Pages

Monday, January 25, 2016

සියම් නිකාය දැඩි විමසිල්ලෙන් - මැදගම ධම්මානන්ද හිමි

බුද්ධ නීතිය යටපත් කර රාජ්‍ය නීතිය තුළින් විරුද්ධවාදී අදහස්‌ මත දරන භික්‍ෂූන් වහන්සේලාගෙන් පළිගැනීම් පවා නව නීති මගින් සිදුවිය හැකි බැවින් සියම් මහා නිකාය රජය ඉදිරිපත් කර ඇති අලුත් නීති කෙටුම්පත පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශවයේ කාරක සංඝසභික ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් භික්‍ෂූ කථිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව කළ විමසීමකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

මෙවැනිම කථිකාවතක්‌ ලියාපදිංචි කිරීම සඳහා පනතක්‌ මුලින්ම පසුගිය 2003 වසරේදී හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ගෙනඒමට උත්සාහ කළ අවස්‌ථාවේදී එදා භික්‍ෂුන් වහන්සේලා ඊට විරුද්ධ වූ බවද එහෙත් වරින්වර මේ පිළිබඳව සම්බුද්ධත්ව ජයන්ති උත්සව සමයේත් සාකච්ඡා කළ බවද උන්වහන්සේ පැවසූහ.

භික්‍ෂූන් වහන්සේලාගේ නොමනා කටයුතු පිළිබඳ අවස්‌ථා කිහිපයකදී සියම් නිකාය තුළ සාකච්ඡා පැවැත්වුණු බවත් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට යා යුතු වුවත් විනය නීතිය තිබියදී රාජ්‍ය නීතියට භික්‍ෂුව යටපත් කිරීම හානි දායක බවත් එහිදී සාකච්ඡාවූ බවද උන්වහන්සේ පැවසූහ.

මෙවැනි නීතීන් තුළින් විවිධ හේතු පදනම් කරගෙන විරුද්ධ මතධාරි භික්‍ෂූන් වහන්සේලාට දඬුවම් කළහැකි අවකාශයක්‌ ඇති වන බවද මේ පිළිබඳව අතීතයේ උදාහරණ ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

භික්‍ෂූන් වහන්සේලා ස්‌වයං විනයකින් සිටින පිරිසක්‌ යෑයිද ඒ අයට සම්බාධක දැමීම තුළ වැරදිවලට පෙළඹීම වැඩිවිය හැකි යෑයිද පැවසූ ධම්මානන්ද නාහිමියෝ මීට වඩා මේවා විධිමත් හා ශක්‌තිමත් විය යුතු බව ද පැවසූහ.

ව්‍යවස්‌ථා සංශෝධන සිදු කිරීමට උත්සාහ කරන මේ අවස්‌ථාවේ බෞද්ධාගමට හානිකර ලෙස මෙම නීතීන් ඊට ඇතුළත් විය හැකි බැවින් අපි සියලු දෙනා මේ ගැන අවධානයෙන් සිටිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2016/01/25/news19.html

Pic Source

සබැඳි ලිපි -
[

භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතියක්‌ ජනමාධ්‍ය ඇමැතිට ලැබුණේ කොහොමද? - ගැටඹේ නාහිමියෝhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_40.htmlභික්ෂුන්ට අණපනත් ගෙනෙන්නට පෙර අන්‍යාගමිකකරණය වැළැක්වීමේ පනත සම්මත කරනු - හෙළ බොදු සවියhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_52.html"ප්‍රසිද්ධ ස්‌ථානවල භික්‍ෂුවකට අකැප අයුරින් හැසිරීම" - විරු යති පරපුර හිරගෙට දක්කා බොදුනුවන් මෙල්ල කරන යහපාලන නව නීතියhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_15.htmlසඟරුවනට නීති - පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. රටට එරෙහි තීරණ වලට භික්ෂු මැදිහත්වීම වැළැක්වීම අරමුණද?http://denethharinna.blogspot.com/2016/01/blog-post_14.html
]

0 comments: