Pages

Thursday, August 21, 2014

රට වැසියාට වස විෂ කවන බහුජාතික කිරිපිටි සමාගම්වලට ජාතිය බිලි ගැනීමට ඉඩදිය නොහැකියි - ගලගොඩඅත්තේ ඥණසාර හිමි

බහුජාතික කිරිපිටි සමාගම්වලට මුළු මහත් ජාතියක්‌ම බිලි ගැනීමට ඉඩදිය නොහැකි බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ සඳහන් කළහ. 

රටවැසියාට වස විෂ කවන කිරිපිටි සමාගම්වලට එරෙහිව සිය සංවිධානය ඉදිරියේ දී දැඩිව ක්‍රියා කරන බවත් කී උන්වහන්සේ සල්ලි දී වස විස කන ලෝකයේ එකම රට අපගේ රට වන බවත් කියා සිටියහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ ඉකුත් 19 වැනිදා කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ මෙසේද පැවසූහ.

ඩී.සී.ඩී. විෂ රසායන අඩංගු කිරිපිටි ගැන පසුගිය කාලයේ කතා වුණා. නමුත් එය දැන් අහවර වී තිබෙනවා. කිරිපිටි සම්බන්ධයෙන් අප රටට නිසි වැඩපිළිවෙළක්‌ නැහැ. 

කිරිපිටි උවදුර, කුඩු උවදුර වගේම භයානකයි. බහුජාතික සමාගම් අපගේ මුළුමහත් ජාතියම ලෙඩ කරමින් සිටිනවා. මේවාට අමාත්‍යාංශවල සිටින ඉහළ නිලධාරිනුත් හවුල්. ඔවුන්ට සමාගම්වලින් මිලියන ගණනින් වැටුප් ලැබෙනවා.

අපගේ ජාතිය නිරපරාදේ මැරෙන්න දෙන්න බැහැ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා, අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රවර්ධනය කරන්නේ අපට නොගැළපෙන ආහාර ක්‍රමයි. දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීමක්‌ අධ්‍යාපන ක්‍රමය තුළින් සිදු වන්නේ නැහැ.

මෙහිදී එම සංවිධානයේ තොරතුරු හා පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය චමිල ලියනගේ මහතාද අදහස්‌ දැක්‌වීය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/08/21/news25.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

කිරි වල ඇති ලැක්ටෝස් දිරවන්න අපහසුයි. ඇඟට අහිතකරයි.කිරිපිටි මිත්‍යාවෙන් මිදෙන්න - වෛද්‍ය ජයකොඩිhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_4268.html
කිරි පිටි මිත්‍යාවක්මයි. එයින් මිදෙමු! - ලංකාවේදි පැටව් ගහන ලෝක වෙළෙඳපොළේ කිරිපිටිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_6927.html
දුම්වැටිවලට වඩා කිරිපිටි භයානකයි. මිල වැඩිකරන්නත් එපා. ගෙන්වන්නත් එපා – රජයේ වෛද්‍යවරුhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5.html
රට පිටි කිරි වලට ආලේ - ඇයි තවම ගොන් රාළේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_7667.html
ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.html
පිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
ඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

0 comments: