Pages

Wednesday, January 27, 2016

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව - ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) සඳහා වූ කෙටුම් පත

ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාල කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද (සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් ම එකී භික්‌ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්‌වීම සඳහා ද යම් ලියාපදිංචි කරන (ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලාට දණ්‌ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්‌වීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි.

බුද්ධශාසන අමාත්‍යතුමා විසින් 2016 ජනවාරි මස 12 වන දින ඉදිරිපත් කරන ලදී.
(ගැසට්‌ පත්‍රයේ පළ කළේ 2015 දෙසැම්බර් මස 14 වන දින)
මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.
(60 වන පනත් කෙටුම්පත)
ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)

එල්.ඩී- ඕ. 15/2014.

ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාළව කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද; සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් ම එකී භික්‌ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්‌වීම සඳහා ද; යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලාට දණ්‌ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්‌වීම සඳහා ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ.

ලුහුඬු නාමය.

1. මේ පනත 2016 අංක දරන ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

කතිකාවත් සකස්‌ කිරීම.

5 - 2. (1) (මෙහි මින්මතු ''නිකාය හෝ පාර්ශ්වය'' යනුවෙන් සඳහන් කරනු ලබන) එක්‌ එක්‌ ථේරවාදී භික්‌ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් මේ පනතේ කාර්යය සඳහා එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතත් සකස්‌ කර සම්මත කර ගත හැකි ය.

10 - (2) මේ පනතේ (1) වන උප වගන්තියේ සඳහන් කර ඇති සෑම කතිකාවතක ම, අනෙකුත් කරුණු අතර, පහත දැක්‌වෙන කාරණාවලට අදාළ විධිවිධාන අඩංගු විය යුතු ය.-

(අ) අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ සංයුතිය සහ කර්තව්‍ය;

15 - (ආ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් නොපිරිහෙලා අනුගමනය කළ යුතු හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහයක්‌;

20 - (ඇ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් (ආ) ඡේදයේ සඳහන් හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්විය යුතු ආකාරය;

සහ

(ඈ) එසේ උල්ලංඝනය කිරීම් සඳහා වන දඬුවම්.

(3) (2) වන උප වගන්තියේ (ආ) ඡේදයේ සඳහන් හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහයට භික්‍ෂුන් වහන්සේ නමක්‌ විසින් - 

5 (අ) ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑලීම හෝ කරගෙනයාම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම පිළිබඳව;

(ආ) වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම පිළිබඳව;

10 (ඇ) රියදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීම සහ වාහන පැදවීම පිළිබඳව;

(ඈ) අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‌ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌තවීම පිළිබඳව; සහ

15

(ඉ) ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියෑලීම පිළිබඳව,

අදාළ විධිවිධාන ද ඇතුළත් කළ හැකිය.

20

(4) (2) වන උපවගන්තියේ (ඈ) ඡේදයේ කාර්ය සඳහා කතිකාවතක පහත සඳහන් දඬුවම් ඇතුළත් කළ හැකිය(-

(අ) වැඩ සිටින විහාරස්‌ථානයෙන් තාවකාලිකව ඉවත් කිරීම;

(ආ) වැඩ සිටින විහාරස්‌ථානයෙන් ස්‌ථිරව ඉවත් කිරීම;

(ඇ) විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීම;

(ඈ) විහාරාධිපති ධුරයෙන් ස්‌ථිරව ඉවත් කිරීම;

25

(ඉ) ශිෂ්‍ය භාවයෙන් ඉවත් කිරීම;

(ඊ) අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම;

(උ) භික්‍ෂු ලියාපදිංචිය අවලංගු කිරීම.

ලේඛකාධිකාරී විසින් කතිකාවත ලියාපදිංචිය සඳහා කොමසාරිස්‌ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු බව.

