Pages

Tuesday, November 27, 2012

මොට්ටාගලින් මහා උරුමයක සාක්ෂි මතුවේ!






























[
සබැඳි ලිපි -
දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය - මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_4485.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

Monday, November 26, 2012

දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය - මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ

අම්පාරේ තවත් දාගැබක් ඩෝසර් කරලා... නැගනහිර අපේ උරුමය තව නොබෝ දිනකින්ම ඉවරයි...

  • මොට්‌ටයාගල ඉපැරණි පුදබිමට මඳක්‌ දුරින් පිහිටි විශාල ප්‍රමාණයේ ඉපැරණි දාගැබක්‌ වන මෙම දාගැබ වටා ඩෝසර් කර එම ගඩොල් හා පස්‌ බිමට සමතලා කරලා...
  • මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ තිබුණු දාගැබක්‌ මීට මාස කිහිපයකට ඉහතදී මුළුමනින්ම ඩෝසර් කර වී වගාවට බිම් සකස්‌ කලා. මෙම දාගැබද ඊට මඳක්‌ දුරින් පිහිටි එයට වඩා විශාල ප්‍රමාණයේ දාගැබක්...

මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ තවත් දාගැබක් වනසා දමා තිබේ. එය එම දාගැබ් සංකීර්ණයට අයත් විශාලම දගැබ බව පැවසේ. අදාළ සිද්ධිය සම්බන්ඳයෙන් අපි අක්කරෙයිපත්තුවේ සිංහල සංවිධානයෙන් තොරතුරු විමසුවෙමු. එහි සභාපති එච්. සමන් මහතාට අනුව සිදුවී ඇත්තේ අහස පොළොව නුහුලන මහා අපරාධයකි. මහා විනාශයකි. විසල් මහචේතිය මධ්‍යයෙන් යැවුනු ඩෝසරයෙන් චේතිය දෙබෑ වී ගොසිනි. විසල් දාගැබ මැද මහ විවරයකි. කැළණි මහ චේතිය වැනි වූ, මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ මෙසේ දෙබෑ වී තිබේ. අහෝ අපේ උරුමය ඇස් පනාපිටම වැනසෙන අයුරු ඉතාම ඛේදනීයය. මහ යුධ ගැටුම් මැද නිරුපද්‍රිතව වැඩසිටි චෛත්‍ය රජයාණෝ දෙපලුව ගොසිනි. සිහල දාබිඳු, කඳුලු, රුධිරය මත වසර ගණනක් තිස්සේ ගොඩනැගුනු බොදු උරුමය දිනකින් සුන්නද්දූලි වී ඇත. 

යුධ මැද, පෙදෙස් හැර ගිය සිහල දනන් නිසා මේ අසමසම උරුමය රැකුමට කිසිවෙකුත් එම ප්‍රදේශයේ නොමැති බැව් සමන් මහතා අප සමඟ පැවසීය. ත්‍රස්තයන් වනසා හෙළ විරුදරුවන් මේ පින්බිම බිම දිවිපුදා බේරගත්තේ මෙවන් නු-උහුලන අපරාධ සිදු නොවීමට බැව් සියල් සතහට අපි මතක් කරදෙමු.  

පුරාවිදු බලධරයනි, දිවයිනේ සිදුවන අවසන් ඩෝසර් වූ දාගැබ මෙය වීමට වගබලාගැනුම ඔබේ යුතුකමයි. වගකීමයි. පාලකයිනි, අසිංහල අන්තවාදීන් වනසන අවසන් බොදු පුද බිම මේ වන බවට වගබලාගැනුම ඔබේ උරමත වැටුනු මහා වගකීමයි. 

ආශ්‍රිත ලිපි - 

[
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

සේයාරූ උපුටාගැනුම - දිවයින සහ බොදු බල සේනා ජාලය
_______________________________________________

මේ සම්බන්ධයෙන් වන දිවයින ලිපිය - 
අම්පාරේ ඉපැරණි දාගැබක්‌ ඩෝසර් කර නිධන් සෙවූ 7ක්‌ දැලේ

අම්පාර තිරුක්‌කෝවිල් පොලිස්‌ බල ප්‍රදේශයේ ඌරකිතයි ප්‍රදේශයේ ඉපැරණි දාගැබක්‌ ඩෝසර් කර නිධන් හාරමින් සිටි ද්‍රවිඩ ජාතිකයන් 07 දෙනකු ඊයේ (25 වැනිදා) සවස එම ඩෝසර් යන්ත්‍රය සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. එක්‌තරා ජාත්‍යන්තර ස්‌වෙච්ඡා සංවිධානයකට අනුබද්ධව අම්පාර කාර්යාලයක සේවය කරන අයෙකුද සිටිති.

මොට්‌ටයාගල ඉපැරණි පුදබිමට මඳක්‌ දුරින් පිහිටි විශාල ප්‍රමාණයේ ඉපැරණි දාගැබක්‌ වන මෙම දාගැබ වටා ඩෝසර් කර එම ගඩොල් හා පස්‌ බිමට සමතලා කර තිබේ. ඉන් පසු දාගැබ ගර්භයේ මැද කොටස දෙකට වෙන්වෙනසේ ගැඹුරට හාරා නිධන් සොයා තිබේ. මෙලෙස මෙම ඉපැරණි ගර්භය හෑරීමේදී පැරණි මැටි භාජන කිහිපයක්‌ ඇතුළු පුරාවස්‌තු රැසක්‌ද හමුව තිබේ.

මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ තිබුණු දාගැබක්‌ මීට මාස කිහිපයකට ඉහතදී මුළුමනින්ම ඩෝසර් කර වී වගාවට බිම් සකස්‌ කර තිබිණි. මෙම දාගැබද ඊට මඳක්‌ දුරින් පිහිටි එයට වඩා විශාල ප්‍රමාණයේ දාගැබකි. සැකකරුවන් 07 දෙනා සමඟ යතුරු පැදියක්‌ හා ඩෝසර් යන්ත්‍රයක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර පොලිස්‌ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක්‌ මත අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස්‌ මත අක්‌කරපත්තුව සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් තිරුක්‌කෝවිල් පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. චමින්ද තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් හා අම්පාර පුරාවිද්‍යා පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මරක්කලයින්ගේ ඔත්තු නිසා සුද්දන්ට අසු වූ, තුන් සිංහලයේ ශ්‍රේෂ්ඨත්වය මතුකළ වීර මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ

මීට පුරා වසර 192 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේ අනුස්‌මරණය කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක්‌ වේ.

එනම් ක්‍රි.ව. 1818 ක්‌වූ නොවැම්බර් මස 26 වැනි දින ලක්‌දිව කන්ද උඩරට බෝගම්බර නම්වූ ස්‌ථානයේ දී රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ නම්වූ අභීත සිංහලයෙක්‌ වධකයා ඉදිරියේ තම බෙල්ල දංගෙඩිය මත තබන අවස්‌ථාවේදී මාරයාට අභියෝග කොට වරක්‌ මරු පරදවා දෙවැනුව මරණයට පත්විය.

එක්‌ කඩු පහරකින් බෙල්ල ගසා දැමීමට වධකයාට නොහැකිවූ කල්හි උණු ලේ ධාරාවක්‌ පපු පෙදෙසින් රූරා වැටෙන විට මෙම වීරයා වධකයා දෙසට තම දෙනෙත් හෙළා "බල බෙල්ලේ මෙතැනට ගසවයි" කියා තම දඹරැඟිල්ල දිගු කොට කඩු පහර එල්ල කළ යුතු නියම ස්‌ථානය පෙන්විය.

"අන්‍ය ජාතියකට යටත්ව, නිවටව, නියාලුව, ජීවත්වීමට වඩා ජාතික නිදහස උදෙසා ඔවුන් සමග යුද වැද අන්තිමේදී නොවහල් මිනිසෙකු වශයෙන් කඩුවට ගෙල දී ජාතිය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්නට ලැබීම මට මහත් සතුටකි".

වර්ෂ 1818 පෙබරවාරි 21 වැනිදා වන විට කන්ද උඩරට පුරාම "මාර්ෂල් ලෝ" නම් වූ යුද්ධ නීතිය පනවනු ලැබීය, මෙතැන් පටන් ඉංග්‍රීසි භටයෝ ඉතා සාහසික අයුරින් කන්ද උඩරට ගම් නියම්ගම් ගිනි තබන්නටත්, වස්‌තුව කොල්ලකන්නටත්, මිනිසුන් ඝාතනය කරන්නටත්, ස්‌ත්‍රීන් දූෂණය කරන්නටත් පටන් ගත්හ. මෙයින් මහත් බියට පත්වූ ගම්මු තම පවුල් පිටින්ම කැලෑ වැදුණාහ.

එනමුත් තවදුරටත් සිංහලයෝ තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව පරසතුරාගෙන් රට දැය මුදාගනු වස්‌ කැරලි ගසන්නට වූහ. කැප්පෙටිපොළ මහ නිලමේගේ අදහස වූයේ සබරගමුව, ඌව වෙල්ලස්‌ස, බිම්තැන්න, මාතලේ, සත්කෝරළය, සතර කෝරළය, තුන් කෝරළය ද වටා කැරලිකරුවන් මෙහෙයවා මහනුවර මුළුමනින්ම වට කිරීමය.

මේ වනවිට හෙතෙම ඌව වෙල්ලස්‌ස, බින්තැන්න, මාතලේ හා සත් කෝරළයට ද ඉතා සාර්ථක ලෙස කැරලිකරුවන් මෙහෙයවා සතර කෝරළය දෙසට ළඟා වෙමින් සිටියේය. ඔහුට තව ඉතිරිවී තිබුණේ සතර කෝරළය පසු කොට තුන් කෝරළයට වට කිරීම පමණි. මෙමගින් ඉංගී්‍රසීන් මහත් වූ අපහසුතාවට මුහුණපා සිටි නමුත් මොල්ලිගොඩ අදිකාරම්ගේ කාරුණික අනුග්‍රහය නිසා එකී අපහසුතාවන් බොහෝ දුරට මැඩපවත්වා ගත හැකි විය.

කැරැල්ල ජයග්‍රහණය තෙක්‌ම ජාතිවාත්සල්‍යයෙන් හා නොපසුබට ධෛර්යයෙන් යුක්තව කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ සිංහලයෝ ක්‍රියාකරමින් සිටියහ.

කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ නායකයන් අත්අඩංගුවට පත්වීම

කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ රදල නායකයන් කෙසේ හෝ අල්ලා ගැනීම ඉංග්‍රීසින්ගේ මූලික අරමුණවූ නමුත් එය ඔවුනට අසීරු කරුණක්‌ විය. එහෙත් ඔවුන්ගේ ඒ අප්‍රතිහත උත්සාහය වර්ෂ 1818 ඔක්‌තෝබර් මස 28 වැනිදා සාර්ථක විය.

වර්ෂ 1818 ඔක්‌තෝබර් මස 28 වැනිදා අලුයම 4.00 ට පමණ ලෙප්ටිනන්ට්‌ ඔනිල් විසින් මෙහෙයවන ලද 30 දෙනකුගෙන් යුක්‌ත ඉංගී්‍රසි භට කණ්‌ඩායමක්‌ පුලියන්කුලමේ සිට නුවර කලාවියේ පරවනගම බලා පිටත් විය. මෙදින අයහපත් කාලගුණයෙන් යුතු වැසි සහිත දිනයක්‌ විය.

එදින මොවුන් පරවනගමහිදී වලව්වක්‌ පරීක්‍ෂා කිරීමට ගිය අවස්‌ථාවකදී එහි ඇතුළත සිටියකු විසින් ඔවුනට වෙඩි තබා ඇතත් එය අසාර්ථක වී ඇත. වහාම ක්‍රියාත්මක ඔනිල් වලව්වට ඇතුළුවත්ම මම තමයි කැප්පෙටිපොළ යෑයි හඬනඟා කියා කැප්පෙටිපොළ මහ නිළමේ අත්අඩංගුවට පත් විය.


මෙම මෙහෙයුම ඉංගී්‍රසීන්ට සාර්ථක කර ගැනීමට හැකි වූයේ මරක්‌කල වෙළෙන්දෙකුගෙන් ලද ඔත්තුවක්‌ නිසාය.


කැප්පෙටිපොළ මහ නිළමේ මරණ දණ්‌ඩනයට කැප කළ දින (වර්ෂ 1818 නොවැම්බර් මස 13 වැනිදා) සිට දින 13 ක්‌ හෙතෙම සිර අඩස්‌සියේ පසු වූයේය. එහිදී කිලිටි වූ රළු ඇඳුමක්‌ ඇද සිටි ඔහු තමා පෙරදී නම් මෙවන් කිලිටි වූ රළු ඇඳුමක්‌ ඇඳ නැතැයි කියා ඔහුව දකින්නට පැමිණි වෛද්‍ය හෙන්රි මාර්ෂල් මහතාට කීය.

කැරැල්ල පිළිබඳ ඉංග්‍රීසීන් සමග කතා කිරීමට ඔහු කිසි විටෙකත් මැලි නොවීය. ස්‌වකීය ජන්ම භූමියේ නිදහස උදෙසා ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කිරීම හෝ සටනට රටවැසියන් පොළඹවා ගැනීම වරදක්‌ බව ඔහු නොපිළිගත්තේය.

වර්ෂ 1818 නොවැම්බර් 26 වැනිදා කැප්පෙටිපොළ මහ නිළමේ සහ මඩුගල්ලේ නිළමේද ඔවුන්ගේ ඉල්ලීම පරිදි විශේෂ ආරක්‍ෂාව යටතේ දළදා මාළිගාවට කැඳවාගෙන යන ලදී. එහිදී ඔවුහු දළදා සමිඳු වැඳ පුදාගෙන පින් අනුමෝදන් කරවා ගත්හ. ඉනික්‌බිතිවැ කැප්පෙටිපොළ නිළමේ සෝවර්ස්‌ මහතා දෙසට හැරී මා කළා වූ මෙම පුණ්‍යකර්මය ඔබට ද අනුමෝදන් කරවමි යෑයි කියා උපශාන්තව කීවේය. ඉක්‌බිතිව තමා සතුව තිබූ එකම වස්‌තුව වූ උඩුකය වැසෙන සේ දමා ගෙන සිටි සළුව උණා දමා එය දළදා සමිඳුට පූජා කළේය.

ඊළඟට ඔවුන් දඬුවම ක්‍රියාත්මක කරවනු වස්‌ බෝගම්බර වැව සමීපයට රැගෙන යන ලදී. මෙලෙස යන විට කැප්පෙටිපොළ මහ නිළමේ ශාන්ත විලසින් එඩිතරව ගමන් කළ නමුදු මඩුගල්ලේ දිසාව අධෛර්යට පත්ව ආරක්‍ෂක භටයෝ දෙදෙනකුගේ ආධාරය ඇතිව ගමන් ගත්තේය. තම මිත්‍රයා දුර්වලව සිටින බව දුටු කැප්පෙටිපොළ මහ නිළමේ පිටුපස හැරී "මඩුගල්ලේ මෝඩයකු වන්න එපා" යෑයි කීවේය.

හිස ගසා දැමීම

හිස ගසා දැමීමට පෙර මුහුණ අත්පා ධෝවනය කරගත් කැප්පෙටිපොළ මහ නිළමේ තම කෙස්‌ වැටිය මුදුන් කොට තබා බැඳ ගත්තේය. ඉක්‌බිතිව තම ඉනෙහි සඟවාගෙන සිටි ගාථා පොත (මෙය ධම්ම පද පුස්‌තකයයි) එහි ගාථා කීපයක්‌ කියවා එම ගාථා පොත තම මිත්‍ර සෝවරස්‌ මහතාට අවසාන පරිත්‍යාගය ලෙස දෙන්න යෑයි කියා නිලධාරියකුට භාර කළේය. ඉක්‌බිතිවැ අසල වූ තණපිඩැල්ල මත හිඳගත් හෙතෙම තම ඇඟිලිවලින් පඳුරක්‌ දැඩි සේ අල්ලාගෙන යළිඳු ගාථාවක්‌ කියන්නට පටන් ගත්තේය. "නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස..."

ඊළඟ නිමේශයේදී කැප්පෙටිපොළ මහ නිළමේ ගහලයා දෙසට හැරී "හා දැන් මම සූදානම් එක පහරින් මගේ හිස ගසා දමනු" යෑයි කියා කීවේය. මේ තරම් නිර්භීත වූ පුද්ගලයකුගේ හිස ගසා දැමීමට ගහලයාට අත පවා එසවීම දුෂ්කර කාර්යයක්‌ විය. ඒ කෙසේ නමුදු ගහලයා ගැසූ කඩු පහරින් බෙල්ල එක්‌වරම සිඳ නොගියද උණුසුම් රුධිර දහරාවන් පපු පෙදෙසින් පහළට බිංදු ලෙසින් රූරා වැටිණි. මෙම අභීත සෙන්පතියා යළිඳු නැඟී සිටිමින් බෙල්ලේ මෙතැනට ගසවා කියා තම දබරැඟිල්ල දිගුකොට කඩු පහර එල්ල කළ යුතු නියම ස්‌ථානය පෙන්වීය.

කැප්පෙටිපොළ මහ නිළමේ තම මරණයට අභීතව මුහුණදුන් අයුරු තම දෑසින් දුටු වෛද්‍ය හෙන්රි මාර්ෂල් මහතා මොහු කැරැල්ලෙන් ජයග්‍රහණය කළේ නම් රාජද්‍රෝහියකු ලෙස හිස ගසා දමනු වෙනුවට එකල දේශප්‍රේමියකු ලෙස ගෞරවයට පාත්‍ර වනු නියත යෑයි කියා කීවේය.

වෛද්‍ය හෙන්රි මාර්ෂල් මහතා විසින් කැප්පෙටිපොළ මහ නිළමේගේ හිස්‌ කබල එඩින්බරෝ නගරයේ පිහිටි කපාල විද්‍යා සංගමයේ කෞතුකාගාරය වෙත යවන ලදී. එහිදී මෙම හිස්‌ කබල විද්‍යාඥයන්ගේ විශේෂ පරීක්‍ෂණයට භාජන කරන ලදුව මෙම හිස්‌ කබල හිමි තැනැත්තා ලෝකයේ අතිශයින් විරළ ගණයේ වීරයකු බව වෛද්‍ය හීල් මහතා අනාවරණය කරන ලදී.

ඇඳි පට සළුව සෝදා දළදා හිමිට
පුදකොට නමැද යොදවා සිත බණ පොතට
මරණෙට මුහුණ පෑ කැප්පෙටිපොළ නමට
ගරු කටයුතුයි මුළු රට එකතුව එකට

කුමන්ත්‍රණකාරී කාල පරිච්ඡේදය

ඉංග්‍රීසින් මුහුදුබඩ ප්‍රදේශවල තම බලය පිහිටුවා ගනිමින් සිටියදී උඩරට රාජ්‍යයේ දේශපාලන වාතාවරණය ව්‍යාකූල වෙමින් පැවතුණි. වර්ෂ 1766 ගිවිසුමෙන් ලන්දේසීන්ට ලංකාව වටා මුළු මුහුදු වෙරළම අයත්වීම හේතු කොටගෙන උඩරට රාජධානියට වටිනා භූමි ප්‍රදේශයක්‌ අහිමි වූ අතර විදේශීය වෙළෙඳ කටයුතුවලට බාධා එල්ලවීම නිසා ආර්ථික වශයෙන් ද හානි පැමිනුණි.

වර්ෂ 1796 වන විටද උඩරට රාජධානියේ එම තත්ත්වය වෙනසක්‌ සිදුවී තිබුණේ නැත. රාජාධිරාජසිංහ රජුට පුතෙකු නොසිටි බැවින් සිහසුනට නීත්‍යනුකූල උරුමකරුවෙකු නොවීය. ඒ වන විට රාජ සභාවේ ප්‍රධානීන් අතර මතභේද පැවති නිසා අනුප්‍රාප්තිකයකු පත්කිරීම පිළිබඳ ප්‍රශ්න උග්‍ර විය. තමාට බලය අල්ලා ගැනීමේ එකම බලාපොරොත්තුවෙන් රජකමට උරුමකම් කියූ උදවිය ඉවතලා ශ්‍රී රාජාධිරාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1780-1798) ගේ ඇවෑමෙන් කන්නසාමි නම්වූ නායක්‌කාර වංශික තරුණයකුට, පිළිමතලව්වේ මහ අධිකාරම් විසින් උඩරට රාජ්‍යත්වය පැවරීය.

ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 17 98-1815) නමින් රාජ්‍යත්වයට පැමිණි හෙතෙම පසු කලෙක පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ රාජද්‍රෝහී ක්‍රියාවන් දැන හේ මරාදැමීය. පිළිමතලව්වේ මහ අධිකාරම්ගේ මරණයෙන් ඉක්‌බිතිවැ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මහ අධිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළ නිලමේය. ඔහුද වැඩිකල් නොගොස්‌ම පිළිමතලව්වේ මහ අධිකරම් ගිය මාර්ගයේ ගියේය. රජතුමා නෙරපා දමා, රාජ්‍යත්වය කෙසේ හෝ ලබා ගන්නට වෙර දැරූ හෙතෙම අවසානයේ දී ඉංග්‍රීසින් හා එක්‌ව ඔවුන්ගේ සහයෝගයෙන් යුතුව උඩරට රාජ්‍යත්වයට පැමිණීමේ අරමුණෙන් ක්‍රියා කළේය.

මෙයින් මහත් සේ කිපුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇහැලේපොළ මහ අධිකාරම්ගෙන් පලිගැනීම පිණිස ඔහුගේ බිරිඳ වූ ඇහැලේපොල කුමාරිහාමිත්, දරුවන් සිව් දෙනාත් අමානුෂික ලෙස මරා දැමීමත්, පුස්‌සැල්ලේ දිසාවත්, කරතොට කුඩා උන්නාන්සේත් මරාදැමීමත් යනාදී අමානුෂික ක්‍රියා නිසා ප්‍රකෝපකාරී වූ උඩරට වැසියෝ රජතුමාගේ අධර්මිෂ්ට පාලනයට විරුද්ධව තැනින් තැන කැරැලි ගසන්නට වූහ.

මෙම අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් ඉංග්‍රීසින් සිංහල අධිකාරම්වරුන් හා නිලමේවරුන්ගේ සහයෝගය ඇතිව වර්ෂ 1815 ක්‌වූ පෙබරවාරි 18 වැනිදා මැද මහනුවර උඩුපිටියේ අප්පුරාම ආරච්චිලාගේ නිවසේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිර භාරයට ගන්නා ලදී. මෙගින් පුරා අවුරුදු දෙදහස්‌ තුන්සිය පනස්‌අටක්‌ අවිäන්නව පැවති ලක්‌දිව රාජ වංශය නිමාවට පත්විය.

උඩරට ගිවිසුම අත්සන් කිරීම වර්ෂ 1815 ක්‌වූ මාර්තු මස 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කෙරුණි. මෙම ගිවිසුමට ඉංග්‍රීසින් වෙනුවෙන් සර් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරතුමා අත්සන් කළ අතර සිංහලයන් වෙනුවෙන් ඇහැලේපොළ, මොල්ලිගොඩ (පළමුවැනි අධිකාරම් හා හත්කෝරළේ දිසාව), පිළිමතලව්වේ (දෙවැනි අධිකාරම් හා සබරගමුවේ දිසාව), පිළිමතලව්වේ (සතර කෝරළේ දිසාව), මොණරවිල (ඌව දිසාව), රත්වත්තේ (මාතලේ දිසාව), මොල්ලිගොඩ (තුන්කෝරළේ දිසාව), දූල්ලෑව වලපනේ දිසාව), මිල්ලව (වෙල්ලස්‌සේ හා බිම්තැන්නේ දිසාව), ගලගම (තමන්කඩුවෙ දිසාව), ගලගොඩ (නුවර කලාවියේ දිසාව) යනාදී රදල නායකයෝ අත්සන් තැබූහ.

මෙතැන් පටන් කැප්පෙටිපොළ ඌව දිසාපති පදවියට පත්ව තම පසමිතුරු මොල්ලිගොඩ නිලමේට පළමු අධිකාරම් ධුරය ලැබුණු බැවින් ඇහැලේපොල ඊට පහත්වූ තැනෙක සිටින්නට අකමැත්ත නිසාම තමාට පදවියක්‌ අවශ්‍ය නැතැයි කීය. හෙතෙම මෙම කාරණාව සෙසු නිලමේවරුන්ට හැඟවූයේ ඉක්‌බිතිවැ තමා රාජ්‍යත්වය බලාපොරොත්තු වන බැවින් අන් කිසිදු නිලයක්‌ නොගන්නා බවෙකි.

කරුණු කාරණා එසේ බැවින් හෙතෙම ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත්ව රජකු වශයෙන් කන්ද උඩර රාජ්‍යත්වය ඉල්ලා සිටියේය. එනමුත් ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයා එය තරයේම ප්‍රතික්‌ෂේප කළේය. ඉක්‌බිතිව හේ ජෝර්ඡ් මහ රජතුමා මුණගැසීමට එංගලන්තය බලා යැමට අවසර ඉල්ලා සිටියේය. එයද ප්‍රතික්‌ෂේප විය.

ඌව දිසාව පදවියට තේරී පත්වීම ඌව දිසාව වශයෙන් තේරීපත්ව ගිය කැප්පෙටිපොළ මහ නිලමේට කෙටි කලකින්ම ඉංග්‍රීසි ආධිපත්‍යය යටතේ සේවය කිරීම මහත් වූ පිළිකුලක්‌ වන්නට වූවේය. මේ වන විට ඇහැලේපොල රාජ්‍යත්වයට පත්වන බවක්‌ද පෙනෙන්නට නොතිබිණි. මෙසේ කැප්පෙටිපොළ මහ නිලමේ තුළ දිනෙන් දින වර්ධනය වෙමින් තිබුණු පිළිකුල් බව තීව්‍ර කිරීමට බදුල්ලේ ඒජන්තවරයාගේ ක්‍රියා කලාපය මහත් සේ දායක විය.

මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඌව දිසාව භාර කැප්පෙටිපොළ මහ නිලමේත්, බදුල්ලේ ඒජන්තවරයාත් අතර නිරතුරුවම මතභේද හටගන්නා වාතාවරණයක්‌ නිර්මාණය වන්නට විය. අසාධාරණයට අයුක්‌තියට කිසි විටෙකත් තම හිස පහත් නොකළ කැප්පෙටිපොළ මහ නිලමේ බදුල්ල ඒජන්තවරයාට නුවමනා ගරු සම්මාන දැක්‌වූ තම දිසාවේ මුලාදෑනිවරුන්ට දඬුවම් පැමිණ විය.

එනමුත් මෙම ක්‍රියාව ඉංග්‍රිසි ආණ්‌ඩුව දුටුවේ ඌව දිසාව තම බලතල අයුතු ලෙස ක්‍රියාත්මක කරනවා යනුවෙනි.

අසහනකාරී වාතාවරණය

පුරා අවුරුදු දෙදහස්‌ තුන්සිය පනස්‌ අටක්‌ තමන් භුක්‌ති විඳි ඒ නිදහස අහෝසිව යැමෙන් උඩරැටියෝ මහත් වූ අසතුටටත්, අසහනයටත් පත්ව සිටියහ. මුලින්ම අසතුටට පත්වූයේ රදලයන් හා පැවිද්දන්ය. ඉක්‌බිතිව එය මුළු මහත් සිංහලයන් දක්‌වාම ව්‍යාප්ත විය.

මේ වන විට ඇහැලේපොළ මහ නිලමේ විසින් ඇති කරන ලද බලාපොරොත්තු කෙරෙහි මහත් වූ විශ්වාසය තබා සිටි රදලවරු ඉංග්‍රීසින්ගෙන් එය ඉටු නොවූ කල්හි මහත් වු අසහනයට පත්වූහ. එසේම රජවරුන්ගෙන් පුද පූජා ලැබූ භික්‌ෂුහු ඉංග්‍රීසින්ගෙන් එය ඉටු නොවූ කල්හි තවත් අසතුටට පත්වූහ.

මෙකල තම බලාපොරොත්තු බිඳ වැටී මහත් වූ අසහනයෙන් මහනුවර නතරව සිටි ඇහැලේපොල මහ නිලමේට සිංහල රාජ්‍යය ඉංග්‍රීසින්හට පවරාදීම තමා ඇතුළු සෙසු රදල නායකයන් ගත් ඉතා වැරැදි තීරණයක්‌ බවත් තමා උගුලකට අසුවී සිටින බවත් අවබෝධ වන්නට විය. රාජකාරි අවස්‌ථාවන්හිදී රදලවරුන්ට ගරු පුද ලැබුණද අන් අවස්‌ථාවලදී ඉංග්‍රීසි සොල්දාදුවන්ගෙන් පවා ඔවුනට ලැබුණේ නිගාවකි.

ලක්‌දිව සිංහල රාජ්‍යයේ අගනුවර සීමාව තුළ දෝලාවකින් ගමන් කළ හැකිව තිබුණේ රජතුමාට පමණි. එනමුත් උඩරට ඉංග්‍රීසින්ට අත්පත් වූ ඉක්‌බිතිවැ ඒ තහනම ඉවත් කරන ලදී. උඩරට රදලයෝ මෙමගින් මහනුවර පෞඪත්වයට බලවත් වූ හානියක්‌ සිදුවන බව කියා මෙය තහනම් කරන ලෙස ජෝන් ඩොයිලි (John Doyly) ගෙන් ඉල්ලා සිටින ලදී. මෙම ඉල්ලීම ප්‍රතික්‌ෂේප විය.

ඉක්‌බිතිව උඩරට, පහතරට එක්‌ කරන කඩවත් සියල්ල වසාදමන ලදී. මෙමගින් උඩරට වැසියන්ගේ ස්‌ථිර ආදායම් මාර්ග මුළුමනින්ම ඇන හිටිනි. කරුණු කාරණා එසේ බැවින් ඉංග්‍රීසි ආණ්‌ඩුව කෙරෙහි තම අප්‍රසාදය ක්‍රමයෙන් වර්ධනය වත්ම, වෙල්ලස්‌සේ පදිංචි මුස්‌ලිම් වෙළෙන්දන්ගේ ඉල්ලීම පරිදි ආණ්‌ඩුකාරවරයා විසින් ඔවුන්ගේ මුහන්දිරම් වශයෙන් හ-ජි මරික්‌කාර් නම්වූ තැනත්තෙකු පත් කළේය. එතෙක්‌ පැවති සම්ප්‍රදාය වූයෙන් එවන් වූ ධුරයන් සඳහා උඩරට රදලයන් පත්කිරීමයි.

මෙම සිද්ධියෙන් රදලවරු කුපිත වීම නිසා සිංහල - මුස්‌ලිම් භේදය මුළු වෙල්ලස්‌ස පුරාම ව්‍යාප්ත විය.

මහනුවර ප්‍රධාන ඒජන්ත වූ ජෝන් ඩොයිලි කැරැලිකරුවන්ගේ අදහස්‌ දැන ගනු වස්‌ අහැලේපොළ මහනිලමේට පැවරිය. දිගින් දිගටම කඩ වෙමින් තිබූ අභිමථාර්ථය මුදුන්පත් කර ගැනීමට කදිම අවස්‌ථාවක්‌ උදාවී අතැයි කියා සිතූ ඇහැලේපොළ මහ නිලමේ කෙසේ හෝ කැරැල්ල මැඬපවත්වා ආණ්‌ඩුකාරවරයාගේ සිත දිනා ගැනීමට මාර්ගයක්‌ සෙවීය.

හෙතෙම රහසේම කැප්පෙටිපොළ මහ නිලමේ හමුවී කැරැල්ල මැඩ පැවැත්වීමට කළ හැකි දෙයක්‌ වහාම කරන ලෙස ඉල්ලා සිටියේය. කැරැල්ල යම් අයුරකින් මැඩ පැවැත්වුවහොත් ඉංග්‍රීසින් සමග ගිවිසුමක්‌ මත තමාට උඩරට රජකම ලබාගෙන ඉක්‌බිතිව ඔවුන් හා සටන් කිරීමට හැකි බවක්‌ ඔහුට ඒත්තු ගැන්වීය.

මේ අයුරින් කැප්පෙටිපොළ මහ නිලමේ කැමැති කරවා ගත් හෙතෙම ආණ්‌ඩුකාරවරයා හමුවී කැරැල්ල මැඩ පැවැත්වීමට නම් කැප්පෙටිපොළ මහ නිලමේ වෙල්ලස්‌ස බලා පිටත් කර යෑවිය යුතු යෑයි තරයේම කියා සිටියේය. මෙහි ප්‍රතිඵල වශයෙන් වර්ෂ 1817 ඔක්‌තෝබර් මස 22 වැනිදා කැප්පෙටිපොළ මහා නිලමේ වෙල්ලස්‌ස බලා පිටත්කර යෑවීය.

ආණ්‌ඩුවේ මහ ගබඩාවෙන් තුවක්‌කු, කඩු, කිරිච්චි හා වෙන්ත අවි ආයුධ සහිත සිංහල හමුදාවක්‌ සමග කැරැල්ල මැඩ පැවැත්වීමට වෙල්ලස්‌ස බලා පිටත්ව ගිය කැප්පෙටිපොළ මහ නිලමේට වර්ෂ 1817 නොවැම්බර් මස 01 වැනිදා අළුපොතදී කැරැලිකරුවන් රාශියක්‌ හමු විය.

මොවුන් අතර බූටාවේරාළ, කිවුලේගෙදර මොහොට්‌ටාල, ඇපලෝගම මොහොට්‌ටාල යනාදී මුල් පෙළේ කැරැලි නායකයෝ වූහ. මෙම නායකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ නමුත් ඔවුන්ගේ අදහස්‌ නොවෙනස්‌ විය.

මෙයින් අධෛර්යමත් නොවූ කැරැලි නායකයෝ තම මව්බිම පරදේශක්‌කාරයන් ගෙන් මුදාගනු වස්‌ සිහසුනට හිමිකම් ඇත්තෙකුට පක්‌ෂව ක්‍රියා කළ යුතු මැනැවැයි කියා වැඩිදුරටත් පෙන්වා දුන්හ. කැප්පෙටිපොළ මහ නිලමේ තම තීරණය පිළිබඳ ගැඹුරින් කල්පනා කරන්නට පටන් ගත්තේ මෙතැන් සිටය.

රණශූරත්වය

රටපුරා ඇතිවී යන බරපතල කැරැල්ල මැඩ පැවැත්වීම අරමුණු කරගෙන, වර්ෂ 1817 ඔක්‌තෝබර් මස 22 වැනිදා කැප්පෙටිපොළ මහා නිලමේ වෙල්ලස්‌ස බලා ඉංග්‍රිසි ආණ්ඩුව විසින් පිටත්කර යැවිණ. ආණ්‌ඩුවේ මහ ගබඩාවෙන් තුවක්‌කු, කඩු, කිරිච්චි හා වෙන්ත අවි ආයුධ සහිත සිංහල හමුදාවක්‌ සමග කැරැල්ල මැඩ පැවැත්වීමට වෙල්ලස්‌ස බලා පිටත්ව ගිය කැප්පෙටිපොළ මහ නිලමේට වර්ෂ 1817 නොවැම්බර් මස 01 වැනිදා අළුපොතදී කැරැලිකරුවන් රාශියක්‌ හමු විය.

මොවුන් අතර බූටාවේරාළ, කිවුලේගෙදර මොහොට්‌ටාල, ඇපලෝගම මොහොට්‌ටාල යනාදී මුල් පෙළේ කැරැලි නායකයෝ වූහ. මෙම නායකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ නමුත් ඔවුන්ගේ අදහස්‌ නොවෙනස්‌ විය. මෙයින් අධෛර්යමත් නොවූ කැරැලි නායකයෝ තම මව්බිම පරදේශක්‌කාරයන් ගෙන් මුදාගනු වස්‌ සිහසුනට හිමිකම් ඇත්තෙකුට පක්‌ෂව ක්‍රියා කළ යුතු මැනැවැයි කියා වැඩිදුරටත් පෙන්වා දුන්හ. කැප්පෙටිපොළ මහ නිලමේ තම තීරණය පිළිබඳ ගැඹුරින් කල්පනා කරන්නට පටන් ගත්තේ මෙතැන් සිටය.

කැප්පෙටිපොළ මහනිලමේ කැරැලිකරුවන් හා එක්‌වීම

කැප්පෙටිපොළ මහ නිලමේගේ ලේ උණුවන්නට විය. තමා සටන් කරන්නේ තමාගේ සහෝදර වැසියන් සමග නොවේදැයි කියා තමන්ගෙන් ප්‍රශ්න කරන්නට වූ කැප්පෙටිපොළ මහ නිළමේ වහල් බැම්මෙන් මිදීම පිණිස තමාගේ වැසියන් දිවි පරදුවට තබා කරනු ලබන මෙම සටනට තමාගෙන්ද ලැබිය යුත්තේ රුකුලක්‌ යෑයි පවසා, සිංහලයන් සමග ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කොට රට දැය වෙනුවෙන් තමා දිවි පුදන්නට වුවද සූදානම් බවට එදා රැස්‌ව සිටි මහා සෙනඟ ඉදිරිපිට ප්‍රතිඥ දුන්නේය.

ඉක්‌බිතිව තමා ආණ්‌ඩුවේ මහ ගබඩාවෙන් රැගෙන පැමිණි අවි-ආයුධ ආපසු යෑවූ කැප්පෙටිපොළ මහ නිලමේ ආණ්‌ඩුකාරවරයා වෙත පණිවිඩයක්‌ යෑවීය. එය මෙසේය. "තොපේ තුවක්‌කුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තුවක්‌කු තොපේ ආණ්‌ඩුකාරයාට බාරදී ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්"


මේ අතර කැරැල්ල ඉතා දරුණු අන්දමින් ව්‍යාප්ත වී යන්නට වූයේ කැප්පෙටිපොළ මහ නිලමේ එහි නායකත්වය ගත් ඉක්‌බිතිවය. මෙහි ප්‍රතිඵලය වූයේ තුන් කෝරළය, උඩුනුවර, යටිනුවර ඇතුළුව කන්ද උඩරට සෑම පෙදෙසකම (සබරගමුවේ කොටසක්‌ හැරුණු විට) කැරැල්ල ඉතා දරුණු වීමයි. වර්ෂ 1818 ජනවාරි මස 01 වැනිදා මහනුවර මඟුල් මඩුවට එක්‌ රැස්‌වූ සර් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා ප්‍රමුඛ පිරිස (උඩරට රදලවරුන්ද ඇතුළුව) හදිසි සාකච්ඡාවක්‌ පවත්වා කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ දහඅට දෙනකු රාජද්‍රෝහීන් ලෙසින් නම්කොට රාජාඥවක්‌ නිකුත් කරන ලදී. එම ද්‍රෝහීන් මෙසේය.


කැප්පෙටිපොළ මහ නිලමේ, ගොඩගෙදර අධිකාරම්, කැටකෑල මොහොට්‌ටාල, කතරගම මහ බෙත්මේ රාළ, කතරගම කුඩා බෙත්මේරාළ, පලගල්ලේ මොහොට්‌ටාල, වටකැලේ මොහොට්‌ටාල, පොල්ගහගෙදර රෙහෙනෝ රාළ, පස්‌සරවත්තේ විධහු, කිවුලේගෙදර මොහොට්‌ටාල, යටිගම්මේ මොහොට්‌ටාල, උඩමැදුරේ වලව්වේ මොහොට්‌ටාල, කොහුකුඹුරේ රටේරාළ, කොහු කුඹුරේ වලව්වේ මොහොට්‌ටාල, බූටාවේ රාළ, මහ බදුල්ලේ ගම්මානේ රටේරාළ, බුලුපිටියේ මොහොට්‌ටාල, පල්ලේ මාලිගේ ගමැතිරාළ.

මෙම රාජ ආඥව මගින් මොවුන් සියලු දෙනා රාජද්‍රෝහීන් වශයෙන් නම් කෙරුණු අතර මොවුන්ගේ සියලුම චංචල නිශ්චල දේපළද රාජසන්තක කෙරුණි.

වර්ෂ 1818 පෙබරවාරි මාසය උදාවත්ම පිළිමතලව්වේ (කනිටු) නිලමේද මඩුගල්ලේ උඩගබඩා නිලමේ හා ඇල්ලේපොල නිලමේ කැරැලිකරුවන් සමග එකතු වූ අතර දුම්බර, හත්කෝරළය හා සබරගමුව (මුළුමණින්ම) යනාදී පළාත් ද ඉංග්‍රීසින්ට විරුද්ධව නැගී සිටියහ. ඇහැලේපොළ මහ නිලමේතුමා මෙම කැරැලිකරුවන් සමග සම්බන්ධ බවට කිසිදු පැහැදිලි සාක්‌ෂියක්‌ සොයාගත නොහැකි බවද එතමා මහනුවරින් බැහැරකොට කොළඹ නිවාස අඩස්‌සියේ තැබීමට ඉංග්‍රීසීහු කටයුතු කළහ.

වර්ෂ 1818 පෙබරවාරි 21 වැනිදා වන විට කන්ද උඩරට පුරාම "මාර්ෂල් ලෝ" නම් වූ යුද්ධ නීතිය පනවනු ලැබීය, මෙතැන් පටන් ඉංගී්‍රසි භටයෝ ඉතා සාහසික අයුරින් කන්ද උඩරට ගම් නියම්ගම් ගිනි තබන්නටත්, වස්‌තුව කොල්ලකන්නටත්, මිනිසුන් ඝාතනය කරන්නටත්, ස්‌ත්‍රීන් දූෂණය කරන්නටත් පටන් ගත්හ. මෙයින් මහත් බියට පත්වූ ගම්මු තම පවුල් පිටින්ම කැලෑ වැදුණාහ.

එනමුත් තවදුරටත් සිංහලයෝ තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව පරසතුරාගෙන් රට දැය මුදාගනු වස්‌ කැරලි ගසන්නට වූහ. කැප්පෙටිපොළ මහ නිලමේගේ අදහස වූයේ සබරගමුව, ඌව වෙල්ලස්‌ස, බිම්තැන්න, මාතලේ, සත්කෝරළය, සතර කෝරළය, තුන් කෝරළය ද වටා කැරලිකරුවන් මෙහෙයවා මහනුවර මුළුමනින්ම වට කිරීමය. මේ වනවිට හෙතෙම ඌව වෙල්ලස්‌ස, බින්තැන්න, මාතලේ හා සත් කෝරළයට ද ඉතා සාර්ථක ලෙස කැරලිකරුවන් මෙහෙයවා සතර කෝරළය දෙසට ළඟා වෙමින් සිටියේය.


ඔහුට තව ඉතිරිවී තිබුණේ සතර කෝරළය පසු කොට තුන් කෝරළයට වට කිරීම පමණි. මෙමගින් ඉංග්‍රීසීන් මහත් වූ අපහසුතාවට මුහුණපා සිටි නමුත් මොල්ලිගොඩ අදිකාරම්ගේ කාරුණික අනුග්‍රහය නිසා එකී අපහසුතාවන් බොහෝ දුරට මැඩපවත්වා ගත හැකි විය. කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ සිංහලයෝ කැරැල්ල ජයග්‍රහණය තෙක්‌ම ජාතිවාත්සල්‍යයෙන් හා නොපසුබට ධෛර්යයෙන් ක්‍රියාකරමින් සිටියහ.


කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ නායකයන් අත්අඩංගුවට පත්වීම

කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ රදල නායකයන් කෙසේ හෝ අල්ලා ගැනීම ඉංග්‍රීසින්ගේ මූලික අරමුණ වූ නමුත් එය ඔවුනට අසීරු කරුණක්‌ විය. එහෙත් ඔවුන්ගේ ඒ අප්‍රතිහත උත්සාහය වර්ෂ 1818 ඔක්‌තෝබර් මස 28 වැනිදා සාර්ථක විය.

වර්ෂ 1818 ඔක්‌තෝබර් මස 28 වැනිදා අලුයම 4.00 ට පමණ ලෙප්ටිනන්ට්‌ ඔනිල් විසින් මෙහෙයවන ලද 30 දෙනකුගෙන් යුක්‌ත ඉංග්‍රීසි භට කණ්‌ඩායමක්‌ පුලියන්කුලමේ සිට නුවර කලාවියේ පරවනගම බලා පිටත් විය. මෙදින අයහපත් කාලගුණයෙන් යුතු වැසි සහිත දිනයක්‌ විය. එදින මොවුන් පරවනගමහිදී වලව්වක්‌ පරීක්‍ෂා කිරීමට ගිය අවස්‌ථාවකදී එහි ඇතුළත සිටියකු විසින් ඔවුනට වෙඩි තබා ඇතත් එය අසාර්ථක වී ඇත.

වහාම ක්‍රියාත්මක ඔනිල් වලව්වට ඇතුළුවත්ම මම තමයි කැප්පෙටිපොළ යෑයි හඬනඟා කියා කැප්පෙටිපොළ මහ නිළමේ අත්අඩංගුවට පත් විය.

උපුටා ගැනුම - කෝට්ටේ සිංහලයාගේ මුහුණු පොතේ බිත්තියෙන්
_______________________________________________________________

වීර කැප්පෙටිපොළ විරුවාණෝ

අධිරාජ්‍යවාදී ඉංගී්‍රසි ආණ්‌ඩුව භීතියට පත්කරමින් 1818 දී උඩරට ඌව වෙල්ලස්‌ස නිදහස්‌ සටනට පණ දී සිය මාතෘ භූමිය දිවි හිමියෙන් රැකගැනීමට කැපවූ වීර කැප්පෙටිපොළ ජාතියේ පිනට පහල වූ රණ ශූරයෙකි.

ලක්‌දිව අවසන් සිංහල රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලය දක්‌වා දිවයන කැප්පෙටිපොළ පරපුරේ රාජපක්‍ෂ වික්‍රමසේකර මුදියන්සේ, උක්‌ත රජුගේ සළුවඩන නිලයට අමතරව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ද විය.

ඒ අතර මොහුට මාතලේ හා සත්කෝරළය භාරව කටයුතු කිරීමට පැවැරුණු නිසා උපන් බිම වූ කැප්පෙටිපොළ ගම අතැර මොනරවිල ග්‍රාමයේ දිවිගෙවීමට සිදුවිය. එබැවින් එතැන් සිට මොනරවිල කැප්පෙටිපොළ නමින් ද හඳුන්වනු ලැබිණි.

රාජ්‍ය සේවයේ යෙදුණු මෙම කැප්පෙටිපොළ පරපුරේ ගොලහෙල නමින් ප්‍රකට ගොලහෙල නිලමේතුමාගේ එකම පුතණුවන් වූයේ මොනරවිල කැප්පෙටිපොළය. දියණිය වූයේ ඇහැලේපොළ කුමාරිහාමිය.

මොනරවිල කැප්පෙටිපොළගේ පියා දළදා මාළිගාවේ උඩු මහලෙන් වැටී නොසිතූ ලෙස මිය යැමෙන් පසු එම තනතුරට සිය පුතණුවන් වන කැප්පෙටිපොළ පත් වී ඇත. දෙල්වල එතනහාමි මොහුගේ බිරිඳය.

මේ වන විට රට පාලනය කරමින් සිටියේ වඩුග පරපුරට කැප්පෙටිපොළ නිලමේතුමාගේ කිසිදු ප්‍රසාදයක්‌ නොවූ හෙයින් තම මස්‌සිනා වූ ඇහැලේපොළ අදිකාරම් සමග එක්‌ව උඩරට රාජ්‍ය සුදු ජාතිකයන්ට ලබාදීමට අකැමැත්තෙන් වුවද එකඟ විය.

එසේ කළේ වඩුගයින් විසින් තම සහෝදරිය වූ ඇහැලේපොළ කුමාරිහාමිගේ දරුවා වංගෙඩියක දා කෙටීම නිසාය. ඉංගී්‍රසීන්ට සහාය දී වඩුගයින් පලවාහැර පසුව නිදහස්‌ රාජ්‍යයක්‌ බිහිකිරීමේ උදාර අරමුණ මොවුන් සතු විය.

මේ අවස්‌ථාව ගැන ඉතා විමසිල්ලෙන් බලා සිටි කන්ද උඩරට සිංහල ජනතාව ඒ සඳහා පෙරමුණ ගන්නා විරුවකු සොයමින් සුසුම් හෙළුවේ එවැන්නකු ඉදිරිපත් වුවහොත් තම දිවියෙන් පවා ඔහුට සහාය දී උපන් බිමේ අයිතිය තහවුරු කරගන්නටය.

පසුව පෙළගැසුණු කන්ද උඩරට ජනතාව සුදු ජාතිකයන්ට එරෙහිව නිදහස්‌ සටන ඌව වෙල්ලස්‌සෙන් ඇරඹූහ. කොහුකුඹුරේ රටේරාල, කිවුලේගෙදර මොහොට්‌ටාල, මඩුගල්ලේ දිසාව, පිළිමතලාවේ අදිකාරම් එක්‌ව මෙහෙයවන ලද මේ සටන මැඬපැවැත්වීම ඉංගී්‍රසි ආණ්‌ඩුකාරවරයාගේ එකම අභිලාෂය විය. රොබට්‌ බ්‍රවුන්රිග් ඒ සඳහා හඡ්ජි මරක්‌කලගේ නම් හේවායකු හා ඌවේ දිසාපති තනතුරේ සිටි විල්සන් නමැත්තකු යෙදවුවද සිංහල බලපිරිසේ සිටි විරුවන් ඉදිරියේ ඔවුන් ලද අන්ත පරාජය නිසා ඉංගී්‍රසි පාලකයෝ මහත් භීතියට හා කෝපයට පත්වූහ.

කළ යුතු වෙනත් කිසිවක්‌ නොවූයෙන් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයාගේ මීළඟ පියවර වූයේ මොනරවිල කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් සේනාවක්‌ යවා නිදහස්‌ සටනට උරදී සිටි සිංහල ජනතාව යටත් කර ගැනීමය.

එසේ යෑවූ මොනරවිල කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් ඉංගී්‍රසි සේනාව ඉදිරියට පැමිණෙන විට සිංහල බලසෙනගේ ප්‍රධානියා වූ කොහුකුඹුරේ රටේරාලගේ ගෞරවනීය වූ ආයාචනයෙන් අප විරුවාගේ හදවත උණුවීම සිංහල ඉතිහාසයේ සංධිස්‌ථානයක්‌ වූවාට සැක නැත.

තමා සමග පැමිණි සුදු හමුදාවේ කිසිවකුට හානියක්‌ නොවන පරිදි තම තුවක්‌කු පතොරම් ද ඔවුන්ට දී හරවා යෑවූ කැප්පෙටිපොළ විරුවා කොහුකුඹුරේ රටේරාළ ඇතුළු පිරිසට එකතු වී සුද්දන්ට එරෙහි සටන් කළ සිංහල සේනාවේ පෙරමුණ ගත්තේය.

මෙසේ 1817 වසරේ මැද ඌව වෙල්ලස්‌සෙන් පටන්ගත් නිදහස්‌ අරගලය 1818 මුල වන විට හේවාහැට වලපනේ සත්කෝරලය ආදී ප්‍රදේශ කිහිපයක්‌ දක්‌වා ව්‍යාප්ත විය. කැප්පෙටිපොළ සිංහල හමුදාවට එක්‌වූ බව දැනගත් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා මේජර් මැක්‌ඩොනල් නම් සෙනෙවියා යොදවා සටනට එක්‌ව සිටින සියලුම සිංහලයන්ගේ දේපළ රාජසන්තක කර වගා බිම් පාළු කරවන ලදී.

ආණ්‌ඩුකාරවරයා ආඥවක්‌ නිකුත් කරමින් උඩරට නිදහස්‌ සටනට නායකත්වය දෙන කැප්පෙටිපොළ අල්ලා දුන් කෙනකුට හෝ නිවැරැදි තොරතුරක්‌ ලබාදුන් කෙනකුට වටිනා මුදල් ත්‍යාග පිරිනමන බවට ප්‍රකාශයක්‌ කළේය. මෙකල මෙන් එකලත් උදර පෝෂණය වෙනුවෙන් හඬ නඟන දීන පුද්ගලයන් සිටි බැවින් මුන්ගේ උදව්වෙන් නාරංගමුවේ සැඟව සිටි දෙල්වල එතනහාමිත් මවත් පළමුව අල්ලාගත් ඉංගී්‍රසි හමුදාවෝ දින දහයකට පසුව මාතලේ පවරගම වටකර කැප්පෙටිපොළ සමග පිළිමතලාවේ අදිකාරම් සිය ග්‍රහණයට ගත්හ.

ඉන් අනතුරුව ඉංගී්‍රසි ආණ්‌ඩුවට විරුද්ධව කැරලි ගැසීමේ චෝදනාව යටතේ කැප්පෙටිපොළට මරණ දඬුවම නියම විය.

එහෙයින් ක්‍රි.ව. 1818 නොවැම්බර් 26 දින පෙරවරු 8.00 ට සෙංකඩගල බෝගම්බර වධකාගාරයේදී කැප්පෙටිපොළ විරුවාගේ හිස ගසා දැමීමට නියම කරන ලදී. එදින උදැසන 8.00 ට දළදා වහන්සේට හා භික්‌ෂූන් වහන්සේලාට වැඳ නමස්‌කාර කළ වීර කැප්පෙටිපොළ 'ඊරිගම කංකානම' නමැති වධකයා අබියසට ගොස්‌ පවසා සිටියේ මා බුදුගුණ සිහිකරන විටදී එකම කඩුපහරින් මාගේ හිස කඳෙන් වෙන් කරන ලෙසයි.

එතුමා පැවැසූ පරිදි වධකයා එකම කඩු පහරින් වෙන් කළ වීර කැප්පෙටිපොළගේ හිස 'හෙන්රි මාෂල්' නම් වෛද්‍යවරයා මැදිහත්ව ස්‌කොට්‌ලන්තයට පවරන ලදුව එහිදී එය පර්යේෂණයට නතු කළ 'හිල්' නමැති විශේෂඥයකු පවසා ඇත්තේ කැප්පෙටිපොළගේ හිස්‌ කබල ලෝකයේ බිහිවූ දුලබ රණශූරයකුගේ යන්නය.

ජාතිය අවදි කරමින් මාතෘභූමිය රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ කැප්පෙටිපොළ විරුවාණන් සිහි කරන අද වැනි දිනක මුළු මහත් ජාතියේම ගෞරවය ඔහුට හිමිවිය යුතුය.

උපුටා ගැනුම - http://www.divaina.com/2012/11/26/feature02.html

_______________________________________________________________

ජාතිකත්වය වෙනුවෙන් හිස දුන් වීරයා


පසුගිය දිනට (26 දා) යෙදුණු වීර කැප්පෙට්‌ටිපොල දිසාවගේ 192 වැනි ගුණ සමරුව නිමිත්තෙනි...

1817 - 1818 ඌව වෙල්ලස්‌ස මහ කැරැල්ල යම් යම් හේතුමත අසාර්ථක වීම අපේ දේශයේ තීරණාත්මක කඩ ඉමකදී සිදු වූ එක්‌ අභාග්‍ය සම්පන්න සිදු වීමකි.

කැරැල්ල මෙහෙයවු කැප්පෙට්‌ටිපොල, මඩුගල්ල හා පිළිමතවලව්වේ දිසාව ඇතුළු 18 දෙනකු කැරළිකාරයන්, පෙරළිකාරයන් සහ බ්‍රිතාන්‍ය මහරජතුමාගේ සතුරන් හැටියට නම් කරමින් ඉංග්‍රිසි ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් විසින් ආඥ පත්‍රයක්‌ නිකුත් කළේය. කැප්පෙට්‌ටිපොල මඩුගල්ලේ හා පිළිමතලාවේ දිසාවන්ගේ හිස්‌ වෙනුවෙන් ඔවුන් අල්ලාදෙන කෙනකුට පගෝදි 1000 බැගින් තෑගි දෙන බවටත්, කිවුලේ ගෙදර මොහොට්‌ටාල අල්ලා දෙන අයෙකුට පතාග 500 ක්‌ද, ඇල්ලේපොල අදිකාරම්තුමා අල්ලා දෙන කෙනෙකුට රික්‌ස්‌ ඩොලර් 1000 ක්‌ තෑගි කරන බවටත් මෙම ආඥ පත්‍රයේ සඳහන් විය.

කැරැල්ල අසාර්ථක වී ඇති නිසා මෙම 18 දෙනා පරවහගම ගම්මානයේ වෙත පසු බැස්‌සේය. කැප්පෙට්‌ටිපොල දිසාවට තිබු ඥති සම්බන්ධතාවයක්‌ මත මෙම ගම්මානය තෝරා ගෙන ඇත.

මෙම ගම්මානය එකල හඳුන්වා ඇත්තේ වඩිගමංගාව නමිනි. අතීතයේදී වඩිග පරපුරට අයත් රජවරු මෙම ප්‍රදේශය සමග විවිධ සම්බන්ධතා පැවැත්වු නිසා එකල මෙම ප්‍රදේශයට වඩිගමංගාව යෑයි කියනු ලැබූ බව පැරණි තොරතුරුවලින් හෙළිදරව් වේ.

අනුරාධපුර හා මාතලේ දිස්‌ත්‍රික්‌ක දෙක වෙන්වන කහගල්ල කඳු අසල මෙම වඩිගමංගාව පිහිටා තිබේ. පරවහගම නමින් හඳුන්වන මෙම ගම්මානය අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයට අයත්වේ. කලාවැව සිට කිලෝ මීටර් දහයක්‌ පමණ ගියතැන මෙම පරවහගම ගම්මානය හමුවෙන අතර මෙහි ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500 ක්‌ පමණ දුරින් වන ලැහැබින් වටවූ ප්‍රදේශයක කැප්පෙට්‌ටිපොලගේ පිළිරුවක්‌ තනා ඔහුව අත්අඩංගුවට ගත් ස්‌ථානය බවට සනාථ කර ඇත.

එම ග්‍රාමයේ කැප්පෙට්‌ටිපොල දිසාවගේ ඥති සහෝදරියකගේ වලව්වක්‌ තිබූ නිසා මෙම පිරිස පරවහගමට පසුබැස ඇත. එමෙන්ම මෙම විරුවන් ගමට පැමිණි දා සිට ගම්වාසීන් රැකවරණය ලබාදී ඇත. පාරවල් හරහා ගස්‌ කපා දමා, කාණු කපා වැටියොදා සියලු පැතිවලින් ආරක්‌ෂා කොට පාරවල් වසා දමා ඇත. පාරවල් වැසූ ගම යන අර්ථයෙන් මෙය පරවහගම වූ බව එම ගම්වැසියන්ගේ මතයයි.

මාසයක පමණ කාලයක්‌ මෙම ගමේ සිටින අතර කෑම බීම සපයා ඇත්තේ ඥති සහෝදරිය විසිනි. ගම්වාසීන් ආරක්‌ෂාව සපයා ඇත. දැනට වලව්වක්‌ තිබු බවට සාධක කිසිවක්‌ ෙනැමැතිවුවත් පැරණි අය පවසා තිබුණේ මෙහි වලව්වක්‌ පමණක්‌ නොව පිටස්‌තර අයට නැවතීමට හැකි මඩුවක්‌ද සාදා තිබූ බවය. මරක්‌කල වෙළෙන්ඳෙක්‌ මෙම මඩුවේ නැවතීම සඳහා එම දිනවල මෙම ගමට පැමිණ ඇත. ගම්වාසීන් විසින් ඔහුට පවසා එම දිනයේ තොවිලයක්‌ ඇති බැවින් නවාතැන් දිය නොහැකි බවය. පාරවල් හරස්‌කර තිබෙන ආකාරයෙනත්, නවාතැන් දීම ප්‍රතික්‍ෂේප කළ ආකාරයෙනුත්, ඔහුට කිසියම් සැකයක්‌ ඇති වී ඇත. රාත්‍රිය වනතුරු වන ලැහැබක සැඟවී සිටි ඔහු රාත්‍රියේදී වලව්ව ආසන්නයට පැමිණ කුමක්‌ද සිදුවන්නේ යන්න බලා සිට ඇත.

කැප්පෙට්‌ටිපොල ඇතුළු පිරිස වලව්වට එනු දුටු ඔහු මොවුන් ඇල්ලීම සඳහා ඉංග්‍රිසීන් විසින් සකස්‌කර ඇති ආඥ පත්‍රය සිහිවිය. මොවුන් අල්ලා දුනහොත් තෑගි ලබා ගැනීමට හැකිවේයෑයි සිතූ ඔහු එම රාත්‍රියේම සැතපුම් 16 ක්‌ පයින්ම මානාවේ කඳුවුරට ගොස්‌ ඔත්තුව දුන්නේය. ලෙප්ටිනන්ට්‌ විලියම් ඔනිල් ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් භට කණ්‌ඩායමක්‌ එකෙණෙහිම පරවහගම බලා පිටත්විය. ඔක්‌තෝම්බර් 28 වැනි දින අලුයම පැමිණි එම භට කණ්‌ඩායම වලව්ව වටලන ලදී. පිළිමතලව්වේ දිසාව ඔත්පලව යහනක වැතිර සිටියේය. මඩුගල්ලේ දිසාව, දේදුණුපිටියේ මොහොට්‌ටාල, වේගුරු ආරච්චි, උඩුගම මොහොට්‌ටාල, කෙම්පිටියේ මොහොට්‌ටාල, කුඩාගම මුහන්දිරම්, දුල්ලෑවේ මොහෙට්‌ටාල, අම්ගොල මොහොට්‌ටාල, ඉරවතුරේ මොහොට්‌ටාල, කුරුක්‌කුඹුරේ මොහොට්‌ටාල, හොරොම්බාවේ මොහොට්‌ටාල, බොරු වැවේ කෝරාල, මොරවැවේ මොහොට්‌ටාල, කුච්චලවින්නේ මොහොට්‌ටාල, මැදගම මොහොට්‌ටාල, හේවාපොල මොහොට්‌ටාල යන 16 දෙනා පලා ගියහ.

ඔවුන් සමග පැප්පෙට්‌ටිපොල පැනයැමට කොතෙකුත් ඉඩ ප්‍රස්‌ථාව තිබුණත් ඔත්පලව සිටි තම සගයාව දමා යැමට තරම් ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත. කැප්පෙට්‌ටිපොල දිසාව ඉදිරියට පැමිණ "මම තමයි කැප්පෙට්‌ටිපොල" යනුවෙන් අභීතව ඉදිරිපත් වී ඉංග්‍රිසී හමුදාවේ අත්අඩංගුවට පත්විය. රෝගාතුරව කවිච්චියක සැතපී සිටි පිළිමතලාවේ ද අත්අඩංගුවට ගන්නා ලදී. ඊට තෙදිනකට පසු පැනගිය මඩුගල්ලේ දිසාව ප්‍රමුඛ කැරලිකරුවන් පිරිස මාතලේදී අත්අඩංගුවට ගෙන ඇත.

තමා ලත් අනපේක්‌ෂිත ජයග්‍රහණයෙන් ලෙප්ටිනන්ට්‌ විලියම් ඔනිල් අමන්දානන්දයට පත්විය. ඔහු අප්‍රමාදව මේ කටයුත්ත පිළිබඳව වාර්තාවක්‌ සකස්‌කොට පරවහගම සේනාංකය භාරව සිටි කපිතාන් ප්‍රේෂර් වෙත යවන ලදී. කපිතාන් ප්‍රේෂර් ලෙප්ටිනන්ට්‌ ඔනිල්ගේ නිර්භීත ක්‍රියාව අගය කර මෙම සිරකරුවන් මහනුවරට ගෙන ඒ මේ අවසරය පතා සංදේශයක්‌ සත් කෝරළය භාරව සිටි අණදෙන නිලධාරී හුක්‌ වෙත යෑව්වේය. ඔහු විසින් විශේෂ සංදේශයක්‌ පිළියෙළ කර ආණ්‌ඩුකාර බ්‍රවුන්රිගේ වෙත වහාම යවන ලදී. එම සංදේශයේ සිංහල පරිවර්තනය මෙසේය.

1818 ඔක්‌තොම්බර් 30 වැනිදා

කුරුණෑගල

උතුමාණෙනි,

තියුණු බුද්ධියෙන් හා අභීත රණකාමීත්වයෙන් හෙබි ඒ අසමසම නිලධාරී ප්‍රේෂර්ටත් එසේම ඔහුගේ සංවිධානය යටතේ කටයුතු කළ නිලධාරී පිරිසටත්, යුක්‌තිය ඉටු කරලීමේ කිසිම දෙයක්‌ ගැන සිතීමට පවා මම අපොහොසත්ව සිටින්නෙමි. මේ සේනාංකයේ සියල්ලන් තුළම පැවැති ආත්ම ශක්‌තිය නිසාම බිහිසුණු කාලගුණ තත්ත්වය, වෙහෙස හා අනෙකුත් හැර හිරිහැර බාධාවක්‌ම පරාජය කොට වර්ණනා විෂයාත්‍රිකාන්ත වූ මා හැඟි ජයග්‍රහණයන් ඔව්හු අත්කොට ගත්හ. මේ විජයග්‍රහණය ඔබතුමාගේ ද අමන්දානන්දයට හේතුවනු නිසැකය. එසේම අප මහ රජතුමාණන්ටද එය විජයග්‍රහණයකි.

ඔවුන් වෙනුවෙන් මවිසින් යවන ලද ආහාරපාන පවා අයහපත් කාලගුණය හේතුකොට මගරැඳී ඇති බව පවසන්නේ ඉමහත් සිත් වේදනාවෙනි. සම්පූර්ණ විජයග්‍රහණය පිළිබඳ විස්‌තර අඩංගු ප්‍රේෂර්ගේ සංදේශයක්‌, ලෙප්ටිනන්ට්‌ ඔනිල්ගේ සංදේශයත්, ඔබ තුමන්ගේ සැළකිල්ලට භාජනය වනු පිණිස මේ සමග එවමි. ඔබතුමාගේ අණ ලැබෙනතුරු සිරකරුවන් මෙහි රඳවාගන්නෙමි.

ඔබතුමාගේ යටහත් සේවක, ඇල්. හුක්‌.

හතර කෝරළයේ අණදෙන නිලධාරී තැන

බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා මේ ලිපිය ලැබීමෙන් පසු ප්‍රීතියෙන් ඔඳවැඩී ගියේය. ඔක්‌තොම්බර් 31 දින මුළු දිවයින පුරා සෑම කඳවුරකම ජය සමරන ප්‍රීති උත්සව දිනයක්‌ සේ සලකා විශේෂ නිවේදනයක්‌ නිකුත් කළේය. එසේම සිංහලේ විමුක්‌ති සටනේ ප්‍රබලතම බලකනු දෙකක්‌ වූ කැප්පෙට්‌ටිපොල හා පිළිමතලාව සිරභාරයට ගැනීම ගැන විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ද නිකුත් කළේය.

මහනුවරට ගෙනඑන ලද මෙම වීරයන් දෙදෙනා මහනුවර කඳවුරක සිරකරන ලද්දේය. නීතියානුකූල ලෙස පිහිටුවාගත් මහ රජාණන් වහන්සේගේ ආණ්‌ඩුව පෙරළීමේ අදහසින් යුද්ධ ඇති කිරීම ගැන කැප්පෙට්‌ටිපොලට විරුද්ධව නොවැම්බර් 13 වැනි දින යුද්ධාධිකරණය මගින් නඩු විසඳන ලදී. මෙම යුද්ධාධිකරණයේ සභාපති හැටියට ලෙප්ටිනන්ට්‌ කර්නල් කෙලී සහ නියෝජ්‍ය විනිශ්චයකාර අධිනීතීඥ ලෙස ඩබ්ලිව් එච්. ක්‌ලේදර් පත්කොට සිටියේය.

මොනරවිල කැප්පෙට්‌ටිපොල දිසාවතුමා හමුදා රැකවරණ සහිතව ඉංග්‍රීසීහු යුද්ධාධිකරණ ශාලාව වෙත කැඳවාගෙන ආහ. ඔහුට විරුද්ධව නගා තිබූ චෝදනා අධිකරණය ඉදිරියේ කියෑවීමෙන් පසු විභාගය ඇරඹිණි. චෝදනා 4 ක්‌ ඔහු වෙත ඉදිරිපත් කර තිබිණි.

01. රාජද්‍රොaහියකු ලෙස රාජාඥවක්‌ ප්‍රකාශයට පත් කරනු ලැබූ ඌවේ හිටපු දිසාව වූ කැප්පෙට්‌ටිපොල නොහොත් මොනරවිල මහනිලමේ නමැති යුෂ්මතා මහ රජ තුමාගේ නීත්‍යානුකූල ආණ්‌ඩුවට විරුද්ධය යුද වැදී සටන් කිරීම.

02. එසේම මහනුවර රජකමට උරුමකම් ඇතැයි ව්‍යාජ නාමයකින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ පුද්ගලයකු යටතේ පසුගිය අවුරුද්දේ දියබෙත්මේදී සිංහලේ පළමුවන අදිකාරම් හෙවත් මහ ඇමැති පදවිය භාරගෙන සිංහලේ පුරා රාජද්‍රොaහියකු ලෙස කටයුතු කිරීම.

03. එසේම පසුගිය ජූලි මාසයේදී කැරළිකාරයන් සමග හතර කෝරළයට වැදී එහි වූ රාජ්‍ය පාක්‍ෂික යටත් වැසියන් ලවා නීත්‍යානුකූල බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ කැරලි සංවිධානය කිරීම.

04. මෙලෙසින් රාජද්‍රොaහි ක්‍රියා පටන්ගත් යුෂ්මතා බ්‍රිතාන්‍ය මහරජතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම.

මෙහිදී දීර්ඝ නඩු විභාගයක්‌ නොපැවැත්වූ අතර කැප්පෙට්‌ටිපොල සියලු චෝදනාවලට වරදකරු බව යුද්ධාධිකරණය තීරණය කළේය. ආණ්‌ඩුකාරතුමන්ගේ මනාපය අනුව එතුමන් විසින් නියම කරන ලද ස්‌ථානයකදී මරණීය දණ්‌ඩනය දිය යුතුය. යනුවෙන් නියම විය.

නොවැම්බර් 16 වැනිදා චෝදනා විභාග කළ මඩුගල්ල දිසාවටද මරණීය දණ්‌ඩනය දිය යුතුය යනුවෙන් නියම විය. පිළිමතලාවේටද මරණීය දණ්‌ඩනය නියම වුවත් පසුව එම දඩුවම ලිහිල් වී රටින් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.

සියලු දෙනාගේ නඩු විභාගවලින් පසු නොවැම්බර් 24 දා බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා නිකුත් කළ නිවේදනය අනුව කැප්පෙට්‌ටිපොල දිසාවටත් මඩුගල්ලේ දිසාවටත් 1818 නොවැම්බර් 26 වැනි දින උදේ 8.00 ට බෝගම්බර වැව අසල වධකාගාරයේදී මරණයට මුහුණ පෑ යුතුය යනුවෙන් දන්වන ලදී.

1818 නොවැම්බර් 26 වැනි දින පාන්දර කැප්පෙට්‌ටිපොල හා මඩුගල්ලේ දිසාවටත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි දළ¹ මාළිගාවට ගොස්‌ වැඳ පුදා එහි සිටි ස්‌වාමීන් වහන්සේලාගෙන් සුළු අනුශාසනාවක්‌ද අසා සිටියහ. බොහෝ වේලාවක්‌ දණ ගසාගෙන සිටි ඔහු නැගී සිට අසල සිටි සෝයරස්‌ මහතා දෙසට හැරී "මහත්මයාණෙනි මවිසින් මේ කරන ලද අවසාන පුන්‍යකර්මයේ පින් ඔබටද අනුමෝදන් කරවන්නෙමි" කියා සිටියේය. ඉන්පසු තමාගේ ඉන වටේ දවටාගෙන තිබූ වස්‌ත්‍රය වුණා මෙය කිළිටි වී ඇතත් මා ළඟ ඇති එකම වස්‌තුව මෙය බැවින් පින් අඩු නොවේවායි කියා පූජා කොට අවසාන වූ පසු සෝයරස්‌ මහතාට හිස ගසා දමන ස්‌ථානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමුත් ඒ මහතා ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළේය.

වධක ස්‌ථානයට කැඳවාගෙන ආ පසු කැප්පෙට්‌ටිපොල නිලමේතුමන් පැන්බඳුනක්‌ ඉල්ලාගෙන අතපය මුහුණ කට දෝවනය කොට කොණ්‌ඩය උඩට පීරා බැඳගෙන කිසිම තැති ගැන්මක්‌ හෝ බියක්‌ නොමැතිව වධකයා දෙසට හැරී "දැන් මම මරණයට සූදානම්"යෑයි කියා සිටියේය. "ඉතිපිසෝ භගවා අරහං" කියත්ම වැදුණු කඩු පහරින් ගෙල සිඳී ගියේය.

කැප්පෙට්‌ටිපොල නිලමෙතුමා තම මරණයට අභීතව මුහුණ දුන් අයුරු, තම ඇසින් දුටු වෛද්‍ය හෙන්රි මාරිෂල් මහතා "මොහු කැරැල්ලෙන් ජයග්‍රහණය කළේ නම් රාජද්‍රොaහියකු ලෙස හිස ගසා දමනු වෙනුවට දේශප්‍රේමියකු ලෙස ගෞරවයට පාත්‍ර වනු නියත යෑයි කියා සිටියේය.

වෛද්‍ය හෙන්රි මාර්ෂල් විසින් කැප්පෙට්‌ටිපොල මහ නිලමගේ හිස්‌ කබල එංගලන්තයේ එඩිම්බරෝ නගරයේ පිහිටි කපාල විද්‍යා සංගමයේ කෞතුකාගාරය වෙත යවන ලදී. එහිදී මෙම හිස්‌ කබල විද්‍යාඥයන්ගේ විශේෂ පරීක්‌ෂණයට භාජනය කරන ලදුව මෙම හිස්‌කබල හිමි තැනැත්තා ලෝකයේ අතිශයින් විරල ගණයේ වීරයෙකු බව වෛද්‍ය හීල් මහතා විසින් අනාවරණය කරන ලදී.

1948 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාව ට නිදහස ලැබීමෙන් පසු ආපසු මෙම හිස්‌ කබල ලංකාවට භාර දෙන ලදී. නමුත් 1954 නොවැම්බර් 26 වැනි දින මහනුවර මහමළුවේ විශේෂ ස්‌මාරකයක්‌ යට තැන්පත් කරන ලදී. එදා සිට අද දක්‌වාම එම හිස්‌කබල එම ස්‌මාරකය තුළ නිරුපද්‍රිතව ඇතැයි විශ්වාසයක්‌ ඇති බැවින් එය පිටතට ගෙන මහනුවර ජාතික කෞතුකාගාරයේ තැන්පත්කර මහජනතාවට නැරඹීමට ඉඩ සැලැස්‌විය යුතුව ඇත. වසර ගණනාවක්‌ තිස්‌සේම විවිධ ආයතන හා සංවිධාන වලින් මෙම ඉල්ලීම කර ඇතත් අදාල බලධාරීන්ගේ නිසි අවධානයක්‌ ඊට යොමු වී නොමැති බව පෙනේ.

උපුටා ගැනුම - http://www.divaina.com/2010/12/01/badada01.html
බී. හේමසිරි කුරේ

Thursday, November 15, 2012

ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය


යන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට එන මල් පොහොට්‌ටු වැනි රූබර දැරිවියන් රවට්‌ටා ගන්නා මුස්‌ලිම් තරුණයන්ට මුස්‌ලිම් වැඩිහිටියෝ හා ප්‍රභූ සමාජය දක්‌වන්නේ පුදුමාකාර ආශිර්වාදයකි. "අපට ඕන උඹලයි කෙල්ලෝ. උඹලයි ජාතිය, උඹලයි ආගම, උඹලයි සල්ලි, ඉඩකඩම් අපිට එපා. අපි කෙල්ලෝ ගන්නවා. ඒකට අපි කැමැතියි...." මා දන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයකු පස්‌සර දී මට දිනක්‌ කීවේය.

එක මලකට ඉව අල්ලා ඔවුහු වැනසී ගියහ...

නලින් ඉන්දික......

කාංචනා මනෝහාරී නමැති පාසල් ශිෂ්‍යාව දූෂණය කර මරා දැමීම හේතුකොටගෙන වරක්‌ මුළු රටේම ජනතාව "පස්‌සර" ගැන කතා කළහ.... පස්‌සර යෑය කී පමණින් අර "කාංචනා" දූෂණය කරල මරල දාපු පළාත නේදැයි අසන්නට පටන් ගත්හ. ඒ මීට වසරකට දෙකකට ඉහතය...

දැන් ඔන්න ආයෙත් වතාවක්‌ රටේ ජනතාව පස්‌සර ගැන අවධානයෙන් බලන්නට පටන් ගෙන ඇත. ඒ පසුගිය 13 වැනිදා රාත්‍රියේ වයස අවුරුදු 20 ට අඩු බීමත් මුස්‌ලිම් තරුණයන් 5 දෙනකු විසින් අමානුෂික ලෙස පිහියෙන් ඇන පස්‌සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සම වයසේම සිංහල තරුණයකු මරා දැමීමේ සිද්ධියත් සමඟය...



මේ තරුණ ගැටුමට හේතුව කුමක්‌ද? රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව එකාවන්ව එකට නැගී සිට රටේ සමගිය ලොවටම කියන්නට අවශ්‍ය මොහොතක සම වයසේ මේ ළාබාල තරුණයෝ මහපාරේ මරා ගන්නේ ඇයි.... මේ වූ කලී කෙනකු ගැඹුරින් කල්පනා කළ යුතු ප්‍රශ්නයකි....

බැලූ බැල්මට හා ප්‍රදේශයේ සූ ගා පැතිරී යන කතාවට අනුව මේ තරුණ දෙපිරිසගේ විරසකයට මූලික හේතුව යාන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට විත් ඇස ඇර ලෝකය දෙස බලන බාලවයස්‌කාරියකි. තරුණයන් දෙදෙනකුම තරගයට වැදී ඇත්තේ ඇයගේ ආදරය පතාය.

බදුල්ලේ ප්‍රකට විද්‍යාලයක ඉගෙනුම ලබන මේ දැරිවිය හා මුලින්ම හාදවන්නේ සිංහල තරුණයාය. ඔහු නමින් නලින් ඉන්දික උදය කුමාරය. පාසල් ගිය ද සාර්ථක පාඨශාලීය අධ්‍යාපනයක්‌ නොලද ඔහු ඊළඟ පියවර ලෙස තැබුවේ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමටය. ඒ හරහා රට රස්‌සාවකට යැම ඔහුගේ සිහිනය විය. 

ඔහු ඉල්ලුම් කළ රට රැකියාව ඔහුට ලැබිණි. ඒ සඳහා අදාළ ලියවිලි ද පැමිණියේය. රැකියාව සඳහා යැමට වෛද්‍ය පරීක්‍ෂණය යෙදී තිබුණේ මාර්තු 14 වැනිදාටය. ඉන් සමත් වුවහොත් රට රැකියාව සඳහා නිසැකවම පිටත්ව යැමට වැඩ කටයුතු සැලසී අවසන්ය.

වෛද්‍ය පරීක්‍ෂණයට පෙරදා හවස නලින් ඉන්දික තම සුමිතුරන් සමඟ පුංචි මධුපානෝත්සවයක්‌ පවත්වන්නට වූයේ රට රස්‌සාව හරි යැමේ සතුට බෙදාහදා ගැනීමටය. ඒ සාදය අහිංසක එකකි. පස්‌සර නගරය තුළ දුසිමක්‌ පමණ වන මත්පැන් අලෙවිසල්වලින් සැර බීම බෝතලයක්‌ ගත් ඔවුහු තම සහෝදරයාගේ ත්‍රීවීලරයට නැග ප්‍රාදේශීය සභාව ඉදිරියේ හන්දියේ අඳුරු කෙළවරක නතරව සාදය පටන් ගත්හ. ඒ කතාවේ එක්‌ පැත්තකි.

මේ තුන්කොන් ආදර කතාවේ තෙවැන්නා මුහ්හමුද්ය. පාසල් අධ්‍යාපනය නිමවා රැකියා පෝලිමට එක්‌වූ ඔහු රැකියාවක්‌ ලැබෙනතුරු පාවහන් කර්මාන්තයේ නිරත විය. නිවෙස්‌වල ගෘහ කර්මාන්ත ලෙස පාවහන් හැදීමත් එවැනි පාවහන් විකුණන අලෙවිසල්වල වැඩ කිරීමත් මේ වරිගයේ තරුණයන්ගේ ආදායම් මාර්ගය විය.

මුහ්හමුද් ද ඉහත කී දැරිවියගේ ආදරය පතන්නට වූයේය. දැරිවිය ඔහු දෙස ද ආදරයෙන් බැලුවාද නැද්ද යන කරුණ පැහැදිලි නැත. කෙසේ වෙතත් ඇයගේ ආදරය සම්බන්ධයෙන් ඔහු අතරත් නලින් ඉන්දික අතරත් වෛරයේ බීජය නම් පැළවන්නට පටන් ගත් බව නිසැකය.

මේ තුන්කොන් ආදර අන්දරය ටික ටික අතු ඉති කොළ ලා වැඩෙන්නට පටන් ගැනිණි. තරුණිය පාසල් ගියාය. එහෙත් තරුණයන් දෙදෙනා අතර ගැටුම දවසින් දවස මුහුකුරා ගියේය. කාලය එසේ ගෙවී යමින් තිබිණි. දෙදෙනා අතර රැවුම් ගෙරවුම් ගැස්‌සිලි හැප්පිලිවල අඩුවක්‌ නොතිබුණත් ඒ කිසිවක්‌ ගමේ කිසිවකුට පෙනෙන්නට නොතිබිණි.

සිද්ධිය වූ දා එනම් 13 වැනිදා මුහ්හමුද් උදේ ගමන් කරමින් සිටියේ ඔහුගේ සම වයසේ වූ මුස්‌ලිම් යහළුවන් සිව්දෙනකු සමඟය. පස්‌දෙනාම එකතු වී ඇතැම් විට හොර රහසේ මත්පැන් බිව් මුත් ලෝකයාට පෙනෙන්නට කිසිවක්‌ නොකළේය. මත්වන්නට තවත් මාර්ග ඔවුන් සතුව තිබිණි. උඩරට පළාත්වල හොර රහසේ සුලභව කඩවල අලෙවි කරන යම් යම් විෂ මත්ද්‍රව්‍ය ගෙන පුවක්‌ කුඩු වර්ග පැකට්‌ පිsටින් ගෙන කටේ දමා බුලත් හපයක්‌ මෙන් වික වික සිටීම ඔවුන්ගේ පුරුද්දයි. ගංජා ඉරීම, පැණි බීම, විවිධ පැණි වර්ග ගැනීම වූ කලී මෙවැනි හැංගි හැංගී මත්පැන් බොන ළාබාල තරුණයන්ගේ පුරුද්දය.

මේ කොයි ක්‍රමයකින් හෝ මේ පස්‌දෙනා එදා හවස සිටම පස්‌සර ප්‍රාදේශීය සභාවට යන පාරේ සිටියේ හොඳ පදමට මත්වීය. එහෙත් ඔවුන් ගැන කිසිවකු සැක නොකළේ මත් වී තැන තැන කැරකි කැරකී හේතුවක්‌ නොමැතිව රස්‌තියාදු ගහන මේ වයසේ තරුණයෝ පස්‌සර ඉතා සුලභ බැවිනි.

රාත්‍රි 9.30 ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරියේ අඳුරේ නවත්වා තිබූ ඉහත කී ත්‍රීවීලරයට මුස්‌ලිම් තරුණයන් පස්‌දෙනා පැමිණියහ. ඒ අතරින් මුහ්හමුද් ඉදිරිපත්ව ඉන්දිකට එළියට කතා කළේය. ඒ වන විට ඉන්දික ද සිටියේ තම මිතුරෝ සමඟ මධුපැන් බෝතලයේ පතුළ දකිමිනි.

ඉන්දික සැක නොකළේය. තරුණ මදයත් මත් පැනින් ලත් එඩිතර බවත් ඉන්දික ත්‍රීවීලරයෙන් අඩි දෙක තුනක්‌ ඉදිරියට ගෙන ගියේය. 

මුහ්මුද් එකෙනෙහිම තියුණු පිහියක්‌ ඇද ගත්තේය. පිහිය සඳ එළියේ දිලිසෙන්නට විය. දිලිසෙන ඒ එළිය කිහිප විටක්‌ ඉහළ පහළ යනවා පෙනිණි. නලින් ඉන්දික අමාරුවෙන් ත්‍රීවීලරය දෙසට ආවේය. මුස්‌ලිම් තරුණයන් පස්‌දෙනා පැන දිවූහ. ත්‍රීවීලරයේ සිටි අනෙක්‌ දෙදෙනාට වූයේ කුමක්‌දැයි සිතාගත නොහැක. 

මුහ්හමුද් පිහියකින් ඇන්නා. පුංචි තුවාලයක්‌ යමු ඉස්‌පිරිතාලෙට.... ඉන්දික කෙඳිරි ගෑවේය.

ක්‍ෂණයකින් සෙනඟ වට වූහ. ත්‍රීවීලරය වේගයෙන් අඳුරේම රෝහල වෙත පියඹා ගියේය. තව පිරිසක්‌ පොලිසියට දිව ගිය අතර මුස්‌ලිම් තරුණයන් 5 දෙනා හොඳින් අඳුරන තරුණ පිරිස උන් සොයා මෙහෙයුම පටන් ගත්හ.

කතාවේ පළමු අඩ ඉවර වූයේ එතැනිනි.

ඒ සිදුවීම් මාලාවේ වත්මන් ප්‍රතිඵලය වූයේ හේරත් මුදියන්සේලාගේ රත්නපාලටත්, ඔහුගේ බිරිඳටත් තම බාල පුත්‍රයා අහිමි වීමය. සහෝදර සහෝදරියන් තුන්දෙනකුගෙන් යුතු ඒ පවුලේ බාලයා වූ නලින් ඉන්දික උදය කුමාර අද පහන් දෙකක එළි මැද සුදුවතින් සැරසී උඩුකුරුව සමාදානයේ සැතපී නිදයි. 

අනිත් අතට පොලිසියට කට්‌ටි පනිමින් සැඟවී සිටි මුහ්හමද් 15 දා සවස නීතියේ රැහැනට හසුවෙයි. ඔහු සමග සිටි තවත් දෙදෙනෙක්‌ ඔහු සමග දැන් පොලිස්‌ හිර කූඩුවේ කම්බිකූරු අතරය. සෙසු දෙදෙනා සොයා පොලිස්‌ දැල එළී අවසන්ය. 

පස්‌සර නගරයම අද එකම එක ගිනි ජාලාවකි. අහිංසක මුස්‌ලිම් පවුල්වල දෙමාපියෝ තම තරුණ පුතා දූ පාරට තොටට නොයවා ගේ අස්‌සේ සඟවාගෙනය. මුස්‌ලිම් සිංහල නොහොඳ නෝක්‌කාඩුව ඇවිලෙන්න ඔන්න මෙන්නය.

සිංහල දෙමාපියෝ හා ජනතාව සිටින්නේ පුදුමාකාර ඉවසීමකය. ගහක්‌ ගලක්‌ සේ ගමටම උදව් කරගෙන සිටි තරුණ කොල්ලෙක්‌ අද රටට අහිමි වී ගොස්‌ය. ගමට අහිමි වී ගොස්‌ය. යාළුවන්ට අහිමි වී ගොස්‌ය. යාළුවෝ සිටින්නේ කොයි මොහොතේ කාගෙන් ඒ වාඩුව ගන්නේ දැයි මාන බලමිනි.

මා මේ මොහොතේ එක්‌ ප්‍රශ්නයක්‌ ඇසිය යුතුව ඇත. නලින් ඉන්දික මුස්‌ලිම් තරුණයකු වූ මුහ්හමද් හා පිරිස සිංහල තරුණයන් වූයේ නම් අද පස්‌සර ප්‍රදේශයට අත්වී තිබෙන ඉරණම කුමක්‌ නම් විය හැකිද?

නිසැකවම එසේ වී නම් මේ වන විට ඉතා භයානක ප්‍රතිඵල රැසක්‌ රටට ඉතිරි කරමින් මේ රටේ මුස්‌ලිම්හු පස්‌සර පමණක්‌ නොව මුළු රට පුරාම මහත් පෙරළියක්‌ ඇති කිරීමට ඒ සිද්ධිය යොදා ගන්නවා ඇත.

මේ සිද්ධිය ජාතිවාදයට කිසිසේත්ම සම්බන්ධ නැති හුදෙකලා සිද්ධියක්‌ බව සැබෑය. එහෙත් පස්‌සර වැනි ජාතීන් කීපයක්‌ එක සමානව ජීවත් වන සංවේදී පළාත්වල සිදුවන ක්‍රියාකාරකම් අපට කිසිසේත්ම හුදෙකලා කොටගත නොහැක. 

ජාතිවාදය යනු මහ නරක වචනයකි. ඉන් ගම්‍ය වන අරුතද අතිශයින් නරකය. එබැවින් මා මේ කියන දෙය ජාතිවාදයට උඩගෙඩි සපයන්නක්‌ යෑයි ලගුකොට කියනවාට මා සතුටු නැත. එහෙත් දකින්නට, පෙනෙන්නට, ඇසෙන්නට තිබෙන ඇත්ත දේ ජාතිවාදය යන අමිහිරි වචනයට මුවාකොට වසා තබන්නටද අපට නොහැකිය. 

මේ සිද්ධිය ජාතිවාදයට කිසිසේත්ම සම්බන්ධ නැති හුදෙකලා සිද්ධියක්‌ වුවත් එහි පසුපස ඇති සත්‍යය වටහාගත යුතුය. අද පස්‌සර බඳු ප්‍රදේශවල මුස්‌ලිම් තරුණයෝ සිංහල තරුණියන් හා යාළුවීම මා දන්නා තරමින් සංවිධානාත්මක කාරණයකි. යන්තමින් ඇටෙන් පොත්තෙන් එළියට එන මල් පොහොට්‌ටු වැනි රූබර දැරිවියන් රවට්‌ටා ගන්නා මුස්‌ලිම් තරුණයන්ට මුස්‌ලිම් වැඩිහිටියෝ හා ප්‍රභූ සමාජය දක්‌වන්නේ පුදුමාකාර ආශිර්වාදයකි.

අපට ඕන උඹලයි කෙල්ලෝ. උඹලයි ජාතිය, උඹලයි ආගම, උඹලයි සල්ලි, ඉඩකඩම් අපිට එපා. අපි කෙල්ලෝ ගන්නවා. ඒකට අපි කැමැතියි.... මා දන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයකු පස්‌සර දී මට දිනක්‌ කීවේය.

මුස්‌ලිම් තරුණයකු සමග යාළුවන සිංහල යුවතිය කෙසේ හෝ පන්නාගෙන ගොස්‌ ඉස්‌ලාම් ආගමට හරවා බන්දවා ගන්නා ඔවුහු ඊළඟට කරන්නේ පර්දාව අන්දවා මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙස ආඩම්බරයෙන් ආගම සමාජගත කිරීමයි. එහෙත් සිංහල තරුණයන් හා විවාපත්ව එන මුස්‌ලිම් යුවතියන් ගැන අහන්නට නැත. මේ මෑත කාලයේ මුස්‌ලිම් තරුණයන් විසින් රවට්‌ටාගෙන ගිය සිංහල පුංචි කෙල්ලන් ගැන උදාහරණ මට සිය ගණනක්‌ පස්‌සරින් දිය හැකිය.

මේ ඉතාම ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන්නේ මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි. අද පස්‌සර ප්‍රදේශයේ රජයට අයිති ඉඩකඩම් ඇති තරමක්‌ අල්ලාගෙන සිටින්නේ මුස්‌ලිම්වරුය. අතීතයේ තණ පිටිවලින් හෝ ළඳු කැළෑවලින් වැසී තිබූ බොහෝ ගණනක්‌ කඳු අද මුස්‌ලිම් ගම්මානයන්ය. තේ වතුවලටද අත්වී ඇත්තේ ඔය ඉරණමමය. 

දිගින් දිගටම කතා කරන්නට මේ ගැන කරුණු බොහෝය. ලිපිය දිග වැඩිවන බැවින් ඒ සංවාදය මා තවත් සතියකට ගෙන යන්නට කැමැත්තෙමි. එබැවින් මේ ලිපිය මෙතෙකින් අවසන් කරමි. 

බුලිත ප්‍රදීප් කුමාර
http://www.divaina.com/2012/03/18/feature21.html

Monday, November 12, 2012

හලාල් හරාම්!

මෑතක සිට ශ්‍රි ලාංකීය වෙළඳ ප්‍රජාව වෙත අනවශ්‍ය බලපෑමක් එල්ලවෙමින් පවතී. ඒ තම නිශ්පාදන සඳහා අමතර පිරිවැයක් එක්කරමින්, නිශ්පාදන රහස් බාහිර පාර්ශව අතට පත්වීමේ අවදානමද බාරගනිමින්, හලාල් නම් සහතිකයක් ලබා ගතයුතු බවටත් නො එසේනම් එම නිශ්පාදන වෙළඳ සල් වල නොවිකිණිය යුතු බවටත් කෙරෙන අසාධාරණ බලපෑමයි.
  • මේ හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයා හට තමන් යම් කෑමකට දමන සියලුම කුළු බඩු සහ අනිකුත් රස කාරක වර්ග මිලදී ගන්නා තැන සහ ඒ නිෂ්පාදන හලාල්ද යන්න හලාල් සහතිකය දෙන සංවිධානයට කිව යුතුයි, එවිට නිෂ්පාදකයාගේ අඩුවට මිලට ගන්නා ස්ථාන වල නම් පවා තවකෙකුට හොරකම් කරගත හැක ඒවගේම මේ නිසා යම් වියාප්තවාදයක් සිදුවේ .
  • සුළු පරිමාණ නිශ්පාදකයාගේ නිපැයුම් සුපිරි වෙළඳ සල්හි විකිණීමට හලාල් සහතිකය අවශ්‍ය බව එහි පාලනාධිකාරිය කොන්දේසි දමයි. හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයාගේ සේවා ස්ථානයේ හලාල් සංස්කෘතියට අයත් කෙනෙක් සේවයේ දී සිටිය යුතුයි. මෙය ප්‍රායෝගිකව සුළු නිශ්පාදකයකුට කෙසේවත් කළ හැක්කක් නොවේ. අයදුම්පත පමණක් රුපියල් 4000/= කි.  කුඩා, හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයෙකුට මෙය කල හැකිද? අපහසුවෙන් සහතිකය ලබාගත් විට මේ සඳහා වැයවෙන පිරිවැය එම නිශ්පාදිතය සඳහා එකතුවෙයි.
  • හලාල් සහතිකය ලබාදීමට සෑම ආහාර තොගයක් නිෂ්පාදනය කිරීමේදී හලාල් සංවිදානයේ පුද්ගලයකු ගෙන්වා අනුමැතිය ලබා ගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොවේ
  • වාර්ෂිකව මේ හලාල් සහතිකය අලුත් කරගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොව උලමා වරුන්ට ගෙවිය යුතුයි. [වෙන්ඩෝල් නිශ්පාදන සඳහා වසරකට මෙම සහතිකය ලබාගැනුමට රුපියල් ලක්ෂ පහලවක් වැය වී තිබේ. මෙවර එම සමාගම යළිත් එම මුදල 'උලමා' වරුන්ට නොගෙවූ නිසා ඔවුන්ගේ 'හලාල්' සහතිකය ඉවත් කර ඇත.]
  • ඔබේ නිෂ්පාදන ක්‍රමය මේ උලමා වරුන්ට පෙනවාදිය යුතුයි ඔබේ නිෂ්පාදන රහස් ඔබට මෙලෙස දිය හැකිද ?තවෙකෙකුට මෙය ලබාගැනීමට මෙය පහසුවක් නොවේද?
  • හලාල් සහතිකය ලබා ගැනීමට ප්‍රශ්න 400 පමණ අඩංගු පෝරමය රුපියල් හාර දහසක් ගෙවා මිලට ගන්න අනෙකුත් වියදම් ගැන මෙය හොද අදහසක් ලබා දේ.
හලාල් සහතිකය අවශ්‍ය වනුයේ සම්පූර්ණ ජනගහනයෙන් උපරිම වශයෙන් 10% ක ප්‍රමාණයකට පමණි. 

බොහෝ මුසල්මානුවන් භාණ්ඩ හා සේවා නිශ්පාදන කරනු වෙනුවට එම නිශ්පාදන පාරිභෝගිකයා අතට පත්කරන අතරමැදියෙකු ලෙස ක්‍රියා කර විසල් ලාභයක් උපයයි. නිශ්පාදන ක්‍රියාවලියේ යෙදෙන්නේ බොහෝවිට සිංහලයන්ය. එබැවින් ඉතා විශාල වශයෙන් හලාල් වෙනුවෙන් වැයවනුයේ සිහළ අපේ මුදල්ය. කිසිඳු නිශ්පාදනයකට දායක නොවන මුසල්මානුවන් ඔවුන්ගේම සහතිකයක් සඳහා අපේ මුදල් සූරාගන්න ක්‍රියාවලිය කෙතරම් සූක්ෂමද? 

ඒ ආර්ථික බලයෙන් ඔවුහු ආගමික අන්තවාදය ශක්තිමත් කරති. අපේ උරුමය ඩෝසර් කරන්නට, පල්ලි පිට පල්ලි ගොඩනගමින්, මේ රන් හෙළ බොදු දිවයින 51 වන මුස්ලිම් රට බවට පත් කරන්නට ඔවුන් යොදාගන්නේ ඔබේම රුපියල් වීම ඛේදයකි.

[
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම - http://denethharinna.blogspot.com/2012/06/blog-post.html අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]
අපි අන්තවාදීන් නොවෙමු. හලාල් අවැසි අය වෙනුවෙන් එසේ පහසුකම් සැපයූවට අපට ගැටලුවක් නැත. එසෙ සෑම නිපැයුමක්ම හලාල් රහිත සහ සහිත ලෙස වෙළඳ පළට නිකුත් කළ හැක. එවිට හලාල් අවැසි අයට ඒ සඳහා වැයවෙන පිරිවැය ගෙවා, බොහෝ බැතියෙන් එම නිපැයුම් පරිභෝජනය කළ හැක. එවිට ඔවුන්ගේ ආගමික භක්තියද ඉහළ යනු ඇත.

සමාන්‍ය මිල - රු 50/=

හලාල් ගැනුමට වැය - රු. 500,000/= (ඇතැම්විට මිලියනයයි හෝ ඊටත් වැඩියි)
නිපැයුම් ඒකක ගණන - 10,000 (සුළු ව්‍යාපාරිකයෙකු නම් මෙතරම් ඒකක ගණනක්ද සැක සහිතය)
ඒකකයක් වෙනුවෙන් හලාල් වියදම - 500,000/10,000 = 50/=

හලාල් සහිත මිළ - රු. 100/= 
හලාල් රහිත මිළ - රු. 50/=

එසේ කරන තෙක්, හලාල් සහතිකය ලබා දීම ප්‍රමිති ආයතනයටම කළ හැක. එවිට එය සාධාරණය. එක් ආගමික විශ්වාසයක් වෙනුවෙන් අන් බහුතරය ගෙවන කප්පම් මුදල රටේ සංවර්ධනයට යෙදවිය හැකිවනු ඇත. එමඟින්, මේ පින්බිමේ උරුමය ගොඩනැගූ උරුමකරුවන්ගේ ඒ ඓතිහාසික විශිෂ්ඨ උරුමය වැනසීම සඳහා මූලධර්මවාදී අන්තවාදීන් අතට වක්‍රාකාරයෙන් පත්වන මූල්‍ය ශක්තියට තිත තැබෙනු ඇත.

[අයිතිය කර්තෘ සතුය. පිටපත් කිරීමේදී උපුටාගත් ලින්තු සඳහන් කරන්න. එවිට තව පිරිස් ඒ වෙතෙ පැමිණ අනෙකුත් ලිපිද කියවා දැනුවත් වනු ඇත.
BLOG - http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html

[
සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
හලාල් ගැන දේශහිතෛෂී මතය
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
]

Thursday, November 8, 2012

සභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්... කොල්ලකු දෙස බැලුවාට පියා දියණියට ඇසිඞ් ගසා මරයි


සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා පැවැති සාකච්ඡාවකදී දැරියගේ පියා පවසා ඇත්තේ මෝටර බයිසිකලයක ගමන් කළ තරුණයෙක් දෙස සිය දියණිය හැරී බලනු තමන් දුටු බවය. පසුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය තමන් නොදැනුවත්වම එම තරුණයා දෙස බැලු බවත් නැවත එවැන්නක් නොකරන බවත් පැවැසූවද එය විශ්වාස නොකළ තමා ඇයට ඇසිඩ් ගැසූ බව ඔහු කියා තිබේ. පියාගේ විශ්වාසයට අනුව ඔහුගේ දියණිය මෙසේ මරණයට පත්වීම ඇගේ දෛවයයි.

පාකිසතාන බළධාරීන් සදහන් කරන ආකාරයට එම තරුණයා හා මියගිය තරුණිය අතර

ප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇත.

පාකිස්තානයෙන් මෙවන් සිදුවීම් බොහෝමයක් වාර්තා වේ.පාකිස්තාන කාන්තාවන් සිය පවුලේ අවසරයකින් තොරව විවාහ දිවියට හෝ ප්‍රේම සම්බන්ධයකට හෝ එළැඹුණහොත් එය සැළකෙන්නේ පවුලේ අයට කළ මහත් නිගරුවක් ලෙසය. මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සදුවන කාන්තාවන්ට බොහෝ විට හිමිවන්නේ මරණයයි. ඒ සිය පවුලේම අයගෙනි. පවුලේ ගරුත්වය කෙළෙසූ බව කියමින් පාකිස්තානයේ පසුගිය වසරේ පමණක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 1000 කට ආසන්න බව එරට ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන කියයි.

http://lankacnews.com/sinhala/foreign-news/85372/

Tuesday, November 6, 2012

අසාමාන්‍ය මුස්ලිම් ජනගහණ වර්ධනය

අන්වර් මනතුංග මුස්ලිම් ජනගහණ වර්ධනය ගැන ආයෙත් ලිපියක් දාල තියෙනව. මේ ලිපිය අරන් බැලුවොත් එහෙම ඒකෙන් අන්වර් කියන්න උත්සාහ කොරන පොයින්ට් ටික මෙව්වා.
අ. 1881 ඉඳන්, 1981 වෙනකම් මුස්ලිමුන්ට වැඩිය සිංහල ජනගහණ වේගය වැඩියි
ආ. පවුල් සැලසුම් හමුවේ සිංහල ජනතාව අතර ජනගහන වර්ධනය අඩුවන බවත්, මුස්ලිම් ජනතාව අතර එසේ නොවන බව කියන එක බොරුවක් කියල
ඇ. ඉස්ලාමයට අනුව පවුල් සැලසුම තහනම් නොවේ.
අපි වෙනදත් කොරන විදියට මේ කියන එව්වයේ ඇත්ත නැත්ත හොයල බලමු. ඇ කාරණේ ගැන කුරාණයේ සදහනක් නෑ. ඒ නිසා අපි අන්වර් කියන දේ එතෙන්දී පිලිගනිමු. මොකද මේ ගැන දත්ත හොයා ගන්ඩ නෑ. රාළ මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙකුත් නෙවි. අපි අනික් ඒවා ගැන බලමු. පළමුවෙනි කාරණේ තමයි ලංකාවේ ඉස්ලාමිකයන් අතර මේ ජනගහණ ජිහාඩය වැඩ කොරන්ඩ පටන් ගත්තේ 1990 ගණන් වල. ඒ නිසා 1981න් පස්සේ දත්ත නැතුව, මේ ගැන කතා කොරන එකත් ඇත්තෙන්ම තේරුමක් නෑ. අන්වර්ගෙ බොස් අල්ලා වගේම, මේ ලියුම ලියන මිනිහටත් ගණන් බෑ. මොකද උන්නැහේ ජනගහණ වර්ධන වේගය කියන උලවුව දන්නෙ නැති නිසා. අපි උන්නැහෙගෙම සංඛ්‍යා ලේඛණය අරන් බලමු.
1953-1981 බෞද්ධ ජනගහණ වර්ධන වේගය = (10288.3 – 5209.4) / (5209.4 x 28) * 100 = 3.48%
1953-1981 ඉස්ලාම් ජනගහණ වර්ධන වේගය = (1121.7 – 541.5) / (541.5 x 28) x 100 = 3.83%
ඔන්න බබෝ බිල්ලා දැක්කා නේද? ජනගහණ ජිහාඩය පටන් නොගත්තු කාලෙත් ඉස්ලාම් ජනගහණ වර්ධන වේගය බෞද්ධයන්ට වඩා වැඩියි! අනික් කාරණේ තමයි දැන් රටේ ජනගහණ වර්ධන වේගය 0.9% විතර වෙලා කියන එක. මුස්ලිම් අ‍යගේ 3% අඩු වුනාය කියල නම් රාළ හිතන්නේ නෑ!
දැන් අපි එමු 2011 තත්වයට.
1981-2011 බෞද්ධ වර්ධන වේගය = (14222.8-10288.3)/(10288.3 x 30) x 100% = 1.27%
1981-2011 ඉස්ලාම් වර්ධන වේගය = (1967.2 – 1121.7) / (1121.7 x 30) x 100% = 2.51%
ඔන්න නෝනාවරුනි, මහත්වරුනි, බබුනි, බලාගන්ඩ බිල්ලා! බෞද්ධ වර්ධන වේගය වගේ දෙගුණයක වර්ධන වේගයක් ඉස්ලාමිකයන්ට තියෙනවා. අන්වර් උන්නැහේ, ආයෙත් උන්නැහෙගේ කාඩ් කුඩු.
අන්වර්ගේ බ්ලොග් එකේ ඊලඟට ගහන බොරුව තමයි මුස්ලිම් පවුල්වල දරුවන් අඩුය කියන එක. අපි ආයෙත් යනවා ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට. එතනින් අපි අර ගන්නවා 2005 වර්ෂය සඳහා ජන වර්ග සංයුතිය. ඒක අපි සංසන්දනය කොරනවා ඒ අවුරුද්දෙම ජනවර්ග අනුව උපත් එක්ක. මෙතෙන්දී සිංහලයන් බෞද්ධ සහ ක්‍රිස්තියානි විදියට බෙදලා නෑ. ඉස්ලාමිකයන් (මුස්ලිම්) කියල සලකන්නේ ශ්‍රී ලාංකික මුවර් සහ මැලේ යන ජන වර්ග. අනික් ඔක්කොම වෙනත් ගොඩටයි දාල තියෙන්නේ. උපත් ප්‍රමාණය ගණන් හදන්නේ උපත් ගණන ජනගහණයෙන් බෙදලා, 1000න් වැඩිකොරන එකෙන්.
සිංහලයන්ගේ උපත් අනුපාතිකේ 17.85යි. දෙමළුන්ගේ 20.19යි. මුස්ලිමුන්ගේ 26.01යි. දැන් පේනවා නේද ළමයින් වැඩිපුර හදන්නේ කවුද කියල? ඩෝං! අන්වර්ගේ බොරුව අතේ පත්තු වුණා නේද?
ඊලඟට අපි එන්නේ අනාගත තත්වය කොහොමද කියන එකට. අපි දන්නවා මුස්ලිම් අය වැඩි වෙන්නේ උපත් මගින් කියල. උපත් සිද්ධ වෙන්නේ තරුණ ජනගහණය ඉන්නව නම්. රටක ජනගහණයෙන් වැඩිහරිය ලාබාළ නම්, එහෙම නැත්නම් ජනගහණ පිරමීඩයේ පතුළ පළල් එකක් නම්, අනාගතයේ එහි ජනගහණය වේගයෙන් වැඩි වීම ස්වාභාවිකයි. රටකට විතරක් නෙවවෙයි ජන කණ්ඩායමකටත් මේක අදාලයි. තරුණ ජනගහණය කොහොමද බලන්ඩ අපි ඊලඟට බලනවා විවාහ ගැන. මතක තියාගන්ඩ හැම මුස්ලිම් කෙනාම මුස්ලිම් නීතියෙන් විවාහ වෙන්නේ නෑ. ඒ වගේම මුස්ලිම් තරුණයෙක් එක්ක යන තරුණියක් විවාහ වෙන්නේ බොහෝ විට රෝම ලන්දේසි නීතියෙන්. ඒ නිසා මුස්ලිම් විවාහ ගණන තරුණ මුස්ලිම් ජනගහණය තක්සේරු කොරන්නේ අඩුවෙන් කියලත් කියන්ඩ ඕන.
මෙන්න ඒකේ ප්‍රතිඵල. 2011 දී මුළු විවාහ ගණන 200,314යි. මුස්ලිම් නීතියෙන් 20,189 යි. ඒ කියන්නේ 10.1% යි. නෝනාවරුනි, මහත්වරුනි, 2011 දී මුස්ලිම් ජන ප්‍රතිශතය කොච්චරද? 9.7%යි ලු! උපත් අනුපාතිකයත් වැඩි නම්, තරුණ ජනගහණයත් වැඩිනම්, මුස්ලිම් ජනගහණ බෝම්බය අනාගතයේ පුපුරණ විදිය ගැන ඔය ඇත්තන්ට ආයෙත් අමුතුවෙන් කියල දෙන්ඩ ඕනේද?
තමන්ගේ මතවාදෙ එක්ක කරණම් ගහන දමිත් කේතක උන්නැහේ මේ ලඟදී කියල තිබුණ මුස්ලිම් ජනගහණය සිංහලයන් ඉක්මවල යන්ඩ අවුරුදු 200කට වැඩිය යනවය කියල. උන්නැහේ හිතන්නේ මේ ජනගහණ වර්ධන වේග නියත එව්ව කියල. රාළ පෙන්නල දීල ඉවරයි මුස්ලිම් ජනගහණ වර්ධන වේගය අඩුවෙයි කියල හිතන්ඩ බැරි බව. කේතක උන්නැහේ ගේ උපකල්පන දාලා අපි ගාණ හදමු.ජනගහණ සමාන වෙන්ඩ යන කාලය x කියල ගනිමු.
14222.8(1.0127)^x = 1967.2(1.0251)^x
x වලට සමීකොරණය විසඳුවම එන්නේ 162 යි. ඒ කියනෙන ලංකාව මුස්ලිම් රටක් වෙන්ඩ යන්නේ අවුරුදු 162ක් වගේ සුළු කාලයක්, එහෙම නැත්නම් පරම්පරා පහක කාලයක් විතරයි. මේ දැනට තියෙන තත්වය විතරක් බලලා. ඒ වගෙම මේ අවුරුදු 30ක සාමාන්‍යය ගත්තම තත්වේ. අපි දන්න දෙයක් තමයි මේ වෙනස 2011ට කිට්ටු කාල වල 1981ට කිට්ටු කාල වලට වඩා වැඩියි කියල. එහෙම බලද්දී මේ අවුරුදු 162 තවත් අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. ඒ වගෙම තමයි රටක ත්‍රස්තවාදී ප්‍රශ්න ඇති වෙන්ඩ මුස්ලිම් ජනගහණය 25% වුණාම ඇති. ඒ කියන්නේ සිංහල ජනගහණයෙන් භාගයක්. ඒක වෙන්ඩ යන්නේ අවුරුදු 105 යි, එහෙම නැත්නම් පරම්පරා තුනයි. කොහොමද මිතරවරුනි ජිහාඩයේ තරම! අවුරුදු 2500ක් රැක ගත්තු සංස්කෘතිය බල්ලට යන්ඩ කියෙන්නේ සියවස් එකහමාරයි! අපි දැන්වත් ඉස්ලාම් බොරු සහ අවජාතික බොරු වලට නොරැවටී තත්වය තේරුම් ගනිමු.
"ඔන්න බබෝ බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා"
මූලාශ්‍රය -  පෙරමුණේ රාළගේ අටුවාව
ජාතිය වෙනුවෙන් ඔබේ කැපවීමට "-දෙනෙත් හරින්න!-" අපේ ප්‍රණාමය!