වැඳලා දුක කියමි පින්වත් මහතුන්ට..... කියමින් දෙපා වඳින අය අපිට බොහෝ විට හමුවන්නෙ දුම්රියේදී, එහෙමත් නැත්නම් බස් එකේදී. කීයක් හරි දෙයි කියලා හිතෙන මූණු දැක්‌කම මේ දුක කියන අය ළඟින් යන්නෙම නෑ. දුක කිය කියා කීයක් හරි ඉල්ලනවා. පොඩි ගාණක් දුන්නම බැන බැන යන අය වගේම කීයක්‌වත් නොදුන්නත් නිශ්ශබ්දවම යන අයත් ඉන්නවා.
අද සමාජයේ ජීවත්වෙන අයගෙන් බොහෝ දෙනෙක් අනුන්ගෙන් කීයක් හරි ඉල්ලන්නේ තමන් ජීවත් වෙන්න. ඒත් මන්නාරමේදී දවස් හතරක් තිස්‌සෙම දුක කිය කියා විලාප දුන්න මේ පිරිස ඉල්ලා සිටියේ තමන්ගෙ දරුවන්. යුද්ධ කාලෙදි කවුරු හරි මේ අයගෙ දරුවො අරන් ගිහින්. අපේ රටේ යුද්ධ කළ දෙපිරිසක් හිටියා. එක කණ්‌ඩායමක් එල්.ටී.ටී.ඊය. අනෙක් කණ්‌ඩායම ආණ්‌ඩුවට සම්බන්ධ ආරක්‍ෂක අංශවල උදවිය.
එල්.ටී.ටී.ඊ. එකේ ධර්මෙ වුණේ යුද්දෙ කරන්න කොහොම හරි සේනාව හොයා ගන්න එක. එල්.ටී.ටී.ඊ.යට බැඳුණ කියලා ඒ අයට කීයක්‌වත් ලැබුණෙ නෑ. අවසාන කාලෙදී එල්.ටී.ටී.ඊ. එක තමන්ගෙ භටයන්ට පඩි නඩි දුන්නත් මුල් කාලෙදි එහෙම වුණේ නෑ. එල්.ටී.ටී.ඊ. භටයන්ට පඩි ලැබුණත් වැඩි පඩියක් ලැබුණෙ ළමයින් වැඩිය හිටිය අයටයි. තරුණ කාලෙදීම එල්.ටී.ටී.ඊ.ය කණ්‌ඩායම් වශයෙන් සෙනඟ බන්දව ගත්ත නිසා ඒ අයට ළමයි නැති කමින් එල්.ටී.ටී.ඊ. යට ඔවුන්ට දෙන්න වුණේ පොඩි පඩියක්.
එල්.ටී.ටී.ඊ.යෙ සේනාව අඩුවෙන කොට එල්.ටී.ටී.ඊ. නායකයො කළේ හැම පවුලකින්ම එක්‌කෙනෙක් යුද්දෙට බඳවා ගන්න ඕනෙ කියලා බලපෑම් කළ එක. රැයක් දවාලක් නැතුව ආයුධ අමෝරගෙන ඔවුන් ගෙවල්වලට ගියා කියලා තමයි මට මන්නාරමේදී හම්බවුණු ගොඩක් අම්මලා කිව්වේ. ටියුෂන් පන්ති වලට පැනලා ළමයි කාණ්‌ඩ වශයෙන් අරගෙන ගියා කියලත් කිව්ව අම්මලා ගොඩ දෙනෙක් හිටියා. අම්මලා මේ කතා කියද්දී මට ප්‍රභාකරන්ව මතක් වුණා.
යාපනය විශ්වවිද්‍යාලයෙ ශිෂ්‍යාවෝ පිරිසක් දවසක් උද්ඝෝෂණයක් කළා. වෛද්‍ය විද්‍යාල සිසුවෙකුට එල්.ටී.ටී.ඊ.යෙන් වුණු අකරතැබ්බයකට විරුද්ධව තමයි මේ උද්ඝෝෂණේ සංවිධානය වෙලා තිබුණේ. මේ අයට වැඩි වෙලාවක් එහෙම කරන්න ලැබුණෙ නෑ. එක්‌වරම එතෙන්ට කඩා වැදුණු ලොරියකට මේ සේරම අය දාගෙන අරන් ගියා. මදිවදනි කියන තරුණියත් ඒ අතරෙ හිටියා. අවසානෙදී ප්‍රභාකරන්ගෙ බිරිඳ වුණේ මේ මදිවදනි. කැමැත්තෙන් හා අකැමැත්තෙන් හරි ළමයි තුන්දෙනෙක් වෙනකල්ම මදිවදනි යුද්දෙ මැද්දෙ ප්‍රභාකරන් එක්‌ක දීග කෑවා.
තමන්ගෙ ළමයි ටික එල්.ටී.ටී.ඊ. එකෙන් අරන් ගියා කියලා අම්මලා අදත් අඬ අඬා දුක කියනවා. මේ ළමයි ටික අතුරුදන් වෙලා දැන් අවුරුදු පහකටත් වැඩියි. එත් මේ අම්මලා අදටත් අඬනවා. අඬලා විතරක් නිකං ඉන්නෙ නෑ. හම්බ වෙන හැම කෙනෙක්‌ටම අත් දෙක උස්‌සලා වැඳලා කියන්නෙ තමන්ගෙ දරුවව හොයලා දෙන්න කියලා. මෙහෙම අඬන අය මට මන්නාරමේදී හම්බවුණේ. කොමිසම ඉදිරියේ සාක්‌කි දෙන්න ඇවිල්ලයි. මේ කොමිසම පත් කළේ ජනාධිපතිවරයා. ඒ යුද්ධ කාලෙදි අතුරුදන් වුණු මේ රටේ පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කරන්න. කොමිසමේ සභාපති මැක්‌ස්‌වල් පරණගම මහතා. එච්. ඩබ්ලිව්. ගුණදාස මහත්මයා ඒකෙ ලේකම්වරයා. තවත් කීපදෙනෙක්‌ම මේ කොමිසමට ඇතුළත්.
කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවට දැඩි උනන්දුවක් මේ කොමිසම ඉදිරියෙ සාක්‌කි දෙන්න තියෙනව කියලා. මේ වෙනකොට මුලතිව්, යාපනය, මන්නාරම, කිළිනොච්චිය කියන දිස්‌ත්‍රික්‌කවල මේ කොමිසම රැස්‌වෙලා අතුරුදන් වුණු පුද්ගලයො ගැන තොරතුරු රැස් කරලා අවසන්.
මුලින්ම මේ කොමිසම ජනමාධ්‍ය මගින් ඉල්ලීමක් කළා. යුද්ධ කාලෙදී අතුරුදන් වුණු අය ගැන තොරතුරු මේ කොමිසමට ඉදිරිපත් කරන්න කියලා. දහනවදහසක් පමණ පිරිසක් මේ කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළා කියල කිව්වෙත් සභාපතිවරයාමයි. දැන් කොමිසම ඒ පැමිණිලි ඉදිරිපත් කළ අයට ලියුම් යවනවා. අහවල් දවසෙ අහවල් තැනට අහවල් වෙලාවෙ ඇවිත් තමන්ගෙ අතුරුදන්වුණු ඥාතියා ගැන විස්‌තර කියන්න කියලා. එක්‌කෙනෙක් වෙනුවෙන් කොමිසම පැය භාගයක පමණ කාලයක් වෙන් කරලා තියෙනවා. මේ කාලය ගොඩක් එහා මෙහා වෙන්නෙ භාෂා ප්‍රශ්නෙත් එක්‌කල. කොමිසම ඉදිරියේ සාක්‌කි දෙන්න එන අය දෙමළ. කොමිසමේ අයට දෙමළ බැහැ. මිනිස්‌සු කියන කතාවල් පරිවර්තනය වෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට. මේ හින්දා එක්‌කෙනෙක්‌ගෙ දුක් කන්දරාව කියන්න පැය භාගයක් මදිවෙනවා.
කොමිසම දිහා බලාගෙන හිටියම මට හිතුණෙ "වැඳලා දුක කියමි පින්වත් මහතුන්ට" කියලා. ලතාවකට දුක දැනෙන්න කියන වදන් පෙළ ඉංග්‍රීසි භාෂාවට හැරෙවන්නෙ කොහොමද කියලා. භාෂාව මිනිස්‌සුන්ගෙ හැඟීම් ගොඩාක් කාලා දානවා. ඒකනෙ ඉංග්‍රීසියෙන් ආදරේ කරන්න ගොඩක් අමාරුයි කියන්නෙ. මොනවා වුණත් 'අයි ලව් යූ' විතරයි. මේ කොමිසම ඉදිරියට එන අම්මලාට හොඳට අඬන්න පුළුවන් නිසා යාන්තමට හරි මේ අය කියන්නෙ ලොකු දුකක් කියන කාරණේ වැටහෙනවා.
එල්.ටී.ටී.ඊ. එකෙන් තමන්ගෙ දරුවන් අරගෙන ගිහිං යුද්දෙට මැදිකරලා ඔවුන්ව මරල දැම්මා කියලා උතුර - නැඟෙනහිර අම්මලා අඬද්දී දකුණෙ අම්මලා මේකෙ අනිත් පැත්ත කියලා අඬනවා. තමන්ගෙ දරුවො හමුදාවට බැඳුණා අඩුම ගානේ මේ වෙන කොට මළ මිනියවත් තමන් දැක්‌කෙ නෑ කියලායි මේ අය කියන්නෙ. එහෙම පැමිණිලි 6000 කට වැඩිය. මේ කොමිසමට ලැබිලා තියෙනවා. පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට තමයි තේරෙන්නෙ ළමයි නැතිවුණු දුකට සිංහල, දෙමළ කියලා භේදයක් නැතිවග. ඒත් යුද්ධ කළේ නම් සිංහල, දෙමළ වශයෙන් දෙකට බෙදිලයි.
දෙමළ මිනිස්‌සුන්ට කියලා වෙනම රටක් ඕනෙ කියලා පිරිසක් අවි ආයුධ අතට ගත්තා. අනිත් පිරිස අවි ආයුධ අතට ගත්තෙ එහෙම රට දෙකඩ කඩන්න බෑ කියලා. අවසානෙදී මේ ඝට්‌ඨනයෙන් වුණේ බොහෝ කාලයක් මේ රටේ ජීවත් වෙන්න වාසනාව තිබුණු අයට මිය ඇදෙන්නත්, තවත් පිරිසකට අබ්බගාතයො ගානට වැටෙන්නත් සිද්ධ වුණා. දැන් ඒ අයට වඩා කතා වෙන්නෙ මේ අතුරුදන් වුණු උදවිය ගැනයි. ඒ ගැන හොයන්න තමයි මේ කොමිසම.
කොමිසම ඉදිරියෙ සාක්‌කි දුන්න අය තමන්ගෙ දරුවන් හමුදාව පොලිසිය අරගෙන ගිහිල්ලා අතුරුදන් කළා කියලත් කිව්වා. කට උත්තරයක් ගන්න ඕන කියලා ගෙනිච්චා ගෙනිච්චාමයි අද වෙනකල් ආවෙ නැති බව ඔවුන් කියනවා. කාට වුණත් තමන්ගෙ දරුවො වටිනවා. උණහපුලුවාටත් උගේ දරුවා මැණිකක්‌ලු කියනවනේ."
මේ හැමෝම කියන්නෙ තමන්ගෙ දරුවෝ ආපහු හොයලා දෙන්න කියලා. හැමෝම හිතන්නෙ කොමිසම දරුවො හොයලා දෙන මැෂින් එකක් කියලා. නැතිවුණු දෙයක් ඉල්ලලා දේවාලෙට ගිහිං කන්නලව් කරනව වගේ මේ මිනිස්‌සුත් තමන්ගෙ දරුවො හොයලා දෙන්න කියලා කොමිසම ඉදිරියේ කන්නලව් කරනවා. නීතිය කොමිසමේ කාර්යභාරය. නිලධාරීන්ට දී ඇති උපදෙස්.... මේ ආදී හැම එකක්‌ම ඔවුන්ගෙ කන්නලව් යටපත් කරනවා.
දේවාලෙ කිව්වමයි දෙවියන් වහන්සේ මතක් වුණේ. දෙවියන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරලා බොහෝ දේ ලබා ගැනීම කිතුනුවන්ගේ සිරිතයි. කිතුනු ආගමට අනුව බිෂොප්වරයෙක් කියන්නේ එසේ මෙසේ අයෙක් නොවෙයි. තමන්ගෙ දරුවන් අතුරුදන්වෙලා නැති වුණත්, (බිෂොප්වරු ඇතුළු පූජකවරු අවිවාහකයෝය) මන්නාරමේ බිෂොප්වරයා එහෙමත් නැත්නම් රදගුරුහිමිපාණෝ කොමිසම ඉදිරියට වැඩියා. සමස්‌තයක් විදියට යුද්දෙදි වුණු දේ කියන්න තමයි උන්වහන්සේ කොමිසම ඉදිරියට වැඩියෙ.
කොමිසමට සාක්‌කි දීලා උන්වහන්සේ ඊළඟට එතැන හිටිය මාධ්‍යවේදීන්ට කතා කළා. යුද සමයේදී උතුරේ සිදුවුණු කරුණු 14 ක් සවිස්‌තරාත්මකව ලිපියක් මගින් ජනාධිපතිවරයාට යොමු කළත්, මේ වෙනකල් ඒ එකකටවත් උත්තරයක් නෑ කියලයි රායප්පු ජෝෂප් මන්නාරමේ රදගුරු හිමිපාණන් කිව්වේ.
"මේක තැපෑලෙන් යෑව්ව ලිපියක් නෙමෙයි. ජනාධිපතිවරයා හම්බවෙලාම බාරදුන්න ලිපියක්" කියලත් උන්වහන්සේ කිව්වා. සිදුවුණු යුද අපරාධ, අතුරුදන්වීම් ගැන ඒ ලිපියෙ කරුණු අඩංගුයි. ඒ ගැන ජනාධිපතිවරයාගෙන් තමන්ට උත්තරයක් නොලැබුණු නිසා ජනාධිපතිවරයාට දුන්න ලිපියේ පිටපතක් රදගුරු හිමිපාණෝ කොමිසමට දුන්නා කියලා කිව්වා. මේ ඔක්‌කොම කියලා උන්වහන්සේ කිව්වේ "මේ කොමිසම බොරු එකක්. මේකෙන් සිද්ධ වෙන පරීක්‍ෂණ ගැන තමන්ට කිසිම විශ්වාසයක් නෑ" කියලා. ලංකාවෙ පත් කළ හැම කොමිසමක්‌ම බොරු කළා මුදල් නාස්‌ති කළා වගේම මේ කොමිසමෙත් ඉරණම ඒකමයි කියලා උන්වහන්සේ කිව්වා. මිනිසුන්ට අවුරුදු ගාණක්‌ම තමන් කියන දුක ආයෙත් තැනකට කියන්න චාන්ස් එකක් ලැබීම විතරක් මේ කොමිසමෙන් වෙනව කියන එකයි රදගුරු හිමිපාණන්ගේ මතය වුණේ.
ජනාධිපතිවරයා මේ කොමිසම පත් කරන්න ඉස්‌සර වෙලා රායප්පු ජෝෂප් හිමිපණෝ ජිනීවා නුවරට කියලා තිබුණෙ යුද්දෙ නිසා උතුර - නැඟෙනහිර මිනිස්‌සු එක්‌ලක්‍ෂ හැත්තෑ දෙදාහක් විතර අතුරුදන් වෙලා තියෙනවා කියලා. මේක උන්වහන්සේ ඉදිරිපත් කළේ පැමිණිල්ලක් විදියට. ජිනීවා නුවරින් පැමිණිල්ල මෙතෙක් විභාග නොකළත් ඒ ලියවිල්ල සම්බන්ධයෙන් ලංකාවෙ රහස් පොලිසිය රදගුරු හිමිපාණන්ගෙන් අවස්‌ථා කීපයක්‌ම කට උත්තර ගත්තා.
සංඛ්‍යා ලේඛන කියන්නෙ මහ පුදුම එව්ව. යුද්ධ කාලෙදිත් එහෙමයි. සිංහල පත්තර ගත්තාම වැඩියෙන්ම මැරිලා තියෙන්නේ කොටි. මුළු යුද්ධ කාලෙම මැරුණු කොටි ගණන එකතු කරලා බැලුව නම් ඒ සංඛ්‍යාව ලංකාවෙ ඉන්න දෙමළ මිනිස්‌සුන්ටත් වැඩියි. ඒ සංඛ්‍යාලේඛන හරියටම හරි ගියා නම් මේ වෙනකොට ඉන්දියාවෙ තමිල්නාඩුවෙ හිටිය දෙමළ අයගෙනුත් සෑහෙන ගණනක් මැරිලා තියෙන්න ඕනේ.
දෙමළ පත්තර වල යුද්ධ කාලෙදී මැරුණු හමුදා සාමාජිකයො ටික එකතු කරලා බැලුව නම් අද ලංකාවෙ එක සිංහලයෙක්‌වත් ඉතුරු වෙලා නෑ. ඒ තරමට හමුදාවෙ අය දෙමළ පත්තරකාරයො මරල තිබුණා. මේ විදිහට බලන කොට යුද්ධ කාලෙ සංඛ්‍යා ලේඛන ගැන පුදුම හිතුණා. ඒත් මේ අතුරුදන් වූ අයගෙ සංඛ්‍යා ලේඛනවලත් තත්ත්වය ඒකම තමයි. මන්නාරම රදගුරු හිමිපාණෝ කියන්නේ එක්‌ලක්‍ෂ හැත්තෑදෙදහසක් අතුරුදන් වූ බවයි. මේ අතුරුදන් වූ පුද්ගලයෝ ගැන හොයලා බලන්න මේ රටේ පිහිටුවාගෙන ඉන්න සංවිධාන කියන්නේ යුද්ධයෙන් හැටපන්දහසක් පමණ අතුරුදන් බවයි. නමුත් කොමිසමට ලැබිල තියෙන මුළු පැමිණිලි සංඛ්‍යාව දහනවදහසක්. කොමිසම සාක්‌කි විභාග කරලා අවසන් වෙනකොට මේ සංඛ්‍යාව කීයක් වේවිද කියන එකයි ප්‍රශ්නෙ.
කවුරු මොනවා කොහොම කිව්වත් මේ අතුරුදන් වූ අයගෙන් එක්‌කෙනෙක් හරි තවමත් ජීවත් වෙලා ඉන්නව කියලා නම් හිතන්න බැහැ. එක්‌කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නව නම් ඒ හොරාට රට පැනපු අය තමයි. ඒ ටික දෙනා හොයන එක හරියට පිදුරු ගොඩක් මැද්දෙ නැතිවුණු ඉදිකටුවක් හොයනව වගේ වැඩක්. කලුවර කාමරේක අතරමං වුණු කලුපාට පූසෙක් අමාරුවෙන් හරි හොයාගන්න පුළුවන් වුණත්, යුද්ධ කාලෙ අතුරුදන් වුණු අය නම් මේ කපේදී හොයන්න බැහැ. මේක මිනිස්‌සුන්ටත් තේරෙනව ඇති. ඒත් හොයනවා.
හරියට නිර්වානෙ හොයනව වගේ. යුද්ධ කාලෙදි පුද්ගලයෝ හිටියා. ඔවුන් මොනවා හරි හේතුවකින් අතුරුදන් වුණා. මරණ ගොඩට වැටුණු නැති උදවිය තමයි අතුරුදන් ගොඩේ ඉන්නේ. මේක සංකල්පයක් තරමට සංකීර්ණ වෙලා තියෙන්නේ. ඒ මනුස්‌සයව මැරුණා කියලා දැක්‌ක කෙනෙක් නැති කම හේතුවෙන්. මේ හින්දා හම්බ වෙනකල්ම හොයනවා. ඒත් හම්බ වෙන දවසක් නෑ. ඒත් මේ පරම්පරාව නැතිවෙනකල්ම යුද්දෙන් අතුරුදන් වූවන් හොයන එක නතර වෙන්නෙ නැහැ.
දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/08/17/feature15.html

0 comments:
Post a Comment