5 - 3. (1) අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරි ස්‌වාමීන් වහන්සේ විසින්, 2 වන වගන්තිය යටතේ සකස්‌ කොට සම්මත කර ගන්නා ලද කතිකාවත, නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක්‌ සහ ඒ කතිකාවත කාරක සංඝ සභාව විසින් යථා පරිදි සම්මත කරගනු ලැබූ බවට ඒ නිකායේ හෝ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන් වහන්සේ විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක්‌ ද සහිතව, කොමසාරිස්‌ ජනරාල්වරයා වෙත ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

10 - (2) ඒ ඉල්ලුම් පත්‍රයේ ආකෘතිය සහ එය ඉදිරිපත් කළ යුතු ආකාරය නියම කරනු ලබන පරිදි විය යුතු ය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කතිකාවත විශේෂඥ මණ්‌ඩලයක්‌ වෙත ඉදිරිපත් කළ යුතු බව.

4. (1) ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලා සිටිනු ලබන කතිකාවත

(අ) යම් ලිත නීතියක විධිවිධාන උල්ලංඝනය කරන්නේ ද යන්න; සහ

15 - (ආ) බෞද්ධ ධර්ම විනයට සහ චාරිත්‍රවලට අනුකූල ද යන්න,

පරීක්‌ෂා කිරීම සඳහා 5 වන වගන්තිය යටතේ පත් කරනු ලබන විශේෂඥ මණ්‌ඩලයක්‌ වෙත කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

20 - 25 - (2) යම් කතිකාවතක විධිවිධාන (1) වන උප වගන්තියේ සඳහන් කර ඇති යම් නියමයක්‌ උල්ලංඝනය කරන බව විශේෂඥ මණ්‌ඩලයේ මතය වන අවස්‌ථාවක විශේෂඥ මණ්‌ඩලය විසින් ඒ මතය කොමසාරිස්‌ ජනරාල්වරයාට දැනුම් දිය යුතු අතර, අදාළ කතිකාවත ඒ නියමයන්ට අනුකූලවීම සඳහා ප්‍රතිශෝධනය කර විශේෂඥ මණ්‌ඩලය විසින් පරීක්‌ෂා කිරීම සඳහා නැවත ඉදිරිපත් කරන ලෙස කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ඒ මතය අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරී ස්‌වාමීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු ය.

30 - (3) කතිකාවතේ විධිවිධාන (1) වන උපවගන්තියේ සඳහන් නියමයන්ට අනුකූල වන විට විශේෂඥ මණ්‌ඩලය විසින් ඒ බවට කොමසාරිස්‌ ජනරාල්වරයා වෙත සහතිකයක්‌ නිකුත් කළ යුතු ය.

විශේෂඥ මණ්‌ඩලයක්‌ පත්කිරීම

5. 4 වන වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති යම් කතිකාවතක ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් නියම උල්ලංඝනය කර ඇද්ද යන කාර්යය පරීක්‍ෂා කිරීම සඳහා අමාත්‍යවරයා විසින් ෙත්‍රෙනිකායික අති පූජ්‍ය මහනායක ස්‌වාමීන් වහන්සේලා විමසා -

5 (අ) බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා තුන් නමකගෙන්; සහ

(ආ) බෞද්ධ භික්‍ෂුන් වහන්සේ හට අදාළ විනය රීති පිළිබඳව දැනුමක්‌ ඇති නීතිඥවරුන් දෙදෙනකුගෙන්,

සමන්විත සාමාජිකයන් පස්‌ දෙනෙකුගෙන් යුතු විශේෂඥ මණ්‌ඩලයක්‌ පත් කරනු ලැබිය යුතුය.

10. 6. (1) විශේෂඥ මණ්‌ඩලයේ සහතිකය ලැබීමෙන් පසු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කතිකාවත ලියාපදිංචි කළ යුතුය.

කතිකාවත ලියාපදිංචි කිරීම.

(2) කතිකාවත ලියාපදිංචි කිරීමෙන් පසු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ලියාපදිංචි කිරීමේ සහතිකයක්‌ නිකුත් කර - 

15

(අ) ඒ ලියාපදිංචි කිරීමේ සහතිකය ලියාපදිංචි කතිකාවතේ පිටපතක්‌ සමග අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක ස්‌වාමීන් වහ න්සේ වෙත පෞද්ගලිකව භාරදිය යුතුය; සහ

(ආ) ඒ ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්‌ ලියාපදිංචි තැපෑලෙන් ලේඛකාධිකාරී ස්‌වාමින් වහන්සේ වෙත යෑවිය යුතුය.

කතිකාවතක කරනු ලබන සංශෝධන ලියාපදිංචි කිරීම. 

20

7. (1) යම් නිකායක හෝ පාර්ශ්වයක අදාළ කාරක සංඝ සභාව විසින් අවශ්‍ය අවස්‌ථාවල දී 6 වැනි වගන්තිය යටතේ ලියාපදිංචි කරන ලද කතිකාවතට සංශෝධන සම්මත කරගනු ලැබිය හැකිය.

25

(2) මේ පනතේ 3 වන සහ 4 වන වගන්තිවල දක්‌වා ඇති කාර්ය පටිපාටිය, කතිකාවතකට කරනු ලබන යම් සංශෝධනයක්‌ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද අදාළ විය යුතුය.

(3) කතිකාවතක යම් සංශෝධනයක්‌ ලියාපදිංචි කිරීම සඳහා වූ සෑම ඉල්ලීමක්‌ ම නියම කරනු ලැබිය හැකි ආකෘති පත්‍රයේ සාරානුකූලව විය යුතුය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ලියාපදිංචි කතිකාවත් පිළිබඳ රෙජිස්‌ටර් පවත්වාගෙන යා යුතු බව.

8. ලියාපදිංචි කතිකාවත් පිළිබඳව සහ ලියාපදිංචි කතිකාවත්වලට කරනු ලබන සංශෝධන පිළිබඳව කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් රෙජිස්‌ටරයක්‌ පවත්වාගෙන යා යුතු ය.

භික්‌ෂූන් වහන්සේ නමක්‌ කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියාකළ යුතු බව.

5 - 9. යම් නිකායකට හෝ පාර්ශ්වයකට අදාළ කතිකාවතක්‌ මේ පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ අවස්‌ථාවක -

(අ) ඒ කතිකාවතේ විධිවිධාන, ඒ නිකායට හෝ පාර්ශ්වයට අයත් වන සෑම භික්‌ෂූන් වහන්සේ නමකට ම අදාළ විය යුතු ය; සහ

10 - (ආ) ඒ නිකායට හෝ පාර්ශ්වයට අයත් සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ ම ස්‌වකීය නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතේ විධිවිධාන දැඩිව පිළිපැදිය යුතු අතර, ඊට අනුකූලව හැසිරිය යුතු ය.

කතිකාවතේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු බව

15 - 10. (1) තමා අයත් නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධාන භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් උල්ලංඝනය කරනු ලබන අවස්‌ථාවක අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් ඒ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු ය.

20 - (2) (1) වන උපවගන්තියේ සඳහන් පරීක්‌ෂණයේ දී ඒ කතිකාවතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්‌ථාවක්‌ ලබා දිය යුතු ය.

25 - (3) කාරක සංඝ සභාවේ තීරණය අර්ළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරී ස්‌වාමීන් වහන්සේ විසින් ලියාපදිංචි කතිකාවතක විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේට පෞද්ගලිකව භාරදිය යුතු ය; නැතහොත් ඒ භික්‌ෂූන් වහන්සේ වෙත ලියාපදිංචි තැපෑලෙන් යෑවීම මගින් ඒ තීරණය ඒ භික්‌ෂූන් වහන්සේට දැනුම් දිය යුතු ය.

කාරක සංඝ සභාවේ තීරණයට පටහැනිව ක්‍රියා කිරීම වරදක්‌ බව.

11. (1) ලියාපදිංචි කතිකාවත විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේ විසින් කාරක සංඝ සභාවේ තීරණයට අනුකූලව ක්‍රියා කළ යුතු ය.

5 - 10 - (2) ඒ තීරණයට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින හෝ ප්‍රතික්‌ෂේප කරන භික්‌ෂූන් වහන්සේ නමක්‌ මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්‌ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝූ නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේ දී රුපියල් පනස්‌ දහසකට නොඅඩු දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක්‌ සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.

චෝදනා ලැබූවකු විසින් නිකාය හෝ පාර්ශ්වය වෙනස්‌ කිරීම පිළිබඳව තහනම. 

15 - 12. 10 වන වගන්තිය යටතේ තමාට විරුද්ධව පරීක්‌ෂණයක්‌ පැවැත්වෙන හෝ මේ පනත යටතේ වරදකට වරදකරු වී ඇති යම් භික්‌ෂූන් වහන්සේ නමක්‌, ඒ භික්‌ෂූන් වහන්සේ අයත් වන නිකාය හෝ පාර්ශ්වය හැර, වෙනත් නිකායක්‌ හෝ පාර්ශ්වයක්‌ විසින් භාර ගැනීම හෝ භික්‌ෂුවක්‌ ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු ය.

නියෝග.

13. (1) මේ පනතේ ප්‍රතිපත්ති සහ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ හෝ බලාත්මක කිරීමේ කාර්යය සඳහා අමාත්‍යවරයා විසින් ෙත්‍රෙනිකායික අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන් වහන්සේ විමසා නියෝග සාදනු ලැබිය හැකි ය.

20 - (2) විශේෂයෙන් ම සහ (1) වන උප වගන්තියේ සඳහන් බලතලවල ව්‍යාප්තියට අගතියක්‌ නොමැතිව අමාත්‍යවරයා විසින් පහත දැක්‌වෙන කාරණා සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය හැකි ය(-

(අ) මේ පනත මගින් නියෝග සෑදීමට නියමිත හෝ බලය දී ඇති යම් කාරණයක්‌ සම්බන්ධයෙන්;

25 - (ආ) ත්‍රෛනිකායික මහානායක ස්‌වාමීන් වහන්සේලා විසින් තීරණය කරන පරිදි, භික්‌ෂූන් වහන්සේලා විසින් පරිශීලනය කළ යුතු සිවුරේ වර්ණය නිශ්චිතව දැක්‌වීම සඳහා; සහ

(ඇ) මේ පනතේ කාර්ය සඳහා අවශ්‍ය වන ආකෘති පත්‍ර නියම කිරීම.

ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)

(3) (1) වන උප වගන්තිය යටතේ සාදනු ලබන සෑම නියෝගයක්‌ ම ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරනු ලැබූ දින සිට හෝ නියෝගයේ නිශ්චිතව දක්‌වා ඇති පසු දිනයක සිට ඒ නියෝගය ක්‍රියාත්මක විය යුතු ය.

5 - (4) (අ) (1) වන උප වගන්තිය යටතේ සාදන ලද සෑම නියෝගයක්‌ ම ගැසට්‌ පත්‍රයේ පළකිරීමෙන් පසු හැකි පහසු ඉක්‌මනින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

10 - (ආ) එසේ අනුමත කරනු නොලබන සෑම නියෝගයක්‌ ම ඒ අනනුමතයේ දින සිට පරිවර්න්න කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු නමුත් එකී නියෝග යටතේ කලින් කරන ලද කිසිවකට ඉන් අගතියක්‌ සිදු නොවිය යුතු ය.

(5) යම් නියෝගයක්‌ එසේ පරිවර්න්න කරනු ලැබූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද 

ලේඛන ඔප්පු කිරීම.

15 - 14. (1) කොමසාරිස්‌ ජනරාල්වරයා විසින්, යථා පරිදි අත්සන් කර සහතික කර ඇති සෑම ලේඛනයක්‌ ම, ඒවායේ අන්තර්ගත අත්සන්වලින් යථා අත්සනක්‌ ඔප්පු කිරීම පිළිබඳ සාක්‌ෂි නොමැතිව සහ ඒ නිලධරයා සාක්‌ෂිකරුවකු ලෙස කැඳවීමකින් තොරව ඕනෑම අධිකරණයක දී සාක්‌ෂි වශයෙන් ආවේශ්‍ය කරනු ලැබිය යුතු අතර පටහැනිව කරුණු ඔප්පු කරන තුරු ඒ ලේඛනයේ සඳහන් කරුණු පිළිබඳව, බැලු බැල්මට පෙනෙන සාක්‌ෂියක්‌ විය යුතු ය.

25 - (2) (1) වන උප වගන්තියේ සඳහන් ලේඛනයක්‌ ව්‍යාජ ලේඛනයක්‌ බවට හෝ එවැනි ලේඛනයක සඳහන් අත්සනක්‌ ව්‍යාජ අත්සන් බවට යම් තැනැත්තකු විසින් චෝදනා කරනු ලබන අවස්‌ථාවක, ඒ කාරණාව ඔප්පු කිරීමේ භාරය ඒ තැනැත්තා වෙත පැවරේ.

(3) මේ වගන්තියේ කාර්ය සඳහා 'ලේඛනය' යන්නට යම් ලිපිගොනුවක්‌, නියමයක්‌, විධානයක්‌, වාර්තාවක්‌ හෝ වෙනත් එවැනි අදාළ ලියවිල්ලක්‌ ඇතුළත් වේ.

යම් අනනුකූලතාවක්‌ ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

30 - 15. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක්‌ ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අර්ථ නිරූපණය.

16. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක්‌ අවශ්‍ය වුවහොත් මිස -

''භික්‌ෂූන් වහන්සේ'' යන්නට, (318 වන අධිකාරය වූ) බෞද්ධ විහාර දේවාලගම් ආඥ පනත යටතේ ඊට ලබා දී ඇති අර්ථය ම ඇත්තේ ය;

10 - 5 - ''විහාරස්‌ථානය'' යන්නෙන්, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුකූලව පිහිටුවනු ලැබූ යම් චෛත්‍යයක්‌, ස්‌ථූපයක්‌, සංඝාවාසයක්‌ හෝ ''ශාරීරික'', ''පාරිභෝගික'', ''උද්දේශික'' යන ත්‍රිවිධ ස්‌ථූපවලින් එකක්‌ හෝ දෙකක්‌ හෝ ඒ තුන ම හෝ පොදු මහජනතාව විසින් ගරු කරන සහ වැඳුම් පිදුම් කරනු ලබන සහ පොදු ස්‌ථානයක පිහිටි බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ හෝ අදහස්‌ වේ;

''පාර්ශ්වය'' යන්නෙන්, ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂු නිකාය තුනෙන් යම් එක්‌ නිකායක්‌ යටතේ පිහිටුවන ලද යම් පාර්ශ්වයක්‌ අදහස්‌ වේ;

15 - ''කොමසාරිස්‌ ජනරාල්වරයා'' යන්නෙන්, බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්‌ ජනරාල්වරයා අදහස්‌ වේ;

''කාරක සංඝ සභාව'' යන්නෙන්, ථේරවාදී භික්‌ෂු නිකායේ හෝ පාර්ශ්වයේ පරිපාලන කාර්ය සඳහා තෝරා පත්කරගනු ලබන සංඝ කමිටුව අදහස්‌ වේ;

20 - ''කතිකාවත'' යන්නට, කතිකාවතකට කරනු ලබන යම් සංශෝධනයක්‌ ද ඇතුළත් වේ;

''අමාත්‍යවරයා'' යන්නෙන්, බෞද්ධ කටයුතු විෂය පවරා ඇති අමාත්‍යවරයා අදහස්‌ වේ;

25 - ''ලේඛකාධිකාරී ස්‌වාමීන්වහන්සේ'' යන්නෙන්, යම් පාර්ශ්වයක හෝ නිකායක කාරක සංඝ සභාවේ සාමාජික ස්‌වාමීන් වහන්සේ නමක වන ඒ නිකායේ හෝ පාර්ශ්වයේ ලේකම් ස්‌වාමීන් වහන්සේ හෝ සමලේකම් ස්‌වාමීන් වහන්සේ අදහස්‌ වේ;

5 - ''ථේරවාදී භික්‌ෂු නිකාය'' යන්නෙන්, ''ශ්‍යාමෝපාලි මහා නිකාය,'' ''ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය'' සහ ''ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය'' වශයෙන් ථේරවාද සම්ප්‍රර්යට අනුකූලව ශ්‍රී ලංකාවේ සම්මත සහ පිළිගනු ලබන තුන් නිකායයන් අදහස්‌ වේ.

http://www.divaina.com/2016/01/27/feature01.html

Pic Source

0 comments: