Pages

Thursday, January 14, 2016

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී!

ආගමික අන්තවාදයට වැට බැදීමට යැයි පවසමින් හදිසියේ ගෙන ආ අපරාධ නඩු විධාන සහ දණ්ඩනීති සංග්‍රහයට අදාල සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් ඉවත්කරගන්නා බව නියෝජ්‍ය කථා නායක තිලංග සුමතිපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

අදාල සංශෝධන දෙවැනිවර කියවීම ඊයේ (12) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත්ව තිබූ බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම මේ පනතට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබූ නඩුවද එම පැමිණිලිකරුවන් විසින් ඉවත්කරගෙන ඇති බවත්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගණුදෙණු නොකරණු ඇති බවද තිලංග මහතා කථානායකවරයාට අද දන්වා සිටියේය.

Colombo Today

0 comments: