මාස ගණනකින් වැහි බිඳක පහස නොලද ඒ ගම් නියම් ගම් ගිනි ගහන අව්වෙන් දැවී පිළිස්‌සී ගොස් තිබේ. බැලු බැලු අත ඇත්තේ ගුරු පැහැති ගහ කොළය වතුර සොයා යන ගැහැනුන් මිනිසුන් මෙන්ම සතා සීපාවද බොහෝ සේ අසරණ ය. සෑම ගමකම කුඩා වැව් පොකුණු පතුලටම සිඳී ගොස් ය. ඒවා හතර අතට ඉරිතලා ගොස් තිබේ. වසර ගණනාවකින් අත් නොවිඳි නියං සායකට සමස්‌ත රජරටම ගොදුරුවී හමාර ය. එහි සෑම ගම් බිමකින්ම ඇසෙන්නේ එකම විලාපයකි. ඒ අපට බොන්න වතුර ටිකක් දෙන්න කියාය.
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ නියඟයේ දරුණුම බලපෑම එල්ල වී ඇත්තේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගම්මානවලටය. ඊට අමතරව හිඟුරක්‌ගොඩ, දිඹුලාගල, වැලිකන්ද, ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන්හි පවුල් දහස් ගණනක්‌ද නියං රකුසා විසින් ගිලගෙන හමාර ය.
පසුගිය මහ කන්නයේදී පොළොන්නරුවට නිසි ලෙස වැසි වැටුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ පොළොන්නරුවේ ලොකු කුඩා වැව්වල නිසි පරිදි ජලය රැස් නොවීම ය. පරාක්‍රම සමුද්‍රය හැර සෙසු ප්‍රධාන ජලාශ වන මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ, මාදුරුඔය යන ජලාශයන්හි ප්‍රමාණවත් ජලයක් නොතිබුණ නිසා මෙවර යල කන්නයේදී එම ජලාශවලින් වගාව සඳහා ජලය නිකුත් කෙරුණේ වගා බිම් සීමිත ප්‍රමාණයකට ය. මේ තත්ත්වය දිස්‌ත්‍රික්‌කයේ ජල ගැටලුවට තදින්ම බලපා තිබේ.
අනිත් අතට පොළොන්නරුවෙ කුඩා වැව් සිය ගණනක් ගිය මහ කන්නයේ සිටම ජලය නොමැති නිසා සිඳී ගොස් තිබේ. ඉඩෝරය දරුණු වීමත් සමඟම මේ සියලුම වැව් අමුණු පිට්‌ටනි බවට පත්වී හමාර ය. මෙම තත්ත්වය නිසාම වසරක පමණ කාලයක සිට කුඩා වැව් වලින් ආවරණය වන සියලු ගම්බිම් වියළි මුඩුබිම් බවට පත්ව තිබේ.
පොළොන්නරුව දිසාවේ වැඩිම කුඩා වැව් ප්‍රමාණයක් ඇත්තේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස යේය. එසේම කවුඩුලුවැව අයත් වන්නේද එම කොට්‌ඨාසයටම ය. කවුඩුලුවැවේ ජල නිකුතුව ඉතා සීමිත ප්‍රදේශයකට සීමාවීමත් පෙර කී කුඩා වැව් සිඳී යැමත් නිසා මැදිරිගිරියේ ජල ගැටලුව අද වන විට උත්සන්න වී තිබේ.
විශේෂයෙන්ම මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මීගස්‌වැව, වඩිගවැව, කුඹුකුණාවැව, නිකහේන, ගොඩපොත්ත, පල්ලියගොඩැල්ල, පඹුරාන ඇතුළු ගම්මාන රැසක ජනයා මේ දිනවල සිටින්නේ ජලය හා ආහාර සොයා ගැනීමේ දැඩි අරගලයකය. සාමාන්‍යයෙන් කුඹුරක් හේනක් කොටාගෙන සිය ජීවිතය සරි කරගෙන අනුන්ට අත නොපා ආත්මාභිමානයෙන් ජීවත්වූ මේ ගම් නියම් ගම්හි ජනයා අද සිටින්නේ ඒ සියලු අභිමානයන් කැලයට විසිකොට කාගේ හෝ සරණක් බලාපොරොත්තුවෙනි. අප මේ සටහන් කරන්නේ මැදිරිගිරියේ ඒ මිනිසුන්ගේ දුක හා කඳුළු ය.
"අපේ ගමේ පවුල් 30 ක් විතර ජීවත් වෙනවා. අපේ ගම හුඟාක් පරණ ගමක්. අපි අහලා තියන විදියට අවුරුදු දෙතුන්දාහක් පරණ ගමක්‌ලු. අපි හැමෝම ගොවිතැන් බතක් කරලා හරි හරක් ඇති කරලා හරි තමයි ජීවත් වෙන්නේ. කාටවත් අතපෑවේ නැහැ. ඒත් මොකක්‌දොa කරුමෙකට කන්න තුන හතරක ඉඳලා හරියකට වැහි ඵල අපිට ලැබුණේ නැහැ. කන්න තුනක් එක දිගට ගොවිතැන් පාලු වුණා. ඒ නිසා ගමේ මිනිසුන්ට වතුර නැතිකමයි අහේනියයි දෙකම තියෙනවා.
ගමේ පිරිමි පුලුවන් අය ඔක්‌කෝම ගම අතහැරලා කොළඹ පැත්තට ගිහින් බදාම අනනවා. අපි මොනවා කරන්නද? අද උදේට කෑවොත් දවල්ට නැහැ. රෑට කෑවොත් උදේට නැහැ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය වතුර නැති එක. හැම ළිඳක්‌ම වගේ හිඳිලා. වැව් පතුලටම හිඳිලා. ගමේ පාර කැඩිලා නිසා පිටින් බවුසර් එන්නත් බැරිලු. අද අපිට කර කියාගන්න විදිහක් නැතිව ඉන්නේ.
ඒ මැදිරිගිරිය කඹුකුණාවැව පදිංචි ආර්. ජී. කලුමැණිකේ (52) කියන්නීය. වයසටත් වඩා දිරා ගොස් සිටි ඇයගේ හඬ බොහෝ සේ ශෝකීය.
කුඹුකුණාවැවදී හමුවූ ඒ. බිසෝමැණිකේ පැවසුවේ මෙවන් නියඟයක් ඇයට මතක ඇති කාලයක පැමිණ නැති බවයි.
අපට යල කන්නය කොහොමත් වහින්නේ නැහැ තමයි. ඒත් මහේ වැහි වලින් වැව් පිරෙන නිසා යල කන්නයට වතුර ප්‍රශ්නෙ එන්නේ නැහැ. ඒත් පසුගිය මහ කන්නයේදී වැහි නැති නිසා තමයි අපට ලොකුම ප්‍රශ්නය වුණේ. මතක ඇති කාලයක මෙහෙම පෑවිල්ලක් ඇවිත් නැහැ. ඇඟේ හයිය තියෙන ඇත්තෝ බදාම අනන්න කොළඹ ගියාට අපේ මහත්තයා වගේ අසනීප කාරයන්ට මොන කොළඹ යාමක්‌ද? වෙලා තියෙන්නේ වතුරත් නැතිව කැඳ ටිකක් බොන්න වී ඇටයක්‌වත් නැතිව හාමතේ මැරෙන්න.
බිසෝ මැණිකේ දිගටම කියාගෙන යන්නීය. කුඹුකුණාවැව භාවනා මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය උඩවෙල පඤaCදාරතන හිමියන් අපට මෙහිදී කියා සිටියේ තම ගම්වැසියන් මුහුණ දී ඇති මෙම දරුණු සාගතයට රජය කඩිනමින් විසඳුමක් දිය යුතු බවයි.
ගමේ මිනිස්‌සු කන්න බොන්න විදිහක් නැතිව ගොඩාක් දුක් විඳිනවා. පිට පිට කන්න තුන හතරක් ගොවිතැන් පාලු වුණාට පස්‌සේ ඉතින් තවත් මොනවද? අපේ පන්සලේ ළිඳේ තවමත් වතුර ටිකක් තියෙනවා. ගමේ අයත් හරක්‌වගේ සත්තුන්ට බොන්න දෙන්නේ මේ ළිඳේ වතුර. වගකිවයුත්තෝ මේකට ඉක්‌මනින් විසඳුමක් නුදුන්නොත් මහා ෙ€දවාචකයක් වේවි.
කුඹුකුණාවැවට යාබදව පිහිටි මීගස්‌වැව ගම්මානයටද මේ දරුණු නියඟය එකලෙස බලපා තිබේ. ගමේ එකම සම්පත වන මීගස්‌වැව තනිකරම පිටියකි. එහි වතුර පොදක් නැත.
අපට එහිදී මුණ ගැසුණු එච්. එම්. කෝසල ප්‍රියන්ත සඳහන් කළේ තම ගම්මාන මේ වන විට කාන්තාර වැනි තත්ත්වයට පත්ව ඇති බවයි. දියසෙන්පුරෙන් මෙහාට කවුඩුළුවැවේ වතුර එන්නේ නැහැ. මේ පැත්තේ තියෙන හැම ගමකම වගේ පුංචි වැවක් තියෙනවා. ඒ වැව් එක්‌ක තමයි මිනිස්‌සු ජීවත් වෙන්නේ. පසුගිය කන්න දෙක තුනේ හරියටම වැහි වැටුණේ නැති හින්දා වැව්වල වතුර එකතු වුණේ නැහැ. පෑවිල්ලත් එක්‌ක තිබුණ වතුර ටිකත් හිඳිලා ගියා.
දැන් මුළු ගම්මාන ඔක්‌කෝම කාන්තාර වගේ පිච්චිලා ගිහින්. නිල්ලක් පේන්න නැහැ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එක ගමකට වතුර ටැංකියක් දෙකක් දීලා තියෙනවා. ඒත් ඒවා ප්‍රමාණවත් නැහැ. ඉස්‌සරහට වැහි වැටෙනකම් ආණ්‌ඩුව දැනට වඩා අපි දිහා බලන්න ඕනෑ. කෝසල කියන්නේය.
මීගස්‌වැව මයිලගස් හංදියේදී හමුවූ ඩී. එම්. කරුණාරත්න අප සමග මෙසේ පවසන්නේ ය. මේ වගේ නියඟයක් ආවේ 2004 න් පස්‌සේ. අපට තියෙන ලොකුම ප්‍රශ්නේ වතුර නැති එක. සතියකටම වතාවක් විතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වතුර බවුසරයක් එවනවා. ඒක අපේ ගම්වලට මදි. වතුර ටිකක් සොයාගන්න හතර අතේ ඇවිදින්න ඕනෑ. අපට තමයි ලොකුම ජල ප්‍රශ්නෙ තියෙන්නේ. වැස්‌සක් නැති හින්දා අවුරුදු ගණනක් දුක් මහන්සියෙන් හදාගත්ත වගා ඔක්‌කොම විනාශ වෙලා. අපේ ගම්වලට මොන කරුමයක් පලදීලා දන්නේ නැහැ. මෙච්චර විනාශයක් වෙන්නේ.
වසර එකහමාරක පමණ කලක සිට නිසි ලෙස වැහි නොවැටුණ නිසා මෙම ප්‍රදේශවල වී ගොවිතැනත් නිසි පරිදි සිදුවී නැත. ඒ නිසා කෑමට හෝ වී ඇටයක් මෙකී ගම්වල ඉතිරි වී නැහැ. මෙම තත්ත්වය මත වතුර මෙන්ම ආහාර අහේනියකටද මෙකී ගම්වල මිනිසුන් මුහුණ පා සිටිති. ඇතැම් ගැමියන් අප සමග කියා සිටියේ දරුවන් බඩගින්නේ පාසල් යෑවිය නොහැකි නිසා ඇතැම් පාසල් දිනවල දරුවන් ගෙදර තබා ගන්නා බවයි. මේ නිසා සමස්‌ත ප්‍රදේශයේම මිනිසුන්ගේ ජන ජීවිත අවුලෙන් අවුලට පත්කර ඇත.
මැදිරිගිරිය මෙන්ම නියඟයෙන් දැඩි ලෙස බැට කන ප්‍රදේශයක් ලෙස දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය හඳුනාගෙන තිබේ. මේ සඳහා විශේෂ හේතුවක් වී ඇත්තේ දිඹුලාගල කොට්‌ඨාසයේ ප්‍රධානතම ජල මුලාශ්‍රය වන මාදුරුඔය ජලාශයේ ප්‍රමාණවත් ජලයක් නොමැතිකමයි. මේ නිසා මෙවර යල කන්නයේදී එහි වගාබිම්වලින් 50% කට පමණක් ජලය නිකුත් කිරීම හේතුවෙන් ඉන් ආවරණය නොවූ ප්‍රදේශ නියඟය විසින් ගිලගෙන තිබේ. එහි පවතින තත්ත්වය පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එම්. යු. නිශාන්තගේ පැහැදිලි කිරීම මෙසේය
අපේ කොට්‌ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 24 කට නියං තත්ත්වය බලපාලා තියෙනවා. ඉන් වසම් 10 ක් උග්‍ර පානීය ජල හිඟයකට ලක්‌වෙලා. ඒ වසම් දහයට අපි බවුසර් යොදවලා පානීය ජලය ලබා දෙනවා. ඒ වගේම තමයි වැඩ සඳහා මුදල් ලබාදීමේ වැඩසටහන සඳහා රජයෙන් මිලියන 5 ක මුදලක් දැනට අපට ලැබිලා තියෙනවා. එහි වැඩකටයුතුත් අපි ආරම්භ කරලා තියෙනවා.
අපට සෘජු ලෙසම බලපාල තියෙන්නේ මේ සැරේ මාදුරුඔය ජලාශයෙන් ජලය නිකුත් කිරීම සීමා කිරීමයි. මේ නිසා ගම්මාන විශාල ප්‍රමාණයකට වගාවට ජලය ලැබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තරම් ජල හිඟයක් ඇතිවෙලා තියෙන්නේ.
හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගම්මාන රැසක ජනයා උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටිති. විශේෂයෙන් සිංහගම, ගල්ඔය, රොටවැව, රත්මලේ, සුදුකන්ද, නිකවැව, කටුකැලියාව, අග්බෝපුර ඇතුළු ගම්මාන කීපයකම මෙම තත්ත්වය වඩා දරුණු වී ඇතැයි ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙයි. මෙහි ජනයාට පානීය ජල පහසුකම් සැපයීමට ප්‍රධාන බාධාව වී ඇත්තේ ජල බවුසර් නොමැතිකමක් ජලය රැස්‌කර තබා ගැනීමට ජල ටැංකි නොමැතිකමත් ය.
වර්තමානයේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හතේ පවුල් 45274 ක් මේ දිනයන්හි පවතින නියඟයෙන් පීඩාවට පත්ව ඇතැයි පොළොන්නරුව දිස්‌ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර සඳහන් කරයි. ඒ අතරින් පවුල් 19898 ක් උග්‍ර ජල හිඟයට ලක්‌ව ඇති බවද හේ සඳහන් කරයි. දිස්‌ත්‍රික්‌කයේ නියඟයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ දිඹුලාගල හා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට බව කී සහකාර අධ්‍යක්‍ෂවරයා ජලය සැපයීමට ප්‍රධානතම බාධාව ජල බවුසර් හා ජල ටැංකිවල හිඟය බවඳ සඳහන් කළේය.
ස්‌වභාව දහමද හරි අපූරුය. පොළොන්නරුව ඇතුළු සමස්‌ත වියළි කලාපයම නියං සායට ගොදුරු වෙද්දී ඊට කිලෝ මීටර් හැට හැත්තෑවකට එහායින් ඇති කඳුකරය ඇතුළු රටේ කොටසකට මහා වැසි ඇද හැලේ. මාවුස්‌සා කැලේ හා කාසල්රී ජලාශ වාන් දමන විට කවුඩුල්ල මින්නේරිය කලාවැව ඇතුළු මහා ජලාශ පතුලටම සිඳී ගොස් තිබේ. මේවා දකින වියළි කලාපයේ මිනිසුන්ගේ පපු කුහර හෝස් ගා පත්තු වේ. මේ මිනිසුන්ට අවශ්‍ය වතුර හා ආහාරය. මිනිසුන්, හාමතේ මියයන්නට පෙර කළයුත්තක් කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමය.
අතුල සූරිබණ්‌ඩාර, කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2014/08/10/feature08.html

0 comments:
Post a Comment