Pages

Wednesday, January 27, 2016

ඥානසාර හිමි රට – ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අයෙක් - ශ්‍රී අත්තදස්සි නාහිමි

691654254attadassi-himi2
රට – ජාතිය අර්බුදකාරී තත්ත්වයට පත්වු අවස්ථාවල මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව අස්ගිරි පාර්ශවයේ මහනායක. අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමි පවසා ඇත.

අද (27) ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ අවස්ථාවේදී රිමාන්ඩ් බාරයේ පසුවන බවත්, උන්වහන්සේද රට – ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අයෙකු බවත් අත්තදස්සි හිමියන් පවසා ඇත.

ඒ නිසාම කටයුතු හරියාකාරව සිදුවිය යුතු බවත්, ජාතීන් අතර සමගිය වර්ධනය විය යුතු බවත් මහනායක හිමියන් අවධාරණය කර ඇති බවට වාර්තාවේ.

එකක් උඩින් එකක් යටින් කතා හොඳ නැති බවත්, යමක් පිළිබඳ කතා කළ යුත්තේ පිරිසිදු චේතනාවෙන් යුතුව බවත්, මානව දයාවෙන් යුතුව කටයුතු කළ යුතුව ඇති බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බවට වාර්තාවේ.

http://sinhala.lankafocusnews.com/archives/20786

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව - ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) සඳහා වූ කෙටුම් පත

ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාල කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද (සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් ම එකී භික්‌ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්‌වීම සඳහා ද යම් ලියාපදිංචි කරන (ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලාට දණ්‌ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්‌වීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි.

බුද්ධශාසන අමාත්‍යතුමා විසින් 2016 ජනවාරි මස 12 වන දින ඉදිරිපත් කරන ලදී.
(ගැසට්‌ පත්‍රයේ පළ කළේ 2015 දෙසැම්බර් මස 14 වන දින)
මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.
(60 වන පනත් කෙටුම්පත)
ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)

එල්.ඩී- ඕ. 15/2014.

ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාළව කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද; සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් ම එකී භික්‌ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්‌වීම සඳහා ද; යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලාට දණ්‌ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්‌වීම සඳහා ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ.

ලුහුඬු නාමය.

1. මේ පනත 2016 අංක දරන ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

කතිකාවත් සකස්‌ කිරීම.

5 - 2. (1) (මෙහි මින්මතු ''නිකාය හෝ පාර්ශ්වය'' යනුවෙන් සඳහන් කරනු ලබන) එක්‌ එක්‌ ථේරවාදී භික්‌ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් මේ පනතේ කාර්යය සඳහා එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතත් සකස්‌ කර සම්මත කර ගත හැකි ය.

10 - (2) මේ පනතේ (1) වන උප වගන්තියේ සඳහන් කර ඇති සෑම කතිකාවතක ම, අනෙකුත් කරුණු අතර, පහත දැක්‌වෙන කාරණාවලට අදාළ විධිවිධාන අඩංගු විය යුතු ය.-

(අ) අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ සංයුතිය සහ කර්තව්‍ය;

15 - (ආ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් නොපිරිහෙලා අනුගමනය කළ යුතු හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහයක්‌;

20 - (ඇ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් (ආ) ඡේදයේ සඳහන් හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්විය යුතු ආකාරය;

සහ

(ඈ) එසේ උල්ලංඝනය කිරීම් සඳහා වන දඬුවම්.

(3) (2) වන උප වගන්තියේ (ආ) ඡේදයේ සඳහන් හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහයට භික්‍ෂුන් වහන්සේ නමක්‌ විසින් - 

5 (අ) ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑලීම හෝ කරගෙනයාම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම පිළිබඳව;

(ආ) වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම පිළිබඳව;

10 (ඇ) රියදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීම සහ වාහන පැදවීම පිළිබඳව;

(ඈ) අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‌ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌තවීම පිළිබඳව; සහ

15

(ඉ) ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියෑලීම පිළිබඳව,

අදාළ විධිවිධාන ද ඇතුළත් කළ හැකිය.

20

(4) (2) වන උපවගන්තියේ (ඈ) ඡේදයේ කාර්ය සඳහා කතිකාවතක පහත සඳහන් දඬුවම් ඇතුළත් කළ හැකිය(-

(අ) වැඩ සිටින විහාරස්‌ථානයෙන් තාවකාලිකව ඉවත් කිරීම;

(ආ) වැඩ සිටින විහාරස්‌ථානයෙන් ස්‌ථිරව ඉවත් කිරීම;

(ඇ) විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීම;

(ඈ) විහාරාධිපති ධුරයෙන් ස්‌ථිරව ඉවත් කිරීම;

25

(ඉ) ශිෂ්‍ය භාවයෙන් ඉවත් කිරීම;

(ඊ) අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම;

(උ) භික්‍ෂු ලියාපදිංචිය අවලංගු කිරීම.

ලේඛකාධිකාරී විසින් කතිකාවත ලියාපදිංචිය සඳහා කොමසාරිස්‌ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු බව.

5 - 3. (1) අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරි ස්‌වාමීන් වහන්සේ විසින්, 2 වන වගන්තිය යටතේ සකස්‌ කොට සම්මත කර ගන්නා ලද කතිකාවත, නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක්‌ සහ ඒ කතිකාවත කාරක සංඝ සභාව විසින් යථා පරිදි සම්මත කරගනු ලැබූ බවට ඒ නිකායේ හෝ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන් වහන්සේ විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක්‌ ද සහිතව, කොමසාරිස්‌ ජනරාල්වරයා වෙත ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

10 - (2) ඒ ඉල්ලුම් පත්‍රයේ ආකෘතිය සහ එය ඉදිරිපත් කළ යුතු ආකාරය නියම කරනු ලබන පරිදි විය යුතු ය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කතිකාවත විශේෂඥ මණ්‌ඩලයක්‌ වෙත ඉදිරිපත් කළ යුතු බව.

4. (1) ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලා සිටිනු ලබන කතිකාවත

(අ) යම් ලිත නීතියක විධිවිධාන උල්ලංඝනය කරන්නේ ද යන්න; සහ

15 - (ආ) බෞද්ධ ධර්ම විනයට සහ චාරිත්‍රවලට අනුකූල ද යන්න,

පරීක්‌ෂා කිරීම සඳහා 5 වන වගන්තිය යටතේ පත් කරනු ලබන විශේෂඥ මණ්‌ඩලයක්‌ වෙත කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

20 - 25 - (2) යම් කතිකාවතක විධිවිධාන (1) වන උප වගන්තියේ සඳහන් කර ඇති යම් නියමයක්‌ උල්ලංඝනය කරන බව විශේෂඥ මණ්‌ඩලයේ මතය වන අවස්‌ථාවක විශේෂඥ මණ්‌ඩලය විසින් ඒ මතය කොමසාරිස්‌ ජනරාල්වරයාට දැනුම් දිය යුතු අතර, අදාළ කතිකාවත ඒ නියමයන්ට අනුකූලවීම සඳහා ප්‍රතිශෝධනය කර විශේෂඥ මණ්‌ඩලය විසින් පරීක්‌ෂා කිරීම සඳහා නැවත ඉදිරිපත් කරන ලෙස කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ඒ මතය අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරී ස්‌වාමීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු ය.

30 - (3) කතිකාවතේ විධිවිධාන (1) වන උපවගන්තියේ සඳහන් නියමයන්ට අනුකූල වන විට විශේෂඥ මණ්‌ඩලය විසින් ඒ බවට කොමසාරිස්‌ ජනරාල්වරයා වෙත සහතිකයක්‌ නිකුත් කළ යුතු ය.

විශේෂඥ මණ්‌ඩලයක්‌ පත්කිරීම

5. 4 වන වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති යම් කතිකාවතක ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් නියම උල්ලංඝනය කර ඇද්ද යන කාර්යය පරීක්‍ෂා කිරීම සඳහා අමාත්‍යවරයා විසින් ෙත්‍රෙනිකායික අති පූජ්‍ය මහනායක ස්‌වාමීන් වහන්සේලා විමසා -

5 (අ) බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා තුන් නමකගෙන්; සහ

(ආ) බෞද්ධ භික්‍ෂුන් වහන්සේ හට අදාළ විනය රීති පිළිබඳව දැනුමක්‌ ඇති නීතිඥවරුන් දෙදෙනකුගෙන්,

සමන්විත සාමාජිකයන් පස්‌ දෙනෙකුගෙන් යුතු විශේෂඥ මණ්‌ඩලයක්‌ පත් කරනු ලැබිය යුතුය.

10. 6. (1) විශේෂඥ මණ්‌ඩලයේ සහතිකය ලැබීමෙන් පසු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කතිකාවත ලියාපදිංචි කළ යුතුය.

කතිකාවත ලියාපදිංචි කිරීම.

(2) කතිකාවත ලියාපදිංචි කිරීමෙන් පසු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ලියාපදිංචි කිරීමේ සහතිකයක්‌ නිකුත් කර - 

15

(අ) ඒ ලියාපදිංචි කිරීමේ සහතිකය ලියාපදිංචි කතිකාවතේ පිටපතක්‌ සමග අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක ස්‌වාමීන් වහ න්සේ වෙත පෞද්ගලිකව භාරදිය යුතුය; සහ

(ආ) ඒ ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්‌ ලියාපදිංචි තැපෑලෙන් ලේඛකාධිකාරී ස්‌වාමින් වහන්සේ වෙත යෑවිය යුතුය.

කතිකාවතක කරනු ලබන සංශෝධන ලියාපදිංචි කිරීම. 

20

7. (1) යම් නිකායක හෝ පාර්ශ්වයක අදාළ කාරක සංඝ සභාව විසින් අවශ්‍ය අවස්‌ථාවල දී 6 වැනි වගන්තිය යටතේ ලියාපදිංචි කරන ලද කතිකාවතට සංශෝධන සම්මත කරගනු ලැබිය හැකිය.

25

(2) මේ පනතේ 3 වන සහ 4 වන වගන්තිවල දක්‌වා ඇති කාර්ය පටිපාටිය, කතිකාවතකට කරනු ලබන යම් සංශෝධනයක්‌ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද අදාළ විය යුතුය.

(3) කතිකාවතක යම් සංශෝධනයක්‌ ලියාපදිංචි කිරීම සඳහා වූ සෑම ඉල්ලීමක්‌ ම නියම කරනු ලැබිය හැකි ආකෘති පත්‍රයේ සාරානුකූලව විය යුතුය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ලියාපදිංචි කතිකාවත් පිළිබඳ රෙජිස්‌ටර් පවත්වාගෙන යා යුතු බව.

8. ලියාපදිංචි කතිකාවත් පිළිබඳව සහ ලියාපදිංචි කතිකාවත්වලට කරනු ලබන සංශෝධන පිළිබඳව කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් රෙජිස්‌ටරයක්‌ පවත්වාගෙන යා යුතු ය.

භික්‌ෂූන් වහන්සේ නමක්‌ කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියාකළ යුතු බව.

5 - 9. යම් නිකායකට හෝ පාර්ශ්වයකට අදාළ කතිකාවතක්‌ මේ පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ අවස්‌ථාවක -

(අ) ඒ කතිකාවතේ විධිවිධාන, ඒ නිකායට හෝ පාර්ශ්වයට අයත් වන සෑම භික්‌ෂූන් වහන්සේ නමකට ම අදාළ විය යුතු ය; සහ

10 - (ආ) ඒ නිකායට හෝ පාර්ශ්වයට අයත් සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ ම ස්‌වකීය නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතේ විධිවිධාන දැඩිව පිළිපැදිය යුතු අතර, ඊට අනුකූලව හැසිරිය යුතු ය.

කතිකාවතේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු බව

15 - 10. (1) තමා අයත් නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධාන භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් උල්ලංඝනය කරනු ලබන අවස්‌ථාවක අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් ඒ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු ය.

20 - (2) (1) වන උපවගන්තියේ සඳහන් පරීක්‌ෂණයේ දී ඒ කතිකාවතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්‌ථාවක්‌ ලබා දිය යුතු ය.

25 - (3) කාරක සංඝ සභාවේ තීරණය අර්ළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරී ස්‌වාමීන් වහන්සේ විසින් ලියාපදිංචි කතිකාවතක විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේට පෞද්ගලිකව භාරදිය යුතු ය; නැතහොත් ඒ භික්‌ෂූන් වහන්සේ වෙත ලියාපදිංචි තැපෑලෙන් යෑවීම මගින් ඒ තීරණය ඒ භික්‌ෂූන් වහන්සේට දැනුම් දිය යුතු ය.

කාරක සංඝ සභාවේ තීරණයට පටහැනිව ක්‍රියා කිරීම වරදක්‌ බව.

11. (1) ලියාපදිංචි කතිකාවත විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේ විසින් කාරක සංඝ සභාවේ තීරණයට අනුකූලව ක්‍රියා කළ යුතු ය.

5 - 10 - (2) ඒ තීරණයට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින හෝ ප්‍රතික්‌ෂේප කරන භික්‌ෂූන් වහන්සේ නමක්‌ මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්‌ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝූ නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේ දී රුපියල් පනස්‌ දහසකට නොඅඩු දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක්‌ සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.

චෝදනා ලැබූවකු විසින් නිකාය හෝ පාර්ශ්වය වෙනස්‌ කිරීම පිළිබඳව තහනම. 

15 - 12. 10 වන වගන්තිය යටතේ තමාට විරුද්ධව පරීක්‌ෂණයක්‌ පැවැත්වෙන හෝ මේ පනත යටතේ වරදකට වරදකරු වී ඇති යම් භික්‌ෂූන් වහන්සේ නමක්‌, ඒ භික්‌ෂූන් වහන්සේ අයත් වන නිකාය හෝ පාර්ශ්වය හැර, වෙනත් නිකායක්‌ හෝ පාර්ශ්වයක්‌ විසින් භාර ගැනීම හෝ භික්‌ෂුවක්‌ ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු ය.

නියෝග.

13. (1) මේ පනතේ ප්‍රතිපත්ති සහ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ හෝ බලාත්මක කිරීමේ කාර්යය සඳහා අමාත්‍යවරයා විසින් ෙත්‍රෙනිකායික අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන් වහන්සේ විමසා නියෝග සාදනු ලැබිය හැකි ය.

20 - (2) විශේෂයෙන් ම සහ (1) වන උප වගන්තියේ සඳහන් බලතලවල ව්‍යාප්තියට අගතියක්‌ නොමැතිව අමාත්‍යවරයා විසින් පහත දැක්‌වෙන කාරණා සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය හැකි ය(-

(අ) මේ පනත මගින් නියෝග සෑදීමට නියමිත හෝ බලය දී ඇති යම් කාරණයක්‌ සම්බන්ධයෙන්;

25 - (ආ) ත්‍රෛනිකායික මහානායක ස්‌වාමීන් වහන්සේලා විසින් තීරණය කරන පරිදි, භික්‌ෂූන් වහන්සේලා විසින් පරිශීලනය කළ යුතු සිවුරේ වර්ණය නිශ්චිතව දැක්‌වීම සඳහා; සහ

(ඇ) මේ පනතේ කාර්ය සඳහා අවශ්‍ය වන ආකෘති පත්‍ර නියම කිරීම.

ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)

(3) (1) වන උප වගන්තිය යටතේ සාදනු ලබන සෑම නියෝගයක්‌ ම ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරනු ලැබූ දින සිට හෝ නියෝගයේ නිශ්චිතව දක්‌වා ඇති පසු දිනයක සිට ඒ නියෝගය ක්‍රියාත්මක විය යුතු ය.

5 - (4) (අ) (1) වන උප වගන්තිය යටතේ සාදන ලද සෑම නියෝගයක්‌ ම ගැසට්‌ පත්‍රයේ පළකිරීමෙන් පසු හැකි පහසු ඉක්‌මනින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

10 - (ආ) එසේ අනුමත කරනු නොලබන සෑම නියෝගයක්‌ ම ඒ අනනුමතයේ දින සිට පරිවර්න්න කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු නමුත් එකී නියෝග යටතේ කලින් කරන ලද කිසිවකට ඉන් අගතියක්‌ සිදු නොවිය යුතු ය.

(5) යම් නියෝගයක්‌ එසේ පරිවර්න්න කරනු ලැබූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද 

ලේඛන ඔප්පු කිරීම.

15 - 14. (1) කොමසාරිස්‌ ජනරාල්වරයා විසින්, යථා පරිදි අත්සන් කර සහතික කර ඇති සෑම ලේඛනයක්‌ ම, ඒවායේ අන්තර්ගත අත්සන්වලින් යථා අත්සනක්‌ ඔප්පු කිරීම පිළිබඳ සාක්‌ෂි නොමැතිව සහ ඒ නිලධරයා සාක්‌ෂිකරුවකු ලෙස කැඳවීමකින් තොරව ඕනෑම අධිකරණයක දී සාක්‌ෂි වශයෙන් ආවේශ්‍ය කරනු ලැබිය යුතු අතර පටහැනිව කරුණු ඔප්පු කරන තුරු ඒ ලේඛනයේ සඳහන් කරුණු පිළිබඳව, බැලු බැල්මට පෙනෙන සාක්‌ෂියක්‌ විය යුතු ය.

25 - (2) (1) වන උප වගන්තියේ සඳහන් ලේඛනයක්‌ ව්‍යාජ ලේඛනයක්‌ බවට හෝ එවැනි ලේඛනයක සඳහන් අත්සනක්‌ ව්‍යාජ අත්සන් බවට යම් තැනැත්තකු විසින් චෝදනා කරනු ලබන අවස්‌ථාවක, ඒ කාරණාව ඔප්පු කිරීමේ භාරය ඒ තැනැත්තා වෙත පැවරේ.

(3) මේ වගන්තියේ කාර්ය සඳහා 'ලේඛනය' යන්නට යම් ලිපිගොනුවක්‌, නියමයක්‌, විධානයක්‌, වාර්තාවක්‌ හෝ වෙනත් එවැනි අදාළ ලියවිල්ලක්‌ ඇතුළත් වේ.

යම් අනනුකූලතාවක්‌ ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

30 - 15. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක්‌ ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අර්ථ නිරූපණය.

16. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක්‌ අවශ්‍ය වුවහොත් මිස -

''භික්‌ෂූන් වහන්සේ'' යන්නට, (318 වන අධිකාරය වූ) බෞද්ධ විහාර දේවාලගම් ආඥ පනත යටතේ ඊට ලබා දී ඇති අර්ථය ම ඇත්තේ ය;

10 - 5 - ''විහාරස්‌ථානය'' යන්නෙන්, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුකූලව පිහිටුවනු ලැබූ යම් චෛත්‍යයක්‌, ස්‌ථූපයක්‌, සංඝාවාසයක්‌ හෝ ''ශාරීරික'', ''පාරිභෝගික'', ''උද්දේශික'' යන ත්‍රිවිධ ස්‌ථූපවලින් එකක්‌ හෝ දෙකක්‌ හෝ ඒ තුන ම හෝ පොදු මහජනතාව විසින් ගරු කරන සහ වැඳුම් පිදුම් කරනු ලබන සහ පොදු ස්‌ථානයක පිහිටි බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ හෝ අදහස්‌ වේ;

''පාර්ශ්වය'' යන්නෙන්, ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂු නිකාය තුනෙන් යම් එක්‌ නිකායක්‌ යටතේ පිහිටුවන ලද යම් පාර්ශ්වයක්‌ අදහස්‌ වේ;

15 - ''කොමසාරිස්‌ ජනරාල්වරයා'' යන්නෙන්, බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්‌ ජනරාල්වරයා අදහස්‌ වේ;

''කාරක සංඝ සභාව'' යන්නෙන්, ථේරවාදී භික්‌ෂු නිකායේ හෝ පාර්ශ්වයේ පරිපාලන කාර්ය සඳහා තෝරා පත්කරගනු ලබන සංඝ කමිටුව අදහස්‌ වේ;

20 - ''කතිකාවත'' යන්නට, කතිකාවතකට කරනු ලබන යම් සංශෝධනයක්‌ ද ඇතුළත් වේ;

''අමාත්‍යවරයා'' යන්නෙන්, බෞද්ධ කටයුතු විෂය පවරා ඇති අමාත්‍යවරයා අදහස්‌ වේ;

25 - ''ලේඛකාධිකාරී ස්‌වාමීන්වහන්සේ'' යන්නෙන්, යම් පාර්ශ්වයක හෝ නිකායක කාරක සංඝ සභාවේ සාමාජික ස්‌වාමීන් වහන්සේ නමක වන ඒ නිකායේ හෝ පාර්ශ්වයේ ලේකම් ස්‌වාමීන් වහන්සේ හෝ සමලේකම් ස්‌වාමීන් වහන්සේ අදහස්‌ වේ;

5 - ''ථේරවාදී භික්‌ෂු නිකාය'' යන්නෙන්, ''ශ්‍යාමෝපාලි මහා නිකාය,'' ''ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය'' සහ ''ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය'' වශයෙන් ථේරවාද සම්ප්‍රර්යට අනුකූලව ශ්‍රී ලංකාවේ සම්මත සහ පිළිගනු ලබන තුන් නිකායයන් අදහස්‌ වේ.

http://www.divaina.com/2016/01/27/feature01.html

Pic Source

Tuesday, January 26, 2016

ගවඝාතනය වැලැක්වීමට නීතිමය පියවර ගැනීම - බොදු බල සේනාවෙන් ජනපතිට තුති!

බොදුබල සේනා සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ස්තූතිය පුද කර ඇත. ඒ ගවඝාතනය වැලැක්වීමට නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීමට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් වන අතර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් එම සංවිධානය පවසන්නේ තවදුරටත් මස්වැද්දන් ආණ්ඩුව තුල සිටින බැවින් එම උපදෙස් නිසි අයුරු ක්‍රියාත්මක නොවී ඇති බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ

ගරු ජනාධිපතිතුමනි,

ජනපති ලෙස ගව ඝාතනය තහනම් කිරීම පිලිබඳ උපදෙස් දීම පිලිබඳ ස්තුතිය

රටේ ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් ගව ඝාතනය නැවත්වීමට මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බව මාධ්‍ය මගින් දැනගත් අතර ඒ පිලිබඳ බොදු බල සේනා සංවිධානයේ අවංක ස්තුතිය මුලින්ම පුද කරමු.

නිර්මාංශ වීම හෝ සත්ව ඝාතනය විශේෂයෙන් ගව ඝාතනය පිලිබඳ බොදු බල සේනා මතය වනුයේ, නීතියකට වඩා අවබෝධයකින් කලයුතු කරුණක් බවයි. මීට පෙර වෙනත් සංවිධාන ගව ඝාතනය තහනම් කිරීමට උද්ඝෝෂණ කරද්දී අප නිහඩව මේ සදහා සහය දක්වනු ලැබිණ. මේ පිළිබඳව 2014 දී අප ජනමාධ්‍ය ඔස්සේ පලකරන මතය වුයේ ඔබ මුදල් අමාත්‍යංශයට දෙන ලද උපදෙසයි

ඔබගේ මේ නිර්භීත හා අවංක ප්‍රකාශය ක්‍රියාත්මක වීමට රජය තුලම බාධා ඇති බව අපට පැහැදිලිය. මෙම තහනම මෙවර අයවැයට ඇතුල් කිරීමට උපදෙස් දුන්බව ඔබතුමාම ප්‍රකාශ කර ඇත. මාධ්‍ය මගින් හා විශ්වාස දායක ආරංචි මාර්ගවලට අනුව කොළඹ නගරාධිපති මුසම්මිල්, අමාත්‍ය කාබීර් හෂීම් විසින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම හරහා මුදල් අමාත්‍යංශයට ඔබගේ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට බලපෑම් කර ඇත. එමෙන්ම තවත් කැලෑ පාලුවන් මෙන්ම මස් වැද්දන්ද මෙම උපදෙස් ක්‍රියාත්මක කිරීමට එරෙහිවන බව අපට පැහැදිලිය.

ජාතිවාදය හා ආගම්වාදය ඉදිරියට දමා ජන්ද මංකොල්ල කන සම-හරක් අද අල්ලා දෙවියන්ටද වඩා මුස්ලිම් වරු රැකීමට ඉදිරිපත් වන බවක් පෙන්වා අහිංසක මුස්ලිම් ජනතාව නොමග යැවීමට සෝභන වීරයින් වීමට පටන් ගෙන ඇත.

මෛත්‍රී පාලනයක්… ස්ථාවර රටක් නම් වූ ඔබේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයට අනුව ව්‍යවස්ථා සංශෝදනයට ඔබට ජනතාව යම් බලයක් දී තිබේද එලෙසම සත්ව හිංසනය වැලක්වීමට ඔබට බලය දී ඇත. එය පිටු අංක අංක 26 දක්වා ඇත. ” සත්ව හිංසනය වැලැක්වීම සඳහා නීති වහාම සම්මත කර ගන්නෙමු.”

සංවිධානයක් ලෙස ඔබට එරෙහිව මැතිවරණයේදී කටයුතු කල අප විසින් ඔබේ සමහර නායකයින්ට වඩා මෛත්‍රී පාලනයක්… ස්ථාවර රටක් නම් වූ ඔබේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනය කියවා ඇති බැවින් මේ කටයුත්ත කිරීම ඔබගේ වගකීමක් මෙන්ම ඒ සඳහා ඔබට ජනතාව බලය දී ඇති බවද පැහැදිලිව ප්‍රකාශ කරමු.

කිසිදු ආගමික නායකයෙකු සත්ව හිංසනය අගය නොකරන බවත්, එසේ යම් ග්‍රන්ථයක සතුන්ට හිංසා කිරීම අගයන්නේ නම් එය බුදු දහමට පමණක් නොව සදාචාරය අනුවද එය “පව්කාර” ග්‍රන්ථයක් බව අපගේ පිළිගැනීමයි.

