Pages

Showing posts with label අපේ අතීතය. Show all posts
Showing posts with label අපේ අතීතය. Show all posts

Tuesday, June 27, 2017

කාවන්තිස්‌ස රජු දුටුගැමුණු කුමරුට එළාර සමඟ යුද්ධයට යැමට අවසර නුදුන්නේ ඇයි?

මාගම රාජධානිය ඇරැඹෙනුයේ අනුරාධපුර සිට රුහුණට පලාගිය මහානාග යුව රජුගෙනි. මහානාගට පසු මාගම රජ වූයේ ගෝඨාභය රජුය. මේ පරපුරේ කාවන්තිස්‌ස රජු මාගම රජ කරන විට ලංකාවේ රජරට පාලකයා වූයේ එළාරයි. එළාරගේ රාජ්‍ය කාලය ක්‍රිස්‌තු පූර්ව 205 - 161 අතර විය. එළාර ධර්මිෂ්ඨව අනුරාධපුර පාලනය කළ බව කියන මහාවංශය ඔහුගේ ධාර්මික බව - අපක්‌ෂපාත බව දැක්‌වීමට ජනකතා කීපයක්‌ ද ඉදිරිපත් කරයි. ඔහු උතුරු ඉන්දියාවේ උජු ගෝත්‍රික රජකු බව "සිංහලයේ මහාරාජ වංශය - 1" ග්‍රන්ථයේදී එල්ලාවල මේධානන්ද හිමි කියයි. "අනුරපුර නටබුන්" ග්‍රන්ථයේදී කඹුරුපිටියේ වනරතන හිමි දක්‌වන පරිදි එළාරගේ මධ්‍යස්‌ථ බව ප්‍රධාන හේතුව ඔහු ජෛන භක්‌තියකු වීමයි. එළාර හා සමකාලීනව මාගම රජ කළ කාවන්තිස්‌ස රජුගේ රාජ්‍ය කාලය වංශකතා අනුව දක්‌වා නැත. මහාවංශය කියනුයේ ඔහු අවුරුදු 64 ක්‌ රජකළ බවයි. තරුණ ගැමුණු කුමරු එළාර හා සටනට යැමට පියරජුගෙන් තුන්වරක්‌ අවසර ඉල්ලුවත් කාවන්තිස්‌ස රජු එම අවසරය නොදෙයි. ඉන් කිපුණු ගැමුණු කුමරු පියරජුට ස්‌ත්‍රී පළඳනා යවයි. පිය රජු කුමරු ඇල්ලීමට සොයද්දී ඔහු කඳුරටට පලා එයි. පියරජුට කිපුණු බැවින් කුමරුට "දුටුගැමුණු" යන නම ලැබුණු බව "මහාවංශය" 24 පරිච්ඡේදයේ 6-7 ගාථා කියයි. එහෙත් ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය පළමු වෙළුම - පළමු කාණ්‌ඩයේ මහාචාර්ය දක්‌වන පරිදි දුටුගැමුණු යනු ධ්‍රැෂ්ට - නිර්භීත - බිය සැක නැති - යන අර්ථය මේ නමේ ගැබ් වී ඇත.

තරුණ ගැමුණු කුමරුට එළාර හා සටනට යැමට පියරජු අවසර නුදුන්නේ ගැමුණු කුමරුගේ හදිසි ප්‍රහාරයකින් මාගම රාජ්‍යය පැරදුණහොත් දීර්ඝ කාලයකට මාගම රාජ්‍යයේ එළාරට විරුද්ධව යුද සැලසුම් බිඳවැටිය හැකි බැවිනි. දීර්ඝ කාලීන මාගම යුද සැලසුම් තරුණ ගැමුණු කුමරුගේ හදිසි ආක්‍රමණයකින් බිඳවැටීමට ඇති ඉඩ ගැන දුරදක්‌නා නුවණක්‌ තිබූ කාවන්තිස්‌ස රජුට අවබෝධ විය. එළාරට විරුද්ධව මාගම පරපුරේ රජ පෙළපත පරම්පරා දෙක තුනක්‌ සකස්‌ කළ දීර්ඝකාලීන යුද සැලසුම් විය. ඒ යුද සැලසුම් මොනවාදැයි කෙටියෙන් පහත දැක්‌වෙයි. 

මාගම පරපුරේ එදා තරගකාරී රාජ්‍යයක්‌ වූයේ කතරගම දසබෑ රජ පරපුරයි. මාගම ගෝඨාභය රජු මාගම හා තරගකාරී කතරගම දසබෑ රජවරුන් මරා ඒ පව් ගෙවීමට මහවැලි ගඟෙන් එගොඩ මෙගොඩ විහාර පන්සීයක්‌ කරවා "ගෝඨාභය" නම් හිමිනමකට පිදූ බව "ධාතුවංශය" කියයි. බෝවත්තේගල ලෙන්ලිපිවල දසබෑ රජ පරපුර ගැන කියෑවෙයි. මේ අනුව මාගම ව්‍යාප්තියේ පළමු පියවර ගෝඨාභය රජු අරඹා ඇත.

එදා මාගම හා තරගකාරී තවත් රාජ්‍යයක්‌ වූයේ කැලණිය හා ගිරිනුවරයි. මේ රාජ්‍ය දෙක විවාහ ගනුදෙනු මඟින් ජයගැනීමට කාවන්තිස්‌ස රජු කටයුතු කළේය. "ධාතුවංශය" පරිදි කැලණියේ ශිව රජුගේ බෑණා වූ ගිරිනුවර ගිරිඅභය රජුට කාවන්තිස්‌ස රජු තම සොහොයුරිය වූ සෝමාදේවි විවාහ කර දුන්නේය. ඒ මඟින් කැලණිය හා ගිරිනුවර කාවන්තිස්‌ස රජුට නතු විය.

එදා මාගම හා තරගකාරීව සිටි කැලණියේ කැලණි රජ පරපුර ජයගැනීමට කාවන්තිස්‌ස රජු විවාහ ගනුදෙනුවක්‌ යොදාගත්තේ ය. රුහුණු රට හැඩඔය අසල කැලණි රජ පරපුර ආරම්භ කළේ අනුරාධපුර රජ කළ මුටසිව රජුගේ පුතෙකි. මේ රජුට 

"ආර්ය උත්තිය" නමින් සහෝදරයකු විය. කැලණිතිස්‌ස රජුගේ දූ වූ විහාරදේවිය කාවන්තිස්‌ස රජු පාවා ගැනීමෙන් කැලණිය මාගමට පක්‌ෂපාතී විය. කාවන්තිස්‌ස - විහාරදේවි විවාහය දේශපාලනමය විවාහයකි. "සීහළ වත්ථුව" පරිදි මේ දෙදෙනා එකට වැඩී තරුණ කල විවාහ පත් විය. ගොඩබිම සිටි සතුරන් නිසා කැලණිතිස්‌ස රජු තම දූ වූ විහාරදේවිය මුහුදින් මාගමට යෑවීම වංශකතා ඇය මුහුදට බිලිදීමක්‌ ලෙස දක්‌වයි. "පාලි රසවාහිනී" කාකවණ්‌නතිස්‌ස වස්‌තුව අනුව කාවන්තිස්‌සට විහාරදේවිය පාවා දෙන විට ඇගේ වයස අවුරුදු දොළහකි.

මාගම රාජ්‍යයේ තවත් කුඩා තරගකාරී රාජ්‍ය කීපයක්‌ එදා විය. සේරුනුවර - ගිරිනුවර - ලෝණ නුවර ඒවාය. ධාතුවංශය - ලලාට ධාතු වංශය - සියම් රටේ ලියෑවුණු "ජිනකාලමාලි" ග්‍රන්ථ අනුව කාවන්තිස්‌ස රජු සේරුවිල දාගැබ කරවීමේ ආගමික මුහුණුවර මඟින් මේ කුඩා රාජ්‍යය තමාට නතුකර ගත් බව පෙනෙයි. සේරුවිල දාගැබ උත්සවයට සේරුනුවර ශිව රජු - ගිරිනුවර ගිරිඅභය රජු - කැලණියේ ශිව රජු - ලෝණනුවර මහානාග රජු ආ බව ධාතුවංශය ලලාට ධාතුවංශය - ජිනකාලමාලි විස්‌තර කරයි. ඒ මඟින් මාගම රාජ්‍යය එළාරගේ රාජ්‍ය මායිම දක්‌වා සේරුවිල දක්‌වා ව්‍යාප්ත වූ බව "නැගෙනහිර උතුර සිංහල බෞද්ධ උරුමය" ග්‍රන්ථයේ මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමි දක්‌වයි.

කැලණි රජ පරපුරේ කැලණිතිස්‌ස රජුගේ දූ වූ විහාරදේවි විවාහකර ගැනීම මාගම රජ පරපුර ලැබූ විශාලම රාජ්‍ය ව්‍යාප්තියයි. එහෙත් විහාරදේවියගේ මව පිළිබඳ තොරතුරු අප්‍රකට බව "කාවන්තිස්‌ස රජතුමා හා විහාරදේවිය" ග්‍රන්ථයේදී එල්ලාවල මේධානන්ද හිමි කියයි. කොටා දැමූ හෙළ ලෙන් ලිපි දහහතරක "අභිසවෙර" නමින් දැක්‌වෙනුයේ විහාරදේවියයි. ඇගේ සහෝදරයකු වූ චුල්ල පිණ්‌ඩතිස්‌ස ථෙරනම ගැන ජිනකාලමාලි ග්‍රන්ථය කියයි.

කාවන්තිස්‌ස රජු හා එළාර අතර මායිමේ මහවැලි ගඟේ කසාතොට එදා ඉතා වැදගත් විය. කසාතොට රැකවලට කාවන්තිස්‌ස රජු තමාගේ වෙනත් බිසවකගේ පුතකුවූ දීඝාභය කුමරු යෙදවූ බව මහාවංශය හා සහස්‍රවත්ථුප්‍රකරණය කියයි. පාලි රසවාහිනී සුරනිමල වස්‌තුව අනුව මේ දීඝාභය කුමරු කසාතොට යොදුන් හයක්‌ අවටින් හමුදාව බඳවාගත් බව කියයි. එහෙත් පසුකල මේ දීඝාභය එළාර පිලට එකතුව සිටි බව වංශකතා කියයි. ඔහු තමාට නම්මා ගැනීම එළාරගේ දක්‌ෂකමක්‌ විය.

මහාවංශය - සහස්‌සවත්ථු - පාලි රසවාහිනී - පරිදි කාවන්තිස්‌ස රජුට යෝධයෝ දහදෙනෙක්‌ වූහ. මහාවංශය - නොසඳහන් දාඨාසේන මහානෙල යෝධයන් ගැන පාලි රසවාහිනියේ එයි. ජනප්‍රවාදවල ඔහුට සිටි බුලතා යෝධයා ගැන එයි. බුලතාගේ බිරිඳ ද යෝධ කාන්තාවකි. දසමහා යෝධයන් යටතේ කාවන්තිස්‌ස රජු යුද හමුදාව 1110 රැස්‌ කළ බව මහාවංශය - සහස්‌වත්ථු - පාලි රස වාහිනි කියයි (එළාරට විසිමහා යෝධයන් විය.)

එළාර හා සටනට රුහුණු රට කාවන්තිස්‌ස රජු ආයුධ නිෂ්පාදනය කළ අතර ඒවා කාවන්තිස්‌ස රජුගේ පෞද්ගලික නිරීක්‌ෂණයට පාත්‍ර වූ බව පාලි රසවාහිනියේ නන්දිමිත්‍ර - සුරනිමල - දාඨාසේන - කතාවස්‌තුවල කියෑවෙයි. කාවන්තිස්‌ස රජු මෙසේ එළාර සමඟ යුද්ධයට ක්‍රමානුකූලව සූදානම් වන අතරතුර තම බාල පුත් සද්ධාතිස්‌ස කුමරු දීඝවාපී ප්‍රදේශය රැකීමට හා එහි ගොවිතැන් දියුණු කොට යුද්ධය සඳහා ආහාර රැස්‌කිරීමට දීඝවාපියට යෑවූ බව මහාවංශය හා පාලි රසවාහිනී කියයි. මේ අතරතුර කාවන්තිස්‌ස රජු ආරක්‌ෂාව සඳහා තරුණ ගැමුණු කුමරු "දාවා" නම් හිතවත් සෙනෙවියා පිය තනතුරේ තබා ගැමුණු කුමරු ආරක්‌ෂාව සඳහා ගිරිරට ගිරිඅභය රජු වෙත යවා ඇත. ඒ ගැමුණු කුමරුට ආරක්‌ෂාව සඳහා ගත් පියවරක්‌ බව පෙනෙයි. කුඩුම්බිගල ලෙන් ලිපියක මේ දාවා ඇමැතිගේ නම සෙන්පති "ජුව" ලෙස සඳහන් වන බව මහාචාර්ය පරණවිතානගේ "ලංකාවේ බ්‍රාහ්මී ලෙන් ලිපි" ඉංග්‍රීසි ග්‍රන්ථයේ අංක 500 දරන ලෙන් ලිපියෙන් සඳහන් වෙයි. මේ පිළිබඳ සටහනක්‌ එල්ලාවල මේධානන්ද හිමිගේ "දුටුගැමුණු මහ රජතුමා" නැගෙනහිර උතුර සිංහල බෞද්ධ උරුමය" ග්‍රන්ථවල එයි. 

කලක්‌ යන විට ගිරිඅභය රජු හා ගැමුණු කුමරු අතර කුල ගැටුමක්‌ ඇරැඹුණු බව "ධාතුවංශය" කියයි. මෙය රජ පවුල් පිළිබඳ ගැටුමක්‌ විය. මේ ගැටුමට පසු ගිරිනුවර ගිරිඅභය රජු තම බිසව වූ සෝමාදේවිය සමඟ ගිරිරට අත්හැර සේරුනුවර ශිව රජු වෙත යයි. ධාතුවංශය විස්‌තර කරන තොරතුරු අනුව සෝමනුවර වෙරුගල් උතුරේ පිහිටා ඇති බව "දුටුගැමුණු මහ රජතුමා" ග්‍රන්ථය පෙන්වා දෙයි. ධාතුවංශය අනුව සේරුවිල දාගැබ කරවීමට පෙර කාවන්තිස්‌ස රජු ගැමුණු කුමරු ආපසු මාගමට කැඳවා අවශ්‍ය උපදෙස්‌ ලබාදී තිස්‌ස කුමරු - විහාරදේවිය සමඟ සේරුනුවර දාගැබ කරවීමට ගිය බව කියෑවෙයි.

මේ අනුව ගිරිරට සිට ආපසු මාගමට ගැමුණු කුමරු දාවා ඇමැති සමඟ කැඳවා මාගම රාජ්‍යය භාරදී කාවන්තිස්‌ස රජු සේරුනුවර දාගැබ කරවීමට ගිය බව ධාතුවංශය කීම වැදගත් සටහනකි.

කාවන්තිස්‌ස රජුගෙන් එළාර හා සටනට තුන්වරක්‌ අවසර ඉල්ලා පිය රජු අවසර නුදුන් විට කුමරු කඳුරටට පලායන්නේ මින් පසුවයි. පාලිරසවාහිනී කියනුයේ තරුණ ගැමුණු කුමරු මායා රට කොත්මලේට පලා ගිය බවයි. සියම් රට "ජිනකාලමාලී" ග්‍රන්ථය අනුව පියා හා ගැටී ගැමුණු කුමරු කඳුරටට පලා යන විට ඔහුගේ වයස අවුරුදු දහසයක්‌ විය. කුමරු අවුරුදු දොළහක්‌ "ගුත්තා" නමින් කොත්මලේ සැඟවී සිටි බව කොත්මලේ ජනප්‍රවාදවල එයි. ඒ කොත්මලේ කොටඟේපිටිය ගමේ "ඌරු පැළැස්‌ස" හෙවත් වීසුරු ගෙදරයි. "දුටුගැමුණු මහ රජතුමා" ග්‍රන්ථයේ එල්ලාවල මේධානන්ද හිමි කියනුයේ දාවා ඇමැති යටතේ කුමරු ගිරිරටට යෑවීම මෙන් තරුණ කුමරු කොත්මලේට පලා යැම ගැමුණු කුමරුගේ ආරක්‌ෂාවට පිය රජු ගත් පියවරක්‌ බවයි. එහෙත් කාවන්තිස්‌ස රජු මියයන විට කුමරු සිටියේ කඳුරට කොත්මලේය. පිය රජු මළ පසු කුමරු කොත්මලේ සිට මාගමට පැමිණි බව පාලි රසවාහිනී වස්‌තුව කියයි. පාලි සහස්‌සවත්ථුවේ "දුට්‌ඨ ගාමිණී" කතාවේ දුටුගැමුණු කුමරු ථෙරපුත්තාභය යෝධයා සමඟ මහා මලය රට පාලත්ථ සතුරා පරදවා උයනක්‌ හා රජමැඳුරක්‌ කළ බව කියයි. මෙය කොත්මලේට පලා යැමට පෙර සිදුවූවක්‌ ද නැත්නම් පසුව සිදුවූවක්‌ දැයි පැහැදිලි මදිය.

එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/06/25/feature12.html

Pic Source

Wednesday, March 2, 2016

උඩරට ව්‍යාජ ගිවිසුමෙන් සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයට පාවා දුන් ඒ අදුරු දිනයට අදට වසර 201යි

1815 මාර්තු 2වන දා උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග වසර දෙදහස් තුන්සිය ගණක් අඛණ්ඩව, අවිඡින්නව පවත්වාගෙන ආ සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී සිංහලේ ස්වාධීනවූත්, අභිමානනීය වූත් සිංහලේ රාජ්‍යයේ අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අප සිංහලේ රාජ්‍යයද සිලෝන් විය, ඉන් පසුව ශ්‍රී ලංකාව විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කළු සුද්දන් පිරිසකට රට භාර කරය. ගතින් සිංහල වුවද මනසින් පරගැති සිරිත් විරිත් හිස් මුදුණින් ගත් ඔවුහූ අදත් රට ගෙනයමින් පවතින්නේ සුද්දන්ට අවැසි දිසාවටම නොවන්නේදැයි යළි යළිත් කල්පනා කළ යුතුය.

“බිය නොවන්න අයියණ්‌ඩි මැරෙණ හැටි මම පෙන්වන්නම්” යි කී මද්දුම බණ්‌ඩාර කුමාරයා “එක පහරින් කපව” යි ගහලයාට අණකොට දංගෙඩියට හිස තැබුවේය. පිරිමින්ගේ හිස්‌ ගසා දැමුණු අතර ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු කාන්තාවන් ගල් බැඳ බෝගම්බර වැවේ ගිල්වා මරා දමන ලදී.

මහනුවර ගෙවල් දොරවල් වැසිණි. පහන් නොදැල්විණි. ලිපි ගිනි නොමෙලවිණි. ළෙහි අත් ගසාගත්තෝ අනේ අපොයි කීහ. වීථි මගතොට පාළුවී ගියේය.

රාජ ආඥවේ භීතියෙන් රට වෙවුලා ගියේය. සිය දරුපවුල ඝාතනය කළ බව ආරංචි වූ ඇහැලේපොළ කෝපාග්නියෙන් දැවෙමින් දණ්‌ඩෙන් පහර ලත් සර්පයකු සේ කිපී ඉංග්‍රීසි හමුදාවක්‌ ගෙන 1815 ජනවාරි 10 වැනිදා මහනුවර බලා ගමන් ආරම්භ කළේ දුෂ්ට වඩුග රජුගෙන් ලේවල පළිය ගැනීමේ පරම අභිලාශයෙනි. මෙවැනි අවස්‌ථාවක්‌ උදාවනතුරු කල් බලමින් සිටි ජනරාල් බ්‍රවුන්රිග් යුද ප්‍රකාශ ආඥවක්‌ද ප්‍රසිද්ධියට පත් කළේය. එය එකහෙළාම ජනතාව කෙරෙහි උපන් ළෙහි කරුණාවෙන්ම ලියවුනක්‌ සේ දිස්‌විය. කිසිසේත්ම ජනතාවට එරෙහිව නොව දුෂ්ට ක්‍රෑර පාලක ශ්‍රීවික්‍රම රාජසිංහගෙන් රටත් ජනතාවත් මුදාගැන්ම සිය එකම අරමුණ බව එහි සඳහන්විය. ආගම ධර්මයද, ප්‍රභූපැළැන්තියද, රටද විනාශ කරමින් නීතියක්‌ යුක්‌තියක්‌ නැති මිනීමරු පාලකයාගෙන් රට බේරා ගැනීමට තමන්ට සහාය ලබා දෙන ලෙස ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. මේ අනුව බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාද විශේෂ හමුදාවක්‌ ගෙන කොළඹින් පිටත් වූ අතර, ගාල්ල, ත්‍රිකුණාමලය, මීගමුව, මඩකලපුව යන ප්‍රදේශ වලින්ද වෙන වෙනම හමුදා සේනාංක ගමන්කරමින් 1815 පෙබරවාරි 14 වැනිදා මහනුවර නගරයට ඇතුළුවිය.

රට භීෂණයෙන් තැතිගැන්වී බොහෝ ප්‍රභූවරුද, තමන්ට එරෙහිව සිටින බවත්, නොවැරදීම ඇහැලේපොළ ඉංග්‍රීසින් සමඟ උඩරට ආක්‍රමණය කරන බවත් දත් ශ්‍රී වික්‍රම රාජසිංහ සිය භාණ්‌ඩාගාරයේ තිබූ වටිනා දේ තැන තැන සඟවමින්, ඉතා හිතේසිවන්ත කීප දෙනකුද බිසෝ වරුන්ද සමඟ රැකවරණය පතා පලා ගියෝය.


උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම
මහනුවරට ඇතුළු වූ ඉංගී්‍රසි හමුදාවෙන් 800 ක පමණ විශේෂ කණ්‌ඩායමක්‌ රජු ඇල්ලීම සඳහා පිටත්කර හරින ලදී. මෙම පිරිසට තෙල්දෙණියේදී රජු ගැන ලද ඔත්තුවක්‌ අනුව මීමුරේ ආරච්චිගේ නිවස වටලන ලදී. සේනාංකය සමඟ ආ සිංහලයන් වැටලීමේ පෙරමුණ ගත් අතර, ඔවුන් සිත්වල තෙරපෙන කෝපය පිරිමසා ගැන්මට මාන බලමින් සිටියෝද වූහ. නිවසෙහි දොර නොහරින ලදින් සිංහල මිනිසුන්ගේ මෝල්ගස්‌ පහරින් දෙපළුවී ගිය දොරින් ඇතුළු වූ ඔවුන් විසින්ම රජු සහ බිසෝවවරු මිදුලට ඇද දමන ලදී. බිසෝවවරුන් කන කර ආභරණ කන් පෙති ඉරා දමමින් කඩාගත්තෝය. “මු ඌරකු සේ බැඳ ගෙනයා යුතුයෑයි” එක්‌නැළිගොඩ රජුගේ දැත් කිරිඳි වැලින් ගැට ගැසූ බවත් ඉංග්‍රීසින්ගේ දැඩි විරුද්ධත්වය මත ලිහා දමන ලද බවත් සිද්ධිය ඇහින් දුටු භාෂා පරිවර්ථකයකු විස්‌තර කොට තිබේ.

වසර දෙදහස්‌ ගණනක්‌ පුරාවට ලංකාද්වීපය පාරම්පරිකව පාලනය කොටගෙන ආ සිංහල රාජ්‍යත්වය පා පහර ලද බලුකුක්‌කකු සේ ඉංග්‍රීසින්ගේ දෙපාමුලට විසිවී ගියේ මෙසේය. ඉංග්‍රීසින්ගේ මැදිහත් වීමෙන් නොමැරී බේරුණු රාජසිංහ ඉංග්‍රීසින් විසින් පිළිගන්නා ලද්දේ අප්‍රමාණ සතුටින් යුතුව රාජ්‍ය ගෞරව පාමිනි. 1815 පෙබරවාරි 18 දා රජු අල්ලාගත් බව ඊට පසුදින ආරංචි වූ බ්‍රවුන්රිග් සතුටු කඳුළින් යුතුව සිංහලයන්ට ස්‌තුති කරන ලදී.

තැතිගත් සිතින්ද මරණ බියෙන්ද සිටි රටවාසීහු සැනසුම් සුසුම් හෙළන ලදහ. එහෙත් ඉදිරියේ එන අනතුර දුටු බෞද්ධ භික්‍ෂූන් වහන්සේ හා ප්‍රබුද්ධ සිංහලයෝ සිය කෝපය වසංකොට ගන්නට ගත් උත්සාහයන් ව්‍යාර්ථ වූ අවස්‌ථාද විය. 1815 මාර්තු මස දෙවැනිදා මහනුවර මඟුල් මඩුවේ ඉංග්‍රීසින් හා ඇහැලේපොළ ප්‍රමුඛ උඩරට ප්‍රභූන් සහභාගි වූ විශේෂ උත්සවයක්‌ විය. ඒ හරියටම මීට වසර 201 කට පෙරදීය. එම උත්සවය සඳහා එංගලන්තයේ තුන්වන ජෝරඡ් රජු වෙනුවෙන් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයාද උඩරට ප්‍රභූන්ද සහභාගී විය. කලින් කතිකා කොට සකස්‌කරගත් උඩරට සුප්‍රකට ගිවිසුම අත්සන් කළේ මෙදිනය. එය ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් කියවද්දී ඉංග්‍රීසි කොඩිය ශාලාවෙන් පිටත ඔසවා තිබුණු දුටු වාරියපොළ සුමංගල හිමි ඊට තව කල් ඇතැයි කියා ඇද බිමහෙළන ලද්දේ අනාගත අනතුර ඇඟවීම පිණිස විය. මේ සිදුවීමේදී කෝප විය යුතු ඉංග්‍රීසීහු සිය තියුණු කපටි බුද්ධිය ප්‍රදර්ශනය කරමින් සමාව ගත්තේ තව සුළු මොහොතකින් මුලු රටම සිය අණසකට යටත්වන බව ස්‌ථිර හෙයිනි.

සිංහලයාගේ ප්‍රෙෘඪ ඉතිහාසය ලියා අත්සන්කර පවරාදුන් “ගිවිසුම” මෙසේය.

ක්‍රිස්‌තු වර්ෂයෙන් එක්‌දහස්‌ අටසිය පහළොවක්‌ වූ මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශත වර්ෂ එක්‌වාදහස්‌ සත්සිය තිස්‌ හයට පැමිණි අවුරුද්දේ නවම් මස අව සතවක්‌ නම් තිථිය ලත් ගුරුදින සෙංකඩ ශෛලාභිධාන පුර ප්‍රවරයෙහි මාළිගා අභ්‍යන්තරයට එක්‌වූ සම්මුතියෙහිදී මහත් බ්‍රිතාන් අයර්ලන්ත් යන එකඟ වූ රාජ්‍යයෙහි රාජ්‍යශ්‍රීයට පැමිණි තුන්වැනි ජෝර්- මහා රාජෝත්තමයාණන් වහන්සේගේද රාජ්‍යය කරන්නාවූ ජෝර්- වේලෙසහි කුමාරයින්ගේද වෙනුවෙන් ඉංග්‍රීසි ස්‌ථානවල පළමු වෙනි ආණ්‌ඩුකාර තානාන්ත්‍රයට පත්වූ ලොයිතනන්ත් ජනරාල් රොබර්ට්‌ බ්‍රවුන්රිග් ගරුතර ගොවැර්න දොaරු උතුමාණන් වහන්සේ එක්‌ පක්‍ෂයකටද සිංහල වැසියන් වෙනුවට අදිකාරම්වරු සහ සිංහල රටවල් වලද, දිසාවල්වලද, දිසාපතිවරු ඇතුළුව වෙනත් ප්‍රධාන රදළවරු මෙහි එක්‌වූ මොහොට්‌ටාල්ලා, කොරාල්ලා, සහ අනිකුත් සුලු මුලාදැනි ඇතුළුව සේනාවද අභිමුඛයෙහිදී එක පක්‍ෂයකට වී මෙසේ ගිවිස්‌වා නියෝග කරන්නට යෙදුණාය. ඒ කෙසේද යත්.

01. විභාගයක්‌ නොකර සමහර සන්ධිවලදී පැමිණිල්ලක්‌වත් නැතිව නොහොත් වැරැද්දක්‌වත් කිරීමට ඉඩ ප්‍රස්‌තාවක්‌වත් පමණක්‌වත් නොලැබුණු කාරණා වලදී පවා නියමයක්‌ නැතුව හිතුවක්‌කාර වශයෙන්ද අනදරයෙන්ද ශරීර වද සහ මරණ වේදනාද පමුණුවීමෙන් නඩුවට මහත් ලෙසින් නින්දිත කොට කඩකරන්ඩ යෙදීමෙන් දෙමළ රජුගේ ක්‍රෑරකම් සහ බලාත්කාරකම්ද ඉවසාගත නොහැකි තරම් ඉතා මහත්ව විශාල වෙන්ඩ යෙදුණා. ර-ජුරුවන්ගේ සහ රටවාසීන්ගේ ගැලවිල්ලට කාරණා වූ යුතුකමද ස්‌වමීප රටවල් වලින් ගන්ඩ පුළුවන්ව තිබුණු ප්‍රයෝජනවත් වූ ගනුදෙනු කිරීමද ලබා ගන්ඩ පුළුවන් වීමට කාරණා වූ විශ්වාසද මෙම ර-ජුවරුන්ගේ ආඥවේ ක්‍රියාවල සහ ගුණයෙහිද මුළුමනින්ම තිබුණේ නැත.

02. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො රජදරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාර වූ යුතුකම් කඩ කරන ස්‌වභාවයකින් ඒ රාජාඟයට ඇත්තා වූ සියලු ම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්ඩ යෙදුණාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්‍ෂයෙන් පැවත එන නොහොත් ආවාහ විවාහයෙන් පැවත එන අනේක ප්‍රකාර වූ නෑදැයන්ද හැම කල්ම දෙමළ වර්ගයට ඇත්තා වූ සියලුම අයිතිකම නැති කරන්ඩද විනාශ කරන්ඩද යෙදුණුවග මෙහි සඳහන් කරනුයෑ.

03. ශ්‍රී වික්‍රම රාජසිංහ හිටපු රජ්ජුරුවන්ට ආවාහ විවාහයෙන් නොහොත් පෙළපතින් එක්‌කො අවශේෂ ප්‍රකාර නෑකම් ඇති නොහොත් වංචක වූ ප්‍රයෝගයෙන් නෑකම් ඇත කියන සෑම පුරුෂයිනට සිංහල රටේ ආඥවට සතුරු වූ බව මෙයින් එළිදරවු කරන්ඩ යෙදුණා පමණක්‌ නොව කොයි කාරණාවක්‌ පිණිසවත් ඉංග්‍රීසි ගොවැර්නමේන්තුවේ බලේ ඇති ඔප්පුවක්‌ නැතිව ඒ රටට ඇතුල් වන්න බැරිය. එසේ ඇතුල් වන්න යෙදුන වීනම් යුද වේලාවල් වලදී පවතින නඩු මාර්ගයේ අච්චු වලට යටත් වන්ඩ ඕනෑය. එසේ හෙයින් ඒ නඩු මාර්ගය මේ පිණිස නියෝග කරන්නත් යෙදුණාය. දැනට මෙරටින් බැහැර කරන්ඩ යෙදුනාවූ සෑම දෙමළ පුරුෂයෝ ඉහළ කී ප්‍රකාර අවසරයක්‌ නැතිව එහි දෙවනුව නොයන ලෙස වරක්‌ කී අච්චු කරණකොට ගෙන තහනම් කරන්ඩ යෙදුනුයෑ.

04. යුතු ප්‍රකාර ඉංග්‍රීසි ගොවැර්නමේන්තු බලයක්‌ පිට පත්කරන අදිකාරම්වරුන්ඩද, දිසාපතිවරුන්ඩද, මොහොට්‌ටාල්ලාටද විදානවරුන්ඩද සහ අනෙකුත් සෑම රදළවරුන්ඩ සහ සුලු මුලාදැනිවරුන්ඩද ඔවුනොවුන් ගෙනා තානාත්ත්‍රවල නියමවල්ද යුතුකම්ද, බලේද, නානාප්‍රකාර වැසියන්ද, ඔවුනොවුන්ගේ දේපළ වලටද, වෙනත් ඔවුනොවුන්ගේ යුතුකම් වලට සහ නිදහස්‌ කම් වලටද, ඔවුනොවුන් අතරේ නොකඩවා පවත්නා පුරාණ සිරිත් චාරිත්‍ර නඩු ප්‍රකාර ආරක්‍ෂාව ඇතිව සිංහලේ රටවල් වල ආණ්‌ඩුව ඉංග්‍රීසි රාජ්‍යයේ මහාරාජෝත්තමයාණන් වහන්සේට යටත් වන්ඩ යෙදුණා සහ ආඥව ලංකාවට පැමිණි ගොවැර්නදොරු උතුමාණන් වහන්සේලා විසින්ද, උන්වහන්සේලා වෙනුවෙන් පවත්වන්නා වූ එජැන්ට්‌ යන මුලාදැනි විසින් පවත්වන්ඩ යෙදෙනවා ඇත.

05. මෙකී රටවල මුලාදැනි සහ වැසියන් විසිනුත් අදහන්නා වු බුද්ධ ශාසනයද දේවාගමද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනෑව සහ එහි කටයුතුද සංඝයාද, විහාරස්‌ථානද, දේවාලද පවත්වන්ඩ සහ ආරක්‍ෂා කරන්න ඕනෑය.

06. ගාත්‍රා සන්ධිස්‌ථාන අවයවයන් කැපීමෙන් කරන නානාප්‍රකාර ශරීර වූද වේදනා නැති කරන්න සහ තහනම් කරන්නත් යෙදුණාය.

07. මරණ අච්චු නියෝගයක්‌ ඉෂ්ට කිරීම ඒ කරණාවේ වග රට මැද සිටින්නා ව ආණ්‌ඩුවෙන් තැබී හිටින ඒජැන්ට්‌ යන නම් ඇති නිලමක්‌කාර තැන නොහොත් නිලමක්‌කාරයන් විසින් ඔප්පුකර ඉංග්‍රීසි වූ ගොවැර්නදොරු එක්‌කො ලොයිතනන්ත් ගොවැර්නදොරු උතුමාණන් වහන්සේ කෙනෙකුගෙන් බලේලත් ඔප්පුවක්‌ පිට මිස වෙන හැටියකින් බැරිය. මෙසේ බරපතල කාරණා එම ඒජැන්ට්‌වරු අභිමුඛයෙහිදී විභාග කරන්නට ඕනෑය.

08. මෙකී දේට යටත් වී සිංහල රටවල් වල වැසියන්ගේ සිවිල් ඒ නම් ගම් බිම් දේපල ණය ගැන කියන නඩුද ක්‍රිමිනෙල් එනම්, මිනීමැරුම්, සොරකම්, ආදී නඩුද යන මේ නඩු පනත් සහ රටේ ආණ්‌ඩුවද නියමය තිබෙන ක්‍රම වලට සහ බැවහාරව තිබෙන ප්‍රකාර බලේ ලත් රදළවරුන් විසින් පවත්වන්ඩ ඕනෑය. එහෙත් සෑම කාරණාවලදී වෙන් වශයෙන් සහ විශාල වශයෙන් ද සිද්ධවෙන ආකාර වලට පිහිට වීමටද යුතු වෙනස්‌ කිරීමටද මැදිහත් වෙන්ඩ ඕනෑ සන්ධි වලදී ආණ්‌ඩුවේ නියත වූ යුතුකමට යටත්ව තිබෙන්ඩ ඕනෑය.

09. සිංහල වැසියො නොවන මෙරටවල සිටින නොහොත් මෙහි එන්ඩ යෙදන සිවිල් මිලීසියේ සෑම අයගේම සිවිල් සහ ක්‍රිමිනල් නඩු ඇසීම එංගලන්තෙ මහාරාජෝත්තමයාණන් වහන්සේගේ ආඥවෙන් වෙනසක්‌ වනතුරු මෙසේ පවත්වන්ඩ යෙදෙයෑ. ඒ කෙසේද යත් හේවා පන්නක්‌කාරයන්ගේ ක්‍රමයට යටත්වූ හේවා පන්නක්‌කාර මුලාදැනී සහ හේවාපන්නක්‌කාරයෝද, හේවා හමුදාව කැටුව එන්ඩ වුන්ද ඇර අනිකුත් සෑම දෙනාම මිනීමැරුම් කාරණාවල් ඇර වෙන සෑම කාරණා වලදීම ඉංග්‍රීසි ගොවැර්නමේන්තුවේ ඒජැන්ට්‌ සහ නිලමක්‌කාර නොහොත් නිලමක්‌කාර තැනගේ නඩුවට යටත්ය. එහෙත් මිනීමැරුම් කාරණාවලදී ගරුතර ගොවැර්නදොරු උතුමාණන් වහන්සේ විසින් කලින් කලට නියම කරන කුමතේරුවරු විසින් විභාග කරන්ඩ යෙදෙනවා ඇත. එසේ වී නමුත් සෑම වේලෙහිම ඉංග්‍රීසි දේශක්‌කාරයන් විසින් අන්‍යදේශ වලදී කරන්න යෙදෙන වැරදි විභාගයට නියම වී පවතින මහත් බ්‍රිතාන් අයිර්ලන්ත් යන එකඟව රාජ්‍යයේ නඩු මාර්ගයෙන් විනිශ්චය කළ හැකි වූ ඉංග්‍රීසි දේසක්‌කාරයෙක්‌ මිනීමැරුම් නඩුවකදී විත්තිකාරයෙක්‌ව සිටියේ වී නම් එකඟ වූ තම රාජ්‍යයේ ඒ නඩු මාර්ගයෙන් විනා සිංහලේ කරන්ඩ යෙදුණාය කියන මිනීමැරීමේ නඩුවකදී ඉංග්‍රීසි දේසක්‌කාරයෙක්‌ වෙන ප්‍රකාරයකින් විනිශ්චය කරන්ඩ යෙදෙන්නේ නැත. දෙවනුත් හේවා පන්නක්‌කාර මුලාදැනි සහ හේවාපන්නක්‌කාරයෝද හේවා හමුදාව කැටුව යන උන්ද ඔවුන් විත්තිකාරයන්ව සිටින සෑම සිවිල් ක්‍රිමිනල් නඩුවලදීම යුද්ධයේ නඩු මාර්ගයට සහ චාලිත්‍රයේ ප්‍රකාරයටද යටත්ව හිටින්ඩ ඕනෑය. එහෙත් මෙම වගන්තියේ බල කරන කොටගෙන විභාගවන මේ නවවෙනි වගන්තියට වැදගත් සිවිල් කාරණා සහ මිලිසියේ කාරණාද යන සෑම කාරණා වලදීත් නඩු ඇහීමට වැදගත් සෑම ලිපි බැලීමට ද මේ වගන්තියේ කාරණා සම්පූර්ණ වශයෙන් සිද්ධවීම පිණිස ඕනෑ වෙන වෙනත් කාරණා පංගාර්තු කර තබන්නද ගරුතර ගොවැර්නදොරු උතුමාණන්ට බලේ තියනවායෑ.

10. හේවා හමුදාව එන ගමනේදී සවල්ප කාලයකට ප්‍රසිද්ධ කළා වූ යම් දැන්වීම් පත්‍රයක ආඥවල් කරනකොට ගෙන ඉහළ වගන්තිවල කාරණා වැළකෙන්ඩ යෙදෙන්නේ නැතුවත් ඇර ඉහළ වගන්ති වලට එකඟ නොවනා මේ සෑම අනාඥවල්ම මෙයින් අවලංගු කරන්ඩ යෙදුණාය.

11. සිංහල රටවල්වල රාජ නියමයෙන් ද ආදායමද මහා රාජෝත්තමයාණන් වහන්සේගේ වැඩට සහ මේ රටේ ආඥව වර්ධනය වීමටද යුතු වූ සිරිත් ප්‍රකාර ඉංග්‍රීසි ගොවැර්නමේන්තුව වෙනුවෙන් තැබෙන ඒජැන්ට්‌ යන නිලමක්‌කාර තැනගේ යටතේ එක්‌කාසු කරන්ඩ යෙදෙනවා ඇත.

12. මේ රටවල්වල වෙළහෙළඳාම වර්ධනය වන පිණිස මෙහි උපදින දේ වෙළඳාම් පිණිස ගෙනයැම පහසුවන හැටියට ද මුදල් රෙදි එනු නොහොත් සිංහලේ වැසියෝ වැඩි කැමති ඇතිවන බඩු ඒ පිණිස ගෙන ඒම පහසුකරන පිණිසද, එන කලට පංගාර්තුවක්‌කාර මහා රාජෝත්තමයාණන් වහන්සේගේ වෙනුවට රාජ්‍ය වර්ධන කරන කුමාරයන් විසින් ඒ පංගාර්තුව ඒත්තුගන්නා ලෙස ගරුතර ගොවැර්නදොරු උතුමාණන් වහන්සේ විසින් ඉල්ලා අරින්ඩත් යෙදෙනවා ඇත.

දෙවියන් වහන්සේ ආරක්‍ෂා කෙරෙත්වා!

අත්සන් තබන ලද්දේ

රොබට්‌ බ්‍රවුන්රිග්

ඇහැලේපොළ
* (මොල්ලිගොඩ මහ අධිකාරම සහ සත්කෝරලේ දිසාව) මොල්ලිගොඩ
* (පිළිමතලව්ව දෙවන අධිකාරම, සබරගමු දිසාව) පිළිම තලව්වේ
* පිළිම තලව්වේ සතර කෝරළේ දිසාව) පිළිම තලව්වේ
* මොනරවිල ඌවේ දිසාව) මොනරවිල
* (රත්වත්තේ මාතලේ දිසාව) රත්වත්ත
* (මොල්ලිගොඩ තුන්කෝරළේ දිසාව) මොල්ලිගොඩ
* (දූල්ලෑව වලපනේ දිසාව) දූල්ලෑව
* (මිල්ලව වෙල්ලස්‌සේ සහ බින්තැන්නේ දිසාව) මිල්ලව
* (ගලගම තමන්කඩ දිසාව) ගලගම

සහතික කළේ ෙ-මිස්‌ සදර්ලන්ඩ් (උඩරට පළාත් ලේකම්)

(ආණ්‌ඩුවේ භාෂා පරිවර්තක ෙ-. ඩොයිල් ආණ්‌ඩුවේ ලේකම් තැන්පත් ෙ-ම්ස්‌ සදර්ලන්ඩ් ඉදිරි පිටදීය.

(අදාල ගිවිසුම අත්සන් කිරීමේ දිනය සහ සිංහල නිලමේවරුන්ගේ අනුමැතිය සම්බන්ධයෙන් බරපතල සැක මතුවන තැන් කිහිපයක් පිළිබදවද ජෝන් ඩොයිලිගේ දින සහටහන් පිරික්සීමේදී පෙනී යයි. එයට අනුව ඉහත නම් සදහන් වන නිළමේවරුන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ කඩින් කඩ වන අතර ඇහැළේපොළ මහ නිළමේ අත්සන් තබා ඇත්තේ මාර්තු 18වැනි දින බව සදහන් වෙයි. අදාළ සිදුවීම්පෙළ සම්බන්ධයෙන් ඓතිහාසික මුලාශ්‍ර පිරික්සීමේදී පෙනී යන්නේ ඉංග්‍රීසීන් විසින් කපටි ලෙස උඩරට ප්‍රධානීන් නොමග යවා මෙම ගිවිසුම එළඹී ඇති බවයි.)

එදායින් පසුව අප රටේ අවුරුදු දෙදහස් පන්සීයකට අධික කාලයක් තුළ තිබූ සිංහල රජෙකුගේ පාලනය යටතේ පැවති ලෝකයේ පැරණිම රජ පරම්පරාව මෙන්ම වඩුග රාජ පරම්පරාවේ රජවරු හතර දෙනෙකුගේ පාලනය යටතේ පැවති අප රටේ ස්වෛරීත්වය එංගලන්තයේ III වන ජෝර්ජ් රජුගේ (1780-1820) හැනෝවර් පරම්පරාවට අයත්විය. හැනෝවර් පරම්පරාව රාජ්‍ය බලයට පත්වූයේ 1714දී I වන ජෝර්ජ් රජුගෙන් පසුවය. අප රටේ විශිෂ්ට උගත් රාජ පරපුර වෙනුවට අප භාර වූයේ හිරු නොබසින අධිරාජ්‍යය යැයි කියූ බි‍්‍රතාන්‍යයේ අඩක් නෙත් අන්ධ වූ හා බිහිරි වූ III වන ජෝර්ජ්ටය. ගිවිසුම ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංග‍්‍රහයේ (Ceylon Legislative Enactment) xi ඛණ්ඩයේ 390 ෙඡ්දය අනුව රටේ නීතිය බවට පත්විය. එයින් පසුව අපේ ව්‍යවස්ථාවන් පැනවීමේ බලය හිමි වූයේ මේ තුන්වන ජෝර්ජ් රජුට මිස රටේ ජනතාවට නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුව මෙම රටේ පාලනයට නීති සම්පාදනය කළේ රටේ ජනතාවගෙන් ලත් බලයෙන් නොව එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ බලයෙනි. ඉන් පසුව ජනතාවගේ නියෝජිතයින්ගෙන් සමන්විත වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මගින් සම්මත වූ ජනරජයක් නැවතත් අපට ලැබුණේ 1970 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය. අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම සිංහලේ රටද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කලූ සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි. හතර කෝරළේ, හත්කෝරළේ, ඌව සහ මාතලේ මහා දිසාවරු යටතේ පාලනය විය. වර්ග සැතපුම් 25332ක් වූ මුලූ රටෙහි වර්ග සැතපුම් 15,000 පමණ අයත් වූයේ කන්ද උඩ පස්රට නොහොත් උඩරට රාජ්‍යයටය. මෙම භූමි ප‍්‍රමාණය නූතනයෙහි සියලූම පළාත් සභා ප‍්‍රදේශ හා බස්නාහිර සහ දකුණ පළාත් සභා ප‍්‍රදේශයන් තුළ සමහර කොටස් ද අයිති වූ භූමි ප‍්‍රමාණයකි. අද උඩරට රාජධානිය නැති වූවත් උඩරට නැටුම්, කලා ශිල්ප, ඇඳුම්, පැළඳුම්, සමාජ චාරිත‍්‍ර හා සාරධර්ම එම රාජ්‍යයෙන් උරුම වූ නෂ්ඨාවශේෂ ලෙස ජීවමානව පවතී. අප විදේශ සංචාරකයින්ට පෙන්වන ලෝක උරුම නගර, මූර්ති කැටයම් ශිල්ප, වෙහෙර විහාර සීගිරිය වැනි චිත‍්‍ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රජ්‍යයේය.

1833 ඔක්තෝබර් 11 දින ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරයා විසින් නිකුත් කළ ආඥාවක් අනුව මුහුදුබඩ ප‍්‍රදේශද ඇතුළත්ව රට පළාත් පහකට බෙදන ලදී. ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්ඩුකාරයා 1845 ඔක්තෝබර් 01 දින සිට හයවන පළාත වශයෙන් වයඹ ඇති කළේය. 1813 සැප්තැම්බර් 06 දින සිට ශ්‍රීමත් ආතර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා උතුරුමැද පළාත වෙන් කළේය. ඊට පෙර උතුරු මැද නුවර කලාවිය තමන්කඩුව පාලනය වූයේ යාපනයේ ඒජන්තවරයා යටතෙහිය. 1886 දී ශ්‍රීමත් ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත ඇති කළේය. 1888 දෙසැම්බර් 29 දින ඔහු පෙරදී දකුණු හා බස්නාහිර පළාතට අයත්ව තිබූ කොටස් සම්බන්ධ කර සබරගමු පළාත ඇති කළේය. බි‍්‍රතාන්‍ය ක‍්‍රීටයට ලංකාව සම්බන්ධයෙන් නීති පැනවීමට බලය හිමි වුණේ ඔවුන් අත්සන් කළ ගිවිසුම නිසයි. ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ට මහරජුගේ අපේක්ෂාවන් ඉටු කරන අතරම රජුගේ විධායක බලයද කි‍්‍රයාත්මක කිරීමට සිදු විය. එබැවින් ආණ්ඩුකාරයාගේ කාර්යභාරය විධායක ව්‍යවස්ථාදායකය මෙන්ම නීතියේද ආධිපත්‍යය දැරීය. ඔහුට නීති කි‍්‍රයාත්මක කිරීමේ මෙන්ම නීති උල්ලංඝණය කිරීමේදී දඬුවම් නියම කිරීමේ විනිශ්චය බලයද අයත් විය. එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ දී ලංකාවටද බලපාන නීති සම්පාදනය කිරීමට බලය ලබා ගත්තේ උඩරට ගිවිසුම නිසාය. ඔවුන් සම්පාදනය කළ නීති ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ නීති හා අනපනත් මිස අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් වූ අන පනත් හා නීති රීති නොවේ. අපේ පැවති පැරණි නීති පද්ධතිය වූ මහනඩුව (රජු ඉදිරියේ විසඳන) දෙවැනි ක‍්‍රමය වූ ප‍්‍රධානීන් ඉදිරියේ විසª නඩු හා ගම් සභා නඩු විසඳීමේ ක‍්‍රමය වෙනුවට ලන්දේසි පාලනය යටතේ තිබූ මුහුදුබඩ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය මුලූ දිවයින පුරාම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ විය. කිසිම උඩරට සිංහලයෙකුට ඉංග‍්‍රීසින්ගේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරධුරයක් ලබා නොදුන්නේය.

එක පෙළට නැගුණු විමුක්ති අරගල කෲර ලෙස මර්ධනය කරන ලදි. ජාතියේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේ ශාරීරිකවද ඪික්ෂූව නමැති අසහාය චරිතයද ඝාතනය කරන ලදි. පොත් ගුල් වෙහෙර විහාර ගිනි බත් විය. වැව් අමුණු කඩා බිද දමා දේශීය කෘෂි කර්මය, තාක්ෂණය වසර දහස් ගණනක් පුරා ගොඩනගාගත් දැනුම් පද්ධතිය මුළුමනින්ම විනාශ කරදැමුණි. ගම, පන්සල, කෙත කමත කේන්ද්‍රකරගෙන ගොඩ නැගුණු සාරවත් සමාජ වියමන විනාශ කර දුරාචාරී සමාජ රටාවක් බිහි කරන ලදි. පන්සල මූලික කරගත් අධ්‍යාපන ක්‍රමය විනාශ කර මිෂනාරී අධ්‍යාපන ක්‍රමය හදුන්වා දුනි. ඒ හරහා ස්වාභිමානය, ජාතිකත්වය, දේශවාත්සාල්‍ය ස්වදේශික දරු පරපුරේ ඉහමොළ වලින් ඉවත්කර සදාකාලික පරගැති පරපුරකට අඩි තාලම දැමූහ. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා සිංහලයාගේ දේශපාලන බලය දියාරු කර සුළු ජාතික බලය ශක්තිමත් කර ජාතිවාදී, බෙදුම්වාදයට පදනම දැමූහ. 1815 පැහැරගත් සිංහලේ රාජ්‍ය වෙනුවට 1948දී යළි අපට බාරදුන්නේ සෑම අතින්ම පිරිහුණු, බෙදී වෙන්වුණු, ජාතිවාදය බෙදුම්වාදය ශක්තිමත් කළ ඇවිළෙන ගිනි ගොඩකි.

මේ වනවිට උඩරට ගිවිසුම අත්සන් කොට වසර 201 ක්‌ ගතවී ඇත. ඉන් වසර 133 කට පසු 1948 නාමික නිදහසක්‌ ලද අප 1972 ජනරජයක්‌ බවට පත්වූවද නිදහස නියම ලෙස අර්ථ ගැන්වී අත්විඳින්නන් නොවන්නෙමු. සුද්දන් විසින් බිහිකර ගිය කළු සුද්දන් රැළකට මැදිව තවදුරටත් වහල් මානසිකත්වයකම හිරවී සියල්ල පිටරටින් එනතුරු අප තවමත් මුහුදට දත නියවමින් සිටින්නෙමු. එදා හොර ගිවිසුමෙන් සටකපට ලෙස අපව ග්‍රහණයට ගෙන යකඩ සපත්තුවෙන් පාගා අපව පාලනය කළවුන්ගේ නූතන පරපුර, එදා වරදාන වරප්‍රසාදවලට, සුද්දන්ගේ උගුල්වලට යටවී රට දැය පාවාදුන් පරපුරුවල නූතන කළු සුද්දන්ද පාවාගෙන සිය බෙදුම්වාදී ජාතිවාදී න්‍යයාපත්‍ර පෙරට ගෙන රටෙත් ජාතියෙත් ස්වෛරීත්වය සදහට අහමි කරවීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටිති. මේ එළඹෙන මොහොතක් පාසා අප අවදියෙන් සිටිය යුතු කාලයයි.

Colombo Today

Monday, October 26, 2015

රජු භික්ෂූන් හා ගැටී පැරදුණු, 190ක රුධිරයෙන් මංගල දියවර ගත්, විස්මිත පුවත් රැසක් මැවූ නුවර කිරිමුහුද!

03-Rasa-P1-02මෙරට රාජවංශ වංශයේ අවසන් රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798 - 1815) මහරජතුමා බව අප කවුරුත් දන්නා කරුණකි. උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වූ සෙංකඩගලපුර දළදා මාළිගාවේ පත්තිරිප්පුව ද, එහි ඉදිරිපසින් වූ දර්ශනීය වලාකුළු (වාරැලි බැම්ම) බැම්ම මෙන්ම, ක‍්‍රි.ව 1807 දී දළදා මාලිගාව ඉදිරියෙන් ඇති වැව, කිරි සයුර හෙවත් කිරිමුහුද ද, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද්දේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මූලාචාරියාගේ උපදෙස් මතය. ඒ  බවත් බොහෝදෙනෙක් දනිති. එහෙත් කිරි මුහුද යට කතා බොහොමයක්ම ශෝකයෙන් පිරී පවතී. ඒ බව නම් බොහෝදෙනෙකු දන්නේ නැත. මෙවර කන්ද උඩරට අප‍්‍රකට කතාවට තේමාව සොයා ගන්නේ කිරි මුහුදෙනි. 

මහනුවර නගරයේ අලංකාරය වැඩි කිරීමට මෙන්ම, ශ‍්‍රී දළදා මාළිගාවට චමත්කාර දර්ශනයක් ඇති කරදෙන කිරි මුහුදෙන් ලැබෙන්නේ අපමණ වූ මෙහෙයකි. එපමණක් ද නොව අද, මහනුවර නගරයේ උෂ්ණත්වය  පාලනයට ද එය උපකාරී වේ. මෙහි ජල පැතිරුම හෙක්ටයාර දහනවයකට වඩා වැඩිය. ගැඹුර මීටර් 18.24 කි. උඩවත්ත කැලේ, බහිරවකන්ද, හන්තාන කන්ද, දුනුමඩලාව රක්ෂිතය (වාකර් වත්ත) යන කඳු බෑවුම්වල සිට ගලා එන ජල ධාරා මගින් වැව පෝෂණය වේ.  එහෙත් එදා කිරි මුහුද නිර්මාණය කිරීමට සෙංකඩගල පුරවරයේ ඇහැලේපොළ මහා අදිකාරම් ඇතුළු ජනතාව කැමති වූයේ නැත. එදා එයට සාධාරණ හේතු තිබුණි. පසු කාලයේ රජු විරසක වූයෙත්, ඇහැලේපොළ පවුලට අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදීමට සිදු වූයේත් කිරි මුහුද නිසා බව උඩරැුටියන්ගේ අදහසය. 

කිරි මුහුද

වසර දෙසීයකට වඩා පැරණි කිරිමුහුද මහනුවර නගරය අලංකාර කරනා සුවිශේෂී නිර්මාණයක් බව දැන් ඔබ දනී. ජල රැුලි මාලා නංවමින් මහනුවර ජලජ පක්ෂීන්ට වාසස්ථානයක් වූ මෙම වැවෙහි සුන්දරත්වය යට ඇත්තේ දුක්ඛාන්තයකි. එම කතාවට ප‍්‍රථමව කිරි මුහුද යන නම ලැබුණේ කෙසේද යන්න පළමුව විමසා බලමු. ඒ සම්බන්ධයෙන් වූ ජනප‍්‍රවාදයේ පවතින්නේ මෙසේය. හුලංගමුවේ ආචාරියා නම් දෛවඥයාගේ අනාවැකිය සනාථ කරමින් කිරි ඉබ්බෙකු හමුවී ඇත. මෙම වැවෙහි නැගෙනහිර කෙළවරට වන්නට කුඩා පොකුණක් සාදා මෙම ඉබ්බාගේ වාසයට වෙන් කරන ලදී. ඉන්පසු එය කිරි මුහුද යන නමින් හඳුන්වන ලද අතර, එම පොකුණට සම්බන්ධවන ආකාරයෙන් සෑදු වැවට ද ඒ නම යොදා ඇත. රජතුමා කිරි මුහුද යන නමට කැමැත්තක් දක්වා ඇත්තේ රට වටේ මුහුද ඉංග‍්‍රීසීන්ට අයත්ව තිබූ නිසා රට තුළ මුහුදක් තැනවීමට තමන්ට හැකියාවක් ඇති බව පෙන්වීමට විය හැකිය.  

03-Rasa-P1-04කිරි මුහුද වෙන්කතරංගම්මාල් බිසවගේ අදහසකි. මෙරට පාලනය කළ අවසන් රජවරුන් හතරදෙනාම නායක්කාර වංශිකයන්ය.  ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ද ඊට ප‍්‍රථම සිටි නායක්කාර රජවරුන් ආදර්ශයට ගනිමින් ඉන්දියාවේ වෙල්ලෝර් රාජ්‍යයෙන් බිසවක් ගෙන්වා ගන්නා ලදී. ඇයගේ නම වෙන්කතරංගම්මාල්ය. ඇය ජීවත් වූ ඉන්දියාවේ මාළිගාව අසළ වැවක් තිබූ අතර, එහි චමත්කාරය අත්විඳි නිසා, ඒ හා සමාන වැවක් අලංකාරය පිණිස මහනුවර රජ වාසල අසල සාදා දෙනමෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියි. රජතුමා ඒ ගැන සිතන්න පටන් ගත්තේ තම බිසවගේ සිත රිදවීමට අකමැති නිසා ය. පළමුව මේ බව තම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ඔවුන්ගේ අනුමැතිය ලබා ගතහොත් ප‍්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසාය. මෙහිදී පිළිමතලව්ව, ඇහැලේපොළ අදිකාරම්වරු පවසා සිටියේ. බෝගම්බර වැවක් තිබෙන බවත්. නගරයට වැව් දෙකක් අවශ්‍ය නැති බවත්ය. අනෙක් කරුණ වූයේ වැව සෑදීම සඳහා තෝරා ගනු ලැබුවේ මාළිගාව ඉදිරියෙන් ඇති ටිගොල්වෙල වෙල්යායය. එයින් එවකට හොඳ වී අස්වැන්නක් ලබාදුන් අතර, එම අස්වැන්න නැතිව යාමෙන් පාඩුවක් සිදු වන බවත් ඔවුහු පවසා සිටියහ. 

එවකට මහනුවර නගරය පැවති ආකාරය පිළිබඳව ද කිසියම් අවබෝධයක් ලබා ගත යුතුව තිබේ. එයට හේතුව වනුයේ මහනුවර නගරය වෙනස්වීම ආරම්භ වූයේ කිරි මුහුද සෑදීම ආරම්භ කිරීමත් සමඟ වීම නිසා ය. ක‍්‍රි.ව 1800 වසරේදී මහනුවරට ඉංග‍්‍රීසීන් පැමිණෙන විට දෙදහස් පන්සීයක පමණ ජනතාවක් වාසය කළ බව සඳහන් වේ. ක‍්‍රි.ව 1821 වසරේදී ජෝන් ඬේව් මහනුවරට පැමිණෙන විට එහි වීදි දෙපස වූ නිවාස මැටියෙන් සාදා තිබූ බවත්, එම නිවාස පස් සහිත මිටි බිම් කණ්ඩි මත සාදා තිබූ බවත් සඳහන් කර ඇත. තවද උළු සෙවිලි කරන ලද නිවාස නිලමේවරුන්ගේ වූ අතර, අනිත් සියලූ නිවාස පිදුරු වහල සහිත සාමාන්‍ය පුද්ගලයන්ගේ නිවාස විය. 

කෙසේ වුවත්, ක‍්‍රි.ව 1815 වන විට සෙංකඩගල පුරවරයේ ජනතාව තුන් දහස් හයසියක පමණ සංඛ්‍යාවක් දක්වා වැඩිවී තිබේ. දළදා මාළිගාව අසළ රජ මාළිගාව පිහිටා තිබූ අතර අදට ද රජ වාසලෙහි ඉදිරි කොටස එහි දක්නට ලැබේ. කන්දක් මුදුනේ පිහිටි මාළිගාව පහළින් කුඩා කඳු පල්ලම් සහිත ප‍්‍රදේශයෙහි සිට මාළිගාව දෙසට මාර්ගය වැටී තිබුණි. මහා රූස්ස ගස් කොළන්වලින් පිරී පැවති වනයකි. පල්ලම් සහිත භූමියේ තැනින් තැන උස් බිම් දක්නට ඇත. මාළිගාව ඉදිරියෙන් වූ ප‍්‍රදේශය සාරවත් වෙල් යායකි. එම කුඹුරු යාය මැදින් ඇළක් ගලා බසී. මාළිගාවට උඩින් පිහිටි බූවැලිකඩ, ගුරුදෙණිය වැනි ප‍්‍රදේශ පමණක් නොව කටුකැලේ, පේරාදෙණිය දක්වා ප‍්‍රදේශයන්ද රජු විසින් බලෙන් පවරාගෙන ඉන්දියාවේ සිට පැමිණි නායක්කාර වංශික තම නෑදෑයන් පදිංචි කළේ ඔවුන්ට සියලූ පහසුකම් ලැබෙන ආකාරයටය. ටිගොල්වෙළ කුඹුරුයායට උඩින් ”මීගොන්අරඹ” පිහිටා තිබුණි. මීගොන්අරඹේ ගාල්කර සිටියේ ටිගොල්වෙල කුඹුරේ සීසෑම, ගොයම් පෑගීම සඳහා ගෙන එන ලද මී හරකුන්ය.  වර්තමානයේ ”ස්විස් හෝටලය” සාදා තිබෙන්නේ මීගොන් අරඹේය. 

වෙන්කතරංගම්මාල් බිසවගේ කැමැත්තට ඉඩ දෙමින්, පුරෝහිතයන් ලෙස කටයුතු කළ බිසවගේ පාර්ශවයේ යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් දන්නා මන්ත‍්‍රාචාරීන්ගේ සහාය පමණක් නොව මොල්ලිගොඩ අදිකාරම්ගේ සහායද වැව සෑදීම සඳහා රජු ලබා ගන්නවා. එයට හේතුව ඇහැලේපොළ සමඟ මොල්ලිගොඩ අමනාපයෙන් සිටින බව රජතුමා දන්නා බැවිනි.  දළදා මැදුර සහ මල්්වතු විහාරය අතර තිබූ ටිගොල්වෙල කුඹුරුයාය දිගු ලියැදි පේළි සහිතව පිහිටා තිබුණේ ඉතාමත් අලංකාර අයුරිනි. කුඹුරු යායේ අයිතිකරුවන්ගෙන් එය බලෙන් පවරා ගනී. ඉන්පසු කොටුගොඩැල්ල කන්ද කපා පස්ගෙන කුඹුර හරහා බැම්මක් බැඳ නුවර වැව ඉදි කෙරිණි. 

ආරම්භයේදී නුවර අසල කෝරලවල සිටි ගැමියන් සියලූදෙනාම පැමිණ මෙහි වැඩ කළ යුතු යැයි රාජ ආඥාවක් නිකුත් කෙළේ ය. එහෙත් එම මිනිසුන්ට වැටුපක් හෝ ආහාර සැපයීමක් සිදු වූයේ නැත. බොහෝදෙනෙක් තම නිවෙස්වලින් බත්මුල් බැඳගෙන වැඩට පැමිණියහ. ආහාර රැගෙන ඒමට බැරි ඉතා දුප්පත් මිනිසුන් ආහාරයට ගත්තේ මඤ්ඤොක්කා කොළ සහ තෝර කොළය. මෙම තෝර කොළ පිස ගැනීමටවත් හැකියාවක් නොතිබූ ජනතාවක් එවකට සිටි අතර, ඔවුහු එම තෝර කොළ බඩෙහි බැඳගෙන පැමිණ වැඩ කළ අතර, මහන්සි වී වැඩ කිරීමේදී සිරුරින් පිටවෙන උෂ්ණත්වයට ඒවා තැම්බුණි.
අවසානයේ ඒ ආකාරයෙන් තැම්බුණු තෝර කොළ, මඤ්ඤොක්කා කොළ ආහාරයට ගත්හ. ටිගොල්වෙල කුඹුර වැවක් බවට පත් කිරීමේදී අඩි කිහිපයක් යටට හාරන ලදී. එකතැන පල් වූ ජලයෙහි බොහෝ වේලා බැස සිටීම නිසා ශරීරගත වූ විෂබීජයෙන් හටගත් රෝග වලින් බොහෝදෙනෙක් මිය ගියහ. කපා ඉවත් කරන ලද පස් මහනුවර වීදි සමතලා කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගත්හ. ජෝන් ඩොයිලි මේ බව සනාථ කර තිබේ. ඔහු ක‍්‍රි.ව 1812 පෙබරවාරි මස 13 වෙනි දින තබන සටහනට අනුව කන්දේ නුවර වේල්ලක් බැඳීම සඳහා මිනිසුන් දෙදහසත් තුන් දහසත් අතර සංඛ්‍යාවක් යොදවා ඇති බව සටහන් කර තිබේ. 

උඩවත්ත කැලේ සිට ගත් කිරිමුහුදේ ඡායාරූපයක්
03-Rasa-P1-05

මල්වතු මහා විහාරයේ ළිඳ නිසා වැවෙහි වැඩ නතර වීම 

ඒ ආකාරයෙන් ටිගොල්වෙල කුඹුර හාරාගෙන යන විට කුඹුර කෙළවරෙහි පිහිටි මල්වතු මහා විහාරයට අයත් ළිඳ ද, එතැනින් ඉවත් කිරීමට යන බව මල්වතු මහා විහාරයේ නායක භික්ෂූන් වහන්සේට දැන ගැනීමට ලැබුණි. භික්ෂූන් වහන්සේලාට ස්නානය සඳහා වෙනත් ළිඳක් ඒ අසල නොවීය. රූස්ස ගස් කොළන් මධ්‍යයෙහි පිහිටා තිබුණු එම ළිඳෙහි ජලය ඉතාමත්ම සිසිල්ය. පිරිසිදුය. වහාම තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ රජවාසලට උන්වහන්සේ වැඩිය සේක..            
                                                                   
රජතුමනී, මල්වතු විහාරයට අයත් එකම ළිඳ වැව නිසා නැතිකර ගන්න අපට බැහැ. වැව තිබුණත් භික්ෂූන් වහන්සේ නමකට ස්නානය කිරීමට සුදුසු නැහැ. එමනිසා ළිඳ එතැනින් ඉවත් කරන්න එපා. ඒ අවස්ථාවේදී රජතුමා එයට විරුද්ධත්වය ප‍්‍රකාශ නොකර සලකා බලන්නම් යනුවෙන් ප‍්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේ තරහ කර ගැනීමෙන් යහපතක් සිදු නොවන බව දන්නා නිසාය. දින කිහිපයක් ගත වුවත්, රජතුමා ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලබා නොදුන් හෙයින්, මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ ඇතුඵ සියලූම භික්ෂූන් වහන්සේද, ඇහැලේපොළ, පිලිමතලව්වේ අදිකාරම්වරු ඇතුඵ නුවර වැසියන් ද ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කළා පමණක් නොව වැවෙහි වැඩ කරන ලද ජනතාව ද ඉන් ඉවත් කෙළේය. වර්තමානයේ මෙන් නොව එදා ජන සමාජයේ රජතුමාටත් වඩා වැඩි බලයක් සංඝයා වහන්සේ සතුවිය. රජවරුන් පත් කිරීමට මූලිකත්වය ගත්තේ සංඝයාවහන්සේය. මේනිසා එදා ජනතාව රජතුමාට වඩා මහානායක හිමියන්ගේ හඬට සවන් දුනි. 

සත් කෝරලේ මිනිසුන් 190 ක් උල තැබීම

මෙයින් රජතුමා හොඳටම කිපුණි. රාජ අණ කඩකරන්නන්ට මරණීය දණ්ඩණය නියම කරනවා යැයි උස් හඬින් ප‍්‍රකාශ කළේ රාජ සභාවම දෝංකාර දෙන අයුරිනි.  මේ වන විට රජතුමාට උපදෙස් ලබා දෙමින් රජතුමා මෙහෙයවමින් සිටියේ වෙන්කතරංගම්මල් බිසවගේ ඥාතීන්ය. ඔවුහු දේවාලවල කපුවන්, මන්ත‍්‍රාචාරීවරුන් ලෙස විවිධ තනතුරුද හෙබවූහ.  මමයි මේ රටේ රජු... හොඳයි බලමු... මහානායක හිමියනි...                                                                                              
මල්වතු මහානායක හිමියන්ගෙන් හෝ භික්ෂූන් වහන්සේලාගෙන් ප‍්‍රසිද්ධියේ පළිගැනීමට බැරිය. ජනතාව කුපිත වේයැයි රජතුමා බිය විය. එමනිසා දඬුවම් ලබාදිය යුතු වෙනත් ක‍්‍රමයක් ගැන රජුගේ අවධානය යොමු විය. ඒ වන විටත් රජතුමා තම අභිමතය පරිදි, නඩු අසා හෝ නඩු විභාගයකින් තොරව රහසිගතව සහ ප‍්‍රසිද්ධියේ කස පහර ලබාදීම, උල තැබීම, අලි ඇතුන් ලවා පාගා මැරීම, පුවක්ගස් දෙකක කකුල් බැඳ ඉරා මරණයට පත්කිරීම ආදී දඬුවම් බොහොමයක් ක‍්‍රියාත්මක කළ කාලයකි.  

ඒ වන විට ඉංග‍්‍රීසීන්, කන්ද උඩරටට පැමිණෙමින් සිටි කාලය ද විය. ඇහැලේපොළ ඇතුළු ප‍්‍රභූන් එක් පැත්තක් ද, මොල්ලිගොඩ, ඇතුඵ පිරිසක් තවත් පැත්තක් ද ගෙන කටයුතු කළ අවධියකි. මොල්ලිගොඩ අදිකාරම් රජතුමාට පක්ෂ අය ඔහු කරන්නේ කුමක්ද එය නිවැරදි යැයි පවසමින් ඊට උපකාර කරති. වැවෙහි ඉතිරි වැඩ කොටස අවසන් කිරීම සඳහා සත් කෝරලයෙන් මිනිසුන් ගෙන්වා දෙන මෙන් රජු ඉල්ලීමක් කළේය. ඒ අනුව මිනිසුන් එකසිය අනූ දෙනෙක් පැමිණ වැඩ කිරීම ආරම්භ කළ ද, මල්වතු මහනායක හිමියන්ගේ විරුද්ධත්වය නිසා ඔවුන්ද වැඩ කිරීම නතර කළේ උන්වහන්සේගේ අණ පිළිපදිමිනි. අවසානයේදී. රජතුමාට ළිඳ අතහැර දැමීමට සිදුවිය. එහෙත් බිසවගේ ඥාතීන් කියා සිටියේ වැඩට නොපැමිණෙන මිනිසුන්ට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු බවය. 

ළිඳට හානියක් සිදු නොකළ බැවින් මහානායක හිමියන්ගේ විරුද්ධත්වය පහව ගියේය. මහජන උද්ඝෝෂණය නතර විය. සත්කෝරලේ මිනිස්සු ඇතුඵ නුවර වැසියෝ වැවෙහි යළි වැඩ කිරීමට පටන් ගත්හ.  තවත් සති කිහිපයකින් පසුව වැවෙහි වැඩ අවසන් වී, ජලය පිරවීම සඳහා දිනයක් නියම විණි. එදිනට ඇත්තේ තවත් එක දවසකි. රජතුමාගේ පළිගැනීමේ අදහස ක‍්‍රියාත්මක විය. පෙරදින රහසින් උල් කරන ලද කිතුල් කණු එකසිය අනූවක් වැව මැද සිටවූහ. මේ සියල්ල සිදු වූයේ මොල්ලිගොඩ දිසාවගේ උපදෙස් මත ය. අවසානයේදී රජතුමා පළිගත්තේ සත්කෝරළෙන් ගෙන්වා ගත් එකසිය අනූදෙනා ගෙනි. ඔවුන් එහි උල තබා, වැවට ජලය පුරවන ලදී. මිය ගිය ඔවුන්ගේ සිරුරු මතින් ජලය පිරී යන අයුරු ජනතාව බලා සිටියේ ශෝකයෙනි. 

නුවර වැව රවුමේ මල්වතු මහා විහාරයට පහළින්, සහ මල්වතු විහාරයේ වාහල්කඩ අසල වැව රවුමේ පිහිටා ඇත්තේ, එදා මල්වතු මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් කිරි මුහුදට යට වීමට නොදී ආරක්ෂා කර ගත් එම ළිඳය. වර්තමානයේ එය අලූත්වැඩියා කර ඇත. වසර දෙසීයකටත් වඩා පැරණි මෙම ළිඳ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයටත් පෙර සිට පැවත එන්නකි.  

එදා මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නය විසින් කිරි මුහුදට යට විමට නොදී, ආරක්ෂා කරගත් (වසර දෙසීයකට වඩා පැරණි) ළිඳ 
03-Rasa-P1-06

අවසානයේ මූලාචාරියා ද කිරි මුහුදට ම බිලි වෙයි

කිරි මුහුද රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මුලාචාරියාගේ උපදෙස් මත නිර්මාණය කළ එකක් බව ඉහතදී පැවසුවෙමි. මූලාචාරියා මිය යන්නේ ඔහු විසින් නිර්මාණය කළ වැවෙහි ගිලීමෙන්ම, වීම දෛවෝපගත සිදුවීමකි. කිරිමුහුද සෑදීමෙන් පසු නිහඬවම දවස් කිහිපයක් ගෙවී ගියේය. එදා මාසේ පෝය දිනයකි. ඝන අන්ධකාරය සෙංකඩගල පුරවරය පුරාම පැතිරී තිබුණි. මූලාචාරියාගේ නිවෙස පිහිටා තිබුණේ රජවාසලට තරමක් ඈතින් වු අම්පිටිය ප‍්‍රදේශයෙහිය. ඔහු හදිසියේම නින්දෙන් අවදි වූයේ කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසීමෙනි.   කවුද.. කවුද...මේ මහ ?...            
අපි රජ වාසලෙන්.. හදිසියේ රජතුමාගෙන් පණිවුඩයක් රැුගෙනයි පැමිණියේ.  ඔහු දොර විවෘත කරගෙන එළියට පැමිණියේය. හුළුඅතු එළි කිහිපයකි. කිහිපදෙනෙකු දක්නට ලැබේ. එහෙත් කිසිවෙක් අඳුනන්නේ නැත. හරි යමු...                                                                                                                         
රජවාසලට යන මාවත කිරි මුහුද වැව් බැම්ම මතින් වැටී තිබුණි. මූලාචාරියාට ඉදිරියෙන් දෙදෙනෙක් ගමන් කරති. එක් අයෙකු අත හුළු අත්තකි. එහි එළිය තරමක් දුරට ඉදිරි මාවත පෙන්වයි. එදා කිරි මුහුද අද මහාමායා බාලිකා විදුහලට ඇතුළුවන ප‍්‍රධාන මාවතට පහළින් ඇති පිට්ටනිය ප‍්‍රදේශය දක්වා පැතිරී තිබුණි. දැන් ඔවුන් සියලූදෙනා ඒ අසලින් ගමන් කරති. හදිසියේම පිටුපසින් පැමිණි කෙනෙකු මූලාචාරියාට ගැසූ පා පහරින් ඔහු නතර වූයේ වැවෙහි ජලයට වැටීමෙනි. හැඩිදැඩි පුරුෂයෙක් දියට පැන ඔහුගේ හිස ජලයේ ඔබාගෙන සිටියේ හිස එසවීමට නොහැකිවන ආකාරයෙනි. 

කාලය සෙමෙන් ගත විය. පසුදින මූලාචාරියා කිරිමුහුදේ ගිල්වා මරා දමා ඇති පුවත සෙංකඩගල පුරවරයම කැලඹීය. ඒ රජතුමාගේ හිතවතෙකුගේ මරණය නිසාය. රජතුමාට ද මේ බව ක්ෂණයකින් ආරංචි විය. රජතුමා මහත්සේ උදහසට පත්විය. තම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියා මරා දැමූ සාහසිකයන් සොයා වෙහෙසුනද, ප‍්‍රතිඵලයක් නොලැබුණි. අවසානයේදී, රජතුමාගේ කෝපය සංසිඳ වූයේ සිල්වත් භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ වදාරා සිටියේ. ”මේ වැව තැනීමට පෙර මෙම වෙල්යායේ සිටි දහස් ගණන් කටුස්සන්, හිකනලූන්, කක්කුට්ටන් වැනි අහිංසක සතුන් වැව සෑදු විට දියේ ගිලී මැරුණි. ඒ නිසා, උදහස් වූ දෙව්වරුන් විසින් මූලාචාරියාට දඬුවම් කර ඇති බවකි”.

http://www.lankadeepa.lk/index.php/articles/353509

Tuesday, November 25, 2014

පෘතුගීසීන් කොළඹ පැමිණ අදට වසර 509 කි! ගෙරිසමක ප්‍රමාණය යටත් විජිතයක්‌ වූ හැටි...


ලංකා ඉතිහාසයේ පුරාණ කාලපරිච්ඡේදයේ පැවැති මහිමය ක්‍රි.ව. 1500 වන විට අවසන් විය. කෝට්‌ටේ සමයෙහිදී හයවැනි පරාක්‍රමබාහු රජු කල දක්‌නා ලද්දේ එම පුරාණ සිංහල කීර්තිs ප්‍රදීපයේ අවසාන සිළු පමණි. මේ රජුගේ කාලයේදී ලංකාව යළිත් වරක්‌ එක්‌සත් රාජ්‍යයක්‌ විය. එම කාලයෙහිදී ලංකාව නා නා අයුරින් අසල්වැසි ජාතීන්ගේ සම්මානයට ද පාත්‍ර විය. එහෙත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් උදා වූයේ අභාග්‍ය දසාවකි.


අති පුරාණයෙහි පටන් අරාබි වෙළෙඳ ජනයාගේ මාර්ගයෙන් ලක්‌දිවින් රතු මුහුද අසබඩ ප්‍රදේශවලට කුරුඳු ගෙන යනු ලැබූ නමුත් ඒවා කිනම් රටක හටගනු ලබන්නේදැයි පෘතුගීසීහු නොදැන සිටියහ. දේශාන්තරචාරී මාර්කෝ පෝලෝ විසින් විදේශ සංචාරයකදී ලක්‌දිවට පැමිණ තම ගමන් විස්‌තරයේදී ලංකාව ගැන මෙසේ සටහන් තැබීය. ලක්‌වැසි ජනයා සහල්, කිරි ප්‍රධාන ආහාර වශයෙන් ගනු ලබන බවත් රතු කැට, නිල් පුෂ්පරාග ආදී මැණික්‌ වර්ග එහි තිබෙන බවත් ගිනි සිලක්‌ මෙන් දීප්තිමත්ව බැබලෙන අතිශෝභන රක්‌ත මාණික්‍යයක්‌ ලක්‌රජු වෙත තිබෙන බවත් එහි සඳහන් විය. මෙහි උපදනා රතු මැණික්‌ ආදී අනර්ඝ වස්‌තූන් පමණක්‌ නොව කුරුඳු වැවිල්ල සහ ඒවා පිළියෙල කරන අන්දම ද ඇතුන් ගැන ද කරුණු පෘතුගීසීන්ට දැනගැනීමට ලැබිණි.

යුරෝපයේ සිට අප්‍රිකා මහාද්වීපය වටේ ගොස්‌ ඉන්දියාවට ළඟාවන මාර්ගය පහළොස්‌වැනි ශත වර්ෂය වනතුරු කවරෙක්‌වත් නොදැන සිටියහ. නමුත් මේ කාලයේදී ලක්‌දිව වෙළ¹ම අතින් අති ප්‍රසිද්ධියට පත් වී තිබිණි. අරාබි, මුස්‌ලිම්, පර්සි යන වෙළඳ ජනයා චීන දේශයෙන් පටපිළි ද පර්සියාවෙන් අශ්වයෝ ද ඉන්දියාවෙන් කුළු ද්‍රව්‍ය කපු පිළි සහ වෙනත් භාණ්‌ඩ ද මෙහි ගෙනෙනු ලැබුවාහුය. එමෙන්ම ලංකාවේ උපදනා මුතු මැණික්‌, ඇතුන්, ඇත්දත්, කුරුඳු ආදිය රතු මුහුදුබඩ සල්පිල් කරා ගෙන යනු ලැබීය. යුරෝපීය වෙළෙඳුන් එම වෙළෙඳ භාණ්‌ඩ සිය දේශයන්හි විකිණීම පිණිස ගෙන යන ලදී.

මුස්‌ලිම්වරුන්ගේ වෙළෙ¹ම පිළිබඳව ඇති සුරවීරභාවය දුටු පෘතුගීසීහු වෙළ¹ම තමන් අතට පත්කර ගැනීමේ ලෝභය උපදවා ඔවුන් හා නිතර නිතර කලහ කළහ. ක්‍රි.ව. 1498 මැයි මස 20 වැනි දින ඉන්දියාවේ මුහුදුබඩ පිහිටි කැලිකට්‌ නම් නගරයට ගොඩවැදුණු වස්‌කෝදගාමා නම් නැව්පතියා එරටින් බොහෝ අගනා භාණ්‌ඩ රැගෙන සිය රටට ගොස්‌ පෘතුගාලයේ රජුට සියලු පුවත් සැල කළහ. එවක්‌ පටන් පෘතුගාලයට අයත් නැව් ඉන්දියාවට යැම අනවසරයෙන් කරන්නට විය. මඳකලක්‌ ගතවීමෙන් පසුව ඉන්දියාවේ මුහුදුබඩ පෙදෙස්‌ කීපයක්‌ම පෘතුගීසීන් විසින් යටත් කොට වෙළඳ ගබඩා සහ බලකොටු ද තනා ගෝව නම් පළාත මුල් ස්‌ථානයේ තබා වෙළඳ භාණ්‌ඩ යුරෝපයට ගෙන යන ලදී.

පෘතුගීසී රජු ද මේ කාරණය ලක්‌ රජය තමන් සතුවීමේ ප්‍රමුඛ ලක්‍ෂණයකැයි මෙනෙහි කොට අතිශයින් සතුටට පත්ව පෘතුගාලයේ අගනුවර වූ ලිස්‌බන් රාජ මන්දිරයේදී අත්‍යාලංකාරයෙන් උත්සවයක්‌ පවත්වා රන් රූපයට දොන් ජුවන් යන නාමය ප්‍රදානය කොට ඔටුනු පළඳවන ලදී. මෙය වනාහි නොයෙක්‌ අතින් අති මහත් පලවිපාක ගෙන දුන් ක්‍රියාවකි. රූකඩ ධර්මපාල රජු යුරෝපීයයන් හා මිත්‍රව ඔවුන්ගේ ආගම ද වැළඳ ගත්තේය.

රූකඩ ධර්මපාල රජුගේ මෙම ක්‍රියා පිළිබඳ අතිශය කලකිරීමට පත් සියලුම බෞද්ධයෝ සීතාවක පළමුවන රාජසිංහ රජුගේ පිහිට සෙවීය. පළමුවන රාජසිංහ රජුගේ ප්‍රමුඛත්වයෙන් කෝට්‌ටේ බලය බොහෝදුරට බිඳහෙළන ලදී. පෘතුගීසීන් නගරය බේරාගනු සඳහා සටන් කළ නමුදු විශාල ගොඩබිම් හමුදාවක්‌ ඔවුනට නොවූයෙන් පෘතුගීසීහු කෝට්‌ටේ විනාශ කර දමා අභාග්‍යසම්පන්න ධර්මපාල රජු කැටුව කොළඹට ගියේය. ස්‌වකීය ස්‌වාමීන්ගෙන් නන් අයුරු නින්දා අපහාස විඳිමින් කොළඹ වාසය කළ ධර්මපාල රජු 1597 දී මියගියේය.

ධර්මපාල රජ ස්‌වකීය රාජ්‍යය පෘතුගාලයේ රජුට පවරා දී මළේය. ධර්මපාල රජු තමා ජීවත්ව සිටියදීම පෘතුගාල රජුට මෙම තෑගි ඔප්පුව ලියා තැබූහ. කෝට්‌ටේ රජ දරුවන්ට මුළු ලක්‌දිවම අයිති බව ද එබැවින් පෘතුගාලයේ රජු කෝට්‌ටේ රජුගේ උරුමක්‌කාරයා වූ විට ඔහුට මුළු දිවයින කෙරෙහි ආධිපත්‍යයට හිමිකම් කියන්නට බලය ඇතැයි ද මේ තෑගි ඔප්පුවෙන් ප්‍රකාශ කරන ලද්දේය. පෘතුගාලයේ රජු කෝට්‌ටේ රාජශ්‍රීයට පැමිණි බව කොළඹ නගරය තුළ ගරු ගාම්භීර උත්සවශ්‍රීයෙන් ප්‍රකාශ කරන ලදුව රජවාසල නිලධාරීහු රාජපාක්‍ෂික බවට දිවුරුම් දුන්නේය. රටේ අධිපතීන් ද මේ බවට දිව්රවා ගැනීම අවශ්‍ය වූයෙන් 1598 දී පෘතුගීසී ආණ්‌ඩුකාරයා මල්වානේදී මහා සම්මේලනයක්‌ පවත්වා පෘතුගාලයේ රජවරුන් කෝට්‌ටේ රාජ්‍යයට උරුමකරුවන් බව දැනුම් දෙන ලදී.

පෘතුගීසීන් තමන්ට තෑගි ඔප්පුවෙන් ලැබුණු භූමිය කොටස්‌වලට බෙදන ලදී. කොළඹින් දකුණේ සිට ගිරුවාපත්තුව තෙක්‌ මුහුදුබඩ පෙදෙස මාතර දිසාව නිය ලෙස ද, වර්තමාන වයඹ පළාත සත්කෝරළයේ දිසාවනිය ලෙස ද වර්තමාන රත්නපුර දිස්‌ත්‍රික්‌කය සබරගමු දිසාවනිය ලෙස ද යාපනය සහ මන්නාරම තවත් දිසාවනියක්‌ ලෙස ද බෙදා වෙන් කරන ලදී. කෝට්‌ටේ රජුගෙන් ගෙරි සමක භූමි පෙදෙසක්‌ ඉල්ලූ පෘතුගීසීන්ට තෑගි ඔප්පුවෙන් ලද යටත් විජිත දැවැද්ද මෙය විය.

http://www.divaina.com/2014/11/25/news23.html

Pic Source

Behind the story of picture - Portuguese destroying secret Kelani Temple