ඊශ්‍රායලය වැරදි කරන්නා සේම හමාස් සංවිධානයද වැරදි කරන බව පිළිගත යුතුය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නේ මුස්‌ලිම් පල්ලිවල සිටය. සමහර අවස්‌ථාවල පාසල්, රෝහල් පරිශ්‍ර යොදාගෙන යුදෙව් රාජ්‍යයට එරෙහිව රොකට් ප්‍රහාර එල්ල කරති. හමාස් සංවිධානය තම ජනප්‍රියභාවය රැක ගැනීම වෙනුවෙන් පලස්‌තීනුවන්ගේ මළ සිරුරු උපයෝගී කර ගන්නා බවට සැක නැත. කොටි සංවිධානය රෝහල් පරිශ්‍රවල සිට හමුදාවට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කළ අතීතය අපට අමතක නැත.

ලිබියාවේ මහජන කැරැල්ලකින් අවසානයේ ගඩාෆි මරණයට පත්විය. තෙල් සල්ලි මත අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ගඩාෆි අවසානයේ සැඟවී සිටියේ බෝක්‌කුවක් යටය. ගඩාෆි සොයා ගැනීමට ප්‍රංශ විශේෂ බළකායද සහාය ලබාදුන් බව ප්‍රකට කරුණකි.
නමුත් අද ලිබියාව අසාර්ථක රාජ්‍යයක් වී ඇත. වහාබ්වාදීන් හා එයට විරුද්ධ කණ්‌ඩායම් අතර ගැටුම් ඇතිව තිබේ. 2011 මාර්තුවේදී සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ වූ විට ඇමරිකාව හා බටහිර ලෝකය බෙහෙවින් සතුටු විය. මේ කැරැල්ලෙන් බෂාර් අසාද් පරාජය වූයේ නම් සිදුවන්නේ කුමක්‌ද? සමස්‌ත මැද පෙරදිගම වහාබ් අන්තවාදය විසින් ගිලගැනීමය. අල්බැග්ඩෑඩ් අසාද් පාලනයට එරෙහිව අල් නුෂ්රා කණ්‌ඩායම සමග සටන් කළේය.
අයි.එස්.අයි. එස්. කණ්‌ඩයම අල් ඛයිඩා නායක අල් ස්‌වාහරිගේ උපදෙස්‌ද ප්‍රතික්‌ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් අල් ඛයිඩා සංවිධානය හෝ ගණන් ගත්තේ නැත. ස්‌වාහරී අල්බැග්ඩෑඩ්ට උපදෙස් දුන්නේ සිරියාවේ සටන් කිරීම අත්හැර ඉරාකය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසය. නමුත් මෙම 43 හැවිරිදි ත්‍රස්‌ත නායකයා විසින් යෝජනාව ප්‍රතික්‌ෂේප කර ඇත. මොහු බින් ලාඩන්ටත් වඩා භයානකය.
අයි.එස්.අයි.එස්. සංවිධානය පෝෂණය කරන්නේද සෞදි අරාබිය බව රහසක් නොවේ. සෞදි අරාබි ඔත්තු සේවාහි ප්‍රධානියා ලෙස කටයුතු කළ බණ්‌ඩාර් සුල්තාන් කුමරු මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ෂියාවරුන්ට දෙවියන්ගේ පිහිටම ලැබේවා යන්නයි. එසේ කීවේ මන්ද තමන් විසින් පෝෂණය කරනු ලබන වහාබ් අන්තවාදීන් කෙළින්ම ෂියාවරුන්ට එරෙහිව සටන් කරන බව හොඳින්ම දන්නා නිසාය. මොසුල් නගරය අල්ලාගත් පසු අල් බැග්ඩෑඩ්ගේ සහචරයන් ෂියා මුස්‌ලිම් පල්ලි විනාශ කළේ එම නිසාය. බිලියනයකට අධික සුන්නි මුස්‌ලිම්වරුන් ලොව වාසය කරති. නමුත් ෂියා මුස්‌ලිම්වරුන්ගේ ප්‍රමාණය විශාල නොවේ. සෞදි අරාබියට අවශ්‍ය ෂියා මුස්‌ලිම්වරුන්ට පහර දීමටය. ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන්නැයි සෞදි අරාබියේ අබ්දුල්ලා රජුම ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විකිලික්‌ස් වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි.
කවරක් නමුත් සෞදි අරාබියානු ආධාර ලබන ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ දේශපාලන සමාජ අරමුණු කුමක්‌දැයි අප ප්‍රශ්න කළ යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය යටකර ගනිමින් වහාබ් අන්තවාදය වේගයෙන් පැතිර යන බව රහසක් නොවේ. අළුත්ගම බේරුවල ගැටුමට මූලික වූයේ කවුද? වහාබ් අන්තවාදීන්ය. අළුත්ගම බොදු සමුළුවට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි බෞද්ධයන්ට ගල් ප්‍රහාර එල්ල කළේ කවුද?
"2013 නොවැම්බර් 03 වැනිදා දිවයින පුවත්පතට අනුරපුරයෙන් මතු වූ වහාබ්වාදයේ අනතුර හඳුනාගනිමු" මැයෙන් ලිපියක් ලියූවෙමු. එයින් අප අවධාරණය කර සිටියේද සාම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය යට කරමින් සුන්නි වහාබ්වාදය හිස එසවීම, ඉතා භයානක බවයි. පසුගිය වසරේ හඡ්ජි උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ මුස්‌ලිම් මහා විද්‍යාලයේ පල්ලියට පැමිණි මුස්‌ලිම් කාන්තාවන්ට මේ තව්හීඩ්වරු බාධා පමුණුවා මහත් කලබැගෑනියක් ඇති කර තිබිණි. ලංකාවේ වෙසෙන්නේ සුන්නි මුස්‌ලිම්වරුය. එම නිසාම මෙහි වහාබ්වාදය අතු ඉති ලියලා වැඩීමට ඉතාම හොඳ පසුබිමක් ඇත. ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි.එස්.අයි.එස්. සංවිධානය ගැන දරන මතය කුමක්‌ද? එය රටටම හෙළිකළ යුතුය. මුස්‌ලිම්වරුන් අතින් මුස්‌ලිම්වරු ඝාතනය වෙද්දී තව්හීඩ් ජමාත් සංවිධානය නිහඬය. ඔවුන්ට මුස්‌ලිම්වරුන් ගැන කැක්‌කුමක් ඇතිවන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විටය.
එහෙත් මේ සුන්නි වහාබ්වාදය නිසාම අද මුස්‌ලිම් ලෝකයම අවුලකට ඇදවැටී නැද්ද? වහාබ්වාදය පැතිරවීම පිණිස 1970 සිට සෞදි අරාබිය ඩොලර් බිලියන 87 ක් වැයකර ඇත. මේ ආධාර හේතුවෙන් ලොව පුරා මුස්‌ලිම් පල්ලි 1500 ක් ඉදිකර ඇත. නැගෙනහිර කාන්තන්කුඩිය ප්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලාගෙන ඇත්තේ වහාබ්වාදීන් විසිනි. අයි.එස්.අයි.එස්. සංවිධානය ලෝක සාමයට රතු එළි දල්වා ඇත. එනිසාම මේ සුන්නි වහාබ් අන්තවාදය පරාජය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. නැතිනම් මනුෂ්‍ය ශිෂ්ටාචාරයම විශාල අවුලකට ඇද වැටෙනු ඇත.
චතුර පමුණුව
http://www.divaina.com/2014/08/17/forign.html
Pic1 Source
Pic2 Source
0 comments:
Post a Comment