මහින්ද රාජපක්ෂ යුගයේදී ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සම් අත්සන් කිරීම, පා ගමන් යාම් මෙන්ම භික්ෂුන් වහන්සේ නමක් එම ඉල්ලීම වෙනුවෙන් සිය ජීවිතය පුජා කිරීමද සිදු විය. එම ආණඩුවේ ආණ්ඩුකාර අලෙවි මවුලානා “ධර්ම චක්‍රය සහිත රාජ්‍ය ලාංචන” ලිපි ශිර්ෂ යොදා ගෙන “ගව ඝාතනය පිං කමක්” කොට රජයේ ආයතනවලට ලිපි යවනු ලැබිණ. මේ පිලිබඳ අප විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කල විට ඒ පිලිබඳ ජනාධිපති කාර්යාලයට පැමිණිලි කරන ලෙස දන්වන ලදී. සිදු වූ කිසිම දෙයක් නොමැත.එහෙත් මේ සියල්ල බිහිරන්ට වීනා වාදනයක් පමණක් වන තරමට නායකයින් “ප්‍ර-බුද්ධ” විය.

මෙවැනි පරිසරයක් තුල ඔබ නිහඩව ගව ඝාතනය තහනම් කරන ලෙස මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දීම ඇදහිය නොහැකි කරුණකි. එහෙත් එය ඇත්තෙන්ම සිදු වී ඇති බව පැහැදිලිය.

පරිභෝජනය සදහා හරක් මස් ආනයනය කිරීම තුලින් විදේශ විනිමය නාස්ති වීම පිළිබව පුද්ගලයන් ගැටළුවක් මතුකරයි. නමුත්, සිංහලේ අපට උරුම නැති පාන් දිනපතා ගිල දමන්නට , වැඩකට නැති පිටිකිරි බොන්නට, විදේශ මත් වතුර ගේන්නට, රට වනසන වස විස පොහොර ගෙනෙන්නට විදේශ විනිමය නාස්ති කිරීම ගැනද එසේ නොසිතීම ගැටලුවකි.

කෘෂිකර්මය, කාබනික පොහොර හා කිරි නිෂ්පාදනය පිණිස ගව ඝාතනය තහනම් කිරීම අතිශය වැදගත් බව අපගේ මතයයි.

රටේ බොහෝ දෙනා නිර්මාංශ භෝජනයට කටයුතු කරන බැවින් ඒ පිලිබඳ ඇති අවස්ථා පුළුල් කිරීමද පිලිබඳ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ අවධානය යොමු කරන ලෙස තව දුරටත් යෝජනා කරමු.

චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ , ආර්. සම්බන්දන් මෙන්ම කරු ජයසුරිය වැනි බෞද්ධ හා හින්දු නායකයින් ගව ඝාතන තහනමට ජනාධිපතිවරයා ගෙන ඇති උත්සහාය සාර්ථක කිරීමට දක්වන සහය පිලිබඳ අප ඉතා විමසිල්ලෙන් සිටින බව අපි තවදුරටත් ප්‍රකාශ කරමු.

එලෙසම මේ පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ඒකක වල මන්ත්‍රීවරුන් ඔබට සහය දක්වනු ඇතැයිද, පළාත් පාලන ආයතනවලට සිය බලතල යටතේ මෙම ගව ඝාතන තහනම ක්‍රියාත්මක කල හැකි බවද සිහිපත් කරමු.

ගව ඝාතනය අතීතයේ “සිංහලයේ” පෙර සිරිතක් නොවූ බවද මෙය විජාතිකයින් විසින් පුරුදු කල බවද සිහිපත් කරමු.

මහින්ද රාජපක්ෂ යුගයේදී ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සම් අත්සන් කිරීම, පා ගමන් යාම් සිදු කල දේශප්‍රේමී සංවිධාන හා නායකයින්ටද, සත්ව හිංසනයට විරුද්ධ සංවිධාන මෙන්ම හින්දු සංවිධාන හා නායකයින්ටද මේ උතුම් අරමුණ වෙනුවෙන් ජාලගත විය යුතු බව අපගේ මතයයි.

Colombo Today

Pic Source

මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ලංකාවට

මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. 2015 වර්ෂයේ මැද භාගයේදී ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගර අතරින් පළමු තැන හිමිකරගත්තේද කොළඹ නගරය බව වාර්තා විය. මේ සියල්ලම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ සතුටට හේතුවන කාරණාය. ඒ මොනදේ ලැබුණත් නොලැබුණත් මේ රට ලෝකෙන් උතුම් රටය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයය. අප සැබැවින්ම අභිමානවත් ජාතියක්‌ බව අවිවාදිතය.

ඒත් මේ සියල්ල අතරේ මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම සාරෙට පැතිර ගොස්‌ තිබේ. ඊට ලෝකයෙන් හිමිවන්නේ කීවෙනි තැනදැයි අප දන්නේ නැත. ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ පිළිබඳව වසරක වාර්තා පසුගිය දිනවල එළිදක්‌වා තිබිණි. එය 2015 වර්ෂයේ එක්‌දහස්‌ පන්සියයද ඉක්‌මවා තිබිණි. ලෝකයෙන්ම කීවෙනි තැනදැයි අප දන්නේ නැත. එහෙත් හිතනවාට වඩා තත්ත්වය බරපතළ බව සංඛ්‍යාලේඛන පෙන්වාදේ. පසුගිය සතියේ පැය 24 ක්‌ තුළ ඝාතන අපරාධ හයක්‌ වාර්තා වී තිබිණි. රටේ අපරාධ ප්‍රමාණයද වැඩිවනවා මිස අඩුවීමක්‌ පෙනෙන්නට නැත. ලෝකයෙන්ම කීවෙනි තැන දැයි හරියටම කියන්නට නොහැකිය. හොරකම, වංචාව, දූෂණය සිදුවන්නේ මහා පරිමාණයෙනි. ලෝකයෙන්ම කීවෙනි තැනදැයි නොදනිමු.

එහෙත් කෙසේ හෝ ලෝකයෙන්ම පළමු තැන හිමිවන දර්ශකවලට අපි කෙසේ හෝ ඇතුළත්ව සිටිමු.

ලොව සමෘද්ධිමත්ම රටවල් අතුරින් දකුණු ආසියාවේ පළමු තැන හිමිවූයේ අපේ රටටය. ඒ 2015 වර්ෂයේදීය. රටක්‌ සමෘද්ධිමත් වන්නේ කවරාකාරයටද යන්න ගැන කවර නිර්වචන තිබුණත් ඉහත කී නරක තත්ත්වයන් අභිබවා යා හැකි නම් අප කොහොමත් අංක එකය.

අපි නැවත එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (ඹභෘඡ) විසින් නිකුත් කරන ලද ගෝලීය මානව සංවර්ධන වාර්තාව ගැන අවධානය යොමු කරමු. මානව සංවර්ධනය අතින් දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍යය බවට ශ්‍රී ලංකාව තෝරා ගැනෙන්නේ 0.757 මානව සංවර්ධන දර්ශක අගයක්‌ හිමිකර ගනිමිනි. ඒ ලොව පුරා රටවල් 188 ක්‌ ඇසුරින් සිදුකරන ලද සමීක්‍ෂණයකිනි. ඒ අනුව ඒ රටවල් 188 අතරින් 73 වැනි ස්‌ථානය දිනාගැනීමටද අපේ රට සමත්ව තිබේ. 104 වැනි ස්‌ථානයේ සිටින්නේ මාලදිවයිනයි. ඉන්දියාව 130 වැනි ස්‌ථානයත්, භූතානය 142 වැනි ස්‌ථානයත් හිමිකරගෙන තිබේ. පාකිස්‌තානයට හිමිව ඇත්තේ 147 වැනි තැනයි.

මෙම අධ්‍යයනයට අනුව ලොව ඉහළ මානව සංවර්ධනයක්‌ ඇති රටවල් ලෙස පිළිවෙළින් නෝර්වේ, ඔස්‌ටේ්‍රලියාව, ස්‌විට්‌සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය හා ජර්මනිය නම්කර ඇත. ආසියානු රටවලින් පෙරමුණේ සිටින්නේ 17 වැනි තැන හිමිකරගෙන ඇති කොරියාව සහ 20 වැනි ස්‌ථානය හිමිකරගෙන ඇති ජපානයයි.

දකුණු ආසියාවේදී රටක්‌ වශයෙන් කලාපයේ සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් සිටින්නටත්, ආසියානු කලාපයේ රටවල් සමග තරගකාරී ලෙස සිටින්නටත් ශ්‍රී ලංකාවට හැකියාවක්‌ ලැබී තිබීම රටක්‌ වශයෙන් සතුටු විය හැකි කාරණයක්‌ බව නැවතත් සිහිපත් කළ යුතුය.

මේ කිසිවක්‌ හදිසියේ පහළ වූ අසිරිමත් සිදුවීම් නොවේ. දශක තුනක ත්‍රස්‌තවාදය පරදවමින්, 2009 වර්ෂයේ සිට සාමය සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් ගෙන ආ පියවර රැසක සුබ මං සළකුණුය. අප මුලින් සටහන් කළ නරක තත්ත්වයන් තුළ වූවද මානව සංවර්ධනයේදී යොදාගන්නා ආයු අපේක්‍ෂාව, අධ්‍යාපනයේ තත්ත්වය, ආදායම් දර්ශකය වැනි සාධකයන් යහපත් තැනක තිබීම හොඳ තත්ත්වයකි. රටක්‌ වශයෙන් අප හිමිකරගන්නා මෙවැනි අගැයීම් වෙනත් රටවල හොඳ මට්‌ටමෙන් තක්‌සේරු කරන්නේද නැත. අප කියන නරක තත්ත්වයන් ඉක්‌මනින්ම තුරන් කිරීමේ හදිසි වැඩපිළිවෙළක්‌ අවශ්‍යවන්නේ ඒ නිසාය. ඇත්ත, අපි අංක එකය. සියල්ල හොඳවූ විට ලෝකය මොන නම්බුනාම දුන්නත්, නැතත් අප ලෝකෙන් උතුම් රටය.

http://www.divaina.com/2016/01/26/editor.html

Pic Source

Monday, January 25, 2016

සියම් නිකාය දැඩි විමසිල්ලෙන් - මැදගම ධම්මානන්ද හිමි

බුද්ධ නීතිය යටපත් කර රාජ්‍ය නීතිය තුළින් විරුද්ධවාදී අදහස්‌ මත දරන භික්‍ෂූන් වහන්සේලාගෙන් පළිගැනීම් පවා නව නීති මගින් සිදුවිය හැකි බැවින් සියම් මහා නිකාය රජය ඉදිරිපත් කර ඇති අලුත් නීති කෙටුම්පත පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශවයේ කාරක සංඝසභික ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් භික්‍ෂූ කථිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව කළ විමසීමකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

මෙවැනිම කථිකාවතක්‌ ලියාපදිංචි කිරීම සඳහා පනතක්‌ මුලින්ම පසුගිය 2003 වසරේදී හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ගෙනඒමට උත්සාහ කළ අවස්‌ථාවේදී එදා භික්‍ෂුන් වහන්සේලා ඊට විරුද්ධ වූ බවද එහෙත් වරින්වර මේ පිළිබඳව සම්බුද්ධත්ව ජයන්ති උත්සව සමයේත් සාකච්ඡා කළ බවද උන්වහන්සේ පැවසූහ.

භික්‍ෂූන් වහන්සේලාගේ නොමනා කටයුතු පිළිබඳ අවස්‌ථා කිහිපයකදී සියම් නිකාය තුළ සාකච්ඡා පැවැත්වුණු බවත් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට යා යුතු වුවත් විනය නීතිය තිබියදී රාජ්‍ය නීතියට භික්‍ෂුව යටපත් කිරීම හානි දායක බවත් එහිදී සාකච්ඡාවූ බවද උන්වහන්සේ පැවසූහ.

මෙවැනි නීතීන් තුළින් විවිධ හේතු පදනම් කරගෙන විරුද්ධ මතධාරි භික්‍ෂූන් වහන්සේලාට දඬුවම් කළහැකි අවකාශයක්‌ ඇති වන බවද මේ පිළිබඳව අතීතයේ උදාහරණ ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

භික්‍ෂූන් වහන්සේලා ස්‌වයං විනයකින් සිටින පිරිසක්‌ යෑයිද ඒ අයට සම්බාධක දැමීම තුළ වැරදිවලට පෙළඹීම වැඩිවිය හැකි යෑයිද පැවසූ ධම්මානන්ද නාහිමියෝ මීට වඩා මේවා විධිමත් හා ශක්‌තිමත් විය යුතු බව ද පැවසූහ.

ව්‍යවස්‌ථා සංශෝධන සිදු කිරීමට උත්සාහ කරන මේ අවස්‌ථාවේ බෞද්ධාගමට හානිකර ලෙස මෙම නීතීන් ඊට ඇතුළත් විය හැකි බැවින් අපි සියලු දෙනා මේ ගැන අවධානයෙන් සිටිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2016/01/25/news19.html

Pic Source

සබැඳි ලිපි -
[

භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතියක්‌ ජනමාධ්‍ය ඇමැතිට ලැබුණේ කොහොමද? - ගැටඹේ නාහිමියෝhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_40.htmlභික්ෂුන්ට අණපනත් ගෙනෙන්නට පෙර අන්‍යාගමිකකරණය වැළැක්වීමේ පනත සම්මත කරනු - හෙළ බොදු සවියhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_52.html"ප්‍රසිද්ධ ස්‌ථානවල භික්‍ෂුවකට අකැප අයුරින් හැසිරීම" - විරු යති පරපුර හිරගෙට දක්කා බොදුනුවන් මෙල්ල කරන යහපාලන නව නීතියhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_15.htmlසඟරුවනට නීති - පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. රටට එරෙහි තීරණ වලට භික්ෂු මැදිහත්වීම වැළැක්වීම අරමුණද?http://denethharinna.blogspot.com/2016/01/blog-post_14.html
]

චෙල්වනායගම් සිට ප්‍රභාකරන් ඔස්සේ සම්බන්ධන් දක්වා හැමදාමත් නොවෙනස් වූ ෆෙඩරල් වලිප්පුව

'රාජවරෝතියම් සම්බන්ධන්' ශ්‍රී ලංකාවේ විපක්‍ෂ නායකවරයා බව අපි නැවතත් සිහිපත් කර සිටිමු. ඊට අමතරව ඔහු දෙමළ ජාතික සන්ධානයේ ද නායකයා ය. මේ කාරණා නැවත අප සිහිපත් කරන්නට යෙදුණේ සම්බන්ධන් ද හිටි හැටියේ බොහෝ දේ අපට සිහිපත් කර දෙන නිසාය. පසුගිය සතියේ (21 දා) ඔහු කීවේ උතුරේ අර්බුදයට එකම විසඳුම ෆෙඩරල් බවත්, ඒකීය රාජ්‍ය ප්‍රතික්‍ෂේප කරන බවත් ය. දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නියෝජිත සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම පැවැති මොහොතේ ඔහු මේ අපූරු කාරණය සිහිපත් කර තිබුණේ ඉතිහාසය ද යළිත් සිහිපත් කරමිනි. ඒ අනුව චෙල්වනායගම්ගේ නායකත්වය මත ඉලංගෙයි තමිල් අරසුකච්චි පිහිටුවා ගැනීමේ සිට මේ දක්‌වාම උත්සාහ කළේ උතුරේ අර්බුදයට ෆෙඩරල් විසඳුමකින් ස්‌ථිර දේශපාලන විසඳුමක්‌ ගෙන ඒම බව විපක්‍ෂ නායක සම්බන්ධන් කියා තිබිණි.

මේ ආකාරයට බළලා නොව බළලුන් බුරුතු පිටින් මල්ලෙන් එළියට පැනීම පුදුමයට පත්වීමට කාරණයක්‌ නොවේ. සම්බන්ධන්ට ෆෙඩරල් සිහිපත් වූයේ ඉතා හදිසියේ නොවේ. මේ පරණ සැලසුම ගැන අන්තවාදී දෙමළ කණ්‌ඩායම්වලට ඉඟි කිරීමකි. 2009 රට ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමට පෙර දශක තුනකට ආසන්න කාලයක්‌ විවිධ වෙස්‌මුහුණු සහිතව ඊනියා නිජබිම් සංකල්පයක්‌ වෙනුවෙන් මේ 'සිහිපත් කිරීම්' විවිධ අවස්‌ථාවල ඉදිරිපත් කෙරුණු බව කිසිවෙකුටත් අමතක නැත.

කොටියා, කොටියා බවට පත් වීමට කලින්, එනම් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සමඟ සිටි අනෙකුත් දෙමළ අන්තවාදී කණ්‌ඩායම් එල්.ටී.ටී.ඊ. වීමට කලින් සිටියේ ෆෙඩරල් ස්‌ථාවරයේ ය. අන්තවාදී දෙමළ කණ්‌ඩායම් එල්.ටී.ටී.ඊ. ලෙස රූපාන්තරණය වූ පසුව ඉල්ලුවේ වෙනම රාජ්‍යයකි. 'රාජවරෝතියම් සම්බන්ධන්' කතා කරන්නේ ද ඒ ගැනය.

විපක්‍ෂ නායකවරයා ලෙස පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී ද මාධ්‍ය වලට ද ප්‍රකාශ නිකුත් කරමින් සම්බන්ධන් කීවේ ''කිසිදු ලෙසකින් රට බෙදන යෝජනාවකට එකඟ නොවන'' බවය. සම්බන්ධන් ගැන 'ටිකක්‌ විතර' දන්නා උදවියට මේ ගැන චූන් වූ නමුත් බොහෝ දෙනකුට මේ ගැන විශාල සැකයක්‌ ඇති වී තිබිණි. විපක්‍ෂ නායකවරයා ලෙස සම්බන්ධන් කියූ රට නොබෙදීමේ පදනම හඳුන්වා දෙන්නේ ඒකීය රටක්‌ තුළ ද ෆෙඩරල් රාජ්‍යයක්‌ තුළ ද යන්න පැහැදිලි කර දී නොතිබිණි. 2015 සැප්තැම්බර් හය වැනිදා 'දිවයින' පුවත්පතට සාකච්ඡාවක්‌ ලබාදෙමින් සම්බන්ධන් ඒ ගැන කියා තිබුණේ මෙසේය.

''රට බෙදන්නේ නැතිව එකට කටයුතු කරන්න තිබෙන හොඳම විසඳුම තමයි ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම. ලෝකයේ ෆෙඩරල් පාලනයක්‌ තිබෙන බොහෝ රටවලත් ඒක පේන්න තියෙනවා."

කාරණය තේරුම් ගැනීමට අටුවාටීකා අවශ්‍ය නැත.

කොහොමත් දෙමළ සන්ධානය මේ ආපසු ගමන් කරමින් සිටින්නේ ප්‍රභාකරන් සමඟ දීග කෑ යුගයට නොව ඊටත් එහා 1976 වඩුක්‌කොඩේයි සම්මේලනය කරාය.

හිටි හැටියේ මෙවැනි පරණ කතා මතක්‌ කරන්නට දෙමළ ජාතික සන්ධානය පටන් ගැනීම තුළ අමුතු දෙයක්‌ ඇති බව සිතීම සාධාරණය. රටේ ඒකීය භාවයට අභියෝග කරන බටහිර බලවේගත්, ඒ බටහිර බලවේගවලට උඩගෙඩි දෙන අපේ රටේම සමහර උදවියත් යම් සැලසුමකට අර අඳිමින් සිටින බවට ඉඟියක්‌ ද ඒ තුළ වේ.

අප එල්.ටී.ටී.ඊ. ය පැරදවූ බව ඇත්තකි. එහෙත් මේ 'කොටි' සංකල්පය (ප්‍රභාකරන්ගේ සංකල්පය) නැසීම තරමක්‌ අසීරු කාරණයකි. ෆෙඩරල් වලිප්පුව වැළඳුනු දෙමළ මෙන්ම සිංහල අප්පුලා එය 'අමතක' කරන්නට ඉඩ තබන්නේ නැත. සම්බන්ධන් කී දේ සම්බන්ධයෙන් රටට ආදරය කරන බොහෝ දෙනෙක්‌ වැඩිපුර සිතිය යුතුව ඇතැයි අපි විශ්වාස කරමු.

http://www.divaina.com/2016/01/25/editor.html

Pic Source

Sunday, January 24, 2016

බුදුන් වහන්සේගේ "උදකස්‌ දාව" නිධන් කළ, පරංගින් සහමුලින්ම වැනසූ කැලණියේ සිවුරු දාගැබ

ක්‍රිස්‌තු පූර්ව හයවැනි ශතවර්ෂය පමණ වන විට කිසියම් ප්‍රමාණයක උසස්‌ ශිෂ්ටාචාරයකට හිමිකම් කියූ ගෝත්‍ර දෙකක්‌ ලංකාවේ විසූ බව මහාවංශයෙහි සඳහන් වන කරුණු අනුව පැහැදිලි වෙයි. මින් එක්‌ ගෝත්‍රයක්‌ මහවැලි ගංගා නිම්න ප්‍රදේශයෙහි මහියංගනය මධ්‍යස්‌ථානය කොටගෙන ජීවත් වූ අතර ඔවුහු "යක්‍ෂයන්" යන නමින් හඳුන්වනු ලැබූහ. නාගයන් යන නමින් හඳුන්වනු ලැබූ අනෙක්‌ ගෝත්‍රය උතුරෙහි නාගදීපය (යාපනය) හා බටහිර දිග වෙරළබඩ තීරය ආශ්‍රිතව ජීවත් වූහ. බටහිර වෙරළබඩ තීරයෙහි ජීවත් වූ නාගයන්ගේ කේන්ද්‍රස්‌ථානය වූයේ කැලණියයි.

කැලණිය ශ්‍රී ලංකාවේ ඇති පෞරාණික නගරයකි. පූජනීය ස්‌ථාන අතර අති පූජනීය ස්‌ථානයකි. දේශ දේශාන්තරවල පතළ කීර්තියක්‌ ඇති කැලණිය වාල්මිකීගේ රාමායනයෙහිද සඳහන් වනු ලබයි. එම කතා ප්‍රවෘත්තිය අනුව භාරතයේ රාම රජ විසින් ලක්‌දිව ප්‍රබල පාලකයෙකුව සිටි රාවණා රජු පරදවා ලක්‌ රජය කැලණියේ විසූ රාවණා රජුගේ සොහොයුරා වූ විභීෂණටද පවරා තිබේ. වලාහස්‌ස ජාතකයෙහි සඳහන් වන ලක්‌දිව බටහිර වෙරළෙහි පිහිටා තිබූ බව සඳහන් වන "කල්‍යාණි" නම් වෙළෙඳ නගරය කැලණිය විය හැකි යෑයි අනුමාන කළ හැකිය. 

මහාවංශයෙහි දැක්‌වෙන පරිදි බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිදු වූවේ "සම්‍යක්‌ සම්බෝධියෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්‌වක්‌" පෝය දිනයෙහිය. මෙදින මහියංගණයට වැඩි උන්වහන්සේ මහවැලි ගඟ අසබඩ මහා නාග වනයෙහි එක්‌රැස්‌ වූ දහස්‌ සංඛ්‍යාත යක්‍ෂ ගෝත්‍රිකයන් පිරිසකට ධර්ම දේශනා කළ බවත්, එම ධර්මය ඇසීමෙන් සිත් පහන් වූ බොහෝ දෙනෙක්‌ තිසරණ සරණ ගිය බවත් සඳහන්ය. බුදුන් වහන්සේට ගෞරවය දැක්‌වීම සඳහා මහා නාග වනයට පැමිණ සිටි සම්භාවනීය පුද්ගලයන් අතර කැලණියේ මණිඅක්‌ක නා රජිඳු සිටි බවත්, බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු ප්‍රසාදයට පත් රජතුමා තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටි බවත් වංශ කතාවල සඳහන්ය. මෙහිදී සෝවාන් ඵලයට පැමිණි මහා සුමන දෙවිඳුන්, වන්දනාමාන කරගැනීම සඳහා පූජනීය වස්‌තුවක්‌ බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටි විට, උන්වහන්සේ සිය සිරස පිරිමැද කෙස්‌ රොදක්‌ එතුමාට පිරිනැමූ බවත් පසුව එම කේශ ධාතූන් මහියංගණ චෛත්‍යයෙහි නිධන් කර ඇති බවක්‌ කියෑවේ.

බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිදු වූයේ සම්‍යක්‌ සම්බෝධියෙන් පස්‌වැනි වස බක්‌මස අමාවක්‌ පොහෝ දිනයෙහිය. මෙම ලංකා ගමනට හේතු වූයේ නාගදීපයෙහි, චූලෝදර, මහෝදර නාග රජවරුන් අතර මැණික්‌ පුටුවක්‌ අරභයා ඇති වූ කළහය සංසිඳුවීමටයි. නාගදීපයට වැඩි උන්වහන්සේ රාජකීය නාග දෙබෑයන්ට යුද්ධයේ ඇති නිෂ්ඵලතාව පැහැදිලි කරන ධර්මයක්‌ දේශනා කළහ. මින් ප්‍රසාදයට පත් නාග රාජකීය දෙසොහොයුරුන් කළහය සමථයකට පත්කර ගන්නා බවට ප්‍රතිඥ දෙමින් තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටි අතර කළහයටද හේතු වූ මැණික්‌ පුටුවද බුදුන් වහන්සේට පූජා කළහ. මෙම අරගලයට සහභාගිවීම සඳහා මහෝදර නා රජුගේ මාමා වූ (මවගේ සොහොයුරා) කැලණියේ මණිඅක්‌ක නාරජුද නාගදීපයට ගොස්‌ සිටියහ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිදුවූ අවස්‌ථාවේ මහියංගණයට ගොස්‌ සිටි ඔහු ධර්මය පිළිබඳව පැහැදීමක්‌ ඇතිව සිටිය තැනැත්තෙකි. එබැවින් ඔහු තමන්ගේ රාජධානිය වූ කැලණියටද වඩින ලෙස බුදුන් වහන්සේට ආරාධනා කර සිටියේය.

මෙම ආරාධනය ඉවසා වදාළ බුදුන් වහන්සේ ඉන් අවුරුදු තුනකට පසු එළඹුණු වෙසක්‌ පොහෝ දිනයෙහි එනම් සම්‍යක්‌ සම්බෝධියෙන් අටවැනි වර්ෂයෙහි රම්‍ය වූ වෙසක්‌ මස පොණී මාසී තිථියෙහි පන්සියයක්‌ රහතන් වහන්සේලාද සමග මණිඅක්‌ක නාරජුගේ ආරාධනාව ඉටුකරනු වස්‌ කැලණියට වැඩියහ. නාග රජතුමා සහ ඔහුගේ රාජකීය පිරිසද දහස්‌ සංඛ්‍යාත නාග ජනතාවද බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලාද ඉමහත් භක්‌ත්‍යාදරයෙන් යුතුව පිළිගත්හ. 

