Pages

Friday, January 15, 2016

භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතියක්‌ ජනමාධ්‍ය ඇමැතිට ලැබුණේ කොහොමද? - ගැටඹේ නාහිමියෝ

බුදුන්වහන්සේට මිස භික්‍ෂූ නීතියක්‌ පැනවීමේ අයිතිය භික්‍ෂුවකට නැතිව තිබියදී භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතිය ජනමාධ්‍ය ඇමැතිවරයාට ලැබුණේ කෙසේද යන්න විමතියට කරුණකැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති අති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ පැවසූහ.

භික්‍ෂු ක්‍රියාකාරකම් පාලනය සඳහා නීති පැනවීමේ පනතක්‌ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව කරුණු දක්‌වමින් අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ මෙසේද ප්‍රකාශ කරති.

එක්‌ එක්‌ කාලවලදී බොහෝ යෝජනා කාලෝචිතව ඉදිරිපත් වෙනවා. එහෙත් මෙම භික්‍ෂූන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක්‌. බෞද්ධ ශාසනික ප්‍රතිපදාව අනුව භික්‍ෂූන් සම්බන්ධ නීතිරීති  ඇතුළත් යෝජනා ඇමැතිවරයකුට ඉදිරිපත් කළ නොහැකියි. එවැන්නක්‌ කළ යුත්තේ උත්තරීතර සංඝයා වහන්සේගේ කමිටුවක්‌ මඟින් පමණයි. භික්‍ෂූන් පිළිබඳ විනය නීති සියල්ල බුදුන් වහන්සේ විනය පිටකයෙන් පනවා තියෙනවා. විනය නීතියක්‌ පැනවීමට භික්‍ෂුවකටවත් අයිතියක්‌ නැත. බුදු රදුන් පරමවේලයික නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

භික්‍ෂුවගේ සෑම නොමනා චරියාවකටම විනය නීති රීති පනවා ඇති හෙයින් හා දඬුවම් නියමකර ඇති හෙයින් විනය ප්‍රතිබලසම්පන්න සුපේෂල ශික්‍ෂාකාමී මහා සංඝයා වෙත ඉදිරිපත් කළ හැකිය. එවිට එම යෝජනා සම්මුති සංඝයා එක්‌වී බෞද්ධ නීතියට අනුගතව නීති ප්‍රතිපාදනය කොට කතිකාවතක්‌ ලෙස රාජ නීතියට ද අනුකූලව කතිකාවතක්‌ ලෙස. ඉදිරිපත් කළ හැකිය. ඒ හැර භික්‍ෂූන් සඳහා නීති පැනවීමට ගිහියන්ට ඇති බවක්‌ හෝ ඉඩකඩක්‌ හෝ ඇති බවක්‌ ශාසන ඉතිහාසයේත් විනය පිටකයේත් සඳහන් වී නැත. ගිහියන් එක්‌වී සංගායනාවක්‌ද පවත්වා නැත.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2016/01/15/news02.html

Pic Source

සබැඳි ලිපි -
[

භික්ෂුන්ට අණපනත් ගෙනෙන්නට පෙර අන්‍යාගමිකකරණය වැළැක්වීමේ පනත සම්මත කරනු - හෙළ බොදු සවියhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_52.html"ප්‍රසිද්ධ ස්‌ථානවල භික්‍ෂුවකට අකැප අයුරින් හැසිරීම" - විරු යති පරපුර හිරගෙට දක්කා බොදුනුවන් මෙල්ල කරන යහපාලන නව නීතියhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_15.htmlසඟරුවනට නීති - පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. රටට එරෙහි තීරණ වලට භික්ෂු මැදිහත්වීම වැළැක්වීම අරමුණද?http://denethharinna.blogspot.com/2016/01/blog-post_14.html
]

0 comments: