් බව පැවසේ.

රුසියාව විසින් ක‍්‍රිමියාව ඈඳාගැනීමට කටයුතු කළ අවස්ථාවේදී එය අසල්වැසියන්ට තර්ජනය කරන හා ශක්තිය මත නොව දුර්වල බව විසින් මෙහෙයවෙන කලාපීය බලයක් පමණක් බව ඔබාමා විසින් හඳුන්වාදී තිබිණි.

නොවැම්බර් මසදී ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඇෂ්ටන් කාටර් පැවසුවේ රුසියාව හා චීනය තීරණාත්මක මිලිටරි බලයන් ලෙස ජාත්‍යන්තර වේදිකාව තුල නිරූපණය වීම සමග ඇමරිකානු ආධිපත්‍යයට පහරක් එල්ලවී ඇති බවයි.

තම රටේ ත‍්‍රස්තවාදය විනාශ කිරීම සඳහා සහය වන ලෙසට සිරියානු ජනාධිපති බෂාර් අසාද් සිදුකළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින් සිරියාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කළ රුසියාව පසුගිය සැප්තැම්බර් 30 සිට මේ දක්වා නොනවත්වා ත‍්‍රස්ත ඉලක්කවලට අධික තීව‍්‍රතාවයකින් යුතුව පහරදෙමින් සිටී.

මෙහිදී රුසියාව දක්වමින් සිටින මිලිටරි හැකියාව පිළිබඳව තමන් මවිතයට පත්වූ බව යුරෝපයේ ඇමරිකානු හමුදා අණදෙන නිලධාරි ලූතිනන් ජෙනරාල් බෙන් හොජස් පවසන ලදී.

http://lankacnews.com/sinhala/foreign-news/140734/

Pic Source

Wednesday, February 17, 2016

ජංගම දුරකථන ගාස්‌තු නගී. එකම ජාලය තුළ හා වෙනත් ජාලවලට ගන්නා ගාස්‌තු සමාන කෙරේ!

ජංගම දුරකථන ඇමතුම් ගාස්‌තු වැඩි කර තිබේ. ඒ අනුව ඇතැම් ජාල තත්පරයට ශත තුනක්‌ ලෙස විනාඩියකට රුපියල් 1.80 ක්‌ තෙක්‌ ගාස්‌තු වැඩි කර ඇත.

ඇතැම් ජාලවල ගාස්‌තු විනාඩියකට රුපියල් 1.50 දක්‌වා වැඩි කර ඇති අතර එවිට බදු සහිත ගාස්‌තුව විනාඩියකට රුපියල් 1.94 කි.

කෙසේ වෙතත් පෙර පැවති පැකේජ ගාස්‌තු තවමත් වැඩි කර නොමැත. එසේම එකම ජාලය තුළ හා වෙනත් ජාලවලට ගන්නා ගාස්‌තු සමාන කර ඇත.


ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2016/02/17/news05.html

Pic Source

Tuesday, February 16, 2016

පෙම්වතුන්ගේ දිනය දා කාත්තන්කුඩියේ පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක්!


ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයක පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කර ගත් අවවාදාත්මක පෝස්ටර් අලවා තිබෙනු දැක ගත හැකි වූ බවයි ශාන්ති සෙල්වදොරේ මඩකලපුවේ සිට බීබීසියට වාර්තා කළේ.






ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රදේශය පුරා පෙම්වතුන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් අවවාදාත්මක අත් පත්‍රිකාද බෙදා හැර ඇති බවයි.

‘අවවාදයයි! ආදරයේ නාමයෙන් කන්‍යාභාවය සොරකම් කරන දිනය’ 
යන්න මුද්‍රණය කර තිබූ පෝස්ටර නැගෙනනහිර පළාතේ කාත්තන්කුඩි නගරයේ බිත්ති පුරා අලවා තිබුණි.

තවත් පෝස්ටරයක ‘ආදරය කිරීමට මව, සහෝදර සහෝදරියන් සහ යහළුවන් සිටියි නම් පෙම්වතුන් කුමටදැයි?’ ප්‍රශ්න නගා තිබූ බව ශාන්ති සෙල්වදොරේ පවසයි.

‘අල්ලා දෙවියන් ඔබව නිරීක්ෂණය කරනු ඇත’ සහ ‘පාරිශුද්ධ දේශයක් සඳහා වූ ප්‍රගතිශීලී මාර්ගය’ යන ඉස්ලාම් ආගමික වැකිද පෝස්ටර් වල මුද්‍රණය කර තිබිණ.

Colombo Today

Thursday, February 11, 2016

භික්‌ෂු කතිකාවතේ වගන්ති 8 ක්‌ ව්‍යවස්‌ථාවට අනුකූල නෑ! - ශ්‍රේෂ්ඨාධිකරණය

ථෙරවාදී භික්‍ෂු කතිකාවත් පනතේ වගන්තීන් අටක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ව්‍යවස්‌ථා හතකට අනුකූල නොවන බව (අනනුකූල) ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් තීන්දු කර ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.මෙසේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල නොවන වගන්තීන් සම්බන්ධව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් පමණක්‌ සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් බව කථානායකවරයා සභාවේ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල නොවන වගන්ති පනත් කෙටුම්පතින් ඉවත් කරන්නේ නම් එකී සංශෝධන පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බවද (අනුකූල බව) ශ්‍රේෂ්ඨාධිකරණ ය දැනුම්දී ඇතැයි කථානායකවරයා කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් කථානායකවරයා වෙත එවා තිබූ මෙම තීන්දුව ඊයේ (10 දා) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම කථානායක වරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබිණි.

කථානායකවරයා විසින් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුව මෙසේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 121(1) ව්‍යවස්‌ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ය ඉදිරියේ අභියෝගයට ලක්‌ කරන ලද ථෙරවාදී භික්‍ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ යේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

එකී පනත් කෙටුම්පතෙහි 2(2), 2(3), 2(4) සහ 11(2) යන වගන්ති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9, 10 සහ 14(1) (ඉ) යන ව්‍යවස්‌ථාවලට අනනුකූල වන බවද, පනත් කෙටුම්පතෙහි 4, 5 සහ 13(1) යන වගන්ති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 ව්‍යවස්‌ථාවට අනනුකූල වන බවද, පනත් කෙටුම්පතෙහි 12 වැනි වගන්තිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9, 10, 12, 14(1) (ඉ) ව්‍යවස්‌ථාවලට අනනුකූල වන බවද, ඒවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 83 ව්‍යවස්‌ථාවෙහි සඳහන් පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් අනුමත කිරීමෙන් සහ ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කිරීමෙන් පමණක්‌ සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් තීරණය කොට ඇත.

තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් තීරණය කර ඇත්තේ ඉහත සඳහන් වගන්ති පහත සඳහන් පරිදි සංශෝධනය කළහොත් ඒවායේ අනනුකූලතාවයන් ඉවත්වනු ඇති බවයි. 

(අ) 2(3), 2(4), 4 සහ 5 වැනි වගන්ති ඉවත් කිරීමෙන් සහ

(ආ) ශ්‍රේෂ්ඨාධිකරණ  තීරණයේ යෝජනා කර ඇති පරිදි 2(2), 11(2) සහ 13(1) වැනි වගන්ති සංශෝධනය කිරීමෙන්,

ඉහත සඳහන් කරන ලද සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පතෙහි අනෙකුත් විධිවිධාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවේ.

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ
http://www.divaina.com/2016/02/11/news01.html

Tuesday, February 9, 2016

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

ctt iu26ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊළාම් ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් නම් කළ යුතු යැයි යෝජනා ඉදිරිපත් කළ බව කිලිනොච්චිය පුරවැසි කමිටුවේ ලේකම් සින්නරාජා ජීවනායගම් කියා සිටියේය.

මෙම යෝජනාව කර ඇත්තේ රජය මගින් සිදුකිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉදිරිපත් කළ යුතු යෝජනා හා අදහස් සාකච්ඡා කිරීම පිණිස ඊයේ (08දා) කිලිනොච්චියේදී ආරම්භ කරන ලද දින දෙකක සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර, ඊට පළාතේ මහජනතාව සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් රැසක් සහභාගිවී තිබේ.

Colombo Today

බෞද්ධයාගේ සහජීවනය හැමදාමත් ඉහළයි. විදෙස්‌ පරීක්‍ෂණ එපා! මල්වතු - අස්‌ගිරි මහ නාහිමිවරු අල් හුසේන්ට කියති

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී යුද සමයේ අවසන් අවස්‌ථාවේ සිදුවූ බව කියන සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බැලීමට විදේශීය පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බවත් කිසියම් සිදුවීමක්‌ ඇතිවී නම් ඒ ගැන සොයා බැලීම දේශීය යාන්ත්‍රණයක්‌ මගින් සිදුකර ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බවත් මල්වතු අස්‌ගිරි මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ජගත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහතාට ඊයේ (08 දා) පැවසූහ.

ශ්‍රී දළදා මාලිගාවේදී දළදා වහන්සේ වෙත මල් බඳුනක්‌ තැන්පත් කර උපහාර දැක්‌වූ අල් හුසේන් කුමරු අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන්ද අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්‌සී, අස්‌ගිරි මහානාහිමියන්ද බැහැදුටුවේය.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ස්‌ථාපිත කිරීම ජගත් මානව හිමිකම් සංවිධානයේ අරමුණ බව පැවසූ හුසේන් කුමරා එම කාරණය සම්බන්ධයෙන් මහ නාහිමියන්ගේ මතය විමසා සිටියේය.

අතිපූජ්‍ය ශ්‍රී සුමංගල මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තවදුරටත් අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකාවේ ජන කොටස්‌ අතර මනා සංහිඳියාවක්‌ පවතින බැවින් අමුතු ආකාරයේ සංහිඳියාවක්‌ අවශ්‍ය නොවන බවත් මහ කොමසාරිස්‌වරයාට දන්වා සිටියහ.

යුද්ධය පැවැති අවුරුදු 30 ක කාලයේදී මේ රටේ සියලු ජන කොටස්‌, පීඩාවට පත්වූ බව පෙන්වා දුන් මල්වතු මහානාහිමියෝ යුද්ධය අවසන්ව අවුරුදු දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ තුළදී සියලු ප්‍රශ්න විසඳීමට පුළුවන්කමක්‌ නොමැති බවද තවත් කෙටි කාලයක්‌ ඒ සඳහා අවශ්‍ය බවද පෙන්වා දුන්නහ.

වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ පාලනයෙහිදී මෙරට සියලු ජාතීන්ට නිදහසේ කටයුතු කිරීමට අවකාශ ලැබී තිබෙන අතර තමා ඝාතනය කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදියකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස ලබාදුන් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. 

මානව හිමිකම් කොමසාරිස්‌වරයා අස්‌ගිරි මහානාහිමි ගලගම ශ්‍රී අත්ථදස්‌සි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්‌ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවසර නොදීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීහු කටයුතු කළහ.

එහෙත් පසුව මාධ්‍යයට කරුණු දැක්‌වූ අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ යුද සමයේ කිසිදු සිද්ධියක්‌ සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශීය මැදිහත් වීමක්‌ අවශ්‍ය නොවන බවත් දේශීය යාන්ත්‍රණයකින් එම කාර්යය ඉටුකළ හැකි බව අල් හුසේන් කුමරුට දන්වා සිටි බව මාධ්‍යයට පැවසූහ. 

ජගත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා පසුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු පාර්ශ්ව සමඟ කළ සාකච්ඡා ඇතුළත් කරුණු මාධ්‍යයට අනාවරණය කරන බව පැවසීය. දියවඩන නිලමේ නිලංග දැල මහතා විසින් හුසේන් කුමරු පිළිගන්නා ලදී.

සිරිල් විමලසුරේන්ද්‍ර 
http://www.divaina.com/2016/02/09/news06.html

Monday, February 8, 2016

යසීර් ඇතුළු හරින්ගේ ගෝලයෝ සිංහලේ ස්ටිකර් ගැසූ ත්‍රීවිලර් රියදුරෙකුට පහරදෙති. පොලිසිය නිහඬයි. යහපාලන නීති බොදුනුවන්ට පමණයි.

badulla_attackබදුල්ලේ සිංහලේ ස්ටිකර් ගැසූ ත්‍රීවිලර් රියදුරෙකුට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආදාරකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ තේ පානය සදහා මෙම තරුණයා තවත් තරුණයකු සමග අසල තිබු කඩයකට ගිය අවස්ථාවේදීයි.

බදුල්ල පුද්ගලික බස් නැවතුම්පලේ වෙලාසටහන්කරුවකු ලෙස සැලකෙන යසීර් නමැති කප්පම් කරුවකු සහ තවත් කිහිපදෙනෙකු මෙම පහරදීම සිදුකල බවයි colombotoday.com වෙත අදහස් දැක්වූ පහරකෑමට ලක්වූ තරුණයා ප්‍රකාශ කර සිටියේ.

රෝහල්ගතකර ප්‍රතිකාර ලබන පහරකෑමට ලක්වූ තරුණයාගෙන් තවමත් ප්‍රකාශයක්වත් සටහන් කරගැනීමට පොලිසිය කටයුතු කර නොමැති අතර දේශපාලන බලවතාගේ කීමට පොලීසිය රාජකාරී පැහැර හරින බවයි ප්‍රදේශවාසීන් සදහන් කලේ.

Colombo Today, දිනේෂ් ආටිගල – බදුල්ල

සබැඳි ලිපි -
[

බොදුනුවන්ට එරෙහිව තිතට ක්‍රියාත්මක වන යහපාලන නීතිය! කළුතර බෝ සමිඳු අභියස නීති විරෝධී රැස්‌වීමක්‌ පැවැත්වූවැයි භික්‍ෂු පිරිසකට නීති ක්‍රියාhttp://denethharinna.blogspot.com/2016/02/blog-post_81.html
දේශපාලකයෝ බලය උදෙසා කෑමොර දෙන විට මා අරගල කළේ සිංහලයා අවදි කොට එකම රට බේරා ගැනීමටයි. හිරගෙදර සිට ඥානසාර හිමි එවූ ලිපියhttp://denethharinna.blogspot.com/2016/02/blog-post_28.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
ලංකාවේ නීතිය මුසලුවන්ට අවලන්ංගුද? බලපත් නැති 17වියැති මුසලුවා නිදහස්! හෙල්මට්‌ නැතිව ඇල්ලුවාට මුතූර් උද්ඝෝෂණ. ලංගම බසයද වනසතිhttp://denethharinna.blogspot.com/2015/11/17.html
බුද්ධාගමට අපහාස කරන්න, අන්තවාදය වපුරන්න අරාබියෙන් කෝටි ගණන් සල්ලි ලැබෙනවා – අසාද් සාලි මෙතෙක් නොකී රහසක් හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_55.html
අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_30.html
"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!
]

විගීගේ අඩි 10යේ සහජීවනය උතුරයි! “මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු… භික්ෂූන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වනු“ – විග්නේෂ්වරන්ගෙන් වන්නි පොලිසියට නියෝග

vigneshvaran mulative 256565







මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි මුහුදුබඩ පත්තුව සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින සම්බෝධි විහාරයේ කටයුතු නවතා දමා එහි විහාරාධිපති හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් වන්නි දිස්ත්‍රික් පොලිස්පති වරයාට දන්වා තිබෙනවා.

උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් වන්නි දිස්ත්‍රික් පොලිස්පතිවරයාට යොමු කර ඇති ලිපිය උපුටා දක්වමින් දමිළ මාධ්‍ය වෙබ් අඩවි මේ බව වාර්තා කර ඇත.

“දෙමළ ජනතාවට අයත් ඉඩම් හා ප්‍රදේශ සියල්ල ආක්‍රමණය කර ඇති අවස්ථාවකදී, කෝකිලායි ප්‍රදේශයේ තිරුඥානසම්බන්ධන් මනිවන්නන් යන පුද්ගලයාට අයත් ඉඩම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් විහාරස්ථානයක් ඉදිකිරීමට නීති විරෝධී ලෙස ආක්‍රමණය කර ඇත. එම ඉඩම වෙනුවට අදාල පුද්ගලයාට වෙනත් ඉඩමක් ලබා දීමට සහකාර ප්‍රදේශීය ලේකම්වරයා විසින් උත්සහා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පල කරන අතර අදාල ඉඩම් හිමියාට සාධාරණයක් ඉටුකර දෙන අන්දමින්, එම ඉඩම නැවත ඔහුට රැගෙන දීම සඳහා මෙම කරුණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීති විරෝධීව කටයුතු කර ඇති බෞද්ධ භික්ෂූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටිමි” යනුවෙන් එම ලිපියේ සදහන් කර ඇත.

මුලතිව් සම්බෝධි විහාරයේ සිද්ධිය

ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සහිතව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සිද්ධස්ථානයක් ලෙස මෙම විහාරස්ථානය ඉදිකෙරෙමින් පවතින්නේ පැරණි කෝකිලායි රජයේ සිංහල විද්‍යාලය තිබූ භූමියේයි. යුධ ගැටුම් හේතුවෙන් කෝකිලායි සිංහල විද්‍යාලය විනාශයට පත්ව ඇති අතර එම භූමියේ කෝකිලායි සිංහල ගම් වැසියන්ගේ ආගමික කටයුතු සදහා මෙම විහාරස්ථානය ඉදිකිරීම් කටයුතු අරඹා ඇත්තේ 2010 වසරේදීයි. පසුව වෙනත් පුද්ගලයෙකු විසින් අදාල ඉඩමට අයිතිවාසිකම් කීම නිසා මෙම ගැටළුකාරී තත්ත්වය ඇතිව තිබෙන අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී උතුරු පාළාත් සභාවේ ඉඩම් අමාත්‍ය ටී.රවිහරන් විසින් විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඉඩම අදාල පුද්ගලයාට ලබා දෙන ලෙස කිහිප අවස්ථාවකදී විහාරස්ථානයට පැමිණ තර්ජනය කළ බව මීට පෙර වාර්තා විය.

කෙසේ නමුත් අදාල රජයේ ඉඩමට අයිතිවාසිකම් කියන පුද්ගලයාට වෙනත් ඉඩමක් ලබා දී විහාරස්ථානයේ කටයුතු පවත්වාගෙන යෑමට අදාල ප්‍රාදේශීය බලධාරීන් තීරණය කර ඇත. එහෙත් ගැටළුව එලෙස සමථයකට පත් කරගැනී සදහා ඉඩමට අයිතිවාසිකම් කියන පුද්ගලයා මුලින් කැමැත්ත පළකරත් එම තීරණයට එරෙහිව ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් එම පුද්ගලයාව මෙහෙයවමින් සිටින බවයි දැන ගැන්මට ලැබෙන්නේ.

‍මෙලෙස මුලතිව් කෝකිලායි විහාරයට එරෙහිව කතෝලික භක්තිකයෙකු වන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ටී.රවිකරන්ව මෙහෙයවන්නේ මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් සහ ද්‍රවිඩ පුවත්පතක මාධ්‍යවේදියෙකු විසින් බව Colombotoday වෙත වැඩිදුරටත් අනාවරණය වී තිබෙන අතර මුලතිව් විහාරය ඉදි කිරීමට ඉඩ දුන්නොත් තවත් බෞද්ධ විහාරස්ථාන උතුරේ ඉදිවනු ඇති බැවින් කෙසේ හෝ මෙම විහාරය ඉවත් කළ යුතු බවට ඔවුන්ගේ අදහස වී තිබේ.

උතුරේ ආගමික සංහිදියාවට රායප්පු ජෝශප්ලා මෙසේ බාල්දි පෙරළද්දී මුලතිව් සම්බෝධි විහාරය හා විහාරධිපති හිමියන් වෙනුවෙන් පෙරමුණ ගෙන පෙනී සිටින්නේද කෝකිලායි හී කතෝලික ධීවර ජනතාව බවද විශේෂයෙන් සදහන් කළ යුතුය.

රජයට අයත් ඉඩමකට පුද්ගලයෙකු අයිතිවාසිකම් කිමේ නීතිමය පසුබිම කුමක්ද? පසුගිය යුධ ගැටුම් සමයේ ඇතිවූ තත්වයත් සමග උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම් සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් පවතින බවද සැබෑවකි. එවැනි සංකීර්ණ පසුබිමක ආගමික හා ජාතික සමගිය සම්බන්ධයෙන්ද සංවේදීව බලපාන මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරනවා වෙනුවට පුද්ගයෙකුට අදාල ගැටළුවක් සමස්ථ දෙමළ ජනතාවගේම ගැටළුවක් කරගනිමින් ජාතිවාදී ලෙස උතුරේ මහ ඇමතිවරයා රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම පිළිකුල් සහගතය.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් සතුට පළකරමින් විග්නේෂ්වරන් පැවසුවේ සිංහල ජනතාව සහජීවනය වෙනුවෙන් එක අඩියක් තබනවානම් දෙමළ ජනතාව සමග තමන් අඩි දහයක් ඉදිරියට තැබීමට සූදානම් බවයි. සැබෑ ලෙසම සාමය සහජීවනය ගොඩ නැගුණේ දැන් යැයි පවසමින් රජයේ මාධ්‍ය හා දකුණේ දේශපාලකයින් එම ප්‍රකාශය උත්කර්ශයට නගනවා දක්නට ලැබිණි. එහෙත් ප්‍රකාශ ප්‍රකාශවලට පමණක් සීමා කරමින් සහජීවනය වෙනුවෙන් දිගු කළ දෑත මෙලෙස හපා කන විග්නේෂ්වරන්ලා වැනි තක්කඩි ජාතිවාදීන් සමග සැබෑ සහජීවනයක්, සංහිදියාවක් ගොඩනගන්නේ කෙසේද?

සංහිදියාවේ නාමයෙන් රටේ පැවැත්මට හානි වන ජාතිවාදී අන්තවාදී ඉල්ලීම් සදාචාරාත්මක සහ නීතිමය සීමාවන් ඉක්මවමින් එක් ජන වර්ගයකට පමණක් හිමිකර දී මේ රටේ බහුතරය නියෝජනය කරන ජනතාවගේ ජාතික ආගමික අයිතිවාසිකම් සංහාරයට කිරීමට ඉඩ දී සැබෑ සංහිදියාවක් ගොඩනගන්නේ කෙසේදැයි තම රජයේ ප්‍රමුඛතම කාර්යය“ජාතික සංහිදියාව ගොඩනැගීම“ යැයි කියන යහපාලන බලධාරීන්ගෙන් අප විමසා සිටින්නෙමු.

Colombo Today

පුතු මියගියා, ලේලිය පිටවෙලා ගියා, මම මිනිබිරිය සුරකිමි-දුක හිසේ තියා | මිනිබිරියගේ ලොව එළිය කරන්න අත්තම්මාට පිහිට වෙමු!

අකාලයේ මියගිය තම පුතාගේ 11 හැවිරිදි දියණිය කිසිවෙකුගේ හව්හරණක්‌ නොමැතිව රැක බලාගෙන ජීවත්වන 73 හැවිරිදි මාතාවක්‌ ගැන පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨසයේ මනන්වත්ත තල්වත්ත අංක 8 ගමෙන් වාර්තාවේ. නමින් ඇය ටී. ජී. ජී. උක්‌කුඅම්මාය. ඇය අප සමඟ මෙසේ පැවැසුවාය.

මගේ සැමියා මීට වසර 20 ට පමණ පෙර මියගියා. මට දරුවෝ පස්‌ දෙදෙනක්‌ හිටියා. දියණියන් 3 යි, පුතුන් දෙදෙනායි. මීට වසර දෙකකට පමණ පෙර මගේ පුතෙක්‌ අකාලයේ මියගියා. ඔහුට දියණියක්‌ හා පුතෙක්‌ ඉන්නවා. පුතා මැල්සිරිපුර ප්‍රදේශයේ ඥාතියෙකු ළඟ ඉන්නවා. 11 හැවිරිදි දුව ජීවත්වෙන්නෙ මා ළඟයි. මේ දැරිය කිරිබොන වයසේදී ඇගේ අම්මා දාලා ගියා. එදා පටන් රැකබලාගෙන පෝෂණය කරන්නේ මමයි.

අනේ මහත්තයෝ අපි බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නේ. අපේ දරුවොත් දුප්පත්. ඔවුන්ටත් අපිට උදව් කරන්න බෑ. අපි දෙන්න ජීවත් වෙන්නේ මට රජයෙන් ලැබෙන පිං පඩියෙන්. ඒ රුපියල් 2000/ ක්‌ හා සමෘද්ධී දීමනාව 1000/ වශයෙන්. කලින් සමෘද්ධි දීමනාව රුපියල් 2500/ ක්‌ දුක්‌නා. දැන් ඒකෙන් 1500/ අඩුකරලා හේතුව දන්නේ නෑ. ඔක්‌කොම වෙන්නේ දුප්පත් අපටමයි.

<--- ටී. ජී. උක්‌කු අම්මා සිය මිනිපිරිය සමඟ නිවස ඉදිරිපිටදී

මගේ මිනිපිරියගේ නම එච්. ජී. ශිරෝමි ප්‍රියදර්ශනී රාජපක්‍ෂ. ඇය අධ්‍යාපනය ලබන්නේ සියඹලාගහවෙල කනිටු විදුහලේ 7 ශ්‍රේණියේ. ඇයගේ සියලු වියදම් හා මගේ අසනීපවලට වැය කරන්නේ මට ලැබෙන ආධාර මුදල්. ඉඳහිට දරුවනුත් උදව් කරනවා. ඒ අයත් ජීවත්වෙන්නේ කුලී වැඩ කරලා. ඔවුන්ට කළ හැක්‌කේ අපට ආදරය හා අනුකම්පාව දැක්‌වීම පමණයි. කවුරු හරි මගේ මිනිපිරියගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කළොත් ලොකු පිනක්‌.

අපි දෙන්නා. ජීවත්වෙන නිවසේ වහළයේ ටකරන් හා පොල් අතු දිරලා. වැසි දිනවලට තෙමෙනවා. රජයේ නිවාස වැඩසටහන යටතේ ගේ හදා ගැනීමට රුපියල් විසිදාහක්‌ දුන්නා. ඒකෙන් කොන්ක්‍රීට්‌ ගල්, වැලි, සිමෙන්ති, කලුගල් ගෙනැවිත් දමා තිබෙනවා" යෑයි පැවැසුවාය.

ඔබටත් මේ අසරණ මාතාවට උපකාරයක්‌ කළ හැකි නම් ලොකු පිනක්‌. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ මහලු මාතාව හා මිනිපිරිය තමන් ජීවත්වන නිවස ඉදිරිපිට සිටින ආකාරයයි. මේ මාතාවගේ බැංකු ගිණුම් අංකය 241-2-001-6-0009721 මහජන බැංකුව පල්ලේපොලය. මේ අසරණයින් ගැන වැඩි විස්‌තර දුරකථන අංක 072-1598493 දුරකථන අංකය ඔස්‌සේ දැනගත හැකිය. 

ගලේවෙල විශේෂ
http://www.divaina.com/2016/02/08/news18.html

ඉන්දියානු ශ්‍රමය ලාබ නමුත් තත්වයද ලාබ බව මුළු ලෝකයම දනී! අපට අළුත් බලාපොරොත්තු ඇත. මාස කිහිපයකින් අපි නුඹලා වැඩකරන ආයතනයේදී ඔබට ඉහලින් මුන ගැසෙන්නෙමු!

මම සුන්දරරාජ් මෝහන් වෙමි. මම ඉපදුනේත් හැදීවැඩුනේත් දැන් ජීවත්වන්නේත් ඉන්දියාවේය. අනාගතය කුමක්වේවිදැයි අපි කාටවත් කිව නොහැකිය. නමුත් අතීතය හා වර්තමානය දන්නා නිසා ඒ ගැන මදක් පවසමි. මා ඉපදුනේ ඉන්දියාවේ කේරලේ ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලකට දාවය. මගේ පියා ගුරුවරයෙකුවූ අතර මව ගෘහනියක වී නිවසේ වැඩකටයුතු කලාය. මගේ පියා ගුරුවරයෙකුවූ බැවින් මමදකුඩාකල සිටම ඒ පරිසරයේ හැදීවැඩෙමින් අධ්‍යාපන කටයුතු කලෙමි. නිදහස් අධ්‍යාපනයක් නොමැති ඉන්දියාවේ බොහෝවිට අප ඉගනගතයුතු වුයේ මුදල් වියදම් කරගෙන නිසා මම පියා වියදම් කළ මුදලට හැකි පමණ ඉගන ගතිමි. අවසානයේ බැංගලෝර් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලදිමි. දෙමාපියන් ජීවිත කාලයක් ඉතිරිකල මුදල් මම සකසුරුවම් ලෙස වියදම් කරගෙන විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විශයයයෙන් මාගේ උසස් අධ්‍යාපනය කලෙමි.

ඉන්දියාව ඔබ සිතනා තරම් දියුණු රටක් නොවේ. අපි ඉගන ගන්නා සමයේ අපට ඉන්ටනෙට් තිබුනේ නැත. පාවිච්චි කිරීමට අළුත් විශයානුබද්ධ කරුණු ඇති පෙළපොත් තිබුනේ නැත. තාත්තාගේ මුදල් මම බොහොම අරපිරිමැස්මෙන් භාවිතා කල නිසා මම කෑම අඩුවෙන් ගතිමි. සන්තකයටම තිබු ඩෙනිමි කලිසම් දෙකත් කමිස දෙක තුනත් මමම සෝදා ගත් නිසා ලොන්ඩරියට වියදම් කලයුතු මුදලත් මට ඉතිරිවිය. මගේ දහඩිය ගඳ මට ප්‍රශ්නයක් නොවුනද අනිත් අයද මා මෙන්ම මධ්‍යම පාන්තිකයන් බැවින් මගේ ක්‍රමයම අනුගමනය කළ නිසා ඔවුන්ගේ දහඩිය ගඳද මට හොඳින් හුරුවිය.

තෙවසරක් අවසානයේ මම බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කලෙමි. ඉන්පසු මගේ හිස මත බොහෝ බර පැටවී තිබුණි. මගේ දෙමාපියන් පෝෂණය කලයුත්තේ මවිසිනි. මෙතෙක් කලක් ඔවුන් මගේ සියළු පිරිවැය දැරූ නමුත් දැන් මා ඔවුන්ගේ පිරිවැය දැරිය යුතු සමය පැමිණ තිබේ.

ඉන්දියාවේ බොහොමයක් ඇමරිකානු සමාගම් වල උප සමාගම් තිබේ. සිලිකන් වැලි එකද අපට ඇති මහඟු සම්පතකි. අප විශ්ව විද්‍යාලයේ ඉහල පන්තියේ සාමාර්ථ ලබාගත් බොහොමයක් දෙනා ඒ ආයතන වල වැඩ ආරම්භ කළහ. තවත් වියදම් කිරීමට සල්ලි ඇති පිරිස් ඇමරිකාව සිංගප්පූරුව ඕස්ට්‍රේලියාව ආදී රටවලට සංක්‍රමණය වූහ. මට ඇත්තේ පහල සාමාර්ථයක් වුවත් මමත් ඒ හැම එකකටම ඉල්ලුම්පත් දැමුවෙමි. බොහෝ අයදුම් පත්වලට කිසිම ප්‍රතිචාරයක් නොලැබුනු අතර සම්මුඛ පරීක්ෂන සඳහා කතා කල බොහෝ ආයතන වලට ඇතුලත්වීමට මගේ දැනුම මදිවිය. නැවතත් තාත්තාගෙන් මුදල් ඉල්ලාගෙන තුන්මසක් මුළුල්ලේ සම්මුඛ පරීක්ෂණ වලට මගේ කාළය යෙදවීමි. සම්මුඛ පරීක්ෂණ සියයක් පමණ අවසානයේ දී කිසිවෙකු මට රැකියාවක් ලබා දුන්නේ නැත. බොහෝ ආයතන වල පිරවීමට තරම් පුරප්පාඩු නැතිබව මම වටහා ගතිමි.

අවසානයේ මා මෙන්ම අසරණවූ මගේ විශ්ව විද්‍යාලයේ මිතුරන් හතරදෙනෙක් සමග මම ඩේටුඩේසොෆ්ට් මෘදුකාංග ආයතනය පිහිටවූයෙමි. එවිට අපේ ජීවිත වල පරමාදර්ශී චරිත වූයේ බිල්ගේට්ස් සහ ස්ටීව් ජොබ්ස්ය. ඔවුන්ද අපියන මගම ගත් නිසා අපට මෙලෙසින්ම ගොඩයාගත හැකි යයි සිතුවිල්ලක් පහල වී තිබුණි.

හරිහමන් කාර්යාලයක් නොතිබුණු අප ආයතනය ආරම්භ කලේ මිතුරෙකුගේ බෝඩිම තුළ දීය. ඉන්පසු අප මුහුණ දුන් ප්‍රධාන කාරණාව වූයේ සේවාදායකයින් සොයාගැනීමයි. මසකට පමණ පසු තවත් මිතුරෙකුගේ පියෙකුගේ මාර්ගයෙන් කුඩා කඩයක බිල් මුද්‍රනය කරන මෘදුකාංගයක් සෑදීමට ඇනවුමක් ලැබුණි. ඒ ඉන්දියානු රුපියල් දසදහසකටය. එදා අපි කෙතරම් ප්‍රීති වීදැයි අදවනතුරුත් අපි නොදනිමු. මසක් තුල ඉවර කිරීමට භාරගත් ඒ ඇනවුම අවසානයේ මාස දෙකකට පසු අවසන් කර භාර දීමට යාමේදී, අප මුහුණ පෑ ඉරණමටම මුහුණ දුන් තරුණයන්  පිරිසක් එක්ව ආරම්භකල එව්රිඩේසොෆ්ට් ආයතනය එම ඇනවුමම ඉන්දියානු රුපියල් අටදහසකට නිමකර අපට කලින් බාරදී තිබුණි.

ගිවිසුම් ගැන කිසිම අවබෝධයක් නැති අපි එම ඇනවුම මාසයක් ඇතුලත භාරදුන්නා නම් එව්රිඩේසොෆ්ට් ලාට වැඩය ලබා නොදෙන බව කඩයේ අයිතිකාරයා අපත් සමග පැවසුවා මතකය. මෘදුකාංග ඉඩ්ලි හදනවා මෙන් පහසු නැති බව අප පැවසූවිට එය එව්රිඩේසොෆ්ට් ලා කලේ කෙසේදැයි කඩ අයිතිකාරයා පැවසූවිට අපට දීමට උත්තර තිබුනේ නැත.

කෙසේ නමුත් ඒ කඩයේ අයිතිකාරයාගේ මිතුරෙකුගේ කඩයට අපගේ මෘදුකාංගය ඇතුලත් කල හැකිවිය. ඒ ඉන්දියානු රුපියල් හත්දහස් පන්සියයකටය. මසකට පසුව එම මෘදුකාංගයේ වෙනසක් සිදුකල යුතුයයි සේවාදායකයා පැවසූවිට අප එයට ඉන්දියානු රුපියල් හාරදහසක් ඉල්ලුවෙමු. අවසානයේ ඒ වෙළදාම අවසන්වූයේ අපගේ මෘදුකාංගය එම ආයතනයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය.

පසුව නැවතත් අපට සේවා දායකයෙකු මුණ ගැසිනි. ඉන්දියානු රුපියල් නවදහසකට අලෙවිවූ ඒ මෘදුකාංගයේ ලාබ බෙදාගැනීමෙන් පසු ආයතනයේ සියළු දෙනා තම තමන්ගේ පුද්ගලික අභිමතාර්ත උදෙසා වැඩකළහ. සේවා දායකයා තුන්මසක් ඇවෑමෙන් තමාගේ පළමුවෙනස්කම ඉල්ලනවිට ඩේටුඩේසොෆ්ට් ආයතනය ඈවර කොට මාස දෙකක් විය.

බොහෝ දෙනා පවසන පරිදි මේ ඉන්දියානු මෘදුකාංග නිෂ්පාදනයේ කඩා වැටීමේ සාධකයි. මෙවැනි කුඩුකේඩුකම් මෙන්ම අපගේ දුර්ගුණ නිසාම බොහෝ රටවල් ඉන්දියානුවෝ වැඩකට නැති අය යයි කොන් කළහ. නමුත් ජනගහනය වැඩි නිසාත් ඕනෑම අඩුපඩියකට වැඩ කිරීමට හැකි නිසාත් හැම රටකම ඉන්දියානු ජනගහනය සීග්‍රයෙන් වැඩිවිය.

 මේ මාගේ අතීත කතාවයි. දැන්වර්තමානයට පැමිණෙමු.

ඉන්දියාව විශාල රාජ්‍යයක් බව මම දැන සිටියෙමි. ශ්‍රීලංකාව ගැන මා හොදින්ම දන්නේ ඔවුන් ක්‍රිකට් ගසනා බැවිනි. ඔවුන් අපට හොදින්ම දැනෙන්නේ ඉන්දියාවට එරෙහිය ජයක් වාර්තා කලවිටය. තෙන්දුල්කාර්ලාට අපි සදා ආදරේ අතර ජයසූරියලාට අපි සදා වෛර කරන්නෙමු. මොනවා වුවත් අයි පී එල් ඇතිවිට මේ සියළු දෙනාම ඉන්දියාවට යටය.

තවත් මා දන්නේ අපේ රාමා හනුමන් දෙවියන් සමග ගොස් රාවනා සිරකරගෙන සිටි සීතාව නැවත ගෙන ආ බවයි.

ඉන්දියානුවන් බොහෝමයක් පවසන පරිදි ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයකි. අපේ විජය කුමාරයා ලංකාවේ ජනාවාස ඇතිකල බව අදටත් ලාංකිකයන් විස්වාස කරති. අපි අදහන්නේ නැතත් ඉන්දියාවේ නිර්මාණයක් වූ බුද්ධාගමද ඔවුන් අදහති. ඔවුන් අදටත් කරන කියනා බොහෝ දෑ එහෙට රැගෙන ගියේ ඉන්දියාවෙන් බව ඔවුන් පවසති.

මෙහේ චිත්‍රපටි නළු නිලියෝ මෙහෙටත් වඩා ප්‍රසිද්ධ ලංකාවේය. මෙහෙ නාට්‍යයක හාල් චරිතයකටවත් ගන්නේ නැති නිළියන් ලංකාවේ බොහෝ ජනප්‍රියය. ඉන්දියාවෙන් මෙපිට සංගීත ප්‍රසංගයක ගී නොකී ගායකයෝ තමන්ගේ ඉන්ටනැෂනල් ලෙවල් එක පෙන්නන්නේ ලංකාවේය. අපි නොබලන නාට්‍යය බොහොමයක් ලංකාවේ හඩකවා පෙන්නනවා යයි මගේ මිතුරෙකු පැවසුවා මට මතකය.

පුවත්පතක ලංකාව ගැන තිබූ තීරු ලිපියක අඩංගුව තිබුනේ ලංකාව ඉන්දියාව තමන්ගේ ලොකු අයියා ලෙස සළකනවා කියාය. ඉතින් ලොකු අයියා කියන ඕනෙ එකක් මල්ලී කරන්න සූදානම් විය යුතුය.

ඉතින් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බව මේවායින් හොදින් ඔප්පු වෙනවාය.

මේ ලඟදී නැවතත් සීපා නැමති වෙළඳ ගිවිසුම එරට කරළියට ආවේ ලංකාවේ දේශපාලන පෙරළියක් සමගය. ලංකාවේ නායකයෝ නැවතත් ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වන්නට පටන් ගත්තෝය. මුලින් කිසි දෙයක් අපට විස්වාසයක් නැතත් පසුව ලොකු අයියාගේ ඉල්ලීම් මල්ලි පිළිගන්නා බවක් පෙනෙන්නට තිබෙන බව පත්තර වලින් මම දුටුවෙමි.

සීපා ගිවිසුමෙන් පළමුවෙන්ම රටවල් අතර හුවමාරුවීමට යන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බව දැනගත් මම බොහෝ සතුටු වීමි. ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉතා ඉහල මට්ටමක පවතින බවත් එය එරට දළ දේශීය නිෂ්පාදනයේ පස්වන තැන ගන්නාබවත් මම දැන සිටියෙමි.

අපගේ කුඩුකේඩුකම් දන්නා බොහෝ ලාංකික පරිගණක ඉන්ජිනේරුවෝ මේ ගිවිසුම අවලංගු කරන්නයයැයි ඉල්ලා සිටින බව මේ ගැන උනන්දුවෙන් සිටිනා මම සොයාගතිමි. ගිවිසුම බලාත්මක වුවහොත් අපට ලංකාවට ගොස් රැකියා කළ හැකිය. අපේ සල්ලි තියන ආයෝජකයන්ට එහේ මෘදුකාංග “වැඩපලවල්“ දමා අපට රැකියාව දීමට හැකිය. අපට ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇතුල්වීමට වීසා අවශ්‍යය නොවේ. ඉන්පසු ලංකාව අපට ඉන්දියානු ප්‍රාන්තයක් වෙනු ඇත.

මේ ලගඳී ලංකාවේ ඇමතිවරයෙන් කියා තිබුනේ ඇමරිකාව සමග තරඟයක් දීම සඳහා ඉන්දියාවෙන් ලංකාවට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගෙන්වන බවයි. තමන්ගේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පස්වන තැන ගන්නා වෘත්තිකයන් මේ තරම් පහත් කොට සළකන ඇමතිවරුන් සිටින රටක අපට හැකි තරම් පිණුම් ගැසිය හැක.

අනෙක ලංකාවය ඇමරිකාවට තරඟයන් දීමට අවශ්‍යය වුවත් අපට එහෙම වුවමනාවක් නැත. මන්ද යත් මුළු ඇමරිකාවේ ඇති බොහොමයක් මෘදුකාංග ආයතන වල මුල් පුටුව හොබවන්නේ ඉන්දියානුවෙක් නිසාය. සුන්දර් පිචායි යනු ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහු ඉන්දියානුවෙකි. සත්‍යා නඩල්ලා යනු මයික්‍රෝසොෆ්ට් ආයතයයේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහුද ඉන්දියානුවෙකි. ශාන්තානු නාරායන් යනු ඇඩෝබි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහුත් ඉන්දියානුවෙකි. ඉන්දියානු තොරතුරු තාක්ෂණ රැකියා විරහිත භාවයට පිළියම් ලබාදීමට මොවුනට හැකිය. නමුත් ඔවුන් ඉන්දියානුවන් බැවින් ඉන්දියානු මිනිසුන් හොඳින් හඳුනයි. එමනිසා ඉන්දියානුවන්ට එම ආයතන වල රැකියා නොලැබෙන්නේය.

ඉන්දියානුවෙකුට ඉන්දියානුවෙකු ගැන නැති හැඟිමක් ලංකාවේ ඇමතිවරයෙකුට තිබේ. එක්පසකට වාසිවන විදිහේ ඩීල් දැමිය නොහැක කියා එම ඇමතිවරයාම කියන තැනකදී එය මට නොතේරේ. මන්දයත් මෙම ගිවිසුමෙන් ලංකාවට වාසිවන තැනක් කොහේවත් මම නොදුටු නිසාය. ඇත්තෙනම මෙය ඉන්දියාව තවත් ඔසවා තබන ගිවිසුමකි.

ලෝකයේ බොහෝ රටවල මුල් පෙලේ මෘදුකාංග සමාගම් ලාභාපේක්ෂාවෙන් තමන්ගේ මෘදුකාංග සංවර්ධන කටයුතු ආරම්භ කරන්නේ ඉන්දියාවේය. ඒ අඩුමිල ශ්‍රමිකයන් එහෙන් සොයාගත හැකි නිසාය. නමුත් ඔවුන් තත්ත්වයෙන් උසස් මෘදුකාංග නිපදවයි නම් ඔවුන් තෝරා ගන්නේ ශ්‍රීලංකාවයි. ඉන්දියානු ශ්‍රමය ලාබ නමුත් තත්වයද ලාබ බව මුළු ලෝකයම දනී.

මුළු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් 99.5%ක්ම විරුද්ධවුවද ලංකාවේ අගමැති තුමාත් මෙය ක්‍රියාත්මක කරන බව පවසා ඇත. එය ඔවුන්ගේ ඉන්දියානු ගැති භාවයද අපේ අගමැතිතුමාගේ බළපෑම් කිරීමේ හැකියාවද යන්න දන්නේ භගවාන් පමණි.

ඒ අතර ඇතැම් ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් මේ පිළිබඳ කැමැත්තද පළකරති. ඒ ඉන්දියාවට ගොස් වැඩිපඩියකට තමන්ගේ සේවය සළසා දිය හැකි නිසාය. එවැනි දවල් හීන දකින එකත් සුන්දරය. මන්ද යත් එසේ පුළුවන් නම් අපේ රටේ රැකියා කරන්නේ අපි වන බැවිනි. ලංකාව යනු ඕනෑම කුණු ගොඩක් හිසේ තබාගෙන පිළිගන්නා රටක් බව මම අසා තිබේ. එසේ නම් අපට ලංකාවට ගොස් එරට ආයතන වල විධායක ශ්‍රේණියේ රැකියා කරමින් ලාංකිකයන් පාළනය කළ හැකිය.

සීපා බලාත්මක වුවහොත් මොඩිට තව බොහෝකාලයක් අපගේ අගමැති විය හැකිය. එය අපගේ ජයග්‍රහනයයි.
ලංකාවට පින් සිදුවන්නට දැන් අපට අළුත් බලාපොරොත්තු ඇත. තවත් මාස කිහිපයකින් අපි නුඹලා වැඩකරන ආයතනයේදී ඔබට ඉහලින් මුන ගැසෙන්නම්.

එතකන් “නමස්තේ“
http://achiralk.blogspot.com/