බුදුන් වහන්සේ කැලණියට වැඩමවීම අරභයා නාග රජුන් සංවිධානය කරන ලද අත්‍යලංකාර උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම ලංකා ඉතිහාසයෙහි තවත් ඉතා වැදගත් ඓතිහාසික සිද්ධියක්‌ සිදුවිය. එනම් බුදුන් වහන්සේ කැලණිය අසලින් ශාන්ත ලෙස ගලා බසින අති රමණීය කැලණි නදියට වැඩම කර ජල ස්‌නානය කිරීමයි. ජල ස්‌නානයෙන් පසු උන්වහන්සේ සිවුරු ඇඳ ගත්තේ, විහාරයත් (උත්සව භූමිය) ගඟත් අතර පිහිටි ගල් තලාවකය. දිය නෑමට අඳින ලද අඳනය (උදකස්‌දාව) පරිවාරක නාගයන් විසින් ප්‍රවේශම් සහිතව මහත් ගෞරවයෙන් රැගෙන විත් ඇති අතර එය පසුව නිධන් කර කැලණියෙහි මඟුල් දාගැබ ගොඩනඟා ඇත. මෙම දාගැබ පිහිටා තිබී ඇත්තේ කැලණියේ මහා ස්‌තූපය ඇතුළු පූජනීය ස්‌ථාන සමූහයක්‌ පිහිටුවා තිබූ දකුණු වාහල්කඩ සමීපයෙහිය.

කැලණියට වැඩි බුදුන් වහන්සේ ජලස්‌නානයෙන් පසු නා රජු විසින් අත්‍යාලංකාර ලෙස කරවන ලද මොනවට සැරසූ මණ්‌ඩපයෙහි වැඩහිඳ ධර්මය දේශනා කර ඇති අතර ඉන් ඉමහත් ප්‍රබෝධයට පත් නාග පිරිස බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට අතිශය ප්‍රණීත දිව්‍යමය ආහාර පානයෙන් යුක්‌ත මහා දානයක්‌ පිරිනමා ඇත. 

කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ කැලණි නදියෙහි ජල ස්‌නානය කළ බවත්, එම ජල ස්‌නානය සඳහා පාවිච්චි කළ අඳනය (උදකස්‌දාකඩ) පසුව මඟුල් දාගැබෙහි නිධන් කළ බවත්, පැවසෙන ප්‍රවෘත්තිය කිත්සිරි මෙවන් කැලණි විහාරයේ දී සහ කැලණි රජමහ විහාරයෙහි විභීෂණ දේවාල භූමියෙන් සොයාගත් ශිලා ලේඛන ලිපි දෙකක්‌ නිසා නොවේ නම්, හුදු ප්‍රබන්ධයක්‌ පමණක්‌ වීමට ඉඩ තිබුණේය. එහෙත් කිත්සිරි මෙවන් කැලණි විහාරයෙන් සහ විභීෂණ දේවාල භූමියෙන් සොයාගත් මෙම ශිලා ලේඛන ලිපි දෙක නිසා එම තත්ත්වය වැළකී ගියේය.

මෙම ශිලා ලිපි පිළිබඳව අදහස්‌ දක්‌වන පුරාවිදු චක්‍රවර්ති ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා, කිත්සිරි මෙවන් කැලණි විහාරයෙහි ඇති සෙල් ලිපියෙහි අක්‌ෂර හා භාෂාව දහවැනි ශතවර්ෂයෙහි භාවිතයෙහි පැවති සිංහල භාෂාවට සමාන වන බව පවසයි. මෙම සෙල් ලිපියෙහි උදකස්‌දාව ගැනත්, මුක්‌ති ප්‍රදානය කිරීම් ගැනත් සඳහන්ය. මෙම ලේඛනයට අත්සන් තබා ඇත්තේ අරක්‌ සාමි දේවී නමැති නිලධාරියෙකි. 

විභීෂණ දේවාල සෙල් ලිපිය පිහිටවූ අවධිය වන විට, කැලණියෙහි ප්‍රධාන පූජනීය ස්‌ථානය වී ඇත්තේ රුවන්වැලි දාගැබයි. එයට සම්බන්ධ විශේෂ නැටුම් කණ්‌ඩායමක්‌ද තිබී ඇති අතර එම නැටුම් කණ්‌ඩායම නඩත්තු කිරීම සඳහා ගම්වරද ප්‍රදානය කර තිබේ. එම ගම්වර උදකස්‌දා නිධන් කර ඇති මඟුල් මහා විහාරය සතු මැණික්‌ ඔබ්බවන ලද ස්‌ථාපනයක්‌ සහිත පහන නඩත්තු කිරීමේ කාර්යය සඳහා ද යොදාගෙන ඇත.

කැලණි පූජා පුරවරය එවකට පැවති ආශ්චර්යමත් තත්ත්වය මනාවට පැහැදිලි කෙරෙන අති රමණීය වූ විස්‌තරාන්විත වූත් වර්ණනාවක්‌ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සන්දේශයෙහි දකින්නට ලැබේ. බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනින් පාරිශුද්ධත්වයට පත් වූ මෙම පුද බිමෙහි එවකට පැවති ශ්‍රී විභූතිය මෙයයැයි වටහා ගැනීමට එම වර්ණනාව අතිශයින් උපකාරී වේ. සැළලිහිණි සන්දේශයෙහි සඳහන්ව ඇති පරිදි එවකට කැලණි පූජා භූමියෙහි, ලංකා තිලක බුදු මැඳුරෙහි මහා පිළිම වහන්සේ නමක්‌ද, සක්‌ දෙවිඳුන් විසින් නිර්මාණය කළ ශෛලමය ප්‍රතිමාවක්‌ද, මලියදේව මහ රහතන් වහන්සේ විසින් ධර්මය දේශනා කළ තැන පස්‌ මහල් ප්‍රාසාදයක්‌ද, වටදාගෙය සහිත දාගැබක්‌ද, බටහිර පැත්තෙහි වූ විහාර මන්දිරයෙහි සැතපෙන පිළිම වහන්සේ නමක්‌ද, මණිඅක්‌ක නා රජුගේ ඉල්ලීම පරිදි බුදු වහන්සේ රහතන් වහන්සේලා මැද වැඩ සිටිමින් ධර්මය දේශනා කළ තැන ඉදිකළ සැට රියනක්‌ උස මහා ස්‌තූපයක්‌ද බුද්ධත්වයෙන් සයවැනි සතියෙහි මුචලින්ද නාගදරනයෙහි බුදුන් වහන්සේ වැඩ සිටි ආකාරය පිළිබිඹු කරන නාග පිළිමගෙයි ප්‍රතිමා වහන්සේ නමක්‌ද, සමාධි පිළිම වහන්සේ නමක්‌ද, තිවංක පිළිම වහන්සේලා දෙනමක්‌ද, බුදුන් වහන්සේ ජල ස්‌නානය කිරීමෙන් පසු තුන් සිවුරු හැඳ පොරවා ගත් තැන ඉදිකළ සිවුරු දාගැබද, කැලණිතිස්‌ස රජු නිවැරැදි රහතන් වහන්සේ උණු තෙල් කටාරමෙහි දැමූ තැන, පිංවතුන් විසින් කළ ප්‍රතිමාවක්‌ද ඒ සියල්ල අතරෙහි රිදී මිටක්‌ සහිත කුඩයක්‌ බඳු අලංකාරව වැඩී ඇති බෝධීන් වහන්සේද වූ බව සඳහන් වේ. මෙහි මඟුල් දාගැබ ගැන සඳහන්ව නැතත් මෙහි සඳහන් සිවුරු දාගැබ, කිත්සිරි මෙවන් කැලණිය සහ විභීෂණ දේවාල සෙල් ලිපිවල සඳහන් වන, උදකස්‌ධාතුව නිධන් කළ මඟුල් දාගැබ බවට සැකයක්‌ නැත. එයට අර්ථවත් වන "සිවුරු දාගැබ" යන නාමය පමණක්‌ වුවත් මෙම මතය සනාථ කෙරේ.

ක්‍රි.ව. 1505 දී සිදුවූ පෘතුගීසින්ගේ පැමිණීමත් සමඟ පොදුවේ රටට මෙන්ම, කැලණියෙහි ඓතිහාසික පූජා භූමියටත්, නරක කාලයක්‌ උදාවිය. මෙය වැඩියෙන් දරුණු වූවේ, කෝට්‌ටේ රජකළ ඪෂෂ වැනි බුවනෙකබාහු රජුගේ මුණුබුරා ධර්මපාල කුමරු තම රාජ්‍ය උරුමය තහවුරු කරගැනීම සඳහා 1543 මාර්තු මස 12 වැනි දින පෘතුගාලයෙහි ලිස්‌බන් නගරයේ දී අභිෂේක කිරීමත් සමඟය. දොන් ජුවන් ධර්මපාල නම්වූ ඔහු 1555 දී රාජාඥවක්‌ මගින් කැලණි රජමහා විහාරය සහ ගඟෙන් අනිත් පැත්තෙහි පිහිටි කිත්සිරි මෙවන් කැලණියත් ඒවා සතු දේපළ සමඟ රෝමානු කතෝලික පූජකවරුන්ට පවරා දෙන ලදී. මෙම පවරාදීමත් සමඟ කැලණියෙහි පරිහානිය ඉක්‌මන් වූ අතර 1575 දී කපිතාන් දියෝගෝ ද මෙලෝ නමැති පරංගියා විසින් කැලණියේ විහාර කොල්ලකා ඒවා සතු ධනය පැහැර ගනිමින් ස්‌ථාන ගිනිබත් කරන ලදී. බුදුන් වහන්සේගේ තුන්වැනි ලංකා ගමනින් පරම පාරිශුද්ධත්වයට පත්වූ කැලණිය පූජා භූමියෙහි පිහිටා තිබූ අතිශය ඓතිහාසික වැදගත්කමකින් යුක්‌ත බුදුන් වහන්සේගේ උදකස්‌ධාතුව (අඳනය) නිධන් කර තිබූ මඟුල් දාගැබෙහි (සිවුරු දාගැබ) අවසානයද එයම විය. මේ නිසා අගනා පාරිභෝගික ධාතුවක්‌ සමස්‌ත බෞද්ධ ලෝකයාටම සදාකාලිකවම අහිමි වී ගියේය. 

( අදට (23දා) යෙදෙන දුරුතු පොහොය නිමෙත්තෙනි.)

විමලසේන විතාන පතිරණ
http://www.divaina.com/2016/01/23/feature02.html

සබැඳි ලිපි -
[
- වල්ලිපුරම් (වැලිපුර) රන් සන්නස - යාපනය බොදු උරුමයේ රන් සන්නස - නාගදීපය පාලනය කරන වසභ රජුගේ ඉසගිරිය ඇමති විසින් පියගුකතිස විහාරය කරවන ලදී!http://denethharinna.blogspot.com/2015/12/blog-post_27.htmlඅම්පාර ඵෙතිහාසික රජගලතැන්නෙන් මහ උරුමයක සාක්ෂි මතුවේ!http://denethharinna.blogspot.com/2015/10/blog-post_41.htmlවසර 4000 ට පෙර ආදිවාසීන් ජීවත් වූ බවට සාධක හමුවෙයි. ලුනුගල ගල් ලෙනෙන් ලංකා ඉතිහාසය වෙනස්‌ වෙයි!http://denethharinna.blogspot.com/2015/09/4000.html
අවුරුදු 1000කට පෙරත් ලංකාවේ මිනිස්සු නාට්‍ය බැලුවේ ටිකට් අරන් - රජගල සෙල්ලිපියෙන් හෙළිවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/1000.html
පොලොන්නරුව නැවත කියවීම - පොලොන්නරු යුගයට පෙර පොලොන්නරුවේ ජනාවාස තිබුන බවට සාක්ෂිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_43.html
තඹාල රිනායිපුර පුරාවිද්‍යා කැණීම්වලින් ඉපැරණි ස්‌ථූපයක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_10.html
රාස්සගලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙවලම් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/300.html
වසර 1100 ක් පැරණි ශිලා ලිපියක -නාට්‍ය අවසරපත් ගැන සටහනක්http://denethharinna.blogspot.com/2015/09/1100.html
අනුරපුර විජයාරාම පුරාණ විහාර භූමියෙන් මහායාන සූත්‍ර පාඨ ලියූ තඹ පතක්‌ හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_84.html
දුටුගැමුණු සහ එළාර විජිතපුර සටනේදී කඩු ගෑ ගලhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_31.html
ක්‍රි.ව. 7 වැනි සියවසේ සෙල් ලිපියක්‌ තොප්පිගලින් සොයාගනීhttp://denethharinna.blogspot.com/2015/08/7.html
ඉපැරණි ගල් ඔරලෝසුවක්‌ ඓතිහාසික රජගල පුදබිමෙන්http://denethharinna.blogspot.com/2015/08/blog-post_17.html
සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. සමනලවැව ඓතිහාසික යකඩ උඳුන් ක්‍රියාත්මක කර යකඩ ගත්තා!http://denethharinna.blogspot.com/2015/01/blog-post_3.html
අතීත විරුවන් ආයුධ, උපකරණ යකඩින් තනලා! හතරලියද්දේ යකඩ නිෂ්පාදනයේ සාධක මතු වේhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_9.html
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්‌ටේ කබොක්‌ ස්‌මාරකයhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_67.html
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක්‌ හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක්‌ සහිත වැසිකිළි පද්ධතියක්‌ ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක්‌ උස ඉපැරැණි බුදුරුවක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

ඇස්, ඉස්, මස්, දිවි රට වෙනුවෙන් පිදූ රණවිරුවන්ගේ තුන්වැනි බබාට දුන් ලක්‍ෂය නවතියි

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්‌ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්‍ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ.

පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක්‌ ලෙස මෙම මුදල ලබාදෙන ලදී.

මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ.

ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2016/01/23/news11.html

Pic Source

බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පොහොය

අද(23) දුරුතු පුර පසළොස්‌වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක්‌ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව ප්‍රථමවරට ලංකාවට වැඩම වීම හා එහිදී යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිධන් කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරදුන් රහතන් වහන්සේලා දහසක්‌ ද සමඟ රජගහනුවරට වැඩමවීම, ප්‍රේතයනට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගන චෛත්‍යය අසලදී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහෝදිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්‌ථානයෙහිලා සැලකිය හැකිය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී අද වන් දුරුතු පොහොය දිනෙක මහියංගනයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක්‌ දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළහ. ඒ වනවිට ලක්‌දිව ඉතා බලසම්පන්නව සිටියේ රාවණ සමයේ සිට පැවත ආ යක්‍ෂ ගෝත්‍රිකයෝ ය. ඔවුන්ගේ දරුණු ක්‍රියාවන් නිසාම මෙසේ නම් ලද බව පිළිගත හැකිය. මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසියන් ලෙස හඳුන්වාදිය හැක්‌කේ නාග ගෝත්‍රිකයෝය. මෙම දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවැති අසමගිය දුරු කිරීම බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනයෙහි ප්‍රධාන අරමුණ විය. ලක්‌දිවට වැඩමවා එහි වෙසෙන දරුණු මිනිසුන් දමනය කිරීමෙන් සිදුවන යහපත දැකීම එයට හේතුවයි. මේ සඳහා ලක්‌දිවට වැඩම වන ලෙස බුදුරදුන්ට ඇරයුම් කෙළේ සුමන සමන් දිව්‍යරාජයා වන බව ද ලංකාවාසීහු විශ්වාස කරති. 

දැනට මහියංගන චෛත්‍යය පිහිටි ස්‌ථානයෙහි පත් කඩ එලා වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යක්‍ෂ සේනාව දමනය කිරීම සඳහා ධර්මය දේශනා කළහ. එම බණ ඇසූ ඉතා විශාල වූ පිරිසක්‌ ධර්මාවබෝධය කළහ. යක්‍ෂ ගෝත්‍රිකයන් රුදුරු ගති පැවතුම් ඉවතලා යහපත් පිරිසක්‌ බවට පත්වීමද මෙහිදී ඉතා වැදගත් වෙයි. බණ අසා සෝවාන් භාවයට පත් වූ සුමන සමන් දිව්‍යරාජයා විසින් "ස්‌වාමිනි, අපට පූජාර්හ වස්‌තුවක්‌ දුන මැනවැ'යි ආයාචනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ ඔහුට කේශධාතු මිටක්‌ දී පෙරළා උරුවෙල් දනව්ව බලා වැඩම වූහ. ඉක්‌බිති සුමන සමන් දිව්‍යරාජයා බුදුරදුන්ගේ කේශධාතු ස්‌වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක්‌ උස සෑයක නිධන් කළේය. එම සෑය ඉදි කළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩසිටි ස්‌ථානයේමය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගන දාගැබ බුදුරදුන් ජීවමානව සිටිය දීම නිර්මාණය කොට පූජෝපහාර දැක්‌වීමේ ගෞරවය සුමන සමන් දිව්‍යරාජයාට හිමි වෙයි. මෙකී මහියංගන සෑය හෙවත් මියුගුණ සෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතය ද වන අතර ප්‍රථම ථූප මූර්තිය ද වේ. සුමන සමන් දිව්‍යරාජයාගේ මියුගුණ සෑය එදා පටන් යක්‍ෂ නාග දෙපිරිසගේම වන්දනාමානයට ලක්‌ විය. 

ඌරුගමුවේ අස්‌සජී හිමි
http://www.divaina.com/2016/01/23/news03.html

Pic Source